Saturday, February 13, 2016

දකුණු ආසියාවේ හොන්කොන් වීමේ ශ්‍රී ලංකික සිහිනය සැබෑකර ගැනීම.






ශ්‍රී ලාංකිකයන් වන අපි ලෝකය දෙස බලන්නේ ඉතා පටු විදියටයි, අපි කිසියම් රටක් දිවුණු වී ඇත්නම් අපි එකවර එම රට දියුණු වීමේ දී යොදාගත්  උපාය මාර්ග කීපයක් අපේ රටේ ආදේශ කර දියුණු වීමේ සිනිහයේ ගිලී වාසය කිරීමටයි පුරුදු වී ඇත්තේ, අප කල්පනාවට ගන්නේ නෑ මොනවද මේ දියුණුවට පිටුපස ඇති වැදගත්ම පියවරයන් සහ පාරිසරිය ප්‍රශ්න මොනවද කියල.


LISTEN THE FULL SPEECH 11- 02- 2016 - Rally against ETCA - Dr Anuruddha Padeniya
Posted by Government Medical Officers' Association on Thursday, February 11, 2016



පහත දැක්වෙන්නේ ප්‍රකට ආර්ථික විද්වතෙකු වන මිල්ටන් ෆ්රීමන් විසින් හොන්කොන් රට ගැන කරපු ගවේෂණයක්
කරුනාකර මෙය බලන්න
මෙය විනාඩි 8 පමණ වෙනවා 


චීනය අසලම තිබුන මේ කුඩා දුපත මෙතරම් දිවුණු වන්නේ කුමක්නිසා ද ?
මේ කාලයේ හොන්කොන් වල සියලුම ආනයන අපනයන බදු ඉවත් කරනවා රටේ රජය මුළුමනින්ම වාගේ නිදහස් වෙළදාම කිරීමට ඉඩදී සිටීම නිසා පුද්ගලයන් වේගයෙන් දියුණු වෙනවා, මිට හේතුවන්නේ කිසිදු ආනයන අපනයන බද්දක් ගෙවිය යුතු නැති තැනක ගනුදෙනු කිරීමට ලොවවටා නැව් පැමිණීමයි.
මොවුන් ගේ විශාලම ආදායම් මාර්ගය බැදී ඇත්තේ වරාය සමගයි. රජය පාඩු ලබමින්  මහාපරිමාන වෙළදාමේ නිරත වුනේ නැති නිසා මිනිසුන්ට බදුබර පැටවීමට උවමනා වුනේ නෑ.

මෙහිදී අප නොසකලකා හරින වැදගත් දෙයක් තියනවා ඒ තමයි චීන රජය විසින් තම රට වාසීන්ට (චීන ජාතිකයන්ට ) වාරණයක් දමා තිබුනා හොන්කොන් වලට යාමට.

සමහර චීන ජාතිකයන් ජිවිත අවදානම නොසලකා හොන්කොන් වලට පැනගත් අතර බොහෝ අය මේ ක්‍රියාවලියේ චීන බටයන් විසින් වෙඩි තබා මරාදමනු ලබනවා.

මෙනිසා චීනයේ සිට හොන්කොන් වලට සංක්‍රමණය වූ පිරිස ඉතා සීමිතයි.

අපි මේ නිසා ඇතිවුන ආර්ථික වෙනස් වීම බලමු.

01.   හොන්කොන් බදුවලින් තොර නිදහස් වෙළදාම නිසා ලොව පුරා විදේශිකයන් ආකර්ෂණය කරගැනීමට හැකිවෙනවා.

02.   රට තුල කරන විදේශ වෙළදාම නිසා ජනනය වන විදේශ විනිමය රට තුලම ආයෝජනය වෙනවා.

03.   නිදහස් වෙළදාම නිසා ඉල්ලුම තිබෙන භාණ්ඩ නිපදවීම ආරම්බ වන අතර ඉල්ලුම නැති භාණ්ඩ නිපදවීම නතර වෙනවා, මෙම නතර වන අංශ වල සිටින සේවකයන් වෙනත් කර්මාන්තයක අනුයුක්ත වෙනවා.

දැන් ඉන්දියාව ආසන්නයේ සිටින ශ්‍රී ලංකාවට මෙය අදාළ වන්නේ කෙසේදැයි බලමු.

01.   රජය සියලු අංශවලට ඇගිලි ගැසීම නිසා දුෂනයත් අක්ර්යක්ෂම බාවයත් පවතිනවා 

02.   ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දියාව කිසිදු බාදකයක් යොදන්නේ නෑ (මෙය තමයි හොන්කොන් වලින් වෙනස් වන්නේ ) දැන් ඉන්දියානු සේවකයන් ශ්‍රී ලංකාව තුල සේවය කර උපයන මුදල ඉන්දියාවට යවනවා (මෙය මෙසේ වුනොත් ශ්‍රී ලංකා රජයට බදු ආදායමක් වත් ලැබෙන අතර ප්‍රායෝගිකව මෙය මෙසේ සිදු නොවී, කෙලින්ම PAYPAL වැනි සේවාවන් මගින් ඉන්දියාවට ලබාගත හැකියි, මෙය සිදුඋවෙන්නේ, හිතන්න ඉන්දියාවේ Infosys නමැති ආයතනය ශ්‍රී ලංකාවේ ශාකාවක් පටන්ගන්නවා, මෙම ශාකාවට ශ්‍රී ලනකිකයන්ටත් ඉන්දියනුවන්ටත් රැකියා අවස්ථා ලැබුන කියමු, දැන් ඇමරිකානු සමාගමක් මෙම ශ්‍රී ලංකික ශාකාවට ඩොලර් මිලියන 5 ක කොන්ත්රත්තුවක් ලබාදෙනවා, ශ්‍රී ලංකික ශාකව මෙයට දායක වෙනවා, අදාළ මුදල කෙලින්ම ඉන්දියාවේ Infosys ආයතනයට ඇමරිකාවේ සිට ම යැවීමයි සිදුවෙන්නේ, Infosys ආයතනය කරන්නේ  තම සේවකයන්ට පඩි ගෙවීමට අවශ්‍ය මුදල් ශ්‍රී ලංකාවට එවීම පමණයි. මෙහිදී ශ්‍රී ලංකා රජයට කිසිදු බදු මුදලක් නොලැබෙන අතර විශාල විදේශ විනිමයක් කෙලින්ම ඉන්දියාවට සම්ප්‍රේෂණය වෙනවා.

