Saturday, April 9, 2022

විපක්ෂය මෙහෙම හැසිරෙන්නේ ඇයි ?

 



ඉහත පින්තුරය බැලීමේදී සජිත් ප්රෙමාදාස ගේ බිරිය කරට අතදාගන ඉන්නේ නිරුපමා රාජපක්ෂ (පැන්ඩෝරා අක්කා ) ගේ බව තේරුම් ගන්න.


අද වනවිට මුළු විපක්ෂයම රගපාන රංගනය අපි තේරුම් ගමු, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයත් මේ මොහොතේදී ආණ්ඩුවට විරුද්දව විශ්වාස භංගයක් ගෙන එන බවට තර්ජනය කරමින් සිටිනවා සහ ගෙන එනවා ඉතින් ඔවුන් මෙසේ විශ්වාස භංග ගෙනෙන්නේ ඇයි ? අපිට ආදරේටද ? 


නෑ !!!


ඔවුන් මේ රජයට පීඩනය යොදන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ සොරුන්ගෙන් කෙසේ හෝ කෝටි ගණනින් කප්පම් ගෙන තම මඩිය තරකර ගැනීමයි.


මෙහිදී ජනතාවගේ එකම ගැලවුම්කරු ලෙස පෙනීසිටින ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මොනවද ? ඔවුන් කියනවා ඔවුන්ට සම්පුර්ණ රජයක් ජනතා කැමැත්ත මත ලබාගන්න ඕනේ කියල ඔවුන් කියන්නේ මැතිවරණයකට යමු කියල, මැතිවරණය අවසානයේ අන්තර්ජාතික මුල්‍ය අරමුදල වෙත ගියොත් අපට වෙන්නේ ඔවුන් බලය ගෙන තව මාස 5 පමණ බලාසිටින්න සිදුවෙනවා මුල් ආධාර ලබාගැනීමට ඒ තර තුර මැයි මස අපට ඩොලර් බිලියන 1 පමණ මුදලක් ගෙවීමට තිබෙනවා ජුලි වනවිට ගෙවීමට අතිමුදල ඩොලර් බිලියන 2ක්.


ජනතා විමුක්ති පෙරමුණත් කරන්නේ රගපෑමක් පමණයි, ඔවුන් සිතනවානම් ජනාධිපති වරයාගේ බලය ඔවුන්ට තර්ජනයක් කියල මුළු පාර්ලිමේන්තුවේම 2/3 බලයෙන් පුළුවන් එම බලය ඉවත් කිරීමට නමුත් ඔවුන් නොකෙරෙන වෙදකමක් ගැන කියවන්නේ  ඔවුන්ට කිසිම සැලැස්මක් නැති නිසා සහ සම්පුර්ණ බලය ගෙන මර්ධනය යෙදීමට, ඔවුන් ගේ රජයක් ති අමානුශික වනු ඇති.



මෙනිසා දැන් කලයුතු වන්නේ රටේ සිටින රටට ආදරය ඇති වුර්තිකයන් එකතුවී කාර්ය ශූර පුද්ගලයෙක් ඉදිටිපත් කිරීමයි. ඔහුව ජනාධිපති වරයාට බැසිල් රාජපක්ෂ ගෙනාපු විදියට පාර්ලිමේන්තුවට ගෙන එන්න පුළුවන්.  

12 comments:

  1. ඔබ කියන දේ හරි, හැමෝම කියන්නේ රටේ වියවස්ථාවෙන් පිට දේවල් කරන්න, ඒ කියන්නේ වල් බුරු තර්ක. එහෙමනම් හමුදා ආණ්ඩුවක් තමය් විකල්පය, එකට සජිත් අනුර කැමැතිද?

    වුර්තිකයන් රට බාරගෙන ගොඩගනී කියලා හිතන්න බෑ.

    වුර්තිකයන් ලංකාවේ දේශපාලනයට කවදත් එන්නේ නැත්තේ අපහාස නිසා, තිරුකුමාර් නඩේසන් පරම්පරාවෙන්ම පොහොසත් කෙනෙක්, මහරාජා එකේ කොටස් කරුවෙක්, නිරුපමා ගේ දේශපාලනය නිසා අද තිරුකුමාර් හොරෙක් වී ඇත. Wijebahu

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සියලුදෙනා කරන්නේ ජනතාව රැවටීමයි.

