Thursday, November 26, 2015

ශ්‍රී ලංකාවේ අනාගතය ?



මේ දිනවල අයවැය ඉදිරිපත් වෙමින් පවතී. මුලින්ම අපි දැනගත යුතුයි මෙරට මෙහෙයවන්නේ කවුද කියා.
පොතේ හැටියට" රටේ  ජනතාව" උනත් ප්‍රායෝගිකව රටේ සියල්ලටම පෙනෙන දෙය නම් දෙසපලන්යයන් පාලනය කරන බවයි. නමුත් පෙනෙන දෙසපලන්නට වඩා බලවත් පිරිසක්  සිටී, ප්‍රශ්නය  නම් ඔවුන් පෙනෙන්න නොසිටීමයි.

කවුද මේ අදෘශ්‍යමාන පුද්ගලයන්?, ඒ තමයි මුලින්ම දේශීය වෙළද ලෝකය මෙහෙයවන වියාපාරික ප්‍රජාව සහ ඔවුන්ගේ විදේශීය සගයන්.

අප බොහෝ විට රටවල් රටවල් අධිරාජ්‍යවාදය පතුරවන බව කිව්වත් ඇත්ත සත්‍ය නම් ලොව පුරා බහුජාතික සමාගම් ජාලය ලෝකයේ කලාප වෙන්කරගෙන තම වෙළදපොල කුට්ටිය විශාල කිරීමේ දැඩි තරගයක යෙදී සිටීමයි .

එහෙම නැතුව අද සිටින වාමාංශිකයන් නන්දොඩවන අධිරාජ්‍යවාදයක් දකින්න නැත.

මෙහිදී ලොව සිටින බලවත්ම සමාගම් තම ශ්‍රී ලංකික නියෝජිතයන් පත්කර ඇති අතර රටේ කුමන පක්ෂය බලයට පත්වුනත් දෙසපලන්යයන් ට
අල්ලස් දී කෙසේ හෝ තම අරමුණ වෙත නම්වා ගනු ලබයි.

රටේ මිනිසුන් ට පෙනෙන්නේ එක්සත්ජාතික පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, ජනතාවිමුක්ති පෙරමුණ,  පෙරටුගමින්, කුරුටු ගාමින් ලෙසින් විවිද දෙසපලන්යයන් රට වනසන බවයි.

යථාර්තය මෙයට හාත්පසින්ම වෙනස් අතර මෙහි ඇත්තේ මිලදී ගැනීමක් සහ විකිණීමක් පමණයි.

උදාහරණයක් කියන්නම්,

මිට ටික කලකට පෙර වෛද්‍ය නිලංග සමරසිංහට සිදුවූ දෙය මතකද ?
ඔහු මැතිවරණයට පෙර තමා ලග මත්ද්‍රව්‍ය ගෙන්වීමට වගකිවයුතු දෙසපලන්නයන් ගේ නම් ලැයිස්තුවක් තිබෙන බව පැවසුවා. මැතිවරණය දින්න!  සිදුඋනේ කුමක්ද ඔහුට නිසි ආරක්ෂාවක් රජයේ ඉහල මට්ටමින් ලබා දුන්නේ නෑ, ඔහුට මාද්‍ය අදාළ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස බලකරන අතර හදිසියේම
ඔහුගේ නිලය අහෝසි උන බවයි සදහන් උනේ, මිට ජනතාවගේ සහ මාද්‍යයේ පීඩනය රජය වෙත යොමු වූ විට සිදුඋනේ කුමක්ද ?

අගමැතිතුමාගේ නියෝගයෙන් ඔවුව තනතුරේ පිහිටවන ලද බව සදහන් උනා.

ඉන්පසු සිදුවුනේ ඔහු ඉවත් කිරීමට තිලක් මාරපන මහතා සම්බන්ද බවට ලිපියක් ඉදිරිපත් උනා, මෙන්න මෙතන තමයි අපි කල්පනා කල යුත්තේ
දැන් තිලක් මාරපන මහතා මෙයට සම්බන්ද නම් මෙය ඔහුගේ උවමනාවකට සිදුවූ දෙයක් ලෙසයි අපි මෙය දැක්කේ, මේ අතර සිදුවූ අපුරුම දෙයනම්
තිලක් මාරපන මහතා තම දුරයෙන් ඉල්ලා අස්වීමයි.

