Saturday, November 28, 2015

ශ්‍රී ලංකාවට escrow ක්‍රමයක් ඇතිකිරීමේ වැදගත් කම



අද වනවිට රාජ්‍ය සේවය අති  විශාල ලෙස වැඩිකර ඇත. බොහෝ උපාධිදාරීන්ට කිසිදු ඵලදායි වැඩක් නොමැති අතර බොහෝ දෙනා දැඩි මානසික අසහනයෙන් පෙළුනත් රැකියාව අතහැර යාම නොකරයි (එක්තරා රැකියාවකින් අස්වීමට අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ මා මාස 1 පමණ කාලයක් තව පුද්ගලයකු පුහුණු කල අතර අවසාන දිනයේ මා සියල්ල අවසන් කරන ලද අතර ආයතනය වැඩ අවසන් වීමට පැය 2 පමණ ඉතිරිව තිබුණි මෙම කාලය ගෙවීම මට ඉතා අසහනකාරී විය )

නමුත් මේ රාජ්‍ය සේවකයන් සැමදාම මෙවැනි මනසකින් සිටීමට සිදුවෙයි.

මගේ මේ ලිපියේ අරමුණ සිටින රාජ්‍ය සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීම නොව, පවතින ලෝක ආර්ථික තත්වය තුල ඵලදායි ලෙස නව රැකියාවක අනුයුක්ත කිරීමයි.

මුලින්ම රැකියාවක් යනු කුමක්ද ?

රැකියාවක මුලික අර්ථය නම් යම් ආර්ථික හැකියාවක් ඇති කෙනෙකුට ඇති ප්‍රශ්නයක් විසදීම වෙනුවෙන් තව පුද්ගලයකු ලබන ප්‍රතිලාභයයි.     
මෙම ලිපිය අපනයන මුලික කරගන රැකියා ඇතිකිරීම ගැන මුලින් සරලවත් දෙවනුව සන්කිර්න ක්‍රියාවලියත් පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි.

අද ශ්‍රී ලංකාවේ හමුදාවත් පොලිසියත් ලක්ෂ 3 පමණ වෙන අතර ඉතිරි රාජ්‍ය සේවකයන් ලක්ෂ 11 පමණ සිටි.

මා මුලින් අරමුණු කරන්නේ ලක්ෂ 11 රාජ්‍ය සේවකයන් පිරිසයි.

  
දැන් අපි මුල් මාතෘකාවට හැරෙමු "escrow ක්‍රමයක්" යනු කුමක්ද ?
හිතන්න ඇමරිකාවේ Sam නමැති පුද්ගලයකුට උවමනාවනවා ශ්‍රී ලංකාවේ නිපදවන ජෑම්  වර්ගයක් මිලදී ගන්න, ඔහු අන්තර්ජාලය ඔස්සේ සොයන විට හමුවෙනවා ජයසේන නමැති ශ්‍රී ලාංකිකයකු ජෑම්  අපනයනය කරන බව.

දැන් Sam ට පහත ප්‍රශ්න පැනනගිනවා.

01. මේ  ජෑම් ප්‍රමිතියෙන් උසස්ද ? (ඔහුගේ රටේ මෙය විකිනීමට iso 9001 වැනි සහතිකයක් ඇද්ද )
02. ජයසේන මහතා විශ්වාසකළ හැකිද? ඔහු මුදල් ගෙන භාණ්ඩ අපනයන නොකර සිටීද ?
03. අදාළ කාල පරිච්චේදයේ භාණ්ඩ ප්‍රමාණය ලබාගත හැකිද ?

වැනි කාරණයි.

දැන්   escrow  පහසුකම ලබාදෙන ආයතනය යනු Sam  ටත් ජයසේන මහතාටත් විශ්වාස කළහැකි තෙවැනි පාර්ශවයකි.

මගේ යෝජනාව අද රාජ්‍ය සේවයට බදවාගන ඇති පන්ති සාමාර්ථයක් ඇති උපාධි සහතික හිමිකර ගෙන ඇති මෙන්ම විවිද දක්ෂතා ඇති දැනට රාජ්‍ය සේවයේ සිටින නිලදාරීන් වෙනම ආයතනයකට අනුයුක්ත කරන ලෙසයි.

