Sunday, March 29, 2015

සුද්දන් ලංකාව යටත්කර නොගත්තානම්, නොහොත් අපට තවම රජෙක් ඇත්නම් !




මා ඉතා කුඩා අවදියේ දී පටන් බොහෝ ස්වාමීන් වහන්සේලා සහ සිංහල බෞද්ධයන් පැවසු දෙයක්නම් " මේ පරසුද්දන් නොහිටින්න අප ස්වාදීන දියුණු ජාතියක් බවයි " 

වැඩිපුර සිතන්නැති සිංහලයන් අපට රජෙක් ඇත්නම් ඉතා සතුටු වනු ඇති. 

අපි ටිකක් බලමු අපට රජෙක් ඇති කාලයේදී ජනසමාජය කෙසේ සංවිදානය වී තිබුනද කියා.

මුලින්ම කිව යුත්තේ අපට රාජාණ්ඩු ක්‍රමයක් තිබුනානම් අද බොහෝදෙනාට ලැබී ඇති අයිති වාසිකම් නොලැබී යනු ඇති බවයි.

01. සියලු දෙනා රජයට බදු ගෙවිය යුතුය මහජනයාට නොමිලේ කිසිදු සේවාවක් රාජාණ්ඩු සාමය වල නොලැබූ බව (බුද්ධදාස රජු ගේ කාලයේ ආරෝග්‍ය ශාලා පහසුව නොමිලේ ලබාදී ඇත ) 

02. සුළු වරදට අමානුෂික දඩුවම් ලබාදීම (මෙනිසා සමාජය ඉතා නීතිගරුක සමාජයක් වී ඇත )

03. ආකර්ශනීය නිර්මාණ කරන ලද අතර මෙසියලුදෙයට ප්‍රවර්දනය සපයා ඇත්තේ "මරණ බය" විසිනුයි.

04. බොහෝ දෙනා පවසන්නේ බුදුදහම ඉතා දියුණු ලෙස ලංකාවේ ක්‍රියාත්මක වූ බවයි, අනුරාදපුර යුගයේ එසේ දියුණු බුදු දහමක් පැවතිඇතත් ඊට පසු යුගවල සිදුවී ඇත්තේ බොහෝවිට සංස්කෘතිකමය   බුදුදහමකි. පාලකයා බලයේ සිටීමට බුදුදහම මෙවලමක් ලෙස යොදාගත් බව පරිසමින් බැලීමේදී පෙනී යයි.

05. අවශ්‍යතා අවම නිසා එක්තරා සංහිදියාවක් තිබුනත් සාමාන්ය ජනය කුල පීඩනය නිසා ඉතා අසහන කාරී සමාජයක ජිවත් විඅතිබව තෙරුම්ගතහැක.

06. රජය වෙවේචනය කිරීම මරණයෙන් කෙලවරවන දඩුවම් ලැබියහැකි වරදකි 

අප කැමති උනත් නැතත් බොහෝ ජනයට වඩා නිදහස් ලෝකයක් ලැබී ඇත්තේ අප කියන "පර සුද්දන්ගේ " "ප්‍රජාතන්ත්‍රවදයට" පින්සිදු වෙන්ට බව ප්‍රසිද්දියේ නොකියන්ට සිංහල ජාතිවාදීන් ප්‍රවේසම් වෙති.

අප ජනතාවට ශතවර්ෂ ගණනක් පුරුදු සුද්දන්ගේ "ප්‍රජාතන්ත්‍රවදයට"  නොව දැඩි බලයක් යොදා ජන මර්දනයකින් ලැබෙන පෙනීමට තිබෙන නිතියනුකුල බවයි.

මෙහිදී අප වරදවා ගතයුතු නැත්තේ "බටහිර ඇත්තේ ස්වයන් හික්මීමෙන් සංවිදානය වූ සමාජයක් ! "යන කල්පනාවයි. පෙරදිග මෙන් කසපහර නොදුන්නත් 
බටහිර පවා වරදට දඩුවම් ක්‍රම පවතී බොහෝවිට එය මුල්‍යමය දඩයක් වන අතර අදාල දඩය පුද්ගලයාගේ පඩියෙන් අඩුවී ඉතිරිය ලැබෙන ලෙස සංවිදානය විඇත. මෙහිදී පවතින නවීන තාක්ෂනය යොදාගන නොදැනෙන ලෙස මෙය සිදුවේ.  ලගදි උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙපිලිබද කදිම උපමාවක් ලබාදෙන ලදී https://www.youtube.com/watch?v=Q25Iz-J9NXQ
විනාඩි 5 පසු බලන්න               

අප නුවණැති තීරණයට එලබේ නම් කල යුත්තේ හැකිතරම්  බටහිර දැනුම උකහා ගැනීමයි මෙයට ඉංග්‍රීසි බාෂාව උපකාර වේ.

දැනගත යුතු කරුණනම් විදේශීය ආක්‍රමණ නිසා පුරවැසියන් ලෙස අප ඉතා වැඩි පුද්ගල නිදහසක් බුක්ති විදින බවය.  

