Thursday, June 27, 2019

කාලකන්නි රාජ්‍ය සේවය යාවත් කාලීන කිරීමට පිළියම්



මට මේ ලිපිය ලියන්න හිතුනේ
https://www.facebook.com/chathura.ruwan.39/posts/2682366941990328

මාතගේ අඩවියේ බෙදාගෙන තිබුන මේ ලිපිය දැකලයි.

මෙහිදී මට අපුරු දෙයක් මතක්උනා. අප රට මෙතරම් කාලකන්නි වී ඇත්තේ රට කාලකන්නි කරන්නේ කවුද? හෝ කුමන දෙපාර්තමේන්තුවද ?  කුමන නිලදාරියා
විසින්ද ?  කියන කාරනා එකවර සෙවීමට නොහැකි වන නිසයි.

දැන් බලමු මෙය එකවර සොයන ක්‍රමයක් හදන්නේ කෙසේද කියල

 මුලින්ම රජයේ සියලු දෙපර්තෙමේන්තු වලට ඉලක්ක ලබාදිය යුතුයි ඒවගේම අදාළ දෙපාර්තමේන්තුව එම ඉලක්ක කොච්චර සාර්ථකව ඉටුකරනවද ? කියල විතරක් නෙමෙයි එක් එක් නිලදාරීන් එම ඉලක්ක කොච්චර සාර්ථකව ඉටුකරනවද කියලත් සොයන්න නිසි ක්‍රමවේදයක් නෑ මේ සදහා මුලින්ම ක්‍රමවේදයක් සකස් කලයුතුයි.

දැන් හිතන්න රටවැසියෙකුට උවමනා වෙනවා ඔබ කියන පරිදි ආයෝජනයක් කරන්න

01. මුලින්ම ඔහුගේ සැලැස්ම ඔහු එක රජයේ ආයතනයකට ලබාදෙනවා, මෙසේ ලබාදෙන මුල් අවස්ථාවේම ඔහුට අනුක්ක්‍රමික අංකයක් සහිත රිසිට් පත්ක් ලබාදෙනවා.

02. ඉන්පසු අදාළ රජයේ ආයතනය සිදුකල යුත්තේ මෙම වියාපාරය පටන්ගැනීමට උවමනා සියලුම පර්යේෂණ වාර්තා බලපත්‍ර  සහ නොයෙක් සහතික වලට යන මිල අදාළ ආයෝජකයා දැනුවත් කිරීමයි.

03. ඔහු ඊට කැමති නම් මාසයක් ඇතුලත සියලුම ලියකියවිලි පර්යේෂණ රජය විසින් සිදුකලයුතු වෙනවා

අ) මෙතන තමයි වැදගත්ම දේ සිදුවන්නේ දැන් හිතමු කිසියම් පරිසර වාර්තාවක් ලබාගන්න ඕනේ කියල මුල් නිලදාරිය අදාළ ඇස්තමේන්තුව ලබාදුන් පසුව ආයෝජකය කැමතිනම් ගෙවීමක් කල පසු වහාම උවමනා කරන පර්යේෂණ සදහා රජයේ අදාළ අංශවලට අණ නිකුත්කරනවා එම පර්යේෂණ කිරීමට මෙහිදී කිසියම් කාලයක් ඇතුලත මේ පර්යේෂණ නිමා කිරිය යුතු වෙනවා මේසදහා අදාළ අංශ වල එක එක නිලදාරියට කාලයක් ලබාදෙනවා, අදාළ කාලයේ ඔහු හෝ ඇය විසින් සාර්ථකව ඉදිරිපත් කල වාර්තා සහ එසේ ඉදිරිපත් කල නොහැකි වාර්තා මත ඔහු ට හෝ ඇයට ඉදිරි රැකියාවේ ඉහළයාමට බලපාන පරිදි point system එකෙක් හදුන්වා දෙන්න පුළුවන්.

මෙහිදී සිදුවන්නේ සියලුම නිලදාරින් කරන රාජකාරි ගැන නිසිලෙස ගණනය කිරීමක් සිදුවීමයි කිසිදු නිලදාරියෙක් කැමැති නෑ තමා අක්ර්යක්ෂම බව තම ඉහල නිලදාරීන් දැනගන්නවට, ඒවගේම ඉහල නිලදාරීන් කැමති නෑ අලස නිලදාරීන් තොගයක් තියගනිමට මොකද ඉහල නිලදාරියගේ සේවයත් මේ ආකාරයෙන් ම ගණනය වෙන නිසා.

ආ )  අදාල කාලයේ සියලු සහතික ලබාදීම රජයේ වගකීම උනානම් සහ අදාළ කාලයේ රජය නිසි ලෙස වාර්තා ලබාදී නැත්තම් ආයෝජකයාට වැයවූ මුදලත් වන්දි මුදලකුත් ලබාදීමට රජය බැදී සිටිනවා.