මොවුන්ට ඉංග්‍රීසි දැනුම විවිද මට්ටමෙන් පැවතිය හැක (ඔවුන්ගේ දැනුම අනුව විවිද අංශ වල අනුයුක්ත කරන අයුරු පසුව සදහන් කරන්නම් )

මෙය රාජ්‍ය ආයතනයක් නිසා විශ්වසනීය බවෙන් ඉතා ඉහල පවතී (මෙම ක්‍රමය සාර්ථකවම කල හැක්කේ පුද්ගලික අංශය තුල උනත් අද
පවතින විශාල රජයේ සේවකයන්, කිසිදු ඵලදායි තාවයක් නොගෙන රැකියාවේ තියා ගන්නවට වඩා  මෙවැනි ක්‍රමයක් ඉතා යෝග්‍ය වේ )

අනෙක් විශේසත්වය නම් නවීන තාක්ෂනය යොදාගැනීමයි. මෙහිදී සියලු සේවකයන් ගේ කර්යක්ෂමතාව මැනිය යුතු අතර තමා කරන
වැඩ කොටස මත දිරි දීමනාවක් යෝජනා කල හැක.

දැන්   Sam අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩය ඇනවුම් කලවිට අදාල මුදල ජයසේන මහතාට එකවිටම ලබානොදෙන අතර අදාල රජයේ escrow සමාගම් ගිණුමේ ත්ම්පත්වේ.

දැන් ජයසේන මහතා අදාළ භාණ්ඩ  තොගය  escrow සමාගම ට බාරදී නිලදාරියකු ලවා සහතික කරගත  යුතුයි මෙහිදී අදාළ නිලදාරියා ජනසෙන මහතාගේ භාණ්ඩ තොගයේ ඩිජිටල් කැමරාවකින් පින්තුරගෙන අදාළ භාණ්ඩ තොගය ගැන විස්තර සටහන් කරගෙන අදාළ තොරතුරු Sam මහතාට email කරනු ලැබේ.

අදාළ භාණ්ඩ පිළිබද  Sam  මහතා සෑහීමට පත්වෙනවානම් escrow සමාගම තුලින්ම නැව් ගත කිරීම සිදුකල හැක. මෙහිදී සාදාරන කොමිස් මුදලක්  escrow සමාගම අයකරන අතර එම කොමිස් මුදලින් 10% පමණ දිරි දීමනාවක් ලෙස අදාළ සේවකයන් අතර බෙදා දිය හැක, අනතුරුව ජයසේන මහතාට
අදාළ මුදල ලබාදීම සිදුකලහැක.

දැන් මේ ක්‍රියාවලිය  වේගවත් කලහැක්කේ  කෙසේද.

01. Barcode scanners යොදාගැනීම
02. මුලු ක්‍රියාවලියම Tracking  ක්‍රමයක් යොදාගැනීම නිසා කිසියම් තැනක process chain (ක්‍රියාවලි ධාමය ) තුල වේගයේ අඩුවක් දැන  ගත් විට වහාම
නිවැරදි කල හැකි වීම. සහ postal tracking ක්‍රමයක් යොදාගැනීමෙන් Sam  තම භාණ්ඩ තොගය ඇත්තේ කොහිදැයි සොයාගත හැක.
බොහෝ දෙනා නොදන්නවා උනත් අද ශ්‍රී ලංකාව තුල මේ තක්ෂණය පවතී උදාහරණ GPS Tracking
03.  Sam වැනි ආනයන කරුවන් රැවටීම සිදු නොවන නිසා සහ වේගවත් සේවය නිසා සහ රාජ්‍ය වගකීමක් ඇති නිසා රැකියා දහස් ගණනක් ඉතා සුළු කලකින් ඇතිකළ හැක.
04. මෙවැනි ක්‍රමයක් නිසා ශ්‍රී ලාංකිකයන්ට ප්‍රවර්දනය කල හැක්කේ කුමන භාණ්ඩ ද යනවග රජයට දැනගත හැක.
05. මෙහිදී රජයට කළහැකි වැදගත් දෙයක් පවතී එනම් අපරටේ සිටින නිෂ්පාදකයන්ට විදේශ වෙළදපොල තුලට ඇතුළු වීමට ඇති ප්‍රශ්නය නම්
අපේ භාණ්ඩ වලට  අන්තර්ජාතික තත්ව සහතික නොමැති වීමයි. රජය විසින් ශ්‍රී ලංකික නිෂ්පාදකයන්ට අන්තර්ජාතික තත්ව සහතික ගැනීමට උපකාර කලයුතු අතර යන වියදම මෙම නිෂ්පාදකයන් අපනයනය කරන භාණ්ඩ වලින් දීර්ග කාලයකදී  අයකර ගැනීම් රජයට කල හැක.

