මා මීට වසර කීපයකට පමණ පෙර ශ්‍රී ලංකාවට වෙනදේ ගැන කිව්වහම බොහෝ දෙනා විශ්වාස කලේ නෑ, දැන් මේ සිදුවන්නේ ශ්‍රී ලංකාවට වසර 2 න් පමණ සිදුවිය හැකිව තිබුන දෙයයි, මෙය පවතින රජය විසින් අමුතුවෙන් ඇතිකළ තත්වයක් නොවුනත් පවතින රජය සිදුකලේ වසර කීපයකින් ඇතිවියහැකි අවාසනාව ඊට වසර 2ට පෙර රටට ගෙන්වාගන තිබෙනවා.
දැන් අප සිටින ප්රශ්නය තේරුම්ගත් පිරිස ලෙස හදුන්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන බලවේගයයි ( පුතානෝ වැනි පිස්සෙක් ගැන අපි කාලය විනාශ නොකරමු )
මා මෙතන ජනතා විමුක්තිපෙරමුනේ ආර්ථික බුද්ධිය ගැන මදකට විස්ලේෂණය කරමු. මම හිතන විදියට මේගැන අවංකම විග්ග්‍රහය කලේ ආචාර්ය හරිනි අමරසුරියයි, ඇය කියනවා තම රජයක් යටතේ ජනතාවට අසීරු තත්වයක් ඇතිවෙයි කියල.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පුද්ගලික අංශයට වඩා රජය මගින් සමස්තයෙන් සැලකියයුතු විශාල කොටසක් කලයුතුයි කියල කියන පක්ෂයක්, මෙහිදී රජය අසර්ථක ඇයි ?
01. ස්ථිර රාජ්‍ය සේවකයකු තම වැඩ පැහැරහැරියම සේවයෙන් පහකිරීම කල නොහැකි ලෙස ක්‍රමවේදයක් තියනවා මේ නීති ආරකෂා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ වුර්තිය සමිති ප්‍රධානයි .
02. පුද්ගලික අංශය මනාව ක්‍රියාත්මක වන නිදහස් වෙළදාමෙන් තොරව රජය මැදිහත්වීමෙන් වෙන්නේ ජනතාවට උහුලන්න බැරි මිලකට භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීමයි, හොදම උදාහරණය කෘතිමව විනිමය පාලනය නිසා අද වනවිට ඩොලරය 300 ට වැඩිවී ඇති අතර මාසෙකින් පමණ ඩොලරය 400 ත් 500ත් වනු ඇති.
03. රට තුල විශාල ලෙස මුදල් අච්චු ගැසීමෙන් පුද්ගලික ඉතුරුම් වල මුහුර්ත වටිනාකම වේගයෙන් පිරිහේ.
අද ජනතාවිමුක්ති පෙරමුණට මේ පිළිබද බුද්ධිය ඇත්ද ? නැද්ද යන්න දැනගැනීමට මම සරල උදාහරණයක් දෙන්නෙම්.
මෙහිදී විජිත හේරත් ට කංසා කියන භෝගය ගැන තියන දැනුම බලන්න
ඔහු කියන්නේ මෙහි ඇති එකම වටිනාකම ආයුර්වේදයට පමණක් බවයි. මේ මෝඩ මිනිස්සු දන්නේ නෑ කංසා ගසෙන් භාණ්ඩ 25000 පමණ කංසා ගස මගින් නිපදවිය හැකි බව ඇමරිකාවේ ඇස්තමේන්තු අනුව 2024 වන විට ඇමරිකාවේ පමණක් වසරකට ඩොලර් බිලියන 130 ක වෙළදපොලක් නිර්මාණය වනබව ඇස්තමේන්තු වෙනවා මේවන විට.
කංසා කියන්නේ අදවනවිට මත්ද්‍රව්‍යක් පමණක් නෙමෙයි එය ලෝකයේ ආර්ථිකයක්
අපි මොකද කරන්නේ අපි මේ රටේ ඉන්න එකම බිය නැති පර්යේශකය උන ආචාර්ය වසන්තසේන වැලිඅන්ගේ මහතාව අත්අඩංගුවට ගන්නවා.
දැන් බලමු මෙහෙම මෝඩ මිනිසුන් ලෝකයේ පාලනය තුල කලදේ
අද අනුර කුමාර වගේ තමයි කාම්බෝජයේ පොල්පොට් 1970 දශකයේ බලයට එන්නේ.
මේ තියෙන්නේ අනාගත අනුරකුමාරගේ අතීත ජන්මයයි
හොදින් සිහියේ තියාගන්න ජනතාව දින දින පෝලිම් වල සිටින විට රටේ ආහාර අඩු වන විට ජනතාව රජයට විරුද්ධව කැරලි ගසන විට මේ කියන වම්මු තමයි ජනතාව විනාශ කිරීමට මුලින්ම ඉදිරිපත් වෙන්නේ, කල්පනා කරන්න උතුරු කොරියාව, චීනය වැනි රටවල් තමයි ජන පිඩාව දැඩිව කරන රටවල්.
