Saturday, December 12, 2015

ශ්‍රී ලංකාවේ ඉදිරි මාස 6 දී



පහත දැක්වෙන්නේ lankatruth (ජනතා විමුක්ති පෙරමුණ පවත්වාගන යන අඩවියක තොරතුරුයි )
"කෙළින්ම ඇත්ත කියන්න... එ.ජා.පය ඇමතීන්ට උපදෙස් දීලා
පවතින ආර්ථික අර්බුදය ප‍්‍රකාශ කෙරෙන සංඛ්‍යාලේඛන දත්ත හෙළි කරමින්, ආර්ථික සහ වෙනත් දේශපාලන කරුණුවල දී සෘජු පිළිතුරු ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට සහ ඇමතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව හෙළි වේ
."
http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17151:2015-12-12-01-46-05&catid=36:2011-10-17-04-27-38&Itemid=72


මිට අනුව රජය මහජනයා දැනුවත් කිරීම දැම්මම  පටන්ගෙන ඇති බවයි. අප රට පවතින්නේ ඉතා අවදානම් තත්වයකයි හරියට බැලුවොත් අපට ඇත්තේ 6 මාසයකට ආනයන වලට පමාණවත් විදේශ සන්චිතයි.

රජයේ උසස් නිලදරින්ටත් දොස්තර වරුන්ටත් නිකුත් කරන වාහන බලපත්‍ර සදහා වාහන ශ්‍රී ලංකාවට ආනයනය කලවිට මේ සංචිත ප්‍රමාණයත් පිරිහීමට ලක්වනු ඇති.

මිට අමතරව බදු වැඩිකර ගැනීමට කල විවිද යෝජනා අකුලාගනිමත් දැකිය හැකියි.

අද වනවිට අපට ජපානයෙන් හෝ චීනයෙන් ණය මුදලක් ලබාගැනීමේ අපහසු මට්ටමට පැමිණ ඇත.

අයවැයට අන්තර්ගත බොහෝ යෝජනා රවී කරුණානායක මහතා ඉදිරිපත් කල යෝජනා ලෙස දකින්න ලැබුනත් ඒවා බොහොමයක් ලෝක බැංකුවේ යෝජනා බව ඔබ කල්පනාවෙන් තොරතුරු සෙවීමේ දී පැහැදිලි වනු ඇති.

ඇත්තෙන්ම එසේ උනත් මෙහි සාධනීය පැතිත් පවතී. උදාහරණ ඩිජිටල් හැදුනුම් පත මේ මගින් මින් පසු පුද්ගලයකු ලබන සියලු ආදායම සොයාගත හැකි අතර ඔහු විසින් කරන සියලු වියදම් ගැන විස්තර සොයාගනු ඇති.

මෙහිදී කිසියම් පුද්ගලයකු ගේ ආදායම වසරකට  ලක්ෂ 25 සිමාව ඉක්මවාගිය වහාම ඔහුව බදු දැලට අසුවනු ඇති.
මේ නිසා සියලු දෙනා තම වියදම් ආදායමෙන්  අඩුකරගැනීමට වැඩිවැඩියෙන් ණයපත් මගින් ගනුදෙනු කරන අතර මුදල් භාවිතය අවම කරනු ඇති.

මේ නිසා වැඩි පිරිසක් බදු බර උසුලනු ලබන අතර මෙය ආර්ථිකයට ඉතා හොද ප්‍රවනතාවක් ලෙස සිදුවුනත් මෙම අයවැය තුල සීනි තවරන ලද වස පවතින බව බොහෝ දෙනා තේරුම් ගෙන නැත.

අයවැයේ මතුවූ අදහසක් නම් අපේ රටේ "විනිමය නීති ඉතා ගොරෝසු බවයි" මේ කිව්වේ කුමක්දැයි බොහෝදෙනාට නොවටහෙනු ඇති.

මෙය හරියට අලියන හිල් තිබියදී කූබි යන ගුල් වැසීම වැනි දෙයකුයි.

මෙය පැහැදිලි කරගැනීමට අද විනිමය ලෝකයේ පවතින නවීනතම තක්ෂණික උපක්‍රමයක් ගැන සාලකා බලමු.

