Thursday, April 14, 2016

බටහිර ලෝකය විද්‍යාව දෙසට පාතබන විට අවිද්‍යාව දෙසට යන අපේ මෝඩ උගතුන්.



 

ඉහත ඔබට පෙනෙන්නේ Allan Redin Savory විසින් ලෝක ප්‍රසිද්ධ TED කතා මාලාවේ කල දේශනයක්, මේ අඩවිය කියවන බොහෝ දෙනා ඉල්ලා සිටින දෙයක් තමයි මෙවැනි Youtube clips වල අදහස් සිංහලෙන් පරිවර්තනය කර ලියන ලෙස. මිට හේතුව මේවා බැලීමට විශාල ලෙස DATA වැයවීම, මම සාමන්යෙන් අදාළ කොටස පමණක් පරිවර්තනය කලත් ඉහත කතාව සම්පුර්ණයෙන් පරිවර්තනය කරමි මිට හේතුව අද ලෝකයේ විද්‍යාව ලෙස හදුන්වන අප දැනුවත් විෂය කොතරම් අවිද්‍යාත්මක දැයි ප්‍රායෝගිකව  පෙන්වා දීමට ඉහත පරිසර වේදියා සමත්ව තිබීමයි TED TALKS වල හොදම එකක් ලෙස මෙය වාර්තා ගත උනෙත් මෙනිසයි.

Allan Redin Savory ගැන කිව්වොත් ඔහු සිම්බාබ්වේ ජාතිකයෙක් සහ Savory Institute ආයතනයේ සබාපති දුරය උසුලනවා.

ලොව විශාලම සුනාමිය කුණාටුවක්ලෙස අප වෙත පැමිණෙමින් තිබේ. අපට අතිවිශාල අබියෝගයක් එල්ලකරමින් පැමිණෙන මේ කුනාටුව අප මෙතෙක් ලබාඇති තාක්ෂණික සහ විද්‍යාත්මක දියුණුවෙන් විසදිය හැකි යයි සිතීම තේරුම් ගත හැකියි. මේ පරිපුර්ණ කුනාටුව ට හේතුව වැඩිවන ජනගහනයත් ලෝක ජනගහනය  බිලියන 10 තෙක් ගමන් ගන්නා අයුරුත් ඉඩම් කන්තාර වලට පෙරලීම සහ කාලගුණ විපර්යාසය දැක්විය හැකියි.

දැන් මේ ප්‍රහසන ඇති කරන පොසිල ඉන්දන ප්‍රශ්නය විසදිය හැක්කේ තක්ෂණය වෙත යොමුවීම පමණයි, නමුත් මේ පොසිල ඉන්දන එකම දෙය නෙමෙයි මේ කාලගුණ වෙනස්වීමට බලපාන, "කාන්තාර කරණය " කියන්නේ අරුමෝසම් වචනයක් ඉඩම් කාන්තාර බවට පත්වීම් ගැන යොදන මේ ක්‍රියාවලිය විශාල ලෙස සිදුවිමෙදියි මෙම වචනය බාවිතයට එන්නේ මම මෙහිදී අදහස් කළා වඩිපුර අවදානය යොමුකිරීමට වැඩි ඉඩම් ප්‍රමාණයක් කාන්තාර වෙන්නේ කෙසේද කියල බැලීමට , මට තිබෙන්නේ ඉතාසරල පිලිතුරක් එමගින්  ඔබට විශාල බලාපොරොත්තුවක් තබාගැනීමටහැකිවනු ඇති.

ලෝකයේ අර්දතාවය අදිකව පවතින පරිසර වල ඉක්මනින් සොබාව දර්මය වනාන්තර මගින් අදාළ පරිසරය තම අනසක යටතට ගන්නවා  නමුත් සමහර පරිසර තිබෙනවා අර්දතාවය මාසගනනක් පවතින විට වනාන්තර වැවෙන සහ ඉන්පසු ඉතා
වියලි කාලයක් ඇතිවන, මෙවැනි පරිසරයකදී තමයි කන්තර ඇතිවන්නේ.

