Saturday, January 10, 2015

මාරයාට පිළිතුරක්

මාරයා මල්ලි,

මෙය ලියන මා 2009 යුද්දයේදී අප ලබන විජයග්ග්‍රහණය ගැන ඉතා ආඩම්බර උනෙමි.
වසර 30 ක පමණ කුරිරු යුද්දයීදී අප බොහොඕ බැටකා ඇත්තෙමු.

මෙම යුද්දය අවසන් කිරීමට උත්සහ ගන්න ලද පාලකයන් නම්
01. ජේ අර් ජයවද්දන :- මෙතුමා 1987 දී ඩෙන්සිල් කොබ්බැකඩුව මැතිදුන් ප්‍රමුක හමුදාවේ
වීරෝදාර හමුදා  මෙය අවසන්කිරීමට අවසාන මොහොතට පැමිණ ඇති අවස්තවීදී නතර කිරීමට සිදුවුයී
ඉන්දියාවේ බලපෑම සහ කිසිදු රටක් අපට පිහිට වීමට නොපැමිණි නිසයි.

නමුත් 2009 දී දේසපාලන තත්වය යුද්දයට හිතකර වූ අතර චීනය විසින් අපට ලබාදුන් සහයෝගය (
මෙය ලබා දුන්නේ අපට ආදරයට නොව ඉදිරි අනාගතයේදී ලොව බිහිවීමට නියමිත චීන අදිරජ්යට
අවස්ෂ්‍ය කරන ආයෝජනයක් සදහායි ) අකණ්ඩව යුද්දය කිරීමට හැකිවිය.

මෙහිදී හිටපු ජනාදිපති තුමා අගය කලයුතු මෙන්ම පුරවැසියන් ලෙස අප ණයගැති වන තැනක් ඇත,
එනම් යුද්දය අවසන් කිරීමට සති 2 පමණ තිබියදී බටහිර බලවතුන්ට හිස නොනමා යුද්දය අවසන් කිරීමයි.

නමුත් ඉන්පසු සිදුවු යේ කුමක්ද ? ඉහ වහගිය දුෂණයක් ආරම්බවීමයි 2010 දී මහින්ද මහත්මාට චන්දය නොදීමට
තීරණය කල මම, සරත් පොන්සේකා මහතාගේ කතා ඇසීමෙන් පසු නැවත ජනාදිපති තුමාට චන්දය දීමට තීරණය
කෙරුවෙමි, මෙය මාවිසින් පමණක් ගන්නාලද තීරණයක් නොවන බව ඔබට වැටහෙනවා ඇති.

ජනාදිපති තුමා මෙහිදී බුද්දිමත් වූයේ නම් ඔහු මෙම වරදවල් නිවැරදි කළයුතුව තිබුණි. නමුත් සිදුවුයී කුමක්ද ?
නැවත නවතන් වරදවල් සිදුවීමය (බොදුබල සේනාව, මවින් සිල්වා, ආයතන වල මහා වංචා  ඔබට තව විස්තර කලයුතු නොවේ )  
රාජ්‍ය සේවය ශක්තිමත් කරනලද්දේ සැලකියයුතු වැඩපිළිවලක් නොමැතිවයි, දිනෙන් දීන කරනලද ඇති විශාල නගර අලංකාර සහ
මහාමාර්ග වර්දනයට විශාල වියදමක් ලබාහ්ගන්නලද චීන ණය මුදලින් සිදු කිරීම නිසා (මේම ණය  සපයන ලද්දේ චීනය වන අතර
කිසිදු විදීසීය බැංකුවක් මුදල් ලබා නොදෙනලදී ) චීනය බොහෝවිට පොලී මුදලාලි ගේ චරිතය රගපයි (මෙය ගිය සතියේ මාතලන් සදහන්කරන ලදී )
අවසාන ලෙස සියලුම ශ්‍රී ලංකික වත්කම් චීනුන් සතු වූ විට (දැනටමත් කොලබ වාරයේ  දකුණු කොටසක් චීනයට පවරා ඇති බව ) ඔබට තීරුම්ගත හැකියි.

තානාපති කාර්යාල වල නුගත් පුද්ගලයන් යෙදවූයේ කුමක් නිසාද ?
ලගදී ආචාරිය දයාන් ජයතිලකමහතා පවසන ලද්දේ කිසිදු විදෙස් පතිපත්තියක් නොථිබූ බවයි, හේතුවනම් ජිනීවා වල අපේ පැරදීම මහින්ද ගේ
චන්දයට වාසිදායක වීමයි, (එමනිසා මහින්ද මහතා දිගටම ජිනීවා වල පැරදීමට උවමනාවෙන් කටයුතු කරනලදී) අවසාන ලෙස ආර්ථික සම්බාදක පැනවීමක් සිදුවුවොතින් අප ඉතා අසරණ සක කාලකන්නි වනබව ඔබට නොතීරෙන්නේ
ඇයි ?
  