Bitcoin  " Bitcoin is a digital asset and a payment system invented by Satoshi Nakamoto who published the invention in 2008and released it as open-source software in 2009.The system is peer-to-peer; users can transact directly without needing an intermediary. Transactions are verified by network nodes and recorded in a public distributed ledger called the block chain.The ledger uses bitcoin as its unit of account"

බිට්කොයින්  මෙය ඩිගිටල් වත්කමක් සහ ගෙවීම් මාද්‍යක් වන අතර නිර්මාණය කල බව සදහන් වන්නේ Satoshi Nakamoto නමැති අන්වර්ථ නාමය ඇති පුද්ගලයකුයි මෙම මෘදුකාංගය open-source ගණයට වැටෙන බලපත්‍රයකින් නිකුත් කරන අතර ඕනෑම පුද්ගලයකුට මෙහි පවතින කේතය කියවිය හැකි නිසා වංචාවක් සිදුකල හැකි අයුරින් මෙය බාවිතා කල නොහැකියි තවද මෙහි හුවමාරු විදික්ක්රමය  "peer-to-peer" පරිගණක දෙකක් අතර "encrypt" ආරක්‍ෂිත කේත යොදා සිදුකරන නිසා යම් පුද්ගලයකු සතුව කොපමණ  බිට්කොයින්  තිබේදැයි සොයා ගත නොහැකියි.

අද වනවිට http://www.oanda.com/currency/converter/
Bitcoin1   = රුපියල් 60,390

මා මෙපිලිබද වසර 3 පමණ පෙර දැනගත් විට සිතුනේ මෙය තවත් ප්‍රෝඩාවක් වනු ඇති බවයි මෙය වසර 2 ට පමණ පෙර බිට්කොයින්1  ඩොලර් 1000පමණ ගිය අතර එවිට මට සිතුනේ වැඩිකල් නොගොස් මෙය ඇමරිකානු රජය විසින් තහනම් කරනු ඇති බවයි.

නමුත් පුදුමයකට වගේ ලොව පුරා ATM මගින් අදාළ මුදලට මාරුකරන තක්ෂණය එමින් පවතී




Bitcoin ජනප්ප්‍රිය වීමට කාරනා කීපයක් බලපෑවා.

01. ඇතිකළ හැකි  මුලු Bitcoin ප්‍රමාණය සිමා සහිත වීම.
02. අලුතින්  Bitcoin පිළිගන්නා වියාපාර පටන්ගැනීම.

මෙය තමයි මං හිතන්නේ මෙය ජනප්ප්රිය වීම සහ විශ්වාසය ඇති වීමට මුලික හේතුව උනේ.
හිතන්න ඔබ කඩ හිමියකු කියා ඔබ ඔබේ ගනුදෙනු කරුවන්ට කියනවා ඔබ Bitcoin මගින මුදල් ගෙවීම බාරගන්නවා කියල, දැන් ඔබ හිතන්න ඔබ   Bitcoin ප්‍රමාණයක් තබාගත් විට ඔබට අවදානමක් දැරීමට සිදුවනවා (යම් විදියකින් Bitcoin වල අගය අඩු වුනෝත් ඔබ විශාල පාඩුවක් ලබනු ඇති ) මෙය ට විසදුමක් ලෙස සිදුවුයේ අදාළ ගනුදෙනු කරුවා Bitcoin වලින් ගෙවූ වහාම ඔබට ඇමරිකානු ඩොලර් වලට පරිවර්තනය වී බැංකු ගත වීමේ තක්ෂණය ඇතිවීමයි.

03. වෙන විනිමය මෙන් නෙමෙයි මෙහිදී තුන්වැනි ප්ර්ශවයකට කොමිස් මුදල් ගෙවීම අවමයි.
04. මේ කරුණ නිසයි මම මේ ගැන කිව්වේ එනම් Bitcoin පාවිච්චියෙන් ඔබට බදු ගෙවීමෙන් වැළකිය සිටිය හැකියි.