දැන් සිදුවුනේ කුමක්ද? තිලක් මාරපන මහතා නිලයේ නැති අතර  වෛද්‍ය නිලංග සමරසිංහට ඔහුගේ දුරයේ සිටීමට දින කීපයක් හැකි උනා, පුදුමය නම්
හදිසියේ දැන් වෛද්‍ය නිලංග සමරසිංහට එම දුරයෙන් ඉවත් කිරීමයි.

දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? ටිකක් සිතන්න තිලක් මාරපන මහතා ගේ ඇගේ දැලි ගාල මේ රටේ ඉහලම පාලනය ගෙනයන මිනිසුන් පාරිශුද්ධ නායකයන්
වී ඇති බව නොවේද ?

එනම් තිලක් මාරපන මහතා තම නිලයෙන් ඉවත්වූ විටත්  වෛද්‍ය නිලංග සමරසිංහට එරෙහිව තීරණය ගතහැකි බලවතා කවුද ?

මෙය තමයි මත්ද්‍රව්‍ය මාෆියාවේ ඇති බලය!

රටේ මිනිසුන් දැනගත යුතුයි සිදුවන්නේ කුමක්ද ? කියා. ඔවුන් දක්ෂය නම් කාගේ වත් අතකොලු නොවී බොහෝ සාධනීය අංග රටේ නීති ක්‍රමයට ඇතුළු කල හැකියි.

දැන් අපි බලමු මොන වගේ සාදනිය අංගද අපට රජයට බල කල හැක්කේ කියල.

01. අපනයන ප්‍රවර්දනය :-

මුලින්ම බලමු ආයතනයක් පටන්ගැනීමේ පහසුව පිලිබදව, නිතියනුකුලව වියාපාරයක් පටන් ගැනීමේදී ලියාපදිංචියේ සිට වියාපාර කටයුතු කිරීමට
අවම ලෙස රුපියක් 40000 වියදම් යන අතර නිපදවන භාණ්ඩය විදේශ ගත කිරීමේදී පැහැදිලි ක්‍රමයක් නොපවතින අතර නිෂ්පාදකයාට නිපදවන භාණ්ඩ
ප්‍රමාණයක් අපනයනය කිරීමට මෙපමණ මුදලක් වැයවේ යයි ඇස්තමේන්තු කිරීමට කිසිම ක්‍රම වේදයක් නැත.

හරිනම් මෙය වෙබ් අඩවියක් තුල අදාළ භාණ්ඩ ප්‍රමාණය යවන රට අදාල භාණ්ඩයේ ජාතිය ආදිය ඇතුලත් කල සැනින් යන මුළු වියදම ගණනය කරන ක්‍රමයක් පැවතිය යුතුයි.

මෙනිසා රුපියක්ල් ලක්ෂ 2 වැනි මුදලක් වැයකොට මෙවැනි සුළු අපනයනයක් කිරීමට ශ්‍රී ලාංකිකයකු නොපෙලබේ.

මේ වෙනුවට සියලුම සමාගම් 95% පමණ  හුරුවී ඇත්තේ ආනයනය කිරීමටයි.

02. විදේශ වල වෙළද පොළ සොයාගැනීම සදහා රජයට පවතින ඉතා විශාල සේවක පිරිස යොදා ගත හැක, මෙය අන්තර්ජාල පහසුකම් යොදා කලහැක.
මෙලගදී කච්චේරියක වැඩකළ ගණකාධිකාරී තුමකු මට පැවසුවේ දැන් සිටින පිරිස ඉතා වැඩිවී ඇති අතර ඉස්සර කරපු ටිකත් දැන් නොකෙරෙන බවකි.

03 ජාලා ගතකරන ලද Escrow ක්‍රමයක් ඇති කිරීම:-

මෙහිදී සිදුවන්නේ විදේශිකයෙක් යමක් ඇනවුම් කලවිට එම මුදල කෙලින්ම රජයේ ආයතනයකට බැර වන අතර අදාළ භාණ්ඩය නිපදවන පුද්ගලයා
භාණ්ඩ තොගය රජයේ අදාළ ආයතනයට ලබාදෙනු ලැබේ. විදේශීය ඇණවුම් කරු ඉල්ලා ඇති තොගය ඇත්තම් ශ්‍රී ලංකික විකුණුම් කරුට මුදල් නිදහස්
කරන අතර භාණ්ඩ තොගය නැව් ගත කිරීම හෝ තැපැල් කිරීම රජයේ අදාළ ආයතනය බාර ගැනීම.

