Sunday, November 13, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය නොහොත් ජනමාධ්යේ (ජඩ මාධ්යේ ) ප්‍රෝඩාව ලොවට ප්‍රදර්ශනය වීම



පසුගිය ඇමරිකානු මැතිවරණයේ සියලුම ජනමාද්‍ය පාහේ කිව්වේ හිලරි ක්ලින්ටන් ජයගන්නා බවත් ඩොනල් ට්‍රම්ප්  කිසිදු තරගයකින් තොරව පරදින බවත් යන කාරණයයි.

මෙසේ කියනලද්දේ ඉතා දියුණු විශ්ලේෂණ හැකියාවක් ඇති විද්‍යාවෙන් පර තෙරට ගිය ජනමාද්යක් විසින් බව අමතක කලයුතු නෑ. අද සිදුවී ඇත්තේ කුමක්ද? සියලු ජනමාද්‍ය බොරුකාරයන් වී ඇති බව නෙමයිද ?

හිලරි ක්ලින්ටන් 90% ට වඩා චන්ද ගනීවි යයි කියන මාද්‍ය දැන් කියන්නේ කුමක්ද ?





අද අප ජිවත්වන සමාජයේ අපගේ උවමනා එපාකම් නිර්මාණය කරන මුලිකම ආයතනය වන්නේ ජනමාද්යයි, හාස්‍ය ජනක කරුණ නම් රටේ මහජනතාව ජනමාද්ය තමන්ගේ මොලය සොදනබව නොදැන සිටීමයි. පසුගිය සතියේ ඇමරිකාවේ සිදුවුනේ ලෝකය ඉදිරියේ මෙම ක්‍රියාවලිය නිරුවත්විමයි.

මා මෙම අඩවියේ මින් පෙර පහත මාතෘකා පිළිබද සාකච්චා කර තිබෙනවා
01. ඔවුෂධ මාෆියාව
02. වසවිස ආහාර වලට දැමීම පිලිබදව (කෘමිනාශක වෙළදාම )
03. දොස්තර වරුන් ජනතාව සූරාකන ආකාරය පිලිබදව
04. දෙසපලන්නයන් ජනතාව රැවටීම පිලිබදව

යන මුලික මාතෘකා පිලිබදව මා සාකච්චා කර තිබෙනවා මේ සියලුම අංශවලට බලපාන මහපොදු සාදකයක් තියනවා එනම් රටේ ජනමාද්යි.
ඔබ සරලව සිතන්න, අපගේ මතයක් තියනවා නවීන විද්‍යාව නිසා මිනිසාගේ ජිවන තත්වය දියුණුවූ බවත් මිනිසුන් වැඩි කාලයක් ජීවත්වීමට නවීන වෛද්ය විද්යාව ඉවහල් වු බවයි නමුත් අපි කීදෙනෙක් මේ අදහස අපට ලැබුනේ කොහොමද කියල බලල තියනවද ?

ඔබ හිතන්න ආසියාවේ ආයු අපේක්ෂාව 1900 දී අවුරුදු 28 පමණ බවයි පවසන්නේ (https://ourworldindata.org/life-expectancy/)
නමුත් මෙම තොරතුරු කොපමණ නිවැරදිද? මෙය කියවන අය තම දෙමාපියන් ගෙන් තම මුතුන්මිත්තන් ගැන ඇසුවොත් අවම වශයෙන් ඔවුන් අවුරුදු 80ට වඩා වැඩි කාලයක් ජීවත්වී ඇතිබව සොයාගන්න පුළුවන් වනු අති මෙය ලියන මගෙත් මුතුන්මිත්තන් අවුරුදු 89 වැනි දීර්ග කාලයක් ජිවත් වී තිබෙනවා.
හදිසි අනතුරකට ලක්වී නැත්නම් දීර්ග කාලයක් බොහෝ ශ්‍රී ලංකා වාසින් ජීවත්වී තිබෙනවා.

නමුත් අද සිදුවී ඇත්තේ කුමක්ද ? අපට මාද්‍ය මගින් අපේ මොළ සෝදා අපට අදහසක් දමා තිබෙනවා අපේ ආයු අපේක්ෂාව වැඩිවීමට හේතුව නවීන විද්‍යාව බව, පසුගිය ශතවර්ෂයේ මිනිසුන්ගේ ආයුෂ වර්දනය උනානම් එය සිදුවී ඇත්තේ මිනිසුන් හොද සනීපාරක්ෂක පුරුදු අනුගමනයට හුරුවූ නිසා බව අවිවාදිතයි.

