Thursday, November 21, 2019

අනාගත ශ්‍රී ලංකාව




අද වෙනවිට ඝෝටාභය රාජපක්ෂ ජනතිපති වරයා ජනාධිපති වී දින 5 ක් පමණ ගතවී තිබේ, මෙතෙක් ශ්‍රී ලංකාවේ නොකලහැකියි දේසපාලන උගතුන් වසර ගණනාවක් තිස්සේ කියපු සිංහල ජාතික චන්ද වලින් පමණක් ජනාධිපති කෙනෙක් විය නොහැකියි කියල කියපු තර්කය පුස්සක් වෙලා තියනවා.

මෙය  සුලු ජාතීන්ගේ අයිතීන් මහජාතියේ යකඩ සපත්තුවට යටවන යුගයක් ලෙස පෙන්වා දෙන්න පිරිසක් උත්සාහ කලත්, මෙය තමයි ජාතික සමගියේ මුල්ම අඩිතාලම, මා එසේ කියන්නේ ඇයි ?

ඔබට මතකද වසර 30 යුද්දයක් අපි කළා එය අවසන් වන්නේ 2009 දීයි, 2010 දී ශ්‍රී ලංකාව ජනාධිපති මැතිවරණයකට මුහුණ දෙනවා, මෙහිදී රට යුද්දයෙන් දිනවපු මහින්ද එක පක්ෂයකින් අපේක්ෂකයා වනවිට විරුද්ද පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ මෙතක් කලක් ඔහුත් සමග උරෙන් උර ගැටෙමින් යුද්දය කල රටේ හමුදාපති වරයායි, ඔහුට Chief of Defence Staff  (CDS ) කම දෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති සහ ඝෝටභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් යන දේ සොහොරුරන්ගේ ආශිර්වාදයෙන්, ඔහු එම තනතුර ලබාගත් වහාම හමුදාවෙන් ඉවත් වෙලා යුද්දේ දින්නේ තමන් විසින් පමණක් බව කියමින් එක්සත් ජාතික පක්ෂයෙන් චන්දය ඉල්ලනවා.

මෙහෙම ඉල්ලන රටේ හිටපු හමුදාපති වරයාට රටේ දමිල ජනයා චන්දය දෙන්නේ තමා හදවතින් ආශිර්වාදය කල කොටි සංවිදානය සමුල ගාතනය කිරීමට උපකාර කල පුද්ගලයන් 3 දෙනා ගෙන් එක පුද්ගලයෙක් උන සරත් ෆොන්සේකාට තම ආශිර්වාදය ලබා දෙමින්, එසේ කරන්නේ ඇයි ? මිට හේතු වන්නේ රටේ දමිල දෙසපලඥයන් ඔවුන්ට එසේ කරන ලෙස කියපු නිසයි (අප තේරුම් නොගන්නේ උතුරේ ජනයා බුද්ධිය මෙහෙයවා සිතීමට වඩා තම නායකයන් කියනදේ කිරීම වහලුන් සේ පෙළබි සිටීමයි ) මෙයයි සරල යතාර්ථය ඔවුන් තමන් ගේ හිතට එකගව චන්දය දුන්නනම් මේ අපේක්ෂකයන් දෙදෙනාටම නොදෙන්න හොදටම ඉඩ තිබුන.

ශ්‍රී ලංකාවේ ජනවර්ගික අර්බුදය කියන දේ ඉතා සංකීර්ණ ලෙසයි මේ උගතුන් කියන මිනිසුන් පිරිස පෙන්වාදෙන්නේ, මාදකින විදියට මෙය අති සරලයි, ශ්‍රී ලංකාව තුල පුද්ගලයෙක් දමිල වූ හෝ මුස්ලිම් වූ පමණින් සිදුවෙන අසාදාරනකම් මොනවාදැයි බැලුවොත් අද වනවිට පැහැදිලිව කිසිවක් ඔවුන්ට කියන්න බෑ, නමුත් ඔවුන්ට අසාදාරනයක් සිංහල රජයෙන් වෙන බව සහ වූ බව බහුතරයක් සිතනවා, මෙසේ සිතන්නේ ඇයි ? මෙය වන්නේ ඔහුන්නේ පාලකයන් විසින් සෑම විටම ජාතිවාදය වපුරමින් ජනතාව අතර වෛරය පතුරනවා, මේ වෛරය වැඩිවන්න  වැඩිවෙන්න අදාළ වෛරය පතුරවන දෙසපලකයට චන්දය වැඩි වෙනවා.

ජනතාව විසින් තෝරා පාර්ලිමේන්තුවට පත්කරන  දෙසපලකයට කරන්න තියෙන දේ අඩුමුදලට ලැබෙන ආහාර වළදමින් නොමිලේ ලැබෙන වාහන වල සැප විදිමින් සිටීම පමණක් නෙමෙයි, ඔවුන්ට සිදුවෙනවා තම ගම් නගර වල ජනතාවගේ ඔනෑ එපාකම් සදහා රජයෙන් කළහැකි සියලු දේ කිරීමට, නමුත් සිදුවන්නේ කුමක්ද ? ඔවුන් බලන්නේ රජයේ ටෙන්ඩර් මහින් හෝ විදේශීය ආයෝජකයන්ගෙන් කොමිස් ගසා හෝ මොන යම් ආකාරයකින් හෝ තම මඩි තරකර ගැනීමයි.
මේ කාර්යට පැය 18 පමණ යොදන ඔවුන්ට ජනතාවට සේවය කිරීමට කාලයක් ඇත්තේ නෑ , මෙසේ වසර 5 ක කාලයකට පසු කිසිවක් නොකළ කෙනෙකුට ජනතාව චන්දය නොදෙන නිසා ඔවුන්ට සිදුවෙනවා ජනප්‍රිය මෙවලම වන ජාතිවාදය පාවිච්චි කිරීමට, ඉතින් ඔවුන් එය කරනවා.

