Friday, March 2, 2018

රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද ? ඔහු මොනවද කරන්නේ ?




දැනට ශතවර්ෂ කාලකට වඩා වැඩි කාලයක් විපක්ෂ නායක කම කරන රනිල් වික්‍රමසිංහ නමැති අගමැති වරයා ගැන විවිද කතා ලෝකයා කියයි සමහර ඒවා ඔහුගේ පුද්ගලික ජිවිතයට පහර ගහන අතර තව සමහර ඒවා ඔහුගේ වටිනාකම ගැන වර්ණනා කරයි.

රනිල් ගැන කියන්න කලින් අපි මේ ලෝකය ගැනත් එය පාලනය කරන පිරිස ගැනත් ශ්‍රී ලංකාව ගැනත් එහි ඇති වැදගත් කම ගැනත් තේරුම් ගත යුතු වෙනවා.

අද වනවිට මේ ලෝකය පාලනය කරන්නේ මිනිසුන් 100 වැනි සුළුතරයක් කිව්වොත් බොහෝදෙනා විශ්වාස කරන එකක් නෑ තව සරලලෙස කිව්වොත් ලොව සිටින මිනිසුන් 8 දෙනෙකු ලෝකයේ ධනයෙන් බාගයකට හිමිකම් කියයි.

https://www.oxfam.org/en/pressroom/pressreleases/2017-01-16/just-8-men-own-same-wealth-half-world

 මෙවැනි අතිවිශාල ධනයක් සුලූ පිරිසක්  සතුවී තියන්නේ අහම්බෙකින් නෙමෙයි යම් විදියකින් කිසියම් පුද්ගලයන් සමුහයක් සතුව විශාල ධනයක් ඇත්නම් අදාල රටේ රජයන් කුමන හෝ ක්‍රමයකට බද්දක් හදුන්වාදී අදාළ අතිරික්ත මුදල රජයට ලබාගනී.

මෙවැනි බලවතුන් කරන්නේ ලෝකයේ බලවත් සමාගම්වල කොටස් කරුවන් වී අදාළ රටවල ඇමතිවරු මන්ත්‍රී වරුන් ගේ විවිද වැඩසටහන් වලට මුදල් පොම්ප කරමින් රටේ නීති තමාට සහ තම සමාගම් වලට එරෙහිව යාම වලකාගනීමයි.

ටිකක් හිතන්න සාමාන්‍ය මිනිසකු රජයේ සේවකයකුට මුදලක් දී කිසියම් වැඩක් තම වාසියට කරවාගත් විට එය හදුන්වන්නේ අල්ලසක් Bribe ලබාගැනීමක් කියලයි නමුත් මෙය මහාපරිමාණයෙන් සිදුවන මෙවැනි ඇමතිවරුන් මන්ත්‍රී වරුන් මිලදීගැනීම Bribe යන වචනයෙන් කිසිවිටකත් හදුන්වා දෙන්නේ නැත, මෙය හදුන්වන නම්බුකාර වචනය Lobbying
යන්නයි (Lobbying, persuasion, or interest representation is the act of attempting to influence the actions, policies, or decisions of officials in their daily life, most often legislators or members of regulatory agencies.) පාර්ලිමේන්තු පනත් සහ නීති සම්මතයේදී බාහිර පර්ශවයක් ලෙස තමාට වාසි සහගත ලෙස වෙනස් කරගැනීමට පෙලබවිම  ලෙස අර්ථ දක්වනු ලැබේ.

මෙය බටහිර ලෝකය තුලත් බටහිර ජනමාද්‍ය තුලත් වරදක් ලෙස අර්ථ ගත නොවෙයි මිට හෙතුව මේ ආයතනත් මේ ක්‍රියාවලියේම කොටස් කරුවන් නිසයි නමුත් අවංකව රටක පුරවැසියෙක් ලෙස මේ දිහා බැලුවොත් බහුතර පුරවැසියන්ගේ අයිතීන් යටපත් කර සීමිත පිරිසක් වෙනුවන් ජනතාව උදෙසා පිහිට වුවා යයි කියමින් ජනතාවගේ බදුමුදලින් නඩත්තු වෙමින් ජනතාවම මංකොල්ල කෑම නුතන ප්‍රජාතන්ත්‍ර වාදය ලෙස අර්ථකථනය කල හැක.

