Wednesday, April 18, 2018

බටහිර වෛද්ය ක්‍රමය සහ පිළිකාව



සාමාන්‍ය ක්‍රමයට කල්පනා නොකර පිළිකාව සුවකරගත් වෛද්යවරියක්  වූ Dr. Lorraine Day



පසුගිය දිනක දී දොස්තර Ariyasena U. Gamage මහතාගේ මරණය ගැන දොස්තර රුවන් ගේ අඩවියේ මම මගේ අදහස ඉදිරිපත් කෙරුවෙමි
https://www.facebook.com/ariyasena.u.gamage 

මෙහිදී මම දොස්තර ආරියසේන මහතාව දකින්නේ ඉතා අවංක මහතකු ලෙසයි ඒ වගේම බටහිර වෛද්ය ක්‍රමයෙන් මොලය සෝදාගත් මිනිසෙකුගේ මරණයක් ලෙසයි ඔහුගේ මරණය දකින්නේ.

මම එහෙම කියන්නේ ඇයි ? ඔබ ඔහුගේ මුහුණු පොත ඔහු මියගිය දිනදී බැලුවනම් ඔබට දැකගන්න පුළුවන් ඔහු තමා තුල වර්දනය වූ පිළිකාවේ ගැටිති වල සිට ප්‍රතිකාර ලබන කිමෝ තෙරපි ලබාගන්න අයුරු ඔහු තම මුහුණු පොතේ පලකරනවා. මෙහිදී ඔහු නැවත නැවත කියන දෙයක් තමයි ඔහු මෙය දියුණු බටහිර වෙදකමෙන් සුවකරගන්නා බව.

හැබැයි මෙය බලපු බුද්ධියක් ඇති මිනිසුන්ට නම් පේනවා එක මාසයකදී ඔහුගේ  වෛද්යවරයා පිළිකාවෙන් 95% ඉවත් කලබව කියනවා ඉන්පසු මාසයකදී පිළිකාව වේගයෙන් වර්දනය වූබව කියනවා, නැවත 95% පිලිකාව ඉවත්කළ බව කියනවා නැවත සූලු කලකදී එය වර්දනය වූ බව කියනවා නැවත 95% පිළිකාව ඉවත් කලබව කියනවා, ඉන්පසු දැන් පිළිකාව සුෂුම්නාව දක්වා වර්දනය වී අතක් සම්පුර්ණයෙන් ම පන නැතිවුණා කියල කියනවා.

මෙහිදී ඔහුගේ මොළ සේදීම කොච්චර දරුණුද කියල තේරුම් ගන්න පුළුවන් ඔහුට තේරෙන්නේ නෑ බටහිර වෙදකමෙන් කිසිම ගුණයක් තමන් ලබන්නේ නැති බව තේරුම් ගන්න.

    මෙන්න මෙතනදියි Dr. Lorraine Day ගැන කියන්න හිතුනේ ඇයට පිළිකාවක් වැළදුන බව දැනට විසි වසරකට පෙර ඇය හදුනාගත් විට ඇගේ වෛද්යවරු කියන්නේ කිමොතෙරපි කලයුතු බවයි නමුත් මෙහිදී මේ කාන්තාව බුද්ධිය පාවිච්චි කිරීමට දක්ෂ වෙනවා ඇය තම දැනුම අන්ද බක්තියෙන් නොගෙන සිතනවා කිමෝ තෙරපි කියන්නේ පිළිකාව සුව කිරීමක් නෙමෙයි අදාළ ගෙඩිය විනාශ කිරීමට විසක් ශරීර ගතකිරීම මගින් වෙන්නේ නැවත ශරීරයේ පිළිකාවක් ඇතිකිරීම බව.

ඇය පැහැදිලිව දන්නවා බටහිර වෙදකම තුල පිළිකාව සුවකළ නොහැකි බව.

මෙනිසා එය කළහැකි වෙනත් ක්‍රම සොයන්න ඇය විවුර්ත මනසක් සකසා ගන්නවා  ඇය කරන්නෙන් සොබාවික ආහාර ගනිමින් තම සිත තුල ඇති අසහනකාරී සිතුවිලි ඉවත් කිරීමයි.

