ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මොළ හෝදන ජන මාධය
මගේ ලිපිය කියවීමට පෙර කරුනාකර වික්ටර් අය්වන් ගේ මේ ලිපිය කියවන්න
http://ravaya.lk/?p=13095
දැන් මම ඔහු කරන මුලාකිරිම පෙන්වාදෙන්නම්
01.
රාවය උපුටාගැනීම
"හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන්නේ කිලෝ ග‍්‍රෑම් 198ක් පමණය. නවසීලන්තය හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන රසායනික පොහොර ප‍්‍රමාණය කිලෝ 1700කි ලංකාවේ වකුගඩු ප‍්‍රශ්නයට හේතුව වී ඇත්තේ් රසායන පොහොර හා රසායන පළිබෝධනාශක වේ නම් ලංකාවට වැඩියෙන් 34 ගුණයක් රසායන පොහොර පාවිච්චි කරන නවසීලන්තයට වකුගඩු ප‍්‍රශ්නයක් නාවේ ඇයිද යන්න එම මහාචාර්යවරයා නගන මූලික ප‍්‍රශ්නයකි. මේ ප‍්‍රශ්නයේදී ලංකාවේ කෘෂි විද්‍යාඥයන් දක්වන නිහඬතාව පෙනෙන්නට තිබෙන ලොකුම අවාසනාව ලෙස සැලකිය හැකිය. "
ඔහු රසායනික පොහොර වල සන්කයාලේකන ගැන කතාකරන ආතර කෘමිනාශක වල එම අගය ගැන කතා නොකරයි
විනාඩි 8 කුත් තප්පර 30 අත්හැර බලන්න.
ලෝකයේ කෘමි නාශක පාවිච්චියෙන් හෙක්රයරයක් සදහා එකක 10 පැවතිය යුතු අගය ශ්‍රී ලංකාවේ පාවිච්චිය 187කි මෙය ලෝකයේ වැඩිම කෘමිනාශක බාවිතයයි.
ජැමෙය්කව දෙවැනි තැන ගන්නේ 171 ක් පාවිච්චියෙන් කොස්ටාරිකාව 170කුත් ජපානය 162කුත් එල්සැල්වදෝරය 155 වැනි අගයක් ගන්නවා.
ඔහු ඉතා කපටි ලෙස මෙහි අන්තර්ගතයේ වගකීමෙන් නිදහස් වීමට යොදනලද අපුරු උපක්‍රමය "
කැනඩාවේ ජීවත් වන ලංකාවේ මහාචාර්යවරයෙකු (චන්ද්‍රා ධර්මවර්ධන) මේ ප‍්‍රශ්නය ගැන ලියන ලද ලිපියක් මට කියවන්නට ලැබුණි. "
ලෙස කුලියට ලියන තව මහාචර්ය වරයකු ගේ නමක් මගින් තමනට චෝදනාවක් පැමිණි විට ගැලවීම නිර්මාණය කරගනී.
02.
රාවය උපුටාගැනීම
"කාබනික පොහොර නිපදවීම සඳහා යොදා ගන්නේ විවිධ අසූචි වර්ග, මුත‍්‍රා වර්ග, ශාක කොටස් හා විවිධ අපද්‍රව්‍යයන්ය. ඒ මගින් මීතේන් හා කාබන් ඩයොක්සයිඞ් පරිසරයට මුදාහැරීමක් සිදුවේ. අනෙක් අතට පරිසරය දුගඳ කිරීම හා මැස්සන්ගේ වර්ධනයට එය හේතුවේ. ලංකාව සියලූ කෘෂිකාර්මික කටයුතු සඳහා කාබනික පොහොර යොදාගන්නා තැනකට ගියහොත් විය හැකි ප‍්‍රතිඵලය කුමක්ද? නිපදවන කෘෂි නිෂ්පාදනයේ පරිමාව පහළ වැටෙනු ඇත. කෘෂිකර්මයෙන් උපයාගත හැකි ලාභයද විශාල වශයෙන් පහළ වැටෙනු ඇත. මීතේන්වලින් හා කාබන් ඩයොක්සයිඞ්වලින් පරිසරය මහා පරිමාණයෙන් දූෂණය වනු ඇත. ඒ සමග රට මැස්සන්ගෙන් පිරුණු හා දුගඳ හමන රටක් බවට පත්වනු ඇත."
