Friday, August 18, 2017

ශ්‍රී ලංකා දෙසපාලනයේ අනාගතය




මුලින්ම මම ස්තූති වන්ත වෙන්න ඕනේ chanuk bro youtube channel මල්ලිට මේක දැනුවත් කිරීම පිළිබඳව ඒ තමයි සිංහල වචන වලින් කියන එක සිංහලට පරිවර්තනය කරන පාවිච්චි කරලා ඉතා වේගයෙන් සිංහලෙන් ලිවීමට ඇති හැකියාව.

දැන් මාතෘකාවට ආවොත් මට අද බලන්න ලැබුනා මාලින්ද සෙනෙවිරත්න මහත්මය සිරස මාධ්‍ය ඔස්සේ පවත්වපු සම්මුඛ සාකච්ඡාවක් newsline වැඩසටහන තමයි මේ පහල තියෙන ලින්කුවෙන් ඔබට බලන්න පුළුවන්


මම මේකෙටි විනාඩි 3ක පමණ කොටස  කිපපාරක්  නැවත නැවතත් බැලුවේ, මෙවැනි ප්‍රායෝගික කතා බොහෝ අයට නොතෙරෙන නිසයි.

ඩේට බේරගන්න ඕනේ අය මෙතනින් බලන්න 

 ඉතාමත් වැදගත් කතාවක් අපට කියලා දෙන නිසා ඔහු අහනවා ඇයි  දේශපාලනඥයින් පාර්ලිමේන්තුවට එන්න කියලා ඔහුගේ පිළිතුර වුණේ ඇමැතිකම් ලබා ගන්න කියලා ඔහු ඊළඟට අහනවා ඇමතිකම් ලබා ගන්න කොච්චර මුදලක් වැය වෙනවද කියල මිලියන ගණනක් වැය වෙනවා කියලා කියන ඔහු නැවත පිළිතුරු දෙනවා.

නැවත ඔහු අනහව  කොහොමද මේ මුදල නැවත ලබාගන්නේ  කියලා මොකද නැවත ඔහු ඔහුගේ මිතුරන්ට මුදල් ලබා දෙන්නට සිද්ධ වෙන නිසා, පාර්ලිමේන්තුව කතානායක වගේ තනතුරු දරන කිසිම අමාත්‍යාංශයක් නොදරන දේශපාලඥයන් අහනවා කොහොමද ඒ අය තමුන්ගෙ උදව් කරුවන් ට නැවත ප්‍රති උපකාර කරන්නේ  කියලා මොකද ඔහු ණය ලබාගෙන තියෙන්න පුළුවන් විවිධ ක්‍රමවලට මුදල් එකතු කරගෙන තියෙන්න පුළුවන් තමන්ගේ ඡන්දෙ කරන්න, විශාල වියදමක් දරලා ඔහුට සිද්ධ වෙනවා


නැවත තමුන්ට ප්‍රතිඋපකාර කළ පුද්ගලයන්ට ණය ගෙවන්න අදාළ ඇමතිවරයා ට සිද්ද වෙනවා මෙහෙම කරනකොට ඔහු නොදැනුවත්වම විශාල වශයෙන් දූෂණ වංචාවලට සහභාගි වෙන්න සිද්ධ වෙනවා, මොකද තම පාක්ෂිකයන්ට උදව් කරන්න තියන ක්‍රමයක් තමයි මේ.  මෙනිසා  මේ ක්‍රමය වෙනස් කරන්න බලයට පත්වුණාට පස්සේ කෙනෙක් කැමති වෙන්නෙ නැහැ, මොකද තමතමුන්ට ඉදිරියට ගිහින් ගන්න පුළුවන් ප්‍රයෝජන ලබාගන්න බැරි හින්ද, නමුත් බලයට  එන්ට ඉස්සර හැමෝම කියනවා අපි මේක වෙනස් කර අලුත් ක්‍රමයක් ඇති කරන්නෙම්  කියලා.

