Wednesday, July 10, 2019

නාගානන්ද මහතාට ප්‍රශනයක් ?



මම බොහෝ කාලයක් නාගානන්ද  මහතාගේ සාකච්චා වලට සවන්දුන් අයෙක්, මම ඔහුගේ බොහෝ කතා සමග එකග නොවෙන තැන් ඔනෑ තරම් තියනවා නමුත් ඔහු ඉදිරිපත් කරන වියවස්තාව මා දකින්නේ රටක් ලෙස මහජනයාට ඉතා සුබවාදී බවයි.

එසේ උනත් මට නාගානන්ද  මහතා ගෙන් ඇසියයුතු වැදගත්ම ප්‍රශ්නයක් තියනවා, ඔහු කියනවා තමුන් මෙම වියවස්තාව ක්‍රියාත්මක කරන්නේ ඉදිරි ජනාධිපතිවරනයකදී රටේ ජනාධිපති වූ පසුවයි කියල, දැන් රටේ නිතිය ගැන පොඩ්ඩක් බලමු 19 වන වියවස්තාවයි මේ තියන්නේ ඊට අනුව ජනාධිපති වරයා කියන්නේ නාමමාත්‍ර (එවන් තනතුරක් සදහා මෙතරම් මුදලක් වියදම් කරනවා කියන්නේ විහිළුවක් ) තනතුරක් ඔහුට කිසිම බලයක් නෑ! එසේ කිසිම බලයක් නැති තනතුරක සිට ඔහු නව වියව්ස්තාවක් ගෙනෙනවා කියන්නේ කොහොමද ?

ඔහු උදාහරණයට ගන්නේ 1972 කොල්වින් ආර් ද සිල්වා ඉදිරිපත් කල ආණ්ඩු ක්‍රම වියව්ස්තාව වගේ එකක් කියල නමුත් මතක තියාගන්න ඕනේ එවිට මේ තීරණය ගන්නේ 1970 සමගි පෙරමුණ බලයට පත් වූ සියලු මන්ත්‍රී වරු සහ විපක්ෂයේ සියලු දෙනාගේ චන්දයෙන් තමයි එය සම්මත වෙන්නේ.

නමුත් මෙතන නාගානන්ද  කරන්නේ කුමක්ද ? ඔහු කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ බලයෙකින් තොරව කිසිම බලයක් නැති ජනාධිපති වරයෙක් වී අලුත් වියව්ස්තාවක් සම්මත කිරීමට උත්සහ කරනවා.

එච්චර විතරක් නෙමෙයි ඔහු අධිකරණය විසුරවා හරින බව කියනවා, මෙය ඉතා බරපතලයි මන්ද බලයක් නැති ජනාධිපති වරයෙක් අධිකරණය විසුරවන්නේ කෙසේද ? හැබැයි ඔහු කියනවා අධිකරණ වලට අපේක්ෂිත විනිශ්‍යකාරවරුන් ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන බව චන්දයට පෙර එහිදී ඔහුව තෝරාගන්නවා කියන්නේ අදාළ විනිසුරන් ව ජනතාව අනුමත කිරීමක් ලෙස සලකන ලෙස ඔහු කියනවා, මෙහිදී වැදගත්ම දේ ඔහු කිසිදු බලයක් නැති ජනාධිපති වරයෙක් වී ඉහත සදහන් වෙනස්කම් කරන්නේ කෙසේද යන්නයි ?  

තව විදියකින් කිව්වොත් විදායකයේ නායකයා වූ පසු ඔහු අධිකරණයත් වියවස්තාදායකයත් අහෝසි කරන්න යන බවයි   තේරෙන සිංහලෙන් කියන්න වෙන්නේ, මතක තියාගන්න චන්ද්‍රිකා 1995 පුර්ණ බලතල ඇති විදායක ජනාදිපති වරියක් ලෙස පත්වී මාස ගණනක් ඇතුලත දිනයක් ද ලබාදී (මතක විදියට 1995 ජුලි 15) ජනාධිපති දුරය අවසන් කරනවා කියමින් පැමිණි ඇය වසර 11 පමණ බලයේ සිට ඉවත්වුනේ විශ්‍රාමික ජනාධිපති වරප්ප්‍රසාද සමගින් බව.   