ඉහත විග්‍රහය උවමනා කරන්නේ ශ්‍රී ලංකාව කියන්නේ මොකද්ද කියල තේරුම් ගන්නයි
http://www.wikiwand.com/en/Trade_route

මෙය කල්පනාවෙන් බැලුවොත් පෙනෙයි ශ්‍රී ලංකාව පිහිටා තියන්නේ ලෝකයේ විශාලම වෙළද මාවතක මද්යලක්ෂයේ සිට බවයි. මෙනිසා ලෝකයේ සියලුම බලවත් රටවල බලවත් බහුජාතික සමාගම් ජාලය මගින් ශ්‍රී ලංකාවේ පිහිටීමෙන් එක්කෝ තමන් ප්‍රයෝජනය ගන්නේ කෙසේද එසේ කල නොහැකි නම් තම තරග කාරී රට හෝ සමාගම ශ්‍රී ලංකාවේ පිහිටීමෙන් ප්‍රයෝජන ගැනීමෙන් වළකන්නේ කෙසේද? කියන ප්‍රශ්න 2ට විවිද ක්‍රියාකර කම්වලින් පිළිතුරු දෙන්නේ අදක ඊයෙක නෙමෙයි මිට ශතවර්ෂ කීපයක සිටයි.

බ්‍රිතන්‍ය තම විශාල නැව් හමුදාවට උවමනා තෙල් ගබඩා ශ්‍රී ලංකාවේ තිරිකුනාමලේ  ස්තාපිත කරන්නේ මිට වසර 80ටත් පෙර වීම හොදම උදාහරණයයි.

දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ දියුණුව නිසා පහරවදින රටවල්.

01. ඉන්දියාව :- ශ්‍රී ලංකාව දියුණු වෙනවා කියන්නේ දකුණු ඉන්දියාවට කෙලින්ම යන නැව් මාර්ගය ඊට ඉතා අඩු මිලක් යටතේ ශ්‍රී ලංකාවෙන් සේවය ගන්න ගියොත් ඉන්දියාවට යවන බොහෝ නිෂ්පාදන ඉන්දියාවට ලැබෙන්නේ ශ්‍රී ලංකාව හරහායි මෙනිසා ඉන්දියාවට අහිමිවන ආදායම ගණන් බැලිය යුතු වන්නේ ඩොලර් බිලියන වලිනුයි, ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවට ඉන්දියාව  තරම් විශාල රටකට භාණ්ඩ හා සේවා සැපයීම සදනා හැකියාවක් නැති උනත් චීනය ශ්‍රී ලංකාවේ වරායන් වලින් ප්‍රයෝජගැනීමට හැකි නම් ඉන්දියාවට ලෝකයේ අහිමි වන වෙළදපොළ අතිවිශාල වනු ඇති.

දීර්ග කාලීනව සිතන ඉන්දියාව මෙවැනි දෙකට ඉඩ දී ඇස් කන් පියාගෙන සිටිනු ඇතයි සිතීම කොච්චර විහිලුවක්ද ?

02. සිංගප්පුරුව :- ශ්‍රී ලංකාව දියුණු වීම කියන්නේ සිංගප්පුරුව කියන රටට යන එන මන් නැතිවීම බව එම රට හොදින් දනී ලෝකයේ https://ckrhmt2008.weebly.com/transportation-routes.html තෙල් ප්‍රවාහන සිතියම බැලුවොත් මෙය අපුරුවට තේරුම් ගන්න පුළුවන්

සිංගප්පුරුවේ වැඩිම ධනය නිපදවන අපනයන වන්නේ

Electrical machinery, equipment: US$124.1 billion (33.3% of total exports)
Machinery including computers: $52.4 billion (14.0%)
Mineral fuels including oil: $47.8 billion (12.8%)
Optical, technical, medical apparatus: $17.6 billion (4.7%)
Gems, precious metals: $17.1 billion (4.6%)
Organic chemicals: $15.5 billion (4.2%)
Plastics, plastic articles: $14.6 billion (3.9%)
Aircraft, spacecraft: $6.6 billion (1.8%)
Perfumes, cosmetics: $6.5 billion (1.7%)
Pharmaceuticals: $5.9 billion (1.6%)

මෙහදී කනිජ ඉන්දන වලට ඩොලර් බිලියන 47 ලබන ඔවුන් ඊට පහල ඇති ප්ලාස්ටික් සහ රසායනික නිමවුම් වලට පාවිච්චි කරන යෙදවුම් වල වැඩි කොටස සම්බන්ද වන්නේ කනිජ තෙල් පිරිපහදු මහින් ලැබෙන යෙදවුම් වලින් බව සත්‍යක්,  පසුගිය දශක වල පරිඝනක අංශයෙන් කරන ලද අතිවිශාල දියුණුව නොවන්න ඔවුන්නේ මුලු ආර්ථිකයම රදාපවතින්නේ වෙළදමාවත තුලින් ලබන යෙදවුම් වලින් වීම අති විසේෂයි, මෙවැනි තත්වයක් තිබියදී ශ්‍රී ලංකාව මේ අංශ වල දියුණු වෙනවා කියන්නේ ඔවුන්ගේ වෙළදපොල ඉතා කෙටි කලකින් ඔවුන්ට අහිමි වෙනවා කියන දෙයයි.