 ඉතින් මේක කොහොමද කරන්නේ කියන එක අපි චුට්ටක් කල්පනාවෙන් බලන්න ඕනේ  මොකද හැමෝම කියන්නේ එක වෙනස් කරන්නම් කියලා තමයි නමුත් කිසි කෙනෙක් කැමති නෑ මේ ක්‍රමය වෙනස් කරන්න ඇයි එහෙම වෙලා තියෙන්නෙ?  මොකක්වත් නිසා නෙමෙයි මේ වෙනස් කරන්න කැමති හැමෝම  කැමති තමන්ට වාසියක් ලබාගන්න තමයි, තමන්ට අවාසි නම් එය සිදුවෙන්නේ නෑ.

  හැබැයි මේ සමහර අවස්ථාවල් තියෙනවා අපිට ජනතාව හැටියට ප්‍රයෝජන ගන්න පුළුවන් උදාහරණයක් හැටියට දැන් පවතින රජය එතරම් බලයක්  නෑ හැමෝම බලනවා බලය වැඩි කරගන්න එක්සත් ජාතික පක්ෂයට තේරිලා ඉදිරියේ මැතිවරණයකට මුහුණ දෙන්න සිද්ධවෙනවා කියල  ඔවුන්  කරන මූලිකම සහන ලබාදීම තමයි ඊළඟ බදු අඩු කරගෙන යන එක, මාස කීපයකට කලින්  විදුලි සංදේශ  බද්ද වැඩි කළා නමුත් දැන් ඔවුන් සූදානම් වෙනවා බදු අඩු කරන්න බදු අඩු කරන කොට  කියනවා අන්තර්ජාල පහසුකම් බොහෝ අයට ලබාදෙන්න තමයි ඒක කරන්නේ  කියලා, මෝටර් බයිසිකල් බදු අඩු කළා කියලා කියනවා නමුත්  අඩු වෙලා තියෙන්නේ japan motor bicycle  වල පමණයි japan motor bicycle කියන්නේ තරමක් මිලෙන් අධික දෙයක් සාමාන්‍යයෙන් මිලදී ගන්න යන්නේ නැහැ ඇත්තටම මේක කරන්නේ මිනිස්සු පොළඹවා ගන්නා බදු අඩු කළා කියන මානසිකත්වය දාන්ඩ නමුත් ඇත්තටම මෙයින් රජයට පාඩුවක් සිද්ධ වෙන්නෙ නැහැ, මේ වෙද්දී කපටි වැඩ ඉදිරියට කරන්නට උත්සාහ කරනවා බව කල්පනා කර බලන කොට තේරෙනවා ඇත්තටම මේ වගේ අවස්ථාවක තමයි නිසි කළමනාකාරිත්වය පහසු කරන්න උවමනා කරන පනතක් සම්මත කරගන්න ජනතාව හැටියට අපිට බල කරන්න අවස්ථාව ලැබෙන්නේ. 

මම හිතනවා මේකෙන් අපට ප්‍රයෝජන ගන්න ලැබෙයි කියලා මොකද මේ වගේ අවස්ථාවක තමයි උවමනා කරන යම් සාධනීය දෙයක්  එලියට ගන්න පුළුවන් වෙන්නේ. 




8 comments:

  1. ලංකා. ඔය gBOARD සිංහල සීන් එක ඇපල් ෆෝන් එකට වැඩ නැහැ. ලංකාවේ දේශපාලනය තව අවුරුදු 100 කටවත් හැදෙන්නෙ නැහැ. ඔබගේ එක කමෙන්ටුවක් දැක්ක පේ පෑල් ගැන. 2000දි වගේ මම ස්ටොක් ලොට්ස් ප්‍රොජෙක්ට් එකක කොඩිනේටර් හිටිය. ඒ දවස්වලත් පේ පෑල් නැතිකමට ලක්ෂ දෙකක් වගේ ගානකට සම්පත් බැංකුවෙන් පේමන්ට් ගේට් වේ එකක් අරං ඒ මනුස්සය අවුරුද්දකට අඩු කාලයකින් බොහොම දියුණු උනා. ඔබ කියන විදිහට අදත් පේමන්ට් ගේට් වේ එකක් 60,000/- විතර වෙනවනම් ඉන්ටර්නෙට් බිලෙන් 50% ම බදු නම් මිනිහෙක් අන්තර්ජාල වෙලදාමකට යොමු කරවන්නවත් ඒ ගැන හිතන්නවත් පෙලබෙන්නේ නැහැ. මේක නම් පුදුම රටක්.