28 comments:

  1. ඉතාම වටිනා ලිපියක්. මටනම් රජ කියන වචනෙත් පිළිකුල්. ඇත්තටම සුද්දො ආවෙ නැත්නම් අපි අද ඉන්නෙ අන්ධකාරෙ. රාජාණ්ඩුව අහෝසි කරපු එකතමා උන් අපට කළ ලොකුම සේවය. අපේ මුතුන් මිත්තො ඉදල තියෙන්නෙ රජාගෙ වහල්ලු විදියට.
    රජකම කියන එක කෘතිමව ඇතිකරන්න බැහැ. උදාහරණයක් ලෙස මහින්දට රජවෙන්න බෑ. ඒක අපි සීරියස් ගත්තෙ නැත්තෙ ඒකයි. රාජාණ්ඩුව හොඳයි කියන්නෙ ඒකෙ භයානකකම නොදන්න අය.රජා යටතෙ මිනිස්සු වචනෙන් කියන්න බැරිකාලකන්නි ජීවිතයක් ගත කලේ.
    බුදුදහම කියන කෙහෙල්මල රජාගෙ බලුවැඩවලට විරුද්ධවෙලා නෑනෙ. අඩුගානෙ රජාගෙ කුරිරු දඩුවම් වලටවත්.
    රජා බඩු ගගහ හිටිය. ලස්සන කෙල්ලෙක් හිටියොත් වාසලට. අනේ අනිච්චන්

    මේ රටේ මිනිස්සු දෙපයින් හිටගත්තෙ 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරනවලට පස්සෙ. නලින් සිල්ව කියනව ඒකෙන්ලු අපේ නිදහස නැතිවුනේ. කෙහෙල්මල් ජාතික නිදහසට ඉස්සර මනුස්සයො විදියට නිදහසක් එපායැ. ජාතික නිදහස කියන එක කවුද භුක්ති වින්දෙ රජා කියන පාහරයයි රදලයො කියන පාහරයොයි. සාමාන්‍ය මිනිස්සු තිරිසන්නු වගෙ හිටියෙ.

    දුම් රිය මාර්ග , කිරි දරුවො වංගෙඩිවල දාල කොටන නීතිය වෙනුවට ශිෂ්ට නීති ක්‍රම , ලෝක දැනුම, වෛද්‍ය ක්‍රම , ප්‍රජාතන්ත්‍රවාදය මේ හැම දෙයක්ම ලැබුනෙ සුද්දන්ගෙන්. අපි සුද්දන්ට සදාකාලිකව කෘතඥ විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා,

      "බුදුදහම කියන කෙහෙල්මල රජාගෙ බලුවැඩවලට විරුද්ධවෙලා නෑනෙ. " බුදුරජානන්වහන්සේ තමයි සංග සමාජයේ සමනත්වතාවය ඇති කලේ හිතන්න පැවිදි වූ රජෙක් තමාට වඩා උපසම්පදාවෙන් වැඩි අඩු කුලයේ කෙනෙකුට වදිනවා !
      බුදුරජානන්වහන්සේ සංග සමාජයේ ඇති සමානත්වතාවය මහජනයාට ලබාදීමට උත්සහ කරානම් රජුන් සමග ගැටෙමෙන් කිසි කලක තම විම්මුක්ති ගාමී දර්ශනය ලබාදීමට නොහැකි වනු ඇති.

      "නලින් සිල්ව කියනව ඒකෙන්ලු අපේ නිදහස නැතිවුනේ." කලකට පෙර දෙරණ නාලිකාවේ ඔහුගේ සංවාදයක සදහන් කළා ශ්‍රී ලංකික සිසුන්ට ඉංග්‍රීසි අවශ්ය නැතිබව මෙසේ පැවසූ විට දෙරණේ දිල්ක ඇහුව ඇයි ඔබේ පුතා එංගලන්තයට යන්නේ කියල ? එහිදී ඔහු කොතෙක් මුග්ද උනාද කියනවනම් තම දරුවට ආචාර්ය උපාදිය ලබාගැනීමට ඉහලම අද්යාපනයක් ලබාදීම අවශ්ය බව පැවසුයේ කිසිදු ලැජ්ජාවක් නොමැති අයුරු පිලිකුල්සහගතයි.

      සුද්ද අපට ආදරේට නෙමෙයි මේ සියල්ලම ලබාදී දී ඇත්තේ නමුත් අපට එයින් සිදුවුයේ ඉතාමත් ඉහල සමාජ සන්වර්දනයක් අප කලයුතු වුයේ පුළුවන් තරම් ඉංග්‍රීසි බාෂාව ප්‍රචලිත කර බටහිර දැනුම උකහා ගැනීමයි සිංගප්පුරුවේ සිදුවුයේ එයින් උපරිම ප්‍රයෝජන ගැනීමයි.

