Saturday, July 28, 2018

මෑත කාලයේ මම කියවන ලද විශිෂ්ටම පොත !!

පසුගිය ලිපිය මම ලිව්වේ කංසා නොහොත් ගංජා ගැනයි, මෙය ලිවීමට හේතු උනේ ආචාර්ය වසන්ත සේන වැලිඅංග " ත්‍රෛලෝක්‍යවිජයා " නමින් ලියන ලද ග්‍රන්ථය පිළිබද 



සදහන්වූ විනාඩි 21 ක පමණ වැඩසටහන නැරබීමෙන් පසු මම පුදුමයට පත්වුනේ මොහු කියනදේ ඇත්තද ? යන්නයි, වැදගත් ආචාර්ය වරුන් බොරු වපුරන මේ කාලයේ ආචාර්ය වසන්ත එසේ නොවන්නේ ඇයිද යන්න සෙවීමට මුලික හේතු වුනේ ඔහු බොරුවක් කියනවනම් මේ කරන්නේ ඉතා පහසුවෙන් ලෝකය හමුවේ බොරුකාරයක් වන මෙවැනි අවදනාමක් ගන්නේ ඇයි කියලයි.

මෙය සෙවීමට මම රුපියල් 1400 වන ඔහුගේ පොත මිලදීගැනීමට ඉක්මන් නොවුවෙමි, මා සිදුකලේ විද්‍යාත්මක ලෝකයේ කංසා Cannabis පිළිබද සිදුකල විද්‍යාත්මක පත්‍රිකා කියවීමයි, කංසා (Cannabis) පිළිබද සිදුකරන ලද පරීක්ෂණ වලින් 99% පමණ සිදුකර ඇත්තේ කන්සවල ඇති අහිතකර තත්වය සෙවීම පිණිසයි, පුදුමය වන්නේ මේ සියලු පර්යේෂණ වලින් මතුවී ඇත්තේ කන්සවල ඇති ගුණයයි.

මේ දේ ගවේෂණය කිරීමෙන් ආචාර්ය වසන්ත සේන වැලිඅංග ගැන වඩා පැහැදුන මම ඔහුගේ පොත මිලදීගැනීමේ අරමුණින් නුගේගොඩ සරසවි සහ බොරැල්ලේ සදීප පොත්හල්වලින් විමසු විට දැනගන්න ලබුනේ සියලු ග්‍රන්ථ විකිණී ඇති බවයි.

අවසානයේ සති කීපයකට පසු ඔහුගේ පොත මිලදීගැනීමට මට හැකිවුනා පිටු 350 පමණ වන මේ ග්‍රන්ථය කිසිදු ආයාසයකින් තොරව කියවිය හැකි උනා.

කලකින් මෙවැනි විශාල ග්‍රන්ථයක් මම එකදිගට කියවල නෑ! ඔහු මිනිස් ඉතිහාසයේ  පරිනාමයේ සිට නුතනත්වය දක්වා කංසා වල ඇති සම්බන්දය පෙන්වාදෙන්නේ අපුර්ව ආකාරයටයි.

මෙවැනි දීර්ග ඉතිහාසයක් ඇති ලෙඩරෝග සියගනනකට බෙහෙතක් වන කප්රුකක් වන මේ ශාකය ලෝකයේ තනහම් වන්නේ ලෝක බලවත් වියාපාර වලට තම විකුණන භාණ්ඩ වලට කංසා ශාකයෙන් කරන ඉහල ගුණත්වයෙන් යුතු අඩු මිලෙන් නිපදවියහැකි විවිද නිස්පාදන වලින් ඇති තර්ජනය ඉවත් කිරීම සදහායි.

බොහෝ මිනිසුන් මෙවැනි විෂයන් පෙන්වා දෙද්දී මෙසේ පෙන්වා දෙන පුද්ගලයන්ව හදුන්වන්නේ කුමන්ත්රණ නියායන් (Conspiracy Theory) ඉදිරිපත්කරන මිනිසුන් ලෙසයි, නමුත් වසර ලක්ෂගනනක් මිනිසා විවිද ලෙස ඔසු ලෙස පාවිච්චි කල කංසා ශාකය කිසිම සෞඛ්ය වැදගත්කමක් නැති සිත වුකුර්තිකරන බලවත්ම රසායනිකයක් ලෙස නම්කර කිසිම පරීක්ෂණයක් කල නොහැකි ලෙස වසර 70 වැනි කාලයක් තහනම් කල ආකාරය බැලුවනම් තේරෙයි මහජනතාවගේ මොළ විවිද බලවතුන් සොදන්නේ කෙසේද කියල.