අපේ සාකච්චාවට වැදගත් මෙහි 4 වැනි කරුණයි, යම් විටක ශ්‍රී ලංකාවේ විනිමය නීති ලිහිල් කලොත් සිදුවන්නේ රටේ ධනපතියන් සහ දෙසපල්න්යයන් රටේ විනිමය Bitcoin වැනි තක්ෂණ ඔස්සේ රටින් පිට කිරීමයි.

පසුගිය වසර වල Bitcoin වල දියුණුව ගැන සිතීමේදී මට වැටහුණු කරුණක් නියනවා (මෙය වැරදි විය හැකියි ) එනම් ඇමරිකානු රජය Bitcoin සදහා දක්වපු ඇල්මැරුණු සැලකිල්ලයි, මන්ද Bitcoin යනු ඇමරිකානු ඩොලරයට අබියෝගයක් වන ගෙවීම් මාද්‍යක් වීමයි නමුත් ඇමරිකාව මෙය තහනම් කිරීමට කිසිවිට පෙලබුනේ නෑ. ඒ වෙනුවට මෙය ලෝකය පුරා ප්‍රචලිත උනා.

මිට හේතු වන කාරනා කීපයක් තිබෙනවා ඇමරිකාවේ කොන්ග්‍රසයේ නීතියක් සම්මතවිමේදී විවිද පාර්ශව කරුවන් (lobby) මගින් රටේ නිතිය තම ආයතනයේ උවමනාව පරිදි වෙනස් කරගැනීමට හැකියාව පවතිනවා
         
  මට වැටහෙන ආකාරයට ලොව බලවත් රටවල් වල සිටින බලවත් වියාපාරිකයන් මෙම Bitcoin ක්‍රමය වෙනුවෙන් අප්ප්‍රසිද්ධියේ පෙනිසිටිනවා, මෙය ඔවුන් රටේ බදු ක්‍රමයට හසු නොවී වත්කම් ආරක්ෂා කරගැනීමේ උපක්‍රමයක් ලෙස බාවිතා කරනවා මක්නිසාද ඔබ Bitcoin බවට වත්කම් පරිවර්තනය කල විට  ඔබව බදු දැලට හසුකරගැනීම සීමිත වෙනවා, මන්ද ඔබ සතුව Bitcoin කොපමණ ඇද්දැයි කිසිවෙකුට දැනගත නොහැකි නිසා.

ඔබට උවමනා ඕනෑම අවස්තාවක මෙය මුදල් බවට පරිවර්තනය කිරීමේ තක්ෂණය තිබෙනවා. මෙයට ඇති එකම බාදාව මෙහි සාමාන්‍ය පුද්ගලයාට ඇති සංකීර්ණ බවයි, නමුත් විශාල වියාපාර වලට මෙවැනි දුර්වල තාවයක් පැවතීම වෙස්වලාගත් ආශිර්වාදයක් මන්ද සාමාන්‍ය පුද්ගලයන් ට මේ තක්ෂණය නොහැකි වීම නිසා රජය ට බදු නොලැබීමේ ගැටලුව තදින් නොදැනෙනු ඇති, මේ නිසා ලොව සිටින කොටිපතියන්ට තම අරමුදල් රටින් රටට කිසිවකුට නොදනී හොවමාරු කරගත හැකි වනු ඇති.

මෙහි ඇති වැදගත්ම දෙය මෙම ක්‍රමය ආරක්ෂා කිරීමට

01. දෙසපල්න්යයන්
02. බලවත් වියාපරිකයන්
03. මෙම තාක්ෂනය දන්නා පිරිස තම වත්කම් ආරක්ෂා කිරීමට යොමුවනු ඇති.

කිසි ලෙස රජයකට මෙය තහනම් කල නොහැකි වන්නේ ලෝකයේ පිළිගත් රජයන් ගණනාවක් මෙය පිළිගන්න නිසා මෙය ශ්‍රී ලංකාවේ තහනම් උනොත් වහාම ඇමරිකානු ඩොලර් බවට පරිවර්තනය කල හැකියි.

මෙය තහනම් කරනවානම් ලෝකයේ සියලු රටවල් මෙය තහනම් කලයුතුයි, මෙය ප්‍රයෝගිකව සිදු නොවනු ඇති. 