මෙහිදී ඔහු සිතියමක් පෙන්වනවා විනාඩි 2 කුත් ත්ප්පර 30 දී එහි කොළපාට කොටස වන්න්තර පවතින අතර දුබුරුපාට කොටසයි කාන්තර බවට අප්ත්විමට නියමිතව ඇත්තේ,  එනම් ලෝක ගොඩබිම් වලින් 2/3 කාන්තාර වලට පත්වවීමේ අනතුර තිබෙනවා.

මම මේ පින්තුරය ගත්තේ යේමනයේ  ටිහාම කන්තාරයේ මිලිමීටර් 25 ක වැස්සක් වැටෙන විටයි (විනාඩි 2 කයි තප්පර 45 දී ) හිතන්න වතුර බැරල් එකක් ලීටර් 200ක් පවතින බැරල් 1250 ක් සෑම හෙක්ටයාර් 1ක් තුල ඇදහලුනොත් ඊලග දවසේදී පොලව මේවගේ (විනාඩි 3 යි ත්ප්පර් 2 ) {වියලි පොළවක් පෙන්වනවා }  කොහෙද වතුර ගියේ ? සමහර වතුර ගසාගෙන යන්න ඇති නමුත් වැඩිම වතුර පසට උරාගෙන නැවත වශ්පවිමයි සිදුවී ඇත්තේ හරියට ඔබේ ගෙවත්තේ වතුර දමා ආවරණයක් නොමැතිව තැබුවිට වෙන දෙයයි.

දැන් වතුරත් කාබනුත් පසත්  අතර සම්බන්දයේදී වතුර වශ්පවිමේදී අප පස ට හානිකර ඇත්නම් කාබන් පරිසරයට මුදාහැරීමයි සිදුවෙන්නේ, දැන් ඔබට නැවත නැවතත් උගන්වා තිබෙනවා කාන්තාර ඇති වන්නේ ජලය හිග පරිසරයක බව  නමුත් උස තණ පවතින මෙවැනි පරිසරයක (විනාඩි 3 යි ත්ත්පර 45 ) ඔබ කල්පනාවෙන් බැලුවොත් තණ නොමැති හිස් බිමක ඇල්ගී දැකිය හැකියි මෙහි ඇති නරක තත්වය තමයි ජලය වාෂ්ප වීම සහ පසේ ජලය රදා නොපැවතීම මෙයයි කාන්තාර වීමේ පිළිකාවේ මුල, මෙය ඉතා නරක තත්වයට යනකම් අපට තේරුම් ගත නොහැකියි.

දැන් අප අසා තියනවා කාන්තාර ඇතිවීමට සත්වයන් විශාල ප්‍රමාණයක් සිටීම බලපානවා, එනම් ගවයන් එළුවන් වැනි සතුන් ශාක උලාකෑමනිසා පස නිරාවරණය වෙනවා ඉන්පසු ඔවුන් ගේ මල මුත්‍ර මහින් මීතේන් මුදාහැරිම වෙනවා මෙය නොබෙල් ත්ග්ග දිනපු අයත් අඩුම අද්යාපනයක් ලබපු කෙනත් දන්නවා මෙය මට වගේම ඔවුන්ටත් උගන්වා තිබෙනවා.

දැන් ඔබ මේ දකින පරිසරය (විනාඩි 4 ත්ප්පර 36) දුවිල්ලෙන් පිරි ඇති, මමත් මෙවැනි පරිසරයකයි ලොකු මහත් උනේ, මම සොබාවික සතුනට ඉතා ආදරය කළා මෙනිසා මම ගොවිතැනට පාවිච්චිකරන ගවයන්ටත් එළුවන්ටත් කැමති උනේ නැත්තේ උන් පරිසරයට කරන හානිය නිසා, ඉන්පසු මගේ විශ්වවිද්‍යාල අද්‍යාපනය පරිසර වෙදියක් හැටියට මේ අදහස තහවරු කිරීමට හේතු වුනා, ඇත්තටම මට තිබෙනවා ඔබට පනිවිඩයක් ලබාදෙන්න මා ලබාගන්නා ලද වැරදි අවබෝදය ගැන,
අප එක කලක තහවරු කරගෙන සිටියා ලෝකය සමතලාබව, අප එතකොට වැරදියි නැවත වරක් දැනුත් අපි වැරදි බවයි මට කියන්න ඇත්තේ.