නමුත් අද කාලයේ අප සියලු දෙනාටම පාහේ ඇති දියවැඩියාව දැනට ශතවර්ෂ බාගයකට පෙර අප සමාජයේ අද තිබෙන පරිමාණයෙන් නොතිබූ බව බොහෝදෙනා නොදන්නා කාරණයක්, දියවැඩියාව ගැන කිව්වහම දැනට වසර 50 ට පෙර විවාහයක් කර ගැනීමට පෙර යම්විදියකින් පවුලේ කෙනෙකුට දියවැඩියාව තියනවනම් එම පවුලෙන් විවාහයක් නොකරගැනීමට පවා පැරැන්නන් පරිසම් වී තිබෙනවා, පැරණි විවාහ සිරිත් විමවුවහම ඔබට මේබව තේරුම් ගන්න පුළුවන්.

          අද වනවිට අප බොහෝදෙනා ට දියවැඩියාව පමණක් නෙමෙයි වකුගඩු රෝගත් බහුලයි, මිට හේතු ගැන විමසීමේදී  කෘමිනාශක නිපදවන සමාගම්වල
විද්යාඥයන් පවසන්නේ නිපදවන කෘමිනාශක වලින් මිනිසාට බලපෑමක් සිදුනොවන බවත් මෙසේ රෝග ඇතිවීම විද්යාත්මකව ඔප්පු කර නොමැති බවයි, ඉහත පණිවිඩය ලොව පුරා වපුරන්නේ ඉහත කි ජනමාධ්‍යයි. මෙය ඇමරිකාවට පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවටත්  පොදුයි මම පෙර ලිපියකින් වික්ටර් අයිවන් ගැන කිව්වෙත් මේ ටිකම තමයි.

අද වනවිට ලෝකය පුරාම ජනමාද්‍ය වල විශ්වාසනීයත්වය දියවී ගොස් තිබෙනවා, මිනිසුන් තේරුම් ගතයුතු වැදගත් දෙයක් තිබෙනවා එනම් ජනමාද්යත්, ඔවුෂධ නිපදවන සමාගමුත් කෘමිනාශක නිපදවන සමාගමුත් ආයුධ නිපදවන සමාගමුත් එකම පුද්ගලයන් සමුහයක් අතේ පවතින බව, මෙය සිදුවන්නේ විශාල සමාගම්වල නම්වලට මුවා වෙලා අදාළ සමාගමේ කොටස් මිලදීගැනීම තුලින්, මිනිසා දොස්තර වරුන් නියමකරන ඔවුෂධ මහින් වන හානිය ජනමාද්‍ය මගින් ප්‍රචාරණය කරන්නේ නෑ.

මෙයට දැනගැනීමට සරලම උදාහරනන 2014 අගෝස්තු මාසයේ ලෝක ප්‍රසිද්ද (Centers for Disease Control and Prevention) ආයතනයේ දොස්තර විලියම් තොම්සන් පවසනවා MMR වැක්සිනය නිසා කුඩා දරුවන්ට ඔර්ටිසම් නමැති මාසික රෝගය වැළදීමට 360% අවදානමක් ඇති කරන බව හෙළිවූ පර්යේෂණයේ තොරතුරු ඔවුන් සැගවූ බව.


මෙය කොන්ග්‍රස් සබාවට පවා ඉදිරිපත් වුනා

නමුත් අදවනතුරු කිසිම සද්දයක් නෑ .

ඔබ සිතන්න මේ පුවත ලෝක ජනමාද්‍ය තුල විශාල ආන්දෝලනයක් ඇතිවියයුතු පුවතක් විය යුතුව තිබියදී කිසිම පිළිගත් ජනමාද්‍ය ආයතනයක් මේ අනාවරණය සදහා දායක උනේ නෑ.

ශ්‍රී ලංකාව වගේ නෙමෙයි ඇමරිකානු ජනතාවත් බ්‍රිත්න්යේ ජනතාවත් ලොව බිහිවී ඇති සමාජ ජාල පිලිබදව අවදියෙන් සිටිනවා මේ නිසා ප්‍රධාන ජනමාද්‍ය කුමක් කිව්වත් ඔවුන් පිළිගන්නේ නෑ බ්‍රිතානයේ පවත්වන ලද Brexit මතවිමසුම පිලිබදව ජනමාද්යේ පළවූ කිසිවක් ජනතාව ගණන් නොගත්ත වගේම පසුගිය ඇමරිකානු මැතිවරණයේදී ජනමාද්‍ය පවසන ලද තොරතුරු ගණන් නොගැනීමට මහජනතාව තේරුම් ගෙන තිබෙනවා.