03.   මෙහිදී සියල්ලම නරක නැති බව කිව යුතුයි මොකද පරිඝනක ක්ෂේත්‍රයේ අද වන විට සුළු සහ මදය පරිමාන ආයතන වලට ඉතා අපහසුයි සේවකයන් සොයාගන්න උදාහරණ ආයතනයේ පරිගණක පද්දතිය පාලනය කරන්නන්, සුළු පරිමාන පරිඝනක වැඩසටහන් ලියන අය, කඩයක තොග පාලනය සදහා උවමනාකරන සරල පරිගණක වැඩසටහනක් ලිවිය හැකි පුද්ගලයන් ඉතා අල්පයි වගේම විශාල මිලක් වැයකළ යුතු වෙනවා මෙවැනි කෙනෙකුගේ සේවය ගැනීමට, ඉන්දියනුවන්නේ පැමිණීම මේ රිත්තකය වේගයෙන් පිරවීම නිසා වෙළදුන්ට නව ත්ක්ෂණයෙන් දියුණුව ලබාගත හැකියි.

04.   ඉහත 03 නි අංශයේ දියුණුව නිසා වෙළදුන් පෙලබෙනවා අන්තර්ජාලය ඇතුලින් ඇලවිය දියුණු කිරීමට ඇත්තටම කියනවනම් ඉන්දියානුවන්ගේ පැමිණීම නිසා නියම ලෙස දැනුම ඇති අන්තර්ජාලය විකුණුම් ක්‍කරණයට හැකියාව ඇති අයට වැඩි ඉල්ලුමක් ඇති වෙයි.
මා මේගැන දන්නවා, මොකද CMS (Content management system) පහසුකම් ඇති වෙබ් අඩවියක් සහ static website with (HTML) අතර වෙනස බොහෝ අය දන්නේ නැ.
0  1 ඉහත 03 නි අංශයේ දියුණුව නිසා වෙළදුන් පෙලබෙනවා අන්තර්ජාලය ඇතුලින් ඇලවිය දියුණු කිරීමට අන්තටම කියනවනම් ඉන්දියානුවන්ගේ පැමිණීම නිසා නියම ලෙස දැනුම ඇති අන්තර්ජාලය විකුණුම් ක්‍කරණයට හැකියාව ඇති අයට වැඩි ඉල්ලුමක් ඇති වෙයි.
මා මේගැන දන්නවා මොකද CMS (Content management system) පහසුකම් ඇති වෙබ් අඩවියක් සහ static website with (HTML) අතර වෙනස බොහෝ අය දන්නේ නැ.

බොහෝ දෙනා  මේ දෙකේ වෙනස අදුරන්නේ නෑ, අද වෙබ් අඩවියක් කියන්නේ සතියකට වරක් වත් නවතොරතුරු මගින් යාවත් කාලින කලයුතු දෙයක්, බැලු බැල්මට   static website with (HTML) සහ CMS  අඩවියක් එක සමාන උනත් මෙදෙකේ ඇති මුලිකම වෙනස නම් static website with (HTML) අඩවියක් යාවත්කාලින කරන්න අඩවි නිර්මාණය ගැන යාම දැනුවත් අයෙක් සිටිය යුතුයි නමුත් CMS අඩවියක යාවත් කාලින කරන්න වෙළදසැලේ හිමිකරුටත් හැකියි සුළු දැනීමකින් (අද බ්ලොග් ලියන බොහෝ අය කරන්නේ CMS වර්ගයේ එක්තරා අඩවියක් පාවිච්චි කිරීමයි )

අනෙක් කාරණය තමයි හිතන්න ඔබ කිසියම් භාණ්ඩයක් වෙබ් අඩවිය මගින් විකුනනවා, මිනිසුන් Google ඔස්සේ සොයන්නේ අදාළ භාණ්ඩයේ නමයි, යම් විදියකින් අදාළ භාණ්ඩයේ නම   Google වල මුල් සෙවුම් 10  අතරට  ඔබේ අඩවිය තුලින් ගැනීමට හැකිනම් ඔබට නොමිලේ බොහෝ පාරිබෝගිකයන් ඔබේ අඩවිය වෙත ආකර්ෂණය කරගත හැකි වනු ඇති.

මෙවැනි කාරනා සාමාන්‍ය වෙළදුන් හට පැහැදිලි කිරීම දුෂ්කර වූ නිසා මා සිදුකලේ මේගැන දන්නා විදේශ වල ගැනුම්කරුවන්ට මෙවැනි සේවයක් අලවි කිරීමයි.

යම් විදියකින් ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණි විට මේ අංශ ගැන වැඩි දනුවත් වීමක් අපේ වෙළදුන් ඇති කරගනු ඇති, මෙනිසා සිංහල බස හැසිරවිය හැකි සහ මෙම අංශ ගැන දැනුම ඇති අයට වැඩි අවස්තාවක් ඇතිවීමේ අවස්තාව පවතී

නමුත් අපි මෙහිදී නොසලකා හරින කරුණ නම් ඉන්දියාවේ රැකියා නැති උපාධිදාරීන් කොටි 3.7 සිටින අතර ශ්‍රී ලංකාවේ මුලු ජනගහනය කොටි 2 බවයි, ඉහත සදහන් කල වාසිය ඉතා කෙටිකාලින වනබව
මොලයක් ඇති කෙනෙකුට තේරුම් යන්න ඕනේ.

02.   අපේ අනෙක් මුලික ප්‍රශ්නය වන්නේ ඉංග්‍රීසි නොදන්නා පිරිසකට මේ ආයතනවල සේවය කල හැකිද යන්නයි ? ඇත්තටම මේ ආයතනවල සුළු සේවකයන්ට අමතරව මේ අංශයේ රැකියා කිසිමට ඉංග්‍රීසි දැනුම අත්‍යව්ස්යයි.