දැන් මම ඔබට ආරාදනා කරනවා මම ගිය ගමනේ ගොස් නැවත ඔබේ දැක්ම නිවැරදි කරගැනීමට, මම තරුණ මිනිසකු කාලේ, තරුණ ජීව විද්යාඥකුව සිටින අවදියේ මම වැඩසටහනකට සහබගිවුනා විශාල ඉඩම් ප්‍රමානයක් අනාගත වනසන්ර්ක්ශකයක් නිර්මාණය කිරීමට මෙය කිරීමට උනේ 1950 දශකයේ දඩයම් කරන මිනිසුන් ඉවත්කළ වහාම ඉඩම් ඔබ දකින විදියට නරක්වීමට පත්වුණා (විනාඩි 5 ත්තප්ර 45 ) මෙහිදී කිසිම සත්ව පාලනයක් නොතිබුන නිසා අප සැක කළා විසාල අලි ප්‍රමාණයක් ඇති නිසා මිට හේතුවන්න ඇති කියල, මම මිට අදාළ පර්යේෂණය සිදුකර මම ඔප්පු කළා අපට විශාල අලි ප්‍රමාණයක් ඇති ඇති බව සහ මම යෝජනා කළා ඔවුන්ගේ ප්‍රමාණය අඩුකිරීමට පරිසරයට ගැලපෙන ලෙස, මෙය මගේ පැත්තෙන් ගත්ත ඉතා කණගාටුදායක තීරණයක් වන අතර එය දේසපාලන ඩයිනමයිට් එකක් උනා, මෙනිසා අපේ රටේ 
රජය මේ අංශයේ නිපුණයන් ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කර මගේ තීරණය විශ්ලේෂණය කරා ඔවුන් මගේ තීරණය සමග එකග උනා ඉන්පසු පැමිණි වසරේදී අලි ඇතුන් 40000 ක් වෙඩිතබා ගාතනය කළා මෙය කලේ ඇතිවීමට යන විනාශය අවම කිරීමට, නමුත් සිදුවුනේ තත්වය තව නරක අතට හැරීමයි, අලි ඇතුන්ට ආදරය කල පුද්ගලයකු ලෙස මේ තීරණය ම ගේ ජිවිතයේ ගත්ත කනගටුම තීරනය උනා මෙය මගේ ජිවිතයේ කල විශාලම වැරැද්ද උනා මෙය මගේ සොහොන දක්වා ගෙනයනවා.

නමුත් මේ නිසා එක හොද දෙයක් සිදුවුනා එනම් මම අදිෂ්ටාන කළා මගේ ජීවිතය ම මෙයට විසදුම් සෙවීමට කැපකරනව කියල, මම ඇමරිකානු එක්සත් ජනපදයට පැමිණි විට මට විශාල තිගැස්මක් ඇති උනා ඔබදකින (7 විනාඩි ) ජාතික වනෝද්‍යාන කාන්තාර බවට පත්වෙමින් තිබුන ප්‍රශ්නය තිබුනේ වසර 70 කින් මෙහි සත්ව ගහනයක් නොතිබීමයි, මා සොයාගත්තා මේ පිළිබද ඇමරිකානු විද්යාඥයන්ට මේ ගැන අදහසක් නොමැති බව ඔසුන් කිව්වේ එය ජලය නොමැති වීම සහ සොබාවික බව, ඉන්පසු මම දැනට කර ඇති බටහිර ඇමරිකාවේ මේ සම්බන්ද  සියලු පර්යේෂණ තොරතුරු  අද්‍යනය කළා මෙහිදී මම අවදානය යොමුකළේ ගවයන් ඉවත්කිරීම මගින් වනාන්තර දියුණුකළ ස්ථාන පිලිබදවයි නමුත් මට එවැනි තැනක් සොයාගත නොහැකි උනා පමණක් නෙමෙයි මට දැකගත හැකිඋනේ ඊට පර්ස්පර අවස්තාවක් එනම් ගවයන් සිටින පරිසරයක වනතර ඇතිවීමට පහසුකම් සැපයෙන බව සොයාගැනීමෙන් ඔබ මේ දකින (විනාඩි 7 ත්ප්පර 33 ) 1961 JORDAN RESEARCH STATION මෙහි තණකොළ කොළපාටට තිබුනේ 1961 දී නමුත් 2002 දී දැන් ඔබට පෙනෙන (විනාඩි 7 ත්ප්පර 42 ) කාන්තාර තත්වයට පත්වී ඇත.