දැන් අපි බලමු රජයේ සිංහල දෙසපාලකයන්  බලන විදිය, ඔවුන් හිතන්නේ දෙමල ජනයාට නොයෙක් පහසුකම් දුන්නම ඔවුන්ට චන්දය ගන්න පුළුවන් කියල, මෙනිසා කෝටිගණන් මුදල් වියදම් කරමින් උතුරේත් නැගෙනහිරත් යටිතල පහසුකම් වර්දනය කරනවා මේ පහසුකම් ලැබෙන්නේ දෙමල ජනයටයි, නමුත් සිංහල දෙසපාලකයන්ට දෙමල, මුස්ලිම් යන ජනතාවගේ මනස අදුරගන්න බෑ, මිට මුලික හේතුව එම ජනතාව තම නායකයන් කියන මිනිසුන් තමන්ගේ මනසට දමා ඇති විස විස්වාස කිරීමයි.

මෙම විස දැමීම කරන්නේ දෙසපලකයන් විතරක් නෙමෙයි දමිල ජන මාධ්යත් උපරිමව සිදු කරනවා, මෙය සිංහල පමණක් දන්නා අපට එකවර තේරුම් ගැනීම අපහසු උනත් ඔබට තේරුම්ගන්න සරල ක්‍රමයක් මම කියා දෙන්නම්, අද ඇති තාක්ෂනය උපකාරකරගෙන   https://www.virakesari.lk/ පත්‍රය https://translate.google.com/ හෝ ඔබ chrome පාවිච්චි කරනවානම් Extensions
 https://chrome.google.com/webstore/detail/google-translate/aapbdbdomjkkjkaonfhkkikfgjllcleb?hl=en  

පාවිච්චි කරලා පරිවර්තනය කරලා කියවල බලන්න කොච්චර වෙනස් ද කියල සිංහල පත්‍ර වලට වඩා, ඔවුන් කරන්නේ තම පුවත් පත විකිනීමට ජාතිවාදය අලවි කිරීමයි, මෙය සිංහල ජනමාද්‍ය වලටත් අදාළ බව කරුණාවෙන් සලකන්න.

මෙවැනි දෙයක් දිගින් දිගටම සිදු වෙද්දී දමිල ජනයා හෝ මුස්ලිම් ජනයා ට මොන පහසුකම් මහා ජාතියක් ලෙස සිංහලයා ලබාදුන්නත් ඔවුන් අප අතර සංහිදියාවක් (මේ වචනය පසුගිය රජය විසින් දුෂණය කල බව සලකන්න ) ඇති වීමට අවකාශය ඉතා අල්පයි.

මේ නිසා ඉදිරි කාලයේදී මහා ජාතිය වන සිංහලයන් ස්ථාවර රජයක් ඇතිකරගැනීමට උත්සහ කල යුතුයි මන්ද සුළු ජාතික නායකයන්ට කේවල් කිරීමට ඉඩ හැරීම තුලින් අප ජාතින් සියල්ලටම වෙන්නේ අප මනස දුෂණය කරගෙන ශ්‍රී ලාංකික අනන්‍ය තාවයක් ඇති කර නොගෙන එකිනේකා කොටාගනිමින් වැළලීමට සිදුවීමයි.


ඉතිහාසය අපට වැදගත් වන්නේ ඇයි ?

අප රටේ සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකික ඉතිහාසය ගැන ඇත්තේ අල්ප දැනීමක්, මෙනිසා අපට ජාතික හැගීමක් පවතින්නේ නෑ, වසර 200 ට මදක් වැඩි ඉතිහාසයක් ඇති ඇමරිකාවත් වසර 200 ට අඩු නවීන ජනාවාස වීමේ ඉතිහාසය ඇති ඔස්ට්‍රේලියාවත් වසර 100ට ට අඩු නව ජනාවාස වීමේ ඉතිහාසයක් ඇති සිංගප්පුරුවත් රටේ ඉතිහාසයක් අදාළ රටේ රටවැසියෙකු වීමේ අභිමානයත් යන මනසිකාරය තම රටවැසියන් තුලට කාන්දු කිරීමට අති විශාල උත්සහයක් ගනිද්දී අපි ඉතිහාසය පාඩම් පොත් වලින් ඉවත් කිරීම කරන තැනට මාරුවීම මගින් පේනවනේ මෙරටේ ඉහලම තැන් වල සිටින මිනිසුන්, විදේශ වල උපදෙස් අනුව අපරටේ ජාතිකත්වය විනාශ කර එකිනෙකා කුලල් කාගන්න, කිසිම වටිනාකමක් නැති හිස් මිනිසුන් ඇති රටක් කිරීමට ගන්නා ලද උත්සාහයේ සාර්ථකත්වයයි.  

ඉදිරියේ අප නිසි මාර්ගයට එනවනම් අධ්යාපන ප්‍රතිසංස්කරණ වලට ජනතාවගේ ශ්‍රී ලංකික ජාතියක් ලෙස සිතීමට පුහුණු කරන රටක් කිරීම අනිවාර්යයි.
උදාහරණයක් ලෙස  එක එක ජාතියේ බසින් ජාතික ගීය කීම නොව එක භාෂාවකින් ජාතික ගිය කීමයි හොදම, උදාහරණය සිංගප්පුරුවේ ජාතික ගීයයි, එම ගීයේ පරිවර්තනය ඉංග්‍රීසි, චීන (Mandarin) වලින් තිබුනත් ගායනා කලයුත්තේ මැලේසියානු භාෂාවෙනුයි. එසේ එක භාෂාවකින් ජාතික ගිය කිව්වා කියල අනෙක් ජාතිකයන් තමාට අසාදාරන උනා යයි නොකියයි.

