Tuesday, April 5, 2016

රසායන කෘෂි කර්මයේ යෙදෙන උගතුන්ට චාර්ලස් කුමරුගෙන් පාඩමක්.



චාර්ල්ස් කුමරුගේ  Highgrove වත්ත අද ලොකයේ රසායන කෘෂි කර්මයෙන් තොරව මුළුමනින්ම සොබාවික ගොවිතැන කරන විදි ගැන අපුරු දැනුම් සම්බාරයක් ලබාදේ.

ඔබ මෙම වැඩසටහන බැලුවොතින් ශ්‍රී ලනකවේ දේශීය දැනුම ලබාදෙන තිලක් කන්දේගම මහතා මෙහිසදහන් කරන ලද කොපමණ විදික්ර්ම අතරින් දේශීය ක්‍රම පාවිච්චි කරනවාදැයි ඔබට සිතනු ඇති.




   අපි නැවත Highgrove කතාවට ගියොත් ඔවුන් පෙන්වාදෙනවා ඇයි එළවලු වගාව තුල මල් වවන්නේ කියල, ඉට මුලික ගෙතුව වගාවට හනිකර කෘමින් කාදමන විලෝපිතයන් ඇති කිරීමටයි.

මෙය විද්‍යාවක් වගේම කලාවක්, බොහෝ දේ ගොවියෙක් වීමේදී ඉගනගැනීමට තියනවා අප කිව්වොත් ගොම පොර ටිකක් දාල ඇටයක් විසිකරලා ඉන්න කියල එක විශාලා මුලාවක්.

මට තේරෙන වැදගත් ම දේ සහ මිල අදිකම දේ ගොවීන්ට පොහොර දීම හෝ ආධාර දීම නෙමෙයි සොබාවික ගොවිතැනේ තක්ෂණය ගැන දනුවත් කිරීමයි.

ඉහත Highgrove උදාහරණයේ දී වසිකිලි මල ද්‍රව්‍යත් වගාවට යොදන අපුරු ක්‍රමය බලන්න.

ශ්‍රී ලංකාවේ නම් මේ දැනුම අද වනවිට කීපදෙනෙක් සතුව පවතී, බොහෝ දන්නා උදවිය මෙය තව අය සමග බෙදා නොගැනීමත් විශාල පාඩුවක්.

රජය සොබාවික ගොවිතැන ගැන උනන්දුනම් ගොවියන් දැනුවත් කිරීමට රුපවාහිනි වැඩපිළිවෙලක් කරනවානම් ඉතා වටිනවා.

බලවතුන් ගෙන් ගොවියන්ට දැනුම ලබාදෙන ලෙස ඉල්ලන්න තමයි අවසානයේ කියන්න තියෙන්නේ.


      
 වන්චනික සහල් කලවම් කරන්නන් ගෙන බේරෙන විදිය 

 

18 comments:

  1. අපේ පාලකයෝ ඕවා කරනවා නම් බැරියැ.

    ReplyDelete
    Replies
    1. Gossip Lanka,

      පාලකයෝ නෙමෙයි මේවා ගොවියෝ කරන්න ඕනේ!!

      Delete
  2. මචෝ මේක බොහොම වැදගත් ළිපි පෙලක්.. ඒත් අපිට පැය ගනන් වල වීඩියෝ බලන්න වෙලාවක් වත් ඩේටාවත් නෑ.. ඒ නිසා ඒවයේ තියෙන අවශ්‍ය කොටස උපුටා ගැනීමක් ලෙස හරි බ්ලොග් ළිපියෙම් කෙටියෙන් දාන්න.. නැත්නම් මේ ළිපි වලින් වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. මාත,

      ස්තුතියි අදහසට මම එක කල්පනාකලේ නෑ
      ඉදිරියේදී අදාළ උපුටාගැනීම විනාදිගණන සහ ත්ප්පර ගණන සදහන් කරන්නම් එතකොට ඩේට අඩුවෙන් මෙය බැලිය හැකියි.

      මට පෙන්වන්න ඕනේ උනේ නවීන කෘෂිකර්මය කියන්නේ කාබනික කෘෂි ක්‍රමයේ ඉතා දියුණු අවස්තාවක්.

      අපේ පාරම්පරික ගොවියන් ආතර මේ තක්ෂණය තිබිල තියනවා.

      අද කාබනික ගොවිතැන කිව්වහම මතකයට එන්නේ ගොමපොහොර දීමක් ලෙස, ඇත්තටම අපේ අද තියන කාබනික ගොවිතැන ඉතා දුර්වලයි.

