Sunday, April 3, 2022

අපට උනේ මොකද්ද ? අප කලයුත්තේ කුමක්ද ?



මා විසින් මගේ අඩවිය මගින් මේ සිදුවන තත්වය ගැන අදහස් ප්‍රකාශ කලේ 2015 ට පෙර කලක සිටයි, මා පමණක් නෙමෙයි රටේ ආර්ථිකය ගැන දන්නා මට වඩා වැඩි දැනුමක් ඇති පිරිස මේ ගැන සෑහෙන කලක සිට ආර්ථික අනාවැකි පළකරමින් සිටියා.


අප මේ මුහුණ දෙන දුෂ්කරතා ඇතිවුනේ 2009 යද්දෙන් පසු රාජපක්ෂ රජය විසින් කල මහාපරිමාණ දුෂණ නිසයි ඔවුන් කරන ලද මාහාපරිමාන ඉදිකිරිම වලින් කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් නොලැබුන අතර ඊට දින දින ගෙවිය යුතු ණය සහ පොලිය ඉසිලිය නොහැකි ලෙස වැඩි උනා, මේ තත්වය පෙන්වමින් බලයට ආ යහපාලන රජයත් පෙර රජයේ සිටි බලවතුන් රැක්කේ තමනුත් හැකි පමණ දුෂණ මගින් මුදල් සොයමිනුයි.


දැන් කියන විදියට රජයේ සියලු ඇමතිවරුන් ඉල්ලා අස්වෙලා තියන මොහොතක මම හිතනවා ජනතාව දැනුවත් වෙන්න ඕනේ කාරනා තියනවා. 

අද අප සිටින්නේ ඉතාම අනතුරුදායක අවස්තාවක මෙවැනි අස්ව්තාවක් කාම්බෝජයේ 1975 දී එරට මිනිසුන් මුහුණ දුන්න.


මම මිට පෙර බ්‍ලොග් සටහනින් "ලෝකේ වටේ සුදන්තක" youtube චැනලය කරන මහතා අපුරු දේශනයක් ලබාදෙනවා.


ඒ කියපු දේ කෙටියෙන් කිව්වොත් එරටේ 1975ට පෙර යුගයේ බලයේ සිටින පක්ෂ කරන්නේ අද අපි වසර 73 කරපු සෙල්ලම ම තමයි, අවසානයේ පොල්පොට් නම් වාමන්ශික සංවිදානය රටේ බලය ගන්නවා ඉන්පසු වහාම කරන දේ තමයි මෙතක් බලයේ සිටි පාලකයන්ට සමාව දෙන බව කියමින් රටට එන්න කීම මෙය පිළිගන ඔවුන් කාම්බෝජයට යනවා සිදුවෙන්න් ඒ සියලු දෙනා ක්‍රීඩා පිටියකට එකතු කරලා වෙඩි තබා දැමීමයි. මේ සිදුවීමෙන් එරට ජනයා සිතන්න ඇති මොවුන්ට හොද වැඩේ කියල නමුත් ඉන්පසු රටේ ජනතාව කබලෙන් ලිපට වැටුන. සියලු නගරවල සිටින මිනිසුන් ගැහැනුන් ළමයින් අගනගරයෙන් ගම් වලට ගෙනගොස් වගාකිරීමට යෙදවුව ජනගහනයෙන් 20% පමණ මේ ක්‍රියාවලියෙන් මිය ගියා.


ඉතා අමානුෂික පාලනයක් වසර කීපයකින් නිම වී පොල්පොට් ගේ කෙමරුජ් ගරිල්ලන්ගේ බලය නැතිවූ පසු නැවත රට කාලයකින් තමයි හිටපු තැනැට ආවේ. 


දැන් බොහෝ දෙනා කියනවා ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදෙන්න ඕනේ කියල අද අපි ඇවිල්ල තියෙන්නේ ඉතා හොද වගේම කල්පනාවෙන් වැඩ කලයුතු යුගයකට යාමෙක් ජනතා විමුක්ති පෙරමුණ ගැන විශ්වාසය තියනවනම් ඔවුන්ට සියලු බලය නොදී මේ අවස්ථාවේ අපිට පුළුවන් අනුරකුමාර ට මුදල් ඇමතිකම ලබාදීලා මේ අවස්ථාවේ ආණ්ඩු කරල පෙන්වන්න කියල, මොකද ජනතාවට අඩු අවදානමකින් මේ වෙලාවේ එය කිරීමට හැකියි.