මිට අමතරව රාජ්‍ය පරිපාලනයෙන් දෙසපාලකයන් හැකි පමණ ඈත් කිරීම ඉතා වැදගත් තිරනයකුයි, මම සිතනා ආකාරයට ඉදිරි මැතිවරණයට ජනතාව අතර චෝදනා අවම දෙසපාලකයන් පත්කිරීම වැදගත් වන්නේ ඉදිරි කාලයේ මේ මිනිසුන් ජනතාව ඉදිරියේ දුෂණ වලට සම්බන්ද වනවිට එහි විරෝදය කෙලින්ම රජයට යොමු වීම නිසයි, මේ විරෝදය පාලනය කිරීමට මර්දනය යෙදවිමකට ගියොත් ඝෝටාභය රාජපක්ෂ ජනාධිපති වරයා ජනතාව ඉදිරියේ අප්‍රසාදයට ලක්වෙනවා විතරක් නෙමෙයි විදේශ බලවේග වලට රටේ පාලනයට ඇගිලි ගැසීමට මාර්ගය විවර කිරීමත් සිදුවෙනවා.

මෙනිසා ඝෝටාභය රාජපක්ෂ ජනාධිපති වරයා, මහින්ද රාජපක්ෂ වගේ මැරයන් වටේ තියාගෙන ගොන් වැඩ කරයි කියල මම හිතන්නේ නෑ,  ඝෝටාභය රාජපක්ෂ ජනාධිපති වරයා ට තියෙන්නේ රටේ නීති වලට සාපරාදී අපහාස නීතිය ගෙනෙවිත් තැබීම පමණයි බොරු චෝදනා කිරීම කිසිවෙකුට නොහැකි වෙන ලෙස ක්‍රමවේදයක් තියනවනම් ජනමාද්‍ය වල්බුරු නිදහසේ වැඩ නොකරනු ඇති, සිංගප්පුරුවේ ලී කවන් යු අගමැති වරයා කිසිවෙකුත් පැහැරගෙන මරා නොදැමූ අතර තමාට බොරු චෝදනා කල සියලු දෙනා කෝටිගණන් වන්දි ඉල්ලා නඩු පවරා, බංකොලොත් බාවයට පත්කර වන්දි ගෙවීමට නොහැකි වූ මිනිසුන් වසර 19 ක් වැනි දීර්ග කාලයක් හිරේ යවල ඉවර උනේ ඔවුන් හිගන්නන් බවට පත්කිරීම තුළිනුයි.

මෙනිසා විරුද්ද අදහස් පලකරන මිනිසුන් බය වෙන්න ඕනේ තමා බොරු කියනවනම් පමණයි, මොකද  ඝෝටාභය රාජපක්ෂ ජනාධිපති වරයා නීතියට පිටින් මිනිසුන් මරා විදේශ බලපෑම් උවමනාවෙන් තමා වෙත එකතු කරගෙන ජනයා අතර අප්‍රසාදයට පත්වී  බලය නැතිකරගන්න තරම් මෝඩ වෙයි කියල මම හිතන්නේ නෑ. මහින්දගේ නම් එම අඩුපාඩුව තිබුන නමුත් මේපාර මහින්ද ඒ සෙල්ලම් අගමැති විදියට කොලොත් ඝෝටාභය රාජපක්ෂ මහින්ද වත් දෙසපාලනයෙන් ඉවත් කිරීමට දෙසැරයක් හිතන්නේ නෑ.

මෙනිසා තමයි මම කියන්නේ ඔය බයේ වෙවුල වෙවුල ඉන්න පසුගිය කාලේ ඇතිතරම් බොරු කියපු මිනිසුන්ට හුස්මක් කටක් අරගෙන තමන්ගේ ජිවිතේ ගෙනියන්න තියෙන්නේ කියල, හැබැයි ඉදිරිකාලේ බොරු කිව්වොත් ඔබව ගෙනයාමට සුදු වෑන් එකක් වෙනුවට තැපැල් මාර්ගයෙන් Letter of Demand නමැති ලිපියක් ලැබෙනු ඇති, මෙය ලැබී සුලු මොහතකින් සියලු ගායාවල් නිට්ටාවට සුවවෙයි මොකද ඉල්ලලා තියන වන්දිය දැක්කම වේගවත් සුවයක් ඔබට ලැබෙයි.

ඉදිරි කාලයේ තරමක වාසි ජනතාවට මාර්තු වන තුරු ලැබෙයි ඉන්පසු අප සියලු දෙනාටම යම් සැලසුමකට වැඩ කිරීමට වෙයි, මෙනිසා තරමක අභියෝග පිරිකාලයකට අපට ලැබුනත් වසර 5 අවසාන වනවිට ශ්‍රී ලාංකිකයන්ට තමන් ගත්ත තීරණය ගැන සතුටු වෙන්න පුළුවන්.

හොදට මතක තියාගන්න ඕනේ ශ්‍රී ලංකාව දියුණු කිරීම මගින් රටේ දෙසපලකයන්ට රට සොරාගත්තට වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන් හැබැයි බොහෝ දෙසපාල්කයන් දෙසපාලනයෙන් ඉබේ ඉවත් කරන වැඩ පිලිවල දනටමත් පටන්ගැනීමේ පෙරනිමිති පහලවෙලා තියනවා.

මමනම් ඝෝටාභය රාජපක්ෂ ගැන සුබවාදී වන්නේ ඔහු දෙසපාලකයෙක් නොවන නිසයි!! 