බොහෝ දෙනා සිතා සිතෙන්නේ ශ්‍රී ලාංකිකයන් ඉතා මෝඩයන් බවයි නමුත් https://www.facebook.com/ITBPMlk/videos/881929315196976/
ශ්‍රී ලංකික සමාගම් සිටිනවා ලෝකයේ විශාලම වාණිජ ආයතන සදහා මෘදුකාංග සපයන.

අපි දෙසපල්න්යයන්ගෙන් බලකළ යුත්තේ මෙවැනි සැලසුම් ඔවුන් ක්‍රියාතමක කරනේ නැත්තේ ඇයි ? කියල.
මෝඩ වෙන්න එපා "යහපාලනය " වැනි ප්‍රගතශීලි වචන වල එල්ලී නොසිට වැඩපිළිවලක් සදහා රජයට බල කරමු.  

ඉහත සදහන් කලේ සමස්ථ ක්‍රියාවලියෙන් කොටසක් වන අතර ඉදිරියේ දී ඉතිරි කොටස් එකතු කරමි.

වස සහිත Vaccines සහ වස රහිත Vaccines




මුලින්ම කිව යුත්තේ මෙහි තොරතුරු සදහා මා යොදාගන්නේ විශ්වාසනීය භාවය ගැන 100% තහවරු වී ඇති ඇමරිකානු රජය (ශ්‍රී ලංකා රජය අන්ධ භක්තියෙන් පිළිගන්නා ) පිළිගත් ආයතන පමණක් වන අතර මිට අතිරේක තොරතුරු උදාහරණ:- විරුද්දවන පුද්ගලයන්ට ඇති වන ප්‍රශ්න ගැන  සහ වංචාව පිළිබද පිළිගත් මාධ්‍ය පලකරන අදහස් මාධය වල සටහන් වී ඇත්නම් උපුටාගැනීමක් කරනු ලැබේ.

නමුත් සියලුම විද්‍යාත්මක දත්ත cdc.gov (Centers for Disease Control and Prevention (CDC)) මෙය කියවන කිසියම් වෛද්‍යවරු මෙහි තොරතුරු
පිළිගත නොහැකි යයි අභියෝග කරනවානම් හේතු සහිතව පෙන්වා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

 සමහර වචන සදහා ඉංග්‍රීසි වචනයම යොදන බව සලකන්න.

Single Vial Vs. Multiple Vial Vaccine
(එක රෝගියෙකුට පමණක් ප්‍රමාණවත් Vaccine සහ රෝගීන් බොහෝ ගණනකට ප්‍රයෝජනයට ගන්නා Vaccine අතර වෙනස )

දැන් Vaccine ක් ගත්තහම වාණිජ ලෙස Vaccine වර්ග 2 නිපදවයි එනම් එක රෝගියෙකුට පමණක් පාවිච්චි කළහැකි Vaccine සහ රෝගීන් බොහෝ ගනනකට පාවිචිචි කළහැකි Vaccine ලෙසයි.


මෙහිදී රෝගීන් බොහෝ ගණනකට පාවිචිචි කරන Vaccine වල Thimerosal  නමැති භයානක රසායනයක් අඩංගු වේ, බොහෝ දෙනා මෙහි නමින් නොහදුනයි නමුත් උග්‍ර විෂක් වන  Mercury (ethyl mercury-based preservative )  කිවම බොහෝ දෙනාට මෙහි නියම නම වටහා ගතහැක. ලෝකයේ සයනයිඩ් වලට පමණක් විසෙන් දෙවැනි වන Mercury අඩංගු සන්ගටකයකි Thimerosal .

දැන් ඔබ ඔබෙන්ම මේ ප්‍රශ්නය අසන්න සියලුදෙනාට Multiple Vial Flu Vaccine ලබා නොදෙන්නේ ඇයි?සරල ම හේතුව නම් ලෝකයේ සිටින තොරතුරු දැනගැනීමේ හැකියාව ඇති ඉතා ධනවත් වගේම බලවත් පුද්ගලයන්  සමග ගැටීමට මේ ඖෂධ සමාගම් බිය වීමයි.
මෙනිසා ඔවුන්ට මෙයින් ගැලවීමට දොරටුවක් විවරකර දී තිබේ.

නමුත් ඉතා ධනවතුන් සිටින හොලිවුඩ් පුරයේ මිනිසුන් ගේ Vaccine බාවිතය ඉතා අවමයි.



මේ අපුරු නම (Thimerosal ) නිපදවන්නේ Eli Lilly  නමැති ඖෂධ සමාගම (2009 වසරේ ඩොලර් බිලියන 1.42 දඩ ගෙවනලද ලෝක ප්‍රසිද්ධ සමාගමකි http://projects.propublica.org/graphics/bigpharma) වේ.