පුර්ණ බලයක් ඇති විට ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව උද්ගෝෂණ කිරීම කළනොහැකි, ඔවුන් දැඩි ලෙස ප්‍රචණ්ඩ ප්‍රතික්ක්රියාවක් ජනතාවට මුදාහරින නිසා, දැන් පුළුවන් ඔවුන්ට තම වැඩ පෙන්වන්න, යම් විදියකින් ඔවුන්ගේ පාලනයට බාදා කරනවානම් ඔවුන්ට අදාල බාදා කරන පිරිස පෙන්වාදීමෙන් ජන අප්‍රසාදයට යොමුකරන්න පුළුවන්.


මෙතැනදී ජනතාවත් තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියනවා ඒ තමයි කවුරු පාලනය කලත් ඉතා පීඩාකාරී යුගයක් ගෙවීමට සිදුවන බව.


අවසාන වශයෙන් පැරණි කතාවක් මත්ක්කරනන ඕනේ ඒ තාමයි තරුණ J . R ජයවර්දන (රටේ පලවෙනි විධායක ජනාධිපති ) පිලිබදව, ඔහු ඉතා තරුණ කාලයේ දී ඔහුට මේ රටේ මුදල් ඇමතිකම ලැබෙනවා, ඔහු මේ අවස්ථාවේ වැදගත් තීරණයක් ගන්නවා, මේ යුගයේ ශ්‍රී ලංකාවේ අයවැය අතිරික්තයක් තියනවා සහ විදේශ වත්කම් වලින් ආසියාවේ ජපානයට පමණක් දෙවෙනි වූ ශ්‍රී ලංකාව තුල සෑම පවුලකටම හාල් සේරු 2 ක් නොමිලේ ලබාදෙනවා (මෙය මසකටද සතියකටට කියල මතක නෑ ) ඒවගේම සහල් මිල ඉතා අඩුවෙන් රජයේ සහනාදාර මගින්  පවත්වනවා, මේ කුපනයට කියනවා හාල් පොත කියල මෙය ලබාදීම පටන්ගන්නේ 1943 හෝ 1944 වියහැකියි හේතුව ලෝක යුද්දදී ජනතාවට සහන ලබාදීමයි.


මේ සහන දීම 1980 මුල් දශකය දක්වා පවත්වන්නේ  දෙසපාලකයන් තීරණ ගැනීමට දක්වන බිය නිසයි, නමුත් තරුණ  J . R ජයවර්දන  1950 මුල් දශකයේ තම අයවැය මගින් ශත 35ට  තිබුන සහල් සෙරුව ශත 75 කිරීම සමග ජනතා උද්ගෝෂණ මගින් රජය පෙරළෙනවා විතරක් නෙමෙයි J . R ජයවර්දන තම ආසනය වන කැලණිය ආසනයෙන් පරදිනවා.


ඔහු ඉහත අයවැය තීරණය ගන්නේ ඇයි ? ඔහු දකිනවා මේ සහනාධාර සදහා වැයවන්නේ රටේ තිබෙන සංචිත බව, හරිනම් කළයුතුව තිබුනේ ජනතාවට සහනාධාර දෙනවා වෙනුවට රටේ යටිතල පහසුකම් සදහා උවමනා දැවැන්ත ආයෝජන වලට යෙදවීමයි එසේ වූවානම් රජයට නව රැකියා උත්පාදනයට  හැකි වන අතර ජනතාවට නව ආදායම් මාර්ග විවරවිම සිදුවෙනවා.


එසේ වූවානම් දරිද්‍ර තාවයෙන් පිඩා විදින විශාල පිරිසක් නැතිවෙනවා විතරක් නෙමෙයි වසර 30ක් යුද්දය සහ ජනතා විමුක්ති පෙරමුණේ කැරලි ඇති නොවන්න තිබුන .


ජනතාව වන අපි දැනගන්න ඕනේ වැදගත්ම කාරණාව තමයි රජය දිළින්දන්ට සහන දෙනවා කියන්නේ දිළින්දන් කබලෙන් ලිපට දානවා කියල, අද වෙලා තියෙන්නේ එයයි. ඔවුන් සහන දෙන්නේ අපට ආදරයට නෙමෙයි තම බලය ආරක්ෂා කරගෙන අතිවිශාල ලෙස ජනතා මුදල් සොරකම් කිරීමටයි.