      තිරුකුමර් ධනපතියෙක් වෙන්න පුළුවන් නමුත් මෙච්චර විශාල දනපතියෙක් නෙමෙයි මේ තියෙන්නේ හොරකම් කල මුදල්.

      Delete
    2. Wijebahu තිරුකුමාර් හොරෙක්ම තමයි. නැත්තන් ටැක්ස් හේවන් වල සල්ලි දාල තියෑය.
      හෝයි රටකට හරි බදු ගෙවීම පහර හරින්නේ හොරුද මංකොල්ලකාරයෝද

      Delete
    3. විපක්ශේ ඔහොම හැසිරෙන්නේ උන් දන්නේ ඔච්චරක්ම තමා නිසා.
      ලංකා ඔය එකෙක්ටවත්, රාජපක්සල, සජිත්ලා, අන්රෛයල කාටවත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියල තේරෙනවා මිසක් මේකෙන් ගොඩඑන්නේ කොහොමද කියල කිසිම දැක්මක් ප්ලෑන් එකක් නෑ. ඔය එක වේ. පුතෙක්ටවත් කිසිම පිටරටකින් ආධාරයක් ගන්න පුළුවන් තරමේ ඇයි හොඳයියක් වත් කපෑසිටියක් වත් නෑ.

      Delete
    4. AnonymousApril 11, 2022 at 8:32 AM,
      මෙතන බදුවන්චාවක් නම් තව කමක් නෑ මෙතන වෙලා තියෙන්නේ රටේ මහජන දේපල වංචා සහගත විදියට සොරාගනිමක්

      Me තුමාApril 11, 2022 at 8:37 AM,
      // විපක්ශේ ඔහොම හැසිරෙන්නේ උන් දන්නේ ඔච්චරක්ම තමා නිසා. //
      මුන් සියලුදෙනා මේ සොරකම් වලට අඩු වැඩි විදියට සම්බන්දයි

      Delete
  2. ඇත්තටම ලංකා මං මේ ගත කරන්නේ මගේ වෘත්තීය ජිවිතයේ දුක්බරම කාලයක්. ආර්ථික අර්බුදය ගැන මහ බැංකුවේ හිටපු අධිපති තුමා, හිටපු මුදල් ඇමති, මුදල් මණ්ඩලයේ කට්ටිය හැමෝටම මෙච්චර කියල මේක වළක්වා ගන්න බැරි වුණු එක ගැන මට වගේම අපි වගේ වයස විසි තිස් ගණන් වල තරුණ වෘත්තීයවේදීන් බොහෝ දෙනෙක්ට තියෙනේ ලොකු කණගාටුවක්.

    මූලික උපාධිය තාක්ෂණ අංශයේත් පස්සේ ආර්ථික විද්‍යාවෙනුත් දෙඅංශයෙන්ම අධ්‍යාපනය හදාරපු කෙනෙක් විදියට මගේ දැනුම අනුව මම එවකට හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් රාජ්ය ඇමති නිවාඩ් කබ්රාල්, හිටපු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු විශාල පිරිසක් ඉදිරියේ මේ 2020 ඔක්තෝබර් මාසේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන කරපු ප්‍රසන්ටේෂන් එකේ කෙටි පටුනක් මෙතන දාන්නම්. හැබැයි මේ කතාව කියපු එකම කෙනා මං විතරක් නෙවෙයි.

    මුලින්ම අපි මහ බැංකුව විදියට Rating Agency එක්ක ගේම ඉල්ලලා වැඩක් නෑ කියල කිව්වා.

    මහාචාර්ය ලක්ෂ්මන් යෝජනා කරන විදියට සල්ලි අනවශ්‍ය විදියට අච්චු ගැහුවම මොකද වෙන්නේ කියල කිව්වා.

    එහි ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස දුප්පත් මිනිස්සු දුක් විදිනවා කියල කිව්වා

    මේවායේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියාත්මක වී ලංකාව අවුරුදු 10 කින් පස්සට යනවා කියල කිව්වා.

