Thursday, January 15, 2015

ලංකා දෙසපලනයේ සිදුවුයේ කුමක්ද ?



මෙම ලිපියේ අරමුණ හිටපු ජනාදිපති තුමාට මඩගැසීම නොව සිදුවුයේ කුමක්දැයි පසු විපරමක් සිදු කිරීමයි. නව ජනාදිපති තුමා ඉහත මාර්ගය වෙනස් කර නොගත් තොත් ඔහු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යන්නට වන්නේ මෙමෙ මාර්ගයේයි.

ලිපිය දීර්ග නොවීමට 1995 සිට මේදක්වා අප පැමිණ ඇති මාර්ගය විමසමු. චන්ද්‍රිකා ජනාදිපති තුමිය ජනනදිපති වනවිට මෙරට බොහෝ දෙනා සිතුව කරුණ නම් අපට සාමය ලැබෙන බවයි. (රටක සාමය ලැබීමට 01. ආර්ථික ප්‍රතිපාත්තියක් 02. යුද්දයට විසදුමක් 03. දුෂණය අවම වීමක් 04. අදිකරණය ස්වාදීන වීමක් 05. නිසි පුද්ගලයනට ඇමතිකම් ලබාදීමක් ) සිදුවිය යුතුව තිබුණි.

එතුමිය සදහන් කල මුල්ම දෙයනම් ජේ ආර් ජයවර්දන මනතාගේ බහුබූත වියවස්ථාව අහෝසි කරන බවයි, ඉහත පොරොන්දු කිසිවක් නොකළ අතර රටේ ආර්ථිකය ඉතා දුර්වල වීමට එතුමිගේ පාලනය හේතුවිය, ඇගේ මාමා වූ අනුරුද්ද රත්වත්තේ යාපනය යටත්කර ගැනීමත් හමුදාවට නවීන අවිලබදීමත් සිදුවිය.

ඇයගේ මුලික දුර්වල තාවය නම් නිසි ඉලක්කයක් නොතිබීමයි.

අප රටේ මා දකින මුලික ප්‍රශ්නය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හොරුන් බවට පත්කරන ක්‍රියාවලියයි (මන්ත්‍රී වරයකුවීමට ප්‍රචාරණ වියදම ලක්ෂ 900 පමණ වන අතර මුළු වසර 6 කදී ඔහුට ලැබෙන වේතන සහ සියලු පහසුකම් වල වටිනාකම   එක්කෝටි හත්ලිස්හතර ලක්ෂයකි  ) මෙය කොපමණ විහිළුවක් දැයි අප කිසිවිට කතා නොකළෙමු.

අප දැනගත යුත්තේ  ලෙස සිංගප්පුරුවේ අමාත්‍ය මට්ටමේ පුද්ගලයකුට වසරකට  $1,583,900 එනම් මසකට $ 131991 රුපියල් 17554891.66 පමණ  අවම මුදලක් ගෙවනු ලැබේ, මතක තබා ගතයුත්තේ සිංගප්පුරුවේ ගෙවන මුදල මෙන් කීපගුනයක් ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු සොරකම් කිරීමයි.
සිගප්පුරුවේ ඉතා දැඩි නීති මහින් සොරකම අවම කර ඇත.

