Tuesday, January 31, 2017

මෙහෙම කෑම තියෙද්දී ඇයි ක්රෝටන් කන්නේ ?


බොහෝ දෙනා දැන් ආහාර අහේනියට මුහුණ දෙන හැටි කියාදෙනවා රටේ බලදාරීන් ජනතාවට කොස්කොල ක්රෝටන් කොල කෑමේ වැදගත්කම ගැන කියනවා.

නමුත් කියන්න කනගාටුයි මේ රටේ ඉන්න මිනිසුන් මෙරටේ වැවෙන ඉතා ඉහල පොෂගුණයෙන් යුත් ආහාර හදුනන්නේ වත් නෑ.

ඒවා පිලියල කිරීමටත් විවිධ ක්‍රම තියනවා. පසුගිය කාලයේ තිලක් කන්දේගම මහතා අන්තර්ජාලයේ පළකර තිබුන තොරතුරු සහ ඔහුගේ ගොවිපලට කතාකර ඔහුගේ පොත පත ගෙන්වාගත් මම ගෙදරදී තරමක පර්යේෂණයක් කලා.

කෘෂිකර්මයට කිසිම සම්බන්දයක් නැති අගනගරයේ ජිවත් වන මට උවමනා කලේ කිසිම රසායනික පොහොරක් නොමැතිව ආහාර වගා කළහැකි දැයි බැලීමට මේසදහා වෙලදපොලේ (කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බිජ) මිලදිගෙන ගෙවත්තේ ඉන්දවා පලදාව කෙසේදැයි බැලීමයි මට උවමනා කලේ.

මිට හේතුව මම නිරීක්ෂණය කළා වල්පැලෑටි නිරෝගිව වැඩෙන බවත් මම ඉතා ආයාසයෙන් රෝපනය කල බිජ සතුන් කාදැමීම සහ විවිද රෝග නිසා මියයාම සිදුවුනා, මෙය අවුරුදු කිපයක් මා නිරීක්ෂණය කළා.

පසුකලකදී තමයි මෙහි ඇති රහස මම තේරුම් ගත්තේ (කනගාටුවට කරුණ නම් කෘෂි කර්මය  ගැන කප් ගසා ඇති උත්තමයන් ටත් මෙම රහස හරි හැටි වැටහී නෑ ) මෙය තේරුම් ගැනීමට බටහිර මාද්‍ය සහ තිලක් කන්දේගම වැනි දේශීය වියතුන් ගේ දැනුම මම ලබාගත්ත.

දැන් මම කිව්වා මම වෙළදපොලෙන් බිජ මිලදීගෙන ගෙවත්තේ රෝපණය කල බව, නමුත් පලදාවක් නොලැබුන බව, ඔබ මෙහිදී මතක තියාගන්න ඕනේ මම කිසිදු ලෙසක පොහොර දැමීම හෝ දිනපතා සාත්තු කිරීම නොකළ බව (මම ගතකරන ජීවිතය අනුව එහෙම කරන්න මට අපහසුයි ) මෙනිසා කෙනෙක් කියයි රසායනික පොහොර නැත්නම් අඩුගානේ කාබනික පොහොර වත් උවමනා බව.

නමුත් ඔබ නිකමට කල්පනා කලාද වල්පැල වේගයෙන් බෝවෙන්නේ ඇයි කියල බ්ලොග් ලොවේ කප් ගසා ඇති සරසා තුමා http://mallepol.blogspot.com/2017/01/blog-post_29.html
කිඹුල්වැන්න ගැන කියල තිබුන.

දැන් මගේ ප්‍රශ්නය ඇයි මේ වල්පැල සාර්ථකව වැවෙන්නේ සහ ඇයි අපේ එළවලු එහෙම වවන්න බැරි ? රහස ඇත්තේ බිජ වලයි, දැනට දශක ගණනාවක සිට අප බිජ ගෙන්වන්නේ වාණිජ සමාගම් මහින්, කියන්න ලැජ්ජයි මෙරටේ කෘෂිකර්ම අමත්යන්ශයත් එක්කෝ බිජ කෙලින්ම මෙසමාගම් මගින් ගෙන්වනවා නැත්නම් බිජ ප්‍රව්ර්දනයට යම් විදියකින් මේ සමාගම් වල සහය ගන්නවා. මෙනිසා මේ සමාගම් වගබලාගෙන තියනවා කෘමිනාශක, රසායනික පොහොර වලින් තොරව මොන විදියකින් වත් පලදාවක් ලබාගැනීමට නොහැකි තත්වයට පත්කරන්න.

මම ඉහත පර්යේෂණය කලේ වෙන මොකවත් නිසා නෙමෙයි 1980 දශකයේ මට මතක තිබුණ මගේ මිත්තනිය ගෙවත්තේ සුළුවෙන් වගා කරනවා මේ සදහා කිසිදු සැලකියයුතු පොහූරක් නොදැමූ බව මට හොදට මතකයි, නමුත් විශාල පලදාවක් ලැබුන. දැන් වසර ගණනක් අසාර්ථක වීමෙන් පසු මම තිලක් ගන්දෙගම මහතා සහබාගිවු වැඩසටහන් https://www.youtube.com/user/ANTSSHOWTUBE/videos
බැලීමෙන් පසු තේරුම් ගත්ත දේශය බිජ පාවිච්චි කලොත් මට මිට වෙනස් ප්‍රතිපල ගන්න පුළුවන් වෙනු ඇති කියා.