    ඒ වගේම තමයි ඒ කාලේ MCC එක ගැන විවරණ දීපු බොහෝ අයට ඒවගේ 6 ගුණයක් මාස කිහිපයක් ඇතුලතදි වෙන රටවලින් වැඩි පොළියට කොන්දේසි ගැන කොමාවකවත් මොනවද තියෙනේ කියල දන්නේවත් නතුව ස්වැප් (Swap කෙටි කාලීන ණය) කරද්දි ඒ ගැන එක වචනයක් කියා ගන්න තරම් ධෛර්යක් සහ ආත්ම ශක්තියක් තිබ්බ නැති එක ගැනත් ලොකු දුකක් තියනවා.

    ඒ වගේම තමයි මෙච්චර ප්‍රමාද වෙලා ණය ප්‍රතිව්‍යූහගත කරන්න ගිහිල්ලා debt negotiations වලදි අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන එක ලේසි වෙන්නේ නෑ. මේක නැවත හදන්න ගන්න වෙන ක්‍රියාමාර්ග වලින් ආර්ථිකයට සහ මිනිස්සුන්ට වෙන අමාරුව සෑහෙන බරපතලයි. අපේ රටයි ආර්ථිකයයි අපිට නවත මුල ඉඳන් හදන්න වෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ "building from scratch' කියල

    නමුත් වයසින් අත්දැකීම් වලින් ගොඩක් අඩු නිසා අළුයම ඉවත දමන කෙළ පිඬු වගේ එදා ඉවත දාපු පුංචි අපේ අදහස් වලට ටිකක් හරි ඇහුම්කන් දුන්නනං මේ තත්වය රට උදා වෙන්නේ නෑ.

    එහෙම නම් අද ජනතාවට උද්ගෝෂණ කරන්න පාරට බහින්න වෙන්න නෑ.
    මිනිස්සුන්ට පාරට එන්න වෙන්නේ නෑ. පෝලිම් වල දුක් විදින්න වෙන්නේ නෑ.

    මොනවා කරන්නද ලෝකයේ ස්වභාවය එහෙම තමයි කියල අටලෝ දහම මතක් කරගෙන අපි හිත හදා ගමු.

    ReplyDelete
    Replies

    1. Anonymous,
      මෙතැනදී මේ උගතුන් තමන් කරන්නේ මොනවද රටට වෙන්නේ කුමක්ද කියල නොදැන සිටිය පිරිසක් නෙමෙයි.
      මට හිතෙන විදියට මෙය ඉහලම තැන් වල උවමනාවට වූ දේවල්.

      රටක් බංකොලොත් උනහම තමයි ඒ රටේ දේපල කුණු කොල්ලයට මිලදී ගන්න පුළුවන්, මට කියන්න තියෙන්නේ එය වෙමින් තියෙනවා.

      රටේ මිනිසුන් ගැන යමක් කියන්න තියනවා මෙරටේ මිනිසුන්ට ප්‍රශ්නය ගෑස්, විදුලිය සහ ජිවන වියදම වැඩිවීම, ඔවුන්ට උවමනා නෑ එය කෙසේ සිදුවුනාද කියල දැනගන්න, මෙවැනි නුගත් ජනතාවකට මේක හොද පාඩමක්, රජය සිතන්නේ ඉදිරියේ ඉන්දන ගෑස් සහ අච්චුගසන ලද මුදල් ලබාදුන්විට මේ මිනිසුන් නිහඩ වෙයි කියල, ඉන් පසු ලද අවස්ථාවෙන් මොවුන් රට අතහැර යනු ඇති.

      Delete
  3. අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සම්බන්ධ සිය කාර්ය මණ්ඩල වාර්තාව (Staff Report) නිකුත් කර ඇත.. එය කියවා අවසන් වෙනකොට ඉඳිකට්ටක් වත් දේශීයව නිපදවා ගැනීමට උනන්දු නොවූ, ණය සහ එහි ප්‍රතිවිපාක ගැන අංශු මාත්‍රයක අවබෝධයක් නැති, වසර 74 ක් දේශපාලකයාම සිය ගැලවුම්කාරයාද වනු ඇති බවට සිතා සිටි මෝඩ සහ උද්දච්ච ජාතියක ඉරණම මේ වන විට තීරණය වී හමාරය..