මෙන්න මෙතැනයි මට ප්‍රශ්නය තියෙන්නේ එසේ වූ පමණින් මම ඔහුගේ වියවස්තාව බැහැර කරන්නේ නෑ ඊට අනුව 60 පමණ ඇමති මන්ඩලයකුත් 30 පමණ කැබිනට්ටුවක් වීම සහ වරදක් කල වහාම රටේ නීතියෙන්  දඩුවම් ලැබෙනවා කියන විදියට මෙය ඉතා වැදගත් උනත් ඇමතිවරයකුට කිසිදු වර්ප්ප්‍රසදයක් නැති තනතුරක් ලබාදුන්නම වෙන්නේ ඔහුව පෙලබවිමට විශාල අල්ලස් ලබාදීමට විවිද පාර්ශව ඉදිරිපත් වෙනවා, මෙහිදී සාමාන්‍ය පෘතග්ජන මනසක් ඇති මිනිසෙකු එම අවදානම ගන්නවා, යම් විදියකින් සිංගප්පුරුවේ වගේ අතිවිශාල ආදායමක් ඇමතිවරයකුට ලැබුණානම් ඔහු හෝ ඇය මෙවැනි අවදානමක් ගැනීමට ඇති සම්බවිතාව ඉතා අඩුවනු ඇති, මෙනිසා නාගනන්ද මහතාගේ වියව්ස්තාවේ ඇමතිවරයකුට කිසිම ආකර්ශනිය දීමනාවක් නොදෙනවා කීමෙන් මම දකින්නේ වාසියකට වඩා පාඩුවකුයි.         

14 comments:

  1. නාගානන්ද කොඩිතුවක්කු
    http://www.trekmentor.com/si/content/book/1268

    ReplyDelete
  2. It's no point talking about Nagananda or Dasanayaka, they will get less than 5% of total votes. Rememebr Ossie Abeygunasekara?

    Our people are still mostly Blue/Green 5% are Red that's all. It's going to be Gota vs UNF, hope this time UNP will have the guts (win or lose) to field one from UNP not another 'Ahindas' like SF or MS.

    Most likely next Parliament will be control by SLPP/SLFP, so even if UNP+TNA+JVP win the Presidency, bad state of affairs going to continue. Only Parliament and President from same coalition/party will develop the country. (let's hope for the best)

    ReplyDelete
    Replies
    1. Wijebahu,

      I think Nagananda will get close to 500000 votes what matters is not the presidential election but the general election. Next President will not have any power but if Naganada can show more than 500000 votes in presidential election then he will get a considerable power in the parliament.

      Delete
  3. නාගයා ජනාධිපතිවරණයට ඉල්ලනු ඇති බව ඔබට විශ්වාසද ?

    මා මේ ප්‍රශ්නය නගන්නේ ම නව මැතිවරණ කොමිෂන් සභාපති වරයෙක් යටතේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇතැයි යන පූර්ව උපකල්පනයෙනි.

    නාගයා හිටපු මන්ත්‍රී වරයෙක් නොවේ. ඔහුට දැනට පක්‍ෂයක් ද නැත. එපමණක් නොව ඔහු ද්විත්ව පුරවැසියෙක් බවටද කතා පවතී.

    හොඳයි, මේ සියල්ල ඔහු සිතන පරිද්දෙන් ඉටු වී ඔහු ඉල්ලුවත්, ලක්‍ෂ පහ ඔහු වැනි පුද්ගලයෙකුට ගත හැකි චන්ද ගණන ගැන ඉතා වැඩි ඇස්තමේන්තුවකි. මේ ගණන නාගයාට ලබා ගත හැක්කේ ජනතා විමුක්ති පෙරමුණේ මීළඟ පොදු අපේක්‍ෂකයා බවට පත් වීමෙන් පමණි.

    ජනතා විමුක්ති පෙරමුණ හා නාගානන්ද මෙහෙයවන්නේ එකම බලවේගය විසින් ද?

