Friday, July 14, 2017

ශ්‍රී ලංකාවට ගැලපෙන ගිණුම් ක්‍රමය.




ශ්‍රී ලංකාවේ වාසය කරන බොහෝදෙනාට රටේ දෙසපාලකයන් නිලදාරීන් සහ රටේ මහජනතාව විසින් කරන දුෂනවල ප්‍රතිඵල මොනවාදැයි තේරුම් ගැනීමට දුෂ්කර තාවයක් පවතිනවා. මේ ගැන කල්පනා කිරීමේදී මට අපුරු දෙයක් මතක් උනා, බොහෝදෙනාට මම මේ කරන යෝජනාව පිස්සුවක් වගේ තේරුනත් ටිකක් කල්පනාවෙන්, මනුස්සයෙකුගේ මානසිකත්වය වැඩකරන හැටිගැන අවබෝදයෙන් ටිකක් ගැබුරින් සිතා බලන්න.

මම මේ උදාහරණයක් විදියට අරගෙන තියෙන්නේ දුරකථන බිලක් මෙහිදී ඔබ රුපියක් 3000 ක අන්තර්ජාල පහසුකම්ද සහිතව දුරකථනය පාවිච්චි කරලා තියනවනම් ඔබට 46% පමණ ඒ කියන්නේ රුපියල් 1380 ක බද්දක් සහිතව රුපියල් 4380 ගෙවනවා. මෙය සාමාන්යෙන් රටේ පුරවැසියෙකුට තේරෙන්නේ නෑ. ඔබ කල්පනාවෙන් දුරකථන බිල බලන්න බදු ප්‍රතිශතය වත් දැන් ඉදිරිපත් කරන්නේ නෑ. මෙනිසා අපි කොතෙක් බදු ගෙවන්න වෙනවද කියල එකවර වැටහෙන්නේ නෑ බහුතරයකට.

මම යෝජනා කරන්නේ දැනට දුෂණ නිසා කොතරම් මුදලක් රජයට අහිමි වෙනවද කියල ගණන් බැලීමට පහසුකම් තියනවා දලවශයෙන් විවිද දුෂණ නිසා වැඩිවුණ බදු ප්‍රතිශතය 26% කියල ගමු (මිට වඩා බොහෝ වැඩි බව ඔබට තේරුම් යයි ලෝකයේ දුෂණය අවම කල සිංගප්පුරුව දෙස බලපුවහම.)
මේ දුෂණ නිසා වැඩිවූ ප්‍රමාණය වෙනම අයිතමයක් මගින් පෙන්වූ විට ජනතාවට තේරෙනවා තමාට කොච්චර අලාබයක් සිදුවෙනවද කියල, ඒවගේම රටේ පාලකයන්ටත් දැඩි පීඩනයක් එනවා එවැනි දුෂණ තුරන් කිරීමට.

මම පුරවැසියෙක් ලෙස යෝජනා කරන්නේ මෙවැනි වර්ග කිරීමක් විගණන පනතට එකතුකිරිම මගින් මහතනතාවගේ දැනුවත් වීම වැඩි කිරීමට හැකි බවයි, දැන් අහයි ඇයි දියුණු රටවල මෙවැනි ක්‍රමයක් නැත්තේ කියල ? මට කියන්න තියෙන්නේ දියුණු රටවල මිනිසුන් අපේ රටේ වගේ දුෂණ වල විශාල පරිමානයෙන් යෙදෙන්නේ නැති නිසා ඔවුන්ට අදාළ නැතත් ශ්‍රී ලාංකිකයන් වන අපට මෙය මනාව ගැලපෙන බවයි.

මෙමගින් සිදුවෙන්නේ පාලකයන් නිවැරදි කිරීමට වඩා රටේ මහජනතාව ගේ මනස තුල අවබෝදය ඇතිකිරීමයි.