    තවමත් මුග්ධ ලාංකික සමාජයට රට ගමන් කරමින් සිටින දිශානතිය පිලිබඳ සහ එහි අවසන් ප්‍රතිඵලය පිලිබඳ කිසිදු ආකාරයක අවබෝධයක් නොමැති බවක් පෙනී යයි.. මේ දවස් වල අලුත් අවුරුද්ද කියා පවසමින් තවමත් විශාල වශයෙන් ඇඳුම් කඩවල පොරකන මුග්ධ මිනිසුන් මම දකිමි.. තවමත් කොටස් වෙළඳපළ සේරිවාණිජලාටත්, විවිධාකාර පිරමිඩ බිස්නස්කරුවන්ටත් අසු වී සිට්න මිනිසුන් මම දකිමි.. මේ ලිපිය ලියන්නේ මේ IMF වාර්තාව සහ සම්පූර්ණයෙන්ම බංකොලොත් වී විනාශ වූ රටක පුරවැසියෙක් සතු සමාජය පිලිබඳ ඇති කියවීම එකතු කර ඔබට තේරෙන භාෂාවෙන් වෙන්න යන දේ ඔබට පැහැදිලි කර දීමටයි.. මෙය ඔබද කියවා, ඔබ දන්නා අඳුරන අනිත් අයටද පැහැදිලි කර දෙනු ඇති බව මම විශ්වාස කරමි..

    මේ 2022 අප්‍රේල් මස අගභාගයේදී පටන් අරන් මැයි මාසය පමණ වනවිට ලංකාවේ මධ්‍යම පන්තියට හික් ගෑවෙනු ඇති.. මෙහිදී මධ්‍යම පන්තිය ලෙස මා අදහස් කලේ රජයේ වෛද්‍යවරුන්, රාජ්‍ය සේවකයන් සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාරිකයන්, රජයේ සහ පුද්ගලික අංශයේ වෘත්තිකයන්, පුද්ගලික අංශයේ විවිධ රැකියාවල නිර්ත වන්නන් සහ විවිධ ස්වයං රැකියා වල නිරිත වන ජනතාවය.. මේ වනවිටත් ඉන්ධන, ගෑස්, කිරිපිටි, සීනි, පරිප්පු ආදී ආනයන කරන බඩු මිල ඩොලරයට සාපේක්ෂව ක්‍රමිකව විශාල වශයෙන් දෛනිකව ඉහල යෑම සිදු වන අතර මිල සූත්‍රයකින් පාලනය නොවන (දැඩි ලෙස පිස්සු නැටූ දූෂිත ආණ්ඩුවක සිටිය දූෂිත දේශපාලකයකු වූ මංගල සමරවීර IMF උපදෙස් මත පදනම්ව ඉන්ධන මිල සූත්‍රයක් ගෙනාවේය.. ඒවාට රෙදි කරේ තියාගෙන හිනා වුනේ එබඳුම දූෂිත වීරවංසලා, ගම්මන්පිලලාය.. ඒවා අනුමත කර ඔවුන්ට කතිරය ගැසුවේ ලංකාවේ හිටපු ඔබලාය.. ඒ පව් ඔබලා තෙල් පෝලිම් වල සිට මේ වෙද්දි ගෙවනු ලැබේ.. හැමදෙයක්ම හේතුවක් සහ ඵලයකි.. ) ඉන්ධන මිල ඔබට දරා ගැනීමට නොහැකි මට්ටමකට ඉහල යනු ඇත.. විදුලි ඒකයක නිපැයුම් පිරිවැය වියදම් පියවා ගැනීමේ මට්ටමට විදුලි බිල් විශාල වශයෙන් ඉහලට දමන ලෙස දැනටමත් IMF එක යෝජනා කර ඇති බැවින් කණකර උකස් කොට විදුලි බිල ගෙවීමට සිදුවිය හැකිය (Cost Recovery based Energy pricing is needed to mitigate fiscal risks from state own Enterprises) .. එම නිසා ඉක්මනින් සූර්ය බල පද්ධතියකට මාරු වීම ඉතාම යෝග්‍ය වන අතර විදුලිය මිල වැඩිවීම නිසා ජල බිල්පතද වැඩි වනු ඇත.. ඔබේ නිවසේ පැරණි ලිඳ දැන්ම පිරිසිඳු කරවාගන්න..

