Friday, March 4, 2016

චම්පිකගේ වෙස් මුහුණ ගැලවේ




මෙය ලියන මම චම්පක රණවක මහතාට චන්දය පාවිච්චිකළ අයෙක් නමුත් අද මට කර්කශ විවිචනයක් ඉදිරිපත් කිරීමට තිබෙනවා .
මුලින්ම කිව යුත්තේ අද යහපාලන රජය ගැන නිවැරදි තක්සේරුවක් ලබාදීමත්, විවේචනය කලයුතු විට කිසි විටක පුද්ගල තරාතිරම නොබලා විවේචනය කිරීමට අප පුරුදු විය යුතුයි.
අද වනවිට පාටලී ගැන ඇසින්දුටු සාක්ෂි ඉදිරිපත් වී අවසානයි, ඒවගේම මම මුලින් හිතුවේ මෝටර් සයිකලය පිටිපසින් ඇවිත් හැප්පු බවයි නමුත් සිදුවී ඇත්තේ වාහනයට පැත්තෙන් හැප්පිමයි
මේ සිදුවීම ගැන බුද්ධිමත් ලෙස බලුවිට පෙනෙන දෙයක් තමයි ඇමති තුමාගේ අතේ වරදක් නැත්නම් මේ වනවිට CCTV දර්ශන ඉදිරිපත් කර ඔහු නිවැරදි කරු වනු ඇති.
නමුත් මේ ප්‍රමාදය මහින් පෙන් වන්නේ ඔහු මිට සම්මන්ධ වී ඇති බව තමයි.
මෙහිදී ඔහු මෙතක් කලක් සාර්ථකව පළදන ලද වෙස් මුහුණ ගැලවී තියනවා, ඔහු අදාළ ස්ථානයෙන් පැනයාමට උත්සාහ ගැනීම සහ අහිංසක පුද්ගලයෙකු රියදුරු ලෙස බාර කිරීමෙන් පෙනෙන්නේ සිංහ හම පොරවාගෙන සිටියට ඔහු නියම හිවලකු බවයි.
පුද්ගලයන් ගේ චරිත හදුනාගැනීමට හැක්කේ ඔවුන් ලෝකයේ අපහසු තත්වයකට මුහුණ දෙන විටදීයි. අද වනවිට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු මොනතරම් දුෂිත පුද්ගලයකුද යන්න මේ සිදුවීම් වලින් දැනගත හැකියි.
කාලය විසින් යහපාලනයේ සළුපිලි ගලවමින් පවතී. මේ සිදුවීම් වලින් අප තරුම් ගත යුත්තේ මුළු පාර්ලිමේන්තුවේ 99.9% ම මෙවැනි දුෂිත පුද්ගලයන් සිටින බවයි, මිට හේතුව ජනතාව  විසින් පාරට බැහැල මෙවැනි දේවලට විරුද්ධ නොවීමේ විපාකයි.
පහත දැක්වෙන්නේ
හොදින් බලන්න මොහු බොරු කියන ආකාරය





         පහත දැක්වෙන්නේ අදාළ තරුණයන් අදහස් ඉදිරිපත් කරන ආකාරයයි, මුලින් අන්තර්ජාලයට නිකුත් වූ හඩ පටය අසු මා හිතුවේ මෙය බොරුවක් බවයි නමුත් ඔවුන් මෙසේ ඉදිරිපත් වීමෙන් ඇත්ත එලියට එමින් පවතී.