මේ පිළිබද CNN ආයතනයේ වෛද්යවරයෙක් වන Dr. Sanjay Gupta


සදහන් කරනවා තම මතය වෙනස් කරගත් ආකාරය.

මිට අමතරව ලෝකයේ විශිෂ්ට සොයාගැනීම් ඉදිරිපත් කල පුද්ගලයන් කංසා පාවිච්ච් කරලා තියනවා



මෙය බැලීමේදී තේරෙන්නේ කංසා පාවිච්චිය වෙනස් චින්තනයකට උපකාර වන බවයි.

හැබැයි මම ආචාර්ය වසන්ත ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් තියනවා ඒතමයි කංසා වල THC වල මාත්‍රාව අද වනවිට විවිද පරාගන ක්‍රමවලින් ඉහල යවල තියනවා 1970 දසකයේ තිබුන කංසා වලට වඩා 20 ගුණයක් THC (Tetrahydrocannabinol) ප්‍රමාණය වැඩි වෙලා තියනවා  THC වලින් තමයි මත්ගතිය ඇතිකරන්නේ නමුත් THC බෙහෙත් වලත් පාවිච්චි කරනවා මිට අමතරව Cannabidiol    (CBD) ප්‍රමාණය වෙලදපොලේ (නිතියානුකුල රටවල ) සහ නීති විරෝධී නිෂ්පාදන වල ඉතා අඩුවෙන් හෝ නැති තරම්.

CBD කියන්නෙත් උවමනාම රසායනයක් මෙය බොහෝ ලෙඩරෝග සුවකිරීමට  උවමනා බවයි සදහන් වන්නේ, හැබැයි CBD ප්‍රමාණය වැඩි නම් කංසා වල මත්ගතිය අඩුවෙනවා, මෙනිසා මෙය නිපදවීම වන්නේ අඩුවෙන් .

මෙපිලිබද විග්‍රහයක් ආචාර්ය වසන්ත  ට කරන්න පුළුවන් නම් වටිනවා.

මිට අමතරව වයස 14 ත්  20 ත් අතර වයසේ දරුවන් කංසා පාවිච්චිය ඔවුන්ගේ මොලයේ වර්දනයට හානිකර ලෙස බලපෑ හැකිබව කියන මතය වසන්ත මහතාගේ මතය ඉදිරිපත් කල හැකි නම් වටිනවා.

අවසාන ලෙස කියන්න ඕනේ මේ ග්‍රන්ථය ලිවීමට  ආචාර්ය වසන්ත ට ලැබුන එඩිතර කම සහ ඔහු සමග ප්‍රසිද්දියේ තම අවංක අදහස ඉදිරිපත් කිරීමට එඩිතර වූ සියලු දෙනාටම මා ප්‍රණාමය පිරිනමනවා.       

           

19 comments:

  1. මමත් මේ දවස් වල ඔය ගැන දැඩි ලෙස හදාරමින් ඉන්නේ. ඔහුගේ පොත හොයාගෙන කියවන්න ඕනේ...
    ලංකාවේ ඇති සැටිවා වල THC වැඩියි CBD අඩුයි, නමුත් ඉන්ඩිකා වල THC අඩුයි CBD වැඩියි...
    ලංකාවේ අපේ මිනිස්සු අතරේ තියෙන්නේ දැඩි දුර්මතයක්, ඒවා ගාණට මිම්මට සමාජගත කරන්න සිගරැට් සහ අරක්කු සමාගම් වලිනුත් හොඳ දායකත්වයක් ලැබෙන්න ඇති...
    එක්කෝ ආණ්ඩුව විසින් අපේ බදු මුදල් වලින්ම කරාද දන්නෙත් නැහැ...

