දැන් මම හිතන්නේ අපි රටක් ලෙස අවදානය යොමුවිය යුතු වැදගත්ම දෙයක් ගැන සිතිය යුතුයි ඒ තමයි හම්බන්තොට වරාය, ඉතා ඉක්මනින් මෙය ශ්‍රී ලංකාවට නැතිවෙනවා කියන දේ අපේ මිනිසුන්ට තවම තේරිලා නෑ.
මුලින් මෙහි ඇති වැදගත්කම බලමු. මෙය පිගිටල තියෙන්නේ ඉන්දියන් සාගරයේ ක්ර්යබහුලම තැනක. ලෝකයේ තෙල් සැපයුමෙන් සැලකියයුතු ප්‍රමාණයක් ප්‍රවාහනය වන්නේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් නමුත් තවම මේ වරායෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරිවෙලා තියෙන්නේ මම හිතන්නේ පාලකයන්ට උවමනා කරනවා මෙය අලාබ ලබන සුදු අලියෙක් ලෙස පෙන්වල හැකි ඉක්මනින් විකුණලා අතිවිශාල කොමිස් කුට්ටියක් තම සාක්කු වලට දමාගන්න.
දැන් පිගිටීම බලමු
දැන් ඔබට මෙමගින් පේනවා වගේ මෙතෙක් සිංගප්පුරුවට ලැබුන වැදගත්කම තයිලන්තයේ ක්‍රාඇල මගින් නැතිවෙනවා (Kra Canal) ඉන්පසු ශ්‍රී ලංකාව පසුකල පසු වරාය පහසුකම් සදහා තායිලන්තයේ තමයි මුලික වෙන්නේ.
ශ්‍රී ලංකාවට මේ නිසා ස්වර්ණමය අවස්තාවක් තමයි ලැබිල තියෙන්නේ ඒ වගේම ඉතා අනතුරු දායක තත්වයක තමයි අපි ඉන්නේ, අනතුර කියන්නේ ශ්‍රී ලංකාව විශාල මුල්‍ය අර්බුදයක සිටිනවා මෙයින් තාවකාලිකව ගොඩඑන්න හම්බන්තොට වරාය චීනයට විකුනන්න තමයි යෝජනා වෙන්නේ.
දැන් අපි පොඩ්ඩක් හම්බන්තොට වරාය ඉතාම විශාල ලෙස පහසුකම් සහිත දියුණු වරායක් වෙනවනම් සිදුවෙන්නේ මොකද්ද කියල බලමු
01. හම්බන්තොට වරාය චීනය ලබාගත්තට පසු ඔවුන් විශාල ලෙස දියුණු කරයි, එහෙම වෙනවනම් මුලින්ම වෙන්නේ වෙන මුක්ක් වත් නෙමෙයි කොලබ වරාය බංකොලොත් වීමයි, යම්විදියකින් කොලබ වරාය නැවත ආර්ථික ලෙස ස්තාවර වෙන්නේ හම්බන්තොට වරාය තමන්ගේ මුළු ධාරිතාවෙන් වැඩකරන විට පමණයි.
02. මෙය චීනය ලබාගැනීම නිසා ආර්ථිකයට නරකම වෙනවා කියන්න බෑ නමුත් අපි මේ දෙන්න හදන්නේ ඉතා සැලකියයුතු මුදලකින් ක්‍රියාකාරී තත්වයට පත්කර ජාතියට අතිවිශාල ධනයක් නිපදවන්න පුළුවන් ආයතනයක් බව බොහෝදෙනා දැනුවත් වී නෑ
ටිකක් කල්පනාකලොත් මහබැංකු ගනුදෙනුවෙන් ශ්‍රී ලාකා රජයට වුන පාඩුව අපි මේ වරායේ තෙල්පිරිපහදු සහ ටැංකි ඉදිකිරීමට යෙදුවනම් මේ වෙනකොටත් අතිවිශාල ආදායමක් ජනනය කරන්න තිබුන.
මේ රජය ට උවමනා වෙලා තියෙන්නේ නැවත නැවතත් මේ වරාය පාඩු ලබන බව පෙන්වල චීනයට විකිණීමයි, මෙහිදී අපුරු සෙල්ලම් තියනවා ඔබ දකින්න ඇති අර්ජුන රණතුංග මිට විරෝදය පලකලා, මෙය සිදුවෙන්නේ රටට ආදරය නිසා බව බොහෝදෙනාට පෙනුනත් මෙව තුල තියෙන්නේ තමන්ගේ කොමිස් මුදල වැඩිකිරීම මිසක් වෙන මුකුත් නෙමෙයි.
මම එහෙම කියන්නේ ඇයි ? සියුම්ව කල්පනා කරන්න ඔහු කියන්නේ නෑ තෙල් පිරිපහදු අතිකර වරාය දියුණු කිරීම ගැන ඔහු මෙතන කරන්නේ නහයෙන් අඩන එකයි මේ අඩන වාරයක් ගානේ තම කොමිස් කුට්ටිය වැඩිවෙනවා.
මම මහින්ද ව දැඩිලෙස විවේචනය කරලා තියනවා නමුත් මම මහින්ද පරදින්න ඉස්සරත් කිව්වා ඔහු කරපු හොදම දේ මේ වරාය ගොඩනැගීම තමයි කියල
බුද්ධියක් තියන කෙනෙකුට ඔය පෙන සිතියම දැක්කම මම කියන දේ තේරුම් යයි කියල මට හිතෙනවා
ජනතාව හාම්පුතුන් වියහැකිව සිටියදී වහල් සේවය තෝරාගන්නවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ නමුත් කෙනෙක්ට කියන්න පුළුවන් වහලුන් උනත් මේ ගනුදෙනුව නිසා කෙටිකලකින් අපට ආර්ථික ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් නේද සහ චීනය විසින් හම්බන්තොට විවුර්ත කරන වියාපර වලින් අපටත් යමක් ලැබෙයි නේද කියන දේ ආර්ථික ඔස්ත්ර් ල අපට කියල දෙයි.
ඔව් එක ඇත්ත තමයි එක විදියකින්, මොකද රටට සැබෑ ලෙස ආදරය කරන දෙසපාලකයන් නෑ, මෙවැනි ධනනිදානයකින් ප්‍රයෝජන ගන්න ශක්තිමත් අවංක දෙසපාලකයන් සහ දක්ශ නිලදාරීන් වගේම හොද තානාපති සේවයක් උවමනා කරනවා, මෙවැනි පුද්ගලයන් නැත්නම් කළහැකි දේ තුට්ටු දෙකට විකිණීමයි.
අපි මතක තියාගන්න ඕනේ මේ විකුනන්නේ වරායක් පමණක් නෙමෙයි දකුණු ආසියාවේ ආර්ථික මර්මස්තානයක්, මෝඩ මිනිසුන් සිටින කපටි දෙසපාලකයන් සිටින කාලකන්නි නිලදාරීන් සිටින රටකට මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
අලුත් එකතු කිරීම :- http://www.divaina.com/2017/04/01/news26.html
මෙහෙම වෙන රටක හම්බන්තොට ගැන කවර කතාද