එහෙම නැතුව ධනපති රටවල් නෙමෙයි, මේ වාමන්ශිකයෝ පලායන්නේ මේ රුවියාව චීනය වැනි රටවලටද ? එංගලන්තය ප්‍රංශය වැනි රටවලටද ?
සෝමවංශ අමරසිංහ පලාගියේ කොයිරටටද ?
මට ඕනේ ජනතා විමුක්ති පෙරමුට මඩ ගසන්න නෙමෙයි ඔවුන්ගේ පවනින මුලිකම ප්රශ්නය පෙන්වා දීමටයි, ඔවුන්ට තේරුම් ගන්න බැරිනම් ලෝකයේ නව ප්රවණතා අවසාන ප්‍රතිපලය රටේ ජනතාවට කේදජනකයි කියන දෙයයි .
Agreed, mostly.
ReplyDeleteස්තුතියි!
Deleteඑහෙම ප්‍රශ්නයක් මටත් තියනවා. ලාල් කාන්ත , හඳුනෙත්ති වගේ අය කියන කතාවල තරමක් පොල්පොට්වාදී ගතියක් පෙනෙනවා. ඒක ඒ ගොල්ලෝ කෙලින්ම විවේචනයක් ගේන්න ඕනේ.
ReplyDelete//එහෙම ප්‍රශ්නයක් මටත් තියනවා. ලාල් කාන්ත , හඳුනෙත්ති වගේ අය කියන කතාවල තරමක් පොල්පොට්වාදී ගතියක් පෙනෙනවා. ඒක ඒ ගොල්ලෝ කෙලින්ම විවේචනයක් ගේන්න ඕනේ.//
Deleteමෙහෙමයි අජිත්, 1989 කියන්නේ මට වයස 13ක් මම හිතන්නේ මට බාල පරම්පරාව ජනතාවිමුක්ති පෙරමුණේ භිෂණය මතක නෑ, මම අයිති වෙන්නේ මොවුන්ගේ මානසිකත්වය තේරුම් ගැනීමට පුළුවන් අන්තිම පරම්පරාවට. මම තවම දැක්කේ නෑ ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා.
උදාහරණ ඇයි අපට අපනයනය කිරීම වැඩිකිරීමට බැරි ? කියන්න ප්‍රශ්නයට උත්තරේ වංචා දුෂණ වැඩි නිසා ඒවා නැතිකිරීමෙන් අපනයන වර්දනය වෙනවා කියන්න බෑ වංචා නැතිවීම දිවුනුවට විශාල ආධාරකයක් උනත් එයින් අපනයන වර්ධනය වන්නේ නෑ.
නිකන් හිතන්න ඔබේ රටට මෙහි සිට යමක් අපනයනය කරනවානම් අදාළ අපනයන සමාගමට සිදුවෙනවා විශේෂ තත්ව සහතික ලබාගන්න ඔබ රට අනුමත ආයතන මගින්, නමුත් මේ සහතික වල මිල ලක්ෂ ගණනක් ලංකාවේ සුළු පරිමාන නිෂ්පාදකයකුට වත්කමක් නෑ එවැන්නක් කිරීමට, මෙතැනදී රජය කරන්න ඕනේ මේ සහතික ලබාගන්න ක්‍රමයක් සදහා අරමුදල් සපයාදීමයි නමුත් ඉන්පසු අපනයන කරුගෙන් අදාළ මුදල අයකර ගන්න ඕනේ, ඔහිගේ අපනයන වලින් ආධායම් ලබන විට.
මම දැක්කේ නෑ ජනතාවිමුක්ති පෙරමුණ මේ ගැන කියනවා .
එස් එල් ව්ලොග් කියන යූ ටියුබ් චැනල් එකේදි ලාල්කාන්ත අපූරු ප්‍රකාශයක් කරනවා තියනන්මෙන් ශිෂ්‍ය ඝාතනය ගැන. ඔහු එය අනුමත කරනවා පමනක් නොවෙයි තමන් පුද්ගලිකවත් එකග අබව් කියනවා.
Deleteතියනන්මෙන් ඝාතනය වුන කාලෙමයි ලංකාවෙ ජවිපෙ ඝාතනය වුනේ. නමුත් චීනයෙදි මලවුන් වෙනුවෙන් ශෝකවන්නවත් ඉඩක් ලැබුනේ නෑ. ඒ විතාර්ක් නොවෙයි සිසුන්ට වෙඩි තබන්න ගිය උන්ඩවල වියදම්ද දෙමවුපියන්ගෙන් අයකරගත්තා. ලාල්කාන්තලා ප්‍රිය කරන්නේ මී භයානක ම්ලේච්ඡත්වයයි.
හහ්ඩුන්නෙත්තිත් ආසාවෙන් පෝලිම්වල යන කියුබානු ජනයා ගැන පෝස්ට් එකක් දමා තිබුනා,