Friday, April 1, 2022

අප්‍රේල් 3 කුමන්ත්‍රණයෙන් ගැලවෙමු. නිවැරදි රට ගොඩගැනීමේ ක්‍රමය තෝරාගමු

 



අප්‍රේල් 3 කුමන්ත්‍රණයෙන් ගැලවෙමු. 


මට මිතුරෙකුගේ මාර්ගයෙන් පහත WhatsApp පණිවිඩය ලැබුන මෙය ඒවා තිබුනේ 


{

අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා. 


දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ. 

වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා

}


මම මුලින්ම රටපාලනය කරන මිනිසුන් ගේ මානසිකත්වය පැහැදිලි කරන්නම් ඔය උඩ ඉන්නේ නාමල් රාජපක්ෂ කියන කිසිම චාරයක් නැති දුෂිත පුද්ගලයයි.

මේ පුද්ගලයා මේ ක්‍රීඩාවේ යෙදෙන්නේ රටේ ජනතාව පෝලිම් වල සිටින හාල් කිලෝව රුපියල් 180 මට්ටමට පැමිණි කාලයකයි.


මොහු මෙහෙම හැසිරෙන්නේ ඇයි ? මොහුගේ ඇත්ත අභිලාශය ජනතාව කුපිත කිරීම සහ "මේ බලන්න අපි ඉන්න හැටි තොපිට මුකුත් කරන්න බැහැ මෝඩ කාලකන්නි මහජනතාවනේ " කියනව වගේ දෙයක්.


මොවුන් හදන්නේ කිසියම් ආකාරයකින් රටේ කලබලයක් ඇතිකර රට වසාදමා හමුදපලනයකට යන්න.

ඔබ සොයාබලන්න දැනටමත් රටේ හමුදා බදවාගැනීම් වෙගවත් කරලා තියනවා.


මොකද අප්‍රේල් 10 පමණ වනවිට සාමාන්‍ය තත්වයට එන තෙල් බෙදාහැරීම හරියටම තව මාසයකින් නැත්තටම නැතිවී රටේ මහජනයා අන්ත අසරණ වනු ඇති.


මෙහිදී මතක තියාගන්න ඉන්දන නැතිවී ඉතා අඩු කලකදී අපට දකින්න පුළුවන් එළවලු නගර වලට නොලැබී යනවා වගේම තියන ඒවා මිල ගිනි ගණන් යනවා.

මෙනිසා හැකි පමණ තම ගෙවත්තේ මිරිස් කරලක් වත් වවන්න.

දැනටමත් ඔබට තේරුම් ගන්න පුළුවන් රුපියල් 600 ට තිබුන පිටු 500 A4 මිටියක මිල රුපියල් 3000 ක අගයට ඇවිත් මම සොයල බලපුවහම මාස 3කින් තොග ලැබිල නෑ. 


ඉදිරියේ සියලු භාණ්ඩ වල මිල 10 ගුණයකින් වැඩිවනු ඇති.


ඉදිරියේ අන්ත්ර්ජාතික මුල්‍ය අරමුදලෙන් මුදල් ගන්නවානම් ඊට මාස 5ට වැඩි කලක් යනු ඇති, මේ ආණ්ඩුවට හැකියාවක් නෑ අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යන්න මොකද ඔවුන් කියන මුලික දෙයක් තමයි විගණනය, මෙය කලොත් පසුගිය කාලයේ කල සොරකම් එලි වනු ඇති.


දැන් මෙවැනි තත්වයක රටේ මිනිසුන්ට ගොඩඒමක් නැත්ද ? අපි කලයුත්තේ කුමක්ද ?


අපි උද්ගොෂනවල ගිහිල්ල මේ පවතින ආණ්ඩුව එලවල නැවත පත්කරගන්නේ අර මෝඩ පුතානෝ නම් සිදුවන්නේ කුමක්ද ? 