බොහෝ කලක් යනතුරු මේ කුමක්දැයි ලෝකය ඉදිරියේ නිරාවරණය වීම වැලක්වීමට අලවි කරනේයේ අති දක්ෂයන් වන මේ සමාගමට හැකිඋනා.

නමුත් මේ නම ඇදිල එන්නේ මෙය  Vaccine වලට හදුන්වා දුන් පසු දරුවන් විශාල ලෙස ඔටිසම් (Autism) රෝගයට ගොදුරු වීමයි.

මේ ඇමරිකාවේ කොන්ග්‍රසයේ දී (food and drug administration) FDA හි ඉහලම තනතුර දරපු දොස්තර වරියගෙන් දරුණු ලෙස ප්‍රශ්න කරණ අයුරුයි පහත දැක්වෙන්නේ.



මෙහි විනාඩි 8ට දීර්ග විස්තරය




පහත දැක්වෙන්නේ  මෑත ඉතිහාසයේ කැනඩාවේ University of Calgary කරන ලද
පර්යේෂණයකි




මෙහිදී Mercury ඉතා සුළු ප්‍රමාණයක් මහින් අදාල මිනිස් මොලයේ සෛල  වලට සමාන snail brain cells යොදා කරන ලද පර්යේෂණයකි.
 ඉතා සුළු Mercury අන්සුව විනාඩි 20දී  සෛලය විනාශකරන අයුරු බලන්න.

දැන් අපි විද්‍යාත්මක තොරතුරු වලට යොමුවෙමු.

http://www.cdc.gov/flu/protect/vaccine/thimerosal.htm

//Thimerosal is an ethyl mercury-based preservative used in vials that contain more than one dose of a vaccine (multi-dose vials) to prevent germs, bacteria and/or fungi from contaminating the vaccine.//

මෙය යොදාගන්නේ  multi-dose vials වල පමණක් වන අතර (රෝගීන් බොහෝ ගනනකට පාවිචිචි කළහැකි) ඔවුන් දක්වන විද්‍යාත්මක හේතුව එක රෝගියෙකුට එන්නත් කිරීමට පසු දෙවැනි වර නැවත නව එන්නත් ඉදිකට්ට බෙහෙත් කුප්පියට ඇතුළු කරන කාලයේදී අදාල බෙහෙත් කුප්පියට බැක්ටීරියා යාම නිසා එම බැක්ටීරියා විනාශකිරීමට Thimerosal යොදාගනී (.vaccine ට අඩංගු කරයි )

ප්‍රශ්නය  වන්නේ එම තරලය අපි ශරීර ගත කර ගැනීමයි. මෙනිසා සිදුවන මොලයේ හානිය නිසා alzheimer's disease හා Autism වැනි රෝග ඇතිවන බව කරන ලද පර්යේෂණවලින් අනාවරණය  උනත් ඒවා යට ගසන අයුරු සහ මෑතදී දොස්තර විලියම් තොම්සන් කරන ලද අනාවරණය
http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_19.html මගින් ඔප්පුවේ.  


දැන් අපි Single Vial Vaccines ගැන බැලුවොත් මේවා ලෝකයේ පවතිනවාදැයි බොහෝදෙනා නොදන්නවා ඇති නමුත් මේවා ඉතා  මිල අදික අතර සමහර විට  $ 200  පමන  වන අතර විශේෂයෙන් ඉල්ලුම් කලයුතු වෙයි.



මට බය නැතිව කිව හැක්කේ මේවා ශ්‍රී ලංකාවේ මිලදී ගැනීමට නැති බවයි (මේ නිසා අපි සියලුදෙනා වස පාවිච්චි කරමු )
මිනිස් ශරීරයට වස ඇතුලත් වූ විට එය ශරීරයෙන් ඉවත් කිරීම සිදු වෙයි, ප්‍රශ්නය නම් හැමෝගෙම ශරීර එක විදියට ප්‍රතිචාර නොදැක් වීමයි.
යම්විදියකින්   vaccine හානි සිදුවුනොත් ඔබට අදාළ ආයතනයෙන් වන්දි ලබා ගැනීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.

දැන් බලමු මිට විරුද්ද වන පුද්ගලයන්ට වන දේ ?



Nurse Fired For Sharing Truth About Vaccines Tells All පිරිමි හෙද සේවකයෙක් රුපවාහිනියේ පළවූ පුවතක් දැනගන එය තම කාර්ය මණ්ඩලය
දනුවත් කිරීම නිසා ඔහුව රැකියාවෙන් දොට්ට දමා ඇත.