දැන් නැවත මුලික කාරනාවට යොමුවේමු 9 December 2001 – 6 April 2004 රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය ඉතා වැදගත් වන්නේ කොටි සංවිදානය දෙකඩ කිරීමට සහ ඔහු යොදාගත් උපාය ඉතා සාර්ථක විය (මේ අතර යුද්දය පිළිබද වැඩි අවදානයක් යොමු නොකළ ඔහු අතින් බුද්ධි අංශයට සිදුවූ විනාසය අමතක නොකළ යුත්තේ, ඔහු යුද්දය පිළිබද දැක්වූ දුර්වල ආකල්පයයි ) ඔහු ගේ රජයේ සාර්ථකත වීම සාමාන්‍ය හැගීම්බර සිංහලයා නොදකිනලද අතර ඔහුගේ දුර්වලතා පිලිබිබු වුයේ ඉතා පිළිකුල් අයුරිනි, පසු කලකදී ඔහු ගේ විරුද්දවාදීන් මෙම දුර්වලතා දක්සලෙස යොදාගන්නලදී.
රනිල් වික්‍රමසිංහ මහතා ගැන අප මතකතබා ගතයුතු කරුණනම් අද  ආර්ථිකය මෙහෙයවීමට සිටින දක්ෂම පුද්ගලයාඅ වන්නේ ඔහුයි. තවද ඔහුගේ සමයේ ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපතති වලින් අන්තර්ජාතික සහය යුද්දය සදහා ලබා ගැනීමට හැකිවිය (ලක්ෂ්මන් කදිරගාමර් මහතා මේ අංශයෙන් ප්‍රසංසා කටයුතු වන අතර කුමාරතුංග රජය යටතේ සිදුවූ සාදනිය කරුණක්  ලෙස ඔහුගේ දායකත්වය දැක්විය හැකියි )

අප මෙහිදී මතකදබා ගත යුත්තේ මෙම වකවානුවේ අපට යුද්දය සදහා මහාපරිමාණයෙන් මුල්‍යමය උපකාර කිරීමට කිසිදු රටක් නොසිටි බවයි, මෙවැනි තත්වයක් තුල රනිල් මහතා කටයුතු කරන ලද්දේ  ඉතා බුද්දීමත්වයි (සුනාමි සන්න මණ්ඩලය ඔහු විසින් ගන්නාලද එකම මෝඩ තීරණය වීමට තිබිණ )

2005 දී මහින්ද රාජපක්ස මහතා පත්වන්නේ දුෂ්කර කාලයකයි, රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය දියුණුකරන තීරණ ගන්නාලදී (බෝහෝදෙනා පවසන රාජ්‍ය සේවයේ රැකියා නොදීම නරක ලක්සනයක් ලෙස දැක්කත් මා දකින්නේ එය හොද ලක්සනයක් ලෙසයි )  මෙහිදී රාජපක්ස මහතා ජාතිවාදියකු ලෙස බොහෝදෙනා හැදින්වුවත් මා දකින්නේ ඔහු කිසි ලෙස ජාතිවාදී නොවූ බවයි, නමුත් ඔහු දැඩි අවස්ථාවාදියකුයි.

මුලින් ඔහුට යුද්දය ට යාමට කිසිදු උවමනාවක් නොතිබුණු අතර ඔහු බලයට පත්වීම උදෙසා කොටි සන්විදානයට මුදල් දීමට පසුබට නොවිය (පසුකල ටිරාන් අලස් පැවසුවේ මෙයයි )

ඔහුට යුද්දය පිළිබද විස්වාශය ඇතිකරන ලද්දේ ඔහුගේ සහෝදරයයි, මෙහිදී සරත් ෆොන්සේකා හමුදාපති කිරිමට මුලිකත්වය ගත්තේ ගෝඨාභය රාජපක්ස තුමයි (සරත් ෆොන්සේකා පිළිබද හිටපු හමුදා ප්‍රදානියකු වන ජනක පෙරේරා මහතා පැවසුවේ " මම ඔහුට කැමති නැහැ නමුත් මේ යුද්දය දිනවීමට උවමනානම් එයට සරත් ෆොන්සේකා හමුදාපති විම අත්‍යවස්ශ්යි  ") අවසානයේ ය්ද්දය දිනව්මට දායක වූ පුද්ගලයන් නම් 01 මහින්ද 02 ගෝඨාභය 03. සරත් ෆොන්සේකා මහතයි, මීට අමතරව හෙලරුමය වැනි බලවේගත් ජනතා විමුක්ති පරමුනත් උපකාරවිය.

මේහිදී සරත් ෆොන්සේකාට කරනලද දෙය මට නම් ඉතා පිළිකුල් සහගත විය. මහින්ද ගැන මුල්ම පිළිකුල ඇති උයේ මේ අවස්ථාවේදීයි.