අන්තිම වශයෙන් මතක් කලයුතු දෙයක් තියනවා දැන් කියනවා අස්වීම් ලිපි අගමැති වරයාට ලබාදුන්නා කියල නමුත් මේ අස්වීම් ලිපි දෙන්න ඕනේ ජනාධිපති වරයාට බව කරුණාවෙන් සලකන්න තවම මෙය නාට්ටියක්ද කියල තේරුම් ගන්න වෙනවා. 


මේ ජනතාව එලියට බැහැල තියෙන්නේ විනිමය අවබවිතය නිසාවත් රටේ උග්‍ර දුෂණයට විරුද්ද නිසාවත් නෙමෙයි.

01. විදුලිය නැතිවීමෙන් වන අපහසුව 

02. ආහාර මිල වැඩිවීමෙන් වන දුෂ්කරතා 

03. ගෑස් නැති වීමෙන් වන අපහසුව 


වැනි මුලික කාරනා නිසා මිසක් මා පැහැදිලි කල කාරනා නිසා නෙමෙයි යම් විදියකින් ඔය ඉහත කරුණු වලට විසදුම් දෙන්න පුළුවන් නම් මේ උද්ගොෂණ සදහා මිනිසුන්  එකතු නොවනු ඇති, රජය ට ඇති ඇත්ත ප්‍රශ්නය වෙන මොකවත් නෙමෙයි ඉහත කාරණා මාස කීපයකට වත් සම්පුර්ණ කිරීමට වත්කම් නොමැති වීමයි.


පොඩ්ඩක් හිතන්න පැය 15 විච්ච විදුලි කප්පාදුව අද වනවිට අඩු කරන්න පුළුවන් උනේ ඇයි ? අද රාජපක්ෂල තේරුම් ගත්ත විදුලි ප්‍රශ්නය විසදන්න බැරි උනොත් තමන් ට මොන ආරක්ෂාව තිබුනත් ජනතාව කුපිත උනොත් මරුම්කන්න වෙන බව, මේ නිසා වේගයෙන් තමා සොරකම් කල මුදල් යොදවා ප්‍රශ්නය කෙටිකලකදී විසදනු ඇති රටේ මිනිසුන් දැඩි අවදානයෙන් සිටින්න ඕනේ මේගැන.


අවසාන වශයෙන් මේ ප්‍රශ්නය මෙය කියවන අයත් ආරක්ෂක හමුදාවල අයත් සිතියයුතුයි, මතකයට ගන්න මාර්තු 7 වෙනිදා ඔබ රුපියල් 1000 කින් කල දේ අද කරනවානම් කියක් යනවද කියල, ඔබ අවංකව නිසි ලෙස සොයාබැලුවොත් ඔබට රුපියල් 5000 ක් වත් ඕනේ.


මසක් වැනි කලකදී මෙවැනි තත්වයක් අතිඋනානම් ඉදිරි කාලයේදී ආරක්ෂක අංශ වල වැටුපෙන් කරන්න පිලිවන් පාන් ගෙඩි කීපයක් ලබාගැනීම පමණයි, මෙනිසා මේ අංශ වල අය සිතන්න ඕනේ මේ අරගල කරන්නේ තමන් ඇතුළු රටේ සියලු මහජනයා වෙනුවෙන් බව.


අවසාන ප්‍රතිපලය රාජපක්ෂ පවුල රටින් පැනීමත් ඔය රාජප්ක්ෂලට ආරක්ෂාව දෙන පිරිස ඇතුළු රටේ මහජනයා දුකෙන් දුකට පැමිණීමත් පමණයි.

3 comments:

  1. This messages came from What's App:

    ///Forwarded many times

    ඇමරිකානු එක්සත් ජනපදයේ ඉන්න ලංකාවේ කට්ටිය සේරම එකතු වෙලා විවිධ ස්ටේට් වල විවිධ නගර වල විශාල වශයෙන් උද්ඝෝෂණ ව්‍යාපාර දිගටම පවත්වාගෙන යන බව ආරංචියි ලංකාවේ නන්දසීනි පර බල්ලා සමග බලු පාදඩ මැදමුලනේ හොර හැත්ත ලංකාවෙ පාලනයෙන් එලවා දමා උන්ව සිරභාරයට ගෙන හොරා කෑ කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි නැවත අයකර ගෙන ලංකාවේ ආර්ථික ප්‍රශ්න විසඳන්නට බල කරමින්... ඉතාමත්ම වටිනවා ගොඩක් ආඩම්බරයි ලංකාවේ වගේම රටෙන් පිට ඉන්න ලාංකීය ජනයා හැමෝවම ගැන.... ළඟදීම එළඹෙන ජනපතිවරණයෙන් සජිත් ජනපති කර ගැනීම සඳහා අවස්ථාවක් තියෙනවා දැන් නම් හොරු ටික සේරම අල්ලලා ඒ හොරා කාල තියෙන මුදල් නැවත අයකර ගෙන උන්ට මරණ දඬුවම් පමුණුවමින් රට සුද්ද කරන්න පුළුවන් දැන් ....