හැබැයි දැන් ඔබ කියයි ජනතා විමුක්ති පෙරමුණේ අනුරකුමාර දිසානායක ගැන බලාපොරොත්තු තියන්න පුළුවන් කියල, මමනම් කියන්නේ එය මායාවක් මොකද මම තවම දැක්කේ නෑ අවංකව ඔවුන් මිට මුදල් සොයන හැටි පෙන්වල දෙනවා.

ඔවුන්ට මේ සදහා උවමනා බුද්ධිය නෑ කරුනකර මෙය කියවන්න.

අනුර කුමාර ගෙන් මම අහනවා  මේ වසර ඉවරවෙනකොට ඩොලර් බිලියන 6ක් ඕනේ ණය වාරික සහ පොලිය ගෙවන්න මේ විදියට ඉදිරි අවුරුදු 4ට  මෙය නැවත නැවත කරන්න ඕනේ.

මෙය කරන්නේ කොහොමද ?


මෙය කිරීමට ඔවුන්ට ඇති හැකියාව අවමයි, සිදුවන්නේ කුමක්ද ? ජනතාව අදුරේ පීඩනයෙන් සිටියහම වැඩි කල් නොගිහින් දැන් පවතිනවාට වඩා වැඩි උද්ගෝෂණ ඇතිවනු ඇති. 


එතොකොට තමයි වාමන්ශිකයන්ගේ ඇත්ත මුහුණුවර පැමිණෙන්නේ ඔවුන්ගේ දරුණු පාලනය සහ වාරණය මගින් ජනතාවට දැඩි පිඩාවක් ඇතිවනු ඇති.


මෙයින් ගොඩ එන්නේ කොහොමද ?




මම දකින ආකාරයට මෙය විසදිය හැකි එකම පුද්ගලයෙක් වත් දේශපාලන ක්‍රමය තුල නෑ. නමුත් එතනින් අදහස් කලේ රටේ නෑ කියල නෙමෙයි. මම කරුණාවෙන් රටේ විවිධ ක්ෂේශ්‍ර වල මිනිසුන් ගෙන් ඉල්ලා සිටිනවා තම ශේශ්‍රය තුල සිටින බුද්ධිමත් නායකයෙක් තෝරාගන්න උදාහරණ ආර්ථික විද්‍යාව පිළිබද අවබෝදයක් ඇති විවිද ශේශ්‍ර තුල සිටින මිනිසුන් එකතු වෙන්න, එකතු වෙලා තම ශේශ්‍රය  නියෝජනයට අවංක නායකයෙක් තෝරාගන්න.


ඉන්පසු සියලුම ශේශ්‍ර වල සිටින ඉහලම බුද්ධියක් නායකත්වයක් වගේම රටට ආදරය තියන මිනිසුන් එකතුවෙලා රජයට බල කරන්න ඕනේ 


01. රටේ දුෂණය තුරන්කරන ක්‍රම ක්‍රියාත්මක කිරීමට සහ මේ ක්‍රම නැවත වෙනස් කිරීමට බලය දෙසපලුවන්ට නොතිබිය යුතුයි.

02. රටේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂම බව සොයන්න පුළුවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම 

03. රටේ දුෂණයට දැඩි දඩුවම් ඇති නීති ක්‍රමයක් ඇතිකිරීම.

04 රට පාලනය කරන ඇමතිවරුන්ට සැලකියතුරු ඉහල වැටුපක් සහ වංචාවල දැඩි දඩුවම් පනවන ක්‍රමයක් ඇතිකිරීම.