හිටපු ඇමරිකානු ජනාධිපති  John Fitzgerald "Jack" Kennedy නෑයකු වන Robert F. Kennedy Jr. ඇමරිකාව පිළිගත් පරිසරවේදියකුත් වේ.


Part 01




Part 02


මේ සදහන් කරුණු වලට අනුව පර්යේෂණ කරන මේ ආයතන වල විද්වතුන් කරන වංචා නිසා තමයි මෙම බෙහෙත් සහතික වී ඇත්තේ.

මට අසන්න ඇති ඇති සරල ප්‍රශ්නය නම්, රජයේ හෝ පුද්ගලික මාද්‍ය වල මෙම තොරතුරු ඵලනොවනේ ඇයි ද යන්නයි?
ආණ්ඩු පෙරලන මාධ්‍ය මෙම බලවත් සමාගම් ඉදිරියේ නිරුවතින් සිටින අයුරු බලන්න.

Thursday, November 26, 2015

ශ්‍රී ලංකාවේ අනාගතය ?



මේ දිනවල අයවැය ඉදිරිපත් වෙමින් පවතී. මුලින්ම අපි දැනගත යුතුයි මෙරට මෙහෙයවන්නේ කවුද කියා.
පොතේ හැටියට" රටේ  ජනතාව" උනත් ප්‍රායෝගිකව රටේ සියල්ලටම පෙනෙන දෙය නම් දෙසපලන්යයන් පාලනය කරන බවයි. නමුත් පෙනෙන දෙසපලන්නට වඩා බලවත් පිරිසක්  සිටී, ප්‍රශ්නය  නම් ඔවුන් පෙනෙන්න නොසිටීමයි.

කවුද මේ අදෘශ්‍යමාන පුද්ගලයන්?, ඒ තමයි මුලින්ම දේශීය වෙළද ලෝකය මෙහෙයවන වියාපාරික ප්‍රජාව සහ ඔවුන්ගේ විදේශීය සගයන්.

අප බොහෝ විට රටවල් රටවල් අධිරාජ්‍යවාදය පතුරවන බව කිව්වත් ඇත්ත සත්‍ය නම් ලොව පුරා බහුජාතික සමාගම් ජාලය ලෝකයේ කලාප වෙන්කරගෙන තම වෙළදපොල කුට්ටිය විශාල කිරීමේ දැඩි තරගයක යෙදී සිටීමයි .

එහෙම නැතුව අද සිටින වාමාංශිකයන් නන්දොඩවන අධිරාජ්‍යවාදයක් දකින්න නැත.

මෙහිදී ලොව සිටින බලවත්ම සමාගම් තම ශ්‍රී ලංකික නියෝජිතයන් පත්කර ඇති අතර රටේ කුමන පක්ෂය බලයට පත්වුනත් දෙසපලන්යයන් ට
අල්ලස් දී කෙසේ හෝ තම අරමුණ වෙත නම්වා ගනු ලබයි.

රටේ මිනිසුන් ට පෙනෙන්නේ එක්සත්ජාතික පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, ජනතාවිමුක්ති පෙරමුණ,  පෙරටුගමින්, කුරුටු ගාමින් ලෙසින් විවිද දෙසපලන්යයන් රට වනසන බවයි.

යථාර්තය මෙයට හාත්පසින්ම වෙනස් අතර මෙහි ඇත්තේ මිලදී ගැනීමක් සහ විකිණීමක් පමණයි.

උදාහරණයක් කියන්නම්,

මිට ටික කලකට පෙර වෛද්‍ය නිලංග සමරසිංහට සිදුවූ දෙය මතකද ?
ඔහු මැතිවරණයට පෙර තමා ලග මත්ද්‍රව්‍ය ගෙන්වීමට වගකිවයුතු දෙසපලන්නයන් ගේ නම් ලැයිස්තුවක් තිබෙන බව පැවසුවා. මැතිවරණය දින්න!  සිදුඋනේ කුමක්ද ඔහුට නිසි ආරක්ෂාවක් රජයේ ඉහල මට්ටමින් ලබා දුන්නේ නෑ, ඔහුට මාද්‍ය අදාළ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස බලකරන අතර හදිසියේම
ඔහුගේ නිලය අහෝසි උන බවයි සදහන් උනේ, මිට ජනතාවගේ සහ මාද්‍යයේ පීඩනය රජය වෙත යොමු වූ විට සිදුඋනේ කුමක්ද ?

