Friday, November 13, 2015

ශ්‍රී ලංකාවට සිදුවන්නේ කුමක්ද ? 2



දැන් අපි රටපාලනය ගැන මදක් අවදානය යොමුකරමු. අප රටේ මුලිකම අපනයන ආදායම වන්නේ ශ්‍රී ලංකික ශ්‍රමිකයන් මැදපෙරදිග රැකියාව කිරීමයි, මෙය මෙතරම් වැදගත් වන්නේ ඇයි ?

හිතන්න ඔබ ශ්‍රී ලංකාවෙන් පිටත රැකියාව කරනවා කියල, ඔබේ පවුලේ යැපෙන්නන් සිටින්නේ ලංකාවෙයි. ඔබ සෑම මසකම ඩොලර් 2000 ශ්‍රී ලංකාවට එව්වොත්, සිදුවන්නේ එම මුදල මහබැංකුව සංචිත ලෙස තබාගෙන ඔබ පවුලේ උදවියට රුපියල් වලින් ගෙවීමයි. මහබැංකුවට මුදල් අච්චු ගැසීම සිමාවාකින් තොරව සිදුකල නොහැක්කේ, ලංකාවේ අච්චු ගසන රුපියල් කෙලින්ම විදේශීය බැංකුවලට ලබාදී ඔවුන්ගෙන් ඩොලර් ලබාගත නොහැකි වීමයි.
අප රට සිදුකරන සියලු ආනයන සිදුකරන්නේ රුපියල් යොදාගෙන නෙමෙයි ඩොලර් යොදාගෙනයි. තවවිදියකින් කිව්වොත් ලංකාවෙන් පිට රුපියල් සදහා කිසිම වටිනාකමක් නෑ.

අද දවස වෙනවිට ශ්‍රී ලාංකිකයන් තමන්ට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ආනයනය කරනු ලබයි අප මුලික ආහාරය වන බත නිපදවීමට උවමනා වී ගොවිතැන ගැන බැලුවොත් අපි අවශ්‍ය පොහොර වල සිට සියලු දෙය ආනයනය කරයි. මේ සියල්ලටම උවමනා විදේශ විනිමය වන්නේ ඩොලරයයි.

අපරට මුහුණදෙන මුලික අභියෝගය නම් ඩොලර් උපයාගැනීමට අවශ්‍ය රැකියා රටතුල බිහි නොවීමයි.
2002 ට පසු 2004 දී බලයට පැමිණි රාජපක්ෂ රජය ලක්ෂ 6පමණ වූ රාජ්‍ය සේවය ලක්ෂ 14 පමණ වැඩිකලා. මෙම වැඩිවීමෙන් සිදුවුනේ කුමක්ද ?
වැඩි පිරිසක් අතට මුදල් යාමයි, ප්‍රශ්නය නම් මොවුන්ගෙන් ශුද්ධ වශයෙන් රුජුව හෝ වක්‍රව විදේශ විනිමය ඉපයීමට කිසිදු දායකත්වයක් නොලැබීමයි.
මෙනිසා සිදුවන්නේ රටේ රාජ්‍ය අංශයට වැටුප් ගෙවීමට ඉතා අපහසුවෙන් උපයන ඩොලර් වැයකිරීමයි, එනම් රාජ්‍ය සේවකයන් වෙළදපොලින් භාණ්ඩ සදහා ඉල්ලුම ඇතිකරනවිට නිතතින්ම් අපරටට ආනයන වියදම් දැරීමට සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිට ප්‍රාග්ධන වියදම් (ඉදිකිරීම් සදහා ) වලට වැඩි වියදමක් පරිබෝජනයට සිදුකලා  මෙනිසා සිදුඋනේ රටේ නව රැකියා ඇතිකිරීමට නොහැකි වීමයි. මහින්ද යුගයේ චීන අධාර ඇතිව සිදුකල ප්‍රග්ධන ආයෝජන (මහාමාර්ග, අධිවේගී මාර්ග ) නිසා බ්‍රිතාන්යෙන් අප නිදහස් වූ පසු සිදුකල විශාලම ආයෝජනය සිදුවුනා.

මෙය සිදුවුනේ අතිවිශාල ණය බරක් රටට පමුණවමින්, පහත අඩවියෙන් ඔබට මෙය තේරුම් ගත හැකියි.
http://www.economist.com/content/global_debt_clock

මෙහි මුලිකම ප්‍රශ්නය මේ සිදුකල සියලු ආයෝජන මහින් රුජුව ප්‍රතිලාබ රටට නොලැබීමයි. වක්‍රව ප්‍රතිලාබ ලබන අංශය සංචාරක වියාපාරය ඇතුළු අංශ කීපයකට සිමාවේ.

ඔබ ඉහත අඩවියට ගියොත් පැහැදිලි වෙයි ඕස්ට්‍රේලියාවේ අපට වැඩිය ණය ලබාගෙන ඇති බව, නමුත් අප දැනගත්යුත්තේ මෙම ආයෝජන වලින් සැලකියයුතු ප්‍රතිලබ එම රටට නව ආදායම් මාර්ග විවුර්ථ කරන නිසා ණය ඔවුන්ට ප්‍රශ්නයක් නෙමෙයි.

අප රට සිදුකලේ සියලුම ආයෝජන මහාමාර්ග සහ මත්තල ගුවන්තොටුපල වැනි විශාල වියප්පෘති සදහා යොදවාලිමයි.
සිදුකල යුතුව තිබුනේ සුළු සහ මද්‍ය පරිමාන නිෂ්පාදකයන් විදේශ වෙළදපොල සදහා යොමු කිරීමයි.

