Saturday, January 17, 2015

රාජ්‍ය සේවය සංවර්දනය උදෙසා !


අති විසාල රාජ්ජ්‍ය සේවයට කලයුත්තේ කුමක්ද ?

ඔබ රාජ්‍ය සේවකයකු නම් අද සාකච්චා කිරීමට යන මාතෘකාව බිය උපදවන එකක් උවත් ගතයුතු පියවර නිසි ලෙස ගත හොත් සතුටුදායක විසදුමකට පැමිණිය හැකි වනු ඇත.

වර්තන්මන ලෝකයේ පවතින තොරතුරු තාක්ෂනය ඉහත ප්‍රශ්නයට පිළිතුරු සපයන අයුරු පැහැදිලි කරන්නම්.

අද රාජ්ජ්‍ය සේවය පවතින්නේ ඉතා අවදානම් තත්වයකයි ලක්ෂ 4 පමණ වියයුතු රාජ්ජ්‍ය සේවය අද ලක්ෂ 14 සිටී. මෙයින් ලක්ෂ 8 පමණ කිසිදු සැලැස්මකින් තොරව හිටපු ජනාදිපති තුමා බදවාගත් පිරිසයි (මොවුන් ගෙන් සැලකියයුතු පිරිසක් උපාධිදාරීන් වේ ) ප්‍රශ්නය නම් ඔවුන්ව කිසිදු පලදායි කටයුත්තකට යොදවා නැති වීමයි.

පහත සටහන තොරතුරු තාක්ෂණය මාදන්නා ආකාරයට මෙයට පිළියම් ලබාදෙන අයුරු පෙන්වා දීමයි. මෙම ලිපිය කියවන අයට තම අද්දැකීම් වලින් දායක විය හැක.

අප ලෝකය සමග වෙළදාමෙන් ගනුදෙනු කිරීමට බාදා ඇත්තේ මුලිකවම ඉංග්රීසි භාෂාව හැසිරවීමට ඇති අපහසුවයි, මුලින්ම චීනය මෙයට පිළිතුරු සොයාගත් අයුරු බලමු. චීනය ඇමරිකාවේ සහ යුරෝපයේ වෙළදාම දියුණු කිරීමට යොදාගත්තේ අලිබබා වෙබ් අඩවියයි මෙයින් චීන නිෂ්පාදකයනට විදේශිය ගැනුම් කරුවන් සොයාදීම සිදුකරන ලද්දේ චීන භාෂාව ඉංග්‍රීසියට පරිවර්තනය කරන වෙබ්පිටු මගිනි. මුලින් සුළු නිසප්දන අපනයනය කල චීනය දැන් මහාපරිමාණ නිෂ්පාදන අපනයනය කරන තැනට පත්වී ඇත.

දැන් ඉතා සරල ලෙස අප මෙය තෙරුම්ගමු, සිතන්න ඔබ සුලුපරිමාන අත්කම් නිමවන්නෙකු කියා, ඔබට සිත්ගන්නා නිෂ්පාදනයක් කළහැකිනම්
අන්තර්ජාලය මගින් ඔබට විකුනගනිමට පුළුවන් වේ. දැන් පහත පියවර මා පැහැදිලි කරන්නම්.

01. ඔබේ නිෂ්පාදනය අද ඇති පහසුකම් මත වෙබ් පිටුවක පලකරවා ගතහැක. (මෙම පිටුව සෙවුම් යන්ට්‍රවල ඇතුලත් වුවිට ගැනුම් කරුවන් ඔබ අඩවියට පැමිණිය හැක )

02. දැන් ගැනුම් කරුවන්ට ඔබේ නිෂ්පාදනය මිලදී ගැනීමට උවමනා නම් ඔබ කලයුත්තේ කුමක්ද ?
ශ්‍රී ලංකා රජය මේ අවස්ථාවේ කලයුතේ Payment Gateway පහසුකම ඉතා අඩු මුදලකට ලබා දීමයි (ශ්‍රී ලංකා වාණිජ බැංකු මෙම පහසුකම් දැනට ලබා දෙන්නේ වර්ශරකට රුපියල් 60000 පමණ මුදලකුත් සිදුවන සෑම ගනුදෙනුවකින්ම 3% මුදලක් අයකරමිනුයි. මෙය නව සුලුපරිමාන නිමවුම් කරුවකුට දැරිය හැකි මිලක් නොවෙයි.) ඇමරිකාවේ පවතින Paypal  ආයතනය මෙම පහසුකම සලසන්නේ 3% සිට 2.5% ප්‍රතිසතයක් සැම ගනුදෙනුවකින්ම අයකිරිමෙනුයි ඔවුන් මුලික වාර්ෂික ගාස්තු අයනොකරයි.