හිටපු ජනාදිපති තුමා මේ ආකාරයට ක්‍රියා කරන ලද්දේ කුමක් නිසාද ? ඔහු ආර්ථිකය දියුණු කරන්නේ කෙලෙසද ?
කිසිදු සැලකියයුතු කර්මාන්තයක් ඉදිවී ඇත් ද ? ඔහු ආර්ථිකය දිවුනුවට කුමක් කිරීමට සැලසුම් කරනු ඇත්තද ?
ම ට තේරෙන ලෙස ඔහු ට උවමනා කරනලද්දේ ඉතා ම සංකර වූ සුදු පුරයක් ඇති කිරීමයි.

කවුරු කෙසේ කීවත් හම්බන්තොට වරාය ඉදිකිරීම ඉතා හොද අතර එය සම්පුර්ණ කිරීම මගින් oil refining මගින් ඉහල ආදායමක් ඇති කළහැකිව තිබුණි
 
නමුත් මල්ලි එය සම්පුර්ණ නොකර විශාල වියප්පෘති පටන්ගැනීම(හම්බන්තොට ගුවන්තොටුපල ) නිසා ආර්ථිකයට කිසිදු දායකත්වයක් නොලැබී යයි.

මේවා සුළු වැරදි නොවයි ඉතා බයානක විපාක ලැබෙන වැරදියි. අද මාතලන් සදහන් කරන ලෙස පී බී ලා , කබ්‍රාල්  ආදී මෝඩ පුද්ගලයන් ඔහුව විනාස කරන ලදී.

කාලගුණ සැලකීම ගැන ජෙනරාල් සරත් ෆොනසේක මහතාට කලදේය ගැන මට ඇති වුයේ බලවත් පිළිකුලකි
බලන්න http://www.army.lk/pastcommanders.php

යුද්දය දිනා ඇත්තේ ජනාදිපති තුමා තනියමද ? (මා දන්නා පරිදි මෙරට මහින්ද මහත්මා , ගොටබය මහත්මා, සහ සරත් ෆොනසේක මහතා සම්බන්ද විය )
මල්ලි, සැමවිටම ප්‍රශ්නයෙන් පිට සිට බලන්න, අද පත් වුන මයිත්‍රර මහතා ඇතුළු සියලු දෙනා නිසි තැනදී විවේචනය කරන්න වරද පෙන්වාදෙන්න
ඔබකියන පරිදි මහින්ද මහතාට තිබු ලෙන්ගතු බව නිසා විවේචනය නොකරන ඔබ සිරිසේන මහතා විවිචනය කරයි.

මම 2010 දී සරත් ෆොන්සේකාට චන්දය දුන් අතර 2015 දී   සිරිසේන මහතා නොරාගතිමි, ඉදිරියීදී පවතින මතිවරනයීදී ජනතා විමුක්ති පෙරමුණ
තෝරා ගැනීමට පසුබට නොවෙමි.

ටිකක් සිතන්න මහින්ද මහතා ජනාදිපති වුයීනම් ඔහු තමාගී ප්‍රතිපත්ති වෙනස් නොකර පවත් වනවා ඇති එස්සේ සිදු වුයේ නම් සිදුවියහැකි විනාසය සිතන්න
(මා සිතන්නේ ඔහුට චන්දය නොදීමෙන් මා කරන ලද්දේ ඔහුගී ජීවිතය බෙරාගනිමයි  )