ආරම්බයේ(2009) Bitcoin 5000 = $27
2013 දී     Bitcoin 1 = $780 වැනි මිලකටත්
Bitcoin 1 = $412 දැන් මිලකටත් අලවි වෙනවා.

මෙය වටිනාකම් රැස්කිරීමේ මාද්‍ය කට වඩා රහසිගත හුවමාරු  මාද්‍යක් ලෙස යොදාගන්නවා


නමුත් මෙහි ඇති අවදානම් නම් විශාල වශයෙන් මිල උච්චාවචනය සිදුවීමයි.




Kentucky police chief to be paid in Bitcoin (ඇමරිකාවේ කෙන්ටකි පොලිස් ප්ප්‍රධානියාට පඩිය Bitcoin ගෙවීම )
http://www.telegraph.co.uk/news/worldnews/northamerica/usa/10496993/Kentucky-police-chief-to-be-paid-in-Bitcoin.html

මේ පිළිබද දීර්ග විස්තරය


මෙන්න විනාඩි 5 විස්තරය



මගේ අරමුණ ඔබට Bitcoin  ගැන දැනුවත් කිරීම නෙමෙයි මේ තාක්ෂනය යොදා මේ රටේ ඉහලම ආර්ථිකය හසුරවන මිනිසුන් නීතියට හසුනොවී විදේශ විනිමය රටින් ඉවත් කරන විදිය දැනුවත් කිරීමයි.

අවසාන කරුණ වන්නේ බොහෝ දෙනාගේ මනසේ තිබෙන වැරදි මතකය් නිවැරදි කිරීමයි.

බොහෝ දෙනා සිතා විටින්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් තමන්ට උවමනා විදියට නටවන බවයි, නමුත් ඇත්ත එය නෙමෙයි රටවල් රටවල් පාලනය කිරීම අවසානවී දැන් දශකයකට වඩා කාලයක් ගතවී ඇත.

අද පවතින්නේ ලෝකයේ බලවත් සමාගම තම වෙළද අදිරාජ්‍ය පුලුල්කරන තරගය සහ එම සමාගම් වල අයිතිකරුවන බදුවලින් ගැලවීමට කරන විවිද උපායන් තමයි.

උදාහරණ :- GOOGLE සමාගම පමණක් නෙමෙයි ලොව බලවත් ම සමාගම් බදු ගෙවීමෙන් බේරීමට Bermuda වැනි රටවල මුදල් තැන්පත් කරයි අපි GOOGLE සමාගම ගත්තොත් ඩොලර් බිලියන 12 පමණ බදුගේවිමෙන් බේරීමට කර ඇත්තේ 0% බදු ඇති  Bermuda නමැති රටේ මුදල් තැන්පත් කිරීමයි.

ඉදිරියට ශ්‍රී ලංකාවේ මෙවැනි තද බදු ප්‍රතිපත්තියක් පැමිණියොත් බොහෝ දෙනා තම අරමුදල් මෙවැනි රටවල ආයෝජනය කරනු ඇති.
අනෙක් අතට  ශ්‍රී ලංකාවේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඇත්තේ ඉතා මෝඩ බදු ප්‍රතිපත්තියකුයි හිතන්න ඔබ මාසයක ඉහල ආදායමක් ලැබුවා කියල බැරිවෙලාවත් ඔබ බදු දැලට හසු උනොත් සිදුවන්නේ දිගින් දිගටම බදුගේවිමට සිදුවීමයි, මෙහිදී ඔබ ඉදිරි මාස වල කිසිදු ආදායමක් නොලැබුවත් ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔබේ පෙර ගෙවූ මුදලම බලාපොරොත්තු වේ බොහෝ විට සිදුවන්නේ ඔබට උසාවි යාමට සිදුවීමයි, මේ සිදුවීම වලකා ගැනීමට මිනිසුන් කරන්නේ මහාපරිමාණයෙන් පාගා ගෙවීමයි.