අවාසනාව නම් ශ්‍රී ලාංකිකයකුට    Paypal ගිනුමින් ශ්‍රී ලංකික බැංකුවලට මුදල් ගෙන්වා ගැනීමට නොහැකි වීමයි ( මිට හේතුව ශ්‍රී ලංකා මහා බැංකුව අදාල නියාමන පහසුකම් Paypal වෙත ලබා නොදීමයි, පසුගිය වසර 3 කාලයේ විවිද අවස්ථාවල මෙය කරනබවට පොරොන්දු රජය ලබාදුන්නත් තවම මෙය සිදුවි නැත.) අප බුද්ධිමත් නම් කයයුත්තේ Paypal මගින් මුදල් ලංකා බැංකුවලට ලබාගතහැකි ක්‍රමයක් සැලසීමත් පසුව   Paypal වැනි ආයතනයක් ශ්‍රී ලංකා රජයෙන් ස්ථාපනය කිරීමයි මෙමගින් විදෙස විනිමය විදෙස ගතවීම අවම කල හැක  (මිට අලුත් බදවා ගැනීම් නොකළයුතු අතර බදවාගත් දක්ෂ සුදුසුකම් ලත් පුද්ගලයන් මෙයට අනුයුක්ත කිරීම කලයුතු වේ )

Paypal ක්‍රමය යොදගිමෙදී විශේස වාසිය  නම් විදේශිකයන් තම ණයපත් යොදාගැනීමේදී සිදුවන අවදානම Paypal යොදාගනිමේ දී නොමැති නිසා අන්ත්ර්ජනික ගනුදෙනු පහසුවෙන් ඉහල නංවාගත හැකි වීමයි.

03 අප විසින් තැපෑල postal service මිට වඩා දියුණුකළ යුතුය, එනම් Online tracking  සහිත ඉතා ආරක්ෂා සහිත තැපැල් සේවයක් අපට උවමන කරයි.

ඉහත මුලික පියවර තුන ගැනීමට මෙම රජයට හැකි උනොත් පහසුවෙන් ලක්ෂ 8 රාජ්‍ය සේවකයනට පලදායි රැකියා අවස්ථාවක් හිමි වන අතර මහජනයාට රාජ්‍ය සේවය බරක් නොවනු ඇති.

දැන් ඉහත ආයතන වලින්  ලක්ෂ 8 ට රැකියා ලැබෙන්නේ කෙසේදැයි බලමු.

හිතන්න ඔබ ඉංග්‍රීසි නොදන්නා ලී  කැටයම් කරුවකු කියා ඔබ අන්තර්ජාලය පිළිබද කිසිවක් නොදනී, රජය මෙහිදී කලයුත්තේ  ඔවුන් මේවන විටත්  බදවාගෙන ඇති හැකියාවන් සහිත සේවකයන්  (බොහෝවිට උපාධිදාරීන් ) වෙනම ඒකකයක අනුයුක්තකර මෙම කැටයම් කරුවන් වෙනුවෙන් වෙබ් පිටු පවත්වා ගැනීම සහ ප්‍රවර්දනය වන අතර කැටයම් කරු කරන සියලුම අපනයන වලින් ප්‍රතිසතයක් අදාල ආයතනය තම ගාස්තුලෙස ලබා ගැනීමයි.

තවද මෙම සේවා විවිදන්ගිකරණය කල හැක උදාහරණ අන්තර්ජාතික ගනුම්කරුවකුගේ රුව කැටයම් කිරීම      
sculpture (මෙයට අන්තර්ජාල වීඩියෝ කැමරාවක් යොදා කල හැක ) දැනටමත් 16 mbps වේගයක් ලංකා ටෙලිකොම් මහින් සාමාන්‍ය ජනතාවට ලබා දෙයි.

ඉහත සේවයනට $250 සිට $ 500 මට්ටමේ මිලක් අදාල  කැටයම් කරුවට ලබාගත හැකි වනුඅති අතර රාජ්‍ය සේවකයා අන්තර්ජාතික වෙළදාම පිළිබද නිපුන බවක් ලබගත හැකිවනු ඇති.

දැන් ඔබවිසින් බොහෝ රැකියා ගැන සිතුවොත් මෙවැනි ක්‍රමයක් ස්ථාපනය කල හැකි වනු ඇති.

මා ඉහත සදහන් කල ක්‍රමය යොදා නොගන arunishapiro මහත්මියගේ නිදහස් වෙලදාම් ආකෘතිය යොදාගතහොත් මෙය ඉතා වේගවත් ව කළහැකි උවත් ගෙවිය යුතු සමාජ පිරිවැය ඉහළයනු ඇත. අප අද සිටින තැන සිට ගතහැකි මට පෙනෙන සාදනිය  උපායමාර්ගය මෙයයි.  

