Tuesday, April 12, 2022

ජනවර්ග සහ ආගම් කොටවමින් බලයේ සිටින දෙසපාලුවාගේ අවසාන දින කීපය


ශ්‍රී ලංකාව දැනුවත්ව ණය ගෙවීම් අත් හිටුවීම, අද සිංහල දෙමල මුස්ලිම් සාමාන්‍ය ජනයා එක කොඩියක් යටතේ සමගි වී ඇති මොහොතයි, කනගාටු කාරණය මේ පිරිසෙන් සැලකියයුතු පිරිසක් ආහාර නොමැතිව මියයාමට ඉදිරි මාස කීපයේදී නියමිත බව දන්නේ කීපදෙනෙකු බවයි.

මේ අවසාන මොහොතේත් මේ රාජපක්ෂ තිරිසනුන් සිදුකරන්නේ ආගම්වාද ඇතිකර ජනතාව බෙදා කෙසේ හෝ ගිලිහෙන බලය රැකගැනීමයි.

ඔබම හිතන්න දරුවන්ගේ විබාග සදහා ප්‍රශ්න පත්‍ර මිලදීගැනීමට කොළ නැතිතරමට අත්‍යවශ්‍ය බෙහෙත් නැති තරමට රට ඇදවැටී ඇත්තේ රටේ විදේශීය මුදල් සියල්ල සුරා මේ රාජපක්ෂ සොරුන් විසින් විදේශගත කර ඇති නිසයි.

දැන් මම කියන්නම් ඇයි අපට ආහාර හිගයක් එන්නේ කියල, අද වනවිට ණයවර ලිපි විවුර්ත කරලා මෙතෙක් ආනයනය කල කිසිවක් ගෙන්වා ගැනීමට අපට ඉදිරි දිනවල නොහැකි වනු ඇති.

රජය විසින් සැලකියයුතු විදේශ මුදලක් අත්‍යාවශය භාණ්ඩ සදහා වෙන් කරනු ඇති. ඉදිරි දින වල ලක්ෂ ගණනින් මිනිසුන්ගේ රැකියා නැතිවනු ඇති. දැන් දැන් ඔබ සියලු දෙනා විසින් හැකිපමණ වගාකරගන්න බැරි උනොත් ඉදිරි කාලයේ ඩිසල් හිග වී ප්‍රවාහනය නැවතුන විට මුහුණ දෙන්න වෙන තත්වය කනගාටුදායක වනු ඇති.

යම් කාලයක් පොලිසියේ සහ හමුදාවේ වැටුප් ගෙවීම කළහැකි උවත් මුදලේ වටිනාකම ඉතා වේගයෙන් අඩු වෙනු ඇති.

දැන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය මේ කරනු ලබන්නේ තමන්ගේ සුපුරුදු කාලය කාදමමින් කරන භයානක රංගනයයි, මා මේ අඩවියේ මිට පෙර පෙන්වාදුන් පරිදි අවංක පුද්ගලයන් ලෙස පෙනීසිටින ජනතා විමුක්ති පෙරමුණ ඉතා දක්ෂ රංගනයක යෙදෙන බව තේරුම් ගැනීමට එක කාරනාවක් පෙන්වන්නම් චමුදිතගේ අඩවියේ දොස්තර රනිල් ජයසේන කියනවා අපුරු දෙයක්, ඔහු කියනවා මේ මුදල් අච්චු ගැසීම ගැන ඔහු අනුර කුමාරට කිව්වම ඔහු "අපි මංගලට කියල බලමු " කියල කිව්වා කියල, මෙතැනදී ජනතා විමුක්ති පෙරමුණ මේ ගැන කෙල බිදක් හෙළුවේ නැතිබව ඔබ තේරුම් ගන්න ඕනේ.

අප විසින් මුළු පාර්ලිමේන්තුවම එලවා විසදුමකට යන්න කාලය පැමිණ ඇත. 






 

9 comments:

  1. ලංකා සිතුවිලි, මම හිතන්නේ මේ කියන දේවල් කළොත් ලංකාවේ ආර්ථිකය නැවත හරි පාරට ඉතාමත්ම ඉක්මනින් දමා ගැනීමට පුළුවන් වේවි නේද?

    https://fb.watch/clj7oPhl2m/

    මේ මහතා කිසිදු මුදලක් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් ගරු සේවයක් ලෙස රට භාර ගෙන ඉතාමත්ම කෙටි කලක් තුලදී ණයත් ගෙවා රටේ ආර්ථිකය දියුණු කර නැවත සංවර්ධිත රටක් බවට පත් කළ හැකි බව පවසනවා, ඔබ මේ ක්ලිප් එකේ ඔහු යෝජනා කරන මේ සැලසුම් ගැන හිතන්නේ මොකක් ද?