චීනය වැනි රටක් ශ්‍රී ලංකාව තුල යටිතල පහසුකම් දියුණු කරනවා කියන්නේ ඔවුන්ට භීතියට පත්කරන දෙයකුයි.

මිට අමතරව ආසියාවේ බලවත් රටක් ඇතිවෙනව කියනේ එක අංශයෙකින් බටහිරට ලෝකයට පාලනය ගිලිහෙනවා කියන දෙයයි.

චීනය :- ශ්‍රී ලංකාව දිහා චීනය දකින්නේ තමන්ට ලෝක වෙළදාමේ සංදීස්ථානයක් අත්පත් කරගැනීමට ඇති තෝතැන්නක් ලෙසයි, මෙහිදී ශ්‍රී ලංකාවේ සියලුම වටිනා ස්ථාන තම අනසකට නතුකරගැනීම මහින් වැඩිම ආධායමක් තම රටට ගෙනයාමට චීනය වගබලා ගනී.

මේ සහදහන් කලේ අපට දකින්න පුළුවන් සරල තත්වයයි නමුත් ඇත්ත ලෝකය මිට වඩා සංකීර්ණයි. මහජනයා මෙය තේරුම්ගැනීමට අපහසු වී ඇත්තේ රටේ ජනමාද්යත් මේ තත්වය හරිහැටි ජනතාවට නොපෙන්වා කරන තම වාසියට ගේම් ගැසීම නිසයි.

හොදම උදාහරණය සිරස ආයතනය විසින් ජාතික ගෙවුම් වේදිකාවට කරන පහරදීමයි.
http://www.readme.lk/npp-saga-part-1/

මෙය තරමක් සංකීර්ණ සිධියක් උනත් අප දිලිදු භාවයේ ගිල්වන අපුරුව මෙයින් බලාගන්න පුළුවන්

පසුගිය කාලයේ අපි PayPal ගැන කතාකලා මෙය වැදගත් වන්නේ විදේශයක සිටින විදේශිකයකුට ශ්‍රී ලංකාවේ භාණ්ඩයක් විකිණීමේදී ඔවුන් ණය පත් ඔස්සේ මුදල් ගෙවනවා, මේ මුදල් වාණිජ බැංකුවක් ආධාරයෙන් Payment gateway ආධාරයෙන් ගෙවන්න උත්සහ කලොත් මේ සේවය වෙනුවෙන් ශ්‍රී ලංකික වෙළෙන්දාට වසරකට රුපියල් 60000 පමණ වෙලදාම් කලත් නැතත් ගෙවන්න වෙන අතර සෑම ගනුදෙනුවකටම මුලුවටිනාකමින්  3% පමණ ගෙවන්න වෙනවා, මෙවැනි මුදලක් ගෙවන්න හැකියාවක් සුළු වියාපරිකයන්ට නෑ.

මේ ප්‍රශ්නය විසදන්නයි ජාතික ගෙවුම් වේදිකාව NATIONAL PAYMENT PLATFORM හදුන්වා දෙන්නේ, ප්‍රශ්නය වෙන්නේ මෙය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ICTA ආයතනය විසින් ශ්‍රී ලංකා මහබැංකුව ඉල්ලන පාලන පහසුකම් නොදීම නිසයි මෙහි පත්විඇති ප්‍රශ්නය මතුවී ඇත්තේ මුහුන්දන් කනගේ නමින් පත්කර ඇති ප්‍රධානියකු මහින් මේ පහසුකම පුද්ගලික සමාගමකට පැවරීමට කරන උත්සහයයි, මේ කනගාටු දායක තත්වයට හේතුව, මෙම ජාතික ගෙවුම් වේදිකාව සුළු පරිමාන වෙළදුන්ට විකුණන භාණ්ඩ වලට 3% පමණක් ගෙවියයුතු වන ක්‍රමයක් හැදුවනම් ජනතාවට විදේශ වලට භාණ්ඩ අලවි කිරීමට අපුරු ක්‍රමයක් ලැබෙන අතර වාර්ෂික ගෙවීමක් නැතිවීම නිසා සුලුපරිමාන වෙළදුන් අන්තර්ජාලය මගින් භාණ්ඩ ඇලවී කිරීමට අවස්තාවක් ලැබෙනවා.