පුදුමේ කියන්නේ මොහුට ජලයට කෘමිනාශක එක්වීමෙන් ඇතිවන විස වීම පස නිසරුවිමෙන් වන විනාශය ගැන නො තෙරිම්මයි.
මෙවැනි දෙයක් කියන්න පුළුවන් දේශීය කෘෂිකර්මය ගැන මෙලොදෙයක් නොදන්නා මෝඩයකුට හෝ ජනතාව නොමග හරින්න හදන කපටියකුට පමණයි.
මම කිසිවිටකත් වික්ටර් අයිවන් මෝඩයෙක් ලෙස සිතන්නේ නෑ ඔහු ජනතාව නොමගහැරීමට උත්සාහ කරන කපටියෙක් බවනම් මට විස්වාසයි.
පහත දැක්වෙන්නේ ඉන්දියාවේ සොබාවික ගොවිතැන කරන ආකාරයයි. ඔබට පෙනෙනවා ඇති පරිසරය දුගද හමමින් මැස්සන් බහුලව සිටින තැනක් නෙමෙයි මේ පාරිසරික ගොවිතැන,
කොටස 01.
කොටස 2
මෙහිදී ඉන්දියානු ගොවි මහතා කියන්නේ අක්කර 30 සදහා අවශ්‍ය කරන ජීවම් මෘතම් නමැති ශුද්‍ර ජීවි දියරය නිපදවීමට උවමනා වන්නේ එක ගවයකුගේ මුත්‍රා සග ගොම බවයි.
මෙය නිපදවීමට වතුර ලීටර් 200ක බැරලයකට ගොම කිලෝ 10 දමා ගවමුත්රා ලීටර් 10 කුත් කිලෝ 2 ක් ධානය වර්ගයක පිටි (මට මේ කාන්තාව කියන දේ හරියට තෙරුන්නේ නැති නමුත් http://farminginthecity.blogspot.com/2015/04/preparing-jeevamrutham-and-fun-that.html මනින් සොයාහත්ත ) සහ කිලෝ 2කක් සක්කර (හෝ හකුරු ), පස් මිටක් යොදා දවසට තුන්වරක් ඔරලෝසු කටුව කැරකෙන පැත්තට හැදිගාන්න, පය 48 උවමනකරනවා මෙය පිලියල වීමට සහ මේ සකස්කරගත් මිශ්‍රණය අදාළ බෝගය සකසන පොලවට දැමීම සතියක් තුල අවසන් කලයුතුයි.
කුබුරක්නම් අදාළ කුබුරට වතුර සපලන වතුර සමග මිස්රවීමට හරියි.
මිට අමතරව මේ මිනිසුන් නොකියන කතාවක් තියනවා ඒතමයි වික්ටෙර් අයිවන් කියන "
ලංකාවට වැඩියෙන් 34 ගුණයක් රසායන පොහොර පාවිච්චි කරන නවසීලන්තයට වකුගඩු
ප‍්‍රශ්නයක් නාවේ ඇයිද යන්න එම මහාචාර්යවරයා නගන මූලික ප‍්‍රශ්නයකි."
කතාව විශ්ලේෂණය කල යුතු වෙනවා වකුගඩු රෝගවලට හෙතුවන්නේ ආසනික් අද පවන්තින පොහොර සහ කෘමිනාශක වල අදික ලෙස මෙය පවතිනවා, මේ ආසනික් කිවුල් ජලය සමග සංයෝග වූ විටයි වකුගඩු රෝග උත්සන්නව ඇති වන්නේ නමුත් සාමාන්‍ය මට්ටමට් පැවතුනත් විවිද රෝග තත්ව වලට මුහුණ දෙන්න සිදුවෙනවා.