      අපි බොරු ජාතිවාදී වර්ගවාදී හැගීම් අවුස්සනේ නැතිව බුද්ධිමත්ව ක්‍රියා කලානම් අද අපට වසර 30 ක කාලකන්නි යුද්දයකට නොඅටලෙනු ඇති.
      ප්‍රශ්නය නම් තවම මහජනයා මේ මෝඩ ක්‍රමයේම නැවත නැවත රැවටිය හැකිවීම ගැනයි ලජ්ජ වියයුත්තේ/

      Delete
  2. ඉස්සර මම නලින් සිල්වට ගරු කළා. ඒ ඔහුව තිරයෙ දකින තුරු. පසුව ඔහුගෙ ආවේගශීලී හසිරීම දැකල පුදුම වුනා.දත්මිටි කමින් හති අරිමින් සුසුම් හෙලමින් ඔහු කතා කළේ. එදා මට ඔහු එපා වුනා. ඒ වගේම ඔහු වංචනිකයෙක් බව දැන තවත් කළ කිරුනා. බන්ඩාරනායකල වගෙම තමයි අනුන්ගෙ ළමයින්ට ඉංග්‍රීසි එපා කියල තමන්ගෙ ළමයි රට යවනව.
    බටහිර නොවන විද්‍යාවන් ගැන පඩි ටෝක් දීල අන්තිමට නතර වුනේ දෙවියන් ලග. නාථ පිළිගන්නකොටම යෙහෝවත් පිළිගන්න වෙන බව ඔහුට තේරුනේ නෑ. දෙකම ඉන්ද්‍රිය ගෝචර නැහැනෙ.

    බුදුදහම සේවය කළෙත් රජාට. රාජ පීඩනයට එරෙහිව බුදුසසුන තුලින් කිසිම විරෝධයක් ආවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා,

      "බුදුදහම සේවය කළෙත් රජාට" මෙයනම් නිවැරදි නෑ මොකද රජාට සහ පුරවැසියාට යන දෙදෙනාටම සේවයක් සිදුඋනා.
      ඔබ ව්‍යග්ගපජ්ජ සුත්ත http://www.accesstoinsight.org/tipitaka/an/an08/an08.054.nara.html
      කියවා බලන්න "Conditions of Worldly Progress" මෙය ලොව්කික ජිවිතයේ දියුණුවට උපකාර වන කාරණයි.
      අවාසනාවට නිවන්දැකිම කෙසේවෙතත් පුද්ගලයකු මෙලොව ජීවිතය දියුණු කරන ආකාරය ගැන කරනලද දෙසනා අපට අසන්න ලැබෙන්නේ කලාතුරකින්.

      මට එක දේසනාවක් මතක්වෙනවා හරියටම එහි නම මතක නෑ නමුත් සදහන් වුයේ රැකියාව කරන පුද්ගලයකු තම වුර්තිය දියුණු කිරීමට පර්ර්යේෂණ කලයුතු බව සදහන් වෙනවා.

      රජුන් සමග ගනුදෙනු කිරීම ගැන හොද විග්ග්රහයක් කොසොල් රජු සමග වූ සිද්දියක් පවතී.

      එදත් අදත් රජවරු කොපමණ සමාන දැයි ඔබට මේ කතාවෙන් වැටහෙයි.

      " නිගන්ටයන් සිතනවා ජේතවන ආරාමය කිට්ටුවෙන් ඔවුන්ගේ ස්ථානයක් පිහිටවා ගත්තොත් ශ්‍රාවකයන් සහ ලබා සත්කාර වැඩිකර ගත හැකි යයි කියා, අද වගේම ඔවුන් සිදු කරන්නේ කොසොල් රජුට අල්ලස් දී ජේතවන ආරාමය අසලින් ඔවුන්ගේ නිගන්ට ආරාමය අරබිමයි, මෙය දැනගත් බුදුන්වහන්සේ තම අගසවු දෙනම රජු වෙත පිටත් කර යවන්නේ එහි ඇති වරද පෙන්වාදීමටයි, රජු කරන්නේ මාලිගාවේ සගැවිමයි. අවසානයේ බුදුරජානන්වහන්සේ සදහන්කරනවා මේ අකුසල කර්මය නිසා රජුට අනාථයකු ලෙස මියයාමට සිදුවන බව, මෙය දැනගත් රජු කරන්නේ නිග්න්ටයන් පලවා හැරීමයි."

      බුදුරජාණන් වහන්සේ කලයුතු නොකළයුතු දේ පිළිබද අනුශාෂනා කරනවා විනා විරෝදතා හෝ උද්ගෝෂණ පිළිබද විශ්වාසය නොකරන්නේ මුලිකම පරමාර්ථය බොහෝ දෙනාට සසර දුකින් එතර වීමට මාර්ගය පෙන්වාදීම මුලිකවම සිදුකල යුතු නිසාත් වැරදි ආදර්ශය මගින් ඉදිරියේ බුරුරජාණන් වහන්සේගේ පණිවිඩය ගෙනයාම වෙනුවට අනාගත ගෝලයන් වැරදි මාර්ගයේ යාම වලක්විමටයි

      Delete
  3. මේ කතාව මමත් කිහිපවර කියල තියෙනව. දණ ගාගෙන රජා ගාවට ගියපු ඇමතිල හිටපු, නඩුවකට අබියාචනයක් ඉල්ලන්න රජගෙදර දොරකඩ වැටිල සති ගනන් ලැගල ඉන්න තිබ්බ, අසීමාන්තිකව බදු ගහපු, කුළ ක්‍රමයෙන් පාගල දාල තිබ්බ සමාජයක් මේ තරම්වත් කෙලින් උනේ සුද්දට පින්සිද්දවෙන්න.