මෙනිසා තමයි මහජනයා සමාජ මාද්‍ය පිලිබදව විශ්වාසය තැබීමට පුරුදු වී තිබෙන්නේ. අද හොලිවුඩයේ කුඩා දරුවකුට වැක්සින් ලබාදීම අවම වී තිබෙන්න ඉතා උගත් දැනුවත් මිනිසුන් අනතුර පිළිබද මනා දැනුවත් වීමක් සිදුකර ඇති නිසයි

(http://www.theatlantic.com/health/archive/2014/09/wealthy-la-schools-vaccination-rates-are-as-low-as-south-sudans/380252/)

ශ්‍රී ලංකාවේ ජනමාද්‍ය තුලත් මේ ඇන්ඳීම අපුරුවට සිදුවෙනවා උදාහරණ සිරස සටන වැනි වැඩසටහන් වල සටන්පාට කියමින් බලන මිනිසුන් ගොනාට අන්දවමින් අපුරුවට මේ වංචාව කලත්, මහජනයා සමාජ ජාල තුලින් මේ වැදගත් විෂයන් පිළිබද අදහස් හුවමාරු කරන මට්ටමට පැමිණ නැති නිසා මේ රැවටීමට නැවත නැවත හවුවිමට සිදුවෙනවා.      

14 comments:

  1. විවිධ මාෆියා ගැන ඔබ දක්වන හැම අදහසකටම මම එකඟයි.දැක්ම විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා,

      ස්තුතියි! මිනිසුන්ට සිදුවන්නේ කුමක්ද කියන එක දැනගැනීමයි වැදගත් නමුත් බොහෝදෙනාට විචාර බුද්ධිය පාවිච්චි කිරීමට එක්කෝ පුරුද්දක් නෑ නැත්නම් කම්මැලියි.

      Delete
  2. මහින්ද මහත්තයට විරුද්දවත් බිල්ලෙක් මවා පෑවේ ඔය ජඩමාජ්ජ...

    ඒකනේ තාම එක හොරකමක්වත් අල්ලගන්න බැරි වුනේ!

    ReplyDelete
    Replies
    1. සරසා තුමෝ,

      //මහින්ද මහත්තයට විරුද්දවත් බිල්ලෙක් මවා පෑවේ ඔය ජඩමාජ්ජ.//
      එකේ යම් ඇත්තක් තියනවා නමුත් ඔයකියන තරම් මහින්ද මහත්තය අහිංසක නෑ,
      ප්‍රශ්නය තියෙන්නේ යහපාලන නඩය ඔහූට වඩා හොර හැත්තක්! ප්‍රශ්නය යහපාලන කල්ලියට ගෝඨාභය කරපු වැඩවලින් 1/10 වත් කරන්න බැරි උනත් මහින්දගේ රජය කල හොරකම් වගේ 10 ගුණයක් මේවෙනවිටත් මුන් කරලා ඉවරයි.

      මම නම් මේ යහපාලනයට චන්දය දුන්න කෙනෙක් නමුත් ඔබ වගේ මහින්දට සුදුහුණු ගාන්නේ නෑ

      Delete
  3. ට්‍රම්ප් දිනන බව මම මුල ඉඳන්ම කිව්වා.. ට්‍රම්ප් නෙමෙයි ප්‍රංශයේ සිදුවන්නේද එයමයි...

    ReplyDelete
    Replies
    1. මාතා,

      ට්‍රම්ප් දිනන බව නොදැන ඉන්න ඇමරිකාවේ මාද්‍ය මීහරක් නෙමෙයි ඔවුන්ට උවමනා උනා වැඩි සම්බන්දකම් තියන හිලරි වගේ හෙරක් සමග ගනුදෙනු කරන්න.

      ට්‍රම්ප් ට මේ බලවතුන් වැඩිදෙනෙක් ආදර කරලා නැතිනිසා ඔහුට පුළුවන් ජනතාවගේ උවමනා ඉස්ට කරන්න. නමුත් අපි සුරන්ගනා ලෝකවලට යන්න ඕනේ නෑ ට්‍රම්ප් කියන්නේ බිස්නස් කාරයෙක්.

      මට උවමනා උනේ පෙන්වන්න මේ ජඩ මාද්‍ය කොයිතරමින් මිනිසුන් රවටනවද කියන එකයි.

      මිට ඔබට හොද උදාහරණයක් දෙන්නම් 2014 http://ireport.cnn.com/docs/DOC-1164794

      මේ කතාව එලියට ආවහම abc ජාලයේ අදහස් පලකරන්න අවස්ථාව සලසා දී තිබූන මම කලේ විවිද විශේෂන්යයන් ඉදිරිපත් කල අදහස් පිළිබද සිටින පිරිස දැනුවත් කිරීමයි ටික දිනකින් මම ඉදිරිපත් කරන කාරනා ගැන පිරිස සාකච්චා වීම පටන් ගැනීමත් සමග මගේ කොමෙන්ටුව ABC ජාලයෙන් ඉවත්කර තිබුන.
      මෙන්න මේකයි මාද්‍ය නිදහස.

