Saturday, March 7, 2015

ජනතා විමුක්ති පෙරමුණේ හර්ධ සාක්ෂිය :- (දන්නා යක්ෂය හොදයිද? නොදන්නා දේවියා තරම්!)



මෙය ලිවීමට සිතුනේ http://www.w3lanka.com/2015/03/blog-post_64.html දැකීමෙන්.
Ajith Perakum Jayasinghe මහතා පෙන්වාදෙන කරුණ උපුල් ෂාන්ත සන්නස්ගල ස්ත්යාගාරය ඉදිරිපත් කරන විටදී මගේ මනසට පැමිණිය.

ජනතා විමුක්ති පෙරමුණේ ඉතා හොද සාදනිය  ලක්ෂණය නම් ඔවුන්ගේ විනයයි.


01. කුමාර් ගුණරත්නම් ගැන ඇසුවිට අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්නය මගහැර යාම මහින් මට වැටහුනේ ඔවුන්ගේ සංවිදානයේ පවතින රහසිගත බවයි.ජනතාව ලෙස ඔවුන්ගේ සංවිදානයේ පවතින ගුප්තබව අප තේරුම් ගත යුතු යයි සිතමි.
ප්‍රශ්නය වන්නේ බලය ලැබුවිට ඔවුන් බොහෝ ප්‍රජචන්ට්‍රවාදී අයිතිවාසිකම් අහෝසි කිරීමට ඉඩ ඇති බවයි.

02. අනුර කුමාර දිසානායක මහතා විවුර්ත ආර්ථිකය පවත්වන අයුරු විස්තර නොකරයි:-

මෙය තරමක් පැහැදිලි කරගත යුතු යයි සිතමි, ජනතා විමුක්ති පෙරමුණ පහත ප්‍රශ්න කෙසේ  විසදනු ඇතිදැයි අප ඇසිය යුතුය.

01. පුද්ගලික දේපල අයිතිය පිළිබද ඔවුන්ගේ මතය.
02. නිදහස් වෙළදාම පිළිබද ඔවුන්ගේ අදහස්
03. රැකියා වර්දනය පිළිබද ඔවුන්ගේ සැලසුම
04. විදේශ වෙළදාම පිළිබද ඔවුන්ගේ ප්‍රතිපත්තිය.
05. රජය විවේචනය කිරීමට මහජනයාට ඇති අයිතිය සහ දේසපාලන පලිගැනීම් වැළකීමට ඇති වැඩපිළිවල.
06. විදේශ ආයෝජන ලබා ගෙන රට සංවර්දනය කරනවද නැතිනම් දේශීය ආයෝජනයෙන් එය කරනවද ?
07. අපේ විදේශ වෙලදාමේදී ගනුදෙනු කිරීමට බලාපොරොත්තු වන රටවල් සහ අපනයනය කරන දේ
08. රජයේ බදු ප්‍රතිපත්තිය (අදායමෙන් කොපමණ රුජු බදු වනවද බදු නිදහස්ව කොපමණ මුදලක් තබාගත හැකිද ?)
09. ආයෝජනය දිරිගැන්වීමට යොදාගන්න උපක්‍රම මොනවද ?
10.රජය මැදිහත් වන්නේ කෙලෙසද ? කුමන කර්මාන්ත වලටද ? කෙසේද ?

අප මතක තබා ගතයුතු කරුණ නම් ඉදිරියේ පවතින මැතිවරණයෙන් බොහෝවිට විපක්ෂය බවට හෝ රජය මෙහෙවයන පාර්ශවයක් බවට ජනතා විමුක්ති පෙරමුණ පැමිණෙනු ඇති බවයි. එහිදී ඔවුන් අතට තව අවුරුදු 6 දී බලය ලබුනවිට ඔවුන්ගේ හැසිරීම දැනගැනීමට ඉහත ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලබාගත යුතුය, මතක තබා ගතයුත්තේ විනය ඉතා ආකර්ශනිය දෙයක් උවත් පැසිස්ට්වාදී සන්විදානයක් පවතින්නේ විනය මතයි උදනරන LTTE සංවිදානයේ ඉතා දැඩි විනයක් තිබුනත් සිදුකරනලද්දේ ට්‍ර්ස්තවාදී ක්‍රියා බැවිනි.  

