Wednesday, March 30, 2016

කපටියා හදුනාගන්න CCTV දර්ශන මැකී යයි !!



මා මිට පෙර මේ ගැන සදහන් කල විට පෙර ලිපිය මේ බ්ලොග් අවකාශයේ සමහරුන් කිව්වේ මෙය මහින්දගේ සහ ගමන්පිල පිරිසේ  රැවටීමක් බවයි, නමුත් අපට සිදුවෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට තියුනු ඇසක් සහ මනසක් අති කර ගත යුතුයි.

මා කිව්වා මෙයට පාටලී සම්බන්ද නැත්තනම් මුලින්ම කරන්නේ මේ CCTV දර්ශන ඉදිරිපත් කර තම  නිර්දෝෂී බාවය ඔප්පු කරන බව.

දැන් එම දර්ශන මැකී ගොස් අවසන්, නිතිය ඉදිරියේ මොහු නිර්දෝෂී උනත් බුධිමත් මිනිසුන්ගේ මනසේ මොහු ඉදිරියට වංචනිකයකු ගේ බුමිකාව රගපානු ඇති.


මිට අමතරව මෙම සිදුවීම තේරුම් ගැනීමට අපහසු වූ අයට කියන්න තියෙන්නේ ETCA ගිවිසුම ගැනත් ඔබට තේරුම ගත නොහැකි බවයි.

මහින්ද කියන්නේ කපටියෙක් සහ දුෂිතයෙක් කියන දේ ට කිසිම සැකයක් නෑ නමුත් ඔහු කරන දේ සහ නොකරන දේ ගැනත් අපි දනුවත් විය යුතුයි.

සියලු කුණු බේරුවෙල බොක්කට කිව්වා වගේ සියලු වැරදි මහින්දට බැර කිරීමට කිසිවිටකත් අප ඉඩ දිය යුතු නෑ.


7 comments:

  1. මට තේරෙන්නේ නැත්තේ ඔය කියන විදියට චම්පික මේ රථයේ ගියා නම් ඇයි ඔච්චර බය වෙන්නේ කියලා... මේක ඇක්සිඩන්ට් එකක් මිසක් මිනීමැරීමක් නෙමෙයි නේ....

    ReplyDelete
    Replies
    1. මාතා තව එකක් කියන්න බැරිඋනා ඇමති තුමා ලබාදී ඇත්තේ දැනට බාවිතා නොකරන මොබයිල් නොම්බරයි.

      මේ වගේ ආශ්චර්ය වෙන්නේ බලවතුන් වැරදි කරන විටයි.
      WELCOME to Sri Lanka මාතා !!

      Delete
  2. මාතා,

    මෙතන උනදේ ඇක්සිඩන්ට් එකක් තමයි, මේ හි වැරැද්ද පාටලී ගේ උනත් ඔහුගේ අවංක බාවය ගැන කිසි ගැටළුවක් නෑ.

    නමුත් මේ අවස්ථාවේ ඔහු හැසිරුනේ අවස්ථා වාදී විදියටයි. කෙනෙකුගේ චරිතේ ඇත්ත පැත්ත පෙන්නේ මෙවැනි මොහොත වලයි.

    සිදුවුණ සිදුවීම ඔබ පරිස්සමින් බැලුවොත් තේරෙයි මේක තනිකරම පටලිගේ වංක බාවය බව, මේ ස්ථානයෙන් යන කෙනෙක් වන මම දන්නවා CCTV කැමරා කියක් තියනවද කියන එක. ඒවා ඉබේ මැකෙන්නේ ඔයවගේ ලොකු මිනිසෙකු ගේ වරදක් ඇති විටයි.

    බොහෝ දෙනාට ගැටළුවක් වෙන්නේ ගමන්පිල මිට සම්බන්ද වන ආකාරයයි, ගමන්පිල විතරක් නෙමෙයි දයා ගමගේත් මෙහිදී පාටලිව හිර කිරීමට උත්සාහ කරනවා. ඔබට මතක ඇති මේ ලගදී දයා ගමගේ කිව්වා පාටලී වරදක් කරලා තියනවනම් නිතිය ක්‍රියාත්මක වියයුතු බව.

    මෙවැනි බලපෑම් තිබුනත් සිදුවීම ගැන මුල සිට බලපුවහම ප්‍රශ්නය පැහැදිලියි.

    ReplyDelete
  3. පාරේ ඇක්සිඩන්ට් එකක් උනාම ඒක පිළිගන්න බැරි කොන්ද පණ නැති බූරු යක්කු..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර,

      //පාරේ ඇක්සිඩන්ට් එකක් උනාම ඒක පිළිගන්න බැරි කොන්ද පණ නැති බූරු යක්කු..//

      හරියට හරි, මම මේ මනුස්සයට චන්දය දුන්න කෙනෙක් නමුත් මේ සිදුවීමෙන් ඔහු ඉතා දක්ෂ ලෙස දමාගෙන සිටි වෙසමුණ ගැලඋනා.

      ඇත්ත ඇති හැටියට තේරුම් ගත යුතුයි (ඇත්ත සාමන්යෙන් තිත්තයි!! )

      Delete
  4. ඔයි කතාවෙම අනිත් පැත්ත:

    චම්පික ව චන්දදායකයින් ගෙන් ඈත් කොරන්න, මහජනතාවට ඔහු ගැන අපුලක් ඇතිවන්න, සමාජ ජාලා වලින් කිච කොර ඔහු ගේ සිවිල් බලය කඩා දමා පීචන් කොරන්න පොලීසිය ලවා බලවත් ම කෙනෙක් ඔයි කතාව කියෙවුවානම්?

    උසාවියෙන් මොනා සිද්ද වුනත් මහජනතාව ඔය CCTV දර්ශන මැකිච්චි කතාව ඇහුව ගමන් ම චම්පික ව වරදකරු කොට අවසානයි!

    එම අදහස කිසි ඉන්සයිඩ් ඉන්ෆො නැතිවම ස ර ස තුමා ගේ මෝඩ හිතලුවක් පමනක් ම බව කරුනාවෙන් සලකන්න!

    ReplyDelete
    Replies
    1. Sa rasa තුමෝ, ඔහු නිර්දෝෂී නම් මේ CCTV කතාව එන්නේ අද නෙමෙයි සිදුමිම සිදුවී පය කීපයක් යන්න පෙරයි

      Delete