රජය ඉතා ඉහල ආරක්ෂාවක් විදේශිය ගැනුම් කරුවට ලබා දිය යුතු අතර එමගින් අදාල ආයතනය පිළිබද අන්තර්ජාතික කිර්තිය ඇති වනු ඇති.

සයු :-  මේ වැනි ක්‍රමයකට ස්වාදීන කොමිසම් අත්‍යවස්ය වන අතර දේශපාලනඥයනට ඉහල මුදලක් (කප්පම් මුදලක් ) ලබාදීම සිදු කල යුත්තේ මෙවැනි ක්‍රමයක් දිගටම පවත් වා ගැනීමටයි. මා මෙම මතය බොහෝ තැන වල සදහන්කල අතර කිවයුතු වන්නේ තවම  එකම පුද්ගලයකු වත් මගේ අදහස අනුමත නොකළ බවයි. (මේ වැනි කප්පමක් නොගෙවා මෙවැනි ක්‍රමයක් පවත්වාගතහැකි එකම මග ඉතා ඉහල බුද්දියෙන් යුතු මහජනතාවක් පැවතීමයි, එවැනි පිරිසක් ඇද්ද ? නැද්ද ? යන්න තිරණය කලයුත්තේ ඔබයි )    
       

10 comments:

  1. මේ ලඟදී ලංකාවේ රජයේ හොස්පිටල් එකක ඉහල කළමණාකාරිත්වයට සම්බන්ධ කෙනෙක් කියපු කතාවක් මතකි උනා. මේ හොස්පිටල් එක ස්වාධීන පරිපාලනයක් සහිත එකක්. කාලය්ක් තිස්සේ මිලියන ගනනක් පාඩු පිට පවත්වාගෙන් ආපු එක්ක. ඉතින් ඉහල කළම්නාකාරිත්වය කල්පනා කරලා තියෙනවා අලුතින්ක් පරිඝණකගත රෝගින්ගේ ගිණුම් පධතියක් හඳුන්වාදෙන්න. ඉතින් රෝහලේ හැමෝටම පුHඋණුවක් දුන්නාලු මේ පද්ධතිය ගැන. ඒ උනාට බොහෝ දෙනෙක් අකමැත්තෙන්ලු ආවේ. සමහරු කිවාලු කොම්පියුටර් ගහන එක අපේ රස්සාවේ කොටසක් නෙවේ කිව්වලු. සමහරු කිව්වලු අපිට ඉංග්‍රිසී බෑ කියලා. ඔය වගේ නොයෙක් 'බෑ' දේවල් තමා කියලා තියෙන්නෙ. කොහොමහරි වැඩේ පටන් අරන්. අද වෙනකොට පාඩුව ම්ලිය 8 ක අතිරික්තයකට ගෙනල්ලා. ඉතින් රාජ්‍ය සේවයත් ඵලදායී ලෙස ගේන්ට පුළුවන් ක්‍රම සහ විධි තියෙනවා. ඕනෙ හැමෝගෙම කැපවීම සහ උනන්දුව.

    ReplyDelete
    Replies
    1. Kandyan, සදයයෙන් පිලිගනිමි. 2007 දී ලංකාව පිළිබද මගේ අද්දැකීමක් පවසන්නම්. කැනේඩියානු රජය ශ්‍රී ලංකාවට ලබාදුන් ප්‍රදානයක කොන්දේසියක් වුයේ කැනේඩියානු රජය ශ්‍රී ලංකාවේ තෝරාගත් මහනගර සබා විගණනය කිරීමයි. මෙයට සහබාගි වූ මා දැක්කේ දේශපාලනඥයනට අක්‍රමිකතා කිරීමට හැක්කේ ක්‍රමවත් පරිගණක ගත ගිණුම් කාරණයක් නොතිබීමයි.

      Delete
  2. හොඳ ළිපියක් අවසන් කොටසට එකඟ නෑ..

    ReplyDelete
    Replies
    1. මාතලන්, නිසි ක්‍රියාමාර්ග ගත්තොත් අපරටේ අවුරුද්දක් වැනි කෙටිකලකින් විසාල දියුණුවක් කල හැකියි. මෙය ඔබට විහිළුවක් මෙන් පෙනීමට පුළුවන් අවශ්‍ය වන්නේ සියලු දෙනාගේ කැපවීම නෙමෙයි, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ රජයේ ඉහල කළමනාකාරීත්වයේ කැපවීමයි! එකග නැති දේ විස්තර කරන්න ඕනෑම විවචනයට විවුර්තයි !

      Delete
  3. හරියට කළමනාකරණය කරගත්තොත් මහා සම්පතක්.................

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර,

      අපේ රටේ මිනිසුන් ඉතාම දක්ෂ පුද්ගලයන්, කනගටුවනම් ශ්‍රී ලංකා වේ සිටින තාක්කල් ඔවුන් තම හැකියාව යොදන්නේ වැරදි ක්‍රමයටයි, නමුත් යුරෝපිය රටකට ගියවිට ඔවුන් විස්මිත දිවුනුව්ක් ලබයි.