ඉතා අපහසුවෙන් දේශීය බිජ සොයාගැනීමට මට හැකි උනා. මම ඇත්දල  බණ්ඩක්ක, වදුරු මෑ, ගොරක තක්කාලි වැනි කීපයක් වවන්න බැලුව නමුත් මම කිසි විටකත් පොහොර දැම්මේ නෑ. වල්පැල අතර කිසිම පිළිවලක් නැතිව වැවීමයි මම කලේ Masanobu Fukuoka ගේ  වගා ක්‍රමයක්


මම මේ ක්‍රමේ ගැන ඉතාම පැහැදුනේ කිසිම නඩත්තුවක් කිරීමට උවමනා නොවීමයි (හේ හෙ මගේ කම්මැලි කමට මේ අපුරු ක්‍රමය ඉතා හොදින් ගැලපුනා ) කෙසේ වෙතත් මෙම ක්‍රමය ඉතා සාර්ථක උනා.

ඔබ ඔයමුල්ම පින්තුරයෙන් දකින්නේ මගේ වදුරු මෑ ගසේ පලදාවයි.

වදුරු මෑ :-

මෙය අධික ප්‍රෝටීන් තිබෙන කරලක් මේවා නිකම් ම උයන්න බෑ මුලින් මේවයේ ඇට තැම්බෙන තුරු විනාඩි 15ක් පමණ උනුවතුරේ තම්බන්න ඕනේ ඉන්පසු කෑලි කපා උයන්න පුළුවන්. මෙහෙම කරන්න  හේතුව මෙහි ඇති අදික ප්‍රෝටීන් විනාශ කිරීමටයි. (ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් ශරීරයට අහිතකරයි, සමහරුන්ට කරකැවිල්ල වගේ එනවා) අධික ප්‍රෝටීන් මාත්‍රාවක් ශරීර ගත උනහම  එය අහිතකරව බලපාන නමුත් මේ ආහාරය නිසි පරිධි පිලියල කල විට හරියට කජු මළුවක් වගේ තමයි, ඉතා ඉහල ගුණයෙන් යුක්තයි.

වදුරු මෑ විතරක් නෙමෙයි තව ආහාර ජාති විශාල ප්‍රමාණයක් මේ රටේ තියනවා.

පහත දැක්වෙන්නේ වදුරු මෑ සිංහල වෙදකමේ සහ ආහාර සදහා  පාවිච්චි කරන ආකාරයයි
https://www.facebook.com/permalink.php?id=1034095046673577&story_fbid=1034304659985949

http://dkjayathilaka5.blogspot.com/2015/10/blog-post.html

http://www.charmsandcureslanka.lk/index.php?option=com_content&view=article&id=161%3A-18-&catid=44%3Avedapoth-cat&Itemid=258&lang=si&showall=1

http://anyflip.com/idnf/yfcz/basic

අවසාන ලෙස අපේ රතන ස්වාමෙන් වහන්සේ ගැන කියන්න ඕනේ උන්වහන්ස් ට අමතක කල වැදගත්ම දෙයක් තමයි දේශීය බිජ එහෙම නැතුව කාබනික පොහොර නෙමෙයි වැදගත්ම සන්ගටකය, මේවා ගැන උනන්දු වී මේ කෘෂිකර්ම විප්ලවයට තිලක් කන්දේගම වැනි මහතුන් සම්බන්ද කරගත්තනම් වටිනවා .

මගේ ප්‍රශ්නය සහ ඉල්ලීම වෙන්නේ හාමුදුරුවනේ දේශීය බිජ ගොවීන්ට ලබාදුන්නද එහෙම නැත්නම් ඉට වැඩපිළිවලක් තියනවද ?


Saturday, December 3, 2016

වසර 2020 සර්වජන චන්ද බලය කෙසේ සංවිදානය විය යුතුද ?



සැලකිය යුතුයි :- පහත දැක්වෙන්නේ හුදු පරිකල්පනයක් බව කරුණාවෙන් සලකන්න.

"ප්‍රජාච්න්ට්‍රවාදය" යනු Democracy වචන්නයේ සිංහල අරුතයි, මෙහි ඉතිහාසයට ග්‍රීසියේ ඇතෑස්  නුවර දක්වා දිවෙනවා, මුලින් රටේ මහජනයා විශාල ස්තානයකට එක්කාසු වී තමන්ගේ නියෝජිතයන් තෝරාගැනීමයි සිදුවෙන්නේ, මෙහිදී මේ තෝරාගත් නොයෝජිතයන් විසින් තාමා නියෝජනය කරන ජනතාවගේ අබිමතය පරිදි තමතිරණය පර්ලිමෙන්තුවට දන්වන අතර මෙහිදී සිදුවන්නේ වැඩිදෙනාගේ උවමනා එපාකම් අනුව රට පාලනය වීමයි.

ලොව සියලු දෙය කල්යාමේදී වෙන්නස් වීමට ලක්වනවා යන නියාය සපත කරමින් සිදුවුයේ මුදල් සහ බලය ඇති මිනිසුන් විසින් මේ නියෝජිතයන් මිලදී ගැනීමයි, මෙම ක්‍රියාවලිය තරමක කැත වැඩක් උනත් එය ලස්සනට කිරීමට ඇමරිකාව යොදාගන ඇති නම්බුකාර වචනය "Lobbying"  එනම් මෙම වැඩපිළිවල තුලදී අදාළ මන්ත්‍රීවරුන්ට තමන්ගේ නමින් විවිද පදනම් පිහිටවන්න හැකිවූ අතර එම පදනම් මාර්ගයෙන් නම්බුකාර ලෙස අල්ලස්  ලබාගැනීමට  පහසුකම් සැලසී  ඇත.

