Saturday, November 28, 2015

වස සහිත Vaccines සහ වස රහිත Vaccines




මුලින්ම කිව යුත්තේ මෙහි තොරතුරු සදහා මා යොදාගන්නේ විශ්වාසනීය භාවය ගැන 100% තහවරු වී ඇති ඇමරිකානු රජය (ශ්‍රී ලංකා රජය අන්ධ භක්තියෙන් පිළිගන්නා ) පිළිගත් ආයතන පමණක් වන අතර මිට අතිරේක තොරතුරු උදාහරණ:- විරුද්දවන පුද්ගලයන්ට ඇති වන ප්‍රශ්න ගැන  සහ වංචාව පිළිබද පිළිගත් මාධ්‍ය පලකරන අදහස් මාධය වල සටහන් වී ඇත්නම් උපුටාගැනීමක් කරනු ලැබේ.

නමුත් සියලුම විද්‍යාත්මක දත්ත cdc.gov (Centers for Disease Control and Prevention (CDC)) මෙය කියවන කිසියම් වෛද්‍යවරු මෙහි තොරතුරු
පිළිගත නොහැකි යයි අභියෝග කරනවානම් හේතු සහිතව පෙන්වා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

 සමහර වචන සදහා ඉංග්‍රීසි වචනයම යොදන බව සලකන්න.

Single Vial Vs. Multiple Vial Vaccine
(එක රෝගියෙකුට පමණක් ප්‍රමාණවත් Vaccine සහ රෝගීන් බොහෝ ගණනකට ප්‍රයෝජනයට ගන්නා Vaccine අතර වෙනස )

දැන් Vaccine ක් ගත්තහම වාණිජ ලෙස Vaccine වර්ග 2 නිපදවයි එනම් එක රෝගියෙකුට පමණක් පාවිච්චි කළහැකි Vaccine සහ රෝගීන් බොහෝ ගනනකට පාවිචිචි කළහැකි Vaccine ලෙසයි.


මෙහිදී රෝගීන් බොහෝ ගණනකට පාවිචිචි කරන Vaccine වල Thimerosal  නමැති භයානක රසායනයක් අඩංගු වේ, බොහෝ දෙනා මෙහි නමින් නොහදුනයි නමුත් උග්‍ර විෂක් වන  Mercury (ethyl mercury-based preservative )  කිවම බොහෝ දෙනාට මෙහි නියම නම වටහා ගතහැක. ලෝකයේ සයනයිඩ් වලට පමණක් විසෙන් දෙවැනි වන Mercury අඩංගු සන්ගටකයකි Thimerosal .

දැන් ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න සියලුදෙනාට Multiple Vial Flu Vaccine ලබා නොදෙන්නේ ඇයි?සරල ම හේතුව නම් ලෝකයේ සිටින තොරතුරු දැනගැනීමේ හැකියාව ඇති ඉතා ධනවත් වගේම බලවත් පුද්ගලයන්  සමග ගැටීමට මේ ඖෂධ සමාගම් බිය වීමයි.
මෙනිසා ඔවුන්ට මෙයින් ගැලවීමට දොරටුවක් විවරකර දී තිබේ.

නමුත් ඉතා ධනවතුන් සිටින හොලිවුඩ් පුරයේ මිනිසුන් ගේ Vaccine බාවිතය ඉතා අවමයි.



මේ අපුරු නම (Thimerosal ) නිපදවන්නේ Eli Lilly  නමැති ඖෂධ සමාගම (2009 වසරේ ඩොලර් බිලියන 1.42 දඩ ගෙවනලද ලෝක ප්‍රසිද්ධ සමාගමකි http://projects.propublica.org/graphics/bigpharma) වේ.

බොහෝ කලක් යනතුරු මේ කුමක්දැයි ලෝකය ඉදිරියේ නිරාවරණය වීම වැලක්වීමට අලවි කරනේයේ අති දක්ෂයන් වන මේ සමාගමට හැකිඋනා.

නමුත් මේ නම ඇදිල එන්නේ මෙය  Vaccine වලට හදුන්වා දුන් පසු දරුවන් විශාල ලෙස ඔටිසම් (Autism) රෝගයට ගොදුරු වීමයි.

මේ ඇමරිකාවේ කොන්ග්‍රසයේ දී (food and drug administration) FDA හි ඉහලම තනතුර දරපු දොස්තර වරියගෙන් දරුණු ලෙස ප්‍රශ්න කරණ අයුරුයි පහත දැක්වෙන්නේ.



මෙහි විනාඩි 8ට දීර්ග විස්තරය




පහත දැක්වෙන්නේ  මෑත ඉතිහාසයේ කැනඩාවේ University of Calgary කරන ලද
පර්යේෂණයකි




මෙහිදී Mercury ඉතා සුළු ප්‍රමාණයක් මහින් අදාල මිනිස් මොලයේ සෛල  වලට සමාන snail brain cells යොදා කරන ලද පර්යේෂණයකි.
 ඉතා සුළු Mercury අන්සුව විනාඩි 20දී  සෛලය විනාශකරන අයුරු බලන්න.

