Monday, December 28, 2015

මධ්‍යස්ථ මතධාරියා ගේ සමුගැනීම



මෙය ලියන්න හිතුනේ මෙම බ්ලොග් අවකාශය තුල හරවත් යමක් ඉදිරිපත් කල බ්ලොග් කරුවකුගේ සමුගැනීම ගැන මට සිතෙන දෙය විස්තර කිරීමටයි.
ඇත්තටම අද සමාජය ගැන බැලුවහම ඉනිසුන් සිදුකරන්නේ රැල්ලට යාමයි, මෙම රැලි නිර්මාණය කරන්නේ ඉතා උගත් වගේම මිනිස් මනස පිළිබද පුළුල් අවබෝදය සහිත වියාපාරික පැලැන්තියක්, ඔවුන්ට උවමනා සිතන්න බැරි මිනිසුන් සමුහයක්, මෙය සිදුවන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නෙමයි ලෝකයේ ඇමරිකාව වැනි දියුණු රටවල සිදුවෙනවා.

මේ ක්‍රියාවලිය ඉතා සාර්ථකයි අද සමාජය මුළුමනින්ම ක්‍රියාත්මක වන තත්වයට පැමිණ අවසන්. අද ඉතුරුවෙලා ඉන්නේ හිතන්න පුළුවන් මිනිසුන් ගෙන් ඉතා සුළුතරයක් පමණයි ඔවුන් කට ඇරියම  මධ්‍යස්ථ'ට වෙච්ච දෙය තමයි වෙන්නේ (මෙය වෙන්නෙත් අදාළ අඩවිය ජනප්‍රිය වීම ඇරබු විට බවයි මගේ අදහස )     

මෙහිදී මධ්‍යස්ථ මතධාරියා සමග එකග නොවන තැනුත් පවතින බව කිවයුතුයි "බටහිර නොවන සංස්කෘති එහිදී හෙළා දකිනු ලැබේ." ඇත්තටම සිංහල රජබස කල S. W. R. D. Bandaranaike ක ගැන රසිකගේ අඩවියේ http://rasikalogy.blogspot.com/2015/12/daya-pathirana-end.html (Lankika Sithuwili29 December 2015 at 14:41) කොමෙන්ටුවකින් සදහන් කළා.

මෙහිදී මා පෙන්වා දුන්නේ සිංහල ජාතිය ගැන කතාකරමින් සිදුකරන ලද මහා රැවටීම ගැන කියන්නයි.

ඔබ හිතන බුධිමත් සංවාද කලකට මේ බ්ලොග් අවකාශයේ ඇති නොවනු ඇති, මගේ නම් මුලික අරමුණ ඉදිරිපත් කරන කරුණු වලින් කීප දෙනෙක් වත් කරුණු සොයන පුද්ගලයන් බවට පත් කිරීමයි, දැනට මට ඇනෝ ප්‍රහාර නොලැබී ඇත්තේ මේ අඩවිය ජනප්ප්‍රිය නොවී ඇති නිසා බවයි මගේ අදහස.
ඉදිරියදී තෙවැනි ප්ර්ශවයකට අපහාසයක් වෙන කොමන්ටු දැමීමකදී හෝ අසබ්ය වචන භාවිතයක් සිදුඋනොත් හැර කුමන හෝ පුද්ගලික මඩ ගැසීමක් සිදු වුනෝත් හැර  මා එය වාරණය නොකරමි.

සංවාද ගැන කීමේදී කිවයුතු යමක් තිබෙනවා, එනම් බොහෝ අය කොමෙන්ටුවක් එකතු කිරීමට බොහෝ කල් යනවා, මේ ලියන මමත් වසර කීපයක් බොහෝ බ්ලෝග් කියවා ඇතත් කොමෙන්ට් කිරීමට පෙලබුනේ  කාලයකට පසුවයි.

ඉතින් මම සිතනවා බොහෝ අය මෙම ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්නවා.

