මුලින්ම වස සහිත Arsenic සහිත සහල් පිරිසිදු කර ගැනීම සදහා ක්‍රම කීපයක් බලමු
මෙහිදී සිදු කරන්නේ අදාළ සහල් ප්‍රමාණය ක්‍රම කීපයකට සේදීම මගින් විශාල හානිකර අර්සනික් ප්‍රමාණයක් ඉවත් කර ගැනීමයි.
මේ වනවිට ඇමරිකානු වෙලදපොලේ ගෙදරදීම Arsenic හදුනාගැනීමේ සරලඋපකරණ මිලදීගැනීමට ඇත.
අද වනවිට ශ්‍රී ලංකාවේ වෙළදපොලට කිසිම ප්ර්ක්ෂාවකින් තොරව පැමිණෙන විවිද සහල් වල ඉතා අධික අර්සනික් පමණක් නෙමෙයි තවත් ඉතා භයානක විස සහිත රසායනික ආහාර සමග පැමිණෙන බව අප නොදනී.
මේවා ගැන වැඩියම දැනුවත් පිරිස වන්නේ විශාල ධනවතුන් වන කෘෂිකර්ම ක්ෂේස්ත්රයේ සිටින අයයි.
මෙනිසා අද වනවිට කාබනික ගොවිතැන කරන ආයතන අතරට CIC ආයතනය පැමිණ සිටි මෙහිදී රටේ මිනිසුන් දැනගත යුත්තේ මේ සමාගම රටේ බහුතර ජනතාවට වස ලබාදෙන අතර තම සමාගම වල ඉහල සේවකයන්ට කාබනික ආහාර ද්‍රව්‍ය පහසු මිලට ලබාදෙනු ලබයි.
මේ සිදුවීම ශ්‍රී ලංකාවේ විශාල සමාගම් කීපයක් අනුගමනය කරයි, එනම තම ආයතනයේ සේවකයන්ට සහ එහි අයිතිකරුවන් සදහා සිමිත ප්‍රමාණයක් වස විසෙන් තොර ආහාර වගාකිරීම කරනු ලබයි.
තත්වය මෙසේ පවතිද්දී අප සොයා බැලිය යුතු සහ දැනුවත් වියයුතු වැදගත් කරුණක් පවතී
කාබනික ගොවිතැනේ අස්වැන්න අක්කරයට වී බුසල් 80ක් පමණ වන විට රසායනික පොගොර වලින් අක්කරයට වී බුසල් 120 ක් ලබා ගැනීමට හැකියි.
නමුත් වාර්ෂිකව පස විනාශ වීම නිසා යෙදිය යුතු රසානන පොහොර වැඩිකළ යුතු වීමයි, එසේ නොමැති වුනොත් වසර 10 කදී කිසිවක් වගාකළ නොහැකි වනවාට අමතරව රසායනික පොහොර වැඩි නොකලොත් අස්වැන්න සීග්‍රයෙන් අක්කරයට බුසල් 60 ටත් අඩුවිය හැකියි.
මෙහි අප සලකා නොබලන කාරනයමේ බුසල් 40 නිපදවීමට ගොවින් රුපියල් 30000 ට ආසන්න මුදලක් වැයකරන අතර ආදායම රුපියල් 15000 කට කිට්ටු වේ.
මෙහිදී ගොවියන් මෙය තේරුම් නොගන්නේ මේ 30000 ට ආසන්න මුදල ඔවුනට ලැබෙන්නේ සහනාදාර මත වීමයි එනම් මේ වියදම රටේ මහජනයා දරන ආතර සියලු ආදායම බහුජාතික සමාගම් ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටවේ.
මෙහිදී විවිද වැරදි සහ දුර්වල තා ඇතත් මම අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ උත්සාහය අගය කරමි.
අප ලොකුවට කෘෂිකර්මය ගැන කිව්වත් කන සියලුම එළවලු සහ පලතුරු වස සහිත බව බොහෝ දෙනා වටහා නොගැනීම කනගටුවයි.
ටිකක් සිතන්න දැනට වසර 20ත පෙර පාසල් ගිය මට දියවැඩියාව වැලදී ඇති එකම සිසුවෙක් වත් දක්නට නොලැබුණි. දැන් තත්වය මිට හාත්පසින්ම වෙනස් අත්තර වසර 10 වැනි වයස් සීමාවල දරුවන් අතර දියවදියා රෝගීන් ප්‍රමාණය 10% බව සදහන් වේ.
මම මේගැන ගවේෂණය කිරීමේදී එක්තරා බටහිර උගතකු කිව්වා අපේ පරම්පරාව තුල එක සුවිශේෂ ලක්ෂණයක් පවතිනවා එනම් අපේ පරම්පරාව තමයි පළමු වතාවට "දෙමාපියන් විසින් දරුවන් ව බුමදාන කරන්නේ " කියල මොකද මෙතක් සිදුවී අත්තේ "දරුවන් විසින් දෙමාපියන්ව බුමදාන කිරීමයි "
ඇත්තටම වසර ගණනාවක් රසායනික පොහොර යොදන ලද පසක් තුල මුලින්ම කාබනික වීමේදී ලැබෙන පලදාව අඩු විය හැකියි නමුත් වසර 2කදි පමණ විශාල දියුණුවක් ලබාගැනීමට හැකියි.
අනෙක් වැදගත් කාරණය ගොවියන්ට රසායනික පොහොර වෙනුවට කාබනික ද්‍රව්‍ය (කාබනික පොහොර වෙළදපොලෙන් මිලදීගැනීමට නෑ ඒවා නිපදවන්නේ ශුද්‍ර ජීවින් විසිනුයි) මිලදී ගැනීමටත් උවමනා උපකරණ ගැනීමටත් වැඩපිළිවලක් රජය සැදිය යුතුයි.
දැන් බලමු සොබාවික ගොවිතැනේ සාර්ථකත්වය.
මේ සදහා තිලක් කන්දේගම මහතා පාරිසරික ගොවිතැන ගැන අපුරු උපදෙස් සදහන් කරලා තියනවා (මෙය ලියන මමත් ඔහුගේ උපදෙස් සාර්ථකව නිවාස තුල අත්හදා බලා තියනවා )
01
02
03
04
05
06
මේගැන එංගලන්තේ චාර්ල්ස් කුමරු අපුරු දෙයක් කිලය තියනවා