මහරාජා ආයතනය විසින් ජනතාව මුළුමනින්ම නොමග අරින්නේ මෙහි ඇති වැදගත් කම ජනතාවට නොපෙන්වමින්, අනෙක් අතට රනිල් ගේ රජයේ ගෝලයෙක් වන මුහුන්දන් කනගේ කරනේ ICTA ආයතනය හරහා වෙනම ගේමක් ගැසීමයි.

මෙක්‍රමය පුද්ගලික සමාගමක් සතුවිමෙන් ජනතාවට අඩු මිලට සේවයක් ලබා දිය නොහැකි අතර මේ ක්‍රමයට සිරස පහර ගසන්නේ මුළු ක්‍රමය නිවැරදි ලෙස ජනතාවට පෙන්වා නොදෙමින් ඔවුන් බෙසමත් සමග දරුවා විසිකිරීමයි කරන්න උත්සාහ කරන්නේ.

මෙවැනි ගේම් ගොඩක් සහ නුගත් මහජනයා නිසයි රට මේ තත්වයට පත්වී ඇත්තේ.

දැන් අපි මුල් මාතෘකාවට ආවොත් සිදුවෙන්නේ විවිද පරමාර්ථ ඇති බහුජාතික සමාගම් තම ස්වාමි වරුන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකාව කොල්ලකන අවස්ථාවයි.

මෙතන රනිල් වික්‍රමසිංහ කියන්නේ බටහිර ලෝකයේ බලවතුන්ගේ උවමනා නියෝජනය කරන ඒජන්තයකුයි, දැන් මේක අහපු ගමන් මහින්දට කඩේ යනවා කියයි, මහින්ද 2005 දී තෝරාගන්නේ චීන සහයෝගය හරහා බලය රදවාගන්නයි ඔහු දැනගන්නවා බටහිර බලවතුන්ගේ සංකීර්ණ උවමනා හරහා තමාට පවතින්න අපහසු බව මොකද ලෝක බැංකුව හරහා කිසිවිටක විශාල වැඩසටහන් කිරීමට නොහැකියි මොකද මේවයින් රටට ආර්ථික නිදහස ඇතිවෙනවා කියන්නේ ලෝක බලවතුන්ට රට පාලනය කිරීම අපහසු වෙනවා, නමුත් මහින්දගේ අවංක උවමනාව රට දියුණු කිරීම නෙමෙයි ඔහුට ඕනේ බලය රදවාගන්න ගමන් විශාල වියප්පෘති වලින් තමන්ටත් පවුලේ අයටත්,  හිතවතුන් ටත් කොමිස් ලබාදීමෙන් බලය රදවාගනිමයි ඔහු උත්සාහ කලේ ,මෙනිසා හම්බන්තොට වරාය ඉතා වැදගත් ආයෝජනයක් උනත් එහි තෙල් පිරිපහදුව සාදන තුරු වරායෙන්  ණය ගෙවන්න උවමනා  ආදායම් ජනනය වෙන්නේ නෑ, ඔහු රටට ආදරය කලානම් කරන්න තිබුනේ මත්තල ගුවන් තොටුපල නමැති නව ආයෝජනය නොකර හම්බන්තොට වරාය අවසන් කිරීමයි. 

කෙසේවෙතත් රනිල් ට මෙසේ බලයේ සිටින්න ආධාර වෙලා තියන්නේ එකසත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ බටහිර රටවල රාජ්‍ය බලයි, සිරිසේන ජනධිපති චන්ද වාසි සදහා රනිල්ට හොරා කිව්වත් අද වෙනවිට නිතිය හා සාමය ඇමති කම රනිල්ට දෙන්න වෙලා තියන්නේ බටහිර ලෝකයේ සහ ඉන්දියාවේ සහය රනිල්ට තියන නිසයි.

රනිල් වික්‍රමසිංහ කියන්නේ තමන්ගේ ම ලෝකයක ජිවත් වන තම පාසල් මිතුරන් සමග රට කරවන්න හදන පාලකයකුටයි බටහිරින් ලැබෙන ඔනෑම නියෝගයක් කිසිදු හෙවිල්ලකින් තොරව ක්‍රියාත්මක කරන රනිල් වගේ කෙනෙක් ව බටහිර රටකට හැදීමත් පහසු දෙයක් නෙමෙයි.