මම හිතන්නේ ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබ පුද්ගලිකව අනෙක් අය හදුනාගන ඇති නිසයි, මගේ යෝජනාවනම් ලියන දෙයක් අන්වර්ථ නාමයකින් ලියන්න ඔබේ අදහස ලෝකයට ලබාදෙන්න කිසිවිටක පුද්ගලික සම්බන්ධතා ගොඩනගා ගන්න එපා, මෙම බ්ලෝගය ඔබ ලියන බව කියන්න එපා මෙමගින් ඔබට පහසුවෙන් මෙය කළහැකි අතර මානසික පීඩනයක් ඇති නොවනු ඇති.

මම මෙතක් මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන අතර මටම පනවගෙන ඇති වාරණයක් නම් අන්වර්ථ නාමයකින් ලියන නිසා කිසිවෙකුට පුද්ගලිකව අපහාස නොකිරීමයි.

අවසාන ලෙස කිව හැක්කේ මෝඩයන් බොහෝ සිටියත් නුවන ඇති අය ටිකක් හෝ  සිටින බවයි, පරමාර්ථය වියයුත්තේ විමර්ශානාත්මකව සිතන මිනිසකු ඇති කිරීමට උදව් වීමයි.                 

17 comments:

  1. යකාගේ අඩවිය ලියන ලද මධ්‍යස්ථ මතධාරියකු යනුවෙන් තමන්ම හදුන්වා ගන්නා පුද්ගලයකු අනුන්ගේ විවේචනයන් හා රලු අදහස් දැක්වීම් ඉවසා ගැනීමට නොහැකිව තමන්ගේ ලිවීම අවසන් කර ඇත.
    එමෙන්ම තමන් බොලොග් ලීවීමට පැමීණියේ තමන්ගේ අවශ්‍යතාවයක් නිසානම් ඒ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැත්නම් ඉන් ඉවත්වීම යහපත්ය. එහෙත් අනෙක් සමහරක් පුද්ගලයින් බොලොග් ලියන්නේ සල්ලි වලට අරක්කු වලට මමනම් එහෙම නැත කියා ලිවිමේ තේරුමක් නැත. මෙය මධ්‍යස්ථ මතධාරියාට පමණක් අදාල නැත අනෙක් අයටද අදාලය.
    කට්ටියම තමන්ගේ කාලය කුමක් හෝ තමන්ගේ අවශ්‍යතාවයක් නිසා තමයි බොලොග් ලියන්න හෝ කොමෙන්ට් ලියන්න පෙලබෙන්නේ. සමහරුන් යාලුවො හදා ගන්න, සමහරු සමාජය හදන්න, සමහරු මුදල් හොයන්න නැත්නම් අරක්කු බොන්න නැත්නම් හිතේ සතුටට එහෙමත් නැත්නම් තමන්ට යමක් කරන්න පුලුවන්ද කියල බලන්න වගේ වෙන මොකක් හරි දෙයකට.
    තමන් ලියන අරමුණ අනුව තමන්ට අදාල පරිදි කටයුතු කරනවනම් බොලොග් වලට තෑගි දෙනවද, බොලොග් ලියන මිනිස්සු එකතුවෙලා වෙන වැඩ කරනවද කියන එක අදාල නැහැ.තමන්ගේ වැඩේ කලානම් ඉවරයි.
    දෙවන කරුණනම් කවුරු මොනවා කමේන්ට් කලද තමාගේ අදහස එයින් වෙනස් නොවේ. කමේන්ට් අවශ්‍යනම් ඉවත්කල හැකි අතර ඉවත් කිරීමට අවශ්‍ය නැත්නම් ඒ අයුරින්ම තැබුවාය කියා බොලොග් එක ලියන එකාට මුකුත් වෙන්නේ නැතිය. එමෙන්ම වෙන කවුරුවත් තමන් වෙනුවෙන් පෙනි සිටිමක් මමනම් සිතන පරිදි කිසිවකුගෙන් බලාපොරොත්තුවිය යුතු නැත

    ReplyDelete
    Replies
    1. යකාගේ අඩවියේ ලියන ලද සමහරක් කරුණු සම්බන්ධව පමණක් මම එකග වෙමි. සමහර කරුණු සම්බන්ධයෙන් එකගවීමට නොහැකිය

      තවත් කිව යුතුම දෙයක් ඇත.

