Thursday, November 12, 2015

ශ්‍රී ලංකාවට සිදුවන්නේ කුමක්ද ?




නිදහස ලබුදා 1948 සිට අද දක්වා අපිට සිදුවන්නේ කුමක්දැයි ඇසුවොත් බොහෝදෙනා කියන්නේ බලලොබී දේසපාලනය නිසා අපට මෙය සිදුවී ඇතිබවයි.
මෙහි සැලකියයුතු අත්තක් ඇතත් සියල්ල ඇත්ත නොවේ. අපරටේ බලවත්ම පුද්ගලයා ජනාදිපති ලෙස සිතුවත් ඔහුට වඩා බලවත් බලවේග අප රටේ පවතී ඒ මොනවද ?

01. බහුජාතික සමාගම් ජලයේ ක්‍රියාකාරකම්
02. ජනමාද්‍ය
03. මත්ද්‍රව්‍ය වියපරිකයෝ
04. ඉතා විශාල මහජන ධනයක් මංකොල්ලකන පුද්ගලයන් (රජයේ ඉහල තනතුරු හවුල් කරගෙන කරන ගේම් )

01. බහුජාතික සමාගම් ජාලය :-

මෙම සමාගම් වවලට රටේ නිතිය කදිම ලෙස හැසිරවිය හැකි බව පමණක් නෙමෙයි රටේ නීති අලුතින් ගෙන ආ හැකිබවට ඇති කදිම නිදසුනක් පවතී.
1988 පමණ බලයට පත්වූ ප්‍රේමදාස ජනාදිපති විසින් ලෝක බැංකු යෝජනා මත ගෙනෙන ලද ජලය විකිණීමේ වියප්පෘතිය විජේතුංග කාලයේත් ඉන්පසු චන්ද්‍රිකා කාලයෙත් ඉන්පසු මහින්ද කාලයේත් දැන් මයිත්‍රි ජනාදිපති යුගයේත් ඇඟට පතට නොදනී ක්‍රියාත්මකවේ.



ඉහත දැක්වෙන්නේ වසර 2000 පමණ කාලයේ සරත් අමුණුගම ඉතා නිර්ලජ්ජිත ලෙස ජනතාව රැවටීමට උත්සහකරන ආකාරයයි.

පහත දැක්වෙන්නේ මෙය ලෝකයේ බොලිවියාවේ කිරීමට ගොස් සිදුවූ දෙයයි



වසර 2000 දී පමණ බොලිවියාවේ රජයට ලෝක බංකුව ණය දීමට කොන්දේසියක් පනවනවා එනම් ජලයට ආර්ථික වටිනාකමක් පනවන ලෙසයි.
මිට මුදල් ගෙවන මීටර් සවිකරන අතර අදාල මුදල ගෙවූ පසු ජලය ලබාගතහැකි වන්නේ, සිදුවන්නේ ජනතාව රජයට විරුද්දව මාරාන්තික කැරැල්ලක් ගැසීමයි, අවසානයේ මෙය පාලනය කිරීමට එවන මේජර්වරයා ජනතාව විසින් ජිවග්ග්රහණයෙන් අල්ලාගෙන කැලයට ගෙනගොස් පෙතිගසා මරාදැමු පසු මෙම වැඩසටහන රජය ඉවත්කරගනී.

අප මෙහිදී දැනගතයුතු වැදගත්ම දෙය මෙවැනි කුමන්ත්රණ වලට මිනිසුන් විරුද්ද නොවන්නේ ඇයිද ? යන කාරණාවයි.
රතුඉර වැඩසටහනට කුමාර චාපා බන්ඩාර මහතා ලංකාවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය සමාගම් ගණනාවක් පැමිණෙන බව ඒවායේ නම් සහිතව මෙම වැඩසටහනේ ඉදිරිපත් කරයි. සිදුවුයේ කුමක්ද ඔහු ලියන ග්‍රන්ථය වන "දියරකුසන්ට එරෙහිව " ට එරෙහිව මෙම සමාගම් වලට සම්බන්ද රාජ්‍ය නොවන සංවිදාන චාපා මහතාට විරුද්දව මිලියන ගණනක් වන්දි ඉල්ලා නඩු පවරනු ලබනවා.

ඉතිරි කොටස බලාපොරොත්තු වන්න. ...            

4 comments:

  1. අපි පුංචි කාලේ යක්කුන්ට අවතාර වලට බය වුනා, ලොකු උණාම ඒවා අපිව රවටන්න, එයාලගෙ වැඩ පහසු කරගන්න කියපු බොරු බව දැන ගත්තා, ඒත් යක්කු අවතාර විස්වාස කරන වැඩිහිටියොත් ඉන්නවා, එයාල ගිලිලා ඉන්න අන්ධ විශ්වාශයන් හෝ නූගත් බව නිසා එයාලට යක්කු අවතාර නෑ කියන එක අවබෝධකරවන්න අපට බෑ. ඔය සේරම අතරේ තමන්ගේ හොර වංචා පවත්වාගෙන යන්න යක්කු, පෙරේතයෝ අවතාර ප්‍රචාරයකරනවා.

