Saturday, April 9, 2016

ශ්‍රී ලංකාවේ දේසපාලන වියදම

ශ්‍රී ලංකාවේ දේසපාලන වියදම




ගයන්ත කරුණාතිලක ඇමති කියන්නේ "දැනට අමත්යමන්ඩලයේ 92 ක් ඉන්නවා එකතුවෙන්න කැමති ඕන කෙනෙකුට ඉඩ." ලෙසයි !

W A විජේවද්දන හිතපු මහබැංකු වේ නියෝජ්‍ය අදිපති තුමාට අනුව එක ඇමතිකෙනෙක් නඩත්තු කිරීමට මසකට රුපියල් ලක්ෂ 50 ක් වැනි මුදලක් 2007 වැනි ඈත කාලයේ වියදම් කර ඇත. එනම් වසරකට ලක්ෂ 600කි වැනි මුදලක්, දැනට වසර 9 ට පෙර අප දරනලද බවයි.

මෙහිදී ඔහු ඉතා වැදගත් කාරනාවක් පෙන්වාදෙයි එනම් අමාත්‍යංශ වැය  ශිර්ෂ වල මේ මුදල් සැගවී ඇතී ආකාරයයි.

මා මිට කලකට පෙර සදහන් කලේ ඇමැතිවරයකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 30ක් වත් මේ රටේ වියයුතු බවයි නමුත් අප සිංගප්පුරුව වැනි ආදර්ශයකට යන විට ඇමතිවරයකුට ආරක්ෂාව ලබාදෙනවා නම් අදාළ ආරක්ෂක වියදම දැරිය යුත්තේ අදාළ ඇමතිවරයයි මේ නිසා රටට දැනීමට වන වියදම අවම වෙන අතර මේ ඇමති වරු තමන්ගේ වාහනය පදාවා යෑමට පෙලබෙනු ඇති.

මා මේ යෝජනාව ලලවිට බ්ලොග් ලොවේ හොදයි කිව්ව කිසිවෙක් නැති තරම් නමුත් ප්‍රායෝගිකව සිදුවෙන්නේමම යෝජනා කලමුදල් වගේ දහස් ගුණයක් වියදම් වීමයි.

ඉහල වැටුපක් ලබන විට නිතැතින්ම මේ දෙසපාලනයයන් කුමන දුර්වලතා තිබුනත් තම රටේ ජනතාව ඉදිරියට යාමේදී හ්ර්ධ සකශියට අනුව නැවත නැවත තමාටම චෝදනා කරගනිමක් කරනවා තමන් ගෙන් සේවයක් උනේ නැත්නම්.

අද ඔවුන් එන්නේ විශාල වියදමක් දරල මෙනිසා ඔවුන් කිසිවිට මෙවැනි මානසික මට්ටමකට පත්වන්නේ නෑ.

ඉහත සාකච්චාවේ බන්දුල ජයස්සේකර මහතා පෙන්වාදෙන්නේ තමා ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යංශයේ සේවය කරන කාලයේ බැසිල් රාජපක්ෂ නමැති ශ්‍රී ලංකාවේ මහරජ්ජුරුවන්නේ සොහොයුරු පැමිණි විට ඉතා සුකොපබෝගී හෝටලයක වාසය කර ශ්‍රී ලංකාවට පිටත්වී යාමට එද්දී ඔහුට Business class  වලට ටිකට් ශ්‍රී ලංකාවේ රජයේ වියදමෙන්  සුදානම්  (ස්තුති රසික වරද පෙන්වාදුන්නට ) කලවිට අප බැසිල් තුමා තමාට උවමනා first class යාමට බව දන්වා අදාල වෙන්කරගැනීම කලවිට ඔස්ට්‍ර්ලියාවේ විදේශ අමාත්‍ය නිලදරිනිය අසා ඇත්තේ කොහොමද ඇමතිවරයකු first class යන්නේ අපේ රටේ නම් මෙය සිදුවෙන්නේ නෑ කියල එවිට බන්දුල මහතා නිරුත්තර වූ බව සදහන් කරනවා.

මම හිතනේ අද සියල්ලම පහසුවෙන් පරිගණක ගත කරන ලද යුගයක සිටින අපට අමත්යන්සයක සියලු වියදම් බලාගැනීමට වෙබදවියක් මගින් සිදුකල හැකිනම් වංචා සිදු උනත් මෙපමණ වෙන්නේ නෑ යම් හෝ පලදයිතාවයක් අපට ලැබෙනවා.

අද තක්ෂණය කොපමණ දිවුණු දැයි දැනගැනීමට https://www.truecaller.com/ වැනි අඩවියක ඔබේ මිත්‍රයකුගේ අංකය ඇතුලත් කර බලන්න බොහොදුරට ඔහු හෝ ඇයගේ නම සොයාගත හැකියි.