මේ තත්වය ඉතා දියුණු අවදියක ශ්‍රී ලංකාව කියන රට පවතී.

මෙහිදී ජනතාවට උපරිමයෙන් බොරුකියා චන්දය ගෙන බලයට පත්වන මිනිසුන් තමා හට බලය දුන් ජනතාව සත පහකට මායිම් නොකර කරන සෙල්ලම ගැන අටුවා ටීකා උවමනා නැත.

අනාගතය ගැන ප්‍රබන්දය ආරම්භ වන්නේ මෙතැන් සිටයි.

දැන් අපි බලමු ග්‍රීසියේ ඇතිවූ තත්වය ජනතාවගේ වාසියට හරවන්නේ කෙසේද කියල, හිතන්න ඔබට ජනතා නියෝජිතයන් ඉවත්කිරීමේ බලය වසර 5කට වරක් නොව හැම මසකම  තියනවයි කියල මෙවැනි ක්‍රමයක් ප්‍රායෝගිකව සිදුකිරීමට තක්ෂණය අද වනවිට ලෝකයේ තිබෙන බව තේරුම් ගැනීමට ඇති සරලම නිදර්ශනය බැංකුවල ATM යන්ත්‍රයයි, මෙහිදී මිනිසුන් ලක්ෂ ගණන් තම බැංකුවල තන්පත් කර ATM මගින් විශ්වාෂනිය ලෙස මුදල් ඉවත් කරගැනීමට පහසුකම් සලසා ඇත, ඔබ හිතන්න ඔබට ඔබේ ජනතා නියෝජිතයා ඉවත් කිරීමට මෙවැනි ATM යන්ත්‍රයකින් හැකිය කියල අපේ ලෝකය කොතරම් වෙනස්වීමකට ලක්විය හැකිද ?

එනම් සෑම මසකම ජනතාවට තම නියෝජිතයා තවදුරටත් තබාගත යුතුද නැද්ද යනවග පහසුවෙන් ATM කාඩ් පත යොදා චන්දය දුන් වහාම වැඩිම මනාප ප්‍රමාණයක් ඇති පුද්ගලයා ඊලග මාසයේ බලයට පැමිණෙනවා නම්, ජනතා නියෝජිතයන්ට සිදුවෙනවා උපරිම සේවයක් තම චන්ද දායකයන්ට ලබාදීමට.

දැන් පනත් සකස්කිරිමටත් මේ ආකාරයේ ක්‍රියාවලියක් යොදාගන්න පුළුවන්, ඔබ හිතන්න https://en.wikipedia.org/ අඩවියට තොරතුරු එක්කරන විට කිසියම් අදහසක් විශාල පිරිසක් අතින් සම්මත වුනහම අදාළ අඩවියේ පිළිගත් තොරතුරක් බවට පත්වෙනවා, මේ ආකාරයට පනතක් සම්මත වීමේදී විශාල පිරිසක් එකගවන අදහස නිතිය බවට පත්කිරීමේ ක්‍රියාවලියක් සිදුවුනානම් ජනතාවට වැඩිම ප්‍රතිලාභ නොලැබී යයිද ?

මෙහිදී කෙනෙකු අසයි එහෙනම් ජනතාවට අවාසි සහගත බදු පනත් සම්මත කරගන්නේ කොහොමද ? සහ ජනතාව ගේ සුභ සාදනයට අදාළ දේ දිගින් දිගටම ජනතාව යෝජනා කලොත් ඒවා නිසා රට බංකොලොත් විම වලකා ගන්නේ කොහොමද? කියන කාරණය

මෙහිදී ද අරමුදල් සම්පාදනයට ක්‍රම යෝජනා කළහැකි අතර මේවා සදහාද මිනිසුන්ට තම කැමැත්ත අකමැත්ත පලකිරීමට අවස්තාව දීම මගින් ජනතාව කැමති අවම අප්‍රසාදයක් සහිත ක්‍රම වලින් මුදල් සම්පාදනය කළහැකි වනු ඇති (අරමුදල් සම්පාදනය කිසිවිටකත් ජනතාව කැමති නෙවන ක්‍රියාවකි )
මෙහිදී කිසියම් යෝජනාවක් සදහා

උදාහරණ දඩමුදල් 25000 කිරීම මහින් අරමුදල් සම්පාදනයට කැමති කවුදැයි ඇසුවහම
5000 ක පිරිසක් මිට කැමති වන අතර 500000 පිරිසක් අකමැති කියල කියමු
ජනතාවගේ ආදායමේ ලක්ෂය ඉක්මවන සියලු දෙනාගෙන්ම රුපියල් 5000 ක් අයකිරීම සුදුසුද කියන ප්‍රහ්නයේ දී
100000 අකමැති වෙද්දී 80 000ක් කැමති වනවා නම්

අඩුම අප්‍රසාදය ඇති යෝජනාව ක්‍රියාවේ යොදවන්න පුළුවනි.