03.   අද වනවිට ඉන්දියාව ශ්‍රී ලංකාව දෙස ඇස යොමන්නේ කලාපයේ දියුණුම සහ අඩුම මිලක් ඇති   අන්තර්ජාල යටිතල පහසුකම් ශ්‍රී ලංකාවේ දැනටමත් ස්ථාපනය වී ඇති නිසයි. ඔබ බලන්න Smartline (FTTx) – Packages සදහා වැයවන්නේ http://www.sltnet.lk/en/personal/broadband/ftth/packages ඉතා සුළු මුදලක්.
මෙවැනි පහසුකම් ඉන්දියාවට  සමස්තයක් ලෙස සිහිනයක් පමණයි.

දැන් ඉන්දියානුවන් මෙහි ගෙන්වා කරන විශාල වැඩසටහන නිසා සිදුවන්නේ ශ්‍රී ලංකාවට පමණක් අයිති කර ගැනීමට තිබුන වෙළදපොල ඉන්දියානු වන්ට ලබාදීමයි, මොකද ඔවුන් යටිතල පහසුකම් වලට අද වන විට කිසිදු සැලකියයුතු ආයෝජනයක් සිදු කලයයුතු නෑ, ඔවුන් කෙලින්ම ශ්‍රී ලංකාවේ මේ පහසුකම් ඇති නගරවල තම ආයතන පිහිටවා තාමා සතු ඉංග්‍රීසි භාෂාව ගැන දැනුවත් තම පුරවැසියන්ට රැකියා අවස්ථා අතිකර තම ප්‍රශ්ණය විසදගන්නා අතර මෙතක් ශ්‍රී ලාංකිකයන්ට තිබුන තැන නැතිවන අතර ඉංග්‍රීසි නොදන්නා ශ්‍රී ලාංකිකයන්ට කිසිදු පිළිසරණක් මේ ආයතන මගින් සිදු නොවෙන බවනම් කිවයුතුයි.

මට අවසාන වශයෙන් මෙය කියවන අයගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තියනවා

පහත සුදුසුකම් ඔබට ඇත්නම් සහ ඔබ ලබන වැටුප මසකට  රුපියල් 80,000 ට අඩුනම් කරුනාකර අදහස් දක්වන්න

01.   ඉංග්‍රීසි භාෂාව කතාකිරීමේ හැකියාව
02.   කිසියම් පරිගණක වැඩසටහනක් සාර්ථකව ලිවීමේ හැකියාව
03.   මිට පෙර අවම වශයෙන් සාර්ථක වැඩසටහන් 10 ලියා ඇති බව  
04.   ඉහත “පරිගණක වැඩසටහන්” ලෙස මා සදහන් කරන්නේ
01.   වෙබ් අඩවි වලට අදාළ
02.    කුඩා වෙළදසලක තොගපාලනයට අදාළ
03.   ට්‍රිමාන සජිවිකරණය
04.   AUTOCAD වැනි මෘදුකාංගයක් පාවිච්චිකර කිසියම් වානිජමය කර්යක් කරන ලද
05.   ADOBE Photoshop වැනි මෘදුකාංගයක් යොදා කිසියම් කලාත්මක නිර්මානයක් කළහැකි
යනාදී දක්ෂතා එකක් හෝ කීපයක් ඉතා හොදින් යොදාගත හැකි නමුත් මසකට රුපියල් 80000 ට අඩු ආදායමක් ලබනවානම් අවංකව සදහන් කරන්න.

මොකද ඉහත දැනුම ඇති අය මිට අඩුවට සේවය ශ්‍රී ලංකාවේ ලබාගත නොහැකි නිසා සහ මේ හැකියාවන් ඇති අය රැකියාවක් ලැබෙනතුරු නොසිටින නිසයි.

ඉන්දියාවෙන් ඇවිත් රැකියා මෙවැනි අයට නිර්මාණය කලයුතු නැත්තේ දැනටමත් මොවුන්ට රැකියා ඇති නිසයි.

මෙනිසා මා යෝජනා කරන්නේ ඉන්දියාවට දිව දික්කරගෙන නොසිට කෙසේ හෝ ඉංග්‍රීසි භාෂාව මුලිකත්වය දී තමා කැමති දක්ෂතා ඇති අන්සයක් තොරාගෙන දියුණු වෙන ලෙසයි.          

                    
    

  

18 comments:

  1. අපේ රටෙත් සියලු ආනයන සහ අපනයන බදු ඉවත් කලොත් සියලුම ඉන්දියන් කාරයඉන් මුලු ස්‍රී ලන්කාවම එකම ඩියුටි ෆ්‍රී ශොප් එකක් ලෙස සලකා සින්ගප්පූරුවේ මුසතාෆා එකට යන්නේ නැතිව වඳුරු පාලමෙන් එගොඩ වී ලන්කාවට ඒවි!