මේ වාර්තාව සකස්කළ කතුවරුන් මේ වේනසට හේතුව නොදන්නා ක්‍රියාවලියක් බව සදහන් කර තිබුන, පැහැදිලිව අපි කාන්තාර තත්වය ඇතිවන්නේ ඇයි දැයි යන්න තේරුම් ගෙන තිබුනේ නෑ මෙම ක්‍රියාවලිය නිසා  ශිෂ්ටාචාර ගණනාවක් විනාස උන අතර දැනට පෘතුවිය උණුසුම් වීමට බලපා ඇත.

දැන් පස් වර්ග මීටරයක් ගෙන එය පැළෑටි ඉවත්කර ඉර එලියට නිරාවරණය කරන්න මම පොරොන්දුවෙනවා අළුයමදී  සිතලටත් මද්යානයේදී ඉතා රස්නයටත් තියේවි, පැල ඇති පොලවකට වඩා මේ තත්වය ඔබට නිරීක්ෂණය කල හැකි වෙයි මිට ගෙතුව අප ශුද්‍ර පරිසරය වෙනස් කල නිසා, මේ ක්‍රියාවලිය මහා පරිමාණයෙන් කලහම ඔබ වෙනස් කරන්නේ සාර්ව කාලගුණයයි, නමුත් අප මෙහි තේරුම් නොගෙන ඇත්තේ මෙම ක්‍රියාවලිය වසර 10000 ට පෙර ඇතිවුනේ ඇයි සග මෑත බාගයේ මෙය වේගවත් උනේ ඇයි යන්නයි.

අපට  මෙහිදී තේරුම්ගැනීමට අපහසු වී ඇත්තේ ලෝකයේ විවිද ඉර්තු වල ආර්ද්රතාවයේ වෙනස් වීම නිසා පසත් සොබාවික වනාන්තරත් දියුණුවී ඇත්තේ විශාල සත්වගහනයක් සමගයි මේ විශාල සතුන් ප්‍රමාණය තුල එකිනෙකා දඩයම් කරන සතුනුත් බිහිවුණා මෙහිදී දඩයම් වලින් බේරීමට තිබිඇති එකම ආරක්ෂාව විශාල රංචු වශයෙන් සතුන් (ගවයන් , ගොනුන් ) ඒකරාශී වීමයි, මේ රංචුව විශාල වන්න විශාල වන්න මෙහිසිටින සාමාජිකයන් ගේ ආරක්ෂාව තහවරුවෙනවා, මෙහිදී සිදුවෙන දෙයක් තියනවා වනම් විශාල රන්චුවක් තමා උලාකන ප්‍රදේශයේ මුත්‍රා සහ ගොම දමනවා, මොවුන් මේ අපද්‍රව්‍ය බැහැර කරන්නේ තම ආහාරය මතයි මෙනිසා ඔවුන්ට සිදුවෙනවා එකදවසක සිටි ප්‍රදේශයෙන් ඉවත්ව තව දවසක් තව ප්‍රදේශයකට යන්න, මේ ගමන තමයි තණකොළ විශාල ලෙස වැවීමට බාදා සිදුවී ඇත්තේ, එතකොට කලින් කලට මේ ගවයන් සිදුකරන පෑගීම නිසා තමයි පසට ආවරණයක් වී ආරක්ෂා වී ඇත්තේ,  මේ  පින්තුරය ඉර්තුවක තණකොළ වැවී ඇති අයුරුයි (විනාඩි 9 තප්පර 55  )  මෙය මාස 4 ක වැසිකලකින් පසුව ඇතිවී ඇත්තේ දැන් එය මාස 8 ක වියලි කාලයකට යමින් පවතිනවා  දැන් ඔබට පෙනෙන (විනාඩි 10 ත්ප්පර 7 ) ඇති විහාල තණකොළ සියල්ලම ඉදිරි වැසි සමයට පෙර දිරා යායුතුයි එසේ නොවුනොත් මේ තනකොලත් පසත් යන දෙකම මැරෙන්න ගන්නවා මිට හේතුව එසේ නොවුනොත් මේ පැල වියලි දිරන්න ගන්නේ ඉතා සෙමිනුයි මෙහිදී පස නිරාවරණය වීමත් කාබන් පරිසරයට මුක්ත වීමත් සිදුවෙනවා මෙය නතර කියිමට මිනිසා පාවිච්චි කලේ අදාළ ඉඩම් ගිනිතබියි නමුත් ගින්දර සිදුකරන්නේ පස නිරාවරනයත් කාබන් අදික ලෙස පරිසරයට එකතුකිරීමත් කියන කරනා දෙකයි මීටත් නරක දේ නම් හෙක්ටයාර් 1 ක තණකොළ බුමියක් ගිනි තැබීමෙන් සිදුවෙන්නේ ඉතා අහිතකර අපද්‍රවය පරමානයෙන්  කාර් 6000 ක් නිකුත් කරන අපද්‍රව්‍ය වලට සමාන පරමානයක් පරිසරයට එක්කරනවා, මෙහිදී ඔබ දැනගත යුත්තේ අප්‍රිකාවේ සෑම වසරකදීම හෙක්ටර්යාර් බිලියන 1 කට වැඩි ප්‍රමාණයක් ගිනිතබනු ලබනවා මේගැන කිසිවෙක් කතා කරන්නේ නෑ.