      Delete
  4. සියළුම රාජ්‍ය සේවකයන්ට ඉංග්‍රීසි බස ඉගැන්විය යුතුයි.ලිවීම කියවීම,කථනය ඇතුලත් පරිපූර්ණ දැනුමක් ලබා දිය යුතුයි.දැනට කෙරෙන්නේ සිංහලයන්ට දෙමළත් දෙමළ අයට සිංහලත් ඉගැන්වීමයි.එය කාලය කා දැමීමක්.දෙපිරිසටම හොඳ ඉංග්‍රීසි දැනුමක් දෙන්න බැරි ඇයි

    පරිඝනක තාක්ෂනය දියුණු නිසා යල් පැන ගිය පොත අත්සන් කිරීම වෙනුවට නිවසේ සිට වැඩකළ හැකි ක්‍රමවේදයක් හදුන්වා දිය හැකියි.රාජ්‍ය සේවකයන් 50 % කටවටහ් මෙසේ වැඩ කළ හැකියි.
    එවිට විශාල මුදලක් ඉතිරි වන නිසා වැටුප් වැඩි නොකළත් කමක් නෑ.
    රජයේ සේවකායන් වෙනත් වෘත්තීන්ට පුහුණු කිරීමත් වැදගත්
    එසේම පොලීසියට හමුදාවට සේ අවුරුදු 20 න් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයකුත් තිබෙනවනම් හොඳයි
    අලුතෙන් බඳවා ගන්නා විට අවශ්‍යතාවලට තරඟ විභාග මගින්ම බදවා ගන්න ඕන.
    යල්පැන ගිය සේවා ක්‍රමය වෙනුවට ඒකාබද්ධ විකල්ප ක්‍රමයක් තිබෙනවනම් හොඳයි

    ReplyDelete
  5. https://www.youtube.com/watch?v=uqcxxxiqRlw
    රාජපක්ස මහතාගේ මෝඩ බදවාගැනීම් ඉහත වැඩසටහනින් තේරුම් ගතහැක

    මගේ අදහස නම් උපාධිදාරීන් කිසිම පලදායි වැඩක නොයොදවා කාලය නාස්ති නොකර, ඔවුන්ට මාස 6 පමණ වැටුප් සහිත ඉංග්‍රීසි විදිමත්ව ඉහන්වීමේ වැඩපිළිවලක් අරබනවානම් රටක් වසයෙන් ප්‍රතිලාබ සියලු දෙනාටම ලැබෙන බවයි.

    ReplyDelete
  6. රාජ්‍ය සේවය ගැන මම දන්න අත්දැකිම ඇති සත්‍ය කතාවක් කියන්නම්. මේ අංශයේ හිටපු පරණ සේවකයෙක් හැමදාම තමන්ගේ ලොක්කා වැඩ දෙනකොට ඉන්න අලුත් අයට කියලා නැත්නම් බය කරලා වැඩේ කර ගන්නවා. ලොක්කගෙන් ලකුණු මෙයාට.

    දවසක් ඉතාම ඉහලින් ආව නියෝගයකින් කියවුනේ මේ අංශයේ ඉන්න හොඳම වැඩකාරයා විශේෂ වැඩකට අමාත්‍යාංශයට යවන්න කියලයි. මෙයාගේ ලොක්කා දැනගෙන හිටිය වැඩ කාරයා මෙයා නිසා එයාව යැව්වා. අනිත්මට මොකද වුනේ? කිසිම වැඩක් බැරුව මෙයා බැණුම් ඇහුවා. අනිතිමට අස්වෙලා යන්න තීරණය කළා. ලොක්කා ලගට ඇවිල්ලා ඇත්ත කිව්වා. වැඩ කරේ වෙන අය කියලා පාපොච්චාරණය කලා. දැන් ලොක්කා මෙයා පව් කියලා කිසිම වැඩක් නොදී ආයෙත් මේ අංශයේ තියාගෙන ඉන්නවා. දැන් රාජ්‍ය සේවයට මොකද වෙන්නේ?

    වැඩ බැරිනම් අඩුම ගාණේ වැඩ උගන්වන්න ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. KAS ආයුබෝවන්, මා සියලුම සේවකයන්ගේ කාර්යක්ෂම තාවය මනිනු ලබන ආයතනයක් ලෙස දකින්නේ Google සමාගමයි බොහෝ දෙනා පරිගණකයක් ඉදිරිපිට වාඩිවී නොසිටියත් කරන කාර්ය දිගටම මනිනු ලබයි, මෙනිසා කිසිවෙකුට බොරු කල නොහැක.

      Delete