Thursday, March 31, 2016

වස විසෙන් තොර ගොවිතැන සහ වස විසෙන් තොර ආහාර සකස් කර ගැනීම


මුලින්ම වස සහිත Arsenic සහිත සහල් පිරිසිදු කර ගැනීම සදහා ක්‍රම කීපයක් බලමු


මෙහිදී සිදු කරන්නේ අදාළ සහල් ප්‍රමාණය ක්‍රම කීපයකට සේදීම මගින් විශාල හානිකර අර්සනික් ප්‍රමාණයක් ඉවත් කර ගැනීමයි.

මේ වනවිට ඇමරිකානු වෙලදපොලේ ගෙදරදීම Arsenic හදුනාගැනීමේ සරලඋපකරණ මිලදීගැනීමට ඇත.



අද වනවිට ශ්‍රී ලංකාවේ වෙළදපොලට කිසිම ප්ර්ක්ෂාවකින් තොරව  පැමිණෙන විවිද සහල් වල ඉතා අධික අර්සනික් පමණක් නෙමෙයි තවත් ඉතා භයානක විස සහිත රසායනික  ආහාර සමග  පැමිණෙන බව අප නොදනී.

මේවා ගැන වැඩියම දැනුවත් පිරිස වන්නේ විශාල ධනවතුන් වන කෘෂිකර්ම ක්ෂේස්ත්රයේ සිටින අයයි.
මෙනිසා අද වනවිට කාබනික ගොවිතැන කරන ආයතන අතරට CIC ආයතනය පැමිණ සිටි මෙහිදී රටේ මිනිසුන් දැනගත යුත්තේ මේ සමාගම රටේ බහුතර ජනතාවට වස ලබාදෙන අතර තම සමාගම වල ඉහල සේවකයන්ට කාබනික ආහාර ද්‍රව්‍ය පහසු මිලට ලබාදෙනු ලබයි.

  මේ සිදුවීම ශ්‍රී ලංකාවේ විශාල සමාගම් කීපයක් අනුගමනය කරයි, එනම තම ආයතනයේ සේවකයන්ට සහ එහි අයිතිකරුවන් සදහා සිමිත ප්‍රමාණයක් වස විසෙන් තොර ආහාර වගාකිරීම කරනු ලබයි.

තත්වය මෙසේ පවතිද්දී අප සොයා බැලිය යුතු සහ දැනුවත් වියයුතු වැදගත් කරුණක් පවතී

කාබනික ගොවිතැනේ අස්වැන්න   අක්කරයට වී බුසල් 80ක් පමණ වන විට රසායනික පොගොර වලින් අක්කරයට වී බුසල් 120 ක් ලබා ගැනීමට හැකියි.

නමුත් වාර්ෂිකව පස විනාශ වීම නිසා යෙදිය යුතු රසානන පොහොර වැඩිකළ යුතු වීමයි, එසේ නොමැති වුනොත් වසර 10 කදී කිසිවක් වගාකළ නොහැකි වනවාට අමතරව රසායනික පොහොර වැඩි නොකලොත් අස්වැන්න සීග්‍රයෙන් අක්කරයට බුසල් 60 ටත් අඩුවිය හැකියි.

මෙහි අප සලකා නොබලන කාරනයමේ බුසල් 40 නිපදවීමට ගොවින් රුපියල් 30000 ට ආසන්න මුදලක් වැයකරන අතර ආදායම රුපියල් 15000 කට කිට්ටු වේ.

මෙහිදී ගොවියන් මෙය තේරුම් නොගන්නේ මේ 30000 ට ආසන්න මුදල ඔවුනට ලැබෙන්නේ සහනාදාර මත වීමයි එනම් මේ වියදම රටේ මහජනයා දරන ආතර සියලු ආදායම බහුජාතික සමාගම් ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටවේ.

මෙහිදී විවිද වැරදි සහ දුර්වල තා ඇතත් මම අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ උත්සාහය අගය කරමි.
අප ලොකුවට කෘෂිකර්මය ගැන කිව්වත් කන සියලුම එළවලු සහ පලතුරු වස සහිත බව බොහෝ දෙනා වටහා නොගැනීම කනගටුවයි.