අගමැතිතුමාගේ නියෝගයෙන් ඔවුව තනතුරේ පිහිටවන ලද බව සදහන් උනා.

ඉන්පසු සිදුවුනේ ඔහු ඉවත් කිරීමට තිලක් මාරපන මහතා සම්බන්ද බවට ලිපියක් ඉදිරිපත් උනා, මෙන්න මෙතන තමයි අපි කල්පනා කල යුත්තේ
දැන් තිලක් මාරපන මහතා මෙයට සම්බන්ද නම් මෙය ඔහුගේ උවමනාවකට සිදුවූ දෙයක් ලෙසයි අපි මෙය දැක්කේ, මේ අතර සිදුවූ අපුරුම දෙයනම්
තිලක් මාරපන මහතා තම දුරයෙන් ඉල්ලා අස්වීමයි.

දැන් සිදුවුනේ කුමක්ද? තිලක් මාරපන මහතා නිලයේ නැති අතර  වෛද්‍ය නිලංග සමරසිංහට ඔහුගේ දුරයේ සිටීමට දින කීපයක් හැකි උනා, පුදුමය නම්
හදිසියේ දැන් වෛද්‍ය නිලංග සමරසිංහට එම දුරයෙන් ඉවත් කිරීමයි.

දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? ටිකක් සිතන්න තිලක් මාරපන මහතා ගේ ඇගේ දැලි ගාල මේ රටේ ඉහලම පාලනය ගෙනයන මිනිසුන් පාරිශුද්ධ නායකයන්
වී ඇති බව නොවේද ?

එනම් තිලක් මාරපන මහතා තම නිලයෙන් ඉවත්වූ විටත්  වෛද්‍ය නිලංග සමරසිංහට එරෙහිව තීරණය ගතහැකි බලවතා කවුද ?

මෙය තමයි මත්ද්‍රව්‍ය මාෆියාවේ ඇති බලය!

රටේ මිනිසුන් දැනගත යුතුයි සිදුවන්නේ කුමක්ද ? කියා. ඔවුන් දක්ෂය නම් කාගේ වත් අතකොලු නොවී බොහෝ සාධනීය අංග රටේ නීති ක්‍රමයට ඇතුළු කල හැකියි.

දැන් අපි බලමු මොන වගේ සාදනිය අංගද අපට රජයට බල කල හැක්කේ කියල.

01. අපනයන ප්‍රවර්දනය :-

මුලින්ම බලමු ආයතනයක් පටන්ගැනීමේ පහසුව පිලිබදව, නිතියනුකුලව වියාපාරයක් පටන් ගැනීමේදී ලියාපදිංචියේ සිට වියාපාර කටයුතු කිරීමට
අවම ලෙස රුපියක් 40000 වියදම් යන අතර නිපදවන භාණ්ඩය විදේශ ගත කිරීමේදී පැහැදිලි ක්‍රමයක් නොපවතින අතර නිෂ්පාදකයාට නිපදවන භාණ්ඩ
ප්‍රමාණයක් අපනයනය කිරීමට මෙපමණ මුදලක් වැයවේ යයි ඇස්තමේන්තු කිරීමට කිසිම ක්‍රම වේදයක් නැත.

හරිනම් මෙය වෙබ් අඩවියක් තුල අදාළ භාණ්ඩ ප්‍රමාණය යවන රට අදාල භාණ්ඩයේ ජාතිය ආදිය ඇතුලත් කල සැනින් යන මුළු වියදම ගණනය කරන ක්‍රමයක් පැවතිය යුතුයි.

මෙනිසා රුපියක්ල් ලක්ෂ 2 වැනි මුදලක් වැයකොට මෙවැනි සුළු අපනයනයක් කිරීමට ශ්‍රී ලාංකිකයකු නොපෙලබේ.

මේ වෙනුවට සියලුම සමාගම් 95% පමණ  හුරුවී ඇත්තේ ආනයනය කිරීමටයි.

02. විදේශ වල වෙළද පොළ සොයාගැනීම සදහා රජයට පවතින ඉතා විශාල සේවක පිරිස යොදා ගත හැක, මෙය අන්තර්ජාල පහසුකම් යොදා කලහැක.
මෙලගදී කච්චේරියක වැඩකළ ගණකාධිකාරී තුමකු මට පැවසුවේ දැන් සිටින පිරිස ඉතා වැඩිවී ඇති අතර ඉස්සර කරපු ටිකත් දැන් නොකෙරෙන බවකි.

