Monday, March 14, 2016

PAYPAL අපට මෙපමණ උවමනා ඇයි?




 
PAYPAL ගැන සදහන් කලහම බොහෝදෙනා සිතන්නේ මෙය හරියට moneygram හෝ Western union වැනි මුදල් ගෙන්වාගන්නා විනිමය හුවමාරු මාද්යක් බවයි, නමුත් මෙය කොපමණ වැදගත් උපකරණයක් ද යන්න බොහෝ දෙනා නොදනී.

මෙය තේරුම් ගැනීමට යමක් ඔබට පැහැදිලි කරන්නම් ඔබ හිතන්න ඔබට වෙබ් අඩවියක් තියනවා ඔබ අදාළ අඩවිය තුලින් ගෙදරදී මසන ගෙත්තමක්  විකුණනව  දැන් ඔබ ට පුළුවන් වෙබ්අඩවියක් මගින් ඔබ නිපදවන භාණ්ඩය ලොවට පෙන්වන්න.

මෙය දකින ඇමරිකානුවෙක් කැමති වෙනවා මින් කිසියම් ගෙත්තමක් මිලදීගැනීමට දැන් ඔහු උවමනා පාට සහ ඔහුට අධාල භාණ්ඩය යැවීය යුතු රට ආදී තොරතුරු ලබාදුන් පසු ඔබට ගෙවියයුතු මුදල PAYPAL ඔස්සේ ගෙවීම කරනවා, මෙසේ කල වහාම සිදුවන්නේ ඔබ නමින් ඇති PAYPAL ගිණුමට මුදල් ලැබීමයි දැන් ඔබට උවමනා කරනවා ශ්රී ලංකාවේ වාණිජ බැංකුවකට Paypal ගිණුමේ ඇති මුදල් එවන්න, මෙන්න මේ පහසුකමයි අපට නැත්තේ.
අපට මේ පහසුකම තිබෙනවානම් සිදුවන්නේ ඔබේ අඩවියේ සිට paypal අඩවියට ඔබ වෙනුවෙන් ඇති රහස් අංකය සහිත ලින්කුවක් ලාබදෙන අතර ඔබ කල යුත්තේ අදාළ තොරතුරු කලින් ඇතුලත් කිරීම පමණයි මෙහිදී ගණනය කිරිම සදහා විශේස මෘදුකාංග රාශියක් ඇති අත්තර මේ බෝහෝ ඒවා නොමිලේ ලබාගත්ගකියි මේ ඊට උදාහරණයක්
මෙනිසා අලුත් වෙළෙන්දෙක් කිසිදු අමතර මුදලක් ගෙවා විශේෂයෙන් ලියවා ගතයුතු මෘදුකාන්ගයක් නෑ
එතකොට ඔබට මෙනිසා ලැබෙන්නේ සයිබර් අවකාශයේ පවත්වාගත හැකි වෙළද පොලක්.
මෙන්න මේ සරල සිද්දානතය තමයි බොහෝ පණ්ඩිතයන්ට තේරුම් ගන්න බැරී
මෙය සිදුවූ පසු බොහෝදෙනා පෙලබෙයි සුළුවෙන් භාණ්ඩ හා සේවා අන්තර්ජාලය ඔස්සේ විකුනන්න මෙය cottage industry ආකාරයට පවත්වන්න පුළුවන්.
බලන්න මෙය ඔබේ අඩවියට එක්කර ගැනීම කොතරම් පහසුද කියල

  

දැන් PAYPAL වැදගත් වන්නේ ඔවුන් කිසිම සාමාජික මුදලක් ය නොකරන නිසා ශ්රී ලන්කාවේ සම්පත් බැංකුව වසරකට ඔබ අලවි කලත් නැතත් ඔබ ගෙන් රුපියල් 60000 ක මුදලක් අයකරනවා. මිට අමතරව සෑම ගනුදෙනුවකම 4.5 % වැනි අගයක් අයකරනු ලබනවා මෙනිසා සුලුපරිමාන සහ මදය පරිමාන ආයතන වලට මෙය දරන්න බැරි මුදලක්.

බොහෝ උගතුන් PAYPAL ගැන කිව්වහම කියන දෙයක් තමයි මෙය මුදල් විශුද්ධි කරණයට පාවිච්චි කල හැකියි කියන දේ නමුත් මෙය සම්පුර්ණයෙන් අසත්ය වන්නේ PAYPAL ගිණුමට මුදල් දමන්නේත් එයින් මුදල් ගන්නෙත් බැංකුවක් හරහා නිසා ඕනෑම ගනුදෙනුවක් ගිණුම් ගතවීම නොදැනුවත්වම සිදුවෙනවා.

අනෙක් අය  කියනවා මෙය ලබාදුන්නොත් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රටෙන් පිටවෙයි කියල, මෙයත් වැරදි වන්නේ රටෙන් විදේශ විනිමය PAYPAL ඔස්සේ පිටකිරීමට පහසුකම් දැනටමත් ලනාදී ඇති නිසා. 

මෙහිදී බොහෝ අය නොදන්නා කාරණය නම් PAYPAL මගින් ශ්රී ලංකාවට මුදල් ගැනීමට නොහැක්කේ ශ්රී ලංකා මහබැංකුව බාදා කරන නිසා නෙමෙයි මෙයට බාදා පනවා ඇත්තේ PAYPAL ආයතනය විසිනුයි ඔවුන් ශ්රී ලංකාවේ රජයට කියන්නේ කෙසේ හෝ ආරක්ෂක විදික්රමයක් තම ගනුදෙනු කරුවනට ලබාදෙන ලෙසයි, මෙය ලබාදෙන තුරු අපට ඔවුන් PAYPAL සේවය ලබා නොදෙනු ඇති.