    සුද්ද ඇහැලෙපොළව ලොක්ක කරානම් 818 කැරැල්ලත් නෑ. 1818 කැරැල්ල නොගහන්න, සුද්ද කෝල්බෲක්/කැමරන් කොමිසම ගේන්නෙ නෑ, එහෙනං තව කල් ඇහැලෙපොළල මේක සුද්ද එක්ක සමෝසෙට සූප්පු කරනව. ඔය ඔක්කොම උනේ අපේ හොඳට.

    ReplyDelete
    Replies
    1. ඉන්දික,
      //ඔය ඔක්කොම උනේ අපේ හොඳට.//

      සහතික ඇත්ත, නමුත් මේක ප්‍රසිද්දියේ කිසිවෙක් කියනවා දැකල ඇද්ද ?
      මෙවැනි අදහස් සුද්දට කත් ඇදීමක් ලෙසයි චෝදනා වෙන්නේ.

      රජවරු කීප දෙනෙක් හැර බොහෝ අය ඉතා කෘර පාලකයොයි නමුත් අපේ ඉතිහාසය ඉගනිමේදී උගන්වන්නේ වීර වරයන් ලෙසයි.
      ප්‍රශ්නය නම් මෙම මානසිකත්වය අදටත් අදාල වීමයි. මෙහි ඇති වරද පෙන්වීමට කිසිදු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය පදවි දරන උගතුන් මලිවේ

      Delete
    2. මම දැක්ක විදේශිකයෙක් අදපු චිත්‍රයක් .ඒකෙ දෙවැනි රාජසිංහගෙ ආරක්ෂකයො මුකවාඩම් දාගෙන ඉන්නෙ. උන්ගෙ ප්‍රශ්වාසය රජාට වැදෙයි කියල. රජා දියේ ගිලෙන්න ගිහින් බේරගත්ත කොල්ලො දෙන්නව මැරුවලු රාජ ශරීරයට අත තිබ්බ කියල.
      මොන කාලකන්නි පාලනයක්ද
      රජා සාමාන්‍ය ජනතාවට කතා කලේ බලුගැත්ත කියල.
      රජා අහනව කොහොමද තොට කියල. අවසර දේවයින් බලුගැත්තයි කුක්කොයි සනීපෙන් කියල. සාමාන්ය මිනිස්සු බලුගැත්තො ළමයි කුක්කො. මිනිස්සු ඉදල තියෙන්නෙ තිරිසන්නු වගෙ. සුද්ද ට මල්පූජ කරන්න ඕන හරිනම්. වෙන්නෙ ඒකෙ අනෙක් පැත්තනෙ.

      Delete
    3. රජෙක් ඕනය කියන උන් හිතාන ඉන්නෙ ලංකාවෙ ඉස්සර රජා අර දස්කොන් නාට්ටියෙ පෙන්නන දිසාවෙලගෙ අධිකාරම්ලගෙ කරේ අත දාන් ඉන්න ජොලි පොරක් කියල. අනේ xකේ කිව්වලු.

      රැවුල කපාගන්න දිසාවෙගෙ අවසරේ ගන්න වෙච්චි රජකාලෙ. ගහා හොඳ වැළ ගෙඩියක්, වරකයක් ආවනං රජාට දෙන්න තමුන්ම දවස් ගානක් වැඩ පාඩු කරන් යන්න වෙච්චි, ඒවට කිසිම ගෙවීමකුත් ලොබැඉච්චි රජකාලෙ...දෙන්න එහෙම එකක් තමා සමහර ගොන් හැත්තට ඕන.

      Delete
    4. අපි ශ්‍රේෂ්ඨ රජවරු විදිහට දන්න රජවරු ඇත්තටම ශ්‍රේෂඨ පුද්ගලයෝ ද? උදාහරණයක් විදිහට ඉතිහාසයට අනුව රජවරුන් අතරින් ශ්‍රේෂ්ඨත්වයෙන් දෙවැනියා - මහ පරාක්‍රමබාහු, පාළන කාලයෙන් භාගයක් වැය කලේ විශාල යුද්ධයකට ඒ සඳහා රටේ සියළුම සම්පත් (සෙබළු, සහ ආහාර) සම්පත් ඒකරාශි කළබව කියැවෙනවා. යුද්ධයෙන් පස්සේ විනාශවුන ආර්ථිකය සහ ජන ජීවිතය ගොඩ නඟන්න අති විශාල වැවක් සහ නඟරය ගොඩනැඟුවා.ඔහු ගේ කියමනක් තමා පොලවට වැටෙන එක වතුර බිදුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවනු යන්න. ඒ අපි අහල තියන දේ. හැබැයි ඒ ගැන අධ්‍යයනය කරපු අය සොයාගත්තේ වෙනත් ඉතිහාසයක්, ඔහු තැනූ අති විශාල වැව එක්වරක්වත් පිරිලානෑ, ඒ ඒක අසාර්ථක සැලැස්මක් නිසා බැම්ම කිහිපතැනකින්ම කැඩීගොස් වැව අතහැරදමා තිබුණුබව, ඊට පෙර ඉතිහාසයේ කවදාවත් එහෙම විශාලවැවක් එකවර තනා නෑ, හැමදාම කරලා තියෙන්නේ පුංචිවැවක් ක්‍රමක්‍රමයෙන් යෙන් විශාල කිරීම, වර්ථමාන යුද්දෙන් පස්සේ අපේ රටෙත් හම්බන්තොට එහෙම දේවල් කරේ. අතිවිශාල සම්පත් ප්‍රමාණයක් වැය කරපු නඟරයේ ඔහුගෙන් පසු අභාවයට ගිහිල්ලා, මේ පිළිබඳ පර්යේෂණ කරපු කපිල ගුණසේකර මහාචාර්යවරයාට අනුව වෙලාතියෙන්නේ අතිවිශාල යුද්ධයනට සහ ඉදිකිරීම් වලට හයි හත්තිය ඇති හැමදෙනාම බලෙන් යොදාගැනීම සහ ගමවල නිපදවපු ආහාර සියල්ල බලෙන්න එකතුකරපු නිසා පිඩනයට පත්වෙච්ච මිනිස්සු ගම්මාන අතහැර කැලෑවැදුනු බවයි. ඉතිරුවුනේ දැවැන්ත ඉදිකිරීම විතරයි, මිනිස්සු නෑ. ඊට කාලෙකට පස්සේ කුරුණෑගල පැත්තේ රාජධානි ඇතිවෙනවා, මතය වෙන්නේ කෑලෘ වැදුණු ජනතාව ක්‍රමයෙන් වයබට ගිය බවයි, මහින්දත් තව කාලයක් රජ කලොත් මිනිස්සු මූදේ බැහැල පීනාවි, ඔස්ට්‍රේලියාවට. එත් හාමුදුරුවරු පොත්වල ලියන්නේ සම්පූර්ණයෙන් වෙනස් කතන්දරයක්, අද ඉන්න අය වගේම අයනේ එදත් ඉන්න ඇත්තේ. ඉතින් දුටුගැමුණුත් සමහර වෙලාවට ෆොන්සේකා / ගෝඨ/ මහින්ද වගේ කෙනෙත් වෙන්න ඇති නේද ඉතිහාසයේ මොනව ලියල තිබ්බත්.

