Friday, December 18, 2015

අති විශාල රජය සේවය යොදා සුළු සහ මද්‍ය පරිමාන වියාපාර අපනයනය සදහා සුදානම් කිරීම.



උපුටා ගැනීම http://economatta.blogspot.com/2015/12/blog-post_17.html

{මෙසේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම පසුගිය මාස ගණනාවක් මුළුල්ලේම අවප්‍රමාණය වෙමින් පවතින ශ්‍රී ලංකා රුපියල තව දුරටත් අවප්‍රමාණය වීමට හේතු වනු ඇත. ඇමරිකාවට සිදු කරන ආනයන ඉහළ යාමෙන් ගෙවුම් ශේෂයට යම් වාසිදායක බලපෑමක් සිදුවිය හැකි වුවත් රුපියල තව දුරටත් අවප්‍රමාණය වීම වලක්වා ගැනීමට මේ බලපෑම ප්‍රමාණවත් නොවනු ඇත.}

ඉහත ඉකොනොමැට්ටා අඩවියේ සදහන් කාරණය අනුව ශ්‍රී ලංකාව අවදානම් කලාපයට ලගා වී ඇති බව කිව යුතුයි. දැනට අපිට වාසියකට තිබෙන්නේ ලෝක තෙල් මිල පහළයාම මගින් ඇති සහනය වැනි කරනා කීපයක් පමණයි.

  නමුත් අදුරු වලාවක් මැද ඇති රිදී රේඛාවක් බදු මේ තත්වයෙන් රජය ප්‍රයෝජනය ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් පෙන්වාදීමයි මගේ අරමුණ.

මුලින්ම අපනයන කරුවකු මුහුණ දෙන මුලික ගැටලුව බලමු.

01. අපනයනය කලයුතු භාණ්ඩය සදහා රේගුවෙන් අවසර ගැනීම සහ මිට යන වියදම පිළිබද රජයේ වෙබ් අඩවියකින් එකවර තොරතුරු ලබා ගත නොහැකි වීම.

02. උවමනා කරන ලියවිලි පිලිබදව තොරතුරු ලබාගත හැකි වෙබ් අඩවියක් නොමැති වීම සහ මෙම ලියවිලි බිලිබදව රජයේ නිලදාරීන් ගේ නොදැනුවත් බව

උදාහරණ :- මගේ විදේශීය සැපයුම් කරුවකුට සම් භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට උවමනා වුන විට මා මුලින්ම ඇමතුවේ http://www.customs.gov.lk/ ඔවුන් මාව තව රාජ්‍ය දෙපාර්තමේන්තුවක් වෙත යොමුකරන ලද අතර ඉන්පසු මා දෙපාර්තමේන්තු 5 පමණ මාරුවෙන් මාරුවට යොමුකර අවසාන වුයේ වන හා වුක්ෂලතා අදිකාරිය තුලයි.

ඔබ මේ අඩවියට නවකයකු ලෙස ගියවිට ඔබ අපනයනය කරන භාණ්ඩය අදාළ සෙවුම් යන්ත්‍රය තුල ඇතුලත් කල පසු ඔබට උවමනා සියලු ලිපිලේඛනත්
අවසර ගතයුතු ආයතන පිළිබද විස්තරත් ගෙවියයුතු මුදලුත් පහසුවෙන් පෙන්වා දීමට තක්ෂණය දැනටමත් ලෝකයේ තිබෙනවා.

දැන් පවතින වෙබ් අඩවිය  මගින් ඔබට උවමනා තොරතුරු ලබාගැනීමට අනිවාර්යෙන් ඔබ ශ්‍රී ලංකා රෙගු දෙපාර්ත මේන්තුවට යාමට  සිදුවිය යුතුයි  මන්ද කලයුතු අනු පිලිවල ගැන කිසිවෙක් හරියට නොදන්නා නිසා

මේ බලන්න සිංගප්පුරුවේ http://www.customs.gov.sg/businesses/exporting-goods/quick-guide-for-exporters
මෙය සිදුවන අයුරු අනුපිලිවලින් සදහන් වෙනවා, ඔවුන්ට ඉතා වේගයෙන් ක්‍රියාකළ හැකි වීමට පුදුම වියයුතු නෑ.