 



ජනතාව මේ දෙසපාලන්යයන්ගේ අතකොලු නොවී පාරට බසියයුතු කාලය වේගයෙන් එමින් පවතී පහත දැක්වෙන්නේ ලෝකයේ සිදුවූ මෙවැනි උදාහරණයක්
ජලය යට මුදල් අයකිරීම නිසා සිදුවූ දෙයි මේ



වසර 2000 දී පමණ බොලිවියාවේ රජයට ලෝක බංකුව ණය දීමට කොන්දේසියක් පනවනවා එනම් ජලයට ආර්ථික වටිනාකමක් පනවන ලෙසයි.
මිට මුදල් ගෙවන මීටර් සවිකරන අතර අදාල මුදල ගෙවූ පසු ජලය ලබාගතහැකි වන්නේ, සිදුවන්නේ ජනතාව රජයට විරුද්දව මාරාන්තික කැරැල්ලක් ගැසීමයි, අවසානයේ මෙය පාලනය කිරීමට එවන මේජර්වරයා ජනතාව විසින් ජිවග්ග්රහණයෙන් අල්ලාගෙන කැලයට ගෙනගොස් පෙතිගසා මරාදැමු පසු මෙම වැඩසටහන රජය ඉවත්කරගනී.

අද වනවිට ශ්‍රී ලංකාවට මේ තත්වය තව මාස 10ට අඩු කාලයකදී මුහුණ දීමට විදුවෙනවා අප බොලිවියාවේ මිනිසුන්ගෙන් ඉහ්ගනගනිනට ඇති පාඩම් දැන්මම ඉගනීමට වගබලා ගමු.         

හැකි සැම විට ජනතා නියෝජිතයන් කරන නීති විරෝධී වැඩ සදහා අපේ විරෝදය හැකි උපරිම ලෙස අපට ඇති මාද්‍ය තුලින් දක්වමු.
මෙහිදී මෙම සිද්දියේදී සුදනන් වීමට නැත්කරන අනෙක් පක්ෂයට නොරැවටෙමු. මේගැන ඉයන් හොද ලිපියක් ලියල තියනව http://lankanian.blogspot.com/2016/03/blog-post.html
         

16 comments:

  1. //ජනතාව මේ දෙසපාලන්යයන්ගේ අතකොලු නොවී පාරට බසියයුතු කාලය වේගයෙන් එමින් පවතී //

    ඔබ නිර්බයව මේ දුස්ට ක්‍රියාවට විරෝදය පෑම ඉතා හොඳයි... එහෙත්...


    හේතුව කුමක් වුවද මුහුනත් එක්ක තරහවෙලා නහය කැපීම වැනි ක්‍රියා නිර්දේශ කිරීම හොඳ නැහැ නේද?

    ජනතාව පාරට බැස්සාම ... මතකද ලිබියාව... එහෙ ජනතාව තාම පාරේ...
    අප වැනි මාසික වැටුප් නොලබන එහෙත් දිනපතා ආදායමෙන් යැපෙන්නන්ට යන කල දසාව කුමක්ද?

    මෙවැනි දේ අනුමත නොකරනවානම් අදාල පුද්ගලයාට හා ඔහුට නවාතැන් දෙන පක්සයට විරුද්දව චන්දය දීමන් වැලකීම පාරට බැහැලා විකාර කිරීමට වඩා හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ජනතාව පාරට බැසිය යුත්තේ ඉන්න ආණ්ඩුව ඉවත් කිරීමට නෙමෙයි, එක තමයි මම පැහැදිලිව කිව්වේ “ජනතාව මේ දෙසපාලන්යයන්ගේ අතකොලු නොවී “ කියන විශේෂ යෙන් සදහන් කරලා තියෙන්නේ.
      රනිල් ව එලවල මහින්දව ගෙනව්මත් මහින්දව එලවල ජනතා විමුක්ති පෙරමුණ ගෙන එමවත් නෙමෙයි මම කියන්නේ, ඉන්දියාවේ Anna Hazare දුෂණයට විරුද්දව ගෙන ආපු වැඩපිළිවල වැනි වැඩපිළිවලක් උවමනා කරනවා.
      අද ඇති අන්තර්ජාල පහසුකම් යොදා මේ මෝඩ දේශපලන්යයන්ට යෙදිය හැකි පීඩනය විශාලයි.
      මේ සේ නොකර ඔබ කියන ලෙස චන්දය නොදී සිටීම හෝ චන්දය දීම මගින් මිට විසදුම් සෙවිය නොහැකියි.
      රජය බලයේ සිටියදීම ජනතාව මෙවැනි වැඩ කරන ඇමතිවරුන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක නොවනවානම් කලයුත්තේ අදාළ නිතිය ක්‍රියාත්මක කරන ආයතන වටලා තදබල ලෙස විරෝදය පෑමයි.
      රටේ ලක්ෂ 10 ක් පමණ පාරට අවනම් දෙසපලන්යයන් දැනගන්නවා ඔවුන්ට ඉස්සර නටපු නැටුම් නටන්න බැරි බව.
      බොලිවියාවේ ප්‍රශ්නය විසදුන බව මතක තබා ගන්න, ඉන්දියාවේ දුෂණ විරෝදී බලවත් වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බව මතක තබා ගන්න.
      යුදෙව්වන් දෙවන ලෝක යුද්දයේ දී ජර්මන් හමුදාවට පහර දෙන තැනට කියානම් මරුන ජිවිත වලට වඩා බේරෙන ජිවිත විශාලයි.