    ReplyDelete
    Replies
    1. කතා කතු,

      මට පෙන විදිහට දැනටමත් ලියාපදිංචි පක්ෂයක් මගින් තමයි ඔහු චන්දය ඉල්ලන්නේ, නාගානන්ද හදන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පසුපෙළ සාමාජිකයන් තමන් වෙත එක්කාසු කිරීම මිසක් එම පක්ෂයෙන් චන්දය ඉල්ලීම නෙමෙයි.

      ඔහු දැනටමත් ද්විත්ව පුරවැසියෙක් ඔහුගේ බ්‍රිතාන්‍ය පුරවැසි කම ඉවත්කිරීමේ මුලික පියවර ගත් බව ඔහු කියනවා එහෙම උනොත් අනිවර්යෙන් ඔහු ඉදිරි මැතිවරණයට එනවා නමුත් මම මෙතන පෙන්වා දෙන්න උත්සහ කරන්නේ 19 වන සංසෝදනයට අනුව ඉදිරියේ පත්වෙන්නේ විලියම් ගොපල්ලව වැනි බල රහිත ජනාධිපති කෙනෙක් එසේ වී තිබියදී මම අහන්නේ කොහොමද ඔහු බලය නැති තනතුරක සිට නව වියවස්තාවක් සංසෝදනය කරන්නේ ? කොහොමද ඔහු අධිකාරයන අහෝසි කරන්නේ ?
      කියන එකයි.

      හැබැයි ඔහු ඉදිරිපත් කරන ක්‍රමවේදයන් ඉතා වැදගත් එකෙක් තමයි මේ ක්‍රමවේදය අනික් අප්ක්ෂකයන් තම මැතිවරණ පොරොන්දුවක් ලෙස ගෙන එනවනම් අපට ජනතාව ලෙස වාසියක් වෙයි

      Delete
    2. ඔබ අධිනීතිඥ හරිස්චන්ද්‍ර විජේතුංග මහතාගේ කතා වලට සවන් දී තිබේද?
      ඔහුත් යෝජනා කරන්නේ මෙවැනි, කෙළින්ම ජනතාවගෙන් බලය ලැබෙන ක්‍රමයක්. අපත් සමහර විශේෂ අවස්ථා වල යොදා ගන්නා "භූමිපුත්‍ර" යන වචනය මා දැන ගත්තේ ඔහුගෙන්. මහාචාර්‍ය හරිශ්චන්ද්‍ර ඉදිරිපත් උනේත් ජනාධිපතිවරණයට පමණයි. නමුත් "ජනසම්මතවාදී" ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ඔහුත් සඳහන් කර සිටියා.

      මා මේ අය දකින්නේ ක්‍රමය අතික්‍රමණය කිරීමට කැමති පුද්ගලයන් ලෙසයි. මා සිතන හැටියට හරිස්චන්ද්‍ර මහතාට තිබුණේ යහපත් හා යුක්ති සහගත අදහස්, ඔහු පසුපස සිට මෙහෙයවන්නෙක් හෝ කීප දෙනෙක් හෝ සිටියේ නෑ (මට එසේ සිතෙන්නේ මා ත් මේ රටේ භූමි පුත්‍රයෙක් වන නිසා විය හැකියි). කෙසේ නමුත් නාගානන්ද පසුපස වෙනත් බලවේග සිටින බව මගේ අදහසයි - ඒ බොහෝ විට බ්‍රිතාන්‍යය ම විය හැකියි. ඒ රටේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම ගැන අදහස් දක්වන නාගානන්ද කටිං කුමක් කීවත් මට හැඟෙන්නේ "මං තනාපතිත් එක්ක කතා කළා, චන්දෙට ඉදිරිපත් වෙන්න බාදාවක් නැති විදියට ලිපි ලේඛන කටයුතු ඒ අය සකස් කරල දෙයි. මගේ බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයත් දිගටම තියා ගන්න කිව්වා. තාවකාලිකව තමයි පුරවැසි කම ඉවත් කරන්නේ, චන්දෙ ඉවර උන ගමන් මං පුරවැසි කම ඉවත් කිරීම ඉවත් කර ගන්නවා" වශයෙනි. මට එසේ ඇසෙන්නේ සමහර විට මා සිහි බුද්ධියෙන් අසන බැවින් විය යුතුය.