කෙසේ වෙතත් යුද්දය දිනීමට හැකිඋනේ මෙතක් සමීකරණයේ නොතිබූ චීනයේ දායකත්වයයි (චීනය අපට උදවු කලේ අපට ආදරය නිසා නොව එමගින් ඔවුන්ගේ වෙළද අදිරාජ්‍ය දියුණු කිරීමටයි)

දැන් අපි මහින්ද රාජපක්ස ජනාදිපති තුමා කරනලද ආර්ථික දියුණුව ගැන විමසා බලමු.

ඔහු විසින් මහාමාර්ග පද්දතිය මෙන්ම නගර අලංකාරයද ඉතා ඉහලින් කරනලදී, නමුත් අප මෙහිදී සිදුවුයේ කුමක්දැයි බලමු.

01. කිසිදු සැලකියයුතු කර්මාන්තයක් දියුණු නොකිරීම
02. රාජ්‍ය සේවය දෙගුණයකට වැඩි කිරීම 12 ලක්ෂයක් පමණ (මෙහි ගැටලුවන් නම් කිසිදු රැකියාවක් අලුතින් ඇති නොකර රාජ්‍ය සේවකයන් බදවා ගැනීමයි, මෙහිදී කිසිදු පලදායී  ක්‍රියාවක මෙම රැකියා ලාබින් නොයෙදීම  තුලින් සියලුම මුල්‍යමය අලාබය මහා ජනයට විදදරාගැනීමට සිදුවීමයි.)

දැන් ටිකක් හිතන්න මහින්ද මහතා 2022 දක්වා බලයේ සිටීමට උවමනා උනානම් මෙවැනි  සැලසුමක් ඔහු පවත්වා ගනීද ? මන්ද මෙලෙස දිගටම රජයට වියදම් දැරීම නොකළැකි බැවිනි. මගේ දැනීම නම් මහින්ද ජනාදිපති වරයාට උවමන වුනේ ලංකාවේ කැසිනෝ ආර්ථිකයක් ඇති කිරීමයි (ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනාට මෙය තේරුම්ගත නොහැකි උනත්, මහින්ද මැතිතුමාගේ පුතුන් මෝටර් තරග පැවැත්වුයේ විවිද තරුණ  සන්දර්සන පැවැත්වුයේ, නුවර දළදා මාලිගය ලග තරග පැවැත්වුයේ වෙන දෙයක් නිසා නෙමයි, රටේ ජනයා ගෙන් කැසිනෝ සමාජයක් ඇතිකිරීමට අවශ්‍ය කරන මනස සකස් කිරීමටයි.

යම් විදියකින් ඔහු මෙය ශ්‍රී ලංකා වේ ඇති කලානම් ආර්ථික වසයෙන් අපට දියුණුවීමට හැකිඋනත් සමාජය විසාල සෝදාපාලුවකට ලක්වීමට හේතුවීම නොවැලක්විය හැකියි.

තවද ඔවුන් මන්ත්‍රී වරුන්ට අවශ්ය මුදල් සම්පාදනයට නීති විරෝදී මත්කුඩු විකිනීමට සහ එතනෝල් විකිනීමට ඔහු එළිපිට අවසර දෙනලද බව ඕනෑම මෝඩයකුට තේරුම් ගත හැකියි.

ඉතා දක්ස නළුවකු වූ ඔහු දරුවන් සුරතල් කිරීමෙන් කරුණාව දැක්වුවත් ඉහත සදහන් කල මත් ද්‍රව්‍ය සහ මත්කුඩු මගින් එම දරුවාම කලකදී ගොදුරුවනබව පරිනත දේශපාලනඥයකු වූ ඔහු නොදැන සිටින්න ඔහු ළදරුවෙක් නොවෙයි.

