Wednesday, August 22, 2018

ඇමති හර්ෂ ද සිල්වා මහතාට විවෘත ලිපියක්



මැති තුමනි මා ඔබට මගේ පුද්ගලික චන්දය පාවිච්චි කලෙත් මගේ දෙමාපියන් සහ මිතුරන් ඔබතුමාට චන්දය පාවිච්චි කිරීමට පොලබවගත්තෙත් ඔබතුමාගෙන් පුග්ගලික වාසියක් ලබාගැනීමේ පරමාර්ථයෙන් නොවේ, සමාජයක් ලෙස ඔබ වැනි උගත් දැනුමැති මිනිසකුගෙන් සමාගයට වන යහපත ගැන සිතායි.

කනගාටුවට කරුණ ඉහත බලාපොරොත්තු අවාසනාවන්ත ලෙස පසුගිය වසර 3ක කාලයේදී ගිලිහි යාමයි. මිට හොද උදාහරණයක් ඔබට ලබාදෙන්නම් පසුගිය දිනකදී රාජගිරියේ ප්‍රාදේශීය සභා කාර්යාලයේ පවත්වන්නට යෙදුන උපධිදරින්ට ණය ලබාදීමේ වැඩමුළුව ගැන ඔබට පෙන්වා දෙන්නම්, මෙම වැඩසටහනට සම්බන්ද වූ උපාධිදාරීන් කීපදෙනෙක් ගේ අදහස් දැනගැනීමට මට හැකිවිය.

මෙම වැඩසටහනේදී ඔබ විසින් ජනමාද්‍ය නොමතිනිසා බියකින් තොරව අදහස් පලකරන බව කියමින් සදහන් කලේ අතිවිශාල විශ්‍රාමික දීමනා ප්‍රමාණයක් ලබාදීම තවදුරටත් රජයට ඔරොත්තු නොදෙන බවකි, මෙහිදී තවදුරටත් රජයේ රැකියා බලාපොරොත්තු වීම රටට හානිදායක බව ඔබ සදහන් කරන ලදී.

මැතිතුමනි මම ඔබේ අදහස සමග එකග වෙමි නමුත් මේ උපාධිදාරීන් ගෙන්වා ඔබ කලේ කුමක්ද ?

ඔබ ඔවුන්ට භාණ්ඩයක් හෝ සේවයක් අපනයනය කිරීමට ණය ලබාදිය හැකි බව සදහන් කරන ලදී තවද මේ ණය මුදල පොලී නිදහස් ණයක් බවත් සදහන් කරන ලදී.

නමුත් පැමිණ සිටි පුද්ගලයන් ට උවමනා උනේ ගෙයක් සදා කුලියට දීම මගින් මුදල් ඉපයීම වැනි අරමුනකුයි,
මේ උපාධිදාරීන් මෙසේ සිතන්නේ ඇයි ?

මෙහිදී ආචාර්ය උපාදි ලාභී ඔබට නොවැටහෙන අපනයන ලෝකය ගැන හුණු බෙට්ටක දැනුම ඇති කෙනෙක් පහත ප්‍රශ්න ඔබට යොමුකරනු ඇති.

01. විදේශ වලට භාණ්ඩයක් අපනයනය කිරීමේදී තිබියයුතු වැදගත්ම දෙයක් තමයි අදාළ රටේ ප්‍රමිති වලට අනුකුල බව සදහන් වන තත්ව සහතිකය, මෙවැනි තත්ව සහතිකයක් ලබාගැනීමට අහිංසක මේ උපාධිදාරින්ට ඔබ ලබාදෙනවා යයි කියන ණය මුදල ගෑවෙන්න වත් මදි බව ඔබ නොදන්නවාද ? මෙවැනි සහතිකයක් ලබාගැනීමේ ක්‍රමවෙදයවත් සදහන් වෙබ් අඩවියක් හෝ මේතාක් පිහිටවන්න ඩිජිටල් කැබිනට් ඇමතිවරෙක් ඉන්න ඔබේ රජයට හැකි උනාද ?