    ReplyDelete
    Replies
    1. Sa rasa,
      //අපේ රටෙත් සියලු ආනයන සහ අපනයන බදු ඉවත් කලොත් සියලුම ඉන්දියන් කාරයඉන් මුලු ස්‍රී ලන්කාවම එකම ඩියුටි ෆ්‍රී ශොප් එකක් ලෙස සලකා සින්ගප්පූරුවේ මුසතාෆා එකට යන්නේ නැතිව වඳුරු පාලමෙන් එගොඩ වී ලන්කාවට ඒවි!//
      හොද අදහසක්!, මේක තමයි අපි ගෙඩිය පිටින් ගිලින්නේ නැතිව උපාය ශිලිව කලයුතු වන්නේ,
      මම හොද යෝජනාවක් කරන්නම් බලන්න ප්‍රායෝගිකව කොච්චර ගැලපෙනවද කියල,
      අද වනවිට හම්බන්තොට වරායක් ඉදිවෙලා තියනව (මහින්දගේ අනන්ත ගොන්කම් අතර මමනම් මෙය දකින්නේ ශතවර්ෂයේ කරනලද හොදම ආයෝජනය කියල ) කලයුතු දෙය සරලයි මේ විශාල වරාය සම්පුර්ණයෙන් බදුවලින් නිදහස් කරනු ලබන අතර වරාය තුලම ප්‍රති අපනයන පහසුකම් ඇති කර්මාන්ත ශාලා වලට අවස්තාව දෙනවා, මෙහිදී මෙම වරාය ආශ්‍රිත කලාපය සම්පුර්ණ බදුවලින් නිදහස් කරනවා, මෙහිදී රට තුලට ඉන්දියානු භාණ්ඩ ගලා එම නතර වන ආතර ලෝකයේ විවිද රටවල සිට වෙළදාම සදහා අපරටට ගෙන්වා ගැනීමට හැකියි.
      මෙම වරාය ආනයන අපනයන බදු ඇතුළු තීරුබදු අයකරනවානම් අයකළ යුත්තේ රට තුලට ගෙන එනවානම් පමණයි නැත්නම් සියල්ල බද්දෙන් නිදහස්.
      හම්බන්තොට වරායේ මුලිකම ආදායම් මාර්ගය වියයුත්තේ බොරතෙල් පිරිපහදුව උනත් මිට උවමනා මුදල් සම්පාදනයට මෙම වරාය පුද්ගලික අංශයට මෙවැනි වියපාර සදහා ලබාදීම මගින් අති විශාල දියුණුවක් ලබාගත හැකියි.
      රනිල් ලොක්ක “වඳුරු පාලම්” ගහන්න ගියොත් නම් විනාසයි මෙය කිසි කලක නොකලයුතුයි.
      ඒ එක්කම කියන්න ඕනේ දෙයක් තියනවා මා ලගදි අසුව හර්ෂ සිල්වා ඇමති තුමා කියනවා ඉන්දියාවත් ලංකාවත් අතර වෙළද ගිවිසුමක් නැති බවත් දැන් ගිවිසුම්ක් ගසන්නේ ඉද්දිරියේදී ඇතිකරගන්න බලාපොරොත්තුවන ගිවිසුමට උපකාර වන ගිවිසුමක් බවයි.
      එකියන්නේ ඉදිරි ගිවිසුමට උදව්වෙන තව පෙර ගිවිසුමක්, හර්ෂ මහත්තය දැනගන්න ඕනේ මිනිසුන් ගොනාට අදින සීමාවක් තියනවා, මේවගේ බොලද කතා අපි කිසිලෙසකවත් ඔහු වැනි පුද්ගලයකු ගෙන් බලාපොරොත්තු වන්නේ නෑ.

      Delete
    2. ඔවු.... ඔය කියනා දේ කල යුතුයි.. ඉන්දියාව බලාත්කාරෙන් කරන දේ උන්ට ම අතේ පත්තුවෙන්න ඔන්න ඔය වගේ වැඩ වෙන්න ඕනේ...


      බයි ද වේ... සා ර ස තුමා වසර දහයකටත් අදික කාලයක් ඔය කියනා හොන් කොන් රටේ සිටියෙමි.. අද්යාපනය ලබමින් සහ රැකියාව කරමින්... එහි හොඳ හා නරක දෙකම ගැන එතුමාට අයිඩියා එකක් තිබෙමි!

      Delete
    3. Sa rasa,
      // බයි ද වේ... සා ර ස තුමා වසර දහයකටත් අදික කාලයක් ඔය කියනා හොන් කොන් රටේ සිටියෙමි.. අද්යාපනය ලබමින් සහ රැකියාව කරමින්... එහි හොඳ හා නරක දෙකම ගැන එතුමාට අයිඩියා එකක් තිබෙමි!//

      එක හරිම වැදගත් තොරතුරු අපිසමග බෙදාගත්තනම් වටිනවා. අපි පුරුදු වෙලා තියෙන්නේ සාර්ථක වූ රටක කිසියම් අංග ගෙන අපේ රටේ ආදේශ කිරීමයි නමුත් අපි නොසිතන්නේ එම ක්‍රියාවලිය ඔවුන්ට අනන්‍ය දෙයක් පමණයි.
      ඉන්දියාව සමග ගනුදෙනුව අපි ඉතා දක්ෂ ලෙස කලයුතුයි, රටේ මිනිසුන් ලෙස ඉතා අවදියෙන් සිටිය යුතුයි.

      Delete
  2. මැද පෙරදිග ගැන කිසිඳු අවබෝධයක් නොමැති, පාදෙනියගේ ගොන් දේශනාවට බිය වී ලියන ලද ළිපියක්..

    එතකොට මෙයා මේ පේ පැල් ඉල්ලන්නේ අපේ උන්ට විතරද.... ගණු දෙණු කියන්නේ දෙපැත්තක්... ඒ නිසා තමයි මේවා මෙතක් කල් මෙහේ නොගෙනාවෙත්..

    කොහොම හරි සා රසටත් වඩා බයියෙක් නිදහස් සිතුවිලි කියන්නේ...

    ReplyDelete
    Replies
    1. මාතා මචෝ,
      //මැද පෙරදිග ගැන කිසිඳු අවබෝධයක් නොමැති, පාදෙනියගේ ගොන් දේශනාවට බිය වී ලියන ලද ළිපියක්..//
      මෙතනනම් උබට හොදටම වැරදිලා ලිපිය ලිව්වට පස්සෙයි පාදෙනියගේ කතාව අසුවුනේ මුලින් එක නැතුවයි මම මෙය පබ්ලිෂ් කලේ.
      //එතකොට මෙයා මේ පේ පැල් ඉල්ලන්නේ අපේ උන්ට විතරද.... ගණු දෙණු කියන්නේ දෙපැත්තක්.//
      නැත්තන් යකෝ මෙච්චර කල් තියෙන්නේ ගනු විතරයි, ඒ කියන්නේ paypal ඔස්සේ මුදල් පිටරටට යවන්න පුළුවන්, මම ඇමරිකාවේ තියන Hosting Server එකට මුදල් ගෙවන්නේ PAYPAL වලින්, මොකද මගේ credit card එක paypal සමග ලින්ක් කරලයි තියෙන්නේ, අපට මුදල් ලංකාවෙන් පිටකරන්න පුළුවන්, ලංකාවට ගන්නයි බැරි.
      ඉතින් මේ කියන්නේ “අපේ උන්ට” මුදල් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවකට ගන්න පහසුකම් දෙන්න කියල,
      මාතේ උබටත් මෙච්ච්ර කල් මේක තේරිලා නෑ නේ !!
      අද වෙනකොට අපෙන් ගනු තියනවා දෙනු නෑ !!