අප දෙරටේ ඉහත සදහන් සරල වෙනස සිදුකිරීමට මේ රටේ සිටින ආචාර්ය, මහාචර්ය, දුරාචාරය වරුන් සමන්විත අතිවිශාල රාජ්‍ය සේවයට  නොහැකිවීමයි පුදුමය.

අනෙක් පුදුමය මේ රටේ සිටින සිවිල් සමාජය කියාගන්නා විවිද සංවිදාන මේ පිළිබද කාරනා සහිතව පවතින රජයට බල නොකිරීම.

ඉහත සදහන් කාරනා නොදැන තමා ගන්නා අවදානම පිලිබදව කිසිම ත්ක්සේරුවක් කල නොහැකි වියාපරිකයෙක්, අපනයන වෙළදාමට පෙලබෙන්නේ කෙසේද ?

දැන් අපි බලමු රජය මෙම අංශය ප්‍රවර්දනය කිරීමට කෙසේ ක්‍රියාකළ යුතුද? කියල
මුලින්ම රජය විසින් පවතින විශාල ඵලදායි නොවන වැඩවල යොදවා සිටින දක්ෂ සේවකයන් යොදවා ඉහත ක්‍රියාවලිය සම්පුර්ණයෙන් අපනයන කරුවා වෙනුවෙන් කරන ආයතනයක් ඇතිකිරීම.

දැන් උදාහරණ :- ඔබට යමක් අපනයන කිරීමට උවමනානම් ඔබ කලයුත්තේ අදාළ භාණ්ඩය, එහි ප්‍රමාණය, යැවීය යුතු රට, කුමන කාලයක් තුල යැවිය යුතුද යන්න වැනි මුලික තොරතුරු අදාළ ආයතනයට සැපයු වහාම යන සියලු වියදම අදාළ රජයේ ආයතනය මගින් විනාඩි 20 පමණ ලබාදිය හැකි වියයුතුයි.

අදාළ අපනයන කරුවට සිදුවිය යුත්තේ අදාළ මුදල ගෙවීම පමණයි සියලු උවමනා ලිපි ලේඛන අදාළ ආයතනය පරිගණක දත්ත ගබඩා අනුසාරයෙන් විනාඩි කීපයකින් සිදුකල හැකි ක්‍රමයක් ඇති කල යුතුයි.

මෙම සේවය නොමිලේ සපයා දියයුතු නැති අතර ණය පහසුකම් අපනයන කරුවන්ට ලබා දෙනවිටදී අදාළ සේවා ගාස්තුව ණයක් ලෙස සහනදයිව සපයා දිය හැකියි.

විදේශික ආනයන කරු මුදල් ගෙව්ව වහාම අදාළ ණය මුදල කපාගෙන අපරටේ අපනයන කරුට ලබාදියයුතුයි.

මෙවැනි ක්‍රමයක් සිදු කිරීමටයි PayPal වැනි ක්‍රමයක් උවමනා වන්නේ.

දැන් බලමු අපනයන කරු භාණ්ඩ අන්තර්ජාලය තුලින් විකුනන්නේ කෙසේද? කියලා.

ඔබ හිතන්න මිනිසෙකු සිටිනවා දක්ෂ ලෙස ලී කැටයම් කල හැකි නමුත් ඔහුට වෙබ් අඩවියක් පවත්වාගන යන්නවත් අන්තර්ජාලය ඔස්සේ තම බැංකු ගිණුමට මුදල් ලබාගැනීමට නොදන්නා. මෙවිට ඔහුට මෙවැනි සේවා සපයන ආයතනයකින් සේවයක් ගත හැකියි.

අදවනවිට Opensource මෘදුගකාංග මගින් උදාහරණ https://www.oscommerce.com/ , https://www.prestashop.com/en/ ,http://www.opencart.com/, වැනි නොමිලේ ඉතා වටිනා මෘදුකාංග නොමිලේ බාවිතා කිරීමට අවස්තාව ලැබෙනවා. මෙහිදී අදාළ අපනයන කරුවට උවමනා වන්නේ
01. වෙබ් ලිපිනයක් මිලදී ගැනීම.
02.   Purchase hosting space (අදාළ වෙබ් අඩවියේ තොරතුරු තබාගැනීමට ස්ථානයක් "මෙය පැය 24 ම අන්තර්ජාලයට සම්බන්ද පරිඝනකයක දෘඩ තැටියේ (Hard Disk space) ඉඩ ප්‍රමානයකුයි

තමුන්ම දැනුවත්වී ඉහත කරුණු සම්පාදනය කරනවානම් වසරකට රුපියල් 20,000 වැනි මුදලක් වැයකර මෙය කළහැකි වනු ඇති.