02.   ශ්‍රී ලංකාවේ වියාපාරයක් රෙජිස්ටර් කර අදාළ සියලු සහතික සහ ලිපි ලේඛණ අන්තර්ජාලය තුලින් පැය 2 වැනි කාලයක් තුල  කරගැනීමට උවමනා තාක්ෂණයක් ආසියාවේ පැරණිම විශ්වවිද්‍යාල පද්දතියක් ඇති ශ්‍රී ලංකාවට නොහැකි වීම ගැන රජයේ ඇමතිවරයකු ලෙස ලැජ්ජාවක් ඇති නොවන්නේ මන්ද ?

03. ලෝකයේ විවිද තානාපති කාර්‍යාල පවත්වන අප ශ්‍රී ලංකාව අදාළ රටවල වියාපාරික අවස්ථා සොයාබලා ශ්‍රී ලංකාවේ රජයත් පුද්ගලික අංශය තුළවත් විදේශ විනිමය උපයාගැනීම ක්‍රමවේදයක් ඔබ වැනි  මහා බුද්ධිමතුන්ට යෝජනාකර අදාළ ඉහල නිලදාරීන් පිඩනයට පත්කර වැඩ කරන ක්‍රමයක් මෙතෙක් ඇති නොවුනේ ඇයි ?

04. ඔබ අවංකව විදේශ වෙළදපොල සදහා භාණ්ඩ සහ සේවා අපනයන කිරීමට සහ විදේශ විනිමය ඉයිමට උවමනාවක් ඇත්තම්  කලයුතු සරලම දෙයක් යෝජනා කරමි.

රජයේ වෙබ් අඩවියක් පටන්ගෙන විදේශ වලට විකිණිය හැකි භාණ්ඩ ලැයිස්තුවක් සකස් කරගන්න ඉන්පසු ඕනෑම පුරවැසියකුට අදාළ වෙබ් අඩවිය තුලින් ගිණුමක් පටන්ගෙන තමා කැමති භාණ්ඩය තෝරාගත් පසු එය කිසියම් රටකට අපනයනය කලයුතු නම් ලබාගතයුතු සියලුම සුදුසුකම් සහ යන මුදල අන්තර්ජාලය තුලින්ම ගෙවා ලබාගැනීමට පහසුකම් ලබාදෙන්න, උපාධිධාරීන්ට ණය නැතත් මෙවැනි සේවයක් නොමිලේ ලබාදුන්නත් රටට විශාල සේවයක් වනු ඇති.

මෙවැනි වැඩපිළිවලක් නොකර වසර 6 වැනි සුළු කාලයක් තුල විශ්‍රාම වැටුපක් ලබාගනිමින්, එවැනිම විශ්‍රාම වැටුප් වසර 25 පමණ සේවය කරන මිනිසෙකු ලබාගැනීම විවේචනය කරමින් කරන විලි ලජ්ජා නැති වැඩේ දැන්වත් නවත්තන්න.

ඔබ පාසල වන රාජකීය විදුහලේ පාටයක් ඔබටත් මෙරටේ අගමැති ටත් මතක්කරනු කැමැත්තෙමි
 Latin: Disce Aut Discede; ("Learn or Depart"); Latin: Floreat; ("Flourish")       

ඒ කියන්නේ ගරු ඇමති තුමා, එක්කෝ කරපන් හරියට නැතනම් බැහැපන් එලියට  ලෙසයි.

මෙවැනි ලිපියක් ලිවීමට සිදු වේ යයි කිසිදා නොසිතුවෙමි මම මෙය ලියන්නේ අවන්කවම අන්තිම මොහොතේ හෝ ඔබ යමක් කරයි කියන බලාපොරොත්තුව නිසයි.       