04. මේ අපනයනය කරන සෑම  භාණ්ඩයකටම tracking system සහ රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම. මෙහිදී වංචා අවම කල හැක.

05. මෙවර අයවැයෙන් යෝජනා කර ඇති ශ්‍රී ලංකික නිෂ්පාදකයන්ට ලබාදෙන විශේෂ ණය පහසුකම්.
මෙය ඉතා වැදගත් තීරණයක් අද ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන අයට දිරිගැන්වීම් අවමයි හොදම උදාහරණය බෝයින් සමාගමේ ඉංජිනේරුවකු වන තිලක් දිසානායක නිපදවන වේගා මොටර් රථය http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_17.html

අප මතක තබා ගත යුත්තේ ලෝකයේ සිටින අනෙක් රටාවල් අපේ හතුරන්ය කියන මතයේ සිට නෙමෙයි. නමුත් ඔවුන්ගේ මුලික පරමාර්ථය ලාභය උපරිම කිරීමයි, එහිදී අපි මෝඩ නම් ඔවුන් අපිව උපරිම ලෙස සුරා කණු ඇති.

නමුත් අපි දක්ෂනම් ඔවුන්ගේ තක්ෂණය යොදා ඔවුන්ටත් වාසි වන අපටත් වාසි වන ක්‍රමයකට ගමන් කල හැකි වනු ඇති.

රටේ ජනතාව ලෙස අපි රජයට බල කල යුත්තේ මේ ආර්ථික ප්‍රති සංස්කරණ කිරීම නොකරන්නේ මන්ද යන්නයි.
බොහෝ දෙනා හැකි උපරිම ලෙස (facebook වැනි ) අඩවි මගින් සහ මෙවැනි බ්ලොග් මගින් දිගින් දිගටම බල කල යුත්තේ, අරකෙ  මිල අඩු කිරීමවත් මේකේ මිල අඩු කිරීමවත් නෙමෙයි.

ඉහත සදහන් ප්‍රතිසංස්කරණ නොකරන්නේ මන්ද යන්නයි.

මිට හොදම නිදසුන PayPal මගින් ශ්‍රී ලංකික වාණිජ බැංකු වලට මුදල් විදේශ වලින් එවීමට පහසුකම් සැලසීම සහ තැපැල් ක්‍රමය tracking number
යොදා ගැනීම http://lankasithuwili.blogspot.com/2015_09_01_archive.html වැනි යෝජනා සදහා මිනිසුන් බලකළ යුතුයි.              

     
                   
     

22 comments:

  1. කොමෙන්ට් නැති උනාට උඹ දිගටම ලියහන්.. මේ ළිපි මසුරන් වටිනවා.. මොකා නැතත් මාතලන් නම් හැමදාම කියවනවා...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේ බ්ලොග් එකේ නමත් එක්කයි පැටලිල්ල. මාත් බලන්නෑ අප්ඩේට් ආවට.. මාතා නිසයි බැලුවේ.. මොකද අපේ සින්ඩිය ලාංකිය සිතිවිලි තමා මේක දැක්ක ගමන් මතක් වෙන්නේ. ඉතිං බලන්නෑ. ඒ ගැන ඩිංගක් හිතුවනං හරි

      Delete
    2. යෑස්, මමත් රීඩිං මොඩ් එකේ.

      Delete
    3. මාතා,

      ස්තුතියි !!

      කොමෙන්ට් ගැන මගේ එතරම් බලාපොරොත්තුවක් නෑ. මම මෙය ලියන්න ඉස්සල්ලත් බොහෝ අඩවිවල කොමෙන්ට් කරලා තියෙනවා.
      මා දකිනවා මෙය බොහෝදෙනා කියවනවා. මගේ මුලික අරමුණ කීප දෙනෙක් වත් මා පෙන්නවා දෙන කරුණු ගැන අඩුගානේ පැයක් වත්
      තමන්ම තොරතුරු සොයනවානම්.