      Delete
    2. // ඉන්දියාවේ Anna Hazare දුෂණයට විරුද්දව ගෙන ආපු වැඩපිළිවල වැනි වැඩපිළිවලක් උවමනා කරනවා. //

      ඉතින් ඉන්දියාව දූසනයෙන් තොර වුනාද?????

      ඊට වඩා හොඳ නැද්ද හොන්කොන් හී තිබෙනා ICAC එක...???

      Delete
    3. // අදාළ නිතිය ක්‍රියාත්මක කරන ආයතන වටලා තදබල ලෙස විරෝදය පෑමයි. //

      කතාව නම් හොඳයි...
      ඒත්...
      අවන්කවම එවැනි වැටලීමක් තිබුනොත් ඔබ එයට සාහබාගී වෙනවද? එම වැටලීමට ආරක්ශක හමුදා වෙඩි තැබුවොත් එයින් අනතුරට පත් වන්න හට මොකද වෙන්නේ?

      දිනපතා උපයන ආදායමෙන් ජීවත්වන්නන්ට ඒ වගේ කලබල අස්සේ තමන් ගේ ජීවනෝපාය කර ගන්නට පුලුවන් ද???

      Delete
    4. අද වනවිට තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වෙලා තියන ව ඉන්දියාවේ, බොහෝ තක්ෂණික අංග එකතුවෙලා තියනවා, සිදුවූ අතිවිශාල වංචා වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අවම වී තිබෙනවා. ඉන්දියාව වැනි රටක මෙය විශාල දියුණුවක්.

      //ඒත්...
      අවන්කවම එවැනි වැටලීමක් තිබුනොත් ඔබ එයට සාහබාගී වෙනවද? එම වැටලීමට ආරක්ශක හමුදා වෙඩි තැබුවොත් එයින් අනතුරට පත් වන්න හට මොකද වෙන්නේ?