2002 යුගයේ සිදුවී ඇති සිදුවීම් වලින් මනාව මෙය තේරුම් ගන්න පුළුවන් WikiLeaks පෙන්වා දුන් පරිධි රනිල් සාම ගිවිසුම ක්‍රියාත්මක කරන යුගයේ නොර්වේ රටේ නියෝජිතයන් ඔහුගෙන් අහනවා මේ ප්‍රතිසංස්කරණ නිසා සංහල ජනතාවගේ විරෝදත්වය ලැබෙයි නේද කියල නමුත් ඔහු කිසි බයකින් තොරව ඒවා ක්‍රියාත්මක කරනවා.

මෙනිසා ඔහු තනිකරම පරගැති පාලකයෙක්, හැබැයි රටේ පරිපාලන වියුහය ගැන ඔහු තරම් දන්නා කිසිවෙක් එක්සත් ජාතික පක්ෂය තුල නෑ. මෙන්න මේකයි නියම ප්‍රශ්නය.

රනිල් සිරිසේන දේපල තනිකරම විදේශ බලවේග විසින් නටවන රූකොඩ 2 ක් විතරයි.

දැන් කෙනෙක් ට හිතන්න පුළුවන් මෙරටේ කිසිම උගතෙක් රට වෙනුවෙන් සේවය කරලා නෑ නේද කියල මේක තනිකරම වැරදි අදහසක් බොහෝ ප්‍රතිපත්ති සම්පාදන නිලදාරීන් මේවා ගැන වාර්තා ඉදිරිපත් කරලා තියනවා සමහර විට කෙනෙක් පුදුම වෙයි වසර 20 කාලයක නිලදාරීන් 10 සිටියානම් සෑම නිලදාරියම රජයට විවිද සාධනීය යෝජනා ඉදිරිපත් කරලා තියනවා නමුත් මේවා ක්‍රියාත්මක නොවෙන්නේ දෙසපාලුවන්ගේම වරද නිසා නෙමෙයි මේවා පනත්  බවට පත්වෙනකොටම මේවට අදාළ අංශවල සිටින බාහිර පාර්ශව (විදේශ සමාගම්වල ඒජන්ත වරු, ලෝක බැංකුවේ  උපදේශක වරු ) මේවා අද්‍යනය කර වහාම භාණ්ඩාගාරයේ නිලදාරීන් හරනා දැනුවත් කරනවා ඉදිරි ණය වාරිකය ලබාහන්න ඕනේ නම් මේ, මේ වගන්ති ඉවත් කලයුතු බව.

එහෙම නැත්නම් අදාළ ඇමතිවරයාට අල්ලසක් දී හෝ එය නතරකරවනු ලබනවා.

මේ තත්වය වෙනස් වන්නේ 2007 වැනි යුගයක ගොටාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාගේ යුගයෙයි, ඔහු විසින් යුද්දය ශුද්‍ර ලෙස පරිපාලනය කරනවා, මේ සදහා  ඔහු ජනමාද්‍ය වලට රිසිලෙස රජයට අවාසි පුවත් අසත්‍ය පුවත් පලකිරීමට අවස්තාව දෙන්නේ නෑ, ඔහු යුද්ධය ඇති කලාප මාද්‍යවේදීන්ට තහනම් කලාපයක් කරනවා, අන්ත්ර්ජාතිකව ඇමරිකාවේ ඇතිවූ ත්‍රස්තවාදී විරෝධී ආකල්පය උපරිම ප්‍රයෝජනයට ගෙන විදේශ බලපෑම නිසි ලෙස පරිපාලනය කරනවා ඔහුට භය නැතිව මෙය කළහැකි වන්නේ චීනය ඔහුට උවමනා ආදාර කල නිසයි ඔහු නොසිටින්න අදත් මේ යුද්දය තියන්න තිබුන.

මෙවැනි එක්තරා විදියක ඒකාධිපති ක්‍රමයකින් තමයි ශ්‍රිලංකාවේ පසුගිය දියුණුව අත්පත්කර ගත්තේ, අද වෙනවිට මාද්‍ය නිදහස තිබෙන බව කියනව නමුත් ලෝක දුෂිතම රටවල් අත්තර 85 වන තැන සිටි අප අද 91 වැනි තැනට පල්ලම් බැහැල තියනවා  https://www.transparency.org

මෙහෙම උනේ ඇයි ? ඒ කියන්නේ දුෂිතම මහින්දගේ පාලනයට වඩා රනිල් මයිත්‍රී පාලනය දුෂිතයි !
ඒ කියන්නේ මහින්දගේ   ගොටාභය රාජපක්ෂ යුගයට වඩා මේ කාලේ දුෂණය වැඩි උනේ කොහොමද ?