ටිකක් සිතන්න දැනට වසර 20ත පෙර පාසල් ගිය මට දියවැඩියාව වැලදී ඇති එකම සිසුවෙක් වත් දක්නට නොලැබුණි. දැන් තත්වය මිට හාත්පසින්ම වෙනස් අත්තර වසර 10 වැනි වයස් සීමාවල දරුවන් අතර දියවදියා රෝගීන් ප්‍රමාණය 10% බව සදහන් වේ.

මම මේගැන ගවේෂණය කිරීමේදී එක්තරා බටහිර උගතකු කිව්වා අපේ පරම්පරාව තුල එක සුවිශේෂ ලක්ෂණයක් පවතිනවා එනම් අපේ පරම්පරාව තමයි පළමු වතාවට "දෙමාපියන් විසින් දරුවන් ව බුමදාන කරන්නේ  "  කියල මොකද මෙතක් සිදුවී අත්තේ "දරුවන් විසින් දෙමාපියන්ව බුමදාන කිරීමයි "

ඇත්තටම වසර ගණනාවක් රසායනික පොහොර යොදන ලද පසක් තුල මුලින්ම කාබනික වීමේදී ලැබෙන පලදාව අඩු විය හැකියි නමුත් වසර 2කදි පමණ විශාල දියුණුවක් ලබාගැනීමට හැකියි.

අනෙක් වැදගත් කාරණය ගොවියන්ට රසායනික පොහොර වෙනුවට කාබනික ද්‍රව්‍ය (කාබනික පොහොර වෙළදපොලෙන් මිලදීගැනීමට නෑ ඒවා නිපදවන්නේ ශුද්‍ර ජීවින් විසිනුයි) මිලදී ගැනීමටත් උවමනා උපකරණ ගැනීමටත් වැඩපිළිවලක් රජය සැදිය යුතුයි.

දැන් බලමු සොබාවික ගොවිතැනේ සාර්ථකත්වය.


     මේ සදහා තිලක් කන්දේගම මහතා පාරිසරික ගොවිතැන ගැන අපුරු උපදෙස් සදහන් කරලා තියනවා (මෙය ලියන මමත් ඔහුගේ උපදෙස් සාර්ථකව නිවාස තුල අත්හදා බලා  තියනවා )

01



      02



03



04



05



06


මේගැන එංගලන්තේ චාර්ල්ස් කුමරු අපුරු දෙයක් කිලය තියනවා


16 comments:

  1. මේ විස්තරය බොහෝ වැදගත් මට.මන්ද මගේ ඊළඟ සිහිනය නම් වසර 15ක දීර්ඝ කාලීන විදෙස් රැකියාවෙන් මිදී ලංකාවට ගොස් මෙවන් පුංචි ගොවිපලක ගොවියකු ලෙස ජීවිතයේ ඉතිරි කාලය ගතකිරීමයි. ඔබට බොහෝ ස්තුතියි මහත්මා.

    ReplyDelete
    Replies
    1. මේගැන ඉතා වටිනා තොරතුරු සමුහයක් අන්තර්ජාලයේ පවතිනවා
      https://www.youtube.com/watch?v=U3jdkNFNrBg

      මිට අමතරව මේ සදහා අති විශාල වෙළදපොලක් තියනවා හැබැයි මේ වෙළදපොල සොයාගැනීමට ඔබ නිර්මාණශීලි විය යුතුයි.

      උදාහරණයක් විදියට මා දැන්න සොබාවික භෝග අලවිසලක් තියනවා, ඔවුන් ලගට පැමිණෙන සියලු පාරිබෝහිකයන්ගේ ජංගම දුරකථන අංක ලබාගන්නවා. ඔවුන් අලුතින් තම තොගය ගෙනාපු වහාම ඔවුන් SMS පණිවිඩයක් මගින් දැනුම් දෙනවා තමා ලග ඇති එළවලු සහ සහල් වර්ග ගැන මෙය කොච්චර ජනප්ප්රියද කියනවනම් භාණ්ඩ පැමිණ දින කීපයකින් බොහෝ දේ විකිණී යනවා.

      ඔබ මේ අංශයට පැමිණෙන්න අදහස් කරනවානම් මුලින්ම වෙළදපොල ගැන සොයා බලන්න, ඉන්පසු වසවිසෙන් තොරව ගොවිතැන කරණ විධි ගැන හොදින් දැනුවත් වන්න, ඔබට ජය !!