      දිනපතා උපයන ආදායමෙන් ජීවත්වන්නන්ට ඒ වගේ කලබල අස්සේ තමන් ගේ ජීවනෝපාය කර ගන්නට පුලුවන් ද???//
      කිසියම් දේශපලන්යයකුගේ අතකොලු නොවී මෙවැනි වැඩසටහනක් සදහා මම පුද්ගලික ව එකතු වෙනවා.
      මෙහිදී ඔබ කියන ජිවිත අවදානම ඇතිවෙන්නවා තමයි නමුත් මේ දෙසපලන්යයන් කෙරේ විස්වාසය තබා සිටියොත්, සිදුවෙන්නේ රටේ දුෂණ වැඩිවීමත් රටවැසියාගේ රස්සා කලකින් නැතිවීමත් ජිවන වියදම වැඩිවීමත් අවසානය ඉතා නරක අවස්තාවක මිනිසුන් පාරට බැසීමත් තමයි, හැබැයි එතකොට මැරෙන පිරිස අද වගේ සිළු පිරිසක් වෙන්නේ නෑ.
      ඇති දුෂ්කර අවස්තාවක පාලකයන් දන්නවා කෙසේ හෝ ඔවුන්ට ජනයා මර්ධනය කිරීමට සිදුවන බව මොකද ඔවුන්ට කිසිම සහනයක් දීමට නොහැකියි. නමුත් දැන් වගේ අවස්තාවක දී පාලකයන් මෙවැනි අන්තගාමි වැඩපිලිවලකට යන්නේ නෑ වගේම ඔවුන්ට සිදුවෙනවා රටේ ජනයා ඉල්ලන ප්‍රගතශීලි පියවරයන් ගැනීමට.
      මෙහිදී මතක තබා ගතයුතු වැදගත්ම දේ රජය පෙරලීමට නෙමෙයි අප මෙය කරන්නේ රජයේ ප්ප්‍රජාත්න්ත්ර විරෝදී වැඩ නතර කිරීමට බව.
      මෙසේ නොකර තව මාස 10ක් බලන්න රජයට විශාල බදු පනවන්න බැරි වුනොත් අනිවර්යෙන් සිදුවෙනවා දැඩි ආර්ථික ප්‍රතිසන්විදානයකට යන්න මෙනිසා මුලින්ම පහර වදින්නේ දිනපතා උපයන අයයි.
      මේ නිසා තමයි මිට පෙර මම PAYPAL වැනි ක්‍රම මහින් විද්‍යුත් වානිජ්යට අප සම්බන්ද වියයුතු බවත් අපේ තැපැල් සේවය දියුණු කල යුතු බවත් කිව්වේ.
      මට පෙනෙන විදියට රජය කිසිම දෙයක් හරියට කරන්නේ නෑ මොකද එක්කෙනෙක් කරන දෙය අනෙක් කෙනා කකුලින් අදිනවා.

      Delete
  2. දැන් මේ තරුණයෝ සියඹලා ගෙනාවෙම නැතිද?1000cc යතුරු පැදි ලංකාවේ මාවත්වල ධාවනය කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. // 1000cc යතුරු පැදි ලංකාවේ මාවත්වල ධාවනය කරන්න පුලුවන්ද?//
      මේක වැරදියි ඒවගේම අනතුරත් මේ ළමයාගේ වරදින් උනා කියමු, නමුත් සිදුවී ඇත්තේ කුමක්ද රථය පැදවූ ඇමතිවරයාගේ වංක හැසිරීම නෙමෙයිද ? මෙවැනි කෙනෙක් කෙරේ විශ්වාසය තබන්නේ කෙසේද ?
      යාළුවා, මේ සිධ්දියේ දී ඇමතිවරයාගේ වරදක් නැත්නම් මෙලහකට CCTV දර්ශන ඉදිරිපත් කරලා ඇමතිවරයාව සුද්ධ කරනවා මෙලහකටත්.
      ඔතන පාරෙන් බොරැල්ල දෙසතත් අනෙක් පැත්තෙන් කෝට්ටේ දෙසටත් හරවන්න පුළුවන් මෙතන වරද වීම කගේ අතින්ද කියන එක CCTV දර්ශනවලින් බලන්න පුලිවන්, ඔතන ඉදල මීටර් 100 වත් දුර නෑ වැලිකඩ පොලිසියට.
      මම දන්නෑ ඔබ කොහෙද කියල නමුත් මම මේ පාරේ බොහෝවිට යනවා මම දන්නවා CCTV කැමරා කියක් තියනවද කියල ඔබ යනවිට බලන්න ලගම බැංකුවක් තියනවා රජයේ ආයතන තියනවා, උවමනා තොරතුරු පහසුවෙන් සොයාගත හැකියි.
      මෙතන ඔබ තේරුම් ගතයුතු දේ සිදුවූ අනතුර නෙමෙයි, අප හැමෝම මිනිසුන් විදියට මෙවැනි තත්ව වලට මුහුණ දෙන්න පුළුවන් නමුත් මේම හැසිරීම ඇමතිවරයකුට විතරක් නෙමෙයි පුරවසියකුටවත් සුදුසු නෑ