උවනමානම් ඉහත සේවය ලබාදීමටත් තවත් රාජ්‍ය ආයතනයක් ඇරබිය හැකියි. http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_16.html                
චීනයේ ඇති https://www.taobao.com/  මෙම ආයතන සදහා නව බදවාගැනීම සිදු නොකර සිටින අතිරේක පිරිස මිට යොදාගත හැකියි.

මේ ලිපියට http://lankasithuwili.blogspot.com/2015/11/escrow.html මගින් වඩා වැඩි විස්තරයක් සදහන් වෙනවා.

මෙමගින් එක එක වියාපාරිකයාට වෙනවෙනම වෙබ්පිටු ලබාදී කිසියම් අඩු මුදලකට සේවය ලබාදිය හැකියි.


 
          

13 comments:

  1. බොර තෙල් එකසිය ගානට බහිනවා.. ආයෙත් ආර්ථික ආගාදයකට ළෝකයම යන බවයි පේන්නේ.. කොහොමත් බොරුවලට වැඩි ආයුෂ නෑ නේ... පච එකවුන්ටින් සිස්ටම් නිසා තමයි මේ සේරම...

    ReplyDelete
    Replies
    1. මාතා,

      ඉස්සරහට වෙනදේ හිතාගන්න බැරි තරම්, රටේ ආදායම එකතු කිරීමට ගන්න සියලු තීරණ මිනිස්සු කෑගහුවම අකුලගන්නවා, විදේශ විනිමය උපයන නියම විදි ගැන රජය වැඩකරන බව පෙනෙන්නේ නෑ.

      ඉදිරියේ දී ලෝක බැංකු ආධාර ලබාගැනීමට ගතයුතු තීරණ ගත්තේ නැත්නම් සිදුවෙන්නේ වෙන කොහෙන් හරි ණය ගන්නයි, මෙතැනදී චීන ණය දුන්නේ නැත්නම් අපිට ලෝකයේ වෙනත් දිවුණු රටකින් ණය පවතින වාතාවරණය තුල ලබාගත හැකි කාලයක නෙමෙයි සිටින්නේ.

      අපි හරියට ගිලෙන නැවක සිටින මියෝ වගේ, ඉතුරු වෙච්ච චීස් කෑල්ලට රන්ඩු කරනවා.

      ඉදිරියේ රජයට ආදායම වේගයෙන් සපයා ගැනීමට ඇති ක්‍රම අතර
      01. විශ්‍රාම වැටුප් ගෙවීමේ සංචිත යොදා අයවැය තුලනය කිරීම.
      02. රටේ පුද්ගලික ඉතුරු කරන්නන් ගේ ඉතුරුම් වලින් කොටසක් ලබාගැනීම
      (https://www.youtube.com/watch?v=ZRwUsyiJb2Q මේක තමයි ශ්‍රී ලංකාවට සිදුවන්නේ මෙවර අයවැය තුලනය කිරීමට නොහැකි උනොත් )

      Delete
    2. Cyprus වල උදාහරණයි ඔය තියෙන්නේ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  2. තමන්ගේ බඩ ගැන හිතන ආත්මාර්තකාමී ලිංගෙඹි ජාතියක් සහ ඊලඟ චන්දෙ ගැන හිතන දෙශපාලුවෝ රොත්තක් ඉන්න රටක ආර්ථික දියුණුවක් ගැන කවර කතාද. හොඳම උදාහරනේ තමයි කොළඹ ට්‍රැෆික් ප්‍රශ්ණෙ. මංතීරු නීතිය මාර්ග නීති වල කොටසක් වගේම විනය ගරුක රියදුරන් පිළිපදින දෙයක්. අපේ රටේ රියදුරන් තුට්ටුවකට ගන්නන් නැති දෙයක්. කොහොමටත් නීතියට ගරු කරන්නේ නැති රටක මාර්ග නීති ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. ඇයි ඔබ දේශපාලනය නොකරන්නේ...?
      ඇයි ඔබ ආත්මාර්ථකාමි ලංමැඩියන් සිතන ආකාරය වෙනස් කිරීමට උත්සහ නොකරන්නේ....?
      මේ සදහා නරන්න ඕන මොකක්ද?