මෙහිදී මේ 4 වන යෝජනාව ගැන මාසමග බොහෝදෙනෙකු එකග නොවනනු ඇති නමුත් අවංකව මිනිස් මනස ගැන සිතා බලන්න, මිනිස් මනස ක්‍රියාකරන්නේ තන්හාව මුලික කරගනයි යම් විදියකින් බලය තියන මිනිසුන්ට තේරුනොත් තමාට ඉතා සුළු වැටුපක් ලැබෙන අතර විශාල බලයක් තමාට තියනවා කියල ඔවුන් පෙලබෙනවා තිබෙන බලය අවබාවිතා කිරීමට, මේ අතර මේ වැරදි වලට දැඩි දඩුවම් පවතිනවානම් ඔවුන් උත්සහ කරනවා කෙසේ හෝ නීතියේ රැහැනින් ගැලවීමට දැන් සිතන්න මොවුන්ට විශාල වැටුපක් ලැබෙනවා කියල සහ වරදට දැඩි දඩුවම් තියනවා කියල, සිදුවෙන්නේ මිනිස් මනස යොදවනවා " මට මෙවැනි අවදානමක් ගන්න ඕනෙද? මොකද දැනටමත් සලකියයුතු මුදලක් ලැබෙන මට මෙවැනි අවදානමක් ගෙන දඩුවම් විදින්න ඕනෙද ?" කියන මනසිකාරය නිසා දුෂණ වලට පෙළබිම අවම වෙනවා.


05. රටේ අධිකරණය ස්වාදීන වියයුතුයි, විනිෂය කරුවන් බදවාගනිමේදී දේසපාලකයන් සමග කිසිදු ගනුදෙනුවක් නොතිබිය යුතුයි.

06. රටේ නිසි විගණනයක් තිබිය යුතුයි වගේම රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ට උවමනා නිලදාරීන් සහ උපකරණ ලබාදෙන්න ඕනේ.

07. රජයේ සේවය අවම කලයුතු අතර නොමිලේ ලබාදෙන සේවාවන් අවම කල යුතුයි, නොමිලේ කියල දෙයක් ලෝකයේ නෑ මේ මිල දරන්නේ රටේ ජනතාවයි, රජය නොමිලේ යමක් දෙනව කියන්නේ දුප්පතාගෙන් අරගන තව දුප්පතුන් පිරිසකට ලබාදීමයි සිදුවන්නේ, මෙහිදී ලබාගන්නා දුප්පතා සැම කාලයකදී දුප්පතෙක් වන අතර ලබාදෙන බදු ගෙවන්නන් දුප්පතුන් වීම සිදුවේ.


අද වනවිට මිලපාලනය නිසා අවසානයට සිදුවී අත්තේ වෙළෙන්දන් පාරිභෝගිකයන් තව තවත් සුරාකමයි.


අප විසින් ඉතා ඉක්මනින් නිදහස් වෙළදාම කරා යන්න ඕනේ වගේම රටේ නිතිය සැමට ක්‍රියාත්මක වන ක්‍රමයක් ඇතිකරන්න ඕනේ.

  


4 comments:

  1. @ !!ලංකා සිතුවිලි!!

    ලංකාවේ දැනට පවතින ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ විදුලි සැපයුම පැත්තෙන්, පැය දහයක් දහ තුනක් පවර් නැතුව මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? හවස පහ හමාරට ගෙදර ආවම රෑ දොළහ වෙනකම් පවර් නෑ, පොඩි එකෙක් ට තේ එකක් වත් හදල දෙන්න විදිහක් නැහැ. එතකොට මළ පනින එක සාධාරණයි ඒත් ඒකට පිළිතුරු මොනවාද? (මම නම් ගෙදරට සෝලාර් ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් එකක් ඒ කාලේම ගහ ගත්තේ ගෑස් කේස් එක නිසා දැං මට අවශ්‍ය විදුලි බල ශක්තිය සහ ඉවුම් පිහුම් කටයුතු සියල්ල ඉර මාමගේ කරුණාව මත සොලාර් ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් එකෙන් තමයි.)

    ලංකාවේ විදුලි අර්බුදය ගැන කතා කරනවා නම් ඇත්තටම කොහොම උනත් සාම්පූර් බලාගාරයේ නැතුව පසුගිය වසර වල දිගටම අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දුන්නා. ඒත් මේ වසරේ නොහැකිව ඇත්තේ,

    1. විදුලිබල ඉල්ලුම අධික ලෙස වැඩි වීම නිසාද?