මේ ආකාරයේ ක්‍රමයක් ආරක්ෂා කරිව ක්‍රියාවේ යොදවන්න හැකිනම් ඉදිරි අනාගතයේ බහුතරයකගේ සුබසිද්දිය සිදුකර ගැනීමට හැකිවෙනු ඇති.

සැලකිය යුතුයි :- මෙහි සදහන් සියල්ල බුද්ධිමත්ව බැලුවොත් ක්‍රියාත්මක කළහැකි නොවේදැයි කල්පනා කර බලන්න                    

Wednesday, November 16, 2016

ජන මාධ්ය අයිති කාටද?








ඉහත සදහන් වාර්තා වැඩසටහනින් පෙන්වා දෙන්නේ 1980 දශකයේ ඇමරිකාවේ ජනමාද්‍ය සමාගම්  50 වූ ප්‍රමාණය   2016 දී 6 ට සිමා වීමයි.
මේ 6ය The Big Six ලෙස හදුන්වයි එනම්

01. The Walt Disney Company
02. 21st Century Fox
03. Time Warner
04. CBS Corporation
05. Comcast
06. Viacom

අද ඇමරිකාව පමණක් නෙමෙයි ලෝක ජනමාද්‍ය පාලනය කරන්නේ මේ විශාල බුවල්ලන් රැලයි. නමුත් කලුවලාකුලක අදිනලද රිදී රෙකාවක් වගේ අද වනවිට සමාජ මාද්‍ය බලවත් වෙලා තියනවා.

මෙනිසා කිසිම චාරයක් නැති බොරුකාර ගැහැනියක් කාන්තා අයිතීන් රකින මුර දේවතාවියක් ලෙසට පෙන්වීම සුළු දෙයක්




ඉහත පෙන්වන්නේ දුෂණයට කළවු ලාබාල දැරියක් අධිකරණයට ගෙන ආවිට අදාළ චුදිතයා වෙනුවෙන් බොරු චෝදනා කර අදාළ දැරියව මානසිකව වට්ටපු හිලරි ක්ලින්ටන් කියන නීතිඥ වරිය කරපු දෙයයි.

මෙවැනි අදුරු අතීතයක් ඇති මේ වන්චාකාරිය 90% වැඩි චන්දබලයකින් ජනපති වනබව කිව්වේ ඔයකියන මාද්යයි.

මේවා අහන අපේ රටේ මෝඩ සිරත් කියනවා කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති වීම තමන් පියෙක් ලෙස සතුටු වෙනබව, බටහිර මාද්‍ය පෙන්වන ඕනෑම බොරුවකට උඩුබුරන අපේ රටේ මෝඩ ආප්ප සිරා වගේ සතපහකට වැඩක් නැති මිනිසුන් මේවා තේරුම් නොගත්තට ඇමරිකාවේ මහජනයා මේවා තේරුම් ගෙන ඉවරයි.

   


Sunday, November 13, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය නොහොත් ජනමාධ්යේ (ජඩ මාධ්යේ ) ප්‍රෝඩාව ලොවට ප්‍රදර්ශනය වීම



පසුගිය ඇමරිකානු මැතිවරණයේ සියලුම ජනමාද්‍ය පාහේ කිව්වේ හිලරි ක්ලින්ටන් ජයගන්නා බවත් ඩොනල් ට්‍රම්ප්  කිසිදු තරගයකින් තොරව පරදින බවත් යන කාරණයයි.

මෙසේ කියනලද්දේ ඉතා දියුණු විශ්ලේෂණ හැකියාවක් ඇති විද්‍යාවෙන් පර තෙරට ගිය ජනමාද්යක් විසින් බව අමතක කලයුතු නෑ. අද සිදුවී ඇත්තේ කුමක්ද? සියලු ජනමාද්‍ය බොරුකාරයන් වී ඇති බව නෙමයිද ?

හිලරි ක්ලින්ටන් 90% ට වඩා චන්ද ගනීවි යයි කියන මාද්‍ය දැන් කියන්නේ කුමක්ද ?





අද අප ජිවත්වන සමාජයේ අපගේ උවමනා එපාකම් නිර්මාණය කරන මුලිකම ආයතනය වන්නේ ජනමාද්යයි, හාස්‍ය ජනක කරුණ නම් රටේ මහජනතාව ජනමාද්ය තමන්ගේ මොලය සොදනබව නොදැන සිටීමයි. පසුගිය සතියේ ඇමරිකාවේ සිදුවුනේ ලෝකය ඉදිරියේ මෙම ක්‍රියාවලිය නිරුවත්විමයි.

මා මෙම අඩවියේ මින් පෙර පහත මාතෘකා පිළිබද සාකච්චා කර තිබෙනවා
01. ඔවුෂධ මාෆියාව
02. වසවිස ආහාර වලට දැමීම පිලිබදව (කෘමිනාශක වෙළදාම )
03. දොස්තර වරුන් ජනතාව සූරාකන ආකාරය පිලිබදව
04. දෙසපලන්නයන් ජනතාව රැවටීම පිලිබදව

යන මුලික මාතෘකා පිලිබදව මා සාකච්චා කර තිබෙනවා මේ සියලුම අංශවලට බලපාන මහපොදු සාදකයක් තියනවා එනම් රටේ ජනමාද්යි.
ඔබ සරලව සිතන්න, අපගේ මතයක් තියනවා නවීන විද්‍යාව නිසා මිනිසාගේ ජිවන තත්වය දියුණුවූ බවත් මිනිසුන් වැඩි කාලයක් ජීවත්වීමට නවීන වෛද්ය විද්යාව ඉවහල් වු බවයි නමුත් අපි කීදෙනෙක් මේ අදහස අපට ලැබුනේ කොහොමද කියල බලල තියනවද ?