අන්තර්ජාතිකව ඔහුට අවශ්‍ය කලේ ශ්‍රී ලංකාවට විරුද්ද කිසියම් හඩක් නැගෙනවා බලන්නයි (මෙය සිදුවන සැම විටම ඔහුට මෙහෙ චන්දය ලැබෙන බව ඔහු දනී )

දැන් අප චීනය වැදගත් උනේ කුමක්දැයි බලමු. අපට කිසිදු විදේශීය බැංකුවක් මුදල් ලබා නොදීමට හේතුවුයේ ( කිසියම් ඉදිකිරීමකදී අපට ඇස්තමේන්තුවක් ලබාගත හැක, අප බැංකුවට අස්තෙමේන්තු ඉදිරිපත් කලවිට ණය අනුමත වෙයි, නමුත් වැරදි ලෙස  ඉතා ඉහල දමා ඇති ඇස්තමේන්තු වල ණය අන්තර්ජාතික බැංකු  අනුමත නොකරයි ) මෙහිදී චීනය අපට උදව්කරන්නේ ඉල්ලන ඕනෑම මුදලක් අනුමත කිරීමෙනුයි, අවසාන ප්‍රතිපලය අපට ණය වාරික සහ පොලිය ගෙවීමට නැවත ණය ගැනීමට සිදුවීමයි, චීනය මෙහිදී පොලි මුදලාලිගේ චරිතය (මාතලන් ඔහුගේ අඩවියේ සදහන් කලේ මෙයයි) රගපායි  අපගේ ඉතාම වටිනා දේපල චීනය සතුවන්නේ මෙසේයි.

දැන් මෙය තහවරු කර ගැනීමට මා w3lanka.com/ සටහන්කළ කමෙන්ටුවක් නැවත දමමි

    ශ්‍රී ලංකා ආර්ථිකය ගමන්කරන්නේ කුමන දිසාවට දැයි අප දැනුවත් වියයුතුයි.

http://www.economist.com/content/global_debt_clock

කරුණා කර ඉහත ලින්කුවට යන්න. ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත්, ඔස්ට්‍රීලියාවත් තෝරාගන්න.
2003 public debt for person $993.51 එනම් නිදහස ලැබූ දිනයේ  සිට ඇත්තේ නමුත්
2014 public debt for person $2503.61 වී ඇත. එනම් $1510.10 වැඩිවී ඇත
අප 2009 සිත 2014 තෙක් මෙහි වැඩිවීම public debt for person $717.26 වසර 5 වැනි සුළු කලකින් මෙම අගය
වැඩිවී ඇත.

මෙම රජයට හොදකියන පුද්ගලයකු කියනුයී 2003 දී එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස 101.7% වූ අගය 2014 දී 80.9% අඩු වූ බවය. නමුත් මෙහි මායාව ඇත්තේ ඩොලර් මිලියන 250 වියදම් වන ආයෝජනයට ඩොලර් මිලියන 750 වියදම් කරයි නම්  සත්‍ය ලෙස  දේශීය නිෂ්පාදිතය වැඩිවී ඇත්තේ ඉතා සුළු ලෙසයි, දැන් නිවැරදි එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස ගත හොත් එය 80.9% නොව සමහර විට 500% හෝ 600% වියහැකියි.            
 

   අප තෙරුම්ගත්යුතු පාඩම නම් කිසිදු පාලකයකු වන්දනාමාන කරන තැනට නොයෑමත් ආරම්බයේ සිටම පීඩනය දේශපාලනඥයනට යෙදීම මගින්  කෙසේ හෝ ස්වාදීන කොමිසම් ලබාගැනීමට උත්සහ ගැනීමයි.

කිසිවිටක සමාජ ජාල අඩවියක් මගින් මෙම අදහස් දැක්වීමට උනන්දු නොවුවත් (අනුන්ගේ අඩවිවල ඉතා කෙටි අදහස් තැබුවෙමි ) ඉදිරි මාස 3 සදහා පුරවැසියන් ලෙස  හැකිපමණ  කරුණු දැක්වීමට උත්සහ කරමි (මාස 3 පසු සමාජ අඩවි වලට මෙමෙ බලය නොමැති බව වටහා ගෙන ) තමා ගේ යුතුකම හැකි පමණ ඉටුකරමු!    
           

10 comments:

  1. හොඳ විශ්ලේෂණයක්.

    මහින්ද‍ යනු ඉදිරි දැක්මක් හෝ ඒ සඳහා අවැසි මොලයක් තිබූ අයෙක් නොවේ. නිකම්ම නිකං හූනියං මන්තර ගුරුකම් කාරයෙකි.