    2. නියඟයක් පැමිණ ජල විදුලි නිපදවන ජලාශ වලින් පානීය ජලය සහ කෘෂිකර්ම කටයුතු සඳහා ජලය විශාල වශයෙන් ගැනීම නිසාද?

    3. ජනපති නියමයෙන් පහුගිය කාලෙ ඩීසල් වෙනුවට සීමාවක් නැතුව තිබුණ ජල ව්දුලිය භාවිත කල නිසාද?

    4. ඩිසල් ගෙන්වාගැනීමට dollar නැති නිසාද?

    5. ඉහත 3 සහ 4 නිසාද?

    මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ඊළඟට තියෙන්නේ වාහන වලට අවශ්‍ය ඉන්ධන හිඟය සහ ඉවුම් පිහුම් කටයුතු වලට අවශ්‍ය ගෑස් වල හිඟය...

    කොහොම උනත් ලංකාවෙ බූරුවන්ට තාම තේරෙන්නෙ නෑ මේක විදුලිය, ඉන්ධන සහ ගෑස් වල බෙදා හැරීමේ රජයේ පරිපාලන ප්‍රශ්නයක් නෙමේ ඒවා ලංකාවට ආනයනය කිරීම සඳහා අවශ්‍ය වන විදේශ මුදල් නොමැති වීම සමග විදේශ සංචිත සිඳී ගිය නිසා ඇති වූ ප්‍රශ්නයක් කියලා.

    තව දෙයක් ලංකාවේ දේශපාලුවන්ටත් වඩා අමුම අමු මැටි මීහරක් මෝඩ හැත්තක් social media වල රට හදන්න උපදෙස් දෙන්නෙ, ඉතිං කොහෙ රට ගොඩගන්නද?

    අනෙක් පැත්තෙන් ලංකාවේ මේ කෙහෙල් මල් උද්ඝෝෂණ ව්‍යාපාර ගැන ජාත්‍යන්තර මාධ්‍ය වලින් ලොකු ප්‍රචාරයක් දෙමින් තියෙනවා මේ දවස් වල, ලංකාවේ විදේශ විනිමය හිඟය පහුගිය කාලේ සන්චාරක ව්යාපාරයෙන් ශේප් වෙන්න හිටියනම් මේ ගොන් පාට් නිසා ඒකත් ටික ටික ඉවරයි. මූණත් එක්ක තරහට නහය කපා ගන්නවා කියන්නේ මේකට තමයි.

    ReplyDelete
    Replies
    1. Anonymous,

      ඔබ "සෝලාර් ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් එකක් ඒ කාලේම ගහ ගත්තේ" කරලා තියන්නේ ඉතා නුවණක්කාර ක්‍රියාවක්.
      මම මේ අනතුර ගැන දැනුවත්ව සිටියත් මෙච්චර ඉක්මනට වෙයි කියල හිතුවේ නෑ මම කලේ නිවසේ කාලයක් පාවිච්චි නොකළ ලිද සුද්ද කරලා පවුලේ අයට සෑහෙන්න උවමනා එළවලු සහ පලා නිපදවා ගැනීමයි මෙය 100% සාර්ථක නැතත් ගෙවත්තෙන් දිනකට මොනයම් හෝ එළවළුවක් ලබාගන්නවා.

      මට සිදුවෙනවා විදේශ වලින් උපයන මුදල් ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන කෙලින්ම මේ තක්ෂණික භාණ්ඩ ගෙන්වා ගන්න. මෙහි මුලික ගැටලුව මේ පිළිබද ප්‍රමාණවත් දැනුමක් පුද්ගලිකව මට නොමැතිවීමයි, ශ්‍රී ලංකාව තුල දැන් සෝලාර් ඕෆ් ග්‍රිඩ් ක්‍රම ලබාදෙන පිළිගත් සමාගම් නැති ත්ටරම් සහ තිබෙනවානම් මිල ඉතා අධිකයි.

      ඔබ ඉදිරිපත් කරන කරුණු 5ම අඩුවැඩි ලෙස මිට දායක උනත් ඇත්තම හේතුව ශ්‍රී ලංකාවට විදේශ විනිමය සංචිත නොමැති වීමයි.

