Friday, July 14, 2017

ශ්‍රී ලංකාවට ගැලපෙන ගිණුම් ක්‍රමය.




ශ්‍රී ලංකාවේ වාසය කරන බොහෝදෙනාට රටේ දෙසපාලකයන් නිලදාරීන් සහ රටේ මහජනතාව විසින් කරන දුෂනවල ප්‍රතිඵල මොනවාදැයි තේරුම් ගැනීමට දුෂ්කර තාවයක් පවතිනවා. මේ ගැන කල්පනා කිරීමේදී මට අපුරු දෙයක් මතක් උනා, බොහෝදෙනාට මම මේ කරන යෝජනාව පිස්සුවක් වගේ තේරුනත් ටිකක් කල්පනාවෙන්, මනුස්සයෙකුගේ මානසිකත්වය වැඩකරන හැටිගැන අවබෝදයෙන් ටිකක් ගැබුරින් සිතා බලන්න.

මම මේ උදාහරණයක් විදියට අරගෙන තියෙන්නේ දුරකථන බිලක් මෙහිදී ඔබ රුපියක් 3000 ක අන්තර්ජාල පහසුකම්ද සහිතව දුරකථනය පාවිච්චි කරලා තියනවනම් ඔබට 46% පමණ ඒ කියන්නේ රුපියල් 1380 ක බද්දක් සහිතව රුපියල් 4380 ගෙවනවා. මෙය සාමාන්යෙන් රටේ පුරවැසියෙකුට තේරෙන්නේ නෑ. ඔබ කල්පනාවෙන් දුරකථන බිල බලන්න බදු ප්‍රතිශතය වත් දැන් ඉදිරිපත් කරන්නේ නෑ. මෙනිසා අපි කොතෙක් බදු ගෙවන්න වෙනවද කියල එකවර වැටහෙන්නේ නෑ බහුතරයකට.

මම යෝජනා කරන්නේ දැනට දුෂණ නිසා කොතරම් මුදලක් රජයට අහිමි වෙනවද කියල ගණන් බැලීමට පහසුකම් තියනවා දලවශයෙන් විවිද දුෂණ නිසා වැඩිවුණ බදු ප්‍රතිශතය 26% කියල ගමු (මිට වඩා බොහෝ වැඩි බව ඔබට තේරුම් යයි ලෝකයේ දුෂණය අවම කල සිංගප්පුරුව දෙස බලපුවහම.)
මේ දුෂණ නිසා වැඩිවූ ප්‍රමාණය වෙනම අයිතමයක් මගින් පෙන්වූ විට ජනතාවට තේරෙනවා තමාට කොච්චර අලාබයක් සිදුවෙනවද කියල, ඒවගේම රටේ පාලකයන්ටත් දැඩි පීඩනයක් එනවා එවැනි දුෂණ තුරන් කිරීමට.

මම පුරවැසියෙක් ලෙස යෝජනා කරන්නේ මෙවැනි වර්ග කිරීමක් විගණන පනතට එකතුකිරිම මගින් මහතනතාවගේ දැනුවත් වීම වැඩි කිරීමට හැකි බවයි, දැන් අහයි ඇයි දියුණු රටවල මෙවැනි ක්‍රමයක් නැත්තේ කියල ? මට කියන්න තියෙන්නේ දියුණු රටවල මිනිසුන් අපේ රටේ වගේ දුෂණ වල විශාල පරිමානයෙන් යෙදෙන්නේ නැති නිසා ඔවුන්ට අදාළ නැතත් ශ්‍රී ලාංකිකයන් වන අපට මෙය මනාව ගැලපෙන බවයි.

මෙමගින් සිදුවෙන්නේ පාලකයන් නිවැරදි කිරීමට වඩා රටේ මහජනතාව ගේ මනස තුල අවබෝදය ඇතිකිරීමයි.          

7 comments:

  1. This is the best way. People think we don't pay tax as many don't pay tax directly from their salary or wages. Ordinary labourers whom use mobile phone never understand this.