ශ්‍රී ලංකාවේ පාලකයන් දක්ෂනම් කලයුත්තේ ආදායම සොයන මිනිසුන්ගේ නිවැරදි ආදායම ගණනය කරන දිවුණු පරිගණක ක්‍රමයක් පිහිටවා ලැබෙන ආදායමට අනුව සාධාරණව බදු ගෙවීමට සැලැස්වීමයි.

අනෙක් අතට ඉහත සදහන් සමාගම් ශ්‍රී ලංකාව වැනි රටවලට ආකර්ෂණය කරගැනීමට පැහැදිලි බදුසහන එම සමාගම් වලට ලබාදෙනවානම් ආර්ථිකය දියුණු කලහැකිවනු ඇති.        



http://www.bloomberg.com/news/articles/2012-12-10/google-revenues-sheltered-in-no-tax-bermuda-soar-to-10-billion

http://www.forbes.com/sites/robertwood/2014/10/14/ireland-corks-double-irish-tax-deal-closing-time-for-apple-google-twitter-facebook/   




        


            

5 comments:

  1. ලන්කාවට බිට්කොයින් වලින් වෙන්න පුලුවන් රහස් ගෙවීම් සහ ලැබීම් වලට වඩා උන්ඩියල් ක්‍රමය නිසා සිදු වන රහස් ගෙවීම් සහ ලැබීම් ඉතා අදික බව මගේ විස්වාසයයි!

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      " උන්ඩියල්" නම අසා ඇති උනාට මේ ක්‍රමය ගැන නොදනිමි, පුලුවන්නම් විස්තර කරන්න.
      Bitcoin ගැන සදහන් කලේ අදාළ මුදල Bitcoin බවට පරිවර්තනය කලවිට ශ්‍රී ලංකාවේ පුද්ගලයකුට ඩොලර් මිලියන 100 වැනි මුදලක් උනත් කිසිම විනිමය පාලන විදික්රමයකට අසු නොවී රටින් බැහැර කල හැකි වීමයි.

      Delete
    2. අනෙක් භයානක දෙයනම් Bitcoin නීති විරෝදී දෙයක් නොවීමයි, යමෙක් රටේ මුදල් මෙසේ යැව්වා කියල නැවත ලබාගැනීමට කිසිම ක්‍රමයක් නෑ.

      Delete
  2. හිතන්න ඔබ පිට රටක සේවය කරනා කෙනෙකු කියා. ඔබ උපයන මුදලෙන් කොටසක් ඔබේ නෑයෙකුට යවන්න හිතෙනවා. ඔබේ නැයා සිටින්නේ ලන්කාවේ නම් ඔහුට අවශ්ය රුපියල්, ඩොලර් නෙවෙයි.
    ඔබ සේවය කරන රටේ සිටින උන්ඩියල් ඒජන්ත ට මුදල් දෙනවා.. ඔබේ නෑයා ගෙ ලිපිනය, දුරකතන අන්කය සමග. ඔබ මුදල් දී පැය කීපයකින් ම ඔබේ නෑයාට එම මුදලට සමාන වටිනාකමක් රුපියල් වලින් ගෙදරටම ලැබෙනවා. නිවාඩු දින නැහැ. ඕනැම මොහොතක මුදල් යැවුව හැකිය. සමහර විට ඔබ නැයා ගේ ගෙදරට උන්ඩියල් ඒජන්ත යවන්න කැමති නැත් නම්, ලන්කාවේ බන්කු ගිනුමකට රුපියල් වලින් මුදල් බැර වෙනවා.

    ReplyDelete
    Replies
    1. Sa rasa,

      ස්තුතියි!

      ඔව් මෙයත් ප්‍රශ්නයක් තමයි නමුත් මෙය රටේ බැංකු ක්‍රමයට කිසියම් තැනකදී හසු වෙනවා (ගෙදරට මුදල් ලබාදෙන තැන ඇරුනහම )
      සහ එක වරකදී හුවමාරු කරගැනීමට හැකි සීමාවක් පවතිනවා.

      නමුත් Bitcoin එහෙම නෙමෙයි, එකම වෙනස එහි පවතින සංකීර්ණ සොභාවයයි නමුත් රටේ බලවත් උදවිය මෙයින් ප්‍රයෝජන ගනී.

      Delete