නමුත් පිළිකාවේ වර්දනය අඩු වෙන්නේ නෑ, මෙහිදී අපුරු කතාවක් ඇය කියනවා එනම් පිළිකාව ඉවත් කරනවා කියල අදාළ ගැටිත්ත ඉවත් කලොත් පිළිකාව සුව වූ බව තේරුම් ගැනීමට නොහැකි බව.

ඇය තේරුම් ගන්නවා වාතාශ්‍රය  වැදගත් බව කාමරයක් ඇතුලේ වාතයට වඩා පිටත වාතයත් පිටත හිරු එළියත්, සොබාවික ආහාර අධිමත්රාවකින් ගැනීමත් ජලය පානයත් සහ වැදගත්ම දේ මනසේ තරහවක් නැති පීඩනයක් නැති මනසකින් තම පිළිකාව සුවකළ ගත හැකි බව සහ මෙහිදී ඇය උපකාර ගන්නේ ඇගේ ක්‍රිස්තියානි ආගම තුළිනුයි, මෙතන මම දකින වැදගත්කම ක්‍රිස්තියානි ආගම නෙමෙයි ඇය සුව කරන්නේ, එම සුවය ලබාදෙන්නේ ඇය තම මනස තරහවෙන් පීඩනයෙන් තොරව තබාගැනීම නිසයි.

අවසානයේ වසර 2ට පමණ පසු ඇය පිළිකාව සුව කර ගන්නවා  විතරක් නෙමෙයි දැනට වසර 20ක් පමණ ජිවිත් වීමටත් හැකියාව ලබනවා.

මම මේ කාන්තාවගේ බුද්ධිය ලෙස දකින්නේ තම දැනුමට වහල් නොවී තීරණය ගැනීමයි, මොකද ඇය එක දෙයක් පැහැදිලිව දන්නවා එනම් පිළිකා සුවකිරීමට බටහිර වෙදකමේ බෙහෙත් නැති බව. ඇය තේරුම් ගන්නවා මොළ සෝදා ඇයට ලබාදී ඇති දැනුමින් කළහැකි දේ සහ කල නොහැකි දේ.

අපේ රටේ තියන ප්‍රශ්නයක් තමයි බුද්ධිය පාවිච්චි නොකිරීම, බුද්ධිය ලෙස කට පාඩම් කර විබාග ජය ගැනීම වරදවා වටහා ගැනීම තමයි සිදුවී ඇත්තේ.             

9 comments:

  1. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_621.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතා, මම මේ විෂයටම වැඩි විස්තරයක් පැරා ගේ අඩවියට කොමෙන්ටුවක් ලෙස එකතුකලා
      goo.gl/QhLhyt

      Delete
  2. වැදගත් ලිපියක් සිරාවටම!

    ReplyDelete
  3. වැදගත් ලිපියක් සිරාවටම!

    ReplyDelete
  4. Do we have statistics to show that alternative medicine cures cancer but not western medicine? Are all western Researchers and associated Pharma companies just cheating people and wasting tax payers money? Are all western cancer diagnostic methods( PET CAT tracer drugs etc.) just false? I am not criticizing just need answers

    ReplyDelete
    Replies
    1. //Do we have statistics to show that alternative medicine cures cancer // First of all if you manage to listen to Dr. Lorraine Day all she had done was to change food and make environmental changes I am not sure we can all it alternative medicine.

      http://drfarrahcancercenter.com/chemos-97-long-term-failure-rate/

      chemo has 97% failure rate

      //Are all western Researchers and associated Pharma companies just cheating people and wasting tax payers money? //
      I think this will answer your question https://en.wikipedia.org/wiki/List_of_largest_pharmaceutical_settlements

      some one ask about the validity of the wikipedia if you do not trust these link you can individually check united state justice department website like this https://www.justice.gov/opa/pr/glaxosmithkline-plead-guilty-and-pay-3-billion-resolve-fraud-allegations-and-failure-report

      in short all big drug companies commit fraud and paid huge fines but they continue to be in business since it is cost of doing business.

      //Are all western cancer diagnostic methods( PET CAT tracer drugs etc.) just false?//
      Problem is not with cancer diagnostic its with the treatment. because any healthy person will have cancer cells and one might find a "tumor " problem is not with the tumor problem is what cases it. just by removing it will not solve the problem.

      Delete
    2. Lanka Sithuwili,
      +++++++++++++++++++++++

      Delete