    ReplyDelete
    Replies
    1. සිතුති, මහින්දගේ සාර්ථකත්වය මුලිකව තිබුනේ, සිංහල ජනමනස ආමන්ත්රණය කිරීමයි (ඇත්ත වසයෙන් රනිල් වික්‍රමසිංහ කැසිනෝ ගෙනාවනම් මීට වඩා දැවැන්ත පීඩනයක් ජාතික බලවේග කරනු ඇති, නමුත් මහින්දට යොදනු ලැබුයේ අල්මරුන පිඩනයකි ), තවද ගෝඨාභය නොසිටෙන්න සරත් ෆොන්සේකා හමුදාපති නොවනු ඇති, සරත් ෆොන්සේකා හමුදාපති නොවුවානම් මෙම ත්රස්තවාදය මර්දනය කල නොහැකිවනු ඇති. මිට අමතරව ඔහුට ඉතා දුර්වල ආර්ථිකය කළමනාකරණයක් තිබීමට හේතුව ඔහුගේ නුගත් නෑයන් සහ මිත්‍රයන් නිසයි.

      Delete
  2. එකගයි, හොද විශ්ලේෂණයක්
    මහින්ද යනු කිසි දැක්මක් හෝ සැලසුමක් තිබු අයෙක් නොවේ. හැමදේම එදාවේල ක්‍රමයට කල කෙනෙක් I

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනිමි, පෙර උත්තරය අදාලයි.

      Delete
  3. වෙරි ගුඩ් ඇනැලිසිස් මයි ඩියර්. මේක තව ටිකක් බරසාර විදිහට ලියල කොටස් වශයෙන් දාමුද?
    ලංකාවේ ඉන්න මෝඩයන්ව මරන්නයැ. මෙහෙම ටික ටික පැහැදිළි කරල දෙන්න උත්සාහ කරමු.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනිමි, ශ්‍රී ලංකාවී ප්‍රශ්නය මෝඩයන් නෙමෙයි බුද්ධිමතුන් පවත්වන නිහඩ බවයි!

      Delete
  4. මහින්ද එදාවේල ටුවර්ස් කියන එක සහතික ඇත්ත.ඒත් දැන් මහින්දගේ චැප්ටර් එක තාවකාලිකව නැවතිලා තියෙන්නේ.ඒ එක්කෙම චීනේ බලපෑමුත් තාවකාලිකව නවතියි.මේ ඡන්දේ තිබුනේ ඉන්දියාවයි-චීනෙයි අතරේ මිසක් ලන්කාවේ අපේක්ශකයෝ අතරේ නෙමෙයි.දැන් සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන කාරණය විදිහට මම දකින්නේ චීනේ මෙච්චරකල් රගපාපු චරිතේ ඉන්දියාවට නොදී තියාගන්න එක ගැනයි.චීනේ තරම් ආර්ථික මැදිහත්වීම් ඉන්දියාවෙන් බලාපොරොත්තු නොවුනත් ඉන්දියාව ඉස්සර ඉදන්ම ලොකු අයියා මානසිකත්වයෙන් ඉන්නේ.අපි පාළනය කරන්න ඕන ඒකයි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගනිමි, මෙය තමයි මාදකින ඉතාම වැදගත් කරණය අප චීනය පිළිබද තීරණ ගැනීමට විසේස හැකියා ඇති තානාපති නිලදාරීන් අවශ්‍ය වේ (චීනය උණු නිසා බෝන්නත් බැරි කිරි නිසා අහක දැමීමට බැරි ) තත්වයකයි අප සිටින්නේ. චීනය අල්ලස් දීම මගින් තම දියුණුව ලගාකර ගැනීමට දක්වන්නේ හසල නිපුනත්වයක්. මා නැවත ස්වාදීන කොමිසම් ගැන මතක් කරන්නේ මේ සිදුවීම නිසා

      Delete
  5. සමහර දේට ඒකගයි.... සමහර දේට හැර

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර, එකග නොවන දේ ගැන අදහස් දක්වුවනම් අපේ දැනුම පිරිසිදු කරගැනීමට හැකිවෙනවා

      Delete