අපි විද්යාඥ යන් ලෙස  සාදරිනිකරණය කරනවා මේ ගිනිතැබීම මල ද්‍රව්‍ය ඉවත්වී පැල වැවීමට උපකාර වනවා කියල දැන් අපි මේ තණකොල බිම දිහා බැලුවහම කොහොමද සවුක්ය සම්පන්නව තබාගන්නේ ? මතක තබාගන්න මේ කියන්නේ ලෝකයේ විශාල ඉඩම්ප්‍රමානය ගැන බව, අපට සතුන්ගේ ප්‍රමාණය අඩුකළ නොහැකියි මොකද එසේ කලොත් කන්තාර ඇති වීම සහ දේශගුණික වෙනස් වීමකින් තොරව බෑ එම ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමට  ඊට අමතරව අපට මෙය ගිනිතැබීම කරන්නත් බෑ අප කලයුත්තේ කුමක්ද ?

   මෙහිදී ඇත්තේ එකම එක විකල්පයක් පමණයි මම නැවත කියනවා එකම එක විකල්පයක් පමණයි තියෙන්නේ පරිසර වේදීන්ට සහ විද්යාඥයනට එනම් සිතිය නොහැකි දේ කිරීමයි, එනම් විශාල සත්වගහනයක් (ගවයන් ) යොදාගෙන ඔවුන් අවිදවිමයි කලයුතු, වනම් අතීතයේ සිදුවූ දෙය නව නිර්මාණයක් ලෙස ගෙන ඒමයි මෙයයි කළහැකි එකම දේ.