අවසාන ලෙස රටට පරිනත ආණ්ඩු පක්ෂයකුත් ශතවර්ෂ බාගයකට ආසන්න කාලයක් අද්දැකීම් ඇති විපක්ෂ නායක වරයෙකුත් ලැබුන මට සජිත් ගේ පිරිසෙන් අහන්න ඕනේ ඔබට  සතුටුයිද දැන්  කියල විතරයි !!!
  

      
  
  

         

20 comments:

  1. මටනම් "ශ්‍රී ලංකික" කියන වචනේ ඇහෙනකොට කිසිම හැඟීමක් දැනෙන්නේ නෑ.
    කවුරුහරි තමුන් ශ්‍රී ලාංකිකයෙක් කියලා කිව්වොත් මුලින්ම මට හිතෙන්නේ
    මූ සිංහලයෙක් නෙමෙයි වගේ කියලා.
    ඊලඟට හිතෙන්නේ මූ තම්බියෙක් වෙන්න ඇති කියලා.
    ඊලඟට හිතෙන්නේ මූ මේ තමුන් ශ්‍රී ලාංකකියැයි කියන්නේ සිංහලයන්ගෙන් මොකක්හරි කඩා වඩාගන්න කියලා.

    ReplyDelete
    Replies
    1. //මටනම් "ශ්‍රී ලංකික" කියන වචනේ ඇහෙනකොට කිසිම හැඟීමක් දැනෙන්නේ නෑ.//

      එහෙම හිතෙනවනම් ඒ හිතන්නේ රටේ පවතින අධ්යාපන ක්‍රමය නිසයි ශ්‍රී ලංකාවේ අධ්යාපන ක්‍රමය ඇතිකරන්නේ විදේශිකයන් විසිනුයි ඔවුන් රට බාරදෙන්නේ විදේශික මානසිකත්වයෙන් හිස උදුම්මාගත් යටත් විජිත මානසිකත්වයෙන් යුත් පිරිසකුයි Colonial mentality කියන්නේ ඕක තමයි, මෙහි තිබෙන විශේෂත්වය තමයි අපට හරියට බෑ සුද්දට තමයි පුළුවන් කියල හිතන මනස, එච්චර විතරක් නෙමෙයි දේශීය චින්තනය තියන "බයියෝ " කියල හීන මානයෙන් පෙලෙන ඉංග්‍රීසි කතාකල නොහැකි පිරිස සුද්දට බනිමින් සුද්දගේ සියල්ල පිළිකුල් කරන මෝඩ මිනිසුන් පිරිසක් බිහිවුණා.

      මේ රටේ නියම දියුණුව කරා ගෙනයවන්න මුලික වූ කෙනෙක් තමයි අනගාරික ධර්මපාල තුමා, ඔහු විදෙශිය දැනුම අපේ සංවර්දනයට යොදන විදිය දැනට ශතවර්ෂයකට පෙර ක්‍රියාවට නැගුවේ ජපානය වැනි රටවලට පුද්ගලයන් වුර්තිය පුහුණුවට යැවීමෙන්.

      සියලු දෙනා තුල රට ගැන හැගීම ඇතිකිරීමට නම් මුලින්ම රට සියලු දෙනාට සාදාරනව සලකන ක්‍රමයක් තියන තැනක් වෙන්න ඕනේ රටේ එක නීතියක් තියෙන්න ඕනේ ඉන්පස්සේ ලෝකයට තරගකාරීව අපනයන කරන රටක් වෙන්න ඕනේ, මිනිසුන්ට තේරෙන්න ඕනේ රටේ නිපදවන භාණ්ඩ පාවිච්චිය මගින් රටවැසියන්ට තමන්ගේ ජිවන තත්වය ඉහලයන බව (ඉන්දියානුවෙක් මුලින්ම බලන්නේ ඉන්දියානු නිස්ෂ්පාදනයක් තියනවද කියල, අපි කෙලින්ම බලන්නේ මේක ලෝකල් නේද ඉම්පොර්ටඩ් එකෙක් නැද්ද කියන මනසින්.)

      මේ හැගීම් රටේ ඉබේ ඇතිවෙන්නේ නෑ රටක මෙවැනි හැගීම් නැත්නම් මිනිසුන්ගේ පරගැති මානසිකත්වයක් තියනවනම් හැමවිටම විදේශීය දේ රටට ආනයනය කිරීමෙන් රටක් ලෙස දිලිදු වෙන නිසා තමයි දියුණු රටවල් කච්චර දියුණු උනත් දේශය ගැන ආඩම්බරයක් ඇතිකරන්න උත්සහ ගන්නේ.

      Delete
  2. ෆොන්සේකාට වෙල් විදානේ කම හෙවත් ෆීල්ඩ් මාෂල් කම දෙන්නේ සිරිසේන ජනාධිපති විසින්. ඒ 2015 දී. සාමාන්‍යයෙන් කතාවට කියන්නේ ෆීල්ඩ් මාෂල් වරයෙක් යටත් වන්නේ නැති බවයි. මගේ අදහස, ගෞරවයක් වශයෙන් ෆීල්ඩ් මාෂල් පට්ටම ලැබීමට සුදුසු ලංකාවේ පළමුවැන්නා දිවංගත කැප්ටන් අලදෙණිය බවයි. ඒත් ඔහුට වඩා සුදුස්සන් මේ හමුදාවේ නැතැයි ඉන් අදහස් වන්නේ නෑ. ඒ සඳහා සුදුස්සන් නම් කිරීමට මට සුදුසු කමක් නෑ.
    ---

    නැවත කතාවට ආවොත්,

    ගෝඨාභය ගැන මටත් ඇත්තේ සුබදායක බලාපොරොත්තු. ඇත්ත වශයෙන්, රටත් සිංහල රාජ්‍යයත්** රැකේනම් අපට (හුදී ජනයාට) ඒ ගැන වද නොවී තමන්ගේ ජීවිකාව ගැන පමණක් වද විය හැකියි.