5 comments:

  1. ඔයාගේ යෝජනාව හොඳයි. ඒත් එහෙම වෙබ් අඩවියක් පටන් ගත්තා කියලා ඒකට ඔය උපාධිදාරීන් වේවා වෙනත් මිනිහෙක් හරි ගිහිල්ලා බලයි කියලා හිතනවද?විශ්වවිද්‍යාලවලට අන්තර්ජාලය මඟින් අයදුම් කරන්න හැදුවා, එතන මැරෙන්න හැදුවා දන්නෙ නෑ කියලා. කරුමෙට හරි දහම් සිරිසේන ඒ පාර කැම්පස් තේරුනා නම් ඕකත් අත් හි‍ටුවනවා. ටැබ් දෙන්න හැදුවා. ටැබ් වලට කලින් අහවල් එක කරන්න ඕන කිව්වා. ඒවා කරාද? ටැබ් එකත් නෑ, ඒකත් නෑ. දැන් ලංකාවේ යන අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි මොන දේ කරන්න හැදුවත් ඕකට කලින් අහවල් එක කරන්න ඕන කියලා තමන්ට වැදගත් ඉලව්වක් ගෙනත් කියවන එක. එහෙම නැත්නම් විරුද්ධ වෙනවා. ජපන් කාර් වලට බදු වැඩියි කියලා මැරෙන්න හැදුවම පොඩි කාර් වලට බදු අඩුයි කියලා උන් කිව්වේ නෑ. හැමෝම හැසිරුනේ ජපන් කාර් නැත්නම් මැරෙන සයිස් එකට. දැන් පොඩි කාර් වලට බදු ගැහුවම බලන් ගියාම කුලී වැඩ කරන එකත් කාර් එකක් ගන්න ගිහින්

    ReplyDelete
    Replies
    1. AnonymousAugust 22, 2018 at 6:21 AM,

      ඔබට මතකද " අන්තර්ජාලය ඔබේ නිවසට " කියල වැඩසටහනක් 1997 විතර කාලයේ තිබුන ? මතකද net2phone කියන අන්තර්ජාලය තුලින් විදේශ වලට නොමිලේ ඇමතුම් ගන්න ක්‍රමයක් හදුන්වා දුන්න, ශ්‍රී ලංකාවේ අති විශාල පිරිසක් මාත් ඇතුළු මේ අඩවිය තුලින් ඇමරිකාවේ නෑදෑයන් සමග පැය ගණන් කතා කළා විතරක් නෙමෙයි ඔවුන් ගේ රූප දැකීමේ පහසුකමත් තිබුන.

      මේවගේ තමයි ඔය කියන අඩවිය එය පාවිච්චි කරන ආකාරය රූපවාහිනියෙන් පැය කීපයක් පාවිච්චි කරලා වැඩසටහනක් නිර්මාණය කරන්න පුළුවන්, උවමනාව තියන මිනිසුන්ට ඉතා පහසුවෙන් තම භාණ්ඩ පිටරට යවන්න පුළුවන්.

      පිටරට යැවීමේදී DHL කරනවා වගේ TRACKING ක්‍රමයක් පාවිච්චි කලානම් වංචා අවම වෙනවා දේශීය සහ විදේශීය ගනුදෙනු කරුවන් සමග අපුරුවට මේ වැඩේ කරන්න පුළුවන්, එක එකාට අල්ලස් දීම මේ ක්‍රමයේදී උවමනා වෙන්නේ නෑ.

      මගේ පියා 1979 ඉල්ලපු දුරකථනය මට මතක විදියට ලැබුනේ 1988 දී නමුත් අදාළ අංශ වල කළමනාකාරිත්වය වෙනස් කලවිට අද ඔබට මුදල් අත්නම් දින කියයකින් දුරකතනයක් ලබාගන්න පුළුවන්.

      අනෙක් අතට උපාදිධාරින් කියන්නේ ඉංග්‍රීසි කතාව කෙසේවෙතත් ඉංග්‍රීසි කියවා තරුම් ගන්න පුළුවන් පිරිසක් ඔවුන්ට මෙවැනි දෙයක් අපුරුවට පාවිච්චි කරන්න පුළුවන්

      Delete
    2. ලංකා සිතුවිලි, මං හුස්ම ගත්තෙ මේ පොළවෙ හැදිච්ච ගහ කොල දහ දුකක් විදලා හදලා දුන්න ඔක්සිජන් ටික. මං කෑවෙ බිව්වෙ මේ පොළවෙ හැදිච්ච හාල් අල කොල දලු ටික. මං වැඩි අවුරුදු ගානක් ඉගෙන ගත්තෙ මේ රටේ මහජනතාවගෙ බදු සල්ලි වලින්.. ඇත්ත.. එහෙනම් මට යුතුකමක්තියෙනව නේද මේ රට වෙනුවෙන් දෙයක් කරන්න...? ඉතින් ඇය් මං මෙහෙන් යන්නම දගලන්නෙ?