එසේනම් එය කර බලමු ඉහත තණ භුමියේ මෙය කර බලමු (විනාඩි 12 ත්ත්පර 24 )  දැන් විශාල ගව රංචුව දැමුවිට ඔබට පහත පරිදි පෙනෙයි (විනාඩි 12 ත්ත්පර 31 ) දැන් මේ තණකොළ  වල ගොම ගවමුත්රා දහදිය අන්තර්ගතයි. මෙහිදී ගෙවත්තක් වගා කල කෙනෙක් තේරුම් ගනී මෙම පස වැසිවතුර අල්ලා ගැනිමටත් කාබන් ඉවත්වීම වලකිමටත් මීතේන් කඩා දැමීමටත් මෙය හේතුවෙනවා අප මෙය කළා (ව්නාඩි 12 ත්පපර 55 ) සතුම් මරිමකින් හෝ ගිනි තැබීමකින් තොරව, මම මුලින්ම තේරුම් ගත්විට අපට වෙන විකල්පයක් නැතිබව මෙවැනි සාධුන් යොදාගැනීමෙන් තොරව මට ඇතිවුන විශාල ම ගැටලුව අප කෙසේ මෙය කලයුතුද යන්නයි අපට වසර 10000 ක පටන් ඉතා දැනුවත් මිනිසුන් සිටියා විශාල ලෙස සත්ව පාලනය කල නමුත් මොවුන් තමයි මිනිසා සදන ලද විශාල කන්තාර නිර්මාණය කලේ ඉන්පසු අපට වසර 100ආ පානම කාලයක නවින් විද්‍යාව ලැබුන එයින් සිදුවුනේ මේ කාන්තාර වීම වේගවත් වීමයි. මෙය අප අප්‍රිකාවේ දුටුවා ඉන්පසු අපරිකාවේ දී අප ප්‍රත්‍යක්ෂ කර ගත්ත ඔබට මේ පින්තුරයෙන් පෙනෙන්නේ (විනාඩි 13 ත්ත්පර් 43 ) ෆෙඩරල් රජය පාලනය කරන ඉඩම් සමුදායයි මේ සතුන්ව එහෙ මෙහේ කිරීමට මිනිසුන් දැනුවත් උනේ නෑ මොකද සොබාව දර්මයේ සංකීර්ණ බාවය තිරුම් නොගත්ත නිසා   ඒවගේම ජීව විද්යද්‍යයන් සහ පරිසර විද්යත්නයන් වන අපි මෙවැනි සංකීර්ණ දෙයක් කරලා තිබුනේ නෑ 
ඉතින් නැවත රෝදය නිර්මාණය කරනවට වඩා දැනට තිබෙන දෙයින් ප්‍රයෝජන ගන්න ආකාරය ගැන මා සිතුව මෙහිදී අනෙක් වුර්තින් ගැන මම සොයාබලුව මෙයට විසදුමක් සෙවිය හැකිද කියල එහිදී මම දැක්ක විවිද උපක්‍රම තිබෙනවා යොදාගන්න පුළුවන් එයින් අප නිපදවූව සාකල්ය උපක්‍රමයක් (Holistic :- මෙහිදී කුඩා වෙනසක් කිරීමේදී සමස්ත ක්‍රියාවලියට බලපාන බව දැනගෙන ) යොදාගත්තා මෙය අපේ බොහෝ සංකීර්ණ තාවලට විසදුම් ලැබෙන විදියට යොදාගන්න පුළුවන් උනා.

අද තරුණ කාන්තාවක් වන මැය (විනාඩි 14 ත්ප්පර 37 ) අප්‍රිකාවේ මෙවැනි පාලනයක් මගින් ප්‍රයෝජන ගන්නා ආකාරය කියා දෙනවා මෙහිදී විශාල රංචුවක් ලෙස විවිද ස්ථාන වල සතුන් තබාගත්විට මෙම ස්ථාන වල කරන ලද ගොවිතැන් වලින් ඉතා හොද පලදාවක් ලබාගන්න පුළුවන්, දැන් බලමු මෙහි ප්‍රතිපල (විනාඩි 15 ත්ප්පර 5 ) මෙය සිම්බාබ්වේ වල ඉඩමක් මේ ඉඩම මාස 4ක වර්ෂාවකින් පසුව වියලි කාලයකට යමින් තියනවා, ඔබට පේනවා ඇති මුළු වැසි ජාලයම මේවනවිට වාෂ්ප වී අවසන් ඔවුන්ගේ ගංගාව වියලි ගිහින් වර්හ්සාව ඉතා මෑතකදී ලැබුනත් අපට සිටිනවා 150000 මිනිසුන් ස්ථිර ආහාර ආධාර  ලබන්නන් වී සිටි, දැන් අපි යමු අපේ ඉඩමට මේ ලගම තියන එකම දවසේ එකම වර්ෂාව ලද (විනාඩි 15 ත්ප්පර 37)බලන්න තණකොළ ගස් සතුන් සියල්ල ඉතා හොද තත්වයේ පවතිනවා අපට කිසිම බයක් නෑ වියලි කාලය ගැන (විනාඩි 15 ත්ප්පර 53 ) 

අප මෙය කලේ අපේ ගවයන් සහ එළුවන් 400% වැඩිකිරීම මගිනුයි. තවදුරටත් අලි, මිහාරක් වැනි සතුන් සහිතව සිදුකල මේ වැඩසටහන කිරීමට පෙර අපේ ඉඩම පැවතියේ (විනාඩි 16 තප්පර  20) මේ ආකාරයෙන් මෙය 2004 දී ගත් චායරුපයක්  මෙය විවුර්ත වගේම නායයාමෙන් වසර 20ක් පැවතුන අතර  බලන්න ලකුනුකල ගස අප සතුන් යොදාගැනීමෙන් පසු පැවතියේ (විනාඩි 16 ත්ප්පර 29 ) ලෙසයි, තව උදාහරණයක් (විනාඩි 16 කුත් තප්පර 33 )  ඉන්පසු සතුන් යොදාගැනීමෙන් පසු වෙනස බලන්න (විනාඩි 16 ත්ත්පර 43 ) දැන් මේ කොටසේ අලින් සිටිනවා.