ඊට හේතුව මහින්ද වැඩ කරමින් සොරකම් කළා රනිල් මයිත්‍රී වැඩ නොකරමින් සොරකම් කරනවා මෙන්න මේකයි වෙනස.
ජනතාව වැඩ කරන හොරෙකුට චන්දය දීල තියනවා වැඩ නොකරන හොරෙකුට වඩා.

මේක තමයි ශ්‍රී ලංකාවේ තත්වය මෙය දියුණු කිරිමට නම් කළහැකි යෝජනා කීපයක් ඉදිරි ලිපියකින් ඉදිරිපත් කරන්නම්.                       

6 comments:

  1. ලාංකික සිතුවිලි,

    බොහෝ දුරට ඔබ සමග එකඟ නමුත් ඔබ මෙහි රනිල් මාතෘකාව යොදා තිබුණත් වැඩිපුර කතා කොට ඇත්තේ ලංකා-ලෝක ආර්ථික තත්ත්වය සහ ලක් ආර්ථිකයට ඇති තර්ජන ගැනයි. කෙසේ නමුත් මා මාතලන්ගේ බ්ලොගයේ රනිල් ගැන ලිවූ කරුණු නැවතත් මෙහි කියන්නම්;

    රනිල් වික්‍රමසිංහ මේ රටේ දෙවරක්ම ඉතා බලගතු ලෙස අගමැති ධූරයට පත් 2001 දී සහ 2015 දී ඔහු භාවිතාවෙන් පෙන්වූයේ ඔහු ධනවාදියකු බව හෝ ලිබරල්වාදියෙකු බවද?

    ඔහු සමාජවාදියකු නොවේ. ඇතැමුන්ට අනුව ඔහු ලිබරල්වාදියෙකි. තවෙකෙකුට අනුව ඔහු ධනවාදියෙකි.

    ධනවාදියෙකු නම් උත්සාහ කළ යුත්තේ මෙරට තුළ ධනවතුන් බිහි කිරීමටය. ඔවුන් උපයන අතිරික්ත ප්‍රාග්ධනය භාවිතා කොට ලෝකයේ අනෙක් රටවල සම්පත් සහ ශ්‍රමය වෙත යොමු වීමටය.

    2001 රීගේනින් ශ්‍රී ලංකා (Regaining Sri Lanka) වැඩසටහන ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරීමෙන් ගම්‍ය වන්නේ ඔහු ධනවාදියෙකු හෝ ලිබරල්වාදියෙකු හෝ වන බව නොවේ.

    ඇමරිකා,චීන ඇතුළු ධනවාදී රටවල බහු ජාතික සමාගම් වලට ලංකාව කොල්ල කන්න උදවු කරන්නට සූදානම් වූ ඔවුනගේ චක්ගෝලයකු බව පමණි ඒ මඟින් පෙනෙන්නේ.

    2001දී ඔහු ගැන කීමට තිබූ එකම හොඳ සෘණ ආර්ථිකයක් ධන කළ බවය. නමුත් ඇත්ත වශයෙන්ම ලංකාව වැනි රටක සෘණ ආර්ථිකයක් ධන කිරීම, ධන ආර්ථිකයක් යළි ධන කරනවාට වඩා පහසුය. එය නිතැතින්ම වාගේ සිදුවන්නකි. මහා දුර්භීක්ෂයක් නොතිබීම ඒ සඳහා හොඳටම ප්‍රමාණවත් වේ. (සෘණ ආර්ථිකයක් ලෙස එදා දේශපාලකයන් විසින් හැඳින්වූයේ ආථික වර්ධන වේගය සෘණ අගයක් ගැනීමය.), වසර 2000 දී දැඩි ත්‍රස්ත ප්‍රහාර නිසා කටුනායක ඇතුලු මර්මස්ථාන විනාශ වීමත් ජාත්‍යන්තර රක්ෂණ අධිභාර නිසාත් කඩාවැටුණු ආර්ථිකය 2001 දී සටන් විරාම ගිවිසුම සමග යළි පණ ගැසීම පමණයි සිදුවුණේ? නැත්ද?

    එකල ඔහු ජනතාවට කීවේ පටි තද කර ගන්න කියාය. මෙවරද එම වචනයෙන් නොකීවද සමස්ථ 2018 අයවැයේ මුඛ්‍ය අර්ථය පටි තද කර ගනු යන්නයි.

    මහින්ද සමයේ තත්වය මීට හාත්පසින්ම වෙනස් විය. මහින්දගේ පණිවුඩ වූයේ ඒක පුද්ගල ආදායම වැඩි කිරීම, දිළිඳු රටක සිට මැදි ආදායම් රටක් බවට පරිවර්තනය කිරීම, සාමයේ ප්‍රතිලාභ, සහ ආසියාවේ ආශ්චර්යය වැනි ඒවායි.