    අපට අවශ්‍ය හැම දේම නිකං දෙන ආණ්ඩුවක් නොව, අවශ්‍ය හැම දේම අපටම සපයා ගැනීමට ඉඩහසර* සළසා දෙන ආණ්ඩුවක්. ඒ සඳහා නිපුණතාවයක් නැති පුද්ගලයන්ට (විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෝ මේ සමාජයේ වෙසෙත්) රජය විසින් යම් සහනයක් සැළසීම (අපේ බදු මුදල් වලින් වුවත්) වරදක් නැත.
    ---

    * ඉහත "ඉඩහසර සළසා දීම" යන්නට අවස්ථා වැඩි කිරීමත්, බාදා ඉවත් කිරීමත්, හාත් පසින් ආරක්‍ෂාව සැළසීමත් ඇතුළත්.

    ** දැනට සිංහල රාජ්‍යයක් මෙහි නැත. ඇත්තේ සිංහලත්වය තැවරූ ක්‍රිස්තියානි රාජ්‍යයකි. උත්සාහය පවතින්නේ තැවරූ සිංහලත්වයත් ගලවා දැමීමට වන බැවින් මේ රාජ්‍යය මෙපණකින් හෝ රැකේ නම් එයත් ප්‍රමාණවත් ය. අඩියක්වත් ඉදිරියට නොගියත් මේ අවුරුදු පහ මේ තරමින්වත් අල්ලාගෙන සිටීමට ගෝඨාභය සමත් බවට විශ්වාසයක් තිබේ.

    ReplyDelete
    Replies
    1. කතා කතු,

      ස්තුතියි නිවැරදි කළා මහින්ද ඔහුට ලබාදුන්නේ Chief of Defence Staff (CDS ) කියන තනතුරයි,

      ඔබ නිවැරදියි මේ රටේ මිනිසුන්ට තේරුමක් නෑ නිකන් දෙනවා කියන දෙයින් වෙන්නේ මුළු රටම (දිළින්දන්) ඇතුළුව සියලු දෙනා දුප්පත් වන බව මොකද ප්‍රාග්ධනය ඕනේ වනවා ස්ථාවර වත්කම් ඇති කරන්න මෙයින් තමයි නව රැකියා ඇතිකරන්න පුළුවන්.

      ස්ථාවර වත්කම් වලට ඕන ධනය ජනතාවට කාල බිලා දාන්න දුන්නම රට ගෙනියන්න වෙන්නේ ණය වෙලා, ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැම්ම වගේ වෙන්නේ ජනතාව සියලු භාණ්ඩ ආනයනය කරන්න පුරුදු උනාම.

      Delete
    2. ඒ අවස්ථාවේ රාජපක්‍ෂලාට වෙනත් හමුදාපති කෙනෙක් (මතකය නිවැරදි නම් ඒ ජගත් ජයසූරියයි) පත් කර ගැනීම අවශ්‍යව තිබිණි. ඒ සඳහා ෆොන්සේකා හමුදාපති කමෙන් ඉවත් කිරීම අවශ්‍ය විය. සේවා දිගුව අවසන් වීමට කල් තිබියදී පනතක් මගින් උක්ත තනතුරේ බලතල කිසියම් ප්‍රමාණයක් වැඩි කර ඔහුට එය ලබා දී හමුදාපති තනතුරෙන් ඉවත් වීමට පොළඹවා ගන්නා ලද මුත් ඒ වන විටත් ලැබිය හැකි ඉහළම නිලය වූ ජෙනරාල් තත්වයට උසස් කර සිටි ෆොන්සේකාට විශ්‍රාම යාමේදී උසස් වීමක් නොලැබිණ (මෙය නාවික සහ ගුවන් හමුදාපති වරුන්ට ද සිදු විය). ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් වීමට බලාපොරොත්තුවෙන් සිටි මුත් ලෝකය ඉදිරියේ විහිළුවක් වීමට, සමහර විට, ගෝඨාභය රාජපක්‍ෂ කැමති වන්නට නැත.

      ෆොන්සේකා අර තනතුරෙන් ඉවත් වී ජනාධිපතිවරණයට එන්නේ ඒ හේතුවෙන් බව අපගේ අදහසයි. එසේ වුවත් ඊට පූර්ව සාකච්ඡා මට්ටමේ ඒ අදහස තිබෙන්නට ඇත. පාස්කු මහේෂ් පවා හමුදාපති තනතුරේ සිටිමින් අනාගත දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කළේ නැතැයි සහතිකයක් දිය හැකිද?
      ---

      යම් හෙයකින් ෆොන්සේකා 2010 දී දිනුවේනම් ඔහු පසුවදාම තමන් ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කර ගන්නවා ඇත. මෛත්‍රිපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත් කළ අයුරිණි. හමුදා මෙහෙයුම් පවතිද්දී ෆොන්සේකා හමුදාපති කිරීම සුදුසු තීරණයකි. හමුදා මෙහෙයුම් අවසන් වූ පසු ඔහු ඉවත් කිරීමත් අත්‍යාවශ්‍යයෙන් ගත යුතු තීන්දුවකි. 2010 දී රාජපක්‍ෂලා පත් වූයේ යකෙක් බැඳගෙන වැඩ ගත් ගුරුන්නාන්සේ කෙනෙකුගේ තත්වයටයි. යකාට වැඩක් නැති වූ වහාම ඌ කෙළින්න බලන්නේ කට්ටඩියාට ය.