      කිසිවකු විසින් යමක් ලියා අවසන් කර ප්‍රසිද්ධ කල පසු ඒ පිලිබදව තමන්ගේ පේටන්ට් අයිතිය ලබා ගැනීමට මම විරුද්ධය. අපගේ අදහස වෙන අයකු තමන්ගේ සේ ලියුවාට මටනම් අවුලක් නැත. අපි ලියන වචන වල, අකුරුවල පේටන්ට් අයිතිය කිසිවකු විසින් ලබාගෙන තිබුනේනම් අපිට කිසිදු වචනයක්, අකුරක් ඔවුන්ගේ අවසරයකින් තොරව ලිවිමට නොහැකිය.

      Delete
    2. ප්‍රදීප් මංගල,

      මෙහිදී ඉතා වැදගත් පාඩමක් අපි ඉගනගත යුතුයි. එනම් අපි කැමති උනත් නැතත් මිනිසුන් විවේචනය කිරීමයි, ප්‍රශ්නය පැනනගින්නේ අපි ප්‍රතිරූපයක් ඇතිකරගෙන ඇත්නම් පමණයි, මොකද ඔබ අන්වර්ථ නාමයකින් ලිපි ලිව්වත් ඔබ මෙය ලියන්නේ ඔබ බව අන් අයට හදුන්වා දුන්නෝත්, විවේචන ඉදිරියේ ඔබ පිඩනයට පත්වෙනු ඇති, මෙය ලියන මටත් කියවන ඔබටත් පොදුයි මොකද අප තුල කෙලෙස් තිබීමයි.

      මා අන්වර්ථ නාමයකින් ලිවීමට මුලික වූ හේතුව ඉහත කියපු පුද්ගලික අපහස වලට මුහුණ දීමට නොහැකි කම නෙමෙයි, මා ඉදිරිපත් කරන්න බල්ලපොරොත්තු වන කරුණු මගේ පුද්ගලික ආරක්ෂාවට හොද නැති නිසා, නමුත් මෙනිසා මට අතිරේක ලාබයක් ඇති උනා එනම් චරිත ඝාතනය කිරීම නිසා මට ඇතිවිය හැකිව තියන අපහසුව සහ පීඩනය මග හැරීමයි.

      //යකාගේ අඩවියේ ලියන ලද සමහරක් කරුණු සම්බන්ධව පමණක් මම එකග වෙමි. සමහර කරුණු සම්බන්ධයෙන් එකගවීමට නොහැකිය//
      මෙය තමයි බුද්ධිමත් සංවාදයක් කියල කියන්නේ එහෙම නැතුව සියල්ල පිලිගත්තනම් හෝ ප්‍රතික්ෂේප කලානම් කෝ සංවාදයක් ?

      //කිසිවකු විසින් යමක් ලියා අවසන් කර ප්‍රසිද්ධ කල පසු ඒ පිලිබදව තමන්ගේ පේටන්ට් අයිතිය ලබා ගැනීමට මම විරුද්ධය.//

      අපි ඉදිරිපත් කරන බොහෝ කරුණු අපි නිර්මාණය කල ඒවා නොවෙයි උදාහරණ මා ලියන සියලු ලිපි බොහෝ ඉංග්‍රීසියෙන් හෝ සිංහල භාෂාවෙන් ලියවුන අනුන්නේ දැනුමයි, නමුත් මෙහිදී මාදකින දෙය පෙන්වීමට උත්සහ කරමි. ඉදිරියේ දීර්ග ලිපියක් ලියන්න සැලසුම් කරනවා ජෝන් ඩී. රොකෆෙලර් පිලිබදව මේගැන සිංහලෙන් ලිපි ලියා ඇති අරුණි ශිප්රෝ ගේ ලිපියත් මා ලියන ලිපියත් අතර බොහෝ පරස්පරතා ඇති නමුත් මේ සංසන්දනය බොහෝ අයට අලුතින් හිතන්න යමක් ඉතිරි වේවි.