    සිතුවිලි කුමන්ත්‍රණ අතරෙම අතරමං වෙන්නේ නැතිව සම්පත් ආර්ථික විද්‍යාව (රිසෝර්ස් එකොනොමික්) වගේ විෂයක් හදාරන්න බලන්න, එතකොට ඔය ස්වාභාවික සම්පත්, ඒවා පරිහරණය ඒවායේ ආර්ථික වටිනාකම වගේ සංකල්ප තේරුම් කරගත්තෑකි. එතකොට ඔය අන්ධ සිතිවිලි අතෑරිලා වැඩිහිටි සිතුවිලි පහල වේවි.
    මට බහුජාතික සමාගම් නියෝජිතයෙක් කියලා බනින්න එපා, කොම්පැනි ලාබ පස්සේ යන්නේ, එයාලව නියාමනය නොකලොත් එයාලා සියළු දේ උපරිම සූරන් කනවා, නමුත් තමුන්ගේ ලාබය සඳහාවත් සම්පත් සුරැකීමක් කරනවා.

    ජෙප්පෝ මඟුලක් නටලා ජල පනත් ගේන්න දුන්නේ නෑ, දැන් රට හැමතැනම වතුර විකිනිනෙනවා, හැමෝම වතුර දූෂනය කරනවා, එත් නියාමන කරන්න නීති රීති සැලසුම් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇණයා Nut Man,

      තාම මට උවමනා කරුණ පැහැදිලි කරන්න බැරිඋනා.

      //සිතුවිලි කුමන්ත්‍රණ අතරෙම අතරමං වෙන්නේ නැතිව සම්පත් ආර්ථික විද්‍යාව (රිසෝර්ස් එකොනොමික්) වගේ විෂයක් හදාරන්න බලන්න//

      අපරට දියුණු කළහැකි විදි ගැන මා මිට පෙර සදහන් කළා
      http://lankasithuwili.blogspot.com/2015/09/paypal.html

      මේ කිසිවක් සිදු නොවෙන්නේ දේසපාලනය නිසාම පමණක් නෙමෙයි මිට රටේ මහජනයාගේ නොදැනුවත් කම බොහෝ දුරට බලපානවා.

      ජෙප්පන් ගැන පවා මිට පෙර මා සදහන් කළා http://lankasithuwili.blogspot.com/2015/03/blog-post.html
      ඔවුන්ට කිසිදු ප්‍රයෝගික වැඩපිළිවලක් නෑ, වැරදිලාවත් රටේ බලය ගියොත් ආසියාවේ මිනි කනත්ත ඔවුන් නිර්මාණය කරනු ඇති.

      මට ප්‍රශ්නය බහුජාතික සමාගම් නෙමෙයි ඔවුන් සිදුකරන්නේ තම ලාබය උපරිම කිරීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමයි, මට ඇති ප්‍රශ්නය නම් ජනතාවගේ නොදැනුවත් බවයි.

      මේ සියලු පක්ෂ (ජෙප්පන් ඇතුළුව ) නිසි අවස්ථාවේදී මෙම සමාගම් වල මුදල් වලට විකිනෙනු ඇති.

      නමුත් ජනතාව බුද්ධිමත් උනොතින් සිදුවන හානිය අවමකර රට ආර්ථික වශයෙන් දියුණු සමාජයකට ඉක්මනින් පැමිණිය හැකියි (ආර්ථික දියුණුව ජිවිතයේ සාර්ථකත්වය ලැබීමට මුලුමනින්ම හේතු නොවුනත් ආර්ථික දිවුනුව නැති ව කිසිදු ඉදිරිගමනක් අපට නැත )

      //අපි පුංචි කාලේ යක්කුන්ට අවතාර වලට බය වුනා, ලොකු උණාම ඒවා අපිව රවටන්න, එයාලගෙ වැඩ පහසු කරගන්න කියපු බොරු බව දැන ගත්තා,//

      ජනතාව මා මේ කියන්න යන යකා ගැන කිසිවක් නොදන්නා අතර සෑම අවුරුදු 15 ක් 20 ක් වැනි කලකදී දහස් ගණනක් ජනතාව බිල්ලට ගනු ඇති
      මෙය අතීතයේත් සිදුඋනා අපි බුද්ධිමත් නොවුනොත් අනාගතයේත් සිදුවනු ඇති.

      Delete
  2. ඇයි ඒ කාලේ ඉඳලාම nwsdb වතුරවලට සල්ලි ගෙවනවා නේද?

    ReplyDelete
  3. රසික,

    //ඇයි ඒ කාලේ ඉඳලාම nwsdb වතුරවලට සල්ලි ගෙවනවා නේද?//

    nwsdb ( National Water Supply and Drainage Board) ඔව් නමුත් එය ඔවුන් ජලය පිරිසිදු කිරීම සහ බෙදාහැරීම වෙනුවෙනුයි සිදුකරන්නේ.
    මෙම පනත ක්‍රියාත්මක වුනොත් සිදුවන්නේ ඔබේ ළිදෙන් ගන්න ජලයටත් අවසාන ලෙස බදු ගෙවීමට සිදුවීමයි.

    මෙය ගෙන එන්නේ රටේ ජලය සංරක්ෂණය කරන මුවාවෙන්. ඉහත දැක්වෙන බොලිවියාවේ නිදසුන ගත්තොත්, එය සිදු කරන්නේ රටේ ආර්ථිකය පිරිහී ඇති අන්තිම අවස්ථාවේ ලෝක බැංකුව විසින් කරන බලපෑමක් නිසයි.

    රතු ඉර ස්වර්ව්න්වහිනි 2001 -2002 පමණ කාලයේ පවත්වනලද වැඩසටහනින් පෙන්වන්නේ සරත් අමුණුගම ඉතා කපටි සහගත ලෙස ජනමාද්‍යවේදීන් නොමග හැරීමට කරන රගපෑමයි.

    ReplyDelete