මේ වන්දි මුදල රාජ්‍ය වියදමින් ලබාදිය යුතු නැති අතර මේ මුදල අදාළ වැරදි කල සේවකයන්ගේ විශ්‍රාම වැටුපෙන් කපාහැරිය යුතු වෙනවා.

ඒ කියන්නේ විශ්‍රාම යන අවස්ථාවේ රුපියල් ලක්ෂ 10 පමණ මුදලක් දඩ ලෙස රජයට ලැබිය යුතු නම් රජය අදාළ නිලදාරියාට විශ්‍රාම වැටුප ගෙවන්නේ අදාළ මුදල සමග පොලි මුදල රජයට අය වූ පසුයි.

මෙවැනි ක්‍රමයක් පටන්ගත් වහාම ඔබට දකින්න පුළුවන් කොච්චර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපට ලැබෙයිද කියල.

මෙහිදී අල්ලස් ගැනීම අවම වෙන්නේ අදාළ ආයෝජකයාට එක එක දෙපාර්තමේන්තු පස්සෙන් සහතික ලබාගැනීමට යායුතු නැති නිසයි.           

මෙහිදී කිසියම් රාජ්‍ය සේවකයකුට යම් කාර්යක් කිරීමට බලය නැතිනම් ඔහුගේ ඉහල නිලදාරියාට අදාළ ලිපිගොනුව ලබාදියයුතු වෙනවා මෙසේ ලිපිගොනුව බාර නිලදාරිය තමාට කල හැකි සහ නොහැකි දේ වාර්තා කලයුතු වෙනවා .

මෙහිදී කිසියම් වෙලාවක ආයෝජකය අදාළ කාලසීමාවට පසුව ඔහුගේ අනුක්‍රමික අංකය ලබාදුන් වහාම අදාළ විය්ප්පෘතියට  අවසර දෙන්න හැකිනම් හැකි බවත් නොහැකි නම් ඊට හේතුත් ලබාදිය යුතු වෙනවා එම හේතු පිළිගත නොහැකි නම් අධිකරණයට ගොස් සහනයක් ලබාගැනීමට ආයෝජකයාට පුළුවන්.   

Sunday, June 23, 2019

පැලෝපීය නාලයේ කතාව සහ ෂාෆි සාදකය

පැලෝපීය නාලයේ කතාව - Tissa Jananayake


දැනට දොස්තර ෂාෆි ගේ කතන්දරය ගැන මුලසිට විමසා බලමු.
දොස්තර ෂාෆි අත්අඩංගුවට ගන්නේ  අතිවිශාල මුදලක් උපයාගත්තේ කෙසේදැයි අනාවරණය කරගැනීම පිනිසයි ඔහු උපයා ඇති මුදල රුපියල් කොටි 400 ක් වෙනවා.

විෂේසන්ය වෛද්‍ය  වරයකු නොවන ඔහු කරන ලද සැත්කම් පමණක් 4000 ක් පමණ වෙනවා, ඔබට මතක ඇති මේ අගය ගැන මුලින්ම දිවයින පුවත්පතේ සදහන් වූ විට වෛද්‍ය ෂාෆි ව සුද්ද කිරීමට උත්සාහ ගත් පිරිස කිව්වේ දොස්තර ජිවිතකාලයට මෙවැනි ප්‍රමාණයක් කල නොහැකි බවයි. මේ මතයේ බොහෝ ස්වාදිනයි කියන බ්ලොග් කරුවන්ද සිටිබව මතක ඇති, නමුත් සිදුවුනේ කුමක්ද ?

දොස්තර ෂාෆි ගේ ලබාදුන් පුවත්පත් සම්මුක සාකච්චාවකින් ඔප්පු උනා ඔහු  සැත්කම් 4000 සිදු කර ඇති බව.

ඔබ බලන්න දැන් මේ තර්කය  දොස්තර ෂාෆි රකින මිනිසුන් භාවිතා කරන්නේ නෑ.

මේ වනවිට හානියට පත්වූ පිරිස 1000 ඉක්මවා ගොස් තියනවා.

අපවිසින් සැකකලයුතු මුලික කරුණු පහත පරිදි දැක්විය හැකියි.

01.  දොස්තර ෂාෆි මෙතරම් විශාල මුදලක් ලබාදී ඇත්තේ කවුද ? සහ කුමටද ?
සදහන් වන ආකාරයට ඔහුට කොටි ගණනක වියාපාර තියනවා එහෙම තියන මිනිහෙක් දවසේ එකදිගට විනාඩි 15 ක් පමණ එක සැත්කමකට යොදමින් ඉතා හදිස්සියෙන්  මුලු දවස පුරා රජයේ රෝහලක මසකට රුපියල් 100,000 ට මදක් වැඩි වැටුපට සේවය කරන්නේ ඇයි ?