      අවාසනාවට මේ වයේ තොරතුරු සිංහලෙන් පලවෙන්නේ නෑ. සුද්දගේ භාෂාව කියවන්න බැරිනම් මා පෙන්වන තොරතුරු හරිද වැරදිද කියල
      හොයන්න අපහසු වියහැකියි. අනෙක් අතට තමන්ගේ නමින් උදාහරණ :- දොස්තර වරයකුට අදහස් පලකල නොහැකියි මන්ද දේශපාලනයට
      වඩා මේ මාෆියා ආයතන බලවත් නිසා.

      නමුත් අද ඇති හොද දෙයක් තමයි අන්තර්ජාලය. ලෝකයේ පවතින බොහෝ තොරතුරු ලබාගත හැකි වෙනවා උනත් බොහෝ වැරදි තොරතුරු
      අඩංගු වෙනවා.

      මා උත්සාහ කරනේ අතිශයෙන්ම විශ්වාස දායක වෙබ් අඩවි වලින් ඇති වී තිබෙන ප්‍රශ්නය පෙන්වාදීමටයි.

      Delete
    4. දේශක යා,
      ඔව්, මෙය පටන්ගේනිමට පෙර මෙය මම තේරුම් ගත්තේ නෑ
      දැන් තියන විදියටම කරන එක වැදගත්.

      Delete
  2. /මිට ටික කලකට පෙර වෛද්‍ය නිලංග සමරසිංහට සිදුවූ දෙය මතකද ?/

    එයා ෂීට් එකේ කක්කකර ගත්තා,

    ReplyDelete
    Replies
    1. ඇණයා Nut Man,

      //එයා ෂීට් එකේ කක්කකර ගත්තා,//

      අන්න බලන්න ලෝකයට පෙනෙන දේ!, නමුත් සිදුවීම් ජාලය බලන විට ඕක නෙමෙයි සිදුවී ඇත්තේ.
      01. ඔහු මැතිවරණයට පෙර ඔහුලග නම් ලැයිස්තුවක් තිබෙන බව කිව්වා
      02. මැතිවරණය ජයගන්නාතුරු රටේ ඉහලම තනතුරු දරන අය ඔහු කියන දේ කියන්න ඉඩහැරිය.
      03. මැතිවරණය දින්න, ඔහුට ආරක්ෂාව ඉල්ලීමට සිදුවුනා.
      04. අදාළ නම් ඉදිරිපත් කිරීමට ජනාධිපති තුමාගෙන් දිනයක් ඉල්ලා සිටිය
      05. එම ලිපිය ජනාදිපති ලේකම් තුමාට නොලැබුන බව සදහන් උනා
      06. ඔහුව තනතුරින් ඉවත් කිරීමට යෙදුනුබව සදහන් උනා
      07. ඔහුව ඉවත් කිරීමට තිලක් මාරපන සම්බන්ද බව ලිපියක් සදහන් වුනා
      08. අගමැතිතුමා ඔහුව නැවත තනතුරේ පිහිටවන බව සදහන් උනා.
      09. තිලක් මාරපන අස්වුණා
      10. නැවත තිලක් මාරපන අස්වී සති 2 ට පමණ පසු දොස්තර නිලන්ගව ඉවත් කෙරුනා.

      මෙහි සිදුවී ඇතිදේ අපට පෙනෙන්නේ මොහු විදේශ රටකට පැනගැනීමට කරන ලද උප ක්‍රමයක් ලෙසයි, නමුත් ඇත්ත තත්වය ඔහු
      දුෂිතයෙක් නම් විදේශ ගත වනවාට වඩා කෝටිගණන් උපයාගත හැකි තැනකයි ඔහු සිටියේ.

      ඔහු ඉල්ලා සිටියේ තම තනතුරේ සිටියදීත් ඉන් ඉවත්ව සිටින විටත් ඔහුට සහ පවුලේ යට දැඩි ආරක්ෂාවක් ලබාදෙන ලෙසයි.
      රජය ඔහුට එම ආරක්ෂාව ලබාදුන්නා නම් ඔහුගේ කර්ය කිරීමට තිබුන.