දැන් පහත කරුණු කොතරම් සත්‍යතාවයකින් යුතුව පවති දැයි ඔබම සොයාබලන්න.

සිතන ඔබට භාණ්ඩයක් අපනයනය කිරීමට උවමනා උනා කියා

පහත දේවල් කිරීමට ඔබට යන කාලය ගැන සිතමු.

01. පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට යන කාලය
02. අපනයන කිරීමට උවමනා භාණ්ඩය සදහා රෙගු බදු කොපමණ ගෙවියයුතු දැයි දැනගතහැකි ක්‍රමය.
03. ගෙවියයුතු බදුමුදල ගැන දැනගැනීම
04. අපනයනය කිරීමට උවමනා ක්‍රමවේදය දැනගැනීමට ඇති හැකියාව
05. සියලුදේය සිදුකිරීමට ගතවන කාලය

සිංගප්පුරුව, හොන්කොන්  වැනි රටක ඉහත සියලු කරුණු දවසකින් වැනි කෙටිකලකින් කළහැකි උනත් අපට මාස ගණනක් වැයකර
අල්ලස් ගෙවීමෙන් පසුවයි කලහැක්කේ.

අප රටේ පවතින ඉහත ක්‍රමවේදය නිසා රටට ආයෝජකයන් පැමිණීම කෙසේවෙතත් ලංකාවේ වියපරිකයන් අපනයනය අංශයේ ආයෝජන  කිරීමට යොමු නොවීම මුලික හේතුවයි.

මෙහි ඇති බයානක ලක්ෂණය නම් ලොව ඇති බහුජාතික සමාගම් අපරට තුල ඒකාධිකාරයක් ලබාගෙන ආනයන ප්‍රවර්ධනය කිරීමයි මෙනිසා අන්තර්ජාතික වෙළදාමේ වාසිය ලංකාවට නොලබියාමත් අන්තර්ජාතික වෙළදාමෙන් ඇතිවන සියලු අවාසි රටට උරුම වීමත් සිදුවේ.

ඉදිරියේ ලිපියෙන් ගැලවීමට ස්ථාපනය කලයුතු ක්‍රියාවලිය.....
     

   



               

5 comments:

  1. උඹෙ මේ ළිපි පෙල පාර්ලිමේන්තුවේ ඉන්න "බුද්ධිමතුන්ට" කියවන්න ලැබෙනවා නම්...

    ReplyDelete
    Replies
    1. මාතා,

      මෙය රට පාලනය කරන දැනුවත් දෙසපලන්යින් නොදන්නවා නෙමෙයි (උසස් පෙළවත් සමත් නොවූ ගමේ චන්ඩින් සිදුකරන්නේ ඩීල් දමාගැනීමයි ඔවුන්ගෙන් මේවා බලාපොරොත්තු විය නොහැකියි )

      අද සිදුවන්නේ සියලුම දෙසපලන්යන් මුදලට විකිනෙන අවදියයි, නමුත් මෙයට වගකිවයුත්තේ දෙසපලන්යයන් පමණක් නෙමෙයි, රටේ ජනතාව අදාළ වෙනස්කම් කිරීමට බලපෑම් කලයුතුයි, එසේ කිරීමට ඔවුන් ලෝකයේ සිදුවන්නේ කුමක්දැයි දැනුවත් වියයුතුයි.

      උදාහරණය :- Paypal මගින් ශ්‍රිලංකාවේ වාණිජ බැංකුවලට මුදල් ගෙන්වාගැනීමට පහසුකම් ඇත්නම් සහ ශ්‍රී ලංකා තැපැල් සේවය සොරකමින් තොර විශ්වාසවන්ත සේවයක් ලබා දෙනවානම් අපට ශ්‍රී ලාංකිකයන් ලෙස සුළු පරිමාණ සහ මද්යපරිමන භාණ්ඩ නිපදවා බොහෝදෙනාට රැකියා ඇතිකළ හැකි අතර එම ඇතිකරන රැකියා විදේශ විනිමය උපයන රැකියා වීම නිසා රටේ ආර්ථිකයත් දියුණු වෙයි.
      http://lankasithuwili.blogspot.com/2015/09/paypal.html

      මෙබලන්න දැනට වසර ගණනාවක සිට මෙහි වටිනාකම දන්නා කරනලද දෙය.
      http://www.dailymirror.lk/82277/full-access-to-paypal-soon-icta-chief
      මෙහි කොමෙන්ටුවක සහහනෙන් ඔබට සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගත හැකියි.

      / /Naleem Thursday, 6 August 2015 11:21

      We have been fighting for this past 10 years, nothing happened, but we found our alternatives to move forward our online business. We have already lost more than $10000 due to non availability of this services, because most buyers in the world prefer PayPal payments via internet. No politician nor Sri Lankan bank understand the value of this and how it will contribute our economy by creating new CEOs and boom online economy and sell our services to the world. HOPE THIS HAPPENS THIS TIME.

      //

      Delete
  2. Ekenma Mr.Maathalan. Kohomath parliament HARAK ta therum genime shakthiya saththuntath wediya aduwen kiyanne pihitala thiyenne HITAN..!! :)

    ReplyDelete
    Replies
    1. ටික්කා,
      සාදරයෙන් පිලිගන්නවා!

      උත්තරය මතලන්ට පැවසු දෙයමයි. ජනතාව නිසිදෙයට බලපෑම් කලොත් සියල්ල නැතත් සැලකියයුතු වෙනසක් සිදුකල හැකිවනු ඇති.

      Delete
  3. Paypal denna kiyala facebook campaign ekak karamu.

    ReplyDelete