ඔබ හිතන්න ආසියාවේ ආයු අපේක්ෂාව 1900 දී අවුරුදු 28 පමණ බවයි පවසන්නේ (https://ourworldindata.org/life-expectancy/)
නමුත් මෙම තොරතුරු කොපමණ නිවැරදිද? මෙය කියවන අය තම දෙමාපියන් ගෙන් තම මුතුන්මිත්තන් ගැන ඇසුවොත් අවම වශයෙන් ඔවුන් අවුරුදු 80ට වඩා වැඩි කාලයක් ජීවත්වී ඇතිබව සොයාගන්න පුළුවන් වනු අති මෙය ලියන මගෙත් මුතුන්මිත්තන් අවුරුදු 89 වැනි දීර්ග කාලයක් ජිවත් වී තිබෙනවා.
හදිසි අනතුරකට ලක්වී නැත්නම් දීර්ග කාලයක් බොහෝ ශ්‍රී ලංකා වාසින් ජීවත්වී තිබෙනවා.

නමුත් අද සිදුවී ඇත්තේ කුමක්ද ? අපට මාද්‍ය මගින් අපේ මොළ සෝදා අපට අදහසක් දමා තිබෙනවා අපේ ආයු අපේක්ෂාව වැඩිවීමට හේතුව නවීන විද්‍යාව බව, පසුගිය ශතවර්ෂයේ මිනිසුන්ගේ ආයුෂ වර්දනය උනානම් එය සිදුවී ඇත්තේ මිනිසුන් හොද සනීපාරක්ෂක පුරුදු අනුගමනයට හුරුවූ නිසා බව අවිවාදිතයි.

නමුත් අද කාලයේ අප සියලු දෙනාටම පාහේ ඇති දියවැඩියාව දැනට ශතවර්ෂ බාගයකට පෙර අප සමාජයේ අද තිබෙන පරිමාණයෙන් නොතිබූ බව බොහෝදෙනා නොදන්නා කාරණයක්, දියවැඩියාව ගැන කිව්වහම දැනට වසර 50 ට පෙර විවාහයක් කර ගැනීමට පෙර යම්විදියකින් පවුලේ කෙනෙකුට දියවැඩියාව තියනවනම් එම පවුලෙන් විවාහයක් නොකරගැනීමට පවා පැරැන්නන් පරිසම් වී තිබෙනවා, පැරණි විවාහ සිරිත් විමවුවහම ඔබට මේබව තේරුම් ගන්න පුළුවන්.

          අද වනවිට අප බොහෝදෙනා ට දියවැඩියාව පමණක් නෙමෙයි වකුගඩු රෝගත් බහුලයි, මිට හේතු ගැන විමසීමේදී  කෘමිනාශක නිපදවන සමාගම්වල
විද්යාඥයන් පවසන්නේ නිපදවන කෘමිනාශක වලින් මිනිසාට බලපෑමක් සිදුනොවන බවත් මෙසේ රෝග ඇතිවීම විද්යාත්මකව ඔප්පු කර නොමැති බවයි, ඉහත පණිවිඩය ලොව පුරා වපුරන්නේ ඉහත කි ජනමාධ්‍යයි. මෙය ඇමරිකාවට පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවටත්  පොදුයි මම පෙර ලිපියකින් වික්ටර් අයිවන් ගැන කිව්වෙත් මේ ටිකම තමයි.

අද වනවිට ලෝකය පුරාම ජනමාද්‍ය වල විශ්වාසනීයත්වය දියවී ගොස් තිබෙනවා, මිනිසුන් තේරුම් ගතයුතු වැදගත් දෙයක් තිබෙනවා එනම් ජනමාද්යත්, ඔවුෂධ නිපදවන සමාගමුත් කෘමිනාශක නිපදවන සමාගමුත් ආයුධ නිපදවන සමාගමුත් එකම පුද්ගලයන් සමුහයක් අතේ පවතින බව, මෙය සිදුවන්නේ විශාල සමාගම්වල නම්වලට මුවා වෙලා අදාළ සමාගමේ කොටස් මිලදීගැනීම තුලින්, මිනිසා දොස්තර වරුන් නියමකරන ඔවුෂධ මහින් වන හානිය ජනමාද්‍ය මගින් ප්‍රචාරණය කරන්නේ නෑ.

මෙයට දැනගැනීමට සරලම උදාහරනන 2014 අගෝස්තු මාසයේ ලෝක ප්‍රසිද්ද (Centers for Disease Control and Prevention) ආයතනයේ දොස්තර විලියම් තොම්සන් පවසනවා MMR වැක්සිනය නිසා කුඩා දරුවන්ට ඔර්ටිසම් නමැති මාසික රෝගය වැළදීමට 360% අවදානමක් ඇති කරන බව හෙළිවූ පර්යේෂණයේ තොරතුරු ඔවුන් සැගවූ බව.


මෙය කොන්ග්‍රස් සබාවට පවා ඉදිරිපත් වුනා

නමුත් අදවනතුරු කිසිම සද්දයක් නෑ .