    අප මහින්ද හා මතවාදීව එකඟ නොවන්නෙමු. ඒ පිළිබඳ වෙනම දීර්ඝ ලෙස කතා කළ යුතුය. නමුත් මහින්දට පැහැඳිලි දිශානතියක් විය. ඒ දිශානතියට රට ගමන් කළේය. එහි අඩුපාඩු කොතෙකුත් තිබුණද මහින්දට ගමනක් තිබුනි.

    නමුත් රනිල්ට කුමන හෝ දිශාවකට රට ගෙනයන ආර්ථික ගමනක් නැති බව පැහැඳිලිය. අතරමංවූ සිරිසේන පාර අසා ඇත්තේ මංමුලාවූ සමනලියකගෙනි. සිරිසේන ගැන නම් මට තේරුම් ගොස් ඇත්තේ කිසිදු තේරුමක් නැති අයකු ලෙසය. ඔහු උත්සාහ කරන්නේ "පරිසරයට" මුවා වී තම නොතේරුම් කම සඟවා තබා ගැනීමටය. නමුත් පරිසරයට ඔහුව සැඟවිය නොහැකි පරිසරයක් ළඟ එන මැතිවරණ සමඟ උදාවනු ඇත.

    රනිල් වික්‍රමසිංහ ධනවාදියෙකිය යන හැඟීම යමෙකු තුළ ඇති විය හැකිය. එය සදොස් නිගමනයක් වුව එවැන්නකට කිසියම් නෑකමක් රනිල්ගේ මතවාදයේ ඇත. තේරුම් ගැනීමට අපහසු මේ මිනිසා තේරුම් ගැනීමට සිත යොමු කිරීම උචිත සහ කාලීන වැදගත්කමකින් යුතු ක්‍රියාවක් වන්නේ අපගේ මවුබිමේ ඉරණම ඒ හා ගැට ගසා තබන්නට සිදු වී ඇති බැවිනි. මේ ගැන ඔබ දරණ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. AnonymousMarch 2, 2018 at 7:08 AM

      //මෙහි රනිල් මාතෘකාව යොදා තිබුණත් වැඩිපුර කතා කොට ඇත්තේ ලංකා-ලෝක ආර්ථික තත්ත්වය සහ ලක් ආර්ථිකයට ඇති තර්ජන ගැනයි. //
      රනිල් කියන්නේ දොරක යතුරක් වගෙයි, මේ දොර අරින්නේ කෙසේද දොර ඇරලා තියනකොට කාමරය කොයිවගේද කියන එකයි මට පෙන්වන්න උවමනා උනේ මේ යතුර ගැන වැඩිය කතා නොකලත් එයින් තමයි දොර අරින්නේ.

      //ධනවාදියෙකු නම් උත්සාහ කළ යුත්තේ මෙරට තුළ ධනවතුන් බිහි කිරීමටය. ඔවුන් උපයන අතිරික්ත ප්‍රාග්ධනය භාවිතා කොට ලෝකයේ අනෙක් රටවල සම්පත් සහ ශ්‍රමය වෙත යොමු වීමටය. //

      ඔබ මේ උත්සාහ කරන්නේ ධනවාදයට දැනට වසර 50ට පෙර අර්ථ දක්වන ආකාරයයි ඔව් ඒ ගැන නම ඔබේ නිර්වචනය නිවැරදියි. නුතන ලෝකයේ
      "capitalism for the poor and socialism for the rich" ලෙස අර්ථකථනය කරනු ලබනවා.
      මෙය සරලව පැහැදිලි කලොත් රටේ සාමාන්‍ය දිලිදු ජනයා ගේ වියාපාර නිසිලෙස ලාබ නොලබා බංකොලොත් උනොත් ධනවාදයේ අර්ථකථනයට අනුව ඔවුන් සතු සම්පත් තව මුදල් ඇති පිරිසක් සතු කරගන්නා අතර රටේ ධනපතියන් බංකොලොත් උනොත් රටේ රජය ඔවුන් ට උවමනා ධනය මහජන මුදලින් සපයා නැවත ඔවුන්ගේ සම්පත් අත්පත් කිරීමට අවස්තාව ලබාදෙයි, ඇමරිකාවේ 2008 දී සිදුවුනේ එයයි.