      ටිකක් හිතන්න දැනට යම් තරමකට පෙට්‍රල් තිබුනත් ඩීසල් නැත්තේ ඇයි ? මිට හේතුව සරලයි මේ ඩීසල් විදුලිය නිපදවීමට යොදමින් පවතිනවා.

      අඩුමිලට මේ කටයුත්ත කරන්න පුළුවන් දැවිතෙල් නොගෙන අධික මිල ඩිසල් පාවිච්චි කිරීම මටනම් පෙන්නේ මෝඩ පාලනයක් හෝ උවමනාවෙන් රට පාවා දීමකට සැරසිමකුයි මට පෙනෙන්නේ.

      දැනට මේ තත්වයෙන් තියෙන්නේ ඉන්දියාවෙන් ණයට ලැබෙන ඉන්දන නිසා. හරියටම තව මාසෙකින් මේ මුදල් සොයාගන්න බැරි උනොත් රට මාස 4 ට හෝ 5ක් විදුලි නැතිව සිටීමයි විසදුම වෙන්නේ.

      මෙතන ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රශ්නය පහත ලෙස පෙන්වා දෙන්න පුළුවන්

      01. ආහාර වල මිල වැඩිවීම
      02. ඉන්දන විදුලිය නැතිවීම
      03 ගෑස් නැති වීම
      04. ගන්න භාණ්ඩ සහ සේවා වල මිල දිනපතා වේගයෙන් ඉහල යාම

      වැනි විශාල පිලිකාවක් නිසා ඇතිවන විවිද අතුරු රෝග ලක්ෂණයි.

      ඇත්ත ප්‍රශ්නය නම් මේ වටේ පවතින අතිවිශාල දුෂණයයි.

      මෙගැන කිව්වහම මතක් අපි බලමු අපිට ඩොලර් නැතිවන ක්‍රමයක් ගැන
      ශ්‍රී ලංකාවේ බැංකු මගින් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් money changer කෙනෙක් ලබාදෙනවා මේ මුදල් බොහෝවිට මිලදිගන්නේ
      මත්ද්‍රව්‍ය වැනි කළු ආර්ථික කටයුතු කරන අයයි, කිසිම දවසක රජයට මොවුන් නතර කිරීමට නොහැකියි වගේම උන්ඩියල් වැනි කරම වලින් මුදල් යවන අය නැවත බැංකු ක්‍රමයට එන්නේ නෑ, මේ ආණ්ඩුවේ මෝඩ විනිමය ප්‍රතිපත්තිය නිසා මෙතෙක් බැංකු ක්‍රමය තුලින් විදේශ විනිමය එවපු සැලකියයුතු පිරිසක් දැන් බැංකු ක්‍රමයෙන් මුදල් එවන්නේ නෑ.

      රජයට විදේශ මුදල් ගෙන්වාගැනීමට කිසිම ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවක් පෙන්න නෑ

      ශ්‍රී ලංකාව බංකොලොත් වීම ආසන්නයේ ඉන්නේ. අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යාමට මොවුන්ට බැරි ඔවුන් කියන විගණනය කිරීමට මේ රජයට නොහැකි නිසයි.
      එහෙම කලොත් රජයේ ඉහල සොරකම් ලෝකයට අනාවරණය වෙනු ඇති.

      රටේ මිනිසුන් තේරුම් ගන්න ඕනේ ඉතා සරල දේ තමයි රුපියල් ලක්ෂ 1 තැම්පත් කල පුද්ගලයකුගේ ඇත්ත වටිනාකම රුපියක් 20 000 කියන දේ මොකද රටේ මුදල් සැපයුම් මේ වනවිට 5 ස් ගුණයකින් වැඩිකරලා ඉවරයි.

      දැනට ඉතිරිව ඇති භාණ්ඩ තොගය ඉවර උනාම මිනිසුන් තේරුම් ගනී රට විකුණලා ඉවරයි කියල

      දැනටමත් හමුදාව බදවාගැනීම වේගවත් කරලා තියෙන්නේ ඇතිවන මහා මහජන නැගිටීම වලක්වා ගැනීමටයි.