මෙවැනි යුගයක සියලු අමත්යන්ශවල කරන වියදම් වල විස්තරයක් ලබාගැනීම කල නොහැකි බව කියනවනම් මොනතරම් විහිලුවක්ද ?

21 comments:

  1. ඔය බන්ධුල කියන හාදයා මහින්දගේ කාළේ දිවිය ළෝකේ හරි කොහේ හරි උන්න කෙනෙක්ද...?

    ReplyDelete
    Replies
    1. ඔය හදායා මහින්ද ගේ මාධ්‍ය ලේකම් වැඩ කළ අයෙකි. පසුව සිඩ්නි නුවර කොන්සල් ලෙස පත්වී ආවේය. මට ආරංචි ආකාරයට මෙහි සිට කළේ ද එවැනි වැඩය. ජනාධිපති ඡන්දයට වැඩ කිරීමට මෙහෙන් කට්ටිය බඳවා ගැනීමට තැත් කළ බවද කියවේ.

      Delete
    2. දේසපාලන පත්වීම සැමවිටම ඔහොම තමයි වෙන්නේ මේ රටේ

      Delete
    3. මේ වගේ කාලකන්නි ගැන ලියන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න. මුං අද කතා කරන්නේ ගුද මාර්ගයෙන්... හේතුව අර කාළේ මුඛ මාරූ වී තිබීම...

      Delete
    4. මාතේ ඔය පහල සරසා කියල තියෙන්නේ රරුනාරත්න පරණවිතාන ගැන කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තියනවා.

      බලපන් එකෙත් හැටි මාතා ටෝය්යෙක් වන උබත් බය්යෙක් උන සරසත් මම කියන්න උත්සාහකරන මුලික දේ ගැන කතාකරන්නේ නෑ නේ.

      ඒ තමයි ඇමතිවරුන්ගේ පඩි ලක්ෂ 35ක්වත් මසකට කරලා තම ආරක්ෂාවට නිලදාරීන් ලබාදෙන විට අදාළ ගෙවීම ඇමතිගේ පුද්ගලික මුදලින් ගෙවන්න සැලස් සුවනම් ඉවරයිනේ මචෝ බලපන් උබලට කියන දේ තේරෙන්නේ නැති හැටි.

      Delete
    5. රසික, මේවා දැක්කහම තමයි ඇගේ මාළු ගගේ නටන්නේ
      https://www.facebook.com/harigossip/videos/1548167335477780/

      බලන්න ලජ්ජා නැතිව රෙද්ද උස්සන හැටි.
      මේ වනවිට CCTV දර්ශන මැකී ගොස් ඇත.

      Delete
    6. එතකොට නඩුකාරයන්ගේ පඩිත් ඒකට සාපේක්ෂව වැඩි කරනවද...? නිකං හීන ළෝකවල ජීවත් වෙන්න එපා ලංකා...

      Delete
    7. මෙතන නඩුකාරයන්ට වර්ප්ප්‍රසදයක් ලෙස ආරක්ෂාව රජයේ වියදමින් කලහැකියි නමුත් මන්ට්‍රිවරුන්ට තමන්ට දරන්න වෙනවා.

      මතක තියාගනින් නීති හදන්නේ ප්ර්ලිමෙන්තුවෙන් බව.

      මෙතන වෙන්නේ සමහර වරප්ප්‍රසාද නඩුකාරයන්ට ලැබෙනවා ඒවා ඇමතිවරුන්ට නෑ සමහර ඒවා ඇමතිවරුන්ට ලැබෙනවා නඩුකාරයන්ට නෑ.

      තව දෙයක් උබට මතක ඇති ඉස්සර කැම්පස් වල මහාචර්ය වරුන්ගේ පඩිය මහබැංකුවේ අදාළ ඉහල නිලදාරීන්ගේ පඩියට සමානව තිබුබව. ඕව සිම්පල් කෙස් ඕ ඉයස් !!

      Delete
  2. /* බන්දුල ජයස්සේකර මහතා පෙන්වාදෙන්නේ තමා ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යංශයේ සේවය කරන කාලයේ බැසිල් රාජපක්ෂ නමැති ශ්‍රී ලංකාවේ මහරජ්ජුරුවන්නේ සොහොයුරු පැමිණි විට ඉතා සුකොපබෝගී හෝටලයක වාසය කර ශ්‍රී ලංකාවට පිටත්වී යාමට එද්දී ඔහුට Business class වලට ටිකට් ඔස්ට්‍ර්ලියාවේ විදේශ අමාත්‍යංශ නිලදරිනියක් සුදානම් කලවිට අප බැසිල් තුමා තමාට උවමනා first class යාමට බව දන්වා අදාල වෙන්කරගැනීම කලවිට ඔස්ට්‍ර්ලියාවේ විදේශ අමාත්‍ය නිලදරිනිය අසා ඇත්තේ */

    ලංකා සිතුවිලි මෙය වටහා ගෙන ඇත්තේ වැරදියටයි.