      අද මේ රසායනික හොහොර යොදාගෙන ඕනෑම මෝඩයකුට ගොවියෙකු වීමට පුළුවන් නමුත් කාබනික ගොවිතැනේ අද්‍යාපනය මුල්තැන ගන්නවා. මේ අද්‍යාපනය තමයි මිල අදික වන්නේ නැතුව මේ පොහොර වත් බිජවත් නෙමෙයි.

      Delete
    2. ඔබට හැකියාවක් ඇත්නම් වීඩියෝ වල තෝරාගත් වැදගත්ම කොටස් වෙනම ක්ලිප් ලෙස සකසා අප්ලෝඩ් කරන්න.

      Delete
    3. විචාරක Wicharaka,

      එක තරමක කාලය යන වැඩක්, මම අදාළ කාරනාව තියන තැන මිනිත්තු සහ ත්ප්පර වලින් දක්වන්නම්.

      බලන අය youtube වල player එකේ දැති රෝදය ඔබා Quality එකේ 144 තෝරාගත්තනම් data අඩුව බලන්න පුලුවන්.

      නමුත් වැදගත් දේ තමයි මේ මුලු වැඩසටහන හැකිනම් බැලීම ඉට හේතුව අපුරුවට අප‍ රටේ තිබුණු දේශීය දැනුම මනාව මේ Highgrov හි පාවිච්චියට ගැනීම (මම කියන්නේ නෑ මෙය ශ්‍රී ලංකාවේ දැනුම සුද්ද පාවිච්ච් කළා කියල, නමුත් සුද්ද ලෝකයේ ගොවින් ආතර ඇති මේ දැනුම ආරක්ෂා කරලා තියනව)

      Delete
  3. නැවතත් අපූරු ලිපියක්. මාතලන්ගේ කතාවට මමත් එකඟයි. ඩේටා ප්‍රශ්නයක් නැතත් දිග වීඩියෝ බැලීම අපහසුයි. කාලය පොල් හා සමානයි කියනවනේ :) මමත් පෞද්ගලිකව වස විස නැති කෑම ජාති හොයන් යන කෙනෙක්. ලා.සි ඇග්රි ෆීල්ඩ් එකේද?

    ReplyDelete
    Replies
    1. Udaya Dissanayake,

      මම IT ෆීල්ඩ් එකේ, මට ඇග්රි ෆීල්ඩ් එක ගැන සෙවීමට හේතු උනේ අහම්බෙන් අවුෂධ ගැන සෙවීමේ නිරත් වී සිටි කාලයකදී (එක දිග කතාවක් )
      මම දැනගත් වැදගත්ම දේ අවුෂධ සමාගම් සහ ඇග්රි සමාගම් එකම මිනිසුන් කොටසක් එකම විද්යාත්නයන් කොටසක් විසින් මෙහෙයවන බවයි, මේවා සාක්කි ඇතුව කොටසින් කොටස ඉදිරිපත් කලයුතු වෙනවා නැත්නම් පහසුවෙන් අර නලින් සිල්වාගේ නාත දෙය්යෝ වැනි දුර්වල තර්කයක් පෙන්වල බොහෝදෙනාට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.

      අද වසවිස නැති ආහාර සදහා විශාල ඉල්ලුමක් තියනවා මේ වෙළදපොල දුෂ්ට වෙළදුන් විසින් ලාභ ලැබීමට පාවිච්චි කරනවා.

      ගෙදර ගෙවත්තක් තියනවනම් මගේ යෝජනාව නිවසේම වලවලු කීපයක් වත් වවාහ්ගන්න කියලා මිට ප්‍රචස් 10 ක හොදටම ඇති බවයි මගේ අදහස.

      Delete
    2. //අද වසවිස නැති ආහාර සදහා විශාල ඉල්ලුමක් තියනවා මේ වෙළදපොල දුෂ්ට වෙළදුන් විසින් ලාභ ලැබීමට පාවිච්චි කරනවා.// ඇත්ත. කාබනික පොහොර පමණක් යොදනවා යැයි කියාගන්නා එක්තරා වෙළඳ සැලකින් එළවලු ගන්නට ගොස් ඉල්ලන් කෑවා. එළවලු වර්ග තුනක 500g වලට රුපියල් 500ක් පමණ වැය වුණා.

      අද මාකට් එකේ තියෙන්නේ ඔක්කොම මැලේෂියන් එළවලුනේ. මගේ මාමණ්ඩියගේ උපදෙස් අනුව (කෘෂිකර්මය පිලිබඳ ප්‍රමාණික විද්වතෙක්) කාලෙකට කලින් අර්තාපල් සහ ගෝවා කන එක අත් ඇරලා දැම්මා :(

      Delete
    3. මට පසුගිය කාලයේ මේ අංශයේ සිටි ප්‍රාමාණික උගතකු ගෙන් දැනගැනීමට ලැබුනේ රසායන ද්‍රව්‍ය ගසපු සහල් සහ එළවලු වලින් අදාළ පුද්ගලයා වැළකිල තියන්නේ 1985 වැනි කාලයක, මේ ව අහපුවහම අපි මොනතරම් අන්දකාරයේ සිටියාද කියල පේනවා

      Delete
  4. http://mallepol.blogspot.com/2016/04/blog-post_5.html

    ReplyDelete
    Replies
    1. අපුරුයි සරසා තුමා හරිම වටිනවා !!