      Delete
  3. මුන්ගේ ටෝක් වලින් පෙන්නේ මුන් තනිකර දේශපාලන ගේමක් ගෙනියන උන් බව මිසක් වෙන මොනවත් නෙමෙයි... බයියෝ දැන් ගූ බෙට්ටේ උනත් එල්ලෙනවා.... කේස් එක වෙල දවස් ගානකට පස්සේ අයියලා මතුවෙන්නේ ඒක නේ...

    ReplyDelete
    Replies
    1. මාතා,
      මම බොරැල්ලට වාහනේ යන හැම විටම මම යන්නේ ඔය පාරේ තමයි, අනෙක් පාර උබ ඔය පැත්තේ යනකොට බලපන්, CCTV කියක් තියනවද කියල. වැරදිලාවත් පාටලී ඕකට සම්බන්ද නැත්නම් බලයේ සිටින ආණ්ඩුව ලෙස කළහැකි දේ ඉතා සරලයි. ඔය වෙලාවේ CCTV දර්ශන බැලුවනම් CASE CLOSE.
      මෙච්චර දගලන්න ඕනේ නෑ. පාටලීගැන මගේ මිතුරෝ බොහෝදෙ කිව්වත් මම විස්වාස කලේ නෑ, නමුත් සිදුවන දේ පිළිකුල් සහගතයි.
      සරලව කිව්වොත් මහින්ද ගෙයි මයිත්‍රී ගෙයි එකම වෙනස මහින්දට දේසපාලන ප්‍රාග්ධනය තිබුන මයිත්‍රී ට නෑ.
      මහින්දට දුෂණය කිරීමට තිබු බලය මයිත්‍රී නෑ මේ නිසයි මම තවම ජනවාරි 8 ගත්ත තීරණය ගැන කණගාටු නොවෙන්නේ.
      මේවගේ වැඩ වලට අතට ගඩොල් බාගේ නොගැනීමේ විපාක තමයි මහින්දට උනේ.
      මාරයා වගේ අය මහින්දගේ බෙට්ටත් සුවදයි කිව්වත් මම ඒ තත්වයට වැටෙන්නේ නෑ ගහන්න ඕනේ තැනේදී ඇප නැතිවෙන්න ගහන්න වගේම ප්‍රසංසා කලයුතු තැන ප්‍රසන්සාවත් උවමනා කරනවා.
      මේ සිදුවීම දෙස ඔබ මොලේ ඇතුව බැලුවොත් මේක ඇත්තටම වුදෙයක් තමයි හැබයි ඔබ තව පරික්ශාකරිව බැලුවොත් මේ ළමයින්ට නීති ආධාර ලබාදීම පිටිපස්සේ ඉට උවමනා සම්පත් ලබාදීම පිටිපස්සේ මහින්ද විතරක් නෙමෙයි දයා ගමගේත් ඉන්න පුළුවන් අර හිරුනිකා ගේ කෙස් එක පිටිපස්සේ දුමින්ද සිල්වා ඉන්නවා වගේ හැබැයි ජනතාව විදියට අප දැනගත යුත්තේ හිරුනිකා වගේම පාටලිත් එකම විදියේ වරදවල් කිරීමට පසුබට නොවෙන බවයි.

      Delete
    2. මාතා,
      අනෙක තෙල් සංස්ථාවේ වහනයක් රෑ 10 ට යන ගමන මොකද්ද ?
      හවස 4.30 ට කොලබ නගරයේ වැඩ අවසන් වන රාජකාරි රථයක් රෑ 10.00 කොලබ නගරය ඇතුලේ ධාවනය වීම උබට ගැටලුවක් නැද්ද (මේක යහපාලානේ නේද ?)