දැන් සිරිසීන මහතාට තමන් පොරොන්දු වූ සිවාදීන කොමිසන් පිහිටවිය හැකි උවොත් ඔබ කියන ජාතිවාදී පරස්න අඩු සමාජයක් බිහිවනු ඇති.
මෙය නිකම්ම පහල නොවන අතර අපගේ අකන්ඩ කැපවීම අවශ්‍ය බවත් තදින් සිතට ගන්න.
අවසාන වශයෙන් මගේ දැඩි විවේචනය මෙන්ම පිළිකුල මේ මොහොතීම මියිත්‍රී ජනාදිපති තුමාට එල්ල කරමි, එනම් රුඋපවාහිනියේ සබාපති ලෙස සෝමරත්න දිසානායක පත්කිරීමයි. (මල්ලි සැමවිටම වරද පෙන්වන පුද්ගයලය නිදානයක් පෙන්වන පුද්ගලයකු ලෙස සැලකිය යුතුය, ඔබ විසින් ඉතාම අගය කරන මහින්ද මහතාට මෙම උපකාරය නොකලත් මා නවජනදිපති තුමන්ට මෙසේ උපකාර කිරීමට පසුබට නොවෙමි )
තව මතක්කලයුතු දෙය නම් අවසාන සතියීදී මදය යොදාගත් අයුරුය, ජාතික රුපවාහිනි ආයතන දිගින් දිගටම යුද්දය පෙන්වමින් ජනතාවගේ මොලය සේදීමට ගත උත්සාහය මතක්කරන්න උදාහරණ :- කබිතිගොල්ලාවේ තරස්තවාදීන්  කරනලද මෙලෙච්ච ගතනයෙදී, තම දියණිය පිළිබද තැවෙන පියකු කරන ඉල්ලීම මතකයට ගන්න, මෙවනි බලවත් සන්වීදී සිද්දි සිහිපත් කර ලබාගත් චන්දය (සිංහලයන් බහුතරය හදවතින් සිතන නමුත් මොලය බාවිතා නොකරන ) මහින් මංකොල්ල කෑමට ගන්නා නින්දිත උත්සාහය තුලින් උවත් සිංහලයන් අතර ඇති බුද්දීමත් පිරිස ගන්නාලද ප්‍රයත්නය සාර්ථක වී ඇත.

 මතකතබා ගන්න ආර්ථිකය දුර්වල උවොත් දෙසපලන්නයා (ඔනෑම පක්ෂයක ) ගන්නා මුලිකම උත්සාහය නම් ජාතිවාදය අවිලවීමයි, මෙය මහින්දට සිදුවුයී ඔහු ගත මෝඩ සංවර්දන උපාය මාර්ගයයි (කිසිවිටක දීසපලන්න්යයන් විස්වාස නොකරන්න.) දැන්වත් ජනතාවට පවතින රජයට අකණ්ඩව බලපෑම් කිරීමට හැකි වේවායි පාර්ථනා කරමි.

පොස්ටුව දිග වීම පිළිබද සමාවන්න, මෙය මා මෙතක් ලියනලද දිගම පොස්ටුව්ව්යි.




19 comments:

  1. බොහොම හොඳයි... පිළිතුරු දිය යුත්තේ මේ ආකාරයෙනි.. කොමෙන්ට්ස් හා හිට්ස් ගැන නොසිතා දිගටම ලියන්න.. අනෙක් බ්ලොග් කරුවන් හා කොමෙන්ටුවක් දමා සහයෝගය දැක්වීමෙන් මිතුරු මිතුරියන් ඇති කර ගන්න..

    සුභ ගමන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුති මාතා, සිංහල අකුරු ගූගල් පිහිටෙන් කුරුටු ගෑවා

      Delete
    2. මේක භාවිතා කරන්න..

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    3. බොහොම ඉස්තුති, මම හිතන්නෙ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html පහසුයි!

      Delete
  2. ++++
    ඔය මොනවා කිව්වත් ලංකාවේ දේශපාලුව හැදෙන්නේ නැහැ බං
    :)

    ReplyDelete
    Replies
    1. "දේශපාලුව හැදෙන්නේ නැහැ" ලෝකයේ කොහෙත් දේශපාලුව මෙහෙමෙ තමයි, ඔවුන් නරක්කරගන්නේ රටේ ජනතාව විසිනුයි, මුලික වගකීම ඇත්තෙ සාමාන්‍ය ජනතාවට නොවෙයි රටේ බුද්ධිමතුන්ටයි, ශ්‍රී ලංකාවෙ ප්‍රශ්නය නම් ඔවුන් නිහඩව තම කාර්ය කර ගැනීමය. රට අස්ථාවර වූ අවස්ථාවල කෙසේ හෝ විදෙසයකට පැනගනී. මෙඅවස්ථාව ඉතා දැඩිව වරද පෙන්වාදීම කල යුතුය.

      Delete
  3. කලබල නැතුව හෙමීට ලියන්න තිලින. පෝස්ට් එක publish කරන්න පෙර නැවත කියවා අකුරුවල හරි වැරදි correct කරන්න. මෙය දිරිදීමක් පමනයි. ඔබට ජය..!

    ReplyDelete
    Replies
    1. අවවාදයට ඉස්තුතියි ! http://www.google.com/intl/si/inputtools/try/ යෝදාගතිමි !

      Delete
    2. Google Sinhala IME හෝ පැන්සල පාවිච්චි කරන්න.