      Delete
    2. දැනට වස ගහන විදිය ගැන දොස්තර පාදෙණිය අපුරු විස්තරයක් කළා මම එම CLIP එක දැම්මත් DATA පරිසම් කරගැනීමට බොහෝදෙනා එය බලන්නේ නෑ.

      කාරණය මේකයි https://www.youtube.com/watch?v=sWkuRmqxxHA මෙහි විනාඩි 8 යි ත්ප්පර 5 සිට බලන්න ඔහු කියනවා වෙන රටවල හෙක්ටයාරයකට එකක 10 ක් පාවිච්චි කරද්දි අපි හෙක්ටයාරයකට එකක 285 පාවිච්චි කරනවා මෙය ලෝකයේ වැඩිම කෘෂි නාශක බාවිතයයි

      Delete
  5. ලඟදි මට ඇහුන දෙයක් තමයි දැන් ඔය සම්ප්‍රදායික වී වගාවේදී අලුත් දියුණුකල වී වලට සමාන හෝ ඊටත් වඩා ( සම්ප්‍රදායික ඒවා මිල අධික නිසා වටිනවා) ප්‍රමාණයක වල් හා කෘමි නාශක භාවිතා කරනවයි කියන එක. ඇත්තද?

    කොහොමත් හුඟක් සම්ප්‍රදායික සහල් අලවි කරන්නේ "සම්ප්‍රදායික" කියල විතරයි නේ "වස විස නැති" කාබනික ලේබලය නෑ

    ReplyDelete
    Replies
    1. // ප්‍රමාණයක වල් හා කෘමි නාශක භාවිතා කරනවයි කියන එක. ඇත්තද?//

      මෙයත් සිදුවෙනවා ඇති නොදැනුවත් බව නිසා නමුත් කෘමිනාශක සහ රසායන පොහොර මේ පාරම්පරික වීවල පලදාව වැඩිවීමට එතරම් බලපෑමක් නෑ පස රසායනික වලින් නිසරු උනොත් පලදාව අඩුවෙනවා.
      මෙනිසා මේවට රසායන ද්‍රව්‍ය දැමීම මෝඩකමක්.

      නමුත් මෙහෙම දෙයක් වෙනවා සම්ප්‍රදායක සහල් වලට රසායන ද්‍රව්‍ය දමපු සහල් මිශ්‍ර කරනවා මෙන්න මේකයි අනතුර.

      මගේ උපදේසය නම් හැකිනම් ගොවින් හදුනාගෙන සහල් මිලදිගනා ලෙසයි මිට ඔබට රුපියල් 100ට කිලෝව මිලදී ගන්න පුළුවන්

      Delete
    2. මට හිතුනෙ මොනව දානවද දන්නෙ නැති සම්ප්‍රදායිකවලට වඩා කාබනික සහතික කරන්න පුලුවන්නම් දියුණුකල වී හොඳයිනෙ කියල.

      Delete
  6. api hela suwayen hal gannawa.ekath thawath business ekakda ?

    ReplyDelete
    Replies
    1. Unknown,

      මිනිස්සු දැන් තම ආහාරය ගැන අවදානය යොමුකරන්න පටන් අරන් ඉතින් ඒ සදහා විශාල වෙළද පොලක් නිර්මාණය වී තියනවා.

      වෙළදපොලක් ඇති සම තැනම කුට වෙළදුන් එන්න පුළුවන්. මේ නිසා මම නම් කියන්නේ පුලුවන්නම් ගොවියන් පුද්ගලික හදුනාගෙන ඔවුන්ගෙන් මිලදීගන්නා ලෙසයි. මෙහිදී අඩු මිලට මිලදී ගන්න පුළුවන් වගේම විස්වාස දයිබව ඉහලින් තියනවා.

      මෙම වසවිස නැති වෙළද සල් ගැනනම් කියන්න දන්නේ නෑ. හැබැයි මේ වෙළදාමේ ප්‍රවීනයෙක් කියනවා ඇහුන සමහරු සුවදැල් සහල් වලට සම්බා මිශ්‍ර කරන බව. මෙනිසා වසවිසෙන් තොර කිව්වහම මිනිස්සු බුද්ධිමත් වීම වැදගත්

      Delete