03 ජාලා ගතකරන ලද Escrow ක්‍රමයක් ඇති කිරීම:-

මෙහිදී සිදුවන්නේ විදේශිකයෙක් යමක් ඇනවුම් කලවිට එම මුදල කෙලින්ම රජයේ ආයතනයකට බැර වන අතර අදාළ භාණ්ඩය නිපදවන පුද්ගලයා
භාණ්ඩ තොගය රජයේ අදාළ ආයතනයට ලබාදෙනු ලැබේ. විදේශීය ඇණවුම් කරු ඉල්ලා ඇති තොගය ඇත්තම් ශ්‍රී ලංකික විකුණුම් කරුට මුදල් නිදහස්
කරන අතර භාණ්ඩ තොගය නැව් ගත කිරීම හෝ තැපැල් කිරීම රජයේ අදාළ ආයතනය බාර ගැනීම.

04. මේ අපනයනය කරන සෑම  භාණ්ඩයකටම tracking system සහ රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම. මෙහිදී වංචා අවම කල හැක.

05. මෙවර අයවැයෙන් යෝජනා කර ඇති ශ්‍රී ලංකික නිෂ්පාදකයන්ට ලබාදෙන විශේෂ ණය පහසුකම්.
මෙය ඉතා වැදගත් තීරණයක් අද ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන අයට දිරිගැන්වීම් අවමයි හොදම උදාහරණය බෝයින් සමාගමේ ඉංජිනේරුවකු වන තිලක් දිසානායක නිපදවන වේගා මොටර් රථය http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_17.html

අප මතක තබා ගත යුත්තේ ලෝකයේ සිටින අනෙක් රටාවල් අපේ හතුරන්ය කියන මතයේ සිට නෙමෙයි. නමුත් ඔවුන්ගේ මුලික පරමාර්ථය ලාභය උපරිම කිරීමයි, එහිදී අපි මෝඩ නම් ඔවුන් අපිව උපරිම ලෙස සුරා කණු ඇති.

නමුත් අපි දක්ෂනම් ඔවුන්ගේ තක්ෂණය යොදා ඔවුන්ටත් වාසි වන අපටත් වාසි වන ක්‍රමයකට ගමන් කල හැකි වනු ඇති.

රටේ ජනතාව ලෙස අපි රජයට බල කල යුත්තේ මේ ආර්ථික ප්‍රති සංස්කරණ කිරීම නොකරන්නේ මන්ද යන්නයි.
බොහෝ දෙනා හැකි උපරිම ලෙස (facebook වැනි ) අඩවි මගින් සහ මෙවැනි බ්ලොග් මගින් දිගින් දිගටම බල කල යුත්තේ, අරකෙ  මිල අඩු කිරීමවත් මේකේ මිල අඩු කිරීමවත් නෙමෙයි.

ඉහත සදහන් ප්‍රතිසංස්කරණ නොකරන්නේ මන්ද යන්නයි.

මිට හොදම නිදසුන PayPal මගින් ශ්‍රී ලංකික වාණිජ බැංකු වලට මුදල් විදේශ වලින් එවීමට පහසුකම් සැලසීම සහ තැපැල් ක්‍රමය tracking number
යොදා ගැනීම http://lankasithuwili.blogspot.com/2015_09_01_archive.html වැනි යෝජනා සදහා මිනිසුන් බලකළ යුතුයි.              

     
                   
     

Tuesday, November 24, 2015

ෆ්ලොරයිඩ් වසර 100ක රැවටීම





Part 2





Part 3




"ෆ්ලොරයිඩ් සහිත සිග්නල් දෙක" ඔබට මේ වැකිය මතකද ? දැනට වසර කීපයක සිට මේ වැකිය අතුරුදහන් වී ඇතිබව ඔබට වැටහී නැද්ද?

https://www.unilever.com.lk/brands/our-brands/signal.html

ශ්‍රී ලංකාවේ මුලික අලවි නියෝජිතයාගේ වෙබ් අඩවියේ (unilever) සිග්නල් දන්තාලේප ගැන සදහන් උනත් "Fluoride " යන වචනය අලවිකරණයේ දී යොදාගැනීමට පසුබට වන්නේ ඇයි?

හේතුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුල Fluoride පුවත  වාරණයකට ලක්වී තුබුණත් බටහිර මෙගි අග මුල සෙවීමට පටන්ගැනීමයි.