      Delete
    5. ඉන්දික 1918 කැරුල්ල නිසා අවුරුදු සීයකටත් පස්සේ කෝල්බෲක් කොමිසම ආවා කියන කතාව පිළිගන්න අමාරුයි. මොකද, 1948 දීත් ඵුරන් අප්පු - ගොංගාලේ ගොඩ බණ්ඩලා ගේ කැරැල්ල තිබුණානේ.

      අනික ටොරිංටන් පාලනය, 1915 කළබල, ඊ. ඩබ්ලිව් පෙරේරා ගෙන ගිය පෙත්සම, දේශීය නායකයින් කළ බලපෑඟ යනාදිය කෝල්බෲක් කොමිසම ට බලපාන්න ඇති අනිවාර්යෙන්ම.

      ඊටත් වඩා, ඒ දවස්වල රජුගේ නායකත්වය තිබුණත්, පාර්ලිමේන්තු පාලනයත් සහිත ප්‍රජාතන්ත්‍රවාදී එංගලන්ලණ්තයේත් තියෙන්න ඇති නේද, මේ යටත් විජිතවාදයට විරුද්ධ බලවේග?

      Delete
    6. රසික ඔබට පැටලීමක් වෙලා. කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ ආවේ 1833 දි.
      ඇත්තටම එම කොමිසමේ අරමුණ බ්‍රිතාන්‍ය වෙළද අවශ්‍යතාවලට ගැලපෙන සේ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතිකිරීම. එයින් සිදුවුනේ රාජකාරි ක්‍රමය අහෝසි කිරීම ආණ්ඩුකාරයාගේ බලය අඩුකිරීම හා ඡායා ව්‍යවස්ථාදායකයක් සකස් කිරීම. අද අප භුක්ති විදින ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භක මූලබීජ අවස්ථාවක් ලෙස කෝල්බෲක් ප්‍රතිසංස්කරණ හැදින්විය හැකියි.

      Delete
    7. මධ්‍යස්ථ මතධාරියා,

      "බලුගැත්ත" අන්න වචනේ මට මේක අමතක වෙලා තිබුනේ මෙයින් තේරෙනවා මහජනයා කොතරම් හීනමානයෙන් පෙළුන පුද්ගලයන්ද කියල.

      ඉන්දික උපශාන්ත,

      "රැවුල කපාගන්න දිසාවෙගෙ අවසරේ ගන්න වෙච්චි රජකාලෙ" බොහෝ දෙනා රජ කලේ මොහොමද කියල හිතන්න උත්සහ කරන්නේ නෑ

      The Nut,

      ඉතිහාසය ලියවෙන්නේ පක්ස්ග්ග්‍රාහී ලෙස හොදම උදාහරණය මහින්ද බලයේ සිටියානම් 2005 සිට 2010 තෙක් හමුදා පතිවරයෙක් සිටියේ නෑ කියලයි ඉදිරි පරම්පරාව දැනගන්නේ

      රසිකොලොජිස්ට්,

      සුද්දට එදවස්වලත් යටත්විජිත පාලනය අතිරේක බරක් වෙන්න ඇති, ඉන්දියාව සහ බුරුමය වැනි රටවල් යටත්විජිත නොවෙන්න සුද්ද ලංකාවෙන් ගිහින් ගොඩක් කල්.
      (නිදහස ලබෙනවිට ආසියාවේ දියුණුම පරිපාලන ක්‍රමය තිබුනේ ලංකාවේ, මවුන්ට්බටන් අදිපදවරයා නුවර සිට බුරුමය පරිපාලනය කල බවයි අසා තිබෙන්නේ )

      Delete
    8. මලා!

