බොහෝ කලකින් ලිපියක් ලියන්න බැරිඋනා, අදත් ලිපියක් ලියන්න මට අදහසක් නොතිබුනත් පහත ලිපිය නව ලිපියක් ලිවීමට පෙළබිම සිදුකලා
http://www.divaina.com/2016/08/14/nimna01.html
මට ඔබට කියන්න උවමනා කලේ හාත්පසින්ම වෙනස් කතාවක් මිට මුලබිජය සැපයුනේ ලිපියේ අවසාන චෙදයයි.
"මම ඇමරිකාවේ පදිංචි වෙලා හිටියත් ගමේ විදියට තමයි, එහේ ජීවත් වෙන්නේ. ගෙදරට අවශ්‍ය එළවළු අපි වගා කරගන්නවා. බණ්‌ඩාක්‌කා, වැටකොළු, පතෝල, ලීක්‌ස්, කොළ වර්ග, වට්‌ටක්‌කා, පුහුල්, ආදිය වගා කළා. මම තාම කන්නේ ගමේ කෑම. හවස වැඩට ගිහින් ආපු ගමන් යන්නේ එළවළු කොරටුවට. ආචාර්ය තිලක් කුමාර මුදලිගේ කීවේය."
මෙය කියවන බොහෝ අය සිතන්න පුළුවන් මොනතරම ඉහලට ඉගනගත්තත් මේ ඉන්නේ තවත් බයියෙක් නේද කියල, නමුත් මගේ කාතාව පටන්ගන්නේ "ඇමරිකාවේ ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය" කියන ආයතනය කියන්නේ මොකද්ද කියල සරල පැහැදිලි කිරීමක් කිරීමෙන්,
මෙය තමයි සරලව U S Food and Drug Administration නැත්නම් FDA ලෙස සදහන් වන්නේ, ලෝකයේ පවතින අති නවීන ත්ක්ෂනයත් ලෝකයේ දක්ෂම මිනිසුන්ගේත් එකතුවක් තමයි FDA කියන්නේ, ප්‍රශ්නයකට තියෙන්නේ ලෝකයේ බලවත්ම සමාගම් මෙම ආයතනය මුදල් බලයෙන් පාලනය කිරීමයි.
බොහෝවිට මේ විශාල බහුජාතික සමාගම් වල ඉහලම නිලතල දරන උදවිය ඊට වසර කීපයකට පෙර සේවය කරලා තියෙන්නේ FDA ආයතනයේයි, දැන් ඔබට තේරෙනව ඇති මම කියන්න යන්නේ මොකද්ද කියල, එනම් මෙම ආයතනය විසින් බලවත් බහුජාතික සමාගමක් විසින් වෙළදපොලට සපයන කිසියම් ආහාරයක් මිනිසුන්ට අහිතකර නම් ඔවුන් සිදුකරන්නේ විවිද ක්‍රමවේද යොදා අදාළ ආහාරය හෝ බෙහෙත එතරම් අහිතකර නොවන බවට සහතික ලබාදී වෙළදපොලට යැවීමයි.
මෙහිදී යම් විදියකින් මෙවැනි විද්‍යාඥයකු විරුද්ධ උනොත් ඔහුගේ ඉදිරි අනාගතය ඉතා අදුරු කිරීමට මෙම බලවත් සමාගම් වගබලාගනී, නමුත් ඔබට මේ විද්‍යාඥයා (ආචාර්ය තිලක් කුමාර මුදලිගේ) නොකියා කියන පාඩමක් තිබෙනවා, එනම් තම ආහාරය තමන්ම නිපදවා ගත යුතු බවයි. මෙවැනි ඉහල ආදායමක් ලබන මිනිසෙකු තමන්ට උවමනා ආහාරය ගෙවත්තේ වවන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි ඔහු දන්නවා සාමාන්‍ය මිනිසුන්ට කන්න ලැබෙන ආහාර කොතරම් විෂ සහිතද කියල.
මෙනිසා මෙවැනි දැනුම ඇති මිනිසුන් තමන්ගේ ආහාරය තමන්ම වවාගැනීම සිදුකරනවා, මා විසින් සොයාගන්නා ලද ආහාරය කොපමණ විස එක්කරනවද යන්න දනුවත් අය කිසිවිටක කෘෂි නාශක ගසපු එළවලු පලතුරු පාවිච්චි කරන්නේ නෑ
මහා බ්‍රිතාන්යේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයත් මෙවැනි කෙනෙක්, ඔහු ශ්‍රී ලංකාවට පැමිණි විට පැවසුවේ තමන්ට බෙහෙත් ගසනලද කිසිදු ආහාරයක් නොදියයුතු බවයි.