      Delete
  4. මචන්. උබ කාලීන සහ බොහොම වැදගත් තොරතුරු තාක්ෂනය සම්බන්දවත් බොහොම හොද ලිපි ලියනව. විශේෂයෙන්ම ලංකාවට paypal ගෙන්න ගන්න උබ තනියම ලොකු ගේමක් දෙනවා. බොහොම ස්තුතියි මචෝ. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ටික්කා,
      ඇත්තටම මම විතරක් නෙමෙයි මම දැකල තියනවා විවිද පුද්ගලයන් හර්ෂ දී සිල්වා, හරින් ප්‍රනාන්දු වැනි ඇමතිවරුන්ගේ අඩවි වල මෙය සදහන් කරලා තියනවා.
      ඔවුන් අඩුගානේ එවට උත්තර දිමවත් කර නෑ.
      නමුත් ලදී හරින් නම් කිව්වා මෙය ලබාදෙන බව එත් මම දන්නවා මේ රජය ට එක ලේසි වෙන්නේ නෑ
      මේ නිසා තාවකාලිකව මෙය කරන විදියක් මම පෙන්නුවා
      http://lankasithuwili.blogspot.de/2016/02/paypal_28.html
      මම දන්නෑ රජය කොච්චර දැනුවත්ද කියල
      මෙය ඉතා වැදගත් වන්නේ ලෝකය සමග ගනුදෙනු කිරීමට ඉතාම ලාබදායි මාද්‍ය සුළු වෙළදුන්ට විවර වීම නිසයි.

      Delete
    2. ඔව් මම උබේ පොස්ට් ඔක්කොම කියවලයි තියෙන්නේ. ඒත් සිංග්ලිෂ් කොමෙන්ට් වලට කවුරුවත් කැමතිනැති නිසා මම කොමෙන්ට් කරන්නේ නැහැ. මමත් ebay එකේ බඩු විකුණන කෙනෙක් විදිහට මට paypal වලින් තියෙන ආර්ථික ලාබය බොහොම ඉහලයි. ebay එකෙන් බඩුවක් විකුණලා ebay එකට 10% paypal එකට 3% ගෙවල මගේ එකවුන්ට් එකට කෙලින්ම transfer කරනවා. අනික paypal එකේ customer service එකත් බොහොම ඉහලයි. දැන් මම එච්චර දේවල් විකුනන්නේ නැති උනත් unlimited withdrawal facility එකත් දීලයි තියෙන්නේ. මගේ මවගේ ව්‍යාපාරයට paypal ගන්ට පුලුවනිනම් මචන් ඇස්දෙක වහගෙන ලොකු මුදලක් මාසෙකට හොයාගන්ට එක එච්චර මහන්සි වෙන්ට ඕන දෙයක් නෙමෙයි. අනික අම්මගේ රැකියාවට හොඳ වෙළඳපොළක් අන්තර්ජාලේ තියෙනවා. දැනට එයාගේ ආර්ට්ස් odel වගේ ආයතන කුනුකොල්ලෙට අරගෙන විදේශිකයන්ට වැඩි මිලට විකුනනවා. මම ඒ බිස්නස් එකට අතගහන්ට පුළුවන් උනත් බැරි හේතුව තමයි ලංකාවෙන් මෙහෙට තැපෑලෙන් ගෙන්නාගෙන ආයෙත් මෙහෙන් තැපැල් කරනකොට සැලකියයුතු ප්‍රමාණයක් තැපැල් ගාස්තු වශයෙන් ගෙවන්ට වෙනවා. අනික paypal එක හරහා නොමිලේ සල්ලි හුවමාරු කරගන්ට පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. අනික මචෝ ලංකාවේ විෂයට සම්බන්ද ඇමතිවරයෙක් ඉන්ට එක අමාත්‍යංශයක් හරි තියෙනවනම් රට මෙලහකටත් ගොඩ ගිහින් ගොඩක් කල්.

