Tuesday, January 13, 2015

අප කයයුත්තේ කුමක්ද ?

මැතිවරණ ප්‍රතිපල සියුම්ව බැලීමේදී මෙවර සමාජ ජාල ඉතා ඉහල දායකත්වයක් අවසාන ප්‍රතිඵලය සදහා  සපයා ඇත. ජනතාව ලෙස අප මතක තබා ගත යුත්තේ රජය වැරදි පාරේ ගමන් කරන විට දැඩි පීඩනයක් දේශපාලනඥයනට යොදන්නේනම් ඔවුන් ඉතා ඉක්මනින් නිවැරදි වනබවයි (එසේවන්නේ ඔවුන් ජනතාවට ඇති ආදරය නිසා නොවෙයි මුලිකවම බලය රැකගැනීමටයි )

අද පවතින්නේ ඉතාම හිතකර තත්වයකි (නව ජනාදිපති තුමා ට ලැබී ඇත්තේ සාදනිය ප්‍රතිසන්කරණයක් සදහා උවමනා බලය පමණි), මීට වැඩි බලයක් ලබුනීනම්   ඔහු මෙම ප්‍රතිසංස්කරණ නොකරනු ඇති.

මෙහි වැදගත්ම ප්‍රතිසන්කරණය නම් ස්වාදීන කොමිසම් පත්කර බලාත්මක කිරීමයි. මෙම මොහොත සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මීට සහයෝගය දැක්වීමට සිදුවනු ඇති (එයට හේතුව විරුද්දපක්සිකයා බලයෙන් අඩුකිරීමට ඇති කැමැත්තත්, මීට විරුද්ද වීමෙන් ජනතා අප්‍රසාදයට ලක්වී ඉදිරි පර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදීමට ඇති අකමැත්තයි )

   නව ජනාදිපති තුමා අවංකවීමට  (අවංක බව පෙන්වීමට වත් ) කැමති නම්, පර්ලිමෙන්තුවී සරල බහුතරය ලබාගත් විට ඉහත යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කලේනම් පර්ලිමන්තු මැතිවරණය ඉහල ලෙස ජයග්ග්‍රහණය කල හැකිවනු ඇති, තවද පැවති රාජ්‍ය ප්‍රබලයකු වැරදි කර ඇත්නම් උපරීම දඩුවම් මෙම කොමිසම් මගින් ලබාදිය හැක.

නිසිලෙස මෙම කොමිසම්වලට බලය පැවරී ඇත්නම් ජනාදිපති තුමාට කිසිදු බලපෑමක් කල නොහැකි බැවින් මෙකිසිවක් දේසපාලන පලිගැනීම් වන්නේ නැත.   තවද ජනතාව ඉදිරියේ වැරදිකරුවන් සාක්කි ඇතුව ඔප්පු වීම නිසා ඔවුන්ට කිසිදු ගැලවීමක් නොලබී යයි.

තවද පවතින රජයට මින්පසු පසු එම  වැරදි කිරීමට නොහැකිවනු ඇති.

10 comments:

  1. ‍‍දේශපාලනයට වඩා පරිපාලනය නරකයි.
    කොමිසම්වල පුටුවලටත් ‍හොරු පත්වු‍නොත් ‍ඉවරයි.
    යන විදිය ගැන එච්චරම බලා‍‍පො‍රොත්තු තියාගන්න අමාරුයි.
    ‍‍බොර දි‍යේ මාලු බාගන්න ‍ගොඩක් අය මාන බලන්‍‍නේ.බලමු.
    :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පිනි,

      මුලින්ම කල යුත්තේ අදිකරණය ස්වාදීන කිරීමයි. කොමිසම් වලට දුසිතයන් පත්වූවිට ඔවුන් ඉවත් කිරීමට ජනාධිපතිතුමාට නොහැකි උවත් අදිකරණය ට හැකියි.