මේ ඉඩම් තියෙන්නේ මෙක්සිකෝවේ (විනාඩි 16 තත්පර 55 ) ඉතා නරක තත්වයේ මේ ඉඩම දැන් බලන්න (විනාඩි 17 යි ත්ත්පර 2 යි ) ඉතා සශ්‍රික වී ඇති ආකාරය.

මම කෙරු කාන්තාරයේ පවුලකට උදව් කළා 1970 දශකයේ ඔබට දකුණින් පෙනෙන කාන්තාරය (විනාඩි 17 යි ත්ප්පර 19)
දැන් ඔවුන්ගේ මුණුබුරන් සිටින්නේ මේ ආකාරයට දියුණු කල වටපිටාවක් තුලයි බලන්න ඇස් අදහාගැනීමට නොහැකි වෙනස (විනාඩි 17 යි ත්පර 28 ) ඔබට පෙනෙනවා ඇති තුන්වන පරම්පරාව සතුටින් සිටින ආකාරය, (17 විනාඩි ත්ත්පර 48 ) ඔබට පෙනෙනවා ඇති පටිගොනියාවේ  වනාන්තරයක් කාන්තාර වී ඇති ආකාරය මැද සිටින්නේ ආර්ජන්ටිනාවේ පර්යේෂකයකු වන ඔහු වාර්තාගත කර තිබෙනවා පරිසරයේ වේගවත් පරිහානිය දිගටම බැටළුවන් වර්දනය කරන ආතර ඔවුන් බැටළුවන් 25000 එක රළට එකතුකරන ලද අතර ඔවුන් ගණනය කරනවා 50% ඉඩමේ වර්දනයක්.
තවදුරටත් අප්‍රිකාවේ තෝරාගත් කොටසක එකම බලපොරොතතුව මෙම ක්‍රමය බව සදහන් වෙනවා   මොකද 95% පමණ ප්‍රදේශයක මිනිසුන්ට ආහාර ගැනීමට හැක්කේ සත්ව මාංශ පමණයි, මම ඔබට නැවත මත්ක්කරනවා මම කියන්නේ  ලෝකයේ විශාලම ඉඩම් ප්‍රමාණය බව, අප සිදුකරමින් පවතින්නේ දේශගුණික වෙනස්කම සිදුකිරීම පොසිල ඉන්දන වලින් කරන වෙනස් කිරීමට සමාන හෝ ඊටවඩා වැඩි වෙනසක් කරන බවයි   නමුත් නරකම දේ මෙනිසා කුසගින්න, දිලිදුබව, ප්‍රච්න්ඩ කරිත්වය  සහ යුද්ධය මෙනිසා මුහුණ දීමට ඇති ප්‍රරශ්න වී ඇත.

අපි මේගැන අවදානය යොමු නොකලොත් පොසිල ඉන්දන ඉවර වීමෙන් පසුවත් අපට මේ දේශගුණික වෙනස් වීමෙන් බේරිය නොහැකි වනු ඇති  

  මම හිතන්නේ මම ඔබට පෙන්වාදුන්න සොබාව දර්මය සමග වැඩකිරීමෙන් ඉතා අඩුමුදලකින් මේ ප්‍රශ්නය විසදන ආකාරය අප දනය්ටමත් හෙක්ටයාර මිලියන 15ක මෙය කරමින් පවතිමු, කාබන් ගැන දන්නා අය එකගවෙනවා මේ ක්‍රමය මහින් අහිතකර කාබන් ඉතා ආරක්ෂිතව පෘතුවිය අබ්යන්තරයේ ත්ම්පත් කරන ආකාරය එය ලොව තණකොළ ඇති කොටස් වලින් බාගයක වගා කලොත් අපට කාර්මීකරණයට පෙර තිබු පරිසර තත්වයට යාහැකි වනු ඇති මිනිසුන්ට ආහාර දෙන ආතර මට මිට වඩා හොද කිසිවක් මටත් ඔබේ දරුවන්ටත් මිනිස් සමුහය වෙනුවෙනුත් සිතිය නොහැකියි.

