Thursday, September 10, 2015

PayPal යොදා ශ්‍රී ලංකාව තුල අපනයන දියුණු කල හැක්කේ කෙසේද ?



මුලින්ම විදේශ වෙලදාම් කරන්නේ කුමක්දැයි බලමු

01. භාණ්ඩ වෙලදාම
02.සේවා වෙලදාම

මුලින්ම භාණ්ඩ වෙලදාම  කරන්නේ කෙසේදැයි බලමු, හිතන්න ඔබට විකිනීමට විසිතුරු භාණ්ඩයක් ඇතයි කියා ඔබට මෙය විදේශීය රටකට විකිනීමට අද වනවිට පහසුකම් පවතී, එනම් ඔබේ විසිතුරු භාණ්ඩය ඔබගේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීමෙන් හෝ ebay වැනි අඩවියක් යොදා , ඔබේ විසිතුරු භාණ්ඩය සදහා විදේශීය ගැනුම් කරුවකු සොයාගත හැක.

දැන් සිදුවිය යුත්තේ ඔහු විසින් ඔබට අදාල මුදල ගෙවීමත් ඔබවිසින් විසිතුරු භාණ්ඩය ඔහුගේ ලිපිනයට අපනයන කිරීමත් යන දෙකයි.

මෙහිදී ඇතිවන ප්‍රශ්න 2 පවතී

01. ඔහු ගෙන් මුදල් ලබාගන්නේ කෙසේද ?
02. ඔබ නිවැරදි විසිතුරු භාණ්ඩය ඔහුගේ ලිපිනයට අපනයනය කරයි කියා විස්වාසය ඔහු තබන්නේ කෙසේද ?

මෙහිදී මුදල් ලබාගැනීමේදී ඔබ විකුනන්නේ ඒකක 1 බැවින් මුළු අගය $100 පමණ වෙතැයි සිතමු මෙවැනි කුඩා අගයක් හුවමාරු කිරීමට (credit card payment Gateway) වැනි පහසුකමක් ඔබ ලබාගන්නවනම් වසරකට රුපියක් 60000 පමණ මුදලක් වැයකළ යුතු අතර සිදුවන සියලුම ගනුදෙනු වලින් 3% පමණ අද පවතින වාණිජ වාණිජ බැංකු  උදාහරණ සම්පත් බැංකුව   අයකරයි.

ප්‍රශ්නය නම් විදේශිකයා තම ණයපත් අංකය (credit card number ) තමන් නොදන්නා රටක වෙබ් අඩවියක ඇතුලත් කිරීමට ඇති අකමැත්තයි.
මෙයට ඇති හොදම විසදුම    PayPal  මගින් ගනුදෙනුව සිදුකර ගැනීමට පහසුකම් ලබාදීමයි. මෙහිදී විදිශිකයා PayPal  මගින් ගනුදෙනු කිරීමට කැමති  ඔහුගේ ණයපත් අංකය තෙවෙනි ප්ර්ශවයකට ලබාදීමට උවමනා නොවීම නිසා ඇති ආරක්ෂාව සහ ඉදිරි දිනකදී අදාළ භාණ්ඩ අපනයන කරු
නොඑවා සිටියොත් පැමිණිලි කල හැකි වීම සහ රක්ෂණ ආවරණයක් ලැබීම.

අද ශ්‍රී ලංකා මහබැංකුව   PayPal පහසුකම ලංකාවට ලබානොගැනීම නිසා අපට අහිමි වන මුදල මැනිය යුතු වන්නේ රුපියක් කෝටිවලින් නොව ඩොලේර් කොටිවලිනි.

PayPal  සදහා කිසිදු මුලික මුදලක් වැය නොවන අතර සිදුවන සෑම ගනුදෙනුවකටම 3.5% පමණ ඔවුන් අයකරයි.

භාණ්ඩ වෙලදාම තුල උවමනා අනෙක් දෙය නම් කාර්යක්ෂම තැපැල් සේවයයි මෙහිදී අන්තර්ජාතිකව ( international tracking post) මහින් භාණ්ඩ  අපනයනය කල පසු ආනයන කරුට tracking code ලබාදීමෙන් තම භාණ්ඩය පවතින්නේ කොහිද යනවග බලාගත හැකි අතර වංචා නොවන පරිදි වෙළදාම කළහැකි වනු ඇති.

ඉහත පියවරයන් රජයට ගතහැකි උනොත් ශ්‍රී ලාංකිකයන් වන අපට අන්තර්ජාතිකව භාණ්ඩ වෙලදාම් කළහැකි වනු ඇති.

මෙහිදී අප තේරුම් ගතයුත්තේ අප අසල්වැසි ඉන්දියාවත් PayPal මගින්  මෙවැනි    (international tracking post) යොදා ebay වැනි වෙබ් අඩවිවල  භාණ්ඩ විකුණා කොටි ගණන් මුදල්  උපයන බවයි.

 පැවති රජය මේ පිළිබද කිසිදු උවමනාවක් නොගත් අතර රජයේ අවසාන වසරේදී ඉටපු මහබැංකු අදිපති කබ්රාල් තුමා



ලංකාවට මෙය ලබදෙනබව පුරසාරම් දෙඩුවත් කිසිවක් සිදු නොවුනි

ලෝකයේ උදාහරණ