      මීළඟ මැතිවරණයේදී ෆොන්සේකා දේශපාලනයෙන් විශ්‍රාම ගැන්වීම මහජනතාව සතු අයිතියකි. ඔහු නැවත ජාතික ලැයිස්තුවෙන් පත් නොකර සිටීම පක්‍ෂ නායකයින්ගේ යුතු කමකි. එසේම ඔහු අවසන් කාලයේ ඇමරිකා ඔරුමත්තනාඩුවට සංක්‍රමණය කරවා ගැනීම ආදරණීය දියණියගේ සහ ධනුන බෑණාගේ වගකීමකි. ඒ සඳහා ඔහු පොළඹවා ලීම එඩිතර භාර්යාවක් වශයෙන් අනෝමා මැතිණිය විසින් රට වෙනුවෙන් කරනා සේවයකි. විහින් අවලංගු කාසියක් වී ඇති බැවින් ජීවත් වන ෆොන්සේකාගෙන් කාටවත් වැඩක් නැතත් ෆොන්සේකාගේ මළ මිනියෙන් නම් බොහෝ දෙනාට ඉදිරියට වැඩ තිබෙනු ඇති බව පෙනේ.

      මා බිය අන්න ඒ ගැනය.

      Delete
    3. කතා කතු,

      // ෆොන්සේකා අර තනතුරෙන් ඉවත් වී ජනාධිපතිවරණයට එන්නේ ඒ හේතුවෙන් බව අපගේ අදහසයි. //

      මට හිතෙන විදියට ඒ කතාව එහෙම නෙමෙයි මොකද මහේෂ් ගැන කතාවේ මම දැනගත් දෙයක් තියනවා මම හිතෙනවා ෆොන්සේකා ගේ කතාවෙත් වෙන්න ඇත්තේ එකයි කියල, ඒ තමයි ෆොන්සේකාගේ කතාවේ නම් විදේශීය තානාපති කාර්යාලයන් මගින් විශාල මුදලක් ඔහුට ලබාදුන්නා විතරක් නෙමෙයි තමන් ඔහුට සහයෝගය දෙන බවටත් පොළබවා ගත්ත, මිට රනිල් අපුරුවට උදව් කරන්න ඇති, එවලේම ලැබෙන අතිවිශාල මුදලත් ඉදිරියේ ලබාගන්න පුළුවන් බලය ගැන කල්පනාකලාම ඔහු සිතුවා මහින්දව පරද්දන්න පුළුවන් කියල.

      // පාස්කු මහේෂ් පවා හමුදාපති තනතුරේ සිටිමින් අනාගත දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කළේ නැතැයි සහතිකයක් දිය හැකිද? //

      මගේෂ් ගැන මගේ සමීප මිතුරෙක් කිව්වේ ඔහුව තානාපති කාර්යාලයකට එක්ක ගොස් විශාල මුදලක් දුන්න බවත්, පසුව ඔහු අජිත් කොලොන්නේ මහතාව තානාපති කාර්යාලයකට ගෙනගොස් සාකච්චා කලවිට කොලොන්නේ මහතා ඉවත් වූ බවත් කියවෙනවා.

      අපි දැනගන්න ඕනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වියදම් කිරීමට විදේශීය බලවතුන් සැදී පැහැදී සිටිනවා, මෙවැනි ඉත්තෙකුට ඇමරිකානු ඩොලර් මිලියන කීපයක් කියන්නේ ඕනෑම පෘතග්ජන මිනිසෙක් බොහෝ දුරට වෙනස් කරන දෙයක්.

      ශ්‍රී ලංකාවේ විශාල සොබාවික කණිජ ද්‍රව්‍ය වගේම රටේ පිහිටීමත් බොහෝ විදෙස් බලවතුන්ට වැදගත් කමක් තියනවා මේ නිසා රටේ මිනිසුන් මේගැන දැනුවත් වෙන්න ඕනේ .

      Delete
  3. අපි සුබවාදීව බලා සිටිමු ! මටත් තියන එකම සැනසීම ඔහු සාම්ප්‍රදායික දේශපාලකයෙක් නොවීමයි..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,
      ඔහු සාම්ප්‍රදායික දේශපාලකයෙක් නොවීම විතරක් නෙමෙයි ඔහු මොඩයෙකුත් නෙමෙයි, යුද්ද කාලයේ කල දේවල් දැන් කල නොහැකියි මෙනිසා ඔහුට සිදුවෙනවා ඔහු වටේ සිටින සහ එක්රොක්වන දුෂක මිනීමරු මිනිසුන්ව පාලනය කිරීමට, එසේ කල නොහැකි උනොත් ඔහුට විරුද්දව
      ඇතිවන සුළු හෝ ජන නැගිටීමක් දඩමීමා කරගෙන ඔහුව ඉවත් කිරීමට ඉතා බලවත් රටවල් පෙළගැසී තිබෙනවා මෙනිසා ඔහුට සිදුවෙනවා සියලු කාර්යන් පරිගණක ගත කිරීමත් සුපරික්ශාවට යටත් කිරිමටත් එහෙම නොකර ඔහුට බලය අල්ලාගන සිටීම කල නොහැකියි, ඒ අතින් මහින්ද මෝඩයෙක් !

      Delete

  4. මේවා තමයි දවල් හීන. ඊළඟ මැතිවරනෙන් මාස තුනකට පස්සේ කියවන්න මේ පෝස්ට් එක බුක් මාර්ක් කරලා තියාගන්න.
    "..මිනිසුන් මරා විදේශ බලපෑම් උවමනාවෙන් තමා වෙත එකතු කරගෙන ජනයා අතර අප්‍රසාදයට පත්වී බලය නැතිකරගන්න තරම් මෝඩ වෙයි කියල මම හිතන්නේ නෑ. මහින්දගේ නම් එම අඩුපාඩුව තිබුන නමුත් මේපාර මහින්ද ඒ සෙල්ලම් අගමැති විදියට කොලොත් ඝෝටාභය රාජපක්ෂ මහින්ද වත් දෙසපාලනයෙන් ඉවත් කිරීමට දෙසැරයක් හිතන්නේ නෑ..."

