ඉහත දැක්වෙන්නේ අද ලෝකයේ ප්‍රතිජීවක ඔසු නොහොත් Antibiotics වලට සිදුවී ඇති දෙයයි,
මේ ඉන්නේ මහාබ්‍රිත්නයේ ප්‍රධාන වෛද්ය නිලධාරීනියයි
මේ වීඩියෝවට යොමුවීමට පෙර අපි බලමු සරලවම මේ ප්‍රශ්නයට හේතුව කුමක්ද කියල.
දැනට නවීන සමාජය පුරුදු වී ඇත්තේ ඕනෑම සුළු අසනිපයකදිම වෛද්යවරු හමුවට යාමයි ඔවුන් විස්වාස කරන්නේ ඉක්මනින් රෝගයට ප්‍රතිකාර ගත් වහාම රෝගය සුවකිරීම පහසු බවයි.
මෙහිදී විශේෂඥ වෛද්ය වරයෙක් ලෙස සාමාන්‍ය මිනිසුන් සිතා සිටින්නේ ඉතා වේගයෙන් අදාළ ලෙඩ සුවකරන වෛද්යවරයායි, මෙහිදී සිදුවන්නේ කුමක්ද ?
මේ වේගයෙන් ලෙඩ සුවකිරීමට පාවිච්චි කරන්නේ ඉතා බලසම්පන්න ප්‍රතිජීවක ඔසු නොහොත් ( Antibiotics ) මෙහිදී මිනිසුන් ආඩම්බරයෙන් කියන්නේ
උදාහරණ : මේ දන්නවද මෙයා අපේ පොඩි එකාගේ අසනිපයට අහවල් specialist ලගට ගියානේ එක වේලෙන් ලෙඩේ හොදයි.
මෙතන සිදුවි ඇත්තේ ඉතාම සැර ප්‍රතිජීවක ඔසුවක් අදාළ රෝගියාට ලබාදීමයි, මෙමගින් වෙන්නේ අදාල රෝගය වේගයෙන් යටපත් වීමත් කාලයත් සමග දිගින් දිගටම මේ ප්‍රතිජීවක ඔසු පාවිච්චිය නිසා කිසිම බෙහෙතක් ඔරොත්තු නොදීමයි එනම් ප්‍රතිජීවක වලට ඔරොත්තු දෙන බැක්ටීරියා (superbug) ඇතිවීමයි.
මෙහිදී ඔබ සැවොම දැනගත යුත්තේ නවීන වෛද්යවිද්‍යාව කොච්චර දියුණු යයි කිව්වත් යම්විදියකින් ප්‍රතිජීවක නොමැති අවස්තාවක කිසිම වැඩක් නැති තත්වයට පත්වීමයි.
අනෙක් මුලික කරුණ නම් නවීන ප්‍රතිජීවක නිපදවීමට සමාගම් විශාල මුදලක් ආයෝජනය කිරීමට මැලි වීමයි, තව තේරෙන විදියට කිව්වොත් පසුගිය වසර 40ට කිසිම ප්‍රතිජිවකයක් අලුතින් සොයාගෙන ඉදිරිපත් කර නැතිබවයි.
දැන් මේ දොස්තර නෝනලා අඩමින් වගේ කියන්නේ රජය පුද්ගලික සමාගම් වලට ප්‍රතිජීවක සොයාගැනීම සදහා පහසුකම් සපයා දියයුතු බවයි.
දැන් බලමු පෙන්සිලින් සොයාගත් දොස්තර Alexander Fleming කිව්වේ මොනවද කියල ?
In 1945, Alexander Fleming
The discoverer of penicillin, warned the public that doctors were abusing penicillin by using it in patients who did not need it. He said, "In such cases, the thoughtless person playing with penicillin is morally responsible for the death of the man who finally succumbs to infection with the penicillin-resistant organism. I hope this evil can be averted."
මෙහිදී Alexander Fleming කියනවා සාමාන්‍ය දොස්තරවරු හැම සුළු අසනිපයකටම penicillin දීමෙන් අවසාන ලෙස penicillin වලට ඔරොත්තු දෙන බැක්ටීරියා නිසා මියයන ජිවිත වෙනුවෙන් වගකිවයුතු බව.
දැන් මිනිසුන් හැටියට තේරුම් ගන්න ඕනේ අපේ ආහාර පුරුදු සහ ගති පැවතුම් වෙනස් කරගන්න එහෙම බැරි උනොත් පහසුවට take away ආහාර රටාවට පුරුදු වුනොත් වයස 55 පමණ වනවිට පුද්ගලික ආරෝග්‍යශාල වලට ඉතුරු කරපු තුට්ටු දෙක පුජාකර මේ ලෝකයෙන් චුත වීමයි.
මෙහිදී ප්‍රතිජිවක ගැන කියනකොට වෛද්යවරු විතරක් නෙමෙයි ඒවා පාවිච්චි කරන්නේ පලතුරු එළවලු සහ සතුන් සදහාත් විශාල ලෙස අපරටෙත් ප්‍රතිජිවක පාවිච්චි කරනවා.
මෙන්න මේ නිසයි තම ගෙවත්තේ හැකිපමණ එළවලු පලතුරු වගාකරන අතර මේ ප්‍රතිජිවක පාවිච්චි කරයි කියල සැක සියලු ආහාර වලින් වැළකීමයි නුවනට හුරු.