    කොහොම හරි මේ වැඩේ ඇත්තටම මරු නේද? ඇමරිකන් ලාංකීයයන් සෑහෙන පිරිසක් ලොස් ඇන්ජලීස් නුවර තියෙන එක නිවසක් හොයාගෙන ගිහින් ලංකාව කන නන්දසේන පිස්සාගේ පිස්සු පුතාගේ එම ගේ වට කරලා ලොකු උද්ඝෝෂණ ව්‍යාපාරයක් කරගෙන යනවා... ඔබටත් උපරිම සහය දෙන්න පුළුවන්...

    මේ දවස්වල හොරෙන් නාසා එකට ඌ ගියපු හැටි ගැනත් උගේ සහ බිරිඳගේ කැරැට්ටූව, උගේ පියා ලංකාවේ කරගෙන යන දැඩි මර්දනකාරී ම්ලේච්ඡ පාලනය ගැනත් බොහෝ දෙනෙක් නාසා ආයතනයට ලිපි රාශියක් යවා ඇති අතර නාසා ආයතනයේ වෙබ් අඩවි වල සහ සමාජ ජාල වල පේජ් වල විශාල වශයෙන් #RemoveManojRajapaksefromNASA නමින් දැවැන්ත ප්‍රමාණයේ පීඩනයක් ඇති කරල තියෙන්නෙ. ඔබටත් මේ ගැන නාසා ආයතනය සහ ඔහුගේ සාමාජික තත්ත්වය තිබෙන විවිධ ආයතන ක්ලබ් වගේ ඒවාට ඔහු ගැන හැකි උපරිම වශයෙන් පැමිණලි කරන්න පුළුවන්. මේ ගැන ඇමරිකානු එක්සත් ජනපදයේ ඉන්න කට්ටිය හැමෝම හොඳින් දැනුවත් කරන්න.

    මේ බලන්න well done dear brothers and sisters in LA, USA, great job, මේක දැක්කම මට සතුටටම ඇඬුනා... මාරම දේවල් ගොඩක් මේ දවස් වල අහනවා අනාගතය ගැන සුබ වාදීව බලන්න පුළුවන්

    https://www.dailymirror.lk/latest_news/Protest-erupts-outside-GRs-sons-house-in-LA/342-234458

    මේක වෙන අයටත් ෂෙයාර් කරන්න

    #RemoveManojNASA
    #GoGotaGo2022

    රට දිනවන හොඳම කණ්ඩායම ලංකාවේ අලුත්ම තරුණ පරපුර... ජයෙන් ජය වේවා...///

    ReplyDelete
  2. පොල්පොට් ක්‍රමයක් එන්නට කලින් මොකක් හරි කරන්න ආණ්ඩුව වග බලා ගත යුතුයි. නැත්නම් එන්නේ ඒක තමයි

    ReplyDelete
    Replies
    1. අජිත්,

      100% එකගයි. නමුත් මෙතන පවතින පාලනය බොරු කරමින් කාලය කනවා මෙයින් වෙන්නේ මේ පාලකයන්ට ලංකාවෙන් පනින්න බැරිවුනොත් මරුම්කන්න වෙනවා.
      හැබැයි ඊට පසුයි ජනතාවගේ නරකම කාලය එන්නේ මොකද මට පෙන මානයක වැඩපිළිවලක් ඇති නායකයෙක් නෑ.

      මාද්‍යවේදීන් කියන මීහරක් අනුරකුමාර ගෙන් හරියට ඉලක්කම් සහිතව ප්‍රශ්න කරනවා දැක්කේ නෑ වගේම මම දැක්කේ නෑ එකම පුද්ගලයෙක් අනුර කුමාර ගෙන් අසනවා ඇයි පවතින රජයේ ඇමතිකමක් අරගෙන ඉදිරි මාස කීපයේදී මේ භයානක ප්‍රශ්නය විසදන්නේ නැත්තේ කියල.

      Delete