      Delete
  2. දැනට නම් පේන්නේ නාන තත්වයක්. මෙයා මෛත්‍රී කරන කොට. මහ රජ්ජුරුවෝ ලේ ඉල්ල ඉල්ල මෙගාෆෝන් එකකින් ගේමක් ගෙනියනවා. පාර්ලිමේන්තු එන්න දඟලනවා. කොහොමත් වැඩි කල් දුවන එකක් නෑ. ජෙප්පොත් නැත්නම් හුටාම තමයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් මාත, මහින්ද මෙම අවස්තාවෙදී ජාතිවාදය යොදාගනී (ඉදිරි ලිපියකින් ජාතිවාදය දේශපාලනඥයන් පතුරවන ආකාරය විස්තර කරන්නම් ) තේරුම් ගතයුතු සත්‍ය නම් ශ්‍රී ලංකාවේ මහජනතාව මහින්ද සිදුකල දෙය කුමක්දැයි තවම හරිහැටි නොදනී (මෙයත් ඉදිරි ලිපියකින් හැකිපමණ විස්තර කරමි ) දන්නවානම් ඔහුට
      කිසිදු සිංහල චන්දයක් නොලැබී යනු ඇති.

      මෙසේ වූ පමනින් නව ජනාදිපති තුමා පිළිබද පුර්ණ විස්වාසයක් තබා ගත නොහැකියි. කිසිවිටක ජනතා විමුක්ති පෙරමුණට චන්දය නොදුන් මම මේ අවස්තාවේ ඔවුන් ගේ ක්‍රියාකලාපය දකින්නේ ඉතා ප්‍රසන්සනිය ලෙසයි. (පවතින තත්වය මත මෙය කලහැක්කේ ඔවුන්ට පමණයි )

      Delete
  3. අකුරු වැරදි මේ ලිපියේ අඩුයි!

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිස්ට්,
      පැමිනියාට ඉස්තුති, පෙර ලිපිය මගේ පලවෙනි සිංහල ලිපියයි, සිහිවටනයක්‌ ලෙස එහි වැරදි නිවැරදි නොකර තබා ගනිමි. මාතලන් තුමා සහ අනෙක් මිත්‍රයන් ආදාන මෙවලම් පිළිබද දැනුවත් කළා.

      Delete
  4. ලංකා මේ තත්වය ඉතා ම සාධනීයයි කියලයි අපිනම් දකින්නේ..... මෙෙත්‍රීපාල ජනාධිපතිතුමා නිදහස් පක්ෂයේ සභාපති වුවහොත්.... විධායකය නිදහස් පක්ෂයට....

    ඊළග ඡන්දෙන් යූඒන්පීයට වැඩි බලයක් අාවොත් ව්‍යවස්ථාදායකය ඔවුන්ට

    ස්වාධීන කොමිසම් මගින් අධිකරණය (අනෙකුත් ඒවත් ඒක්කම) ස්වාධීන වුවහොත් අධිකරණය ස්වාධීනව පවතිනවා.....

    මේක ඉතාම සාධනීය තත්වයක්..... අැත්තටම ඒහෙම වුනොත් අපිට අැගිලි ගහන්න උවමනා වන ඒකත් අඩු වේවි.........

    අදයි මේ බ්ලොගය පැත්තට අාවේ.. මාතා තමයි පාර පෙන්නුවේ.... අැත්තට ම සතුටුයි අලුත් බ්ලොගය ගැන .... දිගට ම ලියමු...............

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර,
      සාදරයෙන් පිලිගනිමි, ඉදිරියට පැමිණෙන මාස 3 ක කාලය සමාජ ජාල වලින් ශ්‍රී ලංකා වේ ප්‍රරජාතන්ත්රවාදය උදෙසා ලබාදියහැකි ඉහලම දායකත්වය ලබාදියහැකි කාලයයි. මේ අවස්ථාවේදී දේශපාලනඥයන් සමජ ජාල පිළිබද ඉතා සන්වීදී යුගයක් (ඔවුන් අපට ආදරය නිසා හෝ රටට ආදරය නිසහෝ නොව බලය රැක ගැනීම උදෙසයි ) අප සිදුකල යුත්තේ Chess සෙල්ලම් කරන පරිදි ජනතාවට වැඩිම ප්‍රතිලාබ ලැබෙන පරිදි ආයතන පිහිටවා ගැනීමට පීඩනය පවත්වාගනිමයි .

      Delete