      වැදගත්ම දෙය තමාට ඇති විවේක කාලයේදී පහසුවෙන් තම අදහස ඉදිරිපත් කිරීමයි.

      Delete
  2. මම හිතන්නේ ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබ පුද්ගලිකව අනෙක් අය හදුනාගන ඇති නිසයි, මගේ යෝජනාවනම් ලියන දෙයක් අන්වර්ථ නාමයකින් ලියන්න ඔබේ අදහස ලෝකයට ලබාදෙන්න කිසිවිටක පුද්ගලික සම්බන්ධතා ගොඩනගා ගන්න එපා, මෙම බ්ලෝගය ඔබ ලියන බව කියන්න එපා මෙමගින් ඔබට පහසුවෙන් මෙය කළහැකි අතර මානසික පීඩනයක් ඇති නොවනු ඇති. //

    අන්වර්ථ නමකින් බ්ලොග් එකක් කරනවානම් අහවල් බ්ලොග් එක කරන්නෙ තමන්ය කියා කිය කිය ඇවිදින්න ඕන නෑ. රහස් කියල දෙයක් නෑ. යමක් රහසක් වෙන්නෙ ඒක තමන් විතරක් දන්නවානම් පමනයි.
    කාගෙන්වත් යමක් බලාපොරොත්තු වෙන්න ඕනත් නෑ.
    තමන් බලාපොරොත්තු වුන දේ ඉෂ්ට නොවෙනවනම් ඒ වැඩේ අත ඇරල දාන එකතමයි කරන්න ඕන.
    රැල්ලට එරෙහිව පීනන කොට රළු ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න ඕන. අලුත් දෙයක් දෙන අයට තමා කවදත් පහර වදින්නෙ. හුරේ දාන ගොම්පස් අල්ලන අයට කවදත් අවුලක් නෑ.
    කලාතුරකින් බ්ලොග් එකක තමා කියවන්න වටින දෙයක් තියෙන්නෙ .වැඩිපුරම තියෙන්නෙ පුරසාරම් තමයි.
    බ්ලොග් ලියන්නෙත් කොමෙන්ට් කරන්නෙත් එකම පිරිසක්. එකිනෙකා හදුනනවා . කුඩා සංවිධානයක් වගෙ දෙයක්.ඒ ගොල්ලොම ලියල ඒ ගොල්ලොම කියවනව. සංවිධානය වෙලා නිර්නාමික කොමෙන්ට් දානව. පිටින් කවුරුහරි ආවොත් ඌට හපනව.
    සමහර අය බ්ලොග් හත අට ලියනවා.

    ReplyDelete
    Replies
    1. සිව්වෙනි මානය,

      ඇත්තටම මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා, ඒතමයි වාර්ෂිකව පවත් වන අවුරුදු උත්සව සහ බ්ලොග් සම්මාන වැනි දේවලට බොහෝ අය පුද්ගලිකව හදුනාගත හැකි වෙනවා. මේ නිසා බොහෝ අය එකිනෙකා දන්නවා. බොහෝදෙනා ලියන කරුනුත් එතරම් ආන්දෝලනාත්මක නැත්නම් පුද්ගලිකව අදුරගැනීමේ වැඩි ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නය ඇත්තේ මිනිසුන් ලෙස ඉන්පසු විවේචනය වීමේදී අපේ මමත්වයට දැඩි ලෙස හානි වෙනවා පමණක් නෙමෙයි ඉදිරියේදී ඔබට නිදහසේ ආන්දෝලනාත්මක කරුණු ඉදිරිපත් කල නොහැකි වෙනවා.