      නාගානන්ද ගැන මගේ අදහස පැරණි ඉතාලි පාලකයෙකු පාප් වහන්සේ ගැන දැරූ අදහස හා සමපාත වේ.
      "පාප් වහන්සේට ඉතාලිය එක්සත් කළ නොහැක. එසේ වී නමුත් වෙනත් පුද්ගලයෙක් විසින් ඉතාලිය එක්සත් කිරීම වැළැක්වීමේ හැකියාව ඇත."

      බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහයෙන් නාගානන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සිංහල චන්ද බෙදා සිංහලයා දුර්වල කර පරාජයට පත් කර සිංහල විරෝධී වික්‍රමසිංහ ජුන්ටාව තව වසර 5 කට මේ රටේ බලයේ තබා ගැනීම පිණිස මිස වෙනකකට නොවේ.

      එසේනම්, එයින් සිංහල අපට ඇති වාසියක් කිම ?

      Delete
    3. ස්තුතියි මත්ක්කලාට අධිනීතිඥ හරිස්චන්ද්‍ර විජේතුංග ගැන, ඔහුව මට අමතක වෙලයි තිබුනේ, මගේ පියා ඔහුව පුද්ගලිකව දැනසිටිය, ඔහුට අනුව විජේතුංග මහතා ඉතා අවංක පුද්ගලයෙක්, හැබැයි මට මතක විදියට ඔහුගේ පක්ෂය "දේශයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය " ඉදිරිපත් කල කතා අප 1995 වැනි වකවානුවකදී ඇසුවේ හාසයෙන් යුතුව බවයි මගේ මතකය.
      ඔහුට බැරිඋනා ජනතාව අතර ඔහුගේ ප්‍රතිපත්ති මාලාව ගෙනයන්න.

      නාගානන්ද කියන්නේ ඉට වඩා මදක් ඉදිරියට තම මතය ගෙන ගිය කෙනෙක් ඔබ කියන සැකය අවංකව මටත් තියනවා ඔහු පිටස්තර බලවේගයක් කියන එක, එම සැකය මට නොතිබුනානම් ඔහු වෙනුවෙන් කඩේ යන්න මම පෙලබෙන්න තිබුන.

      හැබැයි බ්‍රිතාන්‍යට විශේෂයෙන් තමන්ගේ ඉත්තෙක් ඉදිරිපත් කලයුතු නෑ, බලයට පත්වන ඕනෑම රජයක් ඉත්තන් බවට පත්කිරීම ඔවුන්ට සුළු දෙයක්.

      මම දැකින වැදගත්ම දේ තමයි නාගානන්දගේ වියව්ස්තාවේ ඇති සාදනිය අංග, අපි අනෙක් අපේක්ෂකයන් ලවා හෝ කිරීමට බලකලයුතු බව.

      Delete
    4. මෙන්න බලන්න
      https://www.gov.uk/renounce-british-nationality/after-youve-applied?fbclid=IwAR3Itpovi86gf4r1CpZiuL_MM7rOGQfE0AYpACLKdSSRHeLzcnv6hy3Ea1M

      මාස 6 තුල වෙනත් පුරවැසි භාවයක් ලබා නොගත්තොත් ඔහුගේ බ්‍රිතන්‍ය පුරවැසිභාවය අහෝසි නොවෙයි

      Delete
    5. අධිනීතිඥ හරිස්චන්ද්‍ර විජේතුංග යනු එසේ අමතක කර දැමිය යුතු පුද්ගලයෙක් නොවෙයි - විශේෂයෙන් සිංහලයන් විසින්. දේශපාලනයේ ඔහු කළ (හෝ නොකළ, වඩා නිවැරදිව කිවහොත් ඔහුට කිරීමට නොලැබුණු) දේ අමතක කළත්, අනෙක් ක්ෂේත්‍ර වල ඔහු අප වෙනුවෙන් කර ඇති දේ අප්‍රමාණයි.

