Wednesday, April 6, 2022

ජනතා විමුක්ති පෙරමුණ අවංක නම් කල යුත්තේ කුමක්ද ?



ජනතා විමුක්ති පෙරමුණ අවංක නම් කල යුත්තේ කුමක්ද ?


අද වනවිට ගොටාභය එලවීමේ සටන්පාටය අරන් සිටින අය ටිකක් සිතන්න ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ කුමක්ද කියල හොද කල්පනාවෙන් මේක බලන්න,

අනුර කුමාර ගෙන් අසනවා ඔබට ඇයි බැරි මේ රජයට එකතුවෙලා ජනතාවගේ ප්‍රශ්නය විසදන්න කියල ? 


ඔහුගේ පිළිතුර වෙන්නේ මේ එක එක ආණ්ඩු අටවාගෙන දුවන්න බෑ කියල.


මේ ඔහු කියන්නේ කුමක්ද ? ඔහු කියන්නේ කොටි 800 වියදම් කරලා මැතිවරණයක් තියල ජනතා බලය තමන්ට දෙන්න කියල.

එහෙම කලොත් වෙන්නේ කුමක්ද ? දැනට හරියටම මාස 2 කුත් දින 15 වැනි සුළු කලකදී අපිට සිදුවෙනවා ඩොලර් බිලියන 1 පමණ ණය වාරිකය ගෙවා දමන්න, මෙය කිරීමට නොහැකි උනොත් අපේ රුපියල 90% බාල්දු වෙනවා, ආහාර බෙහෙත් අපරටේ හිග වෙනවා මිනිසුන් පාරට එනවා.


දැන් අපිට ඇති එකම විසදුම විපක්ෂය ඒකාබද්ද වී ස්ථාවර රජයක් පිහිටවා සාකච්චා සදහා අන්තර්ජාතික මුල්‍ය අරමුදල වෙත යාමයි. එතැනදී රජයේ ණය ප්‍රතිවියුහ ගත කල වහාම ඩොලරය රුපියල් 250 පමණ මට්ටමට තබාගන්න පුළුවන්.


අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය ගැනීමට යන කාලය මාස 5 පමණ වෙනවා යම් විදියකින් අපි මේ අවස්ථාවේ මැතිවරණයකට ගියොත් අන්තර්ජාතික මුල්‍ය අරමුදල කියනවා ස්ථාවර රජයක් පත්වන තුරු අපිට ණය දෙන්න බෑ කියල.


එහෙම උනොත් අපිට මේ අර්බුදයෙන් ගැලවීමක් නෑ.


දැන් ජනතාවගේ උද්ගෝෂණ පාටය වෙන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණට මුදල් ඇමතිකම ගන්න කියන දෙයයි.


මෙහිදී ජනතා විමුක්ති පෙරමුණට කියන්න පුළුවන් ජනාධිපති ගේ අත්තනෝමතික බලතල පාර්ලිමේන්තුවේ 2/3 බලයෙන් ඉවත් කලොත් තමන්ට සහය දෙන්න පුළුවන් බව. එහම යෝජනාවක් ආවොත් කිසිම මන්ට්‍රිවරයකුට එය ට තම චන්දය නොදී සිටීමට නොහැකියි.


ඉන්පසු අපට බලන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ ට ඔය කියන විසදුම් තියනවද කියල ?


ජනතාවනේ බුද්ධිමත් වෙන්න අරගලය දිගටම කරන්න ඉදිරි මාසයේ රැකියා අහිමිවීමට නියමිත ලක්ෂ ගණන් පුද්ගලයන් ඔබට එකතුවෙයි, මතක තියාගන්න ඔබේ එකම ආයුදය ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජනබලය පෙන්වීම පමණක් බව.


මේ බලයට පාලකයන් පුදුම බියක් දක්වන්නේ ඔවුන් යම් හෝ සහනයක් ඇත්තේ යම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් අවුලවා හමුදාව සහ පොලිසිය යොදවා අරගලය පාලනය කිරීමයි, කිසි විට මේ මෝඩ උපායට හසුවෙන්න එපා යමෙක් ප්‍රචණ්ඩත්වය ට සුදනාම් වෙනවනම් වහාම ඔහුව හදුනාගන ඉවත් කරන්න ඔහු ඔබේ සතුරෙක් මිතුරෙක් නෙමෙයි.