ටිකක් හිතන්න අද පුද්ගලික ආරෝග්‍ය ශාලා සදහා විසාල ඉල්ලුමක් පවතිනවා වගේම වේගයෙන් පුද්ගලික ආරෝග්‍ය ශාලා බිහිවෙනව,අද අපට නව තක්ෂණය ලැබී ඇත්නම් සහ මිනිසුන් රෝග සුව කර ගන්නවානම් පුද්ගලික අංශයට මෙවැනි ඉල්ලුමක් ලැබුනේ කෙසේද ? ඊට ගෙතුව මුළු රටම ලෙඩුන් බවට පරිවර්තනය වෙමින් පවතින බවයි.
මිට වසර 15 ට පෙර කුඩා දරුවන් අතර දියවැඩියාව මෙතරම් නොතිබුණි දැන් අවුරුදු 10 වස්වල දරුවන්ගෙන් 10% දියවැඩියා රෝගින් වුයේ කෙසේද ?
බොහෝදෙනා කියයි ඊට හේතුව දරුවන් ශරීරය වෙහෙසා සෙල්ලම් නොකිරීමයි කියල (එකේ තරමක ඇත්තක් තිබුනත් ) දවසම ශරීරය වෙගෙසන ගොවියන්ටත් මේ රෝග තිබිමෙන් පැහැදිලි වන්නේ මෙය ට ආහාරමය ගෙතුවක් ඇති බවයි
මේවාට මේ සමාගම් වල ඉහල නිලදාරීන් කිසිදු ලැජ්ජාවක් නැතිව බොරුකීමට පෙලබෙයි
මෙහි සිටින්නේ මොන්සේන්ටෝ සමාගමේ ග්ල්ය්ෆොසෙට් ප්‍රවර්දකයෙක් ඔහු කියනවා ඔහු ආර්ජන්ටිනාවේ පිළිකා ඇති වීමට ග්ල්ය්ෆොසෙට් බලපා නැති බවත්, එසේ කියා ඔහු කියනවා ග්ල්ය්ෆොසෙට් කාලක් පමණ බිව්වත් කිසි හානියක් නැතිබව, මේ අවස්ථාවේදී වැඩසටහන් හසුරවන්නා අසනවා අපලග තියනවා ග්ල්ය්ෆොසෙට් ඔබ කැමතිද බිල පෙන්වන්න කියල, ඔහු එකවර කියන්නේ තමන් මෝඩයෙකු නොවන බවයි.
කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට අපට නොහැකියි කාබනික පොහොර නිපදවන්නේ ශුද්‍ර ජිවිනුයි.
අපට හැක්කේ කාබනික ද්‍රව්‍ය සැපයීම පමණයි. මෙහිදී ශ්‍රී ලංකාවට ටොන් ගණනින් කාබනික ද්‍රව්‍ය යෙදීම ප්‍රායෝගික නෑ.
මෙහිදී අප තේරුම් ගතයුතුයි පසේ N P K ලෙස හදුන්වන නයිරජන්, පොස්පරස් සහ පොටෑසියම් මේ ම සුද්‍රජිව් දියරය මගිනුත්, ගිනිසීරියා පත්‍ර වැනි ශාක පත්‍රත් යොදාගන කුබුරට දැමීම කල හැකියි. මෙමගින් උවමනා පොහොර ඕනැතරම් ලබාගත හැකියි.
මෙහිදී අපට කොම්පෝස්ට් පොහොර ටොන්ගනනක් දීමට උවනමා නෑ, මෙහි වැදගත් කම වනේ අදාළ පසේ සුද්‍රජිවී ක්‍රියාකාරිත්වය පටන්ගත් විට සහ දේශීය බිජ යොදාගැනේ නම් ලැබෙන අස්වැන්න රසායනික පොහොර දමා විනාශකරන ලද පසකින් ලැබෙන අස්වැන්නට වඩා බෙහෙවින් වැඩි බවයි.
මෙහිදී අප බිජ ගැන දැනුවත් වියයුත්තේ අද මහාපරිමාණයෙන් පවතින බිජ නිපදාවා
ඇත්තේ මොන්සේන්ටෝ සමාගම සහ වෙනත් බිජ නිපදවන බහුජාතික සමාගම් වලිනුයි. (අද
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇත්තෙත් බොහෝවිට මේ බිජයි ) මෙනිසා මේ දේශීය බිජ වගාවට
සොයාහැනීම බෙහෙවින් අපහසු වැඩකි.