    ReplyDelete
    Replies
    1. //මේවා තමයි දවල් හීන. //

      ඔහු දරදඩු පාලනයක් ගෙනගියොත් විදේශ ආයෝජකයෝ ශ්‍රී ලංකාවට නෑවිත් ඉදිවී, විදේශීය සංචාරකයෝ ශ්‍රී ලංකාවට නෑවිත් ඉදිවී, එහෙම උනොත් රටේ ප්‍රශ්නය වැඩිවී අවසාන ලෙස ඔහුට බලය අතහැරීමට සිදුවෙයි, ඉතාම සරලයි !

      ඔහු රටේ සෑම තැනම පැතිරී ඇති දුෂණය ඉවත් කරල රටේ දෙසපාලකයකුට ලබාගත හැකි විශාල වැටුපක් නිතියනුකුල ලෙස ලබාගත්තානම් ලැබෙන ආදායම ඩොලර් මිලියන 2 පමණ විය හැකියි වසරකට සිංගප්පුරුවේ මේ අගය ඩොලර් මිලියන 2.2 ක්,

      ඉහත කිව්වේ අවංකව පාලනය කලොත් දැන් බලමු අපි හැමට ඇති සැකයට අනුව කොමිස් ගැහුවනම්, එත් අතිවිශාල මුදලක් උපයන්න පුළුවන් මොකද ඉහලම නිලදාරියාට කොමිස් ගැසීමට ඉඩදී ඔහුගෙන් පහල සියලු දෙනාව දැඩි පාලනය කරන ක්‍රමයක් ආවනම් අපුරුවට පාලනය කරන්න පුළුවන්.

      මගෙනම් අවංක අදහස මේ දෙවැනි ක්‍රමය පාවිච්චි කරනු ඇති බවයි, හොදයි මේ දෙවෙනි ක්‍රමය කරන්නත් රට සාමකාමී පාලනයක් සිදුවිය යුතු බව ඕනෑම මෝඩයකුට තේරෙයි මෙනිසා මම කියන්නේ දවල් හීනයක් නෙමෙයි.

      Delete
  5. මාතලන්ගේ අඩවියෙන් උපුටා ගැනුණකි -

    ...බරපතලම ගැටළුව වන්නේ ඔවුන් සිටින්නේ යථාර්තයට බොහෝ දුරින් වීමයි.එය මෙසේ විසිතර කළ හැක.මාගේ විශ්වාසය නම් පාර්ළිමේන්තුවේ සිටින දෙතුන් දෙනෙකු හැරුනු කොට අන් සියළුම දෙනා අන්ත දූෂිතයින් වන බවයි.ගෝඨාභය මහතා මෙයට විරුද්ධව කටයුතු කිරීමට ගියහොත් සිදු වන්නේ ඔවුන් සියළුම දෙනා එකට එක් වී ගෝඨාභය මහතාට විරුද්ධව පවුරක් සේ එකට සිට ගැනීමයි.පාර්ළිමේන්තුවේ සහයෝගය නොමැතිව ජනාධිපති කෙනෙකුට පැවතිය නොහැකිය.එහෙයින් එවැනි තත්වයක් යටතේ ගෝඨාභය මහතාට ගත හැකි තීරණ ඇත්තේ දෙකක් පමණි.පළමු අවස්ථාව වන්නේ දූෂිත තත්වය දිගටම තිබෙන්නට හැර තමන්ගේ බලය තහවුරු කර ගැනීම.එය ඔබ වැනි අයගේ අපේක්ෂාව නොවන බව පැහැදිලිය.දෙවන අවස්ථාව වන්නේ දූෂණයට විරුද්ධව දිගටම කටයුතු කිරිමයි.නමුත් එහිදී සිදුවිය හැක්කේ බහුතර දූෂිත බලවේගය හමුවේ ඔහු පරාජය වී ඔහුගේ දේශපාලනය අවසන් වීමයි....

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය මහතාට පාර්ලිමේන්තු බලය ලබාගැනීමට මේ හොරු රැල ඕනේ වෙනවා, මම හිතන විදියට ඉදිරි මැතිවරණයේදී මේ හොරුන්ගේ උපරිම සහයෝගය ඔහු ලබාගන්නවා ඇති, එච්චර විතරක් නෙමෙයි මේ බොහෝ හොරුන්ට ඇමතිකම් ලබෙනවත් ඇති, හැබැයි ඔහු වගබලාගනී ඔවුන්ගේ ඇමති බලතල සිමා කිරීමට සහ දක්ෂ නිලදාරීන් පිරිසක් ඔහු යොදවයි සියලු වැඩ කිරීමට.

      බොහෝ ඇමතිවරු නාමික ඇමතිවරු වෙයි, ඔවුන් රටට බරක් වගේ පෙනෙයි නමුත් ඔවුන් ගෝඨාභය මහතාට විරුද්දනොවනු ඇති, හැබැයි සුළු ජාතික පක්ෂ වල උදව්වෙන් තොරව ඔහුට බහුතර පර්ලිමන්තු බලය සිංහල ජනතාව ලබාදිය යුතු වෙනවා.

      Delete
  6. මාතලන්ගේ අඩවියෙන් උපුටා ගැනුණකි -

    "..මහ මැතිවරන සමය නිමවන තුරු අපායේ ඉන්ටවල් කාලය බව සලකන්න.."