මිට අමතරව තව වැදගත් දෙයක් ඇත අප සුළු පරිමාණයෙන් අපනයනය කරන විට යොදාගන්නේ ශ්රී ලංකා තැපැල් සේවයයි, අද සිදුකරන වංචා සිදුවුනොත් අපට අන්තර්ජාතික වෙළදාමේ ලැබෙන්නේ නරක නමකුයි මේ නිසා මුලින්ම තැපැල් සේවය නවීකරණය කිරීම උවමනා කරනවා. මෙහිදී පුද්ගලයෙක් පාර්සලයක් ගෙනත් දුන්නහම අදාළ පාර්සලය ඇත්තේ කොහෙට යනබව සොයාගත හැකි Barcode (කේත ) ක්‍රමයක් උවමනා කරනවා මෙය ඇතිකිරීමට රට්ට් අති  විශාල මුදලක් වැයවෙන්නේ නෑ රටේ තක්ෂණික විශ්වවිද්‍යාලය වන මොරටුව විශ්වවිද්‍යාලය මගින් මිට උවමනා සහය ලබානන්න පුළුවන්.
මෙවැනි ක්‍රමවේදයක් ඇති විට කිසියම විදේශිකයකු මුදල් ගෙවා  ඇනවුම් කලවිට ඔබ සිදුකල යුය්ත්තේ තැපෑලට අදාළ පාර්සලය ලබාදී අනුක්ක්රමික අංකයය ගනුදෙනු කරුට යැවීමයි.
අදාළ ගනුදෙනු කරු අපේ තැපැල්  වෙබදවියට ගිය විට සිදුකල යුත්තේ අනුක්ක්රමික අංකය මගින් තම ප්ර්සලය ඇත්තේ කොහෙද ? යන්න දැනගැනීමයි.
පසුගිය දිනකදී ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කළා 1994  ඩොලර් බිලියන  4 පමණ වූ අපනයන පරමානය වියට්නාමේය ඇමරිකානු ඩොලර් බිලියන 5.5  වී තිබුබවත් අද වනවිට ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන  30 (මට මතක ඔහු කිව්වේ ඩෝලර් බිලියන 15ක් පමණ අගයක් නමුත් එය නිවැරදි නෑ ) වෙද්දී      වියට්නාමය ඩොලර් බිලියන 160 ඔවුන් අපනයනය කරන භාණ්ඩ අතර ( clothes, shoes, marine products, crude oil, electronics, wooden products, rice, coffee, machinery )   
 
අද වනවිට අපි විදුලිය විසන්ධි කිරීමට පටන් ගෙන තියනවා මේ සියල්ලෙන්ම පෙනෙන්නේ මේ රජයේ සැලසුම් ඇතුව වැඩ නොකරන බවයි, ඉදිරියට අපි මෙහෙම හැසිරුනොත් අපට ඉතා දුෂ්කර අවස්ථාවලට මුනුන දීමට වෙයි.
යම් විදියකින් අපට මේ ආකාරයට අපනයන වර්දනය කල හැකිනම් වේගයෙන් අපේ සුලුපරිමාන නිෂ්පාදන විදෙශ වෙළද නොලට දමා රට දියුණු කල හැකියි.
හරින් ඇමතිතුමා FACEBOOK ඔස්සේ ඉල්ලා තිබූන ශ්‍රී ලංකාවට උවමනා තක්ෂණය ගැන අදහස් ඉදිරිපත් කරන්න කියල, මෙගිදී පාසැල් ළමයින් සහ ගෘහනියන් යොදාගෙන තිබුන මම නම් හිතන්නේ මොරටුව විශ්වවිද්‍යාලය වැනි තක්ෂණික විශ්වවිද්යාල වලින් ඇසුව නම් වැදගත්.
මෙන්න හරින් මැතිතුමනි මගේ අදහස.         

4 comments:

  1. සුභ යහපාලනයක් වේවා.....

    ReplyDelete
    Replies
    1. කලකට ඉස්සල එක්කෙනෙක් සුබ අනාගතයක් වේවා ! කිව්වා

      Delete
  2. මේකයි මචෝ සීන් එක. සබ්ජෙක්ට් එකට අදාල ඇමති කෙනෙක් නැති එකේ අඩුව තමයි බන් මේ ඔක්කොටම මුල. අර මිලින්ද මොරගොඩ වගේ (මිනිහගේ මොන වැරැද්ද තිබ්බත්) සුපිරි පොරක් ඉන්ට ඕනි රනිලය ලඟ. මොකද වැඩේ වෙන්නේ නැතිනම් වැඩේ වෙනතැනට වැඩ කරගන්ට පුලුවන් එකෙක් ඕනි.

    ReplyDelete
    Replies
    1. Tilan Athur,

      මිලින්ද ගැන මට හොදට මතකයි 2002 දී ඔහු කිසිදෙයක් හරියට කලේ නෑ ඔහු තමයි ඒවෙනකොට IT බාරව හිටියේ ඔහු කිව්වා ලොකු කතා කරපු දෙයක් නෑ.
      අර ගෙට්වේ මේ ගේට්වේ ගැන කිවත් නිකන් හුලන් විතරයි.
      අන්තිමට http://www.sundaytimes.lk/090621/Plus/sundaytimesplus_04.html
      කරපු වංචා වැලින් බේරෙන්න ඔහු මහින්දට කඩේ ගියා.
      මම මේ ගැන හර්ෂ සිල්වා ඇමති වරයට කීප වරක් කිව්වත් සද්ද නෑ, මට හිතෙන විදියට ඔහු කැමති නෑ තමන්ට අයිති නැති අම්ට්‍යන්සයක ප්‍රශ්නයකට අත දමන්න.

      Delete