    මේ වන විට ලංකාවේ අපේ නිවසේ වාහන 3ක් භාවිතයට ගනු ලැබේ.. මෙම වාහන 3ම අපි දිනපතා ප්‍රයෝජනයට ගන්නා නිසා ඒවයින් අපිට ප්‍රතිලාභ ඇත.. නමුත් දිනපතා භාවිතයට නොගන්නා නමුත් විශාල ෆිනෑන්ස් ගෙවමින් හෝ කර්මාන්තයකට යෙදවීමට හෝ නැත්නම් තමන්ගේ තත්වය පෙන්වීම උදෙසා මිලදී ගත් බොහෝ වාහන මේ මොහොතෙත් නිවෙස් වල නිකරුණේ නවත්වා ඇත.. අඟහිඟකම් වැඩි වෙද්දි මුලින්ම විකිණෙන්නේ වාහන නිසා ඉදිරියේදී මෙම වාහන වෙලඳපොලට පැමිණීමට ඉඩ ඇත.. මේ බොහෝ වාහන ඉන්ධන කාර්යක්ෂම තාවයෙන් තොර නිසා ඉතා අඩු මුදලට අලෙවි කිරීමට අයිති කරුවන්ට සිදු වන අතර එම වියදම හා විකිණීමෙන් ලැබෙන වෙනස අතර ඇති අලාභය දරාගැනීමට අයිතිකරුවන්ට සිදුවේ.. එම වාහන මිලදී ගැනීම නිසා දැරීමට සිදු වන ඉන්ධන වියදම මෙන්ම පාලනයකින් තොරවූ අමතර කොටස් මිල ඉහල යාම නිසා ගැණුම්කරුවන්ට එමගින් අපේක්ෂිත වටිනාකම නොලැබී යාමට හේතුවක් වනු ඇති..

    ඒ වගේම තමයි IMF මගින් රජයට සහ වගකිව යුත්තන්ට දිගින් දිගටම මේ ක්‍රමවේදය පිලිබඳ අනතුරු ඇඟවූවත් ඔවු එය සැලකිල්ලට නොගත් බව (The authorities acknowledged the magnitude of the challanges caused by pandemic and considered the outlook presented by staff as overly pessimistic) සහ ඔවුන් ණය අර්බුදය දුටුවේ තාවකාලික ගැටලුවක් ලෙස පමණක් බවත් (The authorities viewed the BoP and debt challanges as temporary problem) සිය කාර්ය මණ්ඩල වාර්තාවෙන් දන්වා සිටී.. මේ උද්දච්ච සිතුවිලි නිසා ලංකාවේ මිලියන එක හමාරකට අධීක බොහෝ රාජ්‍ය සේවකයන්ට සිය වැටුප් අවප්‍රමාණ වීම, අතිකාල සේවා අහිමි වීම, දීමනා අහිමි වීම, නව රජයේ රැකියා අවස්ථා නොලැබී යාම, උසස් වීම් අවලංගු වීම වැනි කරදර වලට මුහුණ පෑමට සිදු විය හැකිය.. EPF/ETF ගෙවීම් කොහොමත් පාර්ලිමේන්තු පනත් කෙටුම්පතකින් ඉතාම ලඟ දිනයකදී ඔබෙන් උදුරා ගන්නා නිසා ඔබට විශ්‍රාම දිවිය සුවසේ ගෙවීමට නොහැකි වනු ඇත.. උද්දච්ච රාජ්‍යයකට සහ එහි පාලකයන්ට අනුමැතිය පල කිරීම වෙනුවෙන් 2019 තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ සිට ඔබ ගෙවිය යුතු මිල එසේ නියම වී තිබේ..