මේ තියෙන්නේ චාර්ල්ස් කුමාරයාගේ ගොවිපොලයි.
තව කිවයුතු දෙයක් තියනව අද වෙලදපොලේ තියනවා වසවිසෙන් තොර ආහාර ලෙස වෙනම විකුණන වැඩිමිල ආහාර විශේෂයක්, ප්‍රශ්නය මේ ආහාර කොපමණ වසවිසෙන් තොරද කියන එකයි. මෙනිසයි මම ඔබට කියන්නේ කුඩා හෝ ගෙවත්තක් ඇත්නම් පොඩියට හෝ වවන ලෙස.
මෙහිදී ඔබට කළහැකි වැදගත් දෙයක් තියනවා එනම් ඔබ පැරණි දේශීය බිජ සොයාගන්න (කෘශි කාර්ම දෙපාර්තමේන්තුවේන් මේවා ලබාගැනීමට නොහැකි බව දැනගන්න )
තම යහළුවන් මිතුරන් මගින් මෙවැනි බිජ ලබාගෙන, මේ බිජ යහළුවන් මිතුරන් ආතර හුවමාරු කරගන්න.
මේ දේශීය බෝග කොතරම් වටිනාවද කිව්වොත් උදාහරණයක් විදියට "වදුරු මෑ" වැනි දේශීය ආහාර වල අදික ප්‍රෝටීන් ප්‍රමාණයක් පවතිනවා. නමුත් මේවා වෙලද පොලින් මිලදිගනිමටත් අපහසුයි.
අවසාන ලෙස ඔබට කියන්නේ මෙවැනි විද්‍යාඥයන් නොකියා කියන දේ තේරුම් ගන්න,
"තමාගේ ආරක්ෂාව තමාම සලසාගන්න (J R Jayawardene) "
මෙකියමනට බොහෝ දෙනා බනිනවා නමුත් මේ කියමන අවවාදයක් ලෙස ගත්තනම් අප බොහෝ දෙනාගේ ජිවිත ආරක්ෂා කාරී වීමට තිබුන.
ඔබට ජය !
මොකද ලොක්ක නිකන් කින්ඩියට වගේ හිනාවෙන්නේ
ReplyDeleteමෙන්න බලන්න ලෝක තත්වය
https://www.youtube.com/watch?v=bGNn_prJXhg
සමහර හාල්වල පුරාණ දේශීය කියල තිබුනට කාබනික කියල නෑ. එතකොට කෘමි/වල් නාශක භාවිතය අනිත් ඒවා වගේමයි නේ?
ReplyDeletePra Jay,
Deleteඑතන තියෙන්නේ මෙවගේ ප්‍රශ්නයක් දේශීය පාරම්පරික බිජ වලට කෘමිනාශක සහ රසායනික පොහොර දැම්මොත් සම්පුර්ණයෙන් විනාශ වෙනවා ඒ නිසා මේ සහල් සැදීමට මේ විෂ රසායනික පාවිච්චි කරන්න බෑ .
නමුත් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියනවා ඒතමයි මේ දේශීය සහල් කිලෝවක මිල රුපියල් 200 ක් පමණ වෙන නිසා බොහෝවිට කුට වෙළදුන් සිදුකරන්නේ සාමාන්‍ය සහල් සමග මිශ්‍ර කර විකිණීමයි .
උඋදාහරන සුවදැල් සහල් පෙනුමෙන් සම්බා වලට සමානයි මෙනිසා සම්බා සමග මිශ්‍ර කරනවා මෙන්න මේ නිසා රැවටීම් කරන්න පුළුවන්, නියම සුවදැල් සහල් පිලියල කර දවසකට පසුවත් පිළුණු වීම සිදුනොවී නියම සුවද පවතිනවා, මේ විදියට දැනුවත් වීම උවමනයි.
නමුත් මම නම් කියන්නේ ගෙවතු තියන ය හැකි තරම් ගෙදරම වවාගැනීම මගින් වස කෑම අවම කරන්න පුළුවන්
කින්ඩියට හිනා වුනා නොවේ....
ReplyDeleteඔබේ අදහස් අනුමතකොට සිනා සුනා පමනි!
:D :D
සරසා තුමා,
ReplyDeleteමට අපුරු කතාවක් 1980 ගණන් වල පේරාදෙණිය සරසවියේ කෘෂි විද්යාපිය්ටයෙන් උපාදිය ලැබුවෙක් කිව්වා, ඔහුගේ මහාචර්ය තුමා සරසවියේ උගන්වා ඇත්තේ රසායන ද්‍රව්‍ය මගින් මහාපරිමාණයෙන් නිපදවිය හැකි සහල් ගැන, ඔහු අදාළ උපාධිදරියාට මේ සදහා ඉතා හොදින් ලකුණු ලබාදී තියනවා.