      Delete
    2. අනෙක් එක කෝ මතේ මේ මල ඉලව් ගිවිසුම, රනිල් ලොක්ක එක තියාගෙන බට්ට පනිනවද ?
      යකෝ ඔච්චර් වාසි ගිවිසුම පෙන්නන එකනේ තියෙන්නේ, අනේ මගේ කට !!

      Delete
    3. තවම කිසි ගිවිසුමක් නෑ... තාම ඒ ගැන කතා බහක් තියෙන්නේ. මහද්වීපයක් වගේ රටක් එක්ක ගිවිසුමක් ගහන කොට ඒකෙන් අවාසි තියෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි.. ඒත් තියෙන වාසි ටික හරි ගන්නයි ලෑස්ති වෙන්න ඕන. මැදපෙරදිග විදේශික ශ්‍රමිකයන්ටයි, භූමීප්‍රත්‍රයන්ටයි සලකන විදිය වෙනස් ඒ දේ මෙහෙත් වෙයි. ඒක ඕනම රටක තියෙන දෙයක්. විශේෂයෙන් විදෙස් ශ්‍රමිකයින් ඉන්න රටවල. සිටිසන් ෂිප් දෙන රටවල නෙමෙයි.

      Delete
    4. මාත,
      ශ්‍රී ලංකාව ඉන්දියාවේ කිසිම දෙයක් ලංකාවට ඕනේ නෑ කියන්නේ නෑ.
      උදාහරණ :- ඉන්දියානු විශ්වවිද්‍යාල සහ ප්ර්යේෂනා ගාර ශ්‍රී ලංකාව තුලට ගෙන ඒ ම ඉතා හොදයි.
      නමුත් ශ්‍රී ලංකාව තුල call center දැමීමට අපිට ඉන්දියානුවෝ ඕනේ නෑ එක අපටත් කරන්න පුළුවන් මෙයට උවමනා වැදගත්ම ආයෝජනය තමයි Smartline (FTTx) සම්බන්ද තාවය මේ යටිතල පහසුකම් ආයෝජනය දැනටමත් කරලා ඉවරයි.
      දැන් අපි කරන්න ඕනේ නිකම්ම බිල්ඩිමක් කුලියට අරන් මේ පහසුකම් වලින් ප්‍රයෝජන ගැනීමයි.
      උබට මතකද මිට කලින් මම කිව්වා දැන් කිසිම පලදායි වැඩකට යොදා නැති උපාදිදරින් දහස් ගණනක් රාජ්‍ය සේවයේ නිකන් පඩි ගෙවමින් සිටින බව සහ ඔවුන්ට උවමනා ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීම පමණක් බව,
      මේ පිරිස මාස 6 ක ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩමුළුවකට රජයේ වියදමින් යෙදුවත් ඉතා හොද ආයෝජනයක් වෙයි.
      මතක තියා ගනින් ඉංග්‍රීසි භාෂාව අවම ලෙස බාවිතා කිරීමට බැරි කිසිවෙකුට ඉන්දියානුවන් මෙහෙ ගෙන එම නිසා රැකියා ඇති වෙන්නේ නෑ.
      මචෝ ඉතින් ඔය ගිවිසුම මිනිසුන්ට දැනගැනීමට ප්‍රසිද්ධ කලානම් නේද හොද? එක එක වෙලාවට එක එක කතා කියමින් මිනිසුන් නොමග ඇරීමෙන් මේ රජය ගැන ඇති විශ්වාසය නැති වෙන බව උබට තේරෙන්නේ නැද්ද ?

      // මහද්වීපයක් වගේ රටක් එක්ක ගිවිසුමක් ගහන කොට ඒකෙන් අවාසි තියෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි.. ඒත් තියෙන වාසි ටික හරි ගන්නයි ලෑස්ති වෙන්න ඕන//
      1998 දී චන්ද්‍රිකා අත්සන් කල ගිවිසුම 2000 දී ක්‍රියාත්මක වීම නිසා සිදුවුනේ වාසි නෙමෙයි ශුද්ද අවාසියක්.
      අන්තර්ජාතිකව ගිවිසුමක් ගහල වාසියක් ලබාගත්ත ආණ්ඩුවක් මෑත කාලයේ නැති තරම්,
      මේ නිසයි අපි මේවට පීඩනය යෙදිය යුත්තේ. මතක තියාගන්න ලෝකේ වටේ අපිට හරිහමන් තානාපති සේවයක් නෑ ඉන්නේ කාලකන්නි සෙට් එකක්, අපි අප්ටන්ගන්නෙම අවාසි තැනකින් මෙනිසා රජයට පීඩනය යෙදිය යුතු වෙනවා ජනතාව ට මේවයින් වැඩක් කරගන්න ඕනේ නම්.