      Delete

    2. ප්‍රදීප් මංගල සහ Kandyan,

      මෙරටේ දේසපාලනය ට පැමිණීමෙන් නෙමෙයි මේ ප්‍රශ්නය විසදිය හැක්කේ ජනතාව දැනුවත් කිරීම තුලිනුයි (මේ බ්ලොග් වලින් කරන්නේ එයින් කොටසක් )
      මිනිසුන් රජයට බලකළ යුතුයි සිදුවියයුතු ප්‍රතිසන්ස්කරන පළිබද නිසි බලය පෙන්වූ විට යම් ප්‍රතිසංස්කරණයක් ඇති වනු ඇති.

      Delete
  3. Kandyan,

    http://saaraketha.com/
    http://www.rensrilanka.org/tradrice.html

    මෙවැනි වියාප්පෘති කීපයක් ක්‍රියාත්මක වෙනවා මා ජිවත් වන කොලබ ප්‍රදේශයේ මෙම අහාර වලට ඇත්තේ විශාල ඉල්ලුමක්.
    මෙය ගම්බද දිලිදු ප්‍රදේශ වල මෙසේ නොවීමට පුළුවන්.

    //තමන්ගේ බඩ ගැන හිතන ආත්මාර්තකාමී ලිංගෙඹි ජාතියක් සහ ඊලඟ චන්දෙ ගැන හිතන දෙශපාලුවෝ රොත්තක් ඉන්න රටක ආර්ථික දියුණුවක් ගැන කවර කතාද//

    මා උසස් පෙළ පන්තියේ සිටින විට ගුරුවරයකු කියපු දෙයක් මතක්වෙනවා " ශ්‍රී ලංකාවේ මිනිසුන් ලග ඇති සුළු සැප වෙනුවෙන් අනාගතයේ ඇති දිර්ගකාලින සැනසීම අහිමි කර ගන්නවා "

    අද සිදුවන දෙය බොහෝ දෙනාට නොතේරෙන කාරනාවක් තමයි රජය කියන්නේ ජනතාවගේ මුදල් ලබාගෙන වියදම් කරන ආයතනයක් කියන එක. රජය කියනවානම් ඔබට මේ සහනය දෙනවා අර සහනය දෙනවා කියල අසු ගමන් මිනිසුන් භය වියයුතුයි මොකද? එම සහන දෙන්නේ මිනිසුන් ගෙන් අරගන වීම.
    අද මා දකින දෙයක් නම් රටේ මිනිසුන් අන්ත දුෂිත තත්වයට පත්වී ඇති බව.

    ඔවුන් රජයෙන් විවිද ඉල්ලීම් කරනවා මෙසේ කලහැක්කේ රජයට දරාගත හැකි නම් පමණයි Cyprus වල සිදුවීම මෙරටේ මිනිසුන් කොතෙක් දන්නවාදැයි මා දන්නේ නෑ Cyprus වල රජයත් අපේ රටේ කරන වැඩේට සමානව ගේම් ගහන එක තමයි කලේ (වෙනසකට ඇත්තේ රටවල් ගණනක ප්‍රශ්නයක් ලෙස ඇතිවීමයි ) නමුත් අවසානයේ සිදුවුනේ රටේ මිනිසුන්ගේ ඉතුරු කිරීම වලින් අදාළ අයවැය තුලනයට එම රජයට සිදුවීමයි.

    අපි තෙරෙන බාෂවකින් කිව්වොත් බැංකුවේ රුපියල් 100000 ඉතුරුම් තිබ්බොත් එයින් රුපියල් 50000 රජය පවරාගත්තා, අපරටෙත් මේ අනතුර තිබෙනවා මෙනිසා දැනගත යුතුයි විශාල ණයක් අපරටට ගැනීමට හැකි උනොත් අපිට මෙය කල් යවාගනිමට පුළුවන් නමුත් එසේ බැරිවුනොත් රජය මේ විකල්ප වලට යොමුවේවි, දැනටමත් මුට්ටිය දමල බලල ඉවරයි.