    මොකද දැන් රු.50/- ට විකුණන ග්ලෝඩ් ලීෆ් එකකින් රජයට ලැබෙන බදු ආදායම රු.42/- ක්...
    ඉතිරි රු.8/- තුළ තමයි ටුබැකෝ සමාගමේ නිෂ්පාදන පිරිවැය සහ ලාබය තියෙන්නේ...
    අරක්කු බියර් වල තත්ත්වයත් මීට වෙනස් වෙන්න විදිහක් නැහැනේ...

    මට තියෙන ලොකුම ගැටළුව තමයි හැමදාම විදේශ විණිමය ගැන වැදිබණ කියන මුන්දලා ඩොලර් තොග පිටින් රටින් එළියට යන එතනෝල් ගෙන්වීම වෙනුවට ඒවා හදන එක රට ඇතුලේ කරන්න උත්සාහ නොගන්නේ කියල...
    අපේ රටේ මොන තරමක් පළතුරු අපතේ යනවද...
    පිට රටින් ගෙන එතනෝල් වලින් අරක්කු හදන කම්පැණි දාල තියෙනවා වගේම හෝ ඊටත් වඩා වැඩි ප්‍රමිතියක් ඇතුව එතනෝල් හදන්න ෆැක්ටරි ඇති කරන්න බැරි ඇයි...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      මේ ආණ්ඩුවට විදේශ විනිමය ඕනේ නම් කරන්න ඕනේ රටේ ලක්ෂ 3 ක හමුදාවක් තියන නිසා රටේ රජයේ ඉඩම් වල දැඩි ආරක්ෂාව යටතේ කංසා වගාකරන එකෙයි,

      එහෙම කරලා කංසා වලින් නිපදවන ඔසු විදේශ ගතකරලා කෝටිගණන් විදේශ විනිමය හොයන්න පුලුඋවන් ඊට අමතරව කංසා දඩු පාවිච්චි කරල තහඩු නිපදවන්න පුළුවන් මේ තහඩු යකඩ තහඩු වලට වඩා 10 ගුණයක් ශක්තිමත් (බලන්න https://www.youtube.com/watch?v=srgE6Tzi3Lg ) දැනටමත් BMW සහ Mercedes මේවා තම නිෂ්පාදන වල යොදාගන්නවා.

      නමුත් නියම ප්‍රශ්නය අන්තර්ජාතිකව එන බලපෑමට මුහුණදීමට පිටකොන්දක් ඇති පාලකයන් නොමැතිවීමයි.

      බලන්න ලෝකප්‍රසිද්ද Larry King මෙගැන කියන දේ https://www.youtube.com/watch?v=yg-RQJAuL_I

      මෙහිදී අන්තර්ජාතික බලපෑම් වලට මුහුණ දීමට රටට ආදරේ ඇති බුද්ධිමතුන් ගේ දැඩි හිගයක් තියනවා

      Delete
    2. අපි මේ දේවල් ගැන මිනිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පටන් ගත්තොත් ඔයලා සහයෝගය දෙනවද #ලොකු_පුතා??හැකි ඉක්මණින් ප්‍රතිචරයක් දක්වන්න..අපි සංවිධානයක් අරඹන්නයි සැලසුම් කරමින් ඉන්නේ...

      Delete
    3. ඔබ වැනි අය අපට ඉදිරියේදී වඩාත් ප්‍රයොජනවත් #ලොකු

      Delete
  2. කංසා ගැන අනවශ්‍ය බියක් ඇතිකරගැනීම හොඳ නෑ තමයි. කංසා වල ඖෂධීය ගුණය ප්‍රයෝජනවත් වෙන්නේ ඒ පිළිවෙලට අවශ්‍ය ප්‍රමාණයට ගන්නකොට. ලෝකේ බොහෝමයක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන පිරිස් මේක මත් වීමේ ක්‍රමයක් විදිහට පාවිච්චි කරනව. ඒකයි මෙතන තියෙන ඇත්ත නැත්ත තේරුම් බේරුම් කරගන්න තියෙන බාදාව.

    ReplyDelete
    Replies




    1. Siri Laka, මත්ද්‍රව්‍ය පිළිබද මගේ පුද්ගලික අදහසනම් මත්වීමේ පරමර්තයෙන් නොගතයුතුයි කියන එකයි.
      නමුත් කෙනෙක් මගෙන් ඇහුවොත් මද්‍යසාර සහ කංසා යන දෙකෙන් නිතියානුකුල කල යුතු මොකද්ද කියල මම කියන්නේ කංසා නීති ගත කල යුතුයි කියලයි.