      //නමුත් මහින්දට පැහැඳිලි දිශානතියක් විය. ඒ දිශානතියට රට ගමන් කළේය. එහි අඩුපාඩු කොතෙකුත් තිබුණද මහින්දට ගමනක් තිබුනි.//

      මහින්දට නම් පැහැදිලි දිශානතියක් තිබුන එයට රටේ මහජනයා සුකිත මුදිත කිරීමට වඩා පවුල සහ නෑයන් මිතුරන් සදහා ලෝකයක් හදන ගමන් ඉතුරු උනොත් මහජනයාට දන්කුඩ ලැබෙන පරිදි ඔහුට දිශාවක් නම් තිබුන. එහිදී ඔහු චීනය මත මුළු සංවර්ධන වැඩසටහන් රදා පැවතීම නිසා අතිශයෙන් සරල ආකාරයට විදේශ බලපෑම් පාලනය කිරීමට ඔහුට හැකි උනා.

      ඒ කියන්නේ චීන පුළුවන් තරම් අපට ණය දුන්න අතර ණය ගෙවන්න බැරි වෙන විට අදාළ රාජ්‍ය සම්පත් චීනයට විකිණීම සිදුවුනා මහින්දගේ කාලෙම කොලබ වරාය සමහර කොටස් චීනයට දීම හොද උදාහරණයක්.

      //සිරිසේන ගැන නම් මට තේරුම් ගොස් ඇත්තේ කිසිදු තේරුමක් නැති අයකු ලෙසය. //

      මේ පුද්ගලයා තනිකරම පබයෙක් ඔහුව පාවිච්චි කරන්නේ රනිල් තුල නැති දේශීයත්වය මෝඩ සිංහලයා තුලට කාන්දු කිරීමටයි.

      // තේරුම් ගැනීමට අපහසු මේ මිනිසා තේරුම් ගැනීමට සිත යොමු කිරීම උචිත සහ කාලීන වැදගත්කමකින් යුතු ක්‍රියාවක් වන්නේ අපගේ මවුබිමේ ඉරණම ඒ හා ගැට ගසා තබන්නට සිදු වී ඇති බැවිනි. මේ ගැන ඔබ දරණ මතය කුමක්ද?//

      රනිල් කියන්නේ නුතන ලෝකයේ සිටින බටහිර නවීන ලෝකය පිලිබද එතරම් අවබෝදයක් නැතත් බටහිර බහුජාතික සමාගම් වල ආශීර්වාදය යටතේ ආසියාව තුල මේ ධනවතුන්ගේ අභිලාශය ආරක්ෂා කරන ශ්‍රී ලංකාවේ සිටින බටහිර ඒජන්තයකුයි. ඔහුගේ මිතුරන් වන්නේ එක්තරා සමාජයක මිනිසුන් පමණයි මෙය ලෝක මට්ටමින් "Bilderberg Group" ක්‍රියාත්මක වෙන ආකරයේ දෙයක් තමයි වෙන්නේ.

      මට පෙන්වන්න උවමනා කලේ සාමාන්‍ය මිනිසුන්ගේ නොදැනුවත් කම නිසා රටේ දෙසපාලුවනුත් ජනමාද්යත් මිනිසුන්ව රවටන ආකාරයයි.

      Delete
  2. ඉතාමත් අගනා ලිපියක් !ලංකාවේ අතිමහත් බහුතරයකට තම ස්නායු ක්‍රියාත්මක නොවන තත්වය තුල ,ඔය නායකයෝ කියනවුන්ට ආවඩමින් බෝධි පූජා තියමින් සියල්ල කර්මයට දී ඉන්නවා. හතර වරං දෙවි පිහිටයි මතු පරම්පරාවලට !

    ReplyDelete
    Replies
    1. Lalith,

      ලංකාවේ මිනිසුන් ප්‍රශ්නය විසදීම කෙසේ වෙතත් ප්‍රශ්නය මොකද්ද කියලවත් දන්නේ නෑ. ඔවුන් හිතන්නේ දෙසපාලකයෝ දුශීතයි එකයි මේ කියල, නමුත් එක මුලික ප්‍රශ්නයේ අනු කොටසක් විතරයි.

      මේ ප්‍රශ්නය ගැන යම් තරමකට වත් මෑත කාලයේ ජනමද්යවෙදියක් ලෙස කතාකරනවා ඇහුනේ කුමාර චාපා බණ්ඩාර පමණයි.

      Delete
  3. වටින ලිපියක් බව පේනවා.. අපිට එක්වරම හිතෙන්නෙ නැති, පේන්නෙ නැති ඇත්ත... දේවල් ගැඹුරින් දකින්න අවස්ථාව ලැබෙන මේ වගේ ලිපි දිගටම පළකරන්න..

    ReplyDelete