    මීට අමතරව අද පාන්දරම Sri Lanka defaults on entire $ 51 Billion dollar external debts ආදී වශයෙන් පොල් ගෙඩි අකුරින් හෙඩ් ලයින් දමමින් ලංකාව ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම පැහැර හැර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කර තිබුණා. මේ නිසා ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විදේශීය විනිමය අවසන්වීමෙන් පසු මෙම පියවර අවසාන විකල්පය ලෙස ගෙන ඇති බව එම වාර්තාවල සදහන්. France 24 ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ එංගලන්තයෙන් ලැබුණු නිදහසින් පසු ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවත් නිරන්තරයෙන් දවසට පැය ගණන් විදුලි ඇණහිටීම සහ ආහාර සහ ඉන්ධන වල උග්‍ර හිගයක් ඇතිව තිබෙන බවයි. ඒ වගේම ලංකාව පසුගිය වසරේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පහත හෙළා ඇති අතර ණය රැස් කිරීම සඳහා විදේශ ප්‍රාග්ධන වෙළෙඳ පොළ වෙත ප්‍රවේශ වීම අවහිර කර ඇති බවත් වාර්තාවේ තව දුරටත් විස්තර කරලා ලියලා තියෙනවා.

    කෙසේ වෙතත් මේ වනවිට මැදපෙරදිග කලාපයේ රටවල්, දකුණු කොරියාව, මැලේසියාව, තායිලන්තය, සයිප්‍රස්, අප්‍රිකා රටවල් ගොඩක්, රුමේනියාව, ඉතාලිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි ලාංකීයයන් විශාල වශයෙන් නිතිපතාම මුදල් එවන රටවල විදේශීය මුදල් හුවමාරු කරන්නන් ශ්‍රී ලංකා රුපියල් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවට සමාජ ජාල වල පින්තූර හුවමාරු වෙමින් ඇත. (මේ වනවිට මැලේෂියාවේ ක්වාලාලම්පූර් සහ පුත්‍රජයා විදේශ මුදල් හුවමාරු කරන්නන් ශ්‍රී ලංකා රුපියල් මිලට ගැනීම නවත්වා ඇති බවට සඳහන් ඡායාරූප පෙළක් ලංකාවේ සමාජ ජාල වල ට්‍රෙන්ඩින් වෙනවා.) මේ නිසා විවිධ රටවල ලාංකීයයන් බහුල ප්‍රදේශ වල තියෙන මූල්‍ය එක්ස්චේන්ජ් සමාගම් රැසක් ඔවුන් තමන් සතු රුපියල් විකුණා දමමින් සිටින අතර නැවතත් රුපියල් වලට කන්වර්ට් කරන එක අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තා වෙලා තියෙනවා.

    මේ දේවල් මෙහෙම සිදුවන අතර දැනට ලංකාවේ ටිකෙන් ටික පැතිරෙන ජනතා අරගලය ඉදිරියේදී තවත් උත්සන්න වෙන්න පුළුවන්. එවිට ඇතිවිය හැකි බැරෑරුම්ම අර්බුදය තමයි රාජ්‍ය කඩා වැටීමට තිබෙන අවදානම. එය ආණ්ඩුවක් කඩා වැටුණාට වඩා දරුණු තත්ත්වයක්. ආණ්ඩුවක් කඩා වැටුණම ඕනම කෙනෙකුට ආයෙත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. නමුත්, රාජ්‍ය කඩා වැටුණොත් එය බරපතල ප්‍රශ්නයක් බවයි මගේ හැඟීම. මේ ගැන පැහැදිලි කළ හැකි ද? ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඉදිරි සති 3 ක කාලයක මේ රටේ මිනිසුන් ලක්ෂ ගණනකගේ රැකියා අහිමිවීමට නියමිතයි, මේ අහිමි වීම තාවකාලිකද සදාකාලිකද කියල තීරණය වන්නේ අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය හෝ රටේ කොටසක් විදේශයට විකුණා ලබාගන්න මුදලින් පමණයි.

      අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය හැර අන් ඕනෑම විකල්පයකින් ගන්න මුදල් මේ අර්බුදය වඩා අපහසු කරනවා ඇති.

      මේ අවස්තාව විශාල පිරිසක් සමග ප්‍රචණ්ඩකාරී උනොත් මේ පාලකයන් ඉවත් කල වහාම රට යන අත ගැන සිතීම දුෂ්කර වනු ඇති. මේ නිසා මේ අවස්ථාවේ රටේ වුර්තිකයන් එකතුවී නිසි නායකත්වය ලබාදිය යුතුයි.

      Delete
  2. අද සිංහල දෙමල මුස්ලිම් සාමාන්‍ය ජනයා එක කොඩියක් යටතේ සමගි වී ඇති මොහොතයි.