    බන්දුල ජයසේකර දේශපාලන පත්වීක් ලබා සිඩ්නි කොන්සල් කාර්යාලයේ සේවය කළේය.

    බැසිල් රාජපක්‍ෂ ලංකාවේ සිට පැමිණ ඇත්තේ ලංකාවේ මහජන මුදලින් පළමු පන්තියේ ටිකට්පතකිනි. ඔහු සමග පසුගමන් ගිය ඕස්ටේ‍ර්ලියානු නිළධාරිනිය, එලෙසම පසු ගමන් ගිය බන්දුල සමග පවසා ඇත්තේ ඕස්ටේ‍ර්ලියානු ඇමතිවරුනට මහජන මුදලින් පළමු පන්තියේ බයාමට අවසර නැති බවයි.

    එසේ නොමැතිව බැසිල්ට ඕස්ටේ‍ර්ලියානු රජයෙන් ටිකට් ලබා දීමක් මෙහි නැත.

    ReplyDelete
    Replies
    1. රසික,
      ස්තුතියි !!

      නිවැරදි කළා. ඔව් එක තමයි වෙලා තියෙන්නේ. මේ මිනිස්සු කරන්න ඕනේ සියලු දුෂණ කරලා දැන් එනවා සුදනෝ වෙන්න. මට මිනිසකු ලෙස පුදුමයි මෙමිනිස්සු කොහොමද ලජ්ජා නැතිව ලෝකෙට මුහුණ දෙන්නේ.

      ඔවුන් දන්නවානේ මොවුන් හොරු බව ඔවුන් පමණක් නෙමෙයි රටේ මිනිසුන් උනත් දන්නවා කියල.

      මොනතරම් ආත්ම වංචාවක ජිවත් වෙනවද මේ දේසපාලුවෝ

      Delete
  3. ඔහෙලගේ අසහාය මීඩියා උප ඇමති කරුනාරත්න පරනවිතාන තුමා ද බන්දුල ජයසේකර මෙන් මැදමුලනින් බත් පමනක් නොව කිරි පැනි ද හොඳ හැටි කෑ අයෙකි!

    බන්දුල ජයසේකරගෙන් පසු ම රා ආන්ඩුව කැනඩාව ටොරොන්ටෝඅ හී ස්‍රී ලන්කා කවුන්සල් ගෙනරල් ලෙස පත් කලේ එම නිකැලැල් නිර්දෝශී කරුනාරත්න පරනවිතාන තුමා ය!

    http://www.sagennext.com/2011/09/16/my-role-is-to-unite-the-sinhalese-and-the-tamils-karunarathna-paranawithana-sri-lankan-consul-general-in-toronto/

    ReplyDelete
    Replies
    1. අපි හොරු නොවන ය හොරු සහ පල් හොරු කරන ක්‍රමයක් ඇතිකර ඇත

      Delete
  4. ඔය කව්රුත් එකයි බන්.හොර හැත්ත

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණ ඇත්ත නමුත් මුන් හොරු කරලා තියෙන්නේ අපි

      Delete
  5. ඇමතියෙකුට වැඩි පඩියක් ගෙවල උන්ට ලැබෙන සේවෙට උන්ටම ගෙවන්ට වෙන සිස්ටම් එකක් එනවනම් සුපිරි. එත් ලංකාව වගේ රටකට එක කොච්චර සාර්ථක වෙනවද කියන එකත් ලොකු ගැටළුවක්. මොකද දේශපාලකයෝ කියන්නේ එදත් අදත් හෙටත් සතපහකට විශ්වාස කරන්ට බැරි කොටසක්. අනික යුද්දයක් නැති රටක මුන්ට තවත් ආරක්ෂාව. මහජනයාට තමන්ගෙ කැපකිරීම හොඳටම පෙන්වන්ට තියෙන අවස්ථාවක් තමයි වාහන පර්මිට් ප්‍රතික්ෂේප කිරීම. යහපලානේ ආවේ කැබිනෙට්ටුව අඩු කරනව කියල.
    ඔව්ව එකක්වත් කෙරුනද කෙරෙනවද කෙරේවිද? හපෝ නැහැ මචන්. මම එකයි හැමදාම කියන්නේ "අපරාදේ යුද්දෙ ඉවර උනේ" හිටන්..!!!