      වෙන රටවල මෙවැනි වංචා වල මුල් අව්ස්තාවලම ජනතාව එලියට බහින්නේ ඔවුන් ඉන්පසු සිදුවෙන දේ මානව තරුම් ගන්න නිසා නමුත් අප වැනි මෝඩ මිනිසුන් බහුතරයක් සිටින මෝඩකම මාද්‍ය මගින් දිනපතා බෙදාහරින ලෝකයක ජිවත් වන මිනිසුන්ට මේ තත්වය අවබෝද වෙන්නේ තම පදුලට සහ බඩට තේරුණ විටයි.

      Delete
  2. ලංකා සිතුවිලි,

    කම්බා හොර නිවාඩ් කබ්රාල් ගේ වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය අහෝසි කර ඔහු ඉතාමත් අපකීර්තිමත් ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහ සාමාජිකත්වය ලබා ඇති සියලු ආයතන වලින් පහ කර එලවා දැමීමට වහාම මේ ලින්ක් එකේ තියන සයිට් එකට ගිහින් ඔබේ සහය දක්වන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයාර් කරලා මූට කෙළවලාම දාන්න පුල් සපෝට් එකක් දෙන්න යාලුවන් එක්ක බෙදා ගන්න දන්න කියන හැමෝම මේ ගැන දැනුවත් කරන්න බොහෝම ස්තුතියි.

    https://www.facebook.com/2194656573885034/posts/5681090441908279/?app=fbl

    මේ හෑෂ් ටැග් එක හැම තැනම කමෙන්ට් කරන්න

    #SayNotoCabraal

    #CancelCAMembershipOfCabraal

    උපරිම සහය දෙන්න හැමෝම
    ...

    ReplyDelete
  3. අපේ සටන් බාගයක් විතර දිනුවා ලංකා, අන්න ආණ්ඩු පක්ෂයේ කැබිනට් එකම ඉල්ලා අස් වෙලා.. සභාග රජයක් පවත්වන එක ගැන සාකච්ඡා කළා... දැනට සාකච්ඡා තාම ඉවර නෑ ආණ්ඩුව සජිත්ට අගමැති තනතුර සඳහා පත් වීමට ආරාධනා කර රනිල් වික්‍රමසිංහට මුදල් ඇමති ධූරය යෝජනා කරන්නේ නමුත් සජිත් ප්‍රේමදාස දැනට ඉතා මැනවින් සහ තදින් පවසන්නේ ජනාධිපති වහාම ඉල්ලා අස්වීමට වුවමනා බවත් ජනපතිවරණය වහා පැවැත්විය යුතු බව සහ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක් ඊට ඉදිරිපත් නොවිය යුතු බව. ඒ සමග අලුත් මහමැතිවරණයක්ද පැවැත්වීමට කටයුතු කළ යුතුයි කියා ඔහු පෙන්වා දෙන්නේ නමුත් ආණ්ඩුවේ පැත්තෙන් තවම ඒකට එකඟ වෙලා නෑ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයටත් නව සභාග ආණ්ඩුවෙන් ඇමති තනතුරු සඳහා සහ ඕනෑ තරම් මුදල් වෙන්කර දීමට කැමති බව පවසන නමුත් ඔවුන් වත්මන් ජනපති නන්දසේන පරයාගේ දූෂිත ඒකාධිපති පවුල් පාලනයට නොසතුට ප්‍රකාශ කරමින් අවඥාවෙන් එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    බොහෝ දුරට ලංකාවේ වෙලාවෙන් හෙට උදේ වගේ වෙනකොට මේ ගැන විස්තරයක් දැන ගන්න පුළුවන් වෙයි බලමු.... ජය වේවා හැමෝටම ගොඩක් වටිනවා ඔයාගේ සහාය මේ සම්බන්ධයෙන්...

    ReplyDelete