ඔබ සිතන්න මේ පුවත ලෝක ජනමාද්‍ය තුල විශාල ආන්දෝලනයක් ඇතිවියයුතු පුවතක් විය යුතුව තිබියදී කිසිම පිළිගත් ජනමාද්‍ය ආයතනයක් මේ අනාවරණය සදහා දායක උනේ නෑ.

ශ්‍රී ලංකාව වගේ නෙමෙයි ඇමරිකානු ජනතාවත් බ්‍රිත්න්යේ ජනතාවත් ලොව බිහිවී ඇති සමාජ ජාල පිලිබදව අවදියෙන් සිටිනවා මේ නිසා ප්‍රධාන ජනමාද්‍ය කුමක් කිව්වත් ඔවුන් පිළිගන්නේ නෑ බ්‍රිතානයේ පවත්වන ලද Brexit මතවිමසුම පිලිබදව ජනමාද්යේ පළවූ කිසිවක් ජනතාව ගණන් නොගත්ත වගේම පසුගිය ඇමරිකානු මැතිවරණයේදී ජනමාද්‍ය පවසන ලද තොරතුරු ගණන් නොගැනීමට මහජනතාව තේරුම් ගෙන තිබෙනවා.

මෙනිසා තමයි මහජනයා සමාජ මාද්‍ය පිලිබදව විශ්වාසය තැබීමට පුරුදු වී තිබෙන්නේ. අද හොලිවුඩයේ කුඩා දරුවකුට වැක්සින් ලබාදීම අවම වී තිබෙන්න ඉතා උගත් දැනුවත් මිනිසුන් අනතුර පිළිබද මනා දැනුවත් වීමක් සිදුකර ඇති නිසයි

(http://www.theatlantic.com/health/archive/2014/09/wealthy-la-schools-vaccination-rates-are-as-low-as-south-sudans/380252/)

ශ්‍රී ලංකාවේ ජනමාද්‍ය තුලත් මේ ඇන්ඳීම අපුරුවට සිදුවෙනවා උදාහරණ සිරස සටන වැනි වැඩසටහන් වල සටන්පාට කියමින් බලන මිනිසුන් ගොනාට අන්දවමින් අපුරුවට මේ වංචාව කලත්, මහජනයා සමාජ ජාල තුලින් මේ වැදගත් විෂයන් පිළිබද අදහස් හුවමාරු කරන මට්ටමට පැමිණ නැති නිසා මේ රැවටීමට නැවත නැවත හවුවිමට සිදුවෙනවා.      

Monday, September 19, 2016

ආයුර්වේදය වසා දැමිම සහ ජනමාද්‍ය නිහඩ බව



ආයුර්වේදය වසා දැමිම සහ ජනමාද්‍ය නිහඩ බව.

දැනට ආයුර්වේදය  වසා දමා දින 5 ක් ගතවී ඇත නමුත් රටේ ජනමාද්‍ය මේ පිලිබදව මතුකලයුතු විරෝදය මතු කරන බවක් පෙනෙන්නට නැත.

මට මතකයට එන්නේ නාරද බක්මීවැව මෑතකදී කල දේශනයයි



එහිදී ඔහු පෙන්වා දෙන්නේ මාද්‍ය විසින්කරන මේ ජඩ පිළිවෙත ගැනයි, නැවත මාතෘකාවට හැරුනොත් මෑත කාලයේ ආයුර්වේදය තුල සැලකියයුතු දිවුනුවක් දකින්ට තිබුණි මෙනිසා බටහිර වෙදකමින් සුවකළ නොහැකි බොහෝ රෝග සදහා පිළියම් ලබාගැනීමට ජනතාවට අවස්තාව ලැබුණි. පසුගිය වසර 5 තුල ආයුර්වේද බෙහෙත් ශාලා වර්දනය වූ අතර දේශීය පුද්ගලික බෙහෙත් ශාලත් වේගයෙන් වර්දනය වුනි. මෙනිසා මෙම දේශීය වෙදකම තුලින් විශාල පිරිසක් සහනය ලබමින් පැවතුනා.

සමාජය තුල මතයක් පැවතුනා දේශීය වෙදකමට යොමුවෙන්නේ දිළින්දන් පමණක් බව නමුත් මෑත කාලයේ බටහිර වෙදකම නිසා සංකීර්ණ තාවයට පැමිණි බොහෝ දනවතුන් පවා දේශීය වෙදකම වෙත නැබුරු වීමත් එයින් විශිෂ්ට ප්‍රතිපල ලබාගැනීමත් සිදුවුනා.

මේ ජනප්ප්රියතාවයට මුලික හේතුවක් උනේ දේශීය වෙදකමට උවමනා අරිෂ්ට සහ බොහෝ තෙල් වර්ග  ආයුර්වේදය සංස්ථාව නිපදවීමත් ඉතා අඩුමිලට මිලදීගැනීමේ පහසුවත් යන කාරනා දෙකයි.

අද සිදුවීම් ජාලය ගැන බලමු https://goo.gl/XrF1su{ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකාරීත්වය හා සේවකයින් අතර දින කිහිපයක් මුළුල්ලේ පැවැති අර්බුදය දිග්ගැස්සීම නිසා අද (15) පෙරවරුවේ සිට එම සංස්ථාව දින නියමයක් නොමැතිව වසා දමා ඇත.  }

මේ සිදුවී ඇත්තේ කුමක්ද ? බැලුබැල්මට මෙය සේවක අර්බුදය නිසා වසාදැමීම සිදුවී ඇතිබව කිව්වත් මෙය සිදුවී ඇත්තේ රාජිත සේනාරත්න නම් ඇමතිවරයා  විසින් කරන ලද සැලැස්මක ප්‍රතිපලයක් බව මේගැන විමසුම් නුවනින් බලන විට පෙනී යයි.