      මෙය ලියන මා බොහෝවිට ඉතා තදින්ම අන්වර්ථ නාමයක් මගින් ලිවිම අනුගමනය කරනවා මිට අමතරව http://lankasithuwili.blogspot.com/2015/12/how-to-protect-your-anonymity-online.html අනුගමනය කරන විදි අනුව කිසිවිටක මා කවුදැයි අනාවරණය නොවනු ඇති, මුලින් ආරක්ෂාව ගැන සිතා මෙය කලත් අතිරේක වාසියක් ඇති උනා එනම් කවුරු අපහාස උපහාස කලත් එය මට බරක් නොවීමයි.

      Delete
    2. //කලාතුරකින් බ්ලොග් එකක තමා කියවන්න වටින දෙයක් තියෙන්නෙ .වැඩිපුරම තියෙන්නෙ පුරසාරම් තමයි.
      බ්ලොග් ලියන්නෙත් කොමෙන්ට් කරන්නෙත් එකම පිරිසක්. එකිනෙකා හදුනනවා . කුඩා සංවිධානයක් වගෙ දෙයක්.ඒ ගොල්ලොම ලියල ඒ ගොල්ලොම කියවනව. සංවිධානය වෙලා නිර්නාමික කොමෙන්ට් දානව. පිටින් කවුරුහරි ආවොත් ඌට හපනව.
      සමහර අය බ්ලොග් හත අට ලියනවා.// පොඩි ඇරියස් එකක් තියෙනවා වගේ. එක්කෝ ඔබතුමා තුමිය බ්ලොග් කියලා කියවන්නේ බොහොම සීමිත දෙක තුනක්. :) මටනම් අනිත් මාධ්‍ය වලට සාපේක්ෂව බ්ලොග් හරහා කාලින සිදුවීම් විතරක් නෙවෙයි වෙනත් ඕනෑම මාතෘකාවක් ඔස්සේ සැහෙන්න හොඳ විචාර/ අදහස් උදහස් කියවන්න වගේම ඒ ගැන මගේ අදහස් ඉදිරිපත් කරන්නත් හොඳ වේදිකාවක් හමුවෙලා තියෙනවා.

      Delete
    3. කල්‍යාණ මිත්‍ර,

      බ්ලොග් කියන්නේ රටේ නිදහස් අදහස් එළිදැක්වීමට ඇතිවුන වැදගත්ම මෙවලම් ලෙසයි මම දකින්නේ.
      මේවාට ලියන පුද්ගලයන්ට විවිද පුද්ගලික අදහස් තියෙන්න පුළුවන් නමුත් එක දෙයක් පැහැදිලියි කිසියම්
      පුද්ගලයකු තමාට වාසිදායක යමක් පමණක් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නවානම් එය හදුනා ගැනීමටත් එය විවේචනය
      කිරීමටත් පිරිසක් මෙහි සිටිනවා.

      Delete
  3. බ්ලොග් ලියන්නේ තමන්ගේ තෘප්තියට විනෝදාංශයක් ලෙස නේද? පාඨකයන් සිටීමෙන් ඒ තෘප්තිය වැඩිවෙනවා.

    ඒ හැරෙන්නට බ්ලොග්වල clique,කවුරු කාත් එක්ක යාලුද තරහද, සම්මාන දෙනවද, සමාජයීය වැඩ ආදිය කැමතිනම් හා කුතුහලයක් ඇත්නම් සලකන්න පුලුවන් එහෙත් ඒවා තමන්ට කලකිරීමක් දැනන තරමට සීරියස් වෙන්නේ මොකටද? සයිබර් අවකාශය නිදහස් තැනක් නේද? තමන් තමන්ට ඕනෑ විදිහට ඉඳලා අනුන් ඉන්න විදිහත් බලලා ඕනෙම නම් විවේචනත් කරලා ඉන්න පුලුවන් නේ. මොකටද සීරියස් අප්සෙට් යන්නේ ඕවට?

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      මම එකයි කිව්වේ මෙය කිසිවිටකත් පුද්ගලිකව ගතයුතු දෙයක් නෙමෙයි.
      අපි අවන්කව කිසිවක් බලාපොරොත්තු උනේ නැත්නම් අපි කණගාටු වියයුත්තේ නෑ.