      ඔහුගේ පක්‍ෂයේ නම "සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්‍ෂය". ඔහුගේ කතාවන් හාස්‍යයට ගත් අය අතර අපට වඩා බොහෝ දැනුම් තේරුම් තිබූ අපේ පියාත් සිටි අතර මා ඒ කතා වෙනුවෙන් ප්‍රසිද්දියේ පෙනී නොසිටියේ අන්‍යයන් අතර පෞද්ගලිකව හාස්‍යයට ලක් වීමේ ඉඩකඩ නිසයි. හරිස්චන්ද්‍ර විජේතුංග මහතා හකුලා දැක්වූ අදහස් දිගහැර විස්තර කිරීමට අවශ්‍ය අධ්‍යාපනික සහ බුද්ධිමය වටාපිටාව අප ඒ වන විට වගා කරගෙන තිබුණේ නෑ (දැනටත් 100% ඇතැයි සිතන්නේ නෑ).

      "ඔහුට බැරිඋනා ජනතාව අතර ඔහුගේ ප්‍රතිපත්ති මාලාව ගෙනයන්න." යන ඔබේ අදහස සමග මා එකඟයි. නමුත් ඊට හේතුව මේ රටේ ජනතාව ඔහු තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් නොවීම බව මා කීවොත් ඔබ එකඟ වේදැයි මා දන්නේ නෑ. මා දකින අයුරින් හරිස්චන්ද්‍ර විජේතුංග මහතා දේශපාලන පසේ බුදු කෙනෙක්. කළ යුත්ත දන්නා නමුත් අන්‍යයන්ට ඒත්තු ගැන්වීමට ඔහුට නොහැකියි. ඔහුගෙන් පසු ඒ ව්‍යාපාරය අභාවයට යෑමෙන් එය ඔප්පු වෙයි. 1995 කාලයේ ඔබලාට හාස්‍ය රසය සැපයූ රසවතෙක් එතරම් පහසුවෙන් අමතක කර දැමීමට ඔබ සමත් වීමෙන් (කණගාටු නොවන්න - ඔබ මෙහිදී හුදෙකලා නැත) නැවතත් පෙන්නුම් කරන්නේ එයමයි.

      මහාචාර්‍ය හරිශ්චන්ද්‍ර විජේතුංග විසින් ඉදිරිපත් කළේ සරල නමුත් ස්ථාවර (simple but profound) මූලධර්ම කිහිපයක් මත ගොඩ නැගුණු පරිපූර්ණ දේශපාලන දර්ශනයක්. එය අවබෝධ කර ගත් කෙනෙකුට ඒ මත පිහිටා තමාගේ දේශපාලනය අදත් සකස් කර ගත හැකියි. එසේම එය සිංහලයට පමණක් නොව, ජපානයට හෝ සිංගප්පූරුවට හෝ වෙනත් රටකට හෝ අදාළ කර ගත හැකියි (ස්ථානයෙන් හා කාලයෙන් ස්වායත්තයි).


      නාගානන්දට එවැනි දැක්මක් නැත. ඔහු කිසි නව දර්ශනයක් මත පදනම් වන බවක් පෙනෙන්නේ නැත. මට තේරෙන අයුරින් නම් ඔහු "good governance" හරියට කරන බව කියනවාට වඩා දෙයක් නැත.

      good governance යන්නට අපට ඇති පාරිභාෂික පදය යහපාලනය බව මෙහිදී මතක් කිරීම නාගානන්ද මහතාගේ දේශපාලන අභිලාෂයට නරක ලෙස බල පා නම් එහි වරද මගේ නොව රනිල් වික්‍රමසිංහ, සුමන්තිරන් හා රනිල් වික්‍රමසිංහ ලවා සුමන්තිරන්ට ප්‍රාදේශීය සභාවක් ලබා දීම පිණිස පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කළ අ.කු.දිසානායක යන අයගේය.