    👊🏽

    ReplyDelete
    Replies
    1. ටික්කා ,

      ඔබ බොහෝ කලකින්,
      ටිකක https://www.youtube.com/watch?v=qy2nqNP14pU මගින් ඇපල් දුරකතනයක් මේක දාගෙන මේකත් බලන්න https://www.youtube.com/watch?v=E1slTMv92CI

      // ලංකාවේ දේශපාලනය තව අවුරුදු 100 කටවත් හැදෙන්නෙ නැහැ.//

      මේ දවස්වල මම මගේ පුද්ගලික ආයතනය, රජයේ අමාත්යාංශයක් පරිගණක ගතකිරීම ගැන ක්‍රියාකරමින් ඉන්නවා දැනට මම තේරුම් ගෙන තියන්නේ ඇමතිවරයාගේ වැරදි වලට වඩා සේවකයන්ගේ අක්ර්යක්ෂම බව මුලික බවයි ඉදිරි ලිපියකින් මම පෙන්වාදෙන්නම්.

      Delete
    2. ස්තුතියි ලින්ක්ස් ඔක්කොටම. මම බැලුව. ඒත් තවම ඇපල් ෆෝන් වලට සිංහල ෆොන්ට් එක වත් පෙන්නන්නෙ නැහැ.

      හපෝ ලංක, මමත් දැනට අවුරුදු 15කට විතර කලින් ඊ ගවනන්ස් අරව මේව වලට ICT එකේ දිලන්ත සහ තමාර ල එක්ක වැඩ කළා. ඔය දෙපාර්තමේන්තු වලටත් ගියා. අනේ අනිච්චේ කියල හිතෙනව. 🙈

      Delete
    3. //හපෝ ලංක, මමත් දැනට අවුරුදු 15කට විතර කලින් ඊ ගවනන්ස් අරව මේව වලට ICT එකේ දිලන්ත සහ තමාර ල එක්ක වැඩ කළා. ඔය දෙපාර්තමේන්තු වලටත් ගියා. අනේ අනිච්චේ කියල හිතෙනව. //

      මටත් එහෙම හිතීගන එනවා, හැබැයි තවම කල්වැඩියි නිගමනයක් දෙන්න

      Delete
  2. //නැවත තමුන්ට ප්‍රතිඋපකාර කළ පුද්ගලයන්ට ණය ගෙවන්න අදාළ ඇමතිවරයා ට සිද්ද වෙනවා මෙහෙම කරනකොට ඔහු නොදැනුවත්වම විශාල වශයෙන් දූෂණ වංචාවලට සහභාගි වෙන්න සිද්ධ වෙනවා, මොකද තම පාක්ෂිකයන්ට උදව් කරන්න තියන ක්‍රමයක් තමයි මේ. මෙනිසා මේ ක්‍රමය වෙනස් කරන්න බලයට පත්වුණාට පස්සේ කෙනෙක් කැමති වෙන්නෙ නැහැ, මොකද තමතමුන්ට ඉදිරියට ගිහින් ගන්න පුළුවන් ප්‍රයෝජන ලබාගන්න බැරි හින්ද, නමුත් බලයට එන්ට ඉස්සර හැමෝම කියනවා අපි මේක වෙනස් කර අලුත් ක්‍රමයක් ඇති කරන්නෙම් කියලා.// ඕක තමයි ඇත්ත. ප්‍රශ්නය මලින්ද වගේ කෙනෙක් ඒවා කියන්නේ දැන් යුඇන්පී ආණ්ඩුවක් තියෙනකොට. මහින්දගේ ශ්‍රී ලංකා ආණ්ඩුව කලෙත් ඔය තත්වේ ඔහොම මයි. ලංකාවේ ඉන්න දර්ශනවදියෝ සහ විචාරකයෝ ඇත්ත කතා කරනවානම් අපක්ෂපාතිව ඔන්න හොඳයි

    ReplyDelete
    Replies
    1. මට මතකයි මලින්ද මහින්දගේ කාලෙත් ඔහුව විවේචනය කළා.

      Delete
    2. මම දැකලා නැහැ. ඔහු කර්තෘ කාලෙත් ඒ ආණ්ඩුවට පක්ෂව මෙහෙයෙව්වේ පත්තරේ.

      Delete
    3. This is the link https://www.youtube.com/watch?v=DWWrX7Wbgxg

      Delete