දැන් අපි විද්‍යාත්මක තොරතුරු වලට යොමුවෙමු.

http://www.cdc.gov/flu/protect/vaccine/thimerosal.htm

//Thimerosal is an ethyl mercury-based preservative used in vials that contain more than one dose of a vaccine (multi-dose vials) to prevent germs, bacteria and/or fungi from contaminating the vaccine.//

මෙය යොදාගන්නේ  multi-dose vials වල පමණක් වන අතර (රෝගීන් බොහෝ ගනනකට පාවිචිචි කළහැකි) ඔවුන් දක්වන විද්‍යාත්මක හේතුව එක රෝගියෙකුට එන්නත් කිරීමට පසු දෙවැනි වර නැවත නව එන්නත් ඉදිකට්ට බෙහෙත් කුප්පියට ඇතුළු කරන කාලයේදී අදාල බෙහෙත් කුප්පියට බැක්ටීරියා යාම නිසා එම බැක්ටීරියා විනාශකිරීමට Thimerosal යොදාගනී (.vaccine ට අඩංගු කරයි )

ප්‍රශ්නය  වන්නේ එම තරලය අපි ශරීර ගත කර ගැනීමයි. මෙනිසා සිදුවන මොලයේ හානිය නිසා alzheimer's disease හා Autism වැනි රෝග ඇතිවන බව කරන ලද පර්යේෂණවලින් අනාවරණය  උනත් ඒවා යට ගසන අයුරු සහ මෑතදී දොස්තර විලියම් තොම්සන් කරන ලද අනාවරණය
http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_19.html මගින් ඔප්පුවේ.  


දැන් අපි Single Vial Vaccines ගැන බැලුවොත් මේවා ලෝකයේ පවතිනවාදැයි බොහෝදෙනා නොදන්නවා ඇති නමුත් මේවා ඉතා  මිල අදික අතර සමහර විට  $ 200  පමන  වන අතර විශේෂයෙන් ඉල්ලුම් කලයුතු වෙයි.



මට බය නැතිව කිව හැක්කේ මේවා ශ්‍රී ලංකාවේ මිලදී ගැනීමට නැති බවයි (මේ නිසා අපි සියලුදෙනා වස පාවිච්චි කරමු )
මිනිස් ශරීරයට වස ඇතුලත් වූ විට එය ශරීරයෙන් ඉවත් කිරීම සිදු වෙයි, ප්‍රශ්නය නම් හැමෝගෙම ශරීර එක විදියට ප්‍රතිචාර නොදැක් වීමයි.
යම්විදියකින්   vaccine හානි සිදුවුනොත් ඔබට අදාළ ආයතනයෙන් වන්දි ලබා ගැනීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.

දැන් බලමු මිට විරුද්ද වන පුද්ගලයන්ට වන දේ ?



Nurse Fired For Sharing Truth About Vaccines Tells All පිරිමි හෙද සේවකයෙක් රුපවාහිනියේ පළවූ පුවතක් දැනගන එය තම කාර්ය මණ්ඩලය
දනුවත් කිරීම නිසා ඔහුව රැකියාවෙන් දොට්ට දමා ඇත.


හිටපු ඇමරිකානු ජනාධිපති  John Fitzgerald "Jack" Kennedy නෑයකු වන Robert F. Kennedy Jr. ඇමරිකාව පිළිගත් පරිසරවේදියකුත් වේ.


Part 01




Part 02


මේ සදහන් කරුණු වලට අනුව පර්යේෂණ කරන මේ ආයතන වල විද්වතුන් කරන වංචා නිසා තමයි මෙම බෙහෙත් සහතික වී ඇත්තේ.

මට අසන්න ඇති ඇති සරල ප්‍රශ්නය නම්, රජයේ හෝ පුද්ගලික මාද්‍ය වල මෙම තොරතුරු ඵලනොවනේ ඇයි ද යන්නයි?
ආණ්ඩු පෙරලන මාධ්‍ය මෙම බලවත් සමාගම් ඉදිරියේ නිරුවතින් සිටින අයුරු බලන්න.

2 comments:

  1. ලංකා සිතිවිලි වලට ස්තුති කරන්න මේ වචන ප්‍රමාණවත් නෑ. මේ අතිශය දුර්ලභ තොරතුරු ගෙන ආවාට අප්‍රමාණ ස්තුතිය පිළිගන්වමි

    ReplyDelete
    Replies
    1. සාරිකා විචාරනී,

      ඔබ සමහර විට පුදුම වෙයි මේ ලෝකයේ ඇත්තටම සිදුවෙන දෙය දැනගත්තොත්.
      මේ පිලිබද දැනුවත් වූ වෛද්‍යවරු ඉතා සීමිතයි.
      මෙය අද ඊයේ සිදුවූ දෙයක් නෙමෙයි.

      මේගැන ඉහලට පර්යේෂණ වල නියැලෙන වෛද්‍යවරු දැනගන්නවා, සිදුවෙන්නේ කසාය බීපු
      ගොළුවන් බවට පත්වීමයි.

      ඔවුන් අතරින් මේ ගැන කියන්නේ ඉතා සුළු පිරිසක්. ශ්‍රී ලංකාවේ නම් වෛද්‍ය සේනක බිබිලේ මහතාට පසු
      කිසිවෙක් ඉදිරිපත් වී නැති තරම්.

      එයට ඔවුන්ට දොස් කිව නොහැකියි. යම් විදියකින් මෙයට විරුද්ධ උනොත් බොහෝවිට ජිවිතයෙන් වන්දි
      ගෙවියයුතු නිසා.

      අද අන්තර්ජාලය නිසා තමයි අනන්‍යතාවය ඉදිපිපත් නොකර මට මෙය ලිවිය හැක්කේ, නැත්නම් මමත් හිතවතුන්
      පිපදෙනෙකුට මෙය බෙදා හරිම පමණයි සිදුකරන්නේ.

      Delete