කිසියම් දිනක තමාගේ ගුරුවරයා වූ මේ මහාචර්ය තුමාව මුණගැසීමට ඔහුගේ නිවසට ගියවිට අදාළ උපාධිදරියාට පුදුමයට පත්වී ඇත්තේ ඔහු විසින් වගාකරන සියලුම ගෙවත්තේ බෝග සදහා කෘමිනාශක නොදමමින් කාබනිකව වවන අතර ඔහු සතු කුබුරුවල වවන ලද්දේ පච්ච පෙරුමාල් නමැති සහල් වර්ගයයි.
වික්ෂිප්ත වූ උපාධිදරියා තම ගුරුවරයාට කියා ඇත්තේ "ඔබ තුමා අපට ඉගැන්වූයේ එකදෙයක් කරන්නේ තව දෙයක් මිට හෙතුව කුමක්ද යන්නයි " මෙහිදී මේ ගුරුවරයා කියා ඇත්තේ මම කිසිවිටකත් කඩෙන් සහල් පාවිච්චි නොකරන අතර සියලු බෝග සදහා කිසිවිටකත් රසායනික පොහොර සහ කෘමි නාශක බාවිතා නොකරන බවයි මෙහදී ඔහු අදාළ බෝගය පිටරට යැවීම මගින් මෙහෙ විකුනනවා වගේ 16 ගුණයක් වැඩි මිලක් ලබාගෙන තියනවා.
මේක තමයි ලෝක තත්වය, දැනට මම සියලුම එළවලු වෙළදපොලෙන් ගෙන එම නතර කර නැති උනත් ගෙවත්තේ කිසිම පොහොරක් නැතිව සර්ථකව එළවලු කීපයක් වගාකර පාවිච්චියට ගනිමින් සිටිනවා.
විශේෂය නම් මේ කිසිවකට රසායන පොහොර නොදමිමයි. රසායන පොහොර නැතිව වවන්න බෑ කීම මිත්‍යාවක් බව ඔබට වැටහෙනවා ඇති.
80 දසකේ අග බාගේ කෘසි විද්යා මහාචාරිය තුමෙක් මාර්ස් කන්ද පාමුල පිහිටි ඔහු ගේ නිල නිවසේ යෝගට් කරුමාන්තයක් කොරමින් හිටියා මට මතකයි!
ReplyDeleteඔය කියන හාල් ජාති ගොඩක් කල් තියාගන්න බෑනේ. ඉක්මනට පුස් කනවා.
ReplyDeleteමෙඩුසා,
Deleteඔව් පුස් කෑමට වඩා මේ සහල් ගුල්ලෝ බෝවීමට හේතු වෙනවා. සාමාන්‍ය සහල් වල මෙහෙම ගුල්ලෝ බෝවෙන්නේ නෑ, මේකෙන් ම සිතාගන්න පුළුවන් මේ සාමාන්‍ය සහල් කොතරම් විෂ සහිත ද කියල. මේවගේ කෘමින් ඇති වන්නේ මේ සහල් විෂ අන්තර්ගත නොමැති වීම නිසයි.
මෙනිසා මේ සහල් විශාල ප්‍රමාණයක් එකවර මිලදිගන්නවා වෙනුවට තමන්ට උවමනා ප්‍රමාණයක් මිලදීගත යුතු වෙනවා
සමහර විට ඔබ කියන්නේ මම කියන මහාචර්ය වරයා වීමට පුළුවන්, මට කියන්න උවමනා කලේ මේ අංශයේ දැනුම ඇති ඉහල මිනිසුන් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නවා ඔවුන්ට කෙලින්ම මේවට විරුද්ධ වෙන්න බෑ අප ඔවුන් ගේ තත්වයේ සිටියත් අපත් ඔවුන් කරපු දේ කරන්න පුළුවන් නමුත් හ්ර්ධ සාක්ෂියක් ඇති මිනිසෙකු හැමවිටම අනතුරු අගවනවා. මෙතුමාත් ඒ දේ කරලා තියනවා ප්‍රශ්නය ඔහු කියන දේ තේරුම් ගැනීමටත් මේ ගැන සෑහෙන සෙවීමක් කලයුතුයි.
ReplyDeleteමේ අපුරු සින්දුව ඔබට කෙටි පැහැදිලි කිරීමක් කරයි https://www.youtube.com/watch?v=HnN6FFjZBZQ