      Delete
    5. තව මුලික ප්‍රශ්නයක් තියනවා, මට මගේ ආයතනය විශාල කිරීමට නොහැකිවී ඇත්තේ මේ කාරනාව නිසා,
      මම සිදුකරන්නේ මෘදුකාංග අංශයේ විශේෂිත කොටස් පමණයි, මා තෝරාගත් කුඩා අංශය සදහා බොහෝදෙනා ඉදිරිපත් වෙන්නේ නෑ, මට යම් තරගයක් ඉන්දියානු සමාගම් දැනටමත් ලබාදුන්නත් එය එතරම් සැලකියයුතු නෑ,
      මට ඇති ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වලින් පිටකරන උපාදිධාරින් වාණිජ ලෝකයේ මේ වැඩසටහන් ගැන කිසිදු අද්යාපනයක් ලාබා නොතිබීමයි.
      මෙය යම් තරමකට තේරුම් ගැනීමට http://www.lynda.com/subject/all මෙහි සමජිකත්වය ගත්තහම තමාට උවමනා ඕනෑම වැඩසටහනක් ඉගන ගතහැකියි, 2002 පමණ කාලයේ මේ අඩවියෙන් උපුටාගන්නලද වීඩියෝ CD කර UNITY PLAZA වල විකිනීමට තිබුන මෙය ලෝකයේ කොතෙක් ජනප්ප්රියද කියනවානම් ලොවපිලිගත් oxford university එකත් ශිෂ්ෂයන් පුහුණු කිරීමට යොදාගන්නවා මේ බලන්න https://courses.it.ox.ac.uk/lynda
      මෙය http://lynda.harvard.edu/ හර්වර්ඩ් විශ්වවිද්‍යාලයත් මෙය යොදාගන්නවා,
      වැඩිය ඕනේ නෑ ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයත් https://www.linkedin.com/title/teaching-at-delhi-university
      මෙයින් ප්‍රයෝජනා ගන්නවා නමුත් පොඩ්ඩක් හොයල බලපන් ශ්‍රී ලංකාවේ කිසිම සරසවියක් මේවායෙන් ප්‍රයෝජන ගන්න්නේ නෑ.
      මුලිකවම උවමනා ඉංග්‍රීසි භාෂාව පමණයි, ඉංග්‍රීසි තියනවනම් ඕනෑම තක්ෂණික දැනුමක් ලබාගතහකිවනු ඇති, සුද්දට හොදක් කිව්වට දෙසප්‍රේමින් කමත්වා !!
      ඉන්දියන් කාරයන් මෙහෙට වදම්මන්න ඉස්සල රටේ ඉංග්‍රීසි භාවිතය වැඩිකිරීමට ක්‍රමයක් කිව්වනම්

      Delete
    6. හඃ හඃ හා.... ඔය එන්නේ බඩු එලියට

      මම නිකමට හිතුවා මේකෙන් පෞද්ගලික මක්කා හරි ඇතෙයි කියලා... එතකොට දනටත් ඉන්දියන් සොෆ්ට්වෙයාර් කාරයෝ ඉන්නවා නේද මෙහේ.. මම ඉස්සර හිටියෙත් ඔය ක්ෂේශ්ත්‍රයේ ඒ නිසා හොඳට දන්නවා ඔය ගැන. කෝල් සෙන්ටර් දාන්න කොමියුනිකේසොන් දානවා වගේ බෑ නේ. ඒවට කොන්ටැක්ට්ස් තියෙන්නේ ඕන. ඉන්ගිරිසි නැතුව ඉන්දියන් කාරයෝ ගාව නෙමෙයි මෙහෙත් ජොබ් හොයා ගන්න බෑ නේ.

      උඹල බය වෙන මොකවත් නිසා නෙමෙයි. උඹලගේ මොනෝපොලියට කෙලවෙනවා. දොස්තරලගේ මාන්නේ එහෙම පිටින් නැති වෙනවා.. ඉන්දියන් දොස්තරවරු බොහොම සරළ මිනිස්සු. එහේ ඉස්පිරිතාලෙක ගිය ඕන එකෙක් දන්නවා. ඕන දෙයක් අහන්න කතා කරන්න පුළුවන්. මෙහේ සොෆ්ට්වෙයාර් කාරයන්ගේ අස්ප ගනන් අඩු කරන්න වෙනවා. අර පාදෙනියත් කිව්වේ. ඉතින් මෙහේ මිනිස්සුන්ගේ ජීවන වියදම අඩු වෙනවා.. ඉන්දියන් කෑම බීම එන්න පටන් ගත්තාම මෙහේ ජීවන වියදම ඉබේම අඩු වෙනවා.

      අපේ හරක්ට එතකොටවත් තේරේවී වී වගා කරන්නේ නැතිව වෙන මක්කා හරි වගා කොරන්න. ඉන්දියාවේ ආහාර වගේම හැම දේකම මිළ අඩුයි..

      දැන් පැහැදිලියි ලංකා සිතුවිලි බය වෙල තියෙන්නේ ඇයි කියලා..

      ඔය පාදෙනියට කලින් විරෝධතාවක් තියපු සොෆ්ට්වෙයාර් කාරයෙක් කිව්වා.. එයාලා රටට ආදරේ නිසාය මෙහේ ඉන්නේ නැත්නම් හොඳ පඩි වලට එයාලටත් වෙන රටවලට යන්න පුළුවන් කියලා. අපේ සොෆ්ට්වෙයාර් කාරයෝ ගැන අපි දන්නවනේ.. වැඩ්ඩෝ මෙහේ ඉන්නෙත් නෑ..

      අනේ යන්න කියන්න අනේ.... යන්න කියන්න...