ජනතා විමුක්ති පෙරමුණ ඉහත අසනලද දෙය පැහැදිලි කලොත් ඔවුන්ගේ අවංක බව අපට බල ගත හැකි වනු ඇත.

12 comments:

  1. හැමෝටම බලය නැති කාලේ කියන කතා බලය ලැබුනම කර ගන්න බැරි බව දැන් ඉතින් ඔප්පු වෙලයි තියෙන්නේ.. දැන් බලන්න තියෙන්නේ ජවිපේ ගැන විතරයි.. ඒත් මම හිතන්නේ ආසන වැඩි ගානක් සමහර විට ඊළග ඡන්දෙන් ලැබුනත් බලයක් දෙන්න තරම් අපේ මිනිස්සු තාම බයයි..

    ReplyDelete
    Replies
    1. Dinesh,

      "බලයක් දෙන්න තරම් අපේ මිනිස්සු තාම බයයි"

      මෙය ඉතාම සාදාරනයි! 1989 දී අවුරුදු 13ක වයස මට ඔවුන් ක්‍රියාකළ අයුරු හොදට මතකයි. මගේ ප්‍රශ්ණය තවම ඔවුන්ගේ මුල් පදනම පවත්වන බවයි.
      අනුර කුමාර මහතා පවසන්නේ බලය ලබාගැනීමට සන්නද්ද අරගලයකට නොයන බවයි ඔහු නොකියන දෙය නම් බලය ලබාගත් පසු ක්‍රියා කරන අයුරුයි!

      ජනතා විමුක්ති පෙරමුණ උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කලත් ඔවුන්ගේ පදනමේ සිටින්නේ තද ද්වේශයෙන් සහ හීනමානයෙන් පෙලෙන පිරිසකුයි පන්ති වයිරය ඔවුන්ගේ මනසේ පවතින මුලික බලයි.

      මේ නිසයි ඔවුන් ඉදිරි ප්‍රතිපත්තේ බලයට පැමිණීමට පෙර එලි දැක්විය යුතු වන්නේ, මේ පිළිබද සන්නස්ගල මහතා ප්‍රමාණවත් ලෙස ප්‍රශ්ණ නොකළ බව මගේ හැගීමයි.

      Delete
    2. jvp එක ගැන අපිට ඒ අත්දැකීම නැති උනාට අපේ දෙමවුපියගේ මතකයේ ඒ දේවල් තියෙනවා .. බලයක් දෙන්න තාම බයයි කියන එක සාදාරණයි තමයි.. ඒත් දැන් jvp එකේ ඉන්නෙත් ඊලග පරම්පරාවනේ,, අපිට වෙන්නේ හැමදාම ආණ්ඩු පෙරලා පෙරලා දේස් දෙවොල් තිය තියා ඉන්න තමයි හැමදාම... පේන මානෙක මට නම් පේන්නේ නෑ කිසිම යහපතක් කල හැකි කෙනෙක් දේශපාලනය තුල.

      Delete
    3. මාතෘකාවේ නොපෙනෙන දේවියා කියලා තියෙන්නේ වරදීමකින්ද? නැතිනම් ඔබ යමක් අදහස් කලාද

      Delete
    4. Apurvi,

      ජනතා විමුක්ති පෙරමුණ ගැන තීරණය ගැනීමේදී ඔවුන්ගේ මනස හදුනා ගැනීම ඉතා වැදගත්, මෙහි බහුතරය පන්ති වයිරයෙන් පෙලෙන බහුතරයක් සිටි බලයට පැමිණීමට පෙර අප දකින්නේ ඔවුන්ගේ සාදනිය ලකුණක් ලෙසයි එනම් අල්ලස දුෂණයට ඔවුන්දක්වන විරෝදය, නමුත් ඔවුන්ට බලය ලබුනවිට දැන් පවතින දනවාදී පරිබෝජන වාදී සමාජයේ දී විදේශිය වෙළදපොල සමග ගනුදෙනු කරන පිළිවෙල, රැකියා අවස්ථා ඇතිකරන පිලිවල ගැන ඔවුන්ගේ දැනුම අවම බව කිවයුතුය.