    ලංකා සිතුවිලි, ඔයා කියන්න ගෝඨා MCC ගිවිසුම අත්සන් කළොත් ඔයාගේ මතය වෙනස් වෙනවද? නැත්නම් එයා මොනවා කලත් ප්‍රශ්නයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නෑ රටට අහිතකර කොන්දේසි මත ඔය ගිවිසුම අත්සන් කරාවි කියල. යම් විදියකින් එක අත්සන් කරන්න උනොත් ගිවිසුමේ වගන්ති බොහෝදුරට සංසෝදනය වෙයි.

      Delete
  7. Politicking without corrupt people is not easy, since voters in the area support corrupt candidates. The fact is, hardly anyone voting outside traditional Api UNP/SLFP/JVP lines when it comes to Parliament elections. Even AUS/NSW govt had well known very corrupt MPs.

    So GR will have to walk on the tightrope, with MR and all the others who will win seats (including very corrupt) in next parliament. However he can limit corruption under his govt. And he also can answer some of the allegations against him.

    ReplyDelete
    Replies
    1. හරියට තේරුනා වගේ 100% agree කියල දැම්ම නේ..

      Delete
    2. ඉදිරි මැතිවරණයේදී ඝෝටභය මහතාට සිද්දවෙනවා දුෂිත දේසපාලුවන් ගේ සහය ගන්න, ඔහු උත්සහ කලොත් වුර්තියවෙදියෝ පාර්ලිමේන්තු යවන්න ඔහු අසාර්ථක වෙනවා, මොකද මිනිසුන් චන්දෙ දෙන්නේ දුෂිතයන්ට, මොකද දුෂිතයන්ට කියලයි ජනතාවගේ උවමනා ඉටුකරගන්න පුළුවන්, හැබැයි මේ දුශිතයනට උවමනා විදියට රට පාලනය කිරීමට දුන්නොත් තව වසර 2 ක් වත් රට සාමකාමිව ගෙනියන්න බැරිවී රාජ්‍ය බලය ගිලිහි සියලු දෙනා අනතුරේ වැටෙනවා.

      මෙනිසා ඝෝටභය කියන්නේ මෝඩයෙක් නෙමෙයි ඔහු නිසි වෙලාවට මේ සියලු දුෂිතයන් නාමමාත්‍ර මිනිසුන් බවට පත්කර රට පාලනය වුර්තියවෙදින් පත්කරනු ඇති, එතැනදී මම හිතන්නේ නෑ දුෂණය සහමුලින්ම ඉවර වෙයි කියල ඔහු ඉහලම ඉන්න මිනිසුන්ට පමණක් අධික ආදායමක් කොමිස් වලින් ලබන්න ඉඩ දීල පහල මිනිසුන් ඉහල මිනිසුන් ලවා දැඩිව පාලනය කරයි.

      මෙහිදී සියල්ල එකතුව දුෂණය කරනවා වෙනුවට ක්‍රමවත් විදියක් යෙදුවනම් අපට අන්තර්ජාතික වෙළදාමෙන් විශාල ලෙස ආදායම් ලබන්න පුළුවන් දෙසපලුවන්ට තම බලාපොරොත්තු සපල කරගැනීමටත් ලැබෙයි.

      Delete
  8. මෙහෙම කෙලින් කතා කරපු… ජනතාවගේ පැත්තෙන්ම හැමදෙයක්ම හිතන නායකයෙක් මීට කලින් මේ රටේ දැකල තියෙනවද? අපේ රටේ ජනාධිපති කියල කියන්න පුළුවන් මනුස්සයෙක් පත්වෙලා ඉන්නකොට තව මොනවද… මෙහෙම නායකයෙක්ට හැර මේ රට හදන්න වෙන නායකයෙක්ට පුලුවන්ද? මෙතුමාට ශක්තිමත් ආණ්ඩුවක් හදලා දෙන්න මහා සංඝරත්නය මේ වෙනකොටත් විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා…

    මෙදා පාර මැති-ඇමතීන්ට නටන්න නොලැබෙන විදිහට ඔවුන්ව හිරකරගෙන ඉන්න නිසා ජනතාවගේ විශාල ජනවරමකින් අන්ත ජාතිවාදී සුළු ජාතීන්ගේ අමන දේශපාලන නායකයින්ගේ පදේට නටන්නේ නැති, ශක්තිමත් ආණ්ඩුවක් හදන්න මගේ රටට මගේ මිනිස්සු උදව් කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔහු මෙතෙක් කෙලින් කථා කරලා තියනවා හැබැයි ඔහුට ඉදිරි මැතිවරණයේ බලයට එන්න වෙන්නේ හොරු කට්ටියක් එක්ක, ඔහු බලය ගත්ත වහාම ඔය ඇමති බලතල අඩු කරලා පාලනය නොකලොත් ඔහුට මහින්දට වඩා ඉක්මනට ජනතාව අතරේ අප්‍රසාදයට පත්වෙන්න වෙනවා, කොහොම උනත් මම දකින විදියට ඔහුට ජන ප්‍රසාදය දිගටම තියාගන්න ඕන නම් දෙසපාලකයන් ගේ බලය අඩුකරලා දැඩි පාලනයක් මුලින්ම දෙසපාලකයන්ව පාලනය කිරීමට වෙනවා මෙහිදී ඔහුට සහයෝගය දුන් මේ හොරු කොච්චර ඔහු සමග යටි සිතින් අමනාප උනත් ඔහු ගේ බලය ඉදිරියේ පුස් පැටව් වගේ ඉදී, හැබැයි මහින්ද වගේ ඔවුන්ට නටන්න දුන්නොත් ඔවුන් ඔහුවත් විනාශ කරලා රටත් විනාශ කරයි.

      Delete