      මිට හේතුව දහස් ගණනක් මත් පැන් වලින් මියයද්දී කංසා පමණකින් කිසිම මිනිසෙක් මියගිහින් නෑ.

      මේ දේ තේරුම් ගත්ත කැනඩාව මේවනවිට කංසා නීතිගත කරලා තියනවා ඉදිරි ඔක්තෝම්බර් මාසයේ කැනේඩියානු පුරවැසියකුට කංසා ශාක 4 වවන්න පුළුවන්.

      Delete
  3. වසන්ත වැලිඅංග versatile කෙනෙක්. සත්ව විද්‍යාව කරලා, ගුහා ගවේශණය (Speleology) , පුරා විද්‍යාවත් කලා

    ReplyDelete
    Replies


    1. Pra Jay, වැදගත්ම දේ තමයි ඔහු ලෝකයට විශාල දායාදයක් ලබාදීලා තියනවා විවිද ආකාරයේ විද්‍යාත්මක පත්‍රිකා ලොව ප්‍රකට ජනලවල පලකරලා.

      මම දකින වැදගත්ම දේ තමයි ඔහුගේ එඩිතර කම, මොකද මේ විෂය ගැන දනුඋවත් උගතුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඔවුන්ට කෙලින් තමන්ගේ අදහස කියන්න බයයි

      Delete
  4. mama colabin ganna thanak hoyanawa. thama hambune nane. kohomada hoyaaganne?

    ReplyDelete
    Replies
    1. මම නම් නීති විරෝධී වැඩ වලට කැමැත්තක් නෑ අපි කරන්න ඕනේ මේවගේ දේවල් ගැන මිනිසුන් දැනුවත් කර නිතිය වෙනස් කර ගැනීමයි.

      මෙන්න නීති විරෝදී කන්සවලින් නිතියානුකුල නිෂ්පාදන නිපදවන ඇමරිකාවේ සහ එංගලන්තේ පැටිකිරිය

      https://www.ebay.com/sch/i.html?_from=R40&_nkw=cannabis+oil&_sacat=0&_pgn=1

      බලන්න මේ දියුණු රටවල් මේ නීතිවිරෝදී භාණ්ඩය නිතියානුකුල කරලා තියන විදිය
      Hemp Oil කියන්නේ කංසා (ගංජා ) වලින් හදන තෙලුයි පුංචි කුප්පියක් ලංකාවේ මුදලින් රුපියල් 5000 පමණ වෙනවා

      Delete
    2. අපි මේ දේවල් ගැන මිනිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පටන් ගත්තොත් ඔයලා සහයෝගය දෙනවද Lankika Sithuwili ??හැකි ඉක්මණින් ප්‍රතිචරයක් දක්වන්න..අපි සංවිධානයක් අරඹන්නයි සැලසුම් කරමින් ඉන්නේ...

      Delete
    3. උපරිම සහයෝගය දෙනවා !!

      Delete
    4. බොහොම සංතෝසයි මිත්‍රයා... මෙ මගේ facebook linkඑක.. මේකට msgකරන්න.. අපේ වැඩසටගන ගැන දැනගන්න, ඒ හා එකතු වෙන්න.. ඔබේ ඉක්මන් ප්‍රතිචාරයට ස්තුතී
      https://www.facebook.com/nuwan.asanka.501

      Delete
    5. නැතිනම් ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරයක් පවසන්න..

      Delete
  5. We all should prefer to bestow our gratitude on Dr.Walianga(Walianga Sir) for his humble committed research on that regard, and for the revelation of implications. And also he is probably a genuine character, because he has taken the risk of criticize by the current traditional society.

    ReplyDelete
    Replies
    1. Indeed he has taken a considerable risk! unfortunately these types of professionals are very rare in this country!

      Delete
  6. http://pokuruwahi.blogspot.com/2018/08/blog-post.html

    ReplyDelete
  7. https://lankasithuwili.blogspot.com/2018/08/wathsala-wijayalath-phd.html

    ReplyDelete