    මොන බොරුද? වෙලා තියෙන්නේ මුස්ලිම්වරු මුස්ලිම් අන්තවාදය , රාජපක්ෂ විරෝධයෙන් යට ගහන්න උත්සාහ ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. //මොන බොරුද? වෙලා තියෙන්නේ මුස්ලිම්වරු මුස්ලිම් අන්තවාදය , රාජපක්ෂ විරෝධයෙන් යට ගහන්න උත්සාහ ගැනීමයි.//

      මෙතන මුස්ලිම් අන්තවාදය පැතිරවුයේ කවුද ? රාජපක්ශලම නෙමෙයිද ?
      සරල සත්‍ය සිංහල දෙමල මුස්ලිම් කියන ජාතින් 3ම නායකයන්ට පැවත්ම තියෙන්නේ මේ ජාතින් ඇන කොටා ගන්න නිසා එහෙම නැතිව තම ජාතියට ආදරය නිසා නෙමෙයි. අද වනවිට සිංහල දෙමල මුස්ලිම් යන ජාති 3 ම සාමාන්‍ය මිනිසුන් ගේ ඉරණම සමාන නැද්ද ? ඔවුන් සියලුදෙනාම ආහාර නැතිව මැරෙන තත්වයට ඇවිල්ල නැද්ද ?

      අද මේ අරගලයේ ශක්ක්තිමත්ම දේ තමයි මේ තරුණයන් ප්‍රචණ්ඩ නොවී සාමකාමී වීම.

      Delete
    2. දරන් මෙතන රාජපක්ෂලාට විරුද්ධව උද්ඝෝෂණ කරන මුස්ලිම්වරු මුස්ලිම් අන්තවාදය අතහැරලද?

      Delete
    3. මේ අන්තවාදය කියන්නේ මිනිස් මනස දුෂණය කරන මතවාදයි ඒවා ට උවමනා හේතු සම්පාදනය උනාම මේ අන්තවාදය මතුවෙනවා මෙය මුස්ලිම් විතරක් නෙමෙයි සිංහල දෙමල ඔය හැම ජාතියකටම පොදුයි, දැන් තියන ප්‍රශ්නය මේ සියලු ජාතිකයන්ට තම පොදු සතුරා එළිපිට දකින්න පුළුවන් වෙලා තියාන්ව.

      යම් විදියකින් අනෙක් පහසුකම් සහිත උනානම් එක එක ජාතියට වරප්ප්‍රසාද ලබාදෙමින් කරන්න පුළුවන් විගඩම අද කරන්න බැරි වෙලා තියනවා.

      Delete
  3. මේ වීඩියෝ එකේ ෆර්ඩිනන්ඩ් මාකෝස් කියන කතාව ඇත්තක් තියෙනවා. මේක ගැන හිතන්නේ මොකද? ලංකාවටත් වෙලා තියෙන්නේ මේකම තමයි.

    https://fb.watch/cm9wiJyO5N/

    ReplyDelete
  4. මේ අවස්ථාවේ ඔබ විපක්ෂයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? රජයට තවමත් බහුතරය ඇති නිසා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන්ට තනියම පුළුවන්. අඩුම තරමේ උසාවි, නඩුකාරයන්, සහ නඩු තීන්දු වලට බලපෑම් කරන සහ අනාගතයේදී තවත් කල හැකි 20 සංශෝධනයවත් අහෝසි නොකර ඒ කිසිදෙයක් අත්නොහැර ඔවුන් කියන්නේ විපක්ශයට ඇවිත් මොනව කරන්නද? රටට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය අණපනත් ලබා ගැනීමට විපක්ශයට ඔවුන් ඉන්නා තැන සිටම සහයෝගය දෙන්න පුළුවන්. ඒත් බහුතරයක් ඇති ආණ්ඩුවකට එය අවශ්‍ය නැහැ. ජවිපෙ සහ සජබෙ කියා සිටින්නේ දීර්ඝ කාලීන විසඳුමකට ජනාධිපති දුරය නැති කිරීම කරන්න කියලයි. ආණ්ඩුවේ 'අපි ඒගොල්ලන්ට එකතුවෙන්න කිව්වා, එකතු වුනේ නැති නිසා තමයි මේ ප්‍රශ්ණය' කථාවට සහයෝගය දීමක්.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      මේ අවස්ථාවේ විපක්ෂය කියන්නේ මැතිවරණයකට යායුතුයි කියල, එය කිසිසේත්ම කල නොහැකියි විශාල මුල්‍ය විනාශයක් නොකරගෙන.

      මම කියන්නේ මෙච්චරයි ආණ්ඩුපක්ෂය කියනවා මුදල් ඇමතිකම බාරගන සභාගයකට එන්න කියල, විපක්ෂය කින්නේ ඔවුන්ට එය කල නොහැක්කේ රජයේ ජනාධිපති ගේ අත්තනෝමතික බලය පාවිච්චි කරලා නැවත බලය පැහැරගැනීම කල හැකි නිසා කියල (චන්ද්‍රිකා එක කළා )

      මෙහිදී විපක්ෂයට කියන්න පුළුවන් හොදයි අපි මුදල් ඇමතිකම භාරගන්න සුදානම් හැබැයි ජනදිපතිගේ අත්තනෝමතික බලයන් ඉවත් කරන්න ඕනේ කියල ඔවුන්ට 19+ වෙත යන්න පුළුවන්, මෙහිදී පාර්ලිමේන්තු චන්ද විමසීමේදී ආණ්ඩුවට සිදුවෙනවා කැමැත්ත දෙන්න, විපක්ෂය කැමතිනම් එය කිරීමට පහසුවෙන් 2/3 ගෙන එය කල හැකියි.

      Delete