      අවසාන ප්‍රතිපලය නම් රටේ ප්‍රශ්න ඇති වීමයි. ඔවුන්ගේ නියම මුහුණ දකින්ට හැකි වන්නේ එවිටයි, 1989 අවුරුදු 13 ළමයකු ව සිටි මම කොලබ අගනගරයේ අපේ ගෙදරට මිටර් 100 දුරින් වාරයේ ඉංජිනේරු මහතකු ඉරිදා දවසක උදයේ මරාදැමු අයුරු මා දැක්ක, ඔහු කල වරද රැකියාවට වාර්තා කිරීමයි.

      ඔබේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ සිටියානම් මෙපිලිබද හොද මතක ඇති.

      "මාතෘකාවේ නොපෙනෙන දේවියා කියලා තියෙන්නේ වරදීමකින්ද? නැතිනම් ඔබ යමක් අදහස් කලාද?"
      මෙය වැරදීමක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණ රගපාන්නේ දෙවියකු ලෙසයි නමුත් ඔවුන් ලග සිටින යක්ෂය ගැන දන ගැනීමට තමයි ඉහත ප්‍රශ්න යොමුකළ යුත්තේ.

      Delete
  2. සන්නසගල අනුර ඉස්සර ඇඹරුනා. ජේවීපී කියන්නෙ තරුණ කාලෙ එකතුවෙන්න හොඳ ආශ්වාදනීය ව්‍යාපාරයක් උනාට, කෑම රහ කරන ලුණු වගේ ප්‍රමාණය ඉක්මවා භාවිත නොකල යුතු දෙයක්.

    ඒක එහෙම නොවෙන බව මිනිස්සුන්ට දැනෙන්නනම්, ජෙප්පොන්ට මීට වඩා ගොඩක් දේ කර්න්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      1990 පසු ඉපදුන දැන් තරුණයන් 1989 වකවානුව ගැන කිසිවක් නොදනී. එක උදාහරණයක් පමණක් ගෙනහැර දක්වමි.
      1989 දී පස්සර නගරයේ සිදුවූ සිද්දියකි. මෙය මගේ නැන්ද කෙනෙකු මගේ පියාට විස්තරකරේ අප සියලුදෙනා නිවාඩුවට
      ගමේ ගිය විටයි.

      සිද්දිය මට මතක ලෙස :- පස්සර නගරයේ රජයේ සේවකයෙක් ජනතා විමුක්ති පෙරමුණේ අණ නොතකා ක්‍රියාකරන ලදී (මතක හැටියට තුන්ඩු කල්ලෙන් රැකියාවට නොයන ලෙස සදහන් කරනලද කරුණ නොසලකා හැරීමයි ) මිට දඩුවම ලෙස ඔහුව T56 වෙඩිතබා මරාදමන ලද අතර සංවේග ජනක දෙය සිදුඋයේ එයට පසුවයි,

      එනම් ජනතා විමුක්ති පෙරමුණ පැවසුයේ ඔහුව පෙට්ටියක නොදමා පොලිතින් වලින් ඔතා වලදමන ලෙසයි. ඔහුගේ පවුලේ අය ඔහුව පෙට්ටියක දමා වලදැමූ අතර දින කීපයකට පසු ඔජස්ගලන මිනිය ඔවුන්ගේ නිවාස මිදුලේ ගෙන ගොස් දමා තිබුණි.

      අවසානයේ නිවැසියන්ට සිදුඋනේ එම මිනිය පොලිතින් වලින් ඔතා දණහිසට පහලින් ඔසවාගන නැවත වැලලිමයි.