      Delete
  4. //කලබල නැතුව හෙමීට ලියන්න තිලින. පෝස්ට් එක publish කරන්න පෙර නැවත කියවා අකුරුවල හරි වැරදි correct කරන්න. මෙය දිරිදීමක් පමනයි. ඔබට ජය..!// ජයවේවා

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ඉස්තුති. සිංහල කෙටීම පහසු වූවානම් හොදයි !

      Delete
  5. මාතෘකාව ගැන සැලකිලිමත් වන්න‍.
    ජය!

    ReplyDelete
  6. ඔබ හම්බන්තොට වරාය ගැන වැදගත් කරුණක් මතුකරා. ඔය වරාය හදපු එක හරි. නමුත් ඒ එක්කම ගුවන්තොටුපොලක්, පිට්ටනිය, සම්මන්ත්‍රණ ශාලා වගේ විකාර නොකර, ඒ මුදත් දාල රේල් පාර දික්කොට, වරාය සම්පූර්ණ කලානම්, අන්න නියම ආයෝජනය වෙනව. නමුත් ජරාව ගහන්න මිස සැළසුමකට කරන්න උවමනාවක් තිබ්බෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. සිංගප්පුරුව දිවුණු මුලික හේතුව මෙයයි ඔවුන්ට තෙල් ගනයනු ලබන්නේ ශ්‍රී ලංකා මුහුදු මාර්ග හරහායි අප අවුරුදු 30 ක් යුද්ද කරන කොට ඔවුන්ට දියුණු වීමට හැකි උනේ මෙනිසයි.
      https://clarity.fm/amitagrawal/expertise/oil-trading-shipping-refinery-optimization-blending-fuel-oil-bunkers

      Delete
  7. ඔබේ ලිපිය දැක්කෙ අදයි. ඔබ කියන කරුණු නිවැරදි නමුත් ලියා ඇති ක්‍රමය සිත් ගන්නෙ නැහැ. තව ටිකක් ලිවීම දියුණු කරගන්න. මරිමෝඩ කතා වලට මටත් කේන්ති යන බව ඇත්ත. ඒත් ලියද්දී කේන්තිය නිවාගෙන ලියන්න. නැතිනම් ලියන දේ හරියට ලියවෙන්නෙ නෑ.
    ඔබට ජය!

    ReplyDelete
  8. පැමිණියාට සිතුති, මෙය මගේ පලවෙනි ලිපියයි, මෙහි වැරදි නිවැරදි නොකර සිහිවටනයක් ලෙස තබා ගැනීමට තීරණය කළා

    ReplyDelete
  9. මුලින්ම සුභපැතුම් නව බ්ලොග් එකට. හැම ප්‍රශ්නයක් දිහාම පාට කන්නාඩි වලින් වත්, ජාති කුල මල වගේ දියුණු ලෝකයක් තුල යල් පැන ගිය දේවල්වලින් වත් නොබලා ලියන්න හැකිවේවා.

    මහින්ද පැරදුනේ සුළු ඡන්ද වලින් කියන එක බොරු තර්කයක්. සිංහල ජනතාව ඉන්න පැති වලත් මෛත්‍රි දිනුවා. පැරදුන ඒවාත් බොහොම ළඟ පරතරයක් තියලා තමයි පැරදුනේ. මහින්ද පහුගිය වතාවේ අති විශාල පරතරයක් තියලා දිනපු ආසන වල පරතරය බොහොම අඩුවුනා. එතකොට ඒවත් සුළු ජනතා ඡන්දද?

    අනිත් එක අපිටම තමා උවමනා වුනේ උතුරු නැගෙනහිර මුදවාගෙන, ඒවාත් මධ්‍යම ආන්ඩුවට ගන්න. දැන් ඇයි කෑ ගහන්නේ ඒ ඡන්ද වලින් දිනපු එක නියම ජයග්‍රහණයක් නෙවෙයි කියලා. සුළු ජාතින් කියලා නැතැයි මීය පස්සේ ඉන්නේ ලාංකිය ජාතිය විතරයි කියලා කිව්වේ මහින්දමයි. එහෙම කියපු මහින්දම දැන් කියනවා එයා පැරදුනේ සුළු ජාතික ඡන්ද වලින් කියලා. මොකක්ද මේ දෙපැත්තට කියන කතා. සුළු ජාතීන් හෝ කවුරු හෝ වේවා ඔවුන් අපේ රටේ ලාංකිකයන්.

    අපි දැන්වත් සුළු ජාතින් සිංහල ජාතින්ට යටත් වෙලා ඉන්න ඕනේ කියන පටු සිතුවිලි වලින් මිදෙමු.

    ReplyDelete