ඔබට මතකද බලයට පැමිණීමට පෙර ඔවුෂද ප්‍රතිපත්තිය මගින් මිල අඩුවෙන බව කිව්වා දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? අද තිබුනට වඩා මිල වැඩිවී ඇත.

මම මෙයට මෙවැනි කපටි මිනිසුන්ට චෝදනා නොකරමි මිට මුලික හේතුව නිද්‍රාශීලි මෝඩ ජනතාවයි.

හැකිනම් මේගැන වඩා සොයාබලා අන්තර්ජාලය ඔස්සේ ඔබේ විරුද්දතාවය පලකරන්න.        

Tuesday, September 13, 2016

දක්ෂ දරුවන් සදහා රැකියා ඇතිකරන්නේ කෙසේද ?

අද ඉතා කාර්ය බහුල දිනයක් උනත් පහත කෙටිලිපිය ලිවියයුතු යයි සිතුනා මෙහි ඇතුලත් තොරතුරු මෙය කියවන අයත් සොයාබලා මේ නැගණියට කළහැකි උපකාරයක් කරයි කියල හිතනවා.

http://lankanewshits.net/sinhala/?p=20969

කරුණාකර ඉහත තොරතුරු මේ නැගනියව අපහසු තාවයට පත්කිරීමට යොදානොගන්නා ලෙස ඉල්ලා සිටිමි.

මුලින්ම කිවයුතු දේ මෙතුමියගේ දක්ෂතාවය අනුව ඉංග්‍රීසි දැනුම ඇත්නම් තමන්ටම ඉතා ඉහල ආදායමක් ලබාගැනීමට හැකි වීමයි. කනගාටුවට කරුණ ඔවුන්ට මේ හැකියාව නැති වීමයි.

මම මෙය බලද්දිම මට ඇතිවුන අදහස තමයි අද ලංකාව පුරා විදේශ වලට මෙවැනි සේවා සපයන ආයතන තිබෙනවා මෙම ආයතන වලට කළහැකි දේ තමයි තමන්ට කිසියම් ඇනවුමක් ලැබුනහම මෙවැනි දක්ෂ අය ලවා කරවා ඉතා සාදාරන මුදලක් ගෙවීම.

උදාහරණයක් ලෙස මැය සදහන් කරනවා ඇය LOGO Design කරන බව ඉතා ඉහල තත්වයේ  LOGO එකක් සදහා විෂාල මිලක් අයකරනවා.
මම කලකට පෙර මගේ විදේශීය ගනුදෙනු කරුවකුට මෙවැනි LOGO එකක් ඩොලර් 70 වැනි මුදලකට මගේ මිතුරෙකු ලවා කර දුන්නා
මගේ ගනුදෙනු කරු ඉතා තෘප්තිමත් උනා එහි තත්වය ගැන.

ප්‍රශ්නය මෙවැනි දේ විශාල ලෙස ලැබෙන්නේ නෑ හැමවිටම (සමහර විට මම මේ අංශය ගැන වැඩි සෙවීමක් නොකළ නිසා මම නොදන්නවා වෙන්න පුළුවන් )

නමුත් විශාල ආයතන මෙවැනි දක්ෂතා ඇති අයට මෙවැනි වැඩ කීපයක් සාදාරන මුදලකට ලබාදිය හැකිනම් ඉතා වටිනවා. මෙහිදී ඔවුන්ට නිත්‍ය රැකියාවක් නොලැබුනත් මෙවැනි ක්‍රමයකදී මෙවැනි දක්ෂතා ඇති දරුවන්ට අත දීමක් වෙනවා.        

Sunday, August 14, 2016

ඔබේ ආහාරය ගැන දැනුවත් වියයුත්තේ කෙසේද ?



බොහෝ කලකින් ලිපියක් ලියන්න බැරිඋනා, අදත් ලිපියක් ලියන්න මට අදහසක් නොතිබුනත් පහත ලිපිය නව ලිපියක් ලිවීමට පෙළබිම සිදුකලා

 http://www.divaina.com/2016/08/14/nimna01.html

මට ඔබට කියන්න උවමනා කලේ හාත්පසින්ම වෙනස් කතාවක් මිට මුලබිජය සැපයුනේ ලිපියේ අවසාන චෙදයයි.

"මම ඇමරිකාවේ පදිංචි වෙලා හිටියත් ගමේ විදියට තමයි, එහේ ජීවත් වෙන්නේ. ගෙදරට අවශ්‍ය එළවළු අපි වගා කරගන්නවා. බණ්‌ඩාක්‌කා, වැටකොළු, පතෝල, ලීක්‌ස්‌, කොළ වර්ග, වට්‌ටක්‌කා, පුහුල්, ආදිය වගා කළා. මම තාම කන්නේ ගමේ කෑම. හවස වැඩට ගිහින් ආපු ගමන් යන්නේ එළවළු කොරටුවට. ආචාර්ය තිලක්‌ කුමාර මුදලිගේ කීවේය."