      Delete
    3. ටික්කා,
      ඔන්න ඕක තමයි ඇත්ත, මට පෙන විදියට තොරතුරු ත්ක්ෂණයෙන් උපාදිය ගත්ත අයවත් PAYPAL ගැන දැනුවත් නෑ, මම PAYPALගැන දන්නේ විදිශීය රටවලට මම මේ සේවය ලබාදෙන නිසා සහ ඩොලර් දහස් ගණනක භාණ්ඩ මම PAYPAL යොදා (EBAY වල සහ වෙබ් අඩවි තුලින් විකුණා ඇති නිසා ) අපේ රටේ බිහිවන තොරතුරු තක්ෂණය පිළිබද උපාධිදාරීන් ගෙන් හොදම අය විදේශ ගත වෙනවා ඉතිරිවන පිරිස දැනුවත් නෑ අඩුගානේ PAYPAL කියන්නේ මොකද්ද කියලවත් නිර්වචනය කරන්න.
      මා දන්නා ඉන්ජිනේරු මහතකුට PAYPAL වල වැදගත් කම කිව්වහම ඔහු කිව්වේ මේ නිසා IT jobs 200 පමණ ඇති කලහැකියි වෙයි අනෙක් අයට එතරම් වැදගත් නෑ වැනි අදහසක්.
      මේ මිනිසුන් දන්නේ නෑ මෙනිසා දහස්ගනනකට (IT නොවන ) අයට රැකියා ඇතිවන බව.
      මෙගේ මිතුරකු ලගදි මාසමග කිව්වා ඔහු දන්නා කෙනෙක් ඉන්නවා කියල පොල්කටු වලින් යතුරු සාදන මේ යතුරක් ඩොලර් 5 ත් 10 අතර ඔහු අන්තර්ජාලය ඔස්සේ විකුනනවා.
      කිසි කෙනෙකුට හිතාගන්න පුලුවන්ද මේ වියාපාරය ගැන.
      paypal ලංකාවට ලැබුනොත් ඔබේ මවට අන්තර්ජාලය ඔස්සේ ඇයවිකුනන භාණ්ඩය කෙලින්ම විදේශ වෙළදපොලට ඉදිරිපත් කළහැකි.
      එක පුද්ගලයකු පටන්ගත් alibaba අඩවිය දිනකට ඩොලර් බිලියන 14ක ආදායමක් ලබනවා, ඔබ හිතන්න අපට රටටම ඩොලර් බිලියන 5ක් තිබුනානම් මේ සියලු ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන්. චිනේ jack MAA
      කරපු දේයින් 1% වත් ශ්‍රී ලංකා රජයට කරන්න බෑ කියන්නේ මොනතරම් විහිලුවක්ද ?
      අනෙක ටික්කා, EBAY එකට 10% ගෙවන්න ඕනත් තස්ම අඩවිය මහින්ම PAYPAL ඔස්සේ භාණ්ඩ විකුනන්න පුළුවන් මෙහිදී යන්න 3.5% වැනි මුදලක්.
      මෙය ඕනෑම දුප්පත් සුලුපරිමාන වෙලදකුට දරන්න පුළුවන් එහෙම නතුව සම්පත් බැංකුව පාවිච්චි කලොත් සෑම වසරකම ඔබ අලවි කලත් නැතත් ඔබ රුපියල් 60000 වැනි මුදලක් ගෙන්වන ඕනේ වගේම ඔබ අලවි කරන භාණ්ඩයේ වටිනාකමින් 3.5% කුත් බැංකුවට ගෙවන්න ඕනේ.

      Delete
    4. ඔව් මචන්. paypal එක හරියට විග්‍රහ කරනවනම් කියන්ට තියෙන්නෙ අඩුව තියාගෙන අත පුච්චගන්න හදනව කියල.

      Delete