දැනට තිබෙන ජාන වෙනස් කල බිජ සදහා වැඩි වතුර ප්‍රමාණයකුත් අදික වසවිස ප්‍රමාණයකුත් උවමනා වෙනවා යම්විදියකින් මේ බිජ කාබනික පොහොර යොදා වවන්න ගියොත් අන්තිම අසාර්ථකයි.
මේ හේතුව නිසා පැරණි දේශීය බිජ අපට උවමනා වෙනව මේවාගේ ගුණයත් අස්වැන්නත් අදික වන ආතර කෘමි හානි අවමයි යම් කෘමි හානියක් පැමිණියොත් කොහොබ වැනි ශාක වලින් සකස්කරන ලද දියරයක් ඉසීම ප්‍රමාණවත්, මේ ගොයම් ගසුත් විශාලයි මෙනිසා වල් පල වලින් හානි සිදුවෙන්නේ නෑ
03.
ඉහත දැක්වෙන්නේ අර්සනික් මගින් වන විනාශය ගැන පැහැදිලි කරන දේශනයක් බොහෝදෙනා මෙවැනි පැය ගණන් වන දේශනා ඇසීමට ප්‍රිය නෑ, හේතු කීපයක් මත 01. Data ඉවරවෙයි කියන බයට සහ 02. කාලය පිළිබද ප්‍රශ්නයට.
මටනම් Data ගැන ලොකු කරදරයක් නැතත් කාලය ගැන ප්‍රශ්නයක් තියනවා හැබැයි මම ඔබ බොහෝදෙනා අනුගමනය කරන ක්‍රම වලට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චිකරනවා කාලය සොයාගැනීමට, මම බොහෝවිට රුපවාහිනි බැලීම වසර 20 ක පමණ සිට නොකරන ආතර වැදගත්ම වැඩසටහන් බලන්නේ youtube වලට දමල තියනවනම් පමණයි.
මේ ක්‍රමය නිසා ඕන දේත් එපා දේත් බැලීම ට මට සිදුවෙන්නේ නෑ.
දැන් නැවතත් මාතෘකාවට යොමුවුනොත් මේ වැඩසටහනේ ඉතා වැදගත් දෙයක් Dr
Andrea Foster (
මෙහිදී වැදගත් කරුණු කීපයක් පෙන්වාදෙනවා බලන්න 57.19 (විනාඩි 75කුත් ත්ප්පර 19 )
කියනවා සමහර පැළෑටි තියනවා ආසනික් අදාළ පැලයට උරාගන්නවා තවදුරටත් 01:00:38
(පැය 1 තප්පර 38 දී ) අසන්නේ ආසනික අන්තර්ගත කෘමිනාශක පාවිච්චි කරනවා
කොහොමද එතකොටඉවත්කරන්නේ කියල මෙහිදී ඇය පිලිගන්නවා ඇමරිකාවේ වෙනත්
කොටසක මෙය පාවිච්චි කලත් හැමතැනම පාවිච්චි නොකරන බව, දැන් ශ්‍රී ලංකාවට අදාළ
මෙන්න මේ කොටසයි මොකද ආසියාවේ රටක් වන අපි මේ අසනික් අඩංගු කෘමිනාශක
පාවිච්චි කරනවා.
මිට අමතර මේ දේශනයෙන් කියවුනා ආසනික් පොලවේ විවිද ආකාරයෙන් තිබෙන බවත් මේ අසනික් අපට
හානි නොකරන බවත් නමුත් සමහර රසායනික ක්‍රියාවලි නිසා අවුරුදු දහස් ගණනක් පොලව
තුල තියන ආසනික් ජලයට දියවිය හැකි බවත්, මේ රසායනික ක්‍රියාවලි ඇතිවීමට අප පසට
එක්කරන කෘමිනාශක කොතරම් හේතුවී ඇද්ද යන්න කිසිදු පර්යේෂණයක් මෙවනත්ක් රජය
සිදුනොකරයි.
ඉහත අබියෝගය ජයගත හැකිනම් අපට මේ වසකන ජිවනක්ර්මය නැතිකර් ගැනීමට හැකියි.