මා ඉතා කුඩා අවදියේ දී පටන් බොහෝ ස්වාමීන් වහන්සේලා සහ සිංහල බෞද්ධයන් පැවසු දෙයක්නම් " මේ පරසුද්දන් නොහිටින්න අප ස්වාදීන දියුණු ජාතියක් බවයි "
වැඩිපුර සිතන්නැති සිංහලයන් අපට රජෙක් ඇත්නම් ඉතා සතුටු වනු ඇති.
අපි ටිකක් බලමු අපට රජෙක් ඇති කාලයේදී ජනසමාජය කෙසේ සංවිදානය වී තිබුනද කියා.
මුලින්ම කිව යුත්තේ අපට රාජාණ්ඩු ක්‍රමයක් තිබුනානම් අද බොහෝදෙනාට ලැබී ඇති අයිති වාසිකම් නොලැබී යනු ඇති බවයි.
01. සියලු දෙනා රජයට බදු ගෙවිය යුතුය මහජනයාට නොමිලේ කිසිදු සේවාවක් රාජාණ්ඩු සාමය වල නොලැබූ බව (බුද්ධදාස රජු ගේ කාලයේ ආරෝග්‍ය ශාලා පහසුව නොමිලේ ලබාදී ඇත )
02. සුළු වරදට අමානුෂික දඩුවම් ලබාදීම (මෙනිසා සමාජය ඉතා නීතිගරුක සමාජයක් වී ඇත )
03. ආකර්ශනීය නිර්මාණ කරන ලද අතර මෙසියලුදෙයට ප්‍රවර්දනය සපයා ඇත්තේ "මරණ බය" විසිනුයි.
04. බොහෝ දෙනා පවසන්නේ බුදුදහම ඉතා දියුණු ලෙස ලංකාවේ ක්‍රියාත්මක වූ බවයි, අනුරාදපුර යුගයේ එසේ දියුණු බුදු දහමක් පැවතිඇතත් ඊට පසු යුගවල සිදුවී ඇත්තේ බොහෝවිට සංස්කෘතිකමය බුදුදහමකි. පාලකයා බලයේ සිටීමට බුදුදහම මෙවලමක් ලෙස යොදාගත් බව පරිසමින් බැලීමේදී පෙනී යයි.
05. අවශ්‍යතා අවම නිසා එක්තරා සංහිදියාවක් තිබුනත් සාමාන්ය ජනය කුල පීඩනය නිසා ඉතා අසහන කාරී සමාජයක ජිවත් විඅතිබව තෙරුම්ගතහැක.
06. රජය වෙවේචනය කිරීම මරණයෙන් කෙලවරවන දඩුවම් ලැබියහැකි වරදකි
අප කැමති උනත් නැතත් බොහෝ ජනයට වඩා නිදහස් ලෝකයක් ලැබී ඇත්තේ අප කියන "පර සුද්දන්ගේ " "ප්‍රජාතන්ත්‍රවදයට" පින්සිදු වෙන්ට බව ප්‍රසිද්දියේ නොකියන්ට සිංහල ජාතිවාදීන් ප්‍රවේසම් වෙති.
අප ජනතාවට ශතවර්ෂ ගණනක් පුරුදු සුද්දන්ගේ "ප්‍රජාතන්ත්‍රවදයට" නොව දැඩි බලයක් යොදා ජන මර්දනයකින් ලැබෙන පෙනීමට තිබෙන නිතියනුකුල බවයි.
මෙහිදී අප වරදවා ගතයුතු නැත්තේ "බටහිර ඇත්තේ ස්වයන් හික්මීමෙන් සංවිදානය වූ සමාජයක් ! "යන කල්පනාවයි. පෙරදිග මෙන් කසපහර නොදුන්නත්
බටහිර පවා වරදට දඩුවම් ක්‍රම පවතී බොහෝවිට එය මුල්‍යමය දඩයක් වන අතර අදාල දඩය පුද්ගලයාගේ පඩියෙන් අඩුවී ඉතිරිය ලැබෙන ලෙස සංවිදානය විඇත. මෙහිදී පවතින නවීන තාක්ෂනය යොදාගන නොදැනෙන ලෙස මෙය සිදුවේ. ලගදි උපුල් ශාන්ත සන්නස්ගල මහතා මෙපිලිබද කදිම උපමාවක් ලබාදෙන ලදී https://www.youtube.com/watch?v=Q25Iz-J9NXQ
විනාඩි 5 පසු බලන්න
අප නුවණැති තීරණයට එලබේ නම් කල යුත්තේ හැකිතරම් බටහිර දැනුම උකහා ගැනීමයි මෙයට ඉංග්‍රීසි බාෂාව උපකාර වේ.
දැනගත යුතු කරුණනම් විදේශීය ආක්‍රමණ නිසා පුරවැසියන් ලෙස අප ඉතා වැඩි පුද්ගල නිදහසක් බුක්ති විදින බවය.