      ඇමරිකාවේ බිල් ක්ලින්ටන් මොනික ලෙවින්ස්කි සමග සම්බන්දය ඔබට මතකද?, ටිකක් හොයල බලන්න බිල් ක්ලින්ටන් ට විරුද්දව චෝදනා
      ගොනුකළ නිලදරියාට කොපමණ ආරක්ෂාවක් ලැබුනද කියල.

      මෙන්න මෙනිසයි ජනතාව හැටියට දක්ෂ වෙන්න ඕනේ. මොකද සියලු කුමන්ත්රණ ඇතිවන්නේ අපි දුර්වලනම් පමණයි අපි සිදුවන දෙය ගැන දැනීම
      තියනවනම් කිසිවකුට අපගේ දියුණුව නැතිකළ නොහැකියි.

      Delete
    2. මගේ මතය මෙහෙමයි,

      ඔහු මතදුව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව ඉදිරිපත් කරන්න හැදුවේ යහපත් පරමාර්තයෙන් විය හැකි නමුත්, ඒක ඇඩ් හොක් ඇප්රෝච් එකක්, රාජ්‍ය ආයතනයක නිළධාරියකු එලෙස ක්‍රියා නොකළ යුතුයි, ඒ වෙනත් පාර්ශවයන් අයුතු ප්‍රයෝජන ලබා ගන්නා නිසා.
      මම මෛත්‍රී ගේ ජයග්‍රහනය පැතුවත් මට වෛද්‍ය නිලන්තගේන් ආවේ ෆිෂි ස්මෙල් එකක්.

      එයා ඇසිලුම් ඉල්ලනවා වගේ ඒවායින් තවත් මඩ නා ගත්තා, මම නං එයා ඩොලර් පස්සේ එළවනවා කියන චෝදනාවට යන්නේ නෑ, එයා වෛද්‍ය වරයෙක් නිසා ඇසිලුම් ගන්නවාට වඩා හොඳයි, රැකියාවට යාම.

      ඔය විදිහට පිළවෙළක් නැති අයගෙන් ජාවාරම්කරුවන්ට කිසි අවුලත් නෑ, ඒ නිසා එයාල මරන්න කරදර වෙන්නේත් නෑ.

      Delete
    3. මේ වෙලාවේ රටට අවශ්‍ය නාඩගම් කාරයන්ට වඩා, නිශ්ශබ්දව යහපාලනයකට අවශ්‍ය සිස්ටම්ස් හදන අය. ප්‍රොපා එයාගේ සද්ද නැති පොයිසන් ඉන්ෆොමේෂන් සෙන්ටර් එක වගේ මත්දුව්‍ය නිවාරණයකුත් හදයි කියා සිතමු, මෛත්‍රී ආයෙමත් උම්බෑ කියන්නත් බැරි නෑ.

      Delete
    4. ඇණයා Nut Man
      //මේ වෙලාවේ රටට අවශ්‍ය නාඩගම් කාරයන්ට වඩා, නිශ්ශබ්දව යහපාලනයකට අවශ්‍ය සිස්ටම්ස් හදන අය//

      මෙන්න මේක තමා වැදගත්, අද රට පාලනය කරන ලොකුම අය තමයි ඔහුව නාඩකම් කරුවකු කෙරුවේ, හිතන්න ඔබ මේ තනතුරේ සිටියානම්
      හොද සිහියෙන් කියයිද ඔබ සතුව මතදුව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව ඇති බව ? මෙවැනි දේ සිදු උනේ අනිවරයන් ලොකු අයගේ සහය සහ
      බල කිරීම නිසයි.

      අවසානයේ පහල කොමෙන්ට් කරලා තියන Dayal Bathee කිව්වවගේ "නිලන්ග සතුටු විය යුත්තේ
      බොල්ගොඩ ගඟේ දියේ ගිලෙ මිය නොයාම ගැනය" තමයි මටත් කියන්න වෙන්නේ.

      මමත් යහපාලනයට තමයි චන්දය දුන්නේ, දැනුත් කියන්නේ එය නිවැරදි බවයි. නමුත් මුන්ට චන්දෙ දුන්නේ මුන් මොක්කුද කියල දැනගෙන.
      රටේ මිනිස්සු මෝඩයෝ නම් (ඔවුන්ට වැදගත් දේවල් වලට බලකළ නොහැකි නම් ) මේ වෙලෙත් ජනතාවට අණින එක තමයි මේ යක්කුත් කරන්නේ.