      එළියෙන් බලන කෙනාට පෙනෙන්නේ ඇමරිකාවේ විශිෂ්ට නිදහසක් තිබෙන හොරකම නැති සුපිරිසිදු රටක් බව නමුත් අබ්යන්තරය දන්නා අය දන්නවා සිදුවෙන දේ.

      වැඩේ කියන්නේ මේ මොලසේදීම අපේ රටෙත් අපුරුවට වෙනවා, කණගාටුයි කියන්න අපේ මිනිසුන් විචාර බුද්ධිය පාවිච්චි කරන්නේ නෑ.
      ඔබ ටිකක් පවුලේ වියදම ගැන හොයා බලන්න 50% වැඩි වියදමක් අපි දරන්නේ අපට උවමනා නැති දේවල් සදහා නෙමෙයිද කියල. මේක වෙන්නේ ජනමාද්‍ය වල බලපෑමෙන් බව කීදෙනෙක් හිතල තියනවද

      Delete
    2. @මාතලන්, උඹ ට්‍රම්ප්ගේ කේන්දරේ බලලද කිව්වේ ඌ දිනනබව?

      Delete
  4. මචං. උබ ඖෂද ජනමාද්‍ය ගැන දක්වන ආකල්ප හරියටම හරි.

    ඒ වගේම ඇමෙරිකාව ට උනේ නියම ඇමෙරිකානුවන් ට උවමනා කරල තිබ්බේ මේ මගේ රට. මම මේ රටේ පුරවැසියෙක් විදිහට පිළිගන්න පුළුවන් කෙනෙකුට රට බාර දුන්න එක.

    ට්‍රම්ප් ගෙ ඊගෝ, ස්මෝල් මයින්ඩඩ් අදහස් වගේම ඔහු බිස්නස් කාරයෙක් නිසාත් ඔවුන් ට්‍රම්ප් ගේ කියුම් විශ්වාස කළා.

    එංගලන්තෙ බ්රෙක්සිට් එකටත් උනේ ඕක තමයි.

    හොඳම වැඩේ කියන්නෙ බං මගේ ඇමෙරිකන් යාළුවෙකුගෙන් එංගලන්ත යාලුවෙක් ඇහුව ඇමෙරිකාවට හරි වැඩේ නේද උනේ කියල. එතකොට ඇමෙරිකන් කාරය කිව්ව ඔව් ඉතින් ඇමෙරිකාවේ චන්දෙට ඇමෙරිකන් මිනිස්සු මිසක් එංගලන්තෙවත් ප්‍රංසයේ මිනිස්සු නෙමෙයි නෙ කියල.

    කොහොමත් හරි ගියා හෝ වැරදුනා හෝ මේ රටවල සිස්ටම් එකට මම කැමතියි.

    මොකද පැරදිල ගෙදර යන අවුං ලංකාවේ වගේ ආයෙ හොඳින් හරි නරකින් හරි බලේ ගන්න එන්නේ නැහැ.

    මේකත් කියලම යන්නම්. ගිය සතියෙ දවසක උදේ එම්බෑන්ක්මන්ට් ස්ටේෂන් එකෙන් බහින්න නැගිටිනකොට මගෙ ඉස්සරහ හිටියෙ ලන්ඩන් මේයර් සදික් කාන්. මට උතුර දකුණ මාරු වෙලා මිනිහට ඉස්සරවෙලා බහින්ට ඉඩ දුන්නහම "ප්ලීස් යු ෆස්ට්" කියල මට ඉඩ දුන්න.

    කොහොමද මචං ආතල් එක..??

    මට තවම ෂොක් 😳

    ReplyDelete
    Replies
    1. මචං Tilan,

      ඔය රටවල දෙසපලනයේ සම්ප්‍රදායන් තියනවා තවම ඒවා අනුගමනය කරන නිසා මිනිසුන්ට පේනවා හරිම නිහතමානියි කියල, අපේ රටේ ඔය තත්වය තිබිල තියෙන්නේ එක්දාස්නමසිය බරගනන්වල, දැන් අපේ උන් හෙලුවෙන්ම දේසපාලනය කරනවා.