      මා මෙය ලියන්නේ අඩු ගානේ මිනිසුන් 10ට වත් අලුතින් හිතන්න පෙලබවිමට මිස මා කියන දෙය ඔවුන් පිළිගතයුතු බව සිතා නෙමෙයි.

      Delete
  4. මධ්‍යස්තයා අන්තිමට හෙන පිස්සුවක් නේ කෙලියේ මටනම් හිතුනෙම මූට වෙන මොකක් හරි අවුලක් කියලා..
    ඌ මගේ 'වසරේ බ්ලොග්කරු' නොමිනේෂන් අතර හිටපු එකෙක්.. එහෙම උනේ ඌ ඊයේ පෙරේද වෙනකම් බ්ලොග් වලදී දක්වපු වටිනා ක්‍රියාශීලි හා 'මධ්‍යස්ත' දායකත්වය නිසා. මෙහෙම පිස්සුවක් හැදිලා අතුරුදහන් උණු එකනම් 'යකාගේ වැඩක්'

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර,

      මම නම් හිතනවා වෙන අන්වර්ථ නාමයකින් වත් ඔහුගේ අදහස් ලබාදෙනවානම් හොදයි කියල.
      ඔහුගේ සියලු අදහස් මා පිලි නොගත්තත් වටිනා අදහස් ඔහුගේ ලිපිවලින් ගත හැකිව තිබුන

      Delete
  5. අපි මොනවා කිව්වත් ඌට උගේ මතය කියන්න තියෙන තැන ඌගේ බ්ලොග් එක.. ඒක වහනවා කියන්නේ ඌගේ හැකියාව ඌම නැති කර ගන්නවා කියන එක.

    මොකා මොනවා කිව්වත් තමන්ගේ මතය ලියා තැබිය යුතුයි. ඒකට හොඳම තැන තමයි බ්ලොග් එක. අපිට මක්කත් කියන්න බෑ.. තීරණය ඔහු සතුයි..

    ReplyDelete
    Replies
    1. මාතා,

      කෙනෙක්ට මතයක් ඉදිරිපත් කලහැකියි, මෙහි වටිනාකම ඇත්තේ මෙය පිළිගන්නා පිරිස නිසා නෙවෙයි, සමාජයේ බහුතරයක් සිතන්න පෙලබවිමට අප හැමටම විවිද පලදායි එකතු කිරීම කලහැකියි. බ්ලොග් එකක් කියන්නේ නුතන ලෝකයේ මිනුසුන්ට ලැබුන එවැනි වටිනා දොරටුවක්.

      Delete
  6. බ්ලොග් එක වහන්න ගෙනාපු උගේ සමහර තර්ක තාර්කික වුවත් බොහෝ ඒවා මනස්ගාත...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      අපි දැනගත යුතුයි මේ සමාජය විෂම බව, මිනිසුන් ලෙස අපේ පුද්ගලිකත්වයට පහර වදින විට
      මානසිකව පිඩනයට පත්වීම මිනිසුන් වන අපට පොදුයි, අන්වර්ථ නාමයකින් දිගටම අදහස් ලිව්වනම්
      මෙවැනි පීඩනයකට පත් නොවීමට ඉඩ තිබුන.

      Delete
  7. අපරාදෙ..
    ඔබේ ලිපියට,
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බ,

      හිතනවා මෙය යකාගේ අවසානය නොවන බව, ඉදිරියට වෙන දිස්ටියකින් ඔහුගේ අදහස් අපට ලබාදෙවා කියල ප්‍රර්ථනා කරනවා.
      යකා මෙය කියවනවානම් http://lankasithuwili.blogspot.com/2015/12/how-to-protect-your-anonymity-online.html

      ලිපිය වැදගත් වෙනු ඇති. කිසිවෙකුට හසු නොවී කිසිවෙකුට අපහාස නොකර කිසිදු පීඩනයකින් තොරව විවේකිව ඔබේ අදහස් ඉදිරිපත් කරන ලෙස ආරාදනා කරනවා සැමට සුබ 2016 වේවා!

      Delete