    ReplyDelete
  4. ඒ වගේම ලංකාවේ සිටින සියලුම දරුවන්ට ඉගැන්වීම දෙමව්පියන්ට සිහිනයක් පමණක්ම වනු ඇති.. ඔවුන්ගේ අනාගතය දැනටම අවිනිශ්චිත කඩතුරාවකින් වැසී ඇති බව ලංකාවේ සිටින දෙමව්පියන් වන ඔබට මේ වනවිට දැනී තිබිය යුතුය.. ආහාර වර්ග මිල ඉහල යාම, ළදරු ආහාර සහ බෙහෙත් වර්ග අධික ලෙස මිල ඉහල යාම සහ ඒවා වෙලඳපොලෙන් අතුරුදන් වීම, දරුවන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සැපිරීමට නොහැකි ලෙස ප්‍රෝටීන් බහුල ආහාර වන පරිප්පු, බිත්තර, කිරි, මස් මාලු මිල ඉහල යාම ඔබේ සිඟිත්තා සහ කුඩා දරුවා උන් නොකල වරදකට පෝෂණ ඌණතාවයෙන් පෙලීමට ලක් කිරීමක් බව ඔබ තේරුම් ගත යුතුය.. ඔබ සමග පිලිසඳරක් කිරීමට කොන්ද පණ ඇති එකෙක් මේ රජයේ වත් ඊලඟට එන්න බලන් ඉන්න රජයකටවත් නැති බව ඔබ වටහා ගත යුතුය.. ඔබව සහ ඔබේ දරුවන්ව ඉතාම නීච අන්දමින් රවටා තිබේ..

    ඒ වගේම තමයි ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් වල ඇත්තන්ට ඉදිරියේදී අපහසු කාලයක් ගෙවීමට සිදු වනු ඇති.. ඒ පිලිබඳව වැඩිදුර විසින් මෙහිදී සාකච්ඡා නොකර සිටිමු.

    ඒ වගේම ඔබ හිතන ආකාරයට පහසුවෙන් විදේශ ගත වීමට ඔබට නොහැකි වනු ඇත.. බංකොලොත් රාජ්‍යයක පුරවැසියන් ලොව පුරා ඇති ධනවත් තබා දුප්පත් රටකටවත් බැරිවෙලාවත් වැද්ද ගැනීම ඉතාම අනාරක්ෂිත තීරණයක් වන අතර දැනටමත් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය සිය සංක්‍රමණ නීති ශ්‍රී ලාංකිකයන් උදෙසා දැඩි වෙනස් කිරීමට ආරම්භ කර ඇති අතර ලාංකීය සිසුන්ට වීසා දීම නවතා දමා හෝ දැඩිව සීමා කරලා තියෙන්නේ. බොහෝ රටවල් එය අනුගමනය කරනු ඇති.. මගේ ඉතාම වෘත්තීය නිපුණ මිතුරන් පවා මෑතක සිට ඔවුන්ගේ රැකියා අයදුම්පත් බොහෝ රටවල් වලින් ප්‍රතික්ෂේප වූ බව මට කියා ඇත.. අනික ඔබ විදේශ ගත වුනත් ඔබේ මව, පියා, සහෝදර සහෝදරියන් මේ කරන්ට් නැති, බෙහෙත් නැති රටේ තනිකර දමා යාම බොහෝ දෙනෙකුට ඇති හදවත සම්බන්ධ ප්‍රශ්නයකි.. හැම මිනිහෙකුටම හදවත ලංකාවේ තබා ඔක්කොටම කලින් මම පැනගන්නවා ෆුල් මාවලස් රටකට කියා මෙයින් පිටවී යා නොහැකිය.. යා යුතුත් නැත..

    ඒ නිසා ලංකාවේ ඉන්න ඔබ හැකි අයුරින් කැපකිරීම් කරමින් වියදම් අවම කරගන්න.. කරපු පව් වලට ඔබ දැනටමත් ගෙවන බව මම දනිමි.. අලුත් පව් කරගැනීමෙන් වලකින්න.. මා මෙය ලියන්නේ වෙනත් රටවල් ගෑස් වලින් ආහාර පිසීමත් අවසන් කර වෙනත් වෙනත් ශක්ති ප්‍රභව වලට මාරු වෙද්දි 21 ශත වර්ෂයේදීත් ඉවීමට දර සෙවීමට සිදුවූ මිනිසුන් සිටින රටක දූෂිත නොදියුණු හිඟන රටක් ගැනයි.. ණයට සූට් මසා ඔලු බක්කන් නැටවීමේ අවසන් ප්‍රතිඵලය තම ජීවිත කාලය තුළදී දැකීමට අද ලාංකීය සමාජයට සිදු වී තිබේ..