    ReplyDelete
    Replies
    1. kumara,
      Actually speaking people think if the Government do something it’s free of charge, also people criticize politician’s corruption mainly due to jealousy not because of knowing the reality, if these people had been in the politician’s situation they will not hesitate to do the same crime.
      By this type of method what we can do is not to reform politicians but to reform the general public’s mind set. Without doing that no reform will bring any type of significant change for the better.
      When people realize their exploitation on daily basis they will take action that is for sure.

      Delete
  2. ලංකාවේ ගොන්තපාළු මාධ්‍යයන් කියන ඒවට මේ වගේ ඒව පේන්නෙම නෑ.
    මහ ලොකුවට බොරුවට කතා ගොඩක් කියනව විතරයි ප්‍රවෘත්තිවලින්.ඒ කියන සිදුවීම්වලටවත් මොනවද උනේ කියල පසු විපරමක් නෑ. ඉතින් මේ වගේ දෙයක් ගැන කියයිද?


    ලාංකිකයෝ, මං මේ පාරෙ යන ගමන් දැක්කෙ. ගොඩක් අමාත්‍යාංශවල වාහන තියෙනව ඔහේ පැත්තකට කරල දාලා. මෙලෝ වැඩක් ගන්නෙ නැතුව. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ තියෙනව මෙහෙම අයින් කරපු වාහන ගොඩක්ම. අපරාධ කියන්නේ අන්න ඒවට වෙන්න ඕන. තව කොච්චර ඇත්ද?

    ReplyDelete
    Replies
    1. AnonymousJuly 14, 2017 at 3:24 AM,


      //මං මේ පාරෙ යන ගමන් දැක්කෙ. ගොඩක් අමාත්‍යාංශවල වාහන තියෙනව ඔහේ පැත්තකට කරල දාලා. මෙලෝ වැඩක් ගන්නෙ නැතුව. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ තියෙනව මෙහෙම අයින් කරපු වාහන ගොඩක්ම. අපරාධ කියන්නේ අන්න ඒවට වෙන්න ඕන. තව කොච්චර ඇත්ද?//

      එක තමයි කිව්වේ මේ සිදුවෙන දුෂණ නිවැරදිව ගණන් බලන්න පුළුවන් කියල, මේ දුෂණ වෙනවා කියන්නේ මේවා මිලදී ගන්න රජය මුදල් වියදම් කරනවා කියල, වියදම් කරන්න රජය මුදල් ගන්නේ මහජනතාවගෙන්, ඉතින් මෙහෙම නාස්ති කලේ නැත්නම් ජනතාවගෙන් බදුගහන්න ඕනේ අඩුවෙන්, නමුත් දැන් බදු කියන ලේබලය ගහල මේ මුදල් එකතු කරනවා, මේ විදියට දුෂණයට යන වියදම බලපු ගමන් ඇත්ත බද්ද සහ දුෂණ බද්ද සොයන්න පුළුවන්, එතාකොට හැම මිනිහම යමක් මිලදීගන්න විට දැනගන්නවා තමන්ව කොච්චර මංකොල්ල කනවද කියල, එහෙම සියලු දෙනා දැනගත්තහම ජනතාව තුලින්ම පීඩනය එනවා.

      සිවිල් සංවිදාන කරන්න ඕනේ මෙවැනි දේ රටේ නිතිගත කිරීමට උත්සහ කිරීමයි. නැත්නම් මිනිස්සු හිතනවා ලෝකය දියුණු වෙනවිට මිල වැඩිවෙනවා කියල (එහෙම වෙනවා ඒ වගේම තමන්ගේ ආදායමත් වැඩිවෙනවා )

      රටේ බහුතරයක් දන්නේ නෑ වසරකට මේ දුෂණ නිසා පුද්ගලිකව රුපියල් 100000 ට වැඩි මුදලක් තමන්ට අහිමි වෙනවා කියල, පික්පොකට් කරුවෙක් රුපියල් 100 ගන්න උත්සහකරල අහුවුනොත් මරාගන්න යන මේ මිනිසුන් තමන්ගේ සාක්කුවෙන් වසරකට 100000 ගියත් නිහඩ වෙනවා නොදැනුවත් කම නිසා

      Delete