 
Fluoride  ඇලුමිනියම් සහ ඇස්බැස්ටස් කර්මාන්තයේ නිපදවන අපද්‍රව්‍යක් වේ. මෙය බැහැර කිරීමට අදාළ කර්මාන්ත සොයාගත් අපුරු විදියක් නම් Fluoride රජයට විකිණීමයි. කසල කොටසක් වන Fluoride බැහැරකිරීමට විශාල වියදමක් දරනු වෙනුවට Fluoride රජයට විකුණා, බිමට ගන්නා ජලයට මිශ්‍ර කිරීමෙන් අදාළ කර්මාන්තය කොටි ගණන් මුදල් උපයයි.  මුලින් සදහන් වැඩසටහනින් දැක්වෙන්නේ වසර 100ට පෙර කරපු මේ වංචාව දැන් තමයි අනාවරණය වීම සිදුවී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ මිනිසුන් මෝඩයන් උනත් මේවා අලවි කරන අය මෝඩයන් නෙමෙයි.

මේපාර toothpaste මිලදීගැනීමට පෙර අඩංගු ද්‍රව්‍ය පිළිබද සැලකිල්ලෙන් බලන්න ඔබ දකී බොහෝ පැකට්ටුවල "No added fluoride" සදහන් වන බව.

නමුත් සිග්නල් toothpaste වලට අපහසුයි "No added fluoride" ලෙස අලවිකරණය කරන්න, ඔවුන් එසේ කලොත් සැකයට භාජනය වීම වැළක්විය නොහැකියි ඔවුන් මෙනිසා තමයි අලුතින් ඉදිරිපත් කරන තම නිෂ්පාදන වල  "fluoride'" කියන වචනය සැර බාල කිරීමට ඔවුන් යොදාගෙන ඇති වචනය "Pro Fluoride Complex" එනම් "fluoride වලට හිතකර සංයෝගයක්" ලෙසයි.

http://archives.dailynews.lk/2012/09/11/bus19.asp
බලන්න ඔවුන් කොපමණ දක්ෂ ලෙස වචන හසුරවන්වද කියල, මේ ගැන කිසිවෙක් කතා නොකරන්නේ මේ ආයතන සමග ගැටීමට නොහැකිවීමත් මිනිසුන් ගේ නොදැනුවත් කමත් නිසයි. ලග දිනයක එක්තරා වෙලදසලකට පැමිණි කාන්තාවක් පැවසුවේ අරුරුදු 2ක පමණ කුඩා දරුවකුට පාවිච්චියට fluoride අඩංගු දත් බෙහෙතක් ගත හැකිද කියා . මෙය මට ඇසුනත් නැවත මට කල්පනා උනේ ඇයට මෙය තේරුම් කර දීම කොතෙක් අපහසුද යන්නයි, මා ඇයට කිසිවක් නොකී අතර ගෙදර පැමිණි මට, සිතුනේ මා ලොකු වරදක් කළා වැනි හැගීමක්.



http://www.globalresearch.ca/fluoride-killing-us-softly/5360397


මේ පෙන්වන්නේ ළදරුවන්ට ලබාදෙන toothpaste එකක්, එහි අවවාදයක් සදහන් වෙනවා රට කජු ඇටයක් පමණ පොඩි ප්‍රමාණයක් බාවිතා කලයුතු අතර
දරුව ඊට වැඩි ප්‍රමාණයක් බැරිවෙලා ගිල්ලොත් වහාම රෝහල් ගතකල යුතු බව.


දීර්ග විස්තරය මහාචාර්ය  Paul Connett


 

ඖෂධ මාෆියාව සමග සටන්වදින වෛද්‍යවරු !!







බොහෝදෙනාට හිතෙන්න පුළුවන් මා ඉදිරිපත් කරන තොරතුරු මුලිකම වෛද්‍යවරුන්ගේ වැරදි උලුප්පා දැක්වීමට පමණක් කරන එළිදැක්වීම කියල.

නමුත් ඔබට සාමාන්‍ය මාධ්‍යයේ දකින්න ලැබෙන් නැත්තේ මේ ක්‍රියාවලිය පිළිබද සාදක සහිතව කරුණු ඉදිරිපත් කරන සුදුසුකම්ලත් වෛද්‍යවරු පිලිබදවයි.

අද ලෝකයේ සිටින එවැනි වෛද්‍යවරකු තමයි Russell L. Blaylock
"Russell L. Blaylock is an author and a retired U.S. neurosurgeon. Blaylock introduced a new treatment for a subset of brain tumors, as well as improving certain operations treating water on the brain. "

සනායු ශල්‍ය වෛද්‍යවරයකු වන ඔහු මොලයේ ඇතිවන  tumors වලට ප්‍රතිකාර ක්‍රමයක් ලොවට  හදුන්වා දෙන අතර මොලයේ වතුර පිරිම වලකා ගැනීමට නව ප්