    ReplyDelete
  4. Lankika Sithuwili
    //මෙය ගම්බද දිලිදු ප්‍රදේශ වල මෙසේ නොවීමට පුළුවන්.//
    දැන් තත්වය වෙනස් වේගෙන යනවා. ගම්බද ගොවියෝ බොහෝ දෙනා තමන්ගේ ගෙදර කෑමට වස විස නැති වී, සම්ප්‍රදායික වී සහ එළවළු වගාකරනවා සුළු වශයෙන්. මේවා මහා පරිමානයෙන් කරන්නෑ. හේතුව කාබනික පොහොර සහ කෘමි මර්ධන ද්‍රව්‍ය මහා පරිමාණයෙන් හදාගැනීමට තියෙන අපහසුකම. විකුණන්ට වගා කරන වී සහ එළවළු වර්ග වලට පුරුදු විධියට රසායනික පෝර සහ කෘමිනාශක යොදනවා. කෘෂිකර්මාන්තයේ සමහර ගොවීන් සහ සමාගම් කරන දේවල්, හොඳ සහ නරක දෙකම, බොහෝ අය දන්නෙ නෑ. වස විසෙන් තොර කිව්වට මාකට් එකේ තියෙන සමහර දේවල් විශ්වාස කරන්ට බෑ. මේ අත්දැකීම් ලබාගත්තේ පහුගිය මාස තුනේ ලංකාවේ ක්‍රියාත්මක වෙන කෘෂිකර්මයට සම්බන්ධ ව්‍යාපෘතියක evaluation study එකක් කරපු නිසා. දැනට එකක් කරනවා agrochemicals භාවිතය පිළිබඳව international research එකක ලංකාවේ කොටස.
    rensrilanka අය හොඳට දන්නවා. මේ දෙක ගැන දන්නවාද?
    http://www.ecowave.lk/
    http://www.ruralreturns.org/

    ReplyDelete
    Replies
    1. Kandyan,

      ඔබේ තොරතුර ඉතා වටිනවා, ඇත්තටම කොළඹ නගරයේ සිටින මමත් ගෙදරදී මිරිස්, තක්කාලි, ගස්ලබු, බටු වැනි සුළු පැලැටි කීපයක් වවන්න පෙලබුනා රස්සයන ද්‍රව්‍ය වලින් තොරව, ඉදිරියේ එහි සාර්ථක බාවය ගැන කියන්නම්.

      ශ්‍රී ලංකාවේ රසායන පොහොර නොදා කරන වගාව කොතරම් පිරිසුදුව කරනවාදැයි මට තවම හරි අවබෝදය මදි නමුත් මිලෙන් බලුවම සාමාන්‍ය එළවලු මිලමෙන් දෙගුණයක් පමණ වෙනවා. මා දකිනවා මගේ ගෙවල් ආසන්නයේ ඇති මෙවැනි අලවිසලක තරමක හොද වෙළදාමක් කරනවා.

      අසුගිය කාලයේ Monsanto වැනි සමාගම් ශ්‍රී ලංකාවේ කරන දේවල් ගැන කරුණු සොයනකොට ශ්‍රී ලංකික ගොවින් මේ පිළිබද අතිශයෙන් නොදැනුවත් බව මට තේරුණා මොකද මේ පිළිබද කැනඩාවේ ගොවින් කරන විශාල අරගලය පුදුම සහගතයි.

      Delete
    2. පළමු වරට තමයි මෙය දැක්කේ, මේ වැඩපිළිවල අවංකව කරනවානම් හොද වෙළදපොලක් ඇතිබවයි මගේ අදහස,
      http://www.ecowave.lk/
      http://www.ruralreturns.org/

      අප නිවාස සමීපයේ ඇති ආයතනය අනුගමනය කරන ඉතා හොද ප්‍රවර්දන උපායක් යොදනවා එනම් ඔවුන් නව එළවලු ගෙනාපු වහාම ඔවුන්ගේ සිටින පාරිබෝගිකයාට SMS මගින් දැනුවත් කරනවා ඔවුන් සතු එළවලු පිළිබද.

      Delete
  5. නොදන්නා කරුනු ගොඩක් දැනගත්තා..
    සුබ නත්තලක් එහෙනං..



    ReplyDelete