      ලංකා සිතුවිලි අපි මේ රටේ පට්ට සාමාන්‍ය මිනිස්සු. අපේ අම්ම තාත්තගෙ උනන්දුවයි අපේ උවමනාවයි මහන්සියයි වාසනාවයි නිසා අද මාසිකව වේතනයක් ලබන සුරක්ෂිත සේවයක් කරන එක ඇත්ත.

      හැබැයි මේ අපි ... (පින්තුරය බලන්න)

      මේ රටේදි අපි නොවිදිනා දුක් විදලා රසසාවට එන්නෙ. ඒ ඇවිත් හම්බ කරලා අන්තිමට Rs. 62,500 ඉක්මවනව නම් payee tax ගෙවන්නෝන. දුරකතන දීමනාව ඇතුලෙ දුරකතන බිලේ බදු ගෙවද්දි ඒක ආයෙත් වැටුපට එකතු කරල බදු පිට බදු ගෙවන්නෝන. මනුස්සයක්ට කතා කරන්න බදු ගෙවන්නෝන. එහෙම ගෙවලා කාලා බීලා ඒවටත් බදු ගෙවලා ලිසින් ඉන්ශුවරන්ස් ඇතුලෙ ත් බදු ගෙවලා වාහනයක් ගෙන්නද්දිත්ගෙවලා අත්පත් කරගැනිමට සුදුස්සෙක් විමටත් බදු ගෙවලා පාක් කරද්දිත් ගෙවන්නොන.

      ඒ ඔක්කෝමත් ගෙවන්න පුලුවන් එහෙම එහෙම ගෙවලා වයසට ගියාමවත් වැඩිහිටි සුබසාදනයක් තියෙනවද.?

      අපි ඉතිරි කලත් බදු. ආයෝජනකලත් බදු.
      ජිවත් උනත් බදු. මගෙ රටේ මනුස්සයෙක් බයයි කසාදයක් නොබැද ඉන්න, දරුවෙක් නැති අම්ම කෙනෙක් සදාකල් ලතැවෙනවා. වයසට ගිහා ම කවුද අපිව බලා ගන්නෙ කියල.

      මිනිස්සුන්ගෙ හිත් පීඩනයෙන් පිරිලා. කීයෙන් කී දෙනෙක්ටද පුලුවන් මුලික ජීවන තත්වය ඉක්මවල යන්න? නමුත් පාර්ලිමේන්තුවට පත් වෙන්න කෝටි ගනන් වැයකරන දේශපාලකයන් පත් වුනාට පසසෙ පාර්ලිමේන්තු යනවටත් ගෙවනවා.

      මේක රටේ වරද නෙමෙයි. කවුරු නීති නිර්මානය කලත් ඒවා අනුමත වෙන්නෙ ව්‍යවස්තාදායකයින් නම් ඒ වෙනුවෙන් නම් මේ ගෙවිම් මහජන මුදලින් කරන්නෙ ඇයි පුංචි පුරවැසියා තැලෙන්නෙ පෙලෙන්නෙ?

      මේරටේ Threewheel එකක් හයර් කරන මනුස්සයෙක්ට උදේට ඉන්ධන පුරවා ගන්න. පලමු හයර් එකේ මුදල් ඕන වෙනවා නම් ඒක ඛේදවාචයක්.

      එහෙව් රටක පීඩනයෙන් පෙලි පෙලි විධායක තනතුරක් දරනවාට වැඩියෙන් සුබ සාදනයක් ඇති අඩු පිඩනයක් ඇති තැනක තාවකාලික පුරවැසියෙක් වෙන්න මං කැමතියි.

      Delete