හැමවිට බුද්ධිය යොමු කරන්න, මතක තියාගන්න පාලකයන්ට පෙර මෙන් ප්‍රචන්ඩත්වය පාවිච්චි කරන්න බෑ ජනතාව ලග සියලු තොරතුරු වීඩියෝ ගතකිරීම සිදුවෙනවා අනාගත දිනකදී ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත මේවට සම්බන්ද සියලු අයට ගැලවීමක් නෑ.


     

2 comments:

  1. ලංකා සිතුවිලි මම දන්නේ නෑ අපේ රටේ ජනතාව දන්නවා ද කියලා මේ වෙනකොට ලංකාවේ ආර්ථිකය වැටිලා තියෙන තිබෙන දරුණු බව. අපි IMF සාකච්ඡා මේ සතියේ ආරම්භ කළේ නැත්තම් මූල්‍ය උපදේශකයෙකු පත්කරලා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරන එක කඩිනමින් කරන්න හම්බවෙන්නේ නෑ.

    ජුලි මාසයේ අපි අමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. ඒක ගෙවන්න වෙන්නෙත් අපේ සංචිතවලින් තමයි.

    ඒ වගේම ඒක ගෙවනවා කියන්නේ ඊළඟ මාස දෙකේ කිසිම ආනයනයක් නොකර අපේ ආදායම සියල්ලම එකතු කරලා ඉතුරු කරන්න වෙනවා මේ ඩොලර් බිලියනය ගෙවන්න.

    එතකොට මේ රටේ බෙහෙත් නෑ, විදුලිය නෑ, තෙල් නෑ, ගෑස් නෑ. ඉන්දියාවෙන් එන තෙල් වලින් වැඩිම උනොත් 2022 මැයි අග වෙනකම් යයි. ඊට පස්සේ අපි තෙල් ලබාගන්නේ කොහොමද?

    ඒ නිසා තත්ත්වය ඉතාම උග්‍රයි බරපතළයි. දැනට කවුරු කවුරුත් යෝජනා කරන එකම විසඳුම අයි එම් එෆ් එක, ඒත් IMF සමග සාකච්ඡා කරන්න මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕනේ.. රජයක් තියෙන්න ඕනේ.

    මේ මුදල් ඇමති තනතුර බාර ගන්න එක බල්ලෙක් වත් නෑ, පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය සේරම ඇඟ බේරාගෙන මාරු වෙලා යන නිසා ලංකාවේ ආණ්ඩුවේ කට්ටිය පාර්ලිමේන්තුවට පිටින් වෙන විද්වත් කට්ටිය සෙට් එකෙන් කෙනෙක් ගන්න හැදුවත් ඒ සේරම එන හැටියට තමන්ගේ ජීවිතය ගැන වත් ෂුවර් නෑ කියලා මග ඇරලා. අන්තිමට බැරිම තැන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ආචාර්ය ශාන්ද දේවරාජන්, ආචාර්ය ශාමිණී කුරේ එකතු කරලා ත්‍රී පුද්ගල උපදේශක මණ්ඩලයක් පත් කිරීමට සිදුවන අතර යාන්තමින් හෙන ගේමක් දීල ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයට තෝරා පත්කර ගැනීමට පුළුවන් වෙලා තියෙන්නෙ. අනේ මන්දා ලංකාවේ මොකෙක් වත් අමාරු වෙලාවට වගකීම බාර අරන් තත්වය වෙනස් කරන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් නෑනේ.

    ඔය මොන මගුල කරත් අපි කඩිනමින් පියවර ගත්තේ නැත්තම් ජුනි මාසයෙන් පස්සේ මුළු රටම දවස පුරා කරන්ට් එක නැතුව රැය ගෙවෙනකම් අඳුරේ ඉන්න පුළුවන්.

    ඒ නිසා අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව බිලියනයක් නෙමෙයි මිලයන 100ක් වත් ගෙවා ගන්න බැරි තත්ත්වයක ඉන්නේ, මේක වෙනස් කිරීමට ලේෂි වෙන එකක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි,

      මට නම් සැකයි IMF ණය අපිට ලබාගන්න පුළුවන් කියල මොකද ඔවුන් ඉල්ලන විගණනය දීමට අපට නොහැකියි. රාජපක්ෂ දුෂිතයන් ගේ එකමවිසදුම චීනයෙන් හෝ මොනම රටකින් ණය තව තව ලබාගන එදාවේල බිස්නස් කරලා රටින් පනින්නයි දැනටමත් පවුල් පිටින් රට පැනල ඉවරයි.

      Delete