Thursday, September 10, 2015

PayPal යොදා ශ්‍රී ලංකාව තුල අපනයන දියුණු කල හැක්කේ කෙසේද ?



මුලින්ම විදේශ වෙලදාම් කරන්නේ කුමක්දැයි බලමු

01. භාණ්ඩ වෙලදාම
02.සේවා වෙලදාම

මුලින්ම භාණ්ඩ වෙලදාම  කරන්නේ කෙසේදැයි බලමු, හිතන්න ඔබට විකිනීමට විසිතුරු භාණ්ඩයක් ඇතයි කියා ඔබට මෙය විදේශීය රටකට විකිනීමට අද වනවිට පහසුකම් පවතී, එනම් ඔබේ විසිතුරු භාණ්ඩය ඔබගේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීමෙන් හෝ ebay වැනි අඩවියක් යොදා , ඔබේ විසිතුරු භාණ්ඩය සදහා විදේශීය ගැනුම් කරුවකු සොයාගත හැක.

දැන් සිදුවිය යුත්තේ ඔහු විසින් ඔබට අදාල මුදල ගෙවීමත් ඔබවිසින් විසිතුරු භාණ්ඩය ඔහුගේ ලිපිනයට අපනයන කිරීමත් යන දෙකයි.

මෙහිදී ඇතිවන ප්‍රශ්න 2 පවතී

01. ඔහු ගෙන් මුදල් ලබාගන්නේ කෙසේද ?
02. ඔබ නිවැරදි විසිතුරු භාණ්ඩය ඔහුගේ ලිපිනයට අපනයනය කරයි කියා විස්වාසය ඔහු තබන්නේ කෙසේද ?

මෙහිදී මුදල් ලබාගැනීමේදී ඔබ විකුනන්නේ ඒකක 1 බැවින් මුළු අගය $100 පමණ වෙතැයි සිතමු මෙවැනි කුඩා අගයක් හුවමාරු කිරීමට (credit card payment Gateway) වැනි පහසුකමක් ඔබ ලබාගන්නවනම් වසරකට රුපියක් 60000 පමණ මුදලක් වැයකළ යුතු අතර සිදුවන සියලුම ගනුදෙනු වලින් 3% පමණ අද පවතින වාණිජ වාණිජ බැංකු  උදාහරණ සම්පත් බැංකුව   අයකරයි.

ප්‍රශ්නය නම් විදේශිකයා තම ණයපත් අංකය (credit card number ) තමන් නොදන්නා රටක වෙබ් අඩවියක ඇතුලත් කිරීමට ඇති අකමැත්තයි.
මෙයට ඇති හොදම විසදුම    PayPal  මගින් ගනුදෙනුව සිදුකර ගැනීමට පහසුකම් ලබාදීමයි. මෙහිදී විදිශිකයා PayPal  මගින් ගනුදෙනු කිරීමට කැමති  ඔහුගේ ණයපත් අංකය තෙවෙනි ප්ර්ශවයකට ලබාදීමට උවමනා නොවීම නිසා ඇති ආරක්ෂාව සහ ඉදිරි දිනකදී අදාළ භාණ්ඩ අපනයන කරු
නොඑවා සිටියොත් පැමිණිලි කල හැකි වීම සහ රක්ෂණ ආවරණයක් ලැබීම.

අද ශ්‍රී ලංකා මහබැංකුව   PayPal පහසුකම ලංකාවට ලබානොගැනීම නිසා අපට අහිමි වන මුදල මැනිය යුතු වන්නේ රුපියක් කෝටිවලින් නොව ඩොලේර් කොටිවලිනි.

PayPal  සදහා කිසිදු මුලික මුදලක් වැය නොවන අතර සිදුවන සෑම ගනුදෙනුවකටම 3.5% පමණ ඔවුන් අයකරයි.

භාණ්ඩ වෙලදාම තුල උවමනා අනෙක් දෙය නම් කාර්යක්ෂම තැපැල් සේවයයි මෙහිදී අන්තර්ජාතිකව ( international tracking post) මහින් භාණ්ඩ  අපනයනය කල පසු ආනයන කරුට tracking code ලබාදීමෙන් තම භාණ්ඩය පවතින්නේ කොහිද යනවග බලාගත හැකි අතර වංචා නොවන පරිදි වෙළදාම කළහැකි වනු ඇති.

ඉහත පියවරයන් රජයට ගතහැකි උනොත් ශ්‍රී ලාංකිකයන් වන අපට අන්තර්ජාතිකව භාණ්ඩ වෙලදාම් කළහැකි වනු ඇති.

මෙහිදී අප තේරුම් ගතයුත්තේ අප අසල්වැසි ඉන්දියාවත් PayPal මගින්  මෙවැනි    (international tracking post) යොදා ebay වැනි වෙබ් අඩවිවල  භාණ්ඩ විකුණා කොටි ගණන් මුදල්  උපයන බවයි.

 පැවති රජය මේ පිළිබද කිසිදු උවමනාවක් නොගත් අතර රජයේ අවසාන වසරේදී ඉටපු මහබැංකු අදිපති කබ්රාල් තුමා



ලංකාවට මෙය ලබදෙනබව පුරසාරම් දෙඩුවත් කිසිවක් සිදු නොවුනි

ලෝකයේ උදාහරණ



8 comments:

  1. හොඳ අදහසක්. මම වෙනස දැනගෙන සිටියේ නැහැ. මෙය සුද්දාගේ භාශාවෙන් ලියා ඊමේල් කල හැකිනම් මෙම පණිවිඩය අදාල අයට යැවීමට උත්සාහයක් කළ හැකිය. එසේ නැත්නම් ඔබට එය කෙලින්ම යැවීමට ඊමේල් ලිපිනයක් ලබා දිය හැකිය.