      බටහිර සිදුවෙන හොරකම් ලෝකෙට අනාවරණය නොවීමට මාද්‍ය විසාල උදව්වක් වෙනවා මොකද මේ මාද්‍ය වල අයිතිය තියෙන්නේ පුද්ගලයන් 100 ට අඩු ප්‍රමාණයක් අතේ මේ යට තමයි බහුජාතික සමාගම් අයිති ඔවුෂද මාෆියාව දෙසපාලන්යයන් වෙනුවෙන් ඇමරිකාවේ පමණක් ඩොලර් බිලියන 3කට අදික මුදලක් වැයකරන බව වාර්තා වී තියනව.

      බිල් සහ හිලරි කියන්නේ රටේ ජනතාවට බොරු කියපු ඔවුන්ගේ පදනම් මහින් ඇති විශාල අල්ලස් මුදලක් බහුජාතික සමාගම් වලින් ගත්ත මිනිහෙකුයි ගෑනියෙකුයි බව ඇමරිකානු මහජනතාව දැනසිටියා නමුත් මාද්‍ය මෙය ජනතාවගෙන් සැමවිට වසන්කලත් අද බලවත් සමාජ මාද්‍ය වල කරුනුසහිතව මේ පුවත් ගලාගියා, මෙනිසා විහිලු කාරයෙක් වෙච්ච ට්‍රම්ප් ට චන්දය දුන්නේ එකතකින් තමාට විශ්වාසකල නොහැකි නිසා අනික් අතින් කේන්තිය නිසා කියන කාරණය පැහැදිලියි.

      මට මේ ලිපියෙන් පෙන්වන්න ඕන උනේ ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි කොච්චර රවටිලාද ඉන්නේ කියල අද ශ්‍රී ලංකාවත් අනුගමනය කරන්නේ ඇමරිකාවෙන් ලබාගත් වැක්සින් http://wwwnc.cdc.gov/travel/destinations/traveler/none/sri-lanka

      ඔවුන් මොනවද හොදයි කියන්නේ අපේ දොස්තරලට එය හොදයි. නමුත් තේරුම් ගන්න ඕනේ මේ සියල්ල මවාපෑමක් බව අද සිදුවී ඇත්තේ සම්ප්‍රදායක මාද්‍ය වලින් මිනිසුන් දුරස්විමත් සමාජ මාද්‍ය වලට පැමිණීමත් කියන කාරණයයි.

      Delete
  5. මේ මාධ්‍ය මාෆියාවෙන්ම තමයි මිනිස්ස්සුන්ගෙ ආර්ථිකයත් හසුරුවන්නේ. අවශ්‍යතාවයන් මවා පෙන්වා මෙලෙස මිනිසුන්ව පාලනය කරන්නෙ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි තෝරාගැනීම බලද්දි හොඳටම තේරෙන දෙයක් ඒක.

    ReplyDelete
    Replies
    1. මාද්‍ය වල තමයි හොදම මනොවිද්යාඥයන් ඉන්නේ

      Delete
  6. මාධ්‍ය කියන්නේ බිස්නස් එකක්. ඒක ලෝකෙ හැමතැනම එහෙමයි කියලා මට හිතෙන්නේ. අපේ රටේ නම් මාධ්‍ය ගැන කියන්න තියෙන්නේ ලොවෙත් නැති සම්ප්‍රදායක් උස්සන් ඉන්න කම්පැනි කාරයෝ ටිකක් කියලා තමයි.

    ට්‍රම්ප්ව ජනතාව තේරුවා. දැන් කරන්න දීලා බලන් ඉන්න ඕන. මම ට්‍රම්ප් වාදියෙක් නෙමේ. මට ඔහුගේ හැසිරීම පවා අපුලයි. ඒත් ඒක රටේ ජනතාවගේ තීරනය.

    ReplyDelete
    Replies
    1. Aruna,

      එකවිදියකින් මටනම් ට්‍රම්ප් කියන්නේ විහිලුකාරයෙක් හැබැයි ඇමරිකානු ජනතාවට දෙසපල්න්යයන් තිත්තවුන තරම කොච්චරද කියනවනම් පරිනතයි කියන හිලරිව එලවල ට්‍රම්ප් ට චන්දය දෙන්න තරම් ජනතාව පෙලබුන.

      මාද්‍ය කිව්ව සුරංගනා කතා සතේකට ගණන් ගත්තේ නෑ, මහා ලොකුවට කිව්වේ පලවෙනි ජනපතිනිය හිලරි වෙන බවයි. ඇමරිකානු ජනතාව කාන්තා අයිතිය රකිනබව නමුත් රටේ මහජනයා විකල්ප සමාජ මාද්‍ය වගින් දනුවත්වෙලා තිබුන.

      Delete