      Delete
    7. මාතා
      // හඃ හඃ හා.... ඔය එන්නේ බඩු එලියට

      මම නිකමට හිතුවා මේකෙන් පෞද්ගලික මක්කා හරි ඇතෙයි කියලා... //
      උබ විස්වාස කරන එකෙක් නෑ නමුත් මගේ ආදායමෙන් 5% වත් ලංකාවේ න් උපයන්නේ නෑ
      එකට හෙතුව මම විකුණන භාණ්ඩය සදහා වෙළදපොල ඇත්තේ උතුරු ඇමරිකාවේ සහ යුරෝපිය රටවල, මුල් කාලයේ මම ශ්‍රී ලංකාවේ මාර්කට් කළා නමුත් වැඩි කලක් යන්න ඉස්සල්ල මට තේරුනා දැනටමත් භාණ්ඩය ගැන දැනුවත් මිනිසුන්ට මෙය විකිණීම පහසු බව, ඔය කියන ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට ආවොත් ශ්‍රී ලංකාවේ අපි මාර්කට් නොකරන අංශවල උන් මාර්කට් කරන්නේ ආයතනයේ තොගපාලනයට උවමනා සුළු සුළු මෘදුකාංග තමයි මේවා ගැන දැනුවත් වුනාම මටනම් කෙලින්ම මගේ මෘදුකාංග මාර්කට් කරන්න පුළුවන්, එක වාසියක් උනත් කෙටි කාලීනයි.
      අන්තර්ජාලය තුලින් ඉන්දියානුවන් කොහොමත් ලංකාවට ආවත් නැතත් තරගයක් එල්ල කරනවා එකේ දෙකක් නෑ.
      මම මේක දකින්නේ ශ්‍රී ලංකාව ට ඇති අවස්තාව ඉන්දියාවට දීම කියලයි.
      // ඒවට කොන්ටැක්ට්ස් තියෙන්නේ ඕන.//
      එක තමයි මම කිව්වේ ශ්‍රී ලංකා රජයට දැන් සිටින උපාදිධාරින් ට ඉංග්‍රීසි පුහුණු කර විශේෂ ආයතනයක් ඇති කරමු කියල, ඉතා හොද සේවයක් ශ්‍රී ලංකා රජය ලබාදුන්නොත් උබ හිතන්නේ කොන්ටක්ට්ස් හොයාගන්න බෑ කියලද ? (අද සිංගප්පුරු රජය මෙවැනි දේ කරන්නේ කොහොමද )
      // උඹල බය වෙන මොකවත් නිසා නෙමෙයි. උඹලගේ මොනෝපොලියට කෙලවෙනවා//
      මගේ මොනොපොලිය පවතින්නේ මම “niche” එකකට මර්කර්ට් කිරීම නිසයි මේ niche එක තියෙන්නේ ශ්‍රී ලංකාවේ නෙමෙයි ඉතින් මට එච්චර් ප්‍රශ්නයක් නෑ.
      // එතකොට දනටත් ඉන්දියන් සොෆ්ට්වෙයාර් කාරයෝ ඉන්නවා නේද මෙහේ//
      මමනම් ඒ ගැන දැනුවත් නෑ නමුත් මට විශාල වැඩසටහනක් කිරීමට උවමනා විට මමත් ඉන්දියානු වන්ගේ සේවය ලබාගත් අවස්ථා තියනවා, උන් මෙහෙ ඉන්න ඕනේ නෑ මගේ අංශයේනම්.
      දොස්තරල ගැනනම් මට තියන ප්‍රශ්නය ඔඋෂධ මාෆියාව ගැන මම මිට පෙර කියල තියනවා.
      // මෙහේ සොෆ්ට්වෙයාර් කාරයන්ගේ අස්ප ගනන් අඩු කරන්න වෙනවා. //
      සමස්තයක් ලෙස මෙය ඇත්ත නමුත් බොහෝදෙනා නොහිතන දේ තමයි ශ්‍රී ලාංකිකයන්ට මේ සදහා පහසුවෙන් අවස්තාව ඇතිකළ හැකියි ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කෙරුවහම ඉතා සංකීර්ණ අංශ තියනවා ඉන්දියානුවෝ තවම ඇතුළු නොවුන, මෙහි දී මර්කර්ට් එක සෙවීම කලයුත්තේ දැනට සිටින කොන්ටක්ට් යොදාගෙනයි.
      මේකේ තියන ප්‍රශ්නය සැලකියයුතු ආධයමක් ඉන්දියාවට සම්ප්රෙහ්ස්නය වීමත් ඉන්දියානු බඩු සදහා වැඩි වැඩියෙන් ඉල්ලුම ඇතිවීම නිසා ශ්‍රී ලංකාවට විදේශ විනිමය තව තවත් අහිමි වීමයි.
      // ඉන්ගිරිසි නැතුව ඉන්දියන් කාරයෝ ගාව නෙමෙයි මෙහෙත් ජොබ් හොයා ගන්න බෑ නේ.//
      පොඩ්ඩක් දැන් උබ කිව්වා දේ ගැන කල්පනා කරපන් දැන් අපි ඉන්දියානුකාරයෝ මෙගේ ගෙන්වාගෙන උන්ට රස්සා දීම නිසා ශ්‍රී ලංකාවේ මිනිසුන්ට රැකියා නැතිවෙනවානම් (ඉංග්‍රීසි බැරි නිසා ) උපයන සියලු මුදල නැවත ඉන්දියාවට යෑම නේද වෙන්නේ මොකද අපට රැකියා ලැබුනොත් තමයි මේ රටේ විදේශ විනිමය ඉතිරිවෙන්නේ, එහෙම තියෙද්දී අපි වැඩි වැඩියෙන් ආනයන කරනවා කියන්නේ විශාල ගින්දරකට පෙට්‍රල් වක්කරනවා වගේ වැඩක්.
      // වැඩ්ඩෝ මෙහේ ඉන්නෙත් නෑ..// උබ නොදන්නවා උනාට ශ්‍රී ලංකාවේ සිට විදේශවල වැඩකරන වැඩ්ඩෝ ඉන්නවා විතරක් නෙමෙයි විශාල විදේශීය සමාගම්වල ශාකා ශ්‍රී ලංකාවේ තියනවා ඒ වයේ සුද්දෝ වැඩකරනවා.
      දැනට වසර 15ට පමණ පෙර Mr bhavik Gandhi විසින් Rich Media නමැති අන්තර්ජාල වියාපාරය ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක කළා මමත් මෙහෙ වැඩකරලා තියනවා හවස 7.30 සිට උදේ 4.30 වනතුරු තමයි වැඩ තිබුනේ ඇමරිකාව යුරෝපය සහ ස්කෑන්ඩිනේවියානු රටවල් වලටයි මෘදුකාන්ක්ග ලිව්වේ. මෙවැනි වියාපාර ඕනෑ තරම් ශ්‍රී ලංකාවේ තියනව.

      දෙමළුන්ට සිංහල උගන්විමත් සිංහලුන්ට දෙමල ඉගැන්වීමත් නෙවෙයි කරන්න ඕනේ මේ දෙගොල්ලොන්ටම ඉංග්‍රීසි ඉගැන්වීමයි.