    ReplyDelete
    Replies
    1. Ian,

      පැමිණියාට ස්තුතියි, මෙය අද ඊයේ කරන සටනක් නෙමෙයි අවාසනාව කියන්නේ මෙය තේරෙන්නේ ecommerce පිළිබද අවබෝදය ඇති පිරිසට පමණයි,
      ඔවුන් විසින් මෙම සටන කරන්නේ අද ඊයේ නමෙයි.

      පහත ලින්කු මගින් ඔබට මේ පිළිබද වටහා ගතහැකි වනු ඇති.
      https://sites.google.com/site/ppforsrilanka/enable-receiving-money-to-sri-lanka-through-paypal-si

      මෙන්න සුද්දගේ බාසාවෙන් https://sites.google.com/site/ppforsrilanka/enable-receiving-money-to-sri-lanka-through-paypal-si

      පසුගිය මාසයේත් මේ පොරොන්දුව දුන්න http://www.dailymirror.lk/82277/full-access-to-paypal-soon-icta-chief
      මෙහි ඇති කොමෙන්ටුවක් මගින් මෙහි ඇති වැදගත් කම තේරුම් ගත හැකියි.

      //Naleem Thursday, 6 August 2015 11:21

      We have been fighting for this past 10 years, nothing happened, but we found our alternatives to move forward our online business. We have already lost more than $10000 due to non availability of this services, because most buyers in the world prefer PayPal payments via internet. No politician nor Sri Lankan bank understand the value of this and how it will contribute our economy by creating new CEOs and boom online economy and sell our services to the world. HOPE THIS HAPPENS THIS TIME.

      //

      මෙහි ඇති හස්යජනකම දෙයනම් PayPal හරහා විදේශ විනිමය රටින් පිටකළ හැකි වීමට පහසුකම් ලබාදී ඇති අතර රටට විනිමය ලබාගැනීමට පහසුකම් ලබා නොදීමයි.

      මෙය නිවැරදි කලහැක්කේ රටේ මහා බැංකුව ට වන අතර වසර 10 ගතවෙලත් මෙය තවම සිදු නොවී පවතී.

      වෙලාව ලැබුණු විට මෙම ලිපිය සුද්දගේ භාශාවෙන් පරිවර්තනය කරන්නම්.

      Delete
  2. ප්‍රොයෝජනවත් තොරතුරු මෙන්ම මහ බැන්කුව වහා ක්‍රියාත්මක කල යුතු වැඩ පිලිවෙලක්

    ReplyDelete
    Replies
    1. Dayal Bathee,

      මේ පිළිබද මිට පෙරත් ලිපියක් පලකලා http://lankasithuwili.blogspot.com/2015/02/blog-post_14.html

      මට පෙනෙන විදියට මෙය සිදු නොවන්නේ මහබැංකු නිලදාරීන්ගේ වරදින්, බොහෝවිට මෝඩ නිලදාරියකු ඉහල සිටි විට මෙවැනි දෙයක් සිදුකිරීම අපහසුයි.
      අනෙක් කරණය අසල්වැසි ඉන්දියාවේත් අප රටට කිට්ටු මාල දිවයිනෙත් මේ පහසුකම පවතී.

      Delete
  3. උන්ට කීයක් හරි හම්බවෙනවා නම් ඕක ටක් ගාලා කරලා දේවි

    ReplyDelete
    Replies
    1. බණ්ඩා,

      මට පෙන්නේ එහෙම දෙයක් තමයි වෙන්න යන්නේ paypal නම් ලංකාවට ලැබෙන හැඩයි නමුත් ලංකාවේ මිනිසුන්ට විදේශවලට භාණ්ඩ විකිණිය හැකි ලෙස කරයිද කරන එක සැකයි.http://www.dailymirror.lk/82277/full-access-to-paypal-soon-icta-chief

      Delete
  4. ලංකාවේ මිනිසුන්ට විදේශවලට භාණ්ඩ විකිණිය හැකි ලෙස කරයිද කරන එක සැකයි/
    ‍මේකත් එකක්.
    දැනට පවතින අන්තර්ජාතික ‍‍‍වෙළද ඒකාධිකාරිය හා තව ‍සෙල්ලම් නැතිකරගනියිද???

    ReplyDelete
    Replies
    1. malmi,

      සුලුපරිමනයෙන් ඒකක ලෙස අපනයන කරන්නන් (EBAY, AMAZON ) වල අලවි කරන්නන් ට මෙය බල නොපායි.
      ප්‍රශ්න ඇති වන්නේ මහපරිමනයෙන් අපනයන කරන්නන්ටයි.

      ඔබ EBAY මගින් යමක් ගෙන්වා ඇත්නම් ටිකක් මතක්කරගන්න ඔවුන් අලවිකරණ සියලු දෙය යවන්නේ පුද්ගලික
      තෑග්ගක් ලෙසයි මෙනිසා පැනවෙන බොහෝ බදු බල නොපායි.

      වගකිවයුත්තන් අන්තර්ජාතික වෙළදාම ප්‍රායෝගිකව සිදුවන ආකාරය දැනගත යුතුයි.

      Delete