මෙය කියවන බොහෝ අය සිතන්න පුළුවන් මොනතරම ඉහලට ඉගනගත්තත් මේ ඉන්නේ තවත් බයියෙක් නේද  කියල, නමුත් මගේ කාතාව පටන්ගන්නේ  "ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය" කියන ආයතනය කියන්නේ මොකද්ද කියල සරල පැහැදිලි කිරීමක් කිරීමෙන්,
මෙය තමයි සරලව U S Food and Drug Administration නැත්නම් FDA ලෙස සදහන් වන්නේ, ලෝකයේ පවතින අති නවීන ත්ක්ෂනයත් ලෝකයේ දක්ෂම මිනිසුන්ගේත් එකතුවක් තමයි  FDA කියන්නේ, ප්‍රශ්නයකට තියෙන්නේ ලෝකයේ බලවත්ම සමාගම් මෙම ආයතනය මුදල් බලයෙන් පාලනය කිරීමයි.



බොහෝවිට මේ විශාල බහුජාතික සමාගම් වල ඉහලම නිලතල දරන උදවිය ඊට වසර කීපයකට පෙර සේවය කරලා තියෙන්නේ   FDA  ආයතනයේයි, දැන් ඔබට තේරෙනව ඇති මම කියන්න යන්නේ මොකද්ද කියල, එනම් මෙම ආයතනය විසින් බලවත් බහුජාතික සමාගමක් විසින් වෙළදපොලට සපයන කිසියම් ආහාරයක් මිනිසුන්ට අහිතකර නම් ඔවුන් සිදුකරන්නේ විවිද ක්‍රමවේද යොදා අදාළ ආහාරය හෝ බෙහෙත එතරම් අහිතකර නොවන බවට සහතික ලබාදී වෙළදපොලට යැවීමයි.

මෙහිදී යම් විදියකින් මෙවැනි විද්‍යාඥයකු විරුද්ධ උනොත් ඔහුගේ ඉදිරි අනාගතය ඉතා අදුරු කිරීමට මෙම බලවත් සමාගම් වගබලාගනී, නමුත් ඔබට මේ විද්‍යාඥයා (ආචාර්ය තිලක්‌ කුමාර මුදලිගේ) නොකියා කියන පාඩමක් තිබෙනවා, එනම් තම ආහාරය තමන්ම නිපදවා ගත යුතු බවයි. මෙවැනි ඉහල ආදායමක් ලබන මිනිසෙකු තමන්ට උවමනා ආහාරය ගෙවත්තේ වවන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි ඔහු දන්නවා සාමාන්‍ය මිනිසුන්ට කන්න ලැබෙන ආහාර කොතරම් විෂ සහිතද කියල.

මෙනිසා මෙවැනි දැනුම ඇති මිනිසුන් තමන්ගේ ආහාරය තමන්ම වවාගැනීම සිදුකරනවා, මා විසින් සොයාගන්නා ලද ආහාරය කොපමණ විස එක්කරනවද යන්න දනුවත් අය කිසිවිටක කෘෂි නාශක ගසපු එළවලු පලතුරු පාවිච්චි කරන්නේ නෑ

මහා බ්‍රිතාන්යේ  ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයත් මෙවැනි කෙනෙක්, ඔහු ශ්‍රී ලංකාවට පැමිණි විට පැවසුවේ තමන්ට බෙහෙත් ගසනලද කිසිදු ආහාරයක් නොදියයුතු බවයි.

මේ තියෙන්නේ චාර්ල්ස් කුමාරයාගේ ගොවිපොලයි.



තව කිවයුතු දෙයක් තියනව අද වෙලදපොලේ තියනවා වසවිසෙන් තොර ආහාර ලෙස වෙනම විකුණන වැඩිමිල ආහාර විශේෂයක්, ප්‍රශ්නය මේ ආහාර කොපමණ වසවිසෙන් තොරද කියන එකයි. මෙනිසයි මම ඔබට කියන්නේ කුඩා හෝ ගෙවත්තක් ඇත්නම් පොඩියට හෝ වවන ලෙස.

මෙහිදී ඔබට කළහැකි වැදගත් දෙයක් තියනවා එනම් ඔබ පැරණි දේශීය බිජ සොයාගන්න (කෘශි කාර්ම දෙපාර්තමේන්තුවේන් මේවා ලබාගැනීමට නොහැකි බව දැනගන්න )

තම යහළුවන් මිතුරන් මගින් මෙවැනි බිජ ලබාගෙන, මේ බිජ යහළුවන් මිතුරන් ආතර හුවමාරු කරගන්න.

මේ දේශීය බෝග කොතරම් වටිනාවද කිව්වොත් උදාහරණයක් විදියට "වදුරු මෑ" වැනි දේශීය ආහාර වල අදික ප්‍රෝටීන් ප්‍රමාණයක් පවතිනවා. නමුත් මේවා වෙලද පොලින් මිලදිගනිමටත් අපහසුයි.

අවසාන ලෙස ඔබට කියන්නේ මෙවැනි විද්‍යාඥයන් නොකියා කියන දේ තේරුම් ගන්න,
"තමාගේ ආරක්ෂාව තමාම සලසාගන්න (J R Jayawardene) "
මෙකියමනට බොහෝ දෙනා බනිනවා නමුත් මේ කියමන අවවාදයක් ලෙස ගත්තනම් අප බොහෝ දෙනාගේ ජිවිත ආරක්ෂා කාරී වීමට තිබුන.

ඔබට ජය !