මොකද කොටි 400 ක් කියන්නේ ස්ථාවර තැන්පතු පොලිය විතරක් වසරකට  480,000,000 ලැබිය හැකි මිනිසෙක් වසරකට ලක්ෂ 12 වැනි හිගන මුදලට රජයේ රැකියාව කරන්න ඔහුට මොලේ අමාරුවද ?

02.ලංකා දීප පුවත්පතේ මේ ලිපිය බලන්න "දොස්තර ෂාෆි බේරාගන්න වෛද්‍ය පිරිසක් මැදිහත් වෙලා  "
ලිපිය බලන්න මේ සිංහල වෛදය වරු  ෂාෆි  ව බේරන්න උත්සහ ගැනීමට මුලිකම කරුණක් තියනවා මොකද මේ තක්කඩි පිරිස රෝහලේ සේවය නොකර පුද්ගලික සේවය කරන අතර   ෂාෆි සිදුකල සැත්කම් වලට තමා සහබාගි වූ බවට ලිකිතව අත්සන් කර තිබීමයි.

යම් විදියකින් ෂාෆි මේ විනාශය කල බව ඔප්පු උනොත් ආණ්ඩුවේ බෝඩිමට යන්න මේ සිංහල දොස්තර වරුන්ටත් සිදුවෙනවා.

03. දොස්තර රාජිත සහ ෂාෆි අතර සම්බන්දය :-

2015 මැතිවරණයේදී රාජ්‍ය සේවයෙන් ඉවත්වූ ෂාෆි ට සාමාන්‍ය නීතියට බැහැරින් නැවත රාජ්‍ය සේවයට එකතු කරගන්නේ මේ රාජිත සේනාරත්න කියන තක්කඩි මිනිහයි, රාජිතගේ අතීතය බැලුවම ඔහු රජයට කල් ඉකුත් වූ බෙහෙත් සපයල අධිකරණය ඉදිරියේ දඩුවම් ලබපු මිනිහෙක් බවත් මෙය කියවන පිරිස මතකතබා ගත යුතුයි.

එහම රාජිත මේ ෂාෆි ගැන පරීක්ෂණ පවත්වන්න කොමිටි පත්කරනවා, මම කලින් ලිපියෙන් හොරාගේ අම්මගෙන් නෙමෙයි කෙලින්ම හොරාගෙන් තමයි පෙනේ අහල තියෙන්නේ.

04. මෙවැනි රෝහල් වල බොහෝවිට විශේස්හන්ය දොස්තරවරු සහබාහි වන්නේ නෑ  

ෂාෆි වැනි අය සැත්කම් සිදුකරන අතර විශේස්හන්ය දොස්තරවරු පසුව ලියකියවිලි වල අත්සන් තබන්නේ තමා රජයේ වැටුප ලබාගන්න ඕන නිසයි මෙය හරියට බොහෝ ෆාමසි තිබෙනවා ඔස්හදවෙදියකුගේ සහතිකය උවමනා කරනවා පවත්වා ගන්න, නමුත් බෙහෙත් දෙන අවස්ථාවේ  ඔස්හදවෙදිය සිටින්නේ නෑ සාමාන්‍ය බෙහෙත් ගැන යම් දැනුමක් ඇති පිරිසකුයි බෙහෙත් දෙන්නේ, අනෙක් සිංහල දොස්තරලා ගැන කතාවත් ඔච්චර තමයි. 


05. මෙතෙක් රජය මේ සිද්දිය සදහා දක්වන නිද්‍රාශීලි ප්‍රතිපත්තිය.

මෙවැනි විනාශයක් සිදුවූ විට රජය කලයුත්තේ කුමක්ක්ද ? හානියට පත්වූ මව්වරුන් තෝරාගත් පිරිසක් රජයේ වියදමින් පහසුකම් ඇති විදේශ රටකට යවා නිසි පරීක්ෂණ සිදුකර හානිය සිදුවූ ආකාරය සැක හැර දැනගෙන ෂාෆි  ඇතුළු සියලු වැරදිකරුවන්ට දඩුවම් දීම නොවේද ?


මෙතැනදී මෙවැනි පරීක්ෂණයක් මගින් ෂාෆි ගේ වර්ගවාදී ජනසන්හාරය ජනතාව ඉදිරියේ ඔප්පු උනොත් සිදුවන්නේ සිංහල ජනතාවගේ චන්ද අතිවිශාල ප්‍රමාණයක් නොලැබී යාම මගින් බලය ගිලිහිමයි. මෙනිසා බලයේ සිටින රජයත් බලයට පත්වෙන්න සිටින විපක්ෂයත් මේ ෂාෆි  සාදකය ඉතා පරිස්සමින් තමන්ගේ චන්ද වැඩිකරගැනීමට කරන චෙස් සෙල්ලමක් තමයි සිදුවන්නේ. 

         අවසාන වශයෙන් Tissa Jananayake මහතා පෙන්වා දෙන මතය සරලයි දරු සැත්කමකදී ඉතා පහසුවෙන් මෙවැනි වද බාවයට පත්කිරීමට පහසු බවයි.