      සමාවෙන්න උදේ පාන්දරම වැරදිලා නේන්නම්.

      මං සති දෙකකට විතර කලින් බැලුවා පොතක් "සිනමන් ගාඩන්ස්" කියලා ඒකේ එක් මූලික තේමාවක් තමයි ලංකාවට ආපු ඩොනමෝ කොමිසම. මේ ගැන සිත ඇතුලේ ඬැඩ කරලා තියෙන්නේ.

      මං කරපු ලොකුම වරද තමයි, ඉන්දික එහෙම කීවේ ඇයි කියා සිතීම, මගේ පැටලීම නොපෙනී.

      ක්ලැසික් කේස් එකක්!

      මධ්‍යස්ත - ඔබට ඉතා ස්තුතියි!

      Delete
  4. හපොයි මම හැමදාම කියන කතන්දරේ නේ.. අපේ උන් උපරිම ට්‍රයි කොරන්නේ ආයේ වැඩ වසම් ක්‍රමයට ගෙනියන්න තමයි.. සයිබර් ඉස්පේස් එකෙත් වැඩිපුර ඉන්නේ එහෙම හරක්...

    ReplyDelete
    Replies
    1. මාත,

      අපේරටේ ජනමත විචාරණයක් තැබුවොත් නැවත රජෙක් පත්කරගන්න, අනුමානයක් නෑ 51% වැඩි චන්දයෙන් ඉස්තිරවෙනවා.
      එතරමට රජකම මාර්කට් කරලයි තියෙන්නේ.

      දැන්වත් මේ මිනිස්සුන්ට හිතන්න පුරුදු කරන්න ඕන රජකම කියන්නේ මොකද්ද ? කියල.
      මුන් හිතාගෙන ඉන්නේ මෙවැනි පාලනයකින් දිවිය ලෝකේ මහපොළවේ පහල වෙනවා කියල ( දිවිය ලෝකේ මහපොළවේ පහල වෙනවා හැබැයි මහජනතාවට නෙමයි )

      Delete
    2. අරිසෙන් අහුබුදු කියල එකෙක් කෙළින්ම යෝජනා කළානෙ රජෙක් ඕන කියල. කැස්පියන් මුහුදට ඒ නම හැදුනෙ කසුප් කියන හෙලයා නිසා බවත් ඩැනියුබ් ගඟට ඒ නම හැදුනෙ දනුබ නම් හෙළයා නිසා බවත් කියමින් හිනාවෙලා ඉලැඇට කඩන පිස්සු කතා කියපු අරිසෙන් එහෙම යෝජනාවක් කිරීම පුදුමයකුත් නෙමේ. ඔහොම කීප දෙනෙක්ම ඉන්නව. උන් තමා මේ රටේ මිනිස්සු අඤ්ඤ කොරොස් කරන්නෙ.

      මට හම්බවුනා නුවර පැත්තෙ එකෙක් ට්‍රේන් එකෙදි .ඌ කියන්නෙම රජෙක් ඕනමලු. මොකද දන්නවද කන්නලවු කරන්න පුළුවන්ලු. ඌ ඒකෙන් අදහස් කරන්නෙ ඔම්බුඩ්ස්මන් වගෙ එකක් වෙන්න ඇති. ඒත් කිව්වෙ මහම ගොන්ජ තාලෙට. රජෙක් උන්නනම් හොදයි රටට ආදරේට ඉන්නවනෙ එයා සැප විදින්නෙ පෙර පින් බලෙන්නෙ ඒකට අපට මොකද කියන අයත් ඉන්නව

      Delete
    3. ඔය රජෙක් ඕනෑ කියපු එකාට මොකක්ද දන්නවාද ඕනෑ වෙලා තියෙන්නේ ඇත්තටම?

      රජුගේ අන්තහ්පුරයේ මුරකාරයෙක් විදියට ජොබ් එකක් ගන්න.
      යූ නෝ වට් අයි මීන්!
      ;-)

      Delete
  5. එංගලන්තෙත් එක රැයින් ප්‍රජාතන්ත්‍රවාදී වුනේ නෑ. ඔය සංකල්ප මං හිතන්නේ පුරාණ රෝමයේ ඉඳලා එන ඒවානේ. මං අහලා තියෙනව ඬදදියට දුෂ්ඨ රජෙකුගේ (අටවන හෙන්රි ?) කාලේ ක්‍රොම්වෙල් කියන අගමැති තමයි ඔය ක්‍රමයට මුල් අඩිතාලම දැම්මේ.

    ඒ මත පදනම් වෙලා, රජා සහ බළු ගැත්තර සංකල්පයෙන් මිදිලා මිනිස්සු නිවැරදිව හිතන්න පුරුදු වෙන්න ඇති. යටත් විජිත නැති කරන්න කියා උද්ඝෝෂණ තියෙන්න ඇති.

    දැන් සුද්දෝ අපේ රටට ආවේ නැති නම්, ඒ ක්‍රමය ඒ විදියටම තියේවිය කියා හිතන්න බෑ නේද? යම් කිසි වෙනසක් විය යුතුමයි!