      Delete
    8. මාතලන් ගෙ කතාව නම් පට්ට. ඇත්තටම මම නම් මේව දන්නෙ නෑ. ඉන්දියන් දොස්තරල සරල මිනිස්සුද මෙහෙ සොෆ්ට්වෙයා කාරයන්ගෙ අස්ප ගනන් අඩු වෙයිද ඉන්දියන් කෑම ඇවිත් ජීවන වියදම අඩු වෙයිද ඉන්දියන් කුලීකාරයො ඇවිත් අපේ වැඩ පහසුවෙයිද ( දැන් කුලී වැඩකට කෙනෙක් හොයාගන්න බුලත් අතක් අරන් යන්න වෙනව ).
      ඒ වාසි ටික වුනත් මදිද

      අපි මෙහෙ ඉන්නෙ රටට ආදරේට නැත්නම් හොද පඩිවලට යන්න පුලුවන් කියන බයිලෙ කියන අයට නම් කියන්න තියෙන්නෙ අනේ යන්න කියන්න අනේ යන්න කියන්න කියා තමයි.

      Delete
    9. මට නම් හිතෙන්නේ ඔයාට පිස්සු කියලයි.
      මේක නිකං මොන්ටිසෝරි බබ්බුන්ට ආචාර්ය උපාදියට උගන්නනවා වගේ වැඩක්.

      ඔය කියන සුදුසුකම් ටික තියෙන උන් 80000 ට වැඩ කරනවද අප්පා.
      මා දන්නා අඩුම මිලට වැඩකරන කෙනාත් එක වැඩකට 60000 ක් ගන්නවා(ලංකාවේ).( 80 ට පොරොන්දුවෙලා තමයි අන්තිමට වැඩේ කරලා අසුව අතට දෙද්දි 20 ක් රිටර්න් කරන්නේ.)

      ලාවට ගනන් හදා බැලුවම ලාංකිකයන් 1 කෙනෙකුට පඩි ගෙවන සල්ලිවලින් ඉන්දියන් කාරයන් 5-10 ක් අතර ගානකට පඩි ගෙව්ව හැකි.කොටින්ම 20 කින් දුවන වැඩේ 100 කින් දුවවන්න පුලුවන්.

      හැබැයි,ලාබම වැඩේ කොම්පැනිය ගිහින් ඉන්දියාවේ අටවන එක.කරන්ට් බිල්,වතුර බිල් ගොඩනැගිලි ගාස්තු අර බදු මේ බදු ,අමුද්රව්ය ඇතුලු හැමදේම ලාබ නිසා.අනික ඉතින් කොම්පැනිිය ගානේ කෑමත් දෙනවනම් තවත් ලාබයි.

      ඔයාට එපානම් ඔයා නිකං ඉන්න අනේ අපට පාඩු නොකර.
      :D

      Delete
    10. සිව්වැනි මානය fourth dimension
      //අපි මෙහෙ ඉන්නෙ රටට ආදරේට නැත්නම් හොද පඩිවලට යන්න පුලුවන් කියන බයිලෙ කියන අයට නම් කියන්න තියෙන්නෙ අනේ යන්න කියන්න අනේ යන්න කියන්න කියා තමයි. //
      මම ඉන්න අංශය නම් එහෙයි මෙහෙයි කියල වෙනසක් නෑ, නමුත් මුල් කාලයේ නම් පහසු දේ එහෙ යන එක සහ ගොස් එහේ රැකියාවක් කරන එක, මම නම් බොහොම වාසනාවන්ත උනා මෙහෙ ඉදන්ම එහෙ වැඩ කිරීමට හැකිවීම ගැන

      Delete
    11. malmi hi
      //මට නම් හිතෙන්නේ ඔයාට පිස්සු කියලයි.
      මේක නිකං මොන්ටිසෝරි බබ්බුන්ට ආචාර්ය උපාදියට උගන්නනවා වගේ වැඩක්.//
      මට පසුගිය කාලයේ මා දන්නවා ඉංග්‍රීසි භාෂාව ගැන ඉතා සුළු අවබෝදයක් ඇති පරිගණක භාසාවක් යොදා දක්ෂ ලෙස පාවිච්චි කල සහ ෆොටෝෂොප් මගින් එක සිත්තමකින් රුපියල් 15000 පමණ උපයපු අය ගැන මේ 2002 පමණ.
      මේ අයට ඉංග්‍රීසි ඉගැන්වීම ඔබ කියන විදියේ ආචර්ය උපාධිය ගැනීම වගේ නෙමෙයි
      මෙන්න ඉන්දියාවේ කරන විදිය https://www.youtube.com/watch?v=BEC3cr4PS6s මෙය කතාවකින් උපුටාගන්නා ලද කොටසක්.

      //ඔය කියන සුදුසුකම් ටික තියෙන උන් 80000 ට වැඩ කරනවද අප්පා.
      මා දන්නා අඩුම මිලට වැඩකරන කෙනාත් එක වැඩකට 60000 ක් ගන්නවා(ලංකාවේ).//
      ඔන්න තියනවා උත්තරය, දැන් එතකොට රජය කියන්නේ මොකද්ද ? ඉන්දියානු IT සේවකයන් ශ්‍රී ලංකාවට ආපුවහම ශ්‍රී ලංකාවේ IT අංශයේ රැකියා වැඩිවෙනවා කියල නේද ?
      දැනටමත් වැඩ දන්න අයට රැකියා තියනවනම් මොන එහෙකට ඉන්දියාවෙන් ගෙන්නනවද ?
      අද රජය නිකම් බොරුවට පඩි ගෙවන උපාදි ධාරීන් එකතු කරලා කුඩා සොෆ්ට්වෙයාර් ආයතන පිහිටවල ශ්‍රී ලංකාවේ මේ කුඩා වෙළදුන් සදහා මෘදුකාංග ලිවිය හැකියි අපේ අයට සැපයුම ලබාදෙන්න බැරිනම් කරන්න ඕනේ අන්තර්ජාලය මගින් ඉන්දියානු මෘදුකාංග ලියන්නෙක් සොයාගන්න්න එක, මේ මමත් වැඩ වැඩිවෙන කොට කරන්නේ එක තමයි.
      මෙහෙම කලහම මේ උපාධිධාරීන් ඵලදා යී වැඩක යෙදෙනවා රටට විදේශ විනිමය ලෙස ගෙවියයුතු වෙන්නේ සුළු මුදලක්.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇණයා Nut Man,
      මගේ මුල්ල්ම පොස්ට් එකේ කොමෙන්ට් බැලුවනම් ඔබේ ප්‍රශ්නයට උත්තර ලැබෙයි

      Delete