    ඉතින් තෙරුවන් සරණ තවදුරටත් ඉතිරී වී ඇත්නම් ඔබට තෙරුවන් සරණයි, නැත්නම් අබ සරණයි කියාවත් පතමි...!

    ReplyDelete
    Replies
    1. ඔබ කියන IMF එකෙන් ණය ගන්න පුළුවන් වුනොත් මේ මොන අපහසු කම් තිබුනත් රටට වාසනාවක් යයි කියමි මොකද මේ IMF ණය නොලැබීමට වැඩි ඉඩක් ඇතිවීමයි, මොකද ? IMF මුල්වටයේම විගණන වාර්තාවක් ඉල්ලනු ඇති මෙය කිරීමට මේ රජයට හැකිද ?

      Delete
  5. ලංකා, අලි සබ්රි අලුත් මුදල් ඇමති ලෙස පත්වෙලා පාර්ලිමේන්තුවේ කෙටියෙන් පවසන මේ කෙටි වීඩියෝ එකේ කියන දේ හරහා ඔහුගේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් වෙයි.

    https://fb.watch/cjtiC2_mRX/

    ඒ වගේම තමයි මේ පහළ තියෙන වීඩියෝ එක, මේ වගේ අදහස් දරන කෙනෙක් ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී ඇති පසුබිමක ලංකාවේ වැදගත්ම තනතුරක් වන මුදල් ඇමති ධූරය දැරීම ගැන ඔබ හිතන්නේ මොකද?

    https://fb.watch/cjuJXeGN0W/

    ඇත්තම කතාව මේ යක්කු ගිහින් හරියට තේරුම් නොගෙන ඔහේ අත්සන් කරල එකඟ වෙලා ණය ලබා ගන්නා අයිඑම්එෆ් කොන්දේසි නිසාම ලංකාවේ ආර්ථිකය තව තවත් හිර වෙනවා. මේ සමගම රාජ්‍ය වියදම් පියවාගන්න සහ ණය පියවාගන්න නම් රජරට අයි එම් එෆ් එකේ ගැරන්ටි එක යටතේ ආපහු අයි එස් බී වගේ ජ්‍යත්‍යන්තර බැදුම්කර ගන්න වෙනවා. තව අවුරුදු කීපයකින් මේක තව වටයකින් පත්තු වුණාම ආපහු අයිඑම්එෆ් යන්න වෙනවා. ඔහොම කොටි වල්ගයක පැටලුනාට පස්සෙ ඒක නවතින වැඩක් නොවේ. ඒ වගේම මේ අයි එම්එෆ් මානසිකත්වයෙ ඉන්න මහ බැංකු අධිපතිල, ආර්ථික ඔස්තාද්ල නිලධාරීන් කොච්චර පත් කරත් කොච්චර මාරු කරත් ඔය රටාව වෙනස් නොවේ. අන්තිමට ලංකාව කියලා රටක් නැති වෙනවා. බොහෝ දුරට ෆෙඩරල් ලෙස බලය බෙදා දීමක් වෙන්නත් පුළුවන්. පුරවැසියන් කියල ලිබරල් වාම දේශපාලන මතවාදී වහල්ලු ටිකක් (ඇත්තම වහල්ලු, දේශපාලනි පක්ෂවල වහල්ලුම නොවේ) ඉතිරි වෙයි එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන IMF ඔව්න්ගේ වැඩපිළිවලක් තියනවා නමුත් රජයට පුළුවන් ඉට වඩා සාර්ථක ක්‍රම වේදයක් ඉදිරිපත් කිරීමට, ප්‍රශ්නය මොවුන්ට කිසිම ක්‍රම වේදයක් නෑ

      Delete