    හැබැයි, 1848 කැරැල්ලේ දීත්, පුරං අප්පුලා උත්සාහ කළේ තව එකෙක්ව රජ කරන්න මිස ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නගන්න නොවෙයි. එහෙම දැනුමක් ඒ වෙනකොට ස්වාධීනව ඇතිවෙලා තිබිලා නෑ!

    ReplyDelete
    Replies
    1. නෑ මිත්‍රයා 8 වන හෙන් රි නොවෙයි. අටවන හෙන් රි කියන්නෙ දික්කසාද කේස් එකක් නිසා රෝමයෙන් එංගලන්තය ඉවත් කරගත් රජු. ඔහුට ඕන වුනා ඔටුන්න ගෙනයන්න පුතෙක්.ඒ සදහා තවත් විවාහයක් කරගන්න රෝමයේ පාප් වහන්සෙගෙන් ඉල්ලුවත් අවසර ලැබුනෙ නෑ. රජු එංගලන්ත සභාව පිහිටුවා තව කසාදයක් කරගත්තා.

      එංගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවුනේ දීර්ඝ පරිණාමයකින් පසු. එහි ආරම්භක අවස්ථාව 1215 මැග්නාකාර්ටා සම්මුතිය.මෙතන රසවත් කතාව එන්නෙ පළමුවැනි ජේම්ස් රජු දේව වරම්වාදය ඉදිරිපත්කිරීමෙන් පසු. රජුගේ බලය දෙවියන් වහන්සෙගෙන් ලැබුනක් නිසා මිනිසුන්ට එයට එරෙහිවිය නොහැකිබව ඔහු ප්‍රකාශ කළා. නපුරු රජෙක් පහලවුනොත් ජනතාව කළ යුත්තේ පල්ලියට ගොස් උනන්දුවෙන් යාඥාකිරීමයි. ජේම්ස් මහ ආඩම්බර කතා රැසක් කිව්වා. ඔහු වැපිරූ අස්වැන නෙළන්න සිදුවුනේ ඔහුගේ පුත් පළමුවැනි චාල්ස්ට. රදලයන් ඔලිවර් ක්‍රොම්වෙල් නම් නිර්භය රදලයෙක් යටතේ සංවිධානය වී රජුගේ හිස ගසා දැම්මා. ක්‍රොම්වෙල් බලයෙන් පහකරන්නට චාල්ස්ගේ පුත් දෙවන චාල්ස් සමත් වුනත් ඔහු පාර්ලිමේන්තුව කියන ලෙසට වැඩ කිරීමට එකඟ වුනා. අද එලිසබෙත් වින්ඩ්සර් මහත්මියගේ තත්වය ආරම්භ වුනේ එදා දෙවන චාල්ස්ගේ මෙම එකඟවීමෙන්.ඊට පස්සෙ බලය ටිකෙන් ටික අඩුවුනා.

      Delete
    2. 1848 වන විට යුරෝපයේ මිනිසුන් සමාජවාදය ගැන දැනුමකින් සිටියා. විවිධ සමාජවාදී ගුරුකුල පැවතියා. සමාජ විපරිණාමය ගැන ගැඹුරු සංවාද ඇථිවුනා. කාර්මික විප්ලවය නිසා සමාජයත් වේගයෙන් වෙනස්වෙමින් පැවතියේ. නමුත් ලංකාවේ ජනයා ඉතාම නිර්ලජ්ජිත ලෙස රජෙක් ඉල්ලලායි 1848 දි සටන් කළේ.
      සුද්ද ආවෙ නැත්නම් ලොකු වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි. නේපාලයෙ මෑතක් වෙන්කම්ම රාජාන්ඩුවක් තිබුනා. ලංකා සමාජය රාජාන්ඩුවාදී හා එසේ නොවන ලෙස දෙකට බෙදෙන්න ඉඩ තිබුනා. නමුත් ජනතාව සිතන පතන දේවල් අදට වඩා තදින්ම පසුගාමී වෙනව . මොකද වැඩවසම් ජීවමාන පොසිලයක් තිබෙන නිසා. අපේ බදුමුදල්වලින් රජපවුල නඩත්තු කරන්න වෙනව. රජු පෙරහැර කරයි.උත්සව වල මුලසුන දරයි. එක පවුලකට දක්වන මේ විශේෂත්වය ගැන ඉරිසියාවෙන් අපි කොමෙන්ට් කරයි. රජුවෙනුවෙන් මැරෙන්න ලෑස්ති ප්‍රජාවක් බිහිවෙලා තිබේවි. රජුගේ නාමයෙන් අධිකරණය හා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වේවි.

      Delete
    3. රසික ,

      "එංගලන්තෙත් එක රැයින් ප්‍රජාතන්ත්‍රවාදී වුනේ නෑ" හරියට හරි බොහෝදෙනා මෙය නොදන්නා දෙයක් Magna Carta (the Great Charter of the Liberties) ගිවිසුම ඇතිවුයේ 1215 වැනි ඈත අතීතයේ නමුත් මෙය පල්ලියේ ආරක්ෂාව සහ නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගැනීම වලකා ගැනීමට සිදුවූ අතර
      Oliver Cromwell විසින් කැරලි ගසන්නේ ඊට ශතවර්ෂ කීපයකට පසුයි 1648 Charles I රජු ව හිසගසා මරාදමනවා.