      Delete
    6. කතා කතු,

      1995 කියන්නේ මට වයස අවුරුදු 19 ක්, මට නම් දේසපාලනය ගැන පුළුල් දැනුමක් තිබුනා යයි කියන්න බෑ, සාමාන්‍ය පෙළ අවසන් වූ 1992 න් පසුව පුවත් පත් කියවූ මා එකල හැටියට 1993 මැයි වල උසස් පෙළ පටන්ගන්නා අවදිය තෙක් ලබපු කියවීමට අමතරව ලෝකය ගැන දැනුවත් උනේ රාජ්‍ය මාද්‍ය මගින් (මෙකල අන්තර්ජාලය මගින් විශාල ලෙස තොරතුරු ලබාගැනීමක් තිබුනේ නෑ )

      කෙසේ වෙතත් මහාචාර්‍ය හරිශ්චන්ද්‍ර විජේතුංග කියපු කතාවක් මට හොදට මතකයි, එකල යුදය පැවති සමයක්, විශාල මිලක් ගෙවමින් යුද ආයුද ආනයනය කිරීම සිදුවුනා, මහාචාර්‍ය හරිශ්චන්ද්‍ර විජේතුංග කිව්වා ඔබට මතකද ඔහු බලයට පත්වුනොත් අවිආයුද නිපදවීම ගෘහ කර්මාන්තයක් ලෙස දියුණු කරන බව ? මට මතකයි අප පවුලේ සියලු දෙනා මීට සිනහ වූ බව.

      පසුකලක මා කල්පනා කළා ඔහු කිව්ව දේ ඇයි කරන්න බැරි කියල, මම හිතුව අවි ආයුද නෙමෙයි ඇයි අපට උණ්ඩ වත් නිපදවන්න බැරි කියල, ඊට උත්තරය මා තේරුම් ගත්තේ ඊට දශක කීපයක් පසුවූ අනතුරුවයි, එනම් රාජ්‍ය පාලනයේ කොමිස් මත යැපීමත්, විදේශ වල අවි සපයන රටවල් මානව අයිතීන් පාවිච්චි කරමින් මේ වෙළදාම පවත්වාගෙන යන විදිය, ( මෙය අවි වලට පමණක් නෙමෙයි අනෙක් ඒවටත් අදාලයි )

      මහාචාර්‍ය හරිශ්චන්ද්‍ර විජේතුංග ට දක්ෂකම තිබුනේ නෑ උදාහරණ සහිතව හානිය පෙන්වා දෙන්න, ඔබ කියන ආකාරයටම මහාචාර්‍ය හරිශ්චන්ද්‍ර විජේතුංග කියන්නේ අවංක මිනිසෙක් ඔහුගෙන් සිංහල භාෂාවට සිදුවූ සේවය අති විශාලයි, ඒවගේම ඔහු චරිතයක් තිබුන අවංක මිනිසෙක්, අද වෙනවිට මෙවැනි මිනිසුන් වේගයෙන් අභාවයට යනවා, මෑතක් වනතුරු මම සිතුවා කුමාර් චාපා බණ්ඩාර මෙවැනි කෙනෙක් කියල ඔහුත් මේ අන්තර්ජාතිකව වන වටලෑම ගැන දැනුවත් කලනමුත් අද වනවිට ඔහු පැළදගෙන සිටි වෙසමුණ ගැලවීගොස් අවසන්.

      මෙන්න මේ කරණය නිසයි නාගනන්ද වෙනුවන් මම පෙනී නොසිටින්නේ, හැබැයි ඔහුගේ වියව්ස්තාවේ මා දැකින සාදනිය අංග විශාල ප්‍රමාණයක් තිබෙනවා, අපි පොලබවන්න ඕනේ මේ කාරණා ඉදිරි වියවස්තාවකට අන්තර්ගත කරගනිමකට සියලු අපේක්ෂකයන් පොළබවා ගැනීමටයි.

      Delete
    7. නාගයා ජනාධිපතිවරණයට ඉල්ලනු ඇති බව ඔබට විශ්වාසද ?
      - කතා කතු | July 12, 2019 at 12:38 AM

      Delete
  4. නාගානන්දට චන්ද 50,000 කට වඩා ගන්ට බෑ. ඔහු බලන්නේ සල්ලි ටිකක් හොයා ගන්ට විතරයි. නියම අවස්ථාවාදියෙකි.

    ReplyDelete
    Replies
    1. gowindan,
      මම නම් හිතන්නේ ඊට වඩා ගොඩක් චන්ද ගනී, මෙය තීරණය වන්නේ ඔහු ඉදිරිපත් කරන කණ්ඩායම සමගයි

      Delete