      Delete
    2. //උදාහරණයක් විදියට මා දැන්න සොබාවික භෝග අලවිසලක් තියනවා, ඔවුන් ලගට පැමිණෙන සියලු පාරිබෝහිකයන්ගේ ජංගම දුරකථන අංක ලබාගන්නවා. // මේක කොහෙද තියෙන්නේ?

      Delete
    3. මේකේ නම ග්‍රීන් රූට්
      639/A බංගලා හන්දිය, පිටකෝට්ටේ.
      දුරකථන අංක 0717655556
      අවාසනාවකට ඔවුන්ට වෙබ් අඩවියක් නෑ මම මේ තොරතුරු සොයාගත්තේ ඔවුන්ගේ ඇසුරුමකින් මතක තියාගන්න මේ සහල් විශාල ලෙස එකවර මිලදීගන්න එපා, මොකද මස ගණනකින් ගුල්ලෝ ගසනවා හරියට ගබඩා කලේ නැත්නම්.

      Delete
    4. ස්තූතියි හෝඩුවාවට. පිටකෝට්ටේ ගිය වෙලාවක හොයලා බලන්න ඕනේ.

      Delete
  2. තිලක් කන්දේගම මමත් බොහොම කැමති දේශකයෙක්. මෙවැනි දේ ගැන සමාජය දැනුවත් කිරීමට ගන්නා උත්සාහය අගය කරමි.

    ReplyDelete
    Replies
    1. තිලක් කන්දේගම මහතා පොත් කීපයක් ලියල තියනවා මම උත්සාහ කළා මේවා සොයාගන්න නමුත් සියල්ල විකිණිලා, තියන තැනක් දැනගත්තොත් කරුනාකර දන්වන්න

      Delete
    2. කන්දේගම මහත්තයට ඊයක් විදලා බලන්න kandegamathilak@gmail.com

      Delete
  3. මේ වැඩසටහන බැලුවා.. මේ සාකච්ඡාව දිගට ම අහගෙනත් හිටියා... ඇත්තට ම වස විස නැති ගොවිතැනකට යන්න පාර හැදෙනවානං හොදයි..... ඒක කොහෙන් හරි නිවැරදි මගපෙන්වීමක් සමගින් පටන් ගත යුතුයි..

    ReplyDelete
    Replies
    1. ඊයේ මම මේ මගේ පැකේජයේ විශාල data පර්මානයක් ඉතුරුවෙලා තියන නිසා මම ගොඩක් බාගත කළා.

      Delete
  4. පුළුවන් අයට හොද අදහසක් කියන්න කැමති, ඔබට හැකිනම් මෙසේ වගා කරන ගොවියන් පුද්ගලිකව හදුනාගන්න. මසකට සැරයක් මේ ගොවියන්ගේ නිවසටම ගොස් සහල් වැනි දේ මිලදී ගත්නනම් ඔබට හාල් කිලෝවකට රුපියල් 100ක් වැනි මුදලකට මිලදීගැනීමට හැකි වෙයි. වෙලදපොලේ ඇති සහල් වලට වඩා කිලෝවට රුපියල් 10ක් ගෙව්වත් ඔබට වස විසෙන් තොර කෑම වේලක් ලබාගත හැකියි.

    මෙය කියවන අයගේ නෑයන් මිත්‍රයන් විද්‍යාවරු සිටිනවානම් අහන්න පසුගිය වසර 5 දී කොපමණ කුඩා දරුවන් මන්ද මානසික (Autisum ) වැනි රෝග වලට වැලදී ඇත්ද කියල. කරුනාකර මේගැන දැනුවත් වන්න.

    ReplyDelete
  5. වටින ලිපියක්.

    ReplyDelete
  6. මේවා කාලකන්නි ජෙප්පන්ට පේන්නේ නැද්ද දන්නේ නෑ.... කාළකන්නි මේ රට කනවා....

    ReplyDelete
    Replies
    1. මාතා, ජෙප්පෝ කියන්නේ අන්ත විදියට අවස්ථාවාදී වූ පිරිසක්.
      ඔවුන්ට මිට විසදුමක් දෙන්න පුළුවන් ලේසියෙන්ම තමා සතු ගොවින් මෙයට යොමුකරලා. නමුත් ඔවුන් කරන්නේ බොරදියේ මාළු බාන එක

      Delete