      ඉහත කරුණ නැවත මතක්කලේ ජනතා විමුක්ති පෙරමුණට අපහස කිරීමට නොවන අතර ඉදිරියේ පලනයකදී ඔවුන් ආර්ථිකය පාලනය කරන විදිය
      බලය ලැබීමට පළමුව ජනතාව හමුවේ ඔප්පුකලයුතු බැවිනි.

      Delete
  3. මෙහෙමයි............. අපිට අනුව කියනවානම් ජවිපෙ ලංකාව තුළ දේශපාලනය කරන්නේ පක්ෂයක් විදිහට තනියම අාණ්ඩුවක් හදන්නට නොව.... ඒක කරන්න බැරි බව රටේ ඔ්නෑම පොඩි ඒකෙක් පවා දනී... අනික් අතට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක ඔවුන්ට ඡන්ද වලට ඒන්නත් බෑනේ පදනම ගැන කතා කරොත්.. ඒත් ඔවුන් රට තුළ බලවේගයක් විදිහට ගොඩනැගෙන්න උත්සහ ගන්නවා... විශේෂයෙන් ම තුන්වැනි බලවේගය විදිහට.. ඊට පසු මේ ධනවාදී අාණ්ඩු වල මාර්ගය තමන්ගේ අවශ්‍යතාවය අනුව වෙනස් කිරීමේ ක්‍රමයකට තමයි ඔවුන් ලංකාවේ දේශපාලනය කරන්නේ.......

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර,

      මට සිතෙන දෙය නම් බොහෝවිට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මැතිවරණයෙන් දෙවෙනි බලවේගය බවට පත්වනු ඇති බවයි. ඉන් පසු ඔවුන් රගපානු ඇත්තේ වීරයාගේ චරිතයයි.

      ජනතා විමුක්ති පෙරමුණ පිළිබද මගේ දැඩි විවේචන මෑත කාලයේ නැතත්. ජනතාව ලෙස ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත නොහැක්කේ ඔවුන්ගේ ගුප්ත හැසිරීමයි.

      ඔවුන් ගෙන් අප විමසිය යුත්තේ ආර්ථික ප්‍රශ්න විසදන අයුරුයි. එහිදී අපට ඔවුන්ගේ ඇත්ත චරිතය වැටහ ගත හැකි වනු ඇති.

      Delete
  4. අද කෙසේ වෙතත්, සැබෑ බලයක් ලැබුණු පසු ජවිපෙට අන් මත ඉවසීම කළ හැකි ද යන්නයි ලොකුම ප්‍රශ්ණය!

    මුල සිටම ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියපු යුඇම්පීයට 1977 සිට 1993 දක්වා ඒක බැරි වුනා. සිරිලංකා එකට 1970 සිට 1977 දක්වාත්, 2002 පමණ සිට 2005 දක්වාත්, 2010 සිය 2015 දක්වාත් බැරි වුණා!

    ReplyDelete
  5. රසික,

    ජනතා විමුක්ති පෙරමුණේ මාදකින වෙනස නම් විරුද්දවාදීන් විනාශකිරීමට ඔවුන් දක්වන කැමැත්තයි.
    ඔවුන් බලයට පැමිණියොත් ලෝකයේ අනෙක් රටාවක් සමග අන්තර්ජාතික වෙළදාමට යොමුවීම සිදු නොවුවොත් ඔවුන් සිදුකරන්නේ රටතුල ජනතා අයිතිවාසිකම් පාලනය කිරීමයි, මෙහිදී ලොව අනෙක් රටවලට කළහැකි බලපෑම අවම වේවි. අද කාලයේ පොල්පොට් ගේ වැනි පාලනයක් ක්‍රියා කල නොහැකි උනත් ඊට ආසන්න පාලනයක් ඔවුන් පවත්වනු ඇති.

    මෙනිසයි ඉහත ප්‍රශ්න ඔවුන්ට යොමුකර ඇත්තේ

    ReplyDelete