    ReplyDelete
    Replies
    1. Tilan,

      //ඇමතියෙකුට වැඩි පඩියක් ගෙවල උන්ට ලැබෙන සේවෙට උන්ටම ගෙවන්ට වෙන සිස්ටම් එකක් එනවනම් සුපිරි.//

      එහෙම කලානම් ඔය ඔක්කොම එවුන් ආරක්ෂකයෝ වැඩිම උනොත් 2 ක් තියාගනි.
      මේ රටේ ප්‍රලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න ලක්ස 500 ක අඩුම ගානේ වියදම් කරන්න වෙනවා. ඉතින් එන්නෙම හොරකම් කරන්න බලාගෙන

      Delete
    2. එකට විසඳුම පඩි වැඩි කරන එකද... නැවත් ආසන ක්‍රමයට යන එකද...? මොකක්ද ලාබ දායි දේ....?

      Delete
    3. මාතා,

      ආසන ක්‍රමයට යන එක හොදයි මාත නමුත් එක මේ ප්‍රශ්නයට විසදුම නෙමෙයි.

      දැන් ප්‍රායෝගිකව හිතපන් උබට ඇමතිකමක් ලැබුන කියල හිතපන් (මේ වගේ බයානක ඒවා එච්චර හිතන්න හොද නෑ ) දැන් උබට මසකට ලක්ෂ 30ක පඩියක් ලැබෙනවා, දැන් උබට පුළුවන් ආරක්ෂක නිලදාරින් සමග අනෙක් වාහන පාවිච්චි කරන්න හැබයි සියලු ආරක්ෂකයන්ට පඩි ගේවිමත් මෙ වාහන නදත්තුවටත් යන සියලු වියදම් උබට ලැබෙන වැටුපෙන් ගෙවන්න වෙනවනම් උබ හිතනවද ඕන තරම් ආරක්ෂකයෝ තියාගනි ඕනෑතරම් වාහන තියාගනි කියල ?

      ලස්සනට ගෙවන්න වෙන මිල අඩුවෙනවා තමන්ගේ සාක්කුවට දැනෙන නිසා , රටේ මිනිසුන්ට යන වියදමත් අඩුවෙනවා මොකද මේ වියදම් දැනටමත් දරන නිසා.

      Delete
  6. අපේ අය නිර්මාණශීලී විදිහට මෙහෙම කොරන්න බැරිද?
    අමත්‍යාංශෙ ආරක්ශක ටෙන්ඩරය ගන්න අය ඇමතිගෙ ගාඩ්ල දෙන්න ඕනෙ.
    වාහනත් ඒ ආකාරයටම ලයින් කරගන්න ඇහැකි.
    ඇමතිගෙ 'පදනම' සහ සපෝටර් ලා විසින් වාහන වියදම දරයි.(සලකන එක වෙනම දෙයක්.)
    හොරකම් අඩු කරන්න නම් කරන්න තියෙන්නෙ 'මෙදා සිට ඉදිරියට කෙරෙන අකටයුතුකම් වලින් බේරී සිටීමට නොහැක' කියලා බලවත් ආයතනයකට බලය පවරන එක ඉන්න එවුන් වැරදි කිරීමෙන් වලක්වන්න.වෙන නම් කොරන්න දෙයක් නෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බ,

      ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!

      මේවට නියම විසදුම ලැබෙන්නේ රටේ අඩුගානේ ලක්ෂ 10ක් වත් අප්ර්ලිමෙන්තුව වටලලා බලවත් උද්ගෝෂණයක් කිරීම තමයි, එදාට මේ දේසපාලුවෝනට ජිවිත බය අතිඋනාම යම් හික්මීමක් ලබාගනී.

      ලෝකයේ අතීතය බැලුවහම බටහිර රටවල දැඩි හික්මුණු රයය ක්‍රම ඇතිවුනේ බ්‍රිතානයේ නම් 1 වෙනි ච්ර්ල්ස් රජුව ජනතා කර්ල්ලක් මගීන් නෙරපනවා විතක් නෙමෙයි ප්‍රසිද්ධියේ හිස ගසාදමනවා, ප්‍රසංශ විප්ලවයේ පාලකයන් බොහෝදෙනා ගිලටීනයට යවනවා රුසියන් විප්ලවයේ දීත් මෙවැනි දෙයක් සිදුවුනහම පාලකයන් දැනගන්නවා ජනතාවට යම් අයිතිවාසිකම් දියයුතු බවත් රට හොදින් පාලනය කල යුතු බවත්.

      අපට එවැනි අද්දැකීමක් නෑ පර්ශ්නය එකයි.

      Delete