      අප පාර්ලිමේන්තු කතානායක වරයකු පත්කිරීමේදී මන්ට්‍රීවරු 2 නෙකු නව කතානායක තුමාගේ වම් අත සහ දකුණු අත බලෙන් මෙන් අල්ලාගෙන ගොස් කතානායක පුටුවේ ඉන්දවන්නේ බ්‍රිතාන්‍ය චාරිත්‍රයකට අනුවයි එනම් මුල්කාලයේ කතානායක වරු කීප දෙනෙක් රජු සමග විසංවාදයට යාම නිසා රජුවිසින් හිස ගසා මරාදමනු ලබනවා මේ නිසා කිසිවකු කතානායක වීමට කැමැත්තෙන් ඉදිරි පත් වෙන්නේ නෑ

      අද මහරැජින පනතකට අත්සන් නොකලොත් එය බ්‍රිතාන්‍යයේ නිතිය බවට පත් වෙන්නේ නෑ නමුත් මේ බලය වසර 200 න් පාවිච්චි කර නැත හේතුව රජුට ඔනලෙස වැදවටෙන මහජනයා හෝ බුද්දීමතුන් එරට නොසිටින නිසා!

      Delete
    4. ඔබ දෙපල දක්වා ඇති තොරතුරුවලට ස්තුතියි.

      Delete
  6. බුකියෙත් මේ ගැන සංවාදයක් ගියා මතකයි. එහෙම උනානං මෙහෙම වෙයි කියල ඕන පැත්තකට කරකවන්න පුළුවන් කේස් එකක් මේක. සමහර විට සුද්ද නාවනං මීට වැඩිය හොඳ තත්වයකට එන්නත් පුළුවන්කම තිබුන.(මිනිස්සුන්ගෙ නැගිටීම් තුලින් ස්වභාවිකව)

    ReplyDelete
  7. රාජ්,

    //සමහර විට සුද්ද නාවනං මීට වැඩිය හොඳ තත්වයකට එන්නත් පුළුවන්කම තිබුන.(මිනිස්සුන්ගෙ නැගිටීම් තුලින් ස්වභාවිකව)//
    පෙරදිග සංස්කෘතිය තුල පුද්ගල නිදහස කියන සංකල්පය ආගන්තුක දෙයක්. සුද්ද උනත් මෙසන්කල්පයට ලගාවීමට අකණ්ඩව වසර 500 වැඩි කලක් උත්සහ යක ප්‍රතිපලයක් ලෙස අපට මෙය ලැබුන.

    ශ්‍රී ලංකාවේ තිබුනේ වැඩවසම් යුගයක් රජු යනු දේවත්වයෙන් පුදනකෙනෙක්, එක රජෙකු ඉවත් කරන්නේ තවත් රජකු විසින් පමණයි.

    වැඩවසම් යුගයට එකම අබියෝගය සිදුවුනේ බුදුදහමෙන් එනම් සඟ සමාජය තුලින්, නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවන්ත වුනා මෙය රජුට තම රටේ ක්‍රියාත්මක කිරීමට බල නොකිරීමෙන්, එසේ බුදුරජාණන් වහන්සේ රජුට මෙය ක්‍රියාත්මක කිරීමට පෙලබුවනම් සිදුවන්නේ සමාජ විප්ලවයක් නමුත් බුදුදහමේ පණිවිඩය බොහෝදෙනාට නොලබියන්න තිබුන.

    ReplyDelete
  8. අම්මට සිරි , ටොයියෝ එක්කහු වෙලා මෙතන හැංගි හොරා පාටියක් ( කාලෙකින් දැක්කේ නැති මුණු මෙතැන) ... කියන්න නං දේවල් තියෙනවා ලිපිය ගැන .. එත් අපි ආවොත් නං ඉතිං පාටිය ක්‍රෑෂ් වෙයි. රොටිය කර වෙයි. මහින්දට හැංගි හැංගි බැනල මුළු මුළු වල ගන්න ෆන් කුඩු වෙයි. ... ඒ නිසා ඕනෙත් නෑ නේ ... රෙදි ගැලවිච්ච ටොයියන්ට දැන් පබ්ලිකලි ඇවිල්ල මුණ දෙන්න බැරි හින්ද නේ අහු මුළු වල රොක් වෙන්නේ... Toyiyaa's safe haven එකට අපි පනින්න ඕන නෑ නේ.... ඔන්න ඔහේ කොරගෙන යමල්ල :)

    ReplyDelete
    Replies
    1. යකෝ ඔහොම පැහෙන්න එපා බොල, වෙලාවක ගිණිකන්ද වගේ උඹව පුපුරයි. මේ අපි වගේ ආතල් එකේ ඉඳහන් හැක් හැක්...

      Delete
  9. මහසොහොන්
    සාදරයෙන් පිලිගන්නවා !

    ඉන්දික,

    පැරා ගේ බ්ලොග් එකේ දැමු මෙම link එක නියමයි!
    ජෙප්පො ආවනම් මේ "කෙටි කතාව" සත්ය කතාවක්ම වෙන්නත් තිබ්බ.

    http://yakaageadaviya.blogspot.com/2015/04/1971_61.html

    ReplyDelete