      Delete
  3. කටේ මසුරන් අහුරක් ඔබන්න හිතෙනවා

    නිලංගට යහපාලනය යටතේඇඩ්‍රස් නැති වී ඇත

    නිලන්ග සතුටු විය යුත්තේ
    බොල්ගොඩ ගඟේ දියේ ගිලෙ මිය නොයාම ගැනය

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන් එකගයි, නමුත් මහින්ද ලොක්ක ආවත් සින්දුව කියන්නේ මෙහෙම තමයි!

      Delete
  4. Ammatasiri machan lankaaithivili. Hariyata CIA case ekak wage. Ube blog eka hemadama kiyawanawa update wena widihata. Jaya wewa..!!

    ReplyDelete
    Replies
    1. ටික්කා,
      පසුගිය ලිපි වල සදහන් තොරතුරු තව දුරටත් අඩුගානේ විනාඩි 30 වත් යොදවල ලබාදී ඇති වෙබ් අඩවි තුල කරුණු සොයයි කියල හිතනවා.
      මේ රටේ රහසිගතව මේවා සිදු උනත් අදාල ආයතන තුල ප්‍රසිද්ධ රහස් පමනයි.

      Delete
  5. ela mchn patta post eka.
    sira kathawa kiyala tiyenne

    ReplyDelete
    Replies
    1. Amila Ruwan,,
      ඉදිරියට සපයන තොරතුරු තමන්ම ගවේෂණය කරලා බලන්න මට පෙනුනට වඩා වැඩි දේවල් ඔබ සොයාගනී

      Delete
  6. කිසිම දේශපාලනඥයකු විස්වාස නොකරමු !! ++++++++++++

    ReplyDelete
    Replies
    1. ඩොක්ටර්,

      දෙසපලන්යයන් තමයි අපට පෙනෙන්න සිටින හතුරන්, නමුත් අපි දැකිය යුතේ මිට යටින් යන රූකඩ සෙල්ලමයි.
      මේක හරියට දැක්කනම් 1971 තරුණයන් මෙයයන්නේ වත් 1983 සිට 2009 තෙක් දෙමල තරුණයන් මියයන්නේවත් 1987- 89
      සිංහල තරුණයන් මියයන්නේ නෑ.

      මගේ බ්ලොග් ලිවීමට හේතු උනේ මාරයාගේ හෝරාව ලියන http://ctkumara.blogspot.com/ මල්ලි දාපු http://ctkumara.blogspot.com/2015_01_01_archive.html බ්ලොග් සටහන නිසා.

      මේ මිනිසුන් ඇත්තටම මේ රටට ආදරේ අය නමුත් ඇත්තටම සිදුවන දේ දකින්න දක්ෂ නෑ, මොවුන්ව හැගීම් වලින් මෙහෙයවන්න පුළුවන්,
      මේකයි නරක.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. රූකඩයන් බවට පත් නොවන දේශපාලනඥයන් සහ පක්ෂ සොයමින් සංසාර ගමන යමු

    ReplyDelete
    Replies
    1. සාරිකා විචාරනී,

      සාදරයෙන් පිලිගනිමි.

      සියලු පක්ෂ මාදන්නා ලෝකයේ නම් රූකඩ බවට පත්වේ. මෙය ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි ලෝකයේ සියලු රටවලට
      පොදුයි, ඉදිරියේ මා විස්තර කරන්නම් සාදක සහිතව.

      //රූකඩයන් බවට පත් නොවන දේශපාලනඥයන් සහ පක්ෂ සොයමින් සංසාර ගමන යමු//
      මෙය දීර්ග සංසාරය වගේ තමයි, නිමක් නොවෙයි.

      මා උත්සහ කරන්නේ මේ රූකඩයන් පාලනය කරන නුල් කීපයක් ජනතාව අතට ලබාගන්නා සැටි පෙන්වා දීමටයි.
      ජනතාවට බුද්ධිය ගොනු කරගත හැකි ආකාරයයි පෙන්වන්නේ.

      Delete