මෙහිදී ප්‍රශ්නයක් අසනවා :- ඔබ මුලින්ම කාන්තාරයට සතුන් ගෙන ඒමේදී කොහොඅද එම සතුන්ට කන්නදුන්නේ?

පිළිතුර : - අප මෙය දිර්ගකාලයක් සිට කලා නමුත් එකම අවස්තාව අපට ආහාර දීමට සිදුවුණ ක්‍රමය අමුත්යි මොකද මයිල 100ක පරාසයදී තණකොළ ගසක් ඇති පරිසරයක් සොයාගැනීමට අපහසු වුනා නමුත්  සතුන්ව හසුරවපු වඩ පිලිවලින් සාර්ථකව කල හැකි උනා.
     

     

 
                

    
        

  

8 comments:

  1. http://www.globaljustice.org.uk/news/2016/jan/20/gates-foundation-dangerously-skewing-development-agenda-according-new-report

    ReplyDelete
    Replies
    1. සරසා තුමා,

      මම මේ මාතෘකාව දැම්ම කතා නොකරන්නැයි හිටියේ නමුත් ඔබ මෙය මතුකළ නිසා එක ඉගියක් දෙන්නම්.

      ඔබ සොයාබලන්න කවුද විශාලම කොටස් හිමියන් ලෝක ජනමාද්‍ය ආයතවල, මොන්සේන්ටෝ වැනි කෘෂි සමාගම්වල, Merck වැනි ඖෂධ සමාගම්වල ඔබට පෙනෙයි ලෝකයේ පොහොසත්ම මිනිසුන් විවිද සමාගම් වලට මුවාවෙලා ආයෝජන කරන ලද ආකාරය.

      මෙනිසා මේ ඖෂධ සමාගම්වල හෝ මොන්සේන්ටෝ වැනි කෘෂි සමාගම්වල සිදුවන අක්‍රමිකතා ජනමාද්‍ය මගින් එළිදරව් කිරීම කරන්නේ නෑ.

      මා උත්සහ කරන්නේ ඉතා සංකීර්ණ ප්රෙහේලිකා වක් කෑල්ලෙන් කෑල්ල පෙන්වාදීමට.

      නැත්නම් මේ මුලුදේම එකවර කිව්වොත් ඔහුව හදුන් වන්නේ conspiracy theories (කුමන්ත්රණ න්යායන්) ඉදිරිපත් කරන පිස්සෙකු කියලයි.

      පොඩි තැන ඉදල සාක්කි ඇතුව ඉදිරිපත් කල විට බොහෝදෙනෙක් මේ ගැන දැනුවත් වනු ඇති.

      Delete
    2. Lankika Situwili , Keep up the good work. Do not give up.

      Delete
    3. AnonymousApril 17, 2016 at 8:26 AM,
      Thank you, I will try my best.

      Delete
  2. https://www.youtube.com/watch?v=8atbgaiekZI

    ReplyDelete
    Replies
    1. මේක හරිම වටිනවා සරසා තුමා.
      මම සොයා ගත්ත දේ අනුව ශ්‍රී ලංකාවේ දේශීය සොබාවික ගොවිතැනේ දී
      පාවිච්චි වන්නේ මෙවැනි ක්‍රමවේදයි.

      අපේ පැරණි ගොවි මහත්තුරු කීපදෙනෙක් ගෙන් මේ තොරතුරු පටිගත කලානම් අපට සාර්ථකව පාරිසරික ගොවිතැන ගොඩනගන්න පුළුවන්.

      පාරිසරික ගොවිතැන කිව්වම බොහෝ දෙනා අසන්නේ මේ අහන්නේ කාබනික ගොවිතැන ගැන නේද කියල.

      බොහෝදෙනා පාරිසරික ගොවිතැන සහ කාබනික ගොවිතැන ගැන වෙනස හදුනන්නේ නෑ

      Delete
  3. Alligator weed with organic mukunuwana.

    ReplyDelete
  4. https://raigamahandiya.wordpress.com/2016/07/31/%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%96-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b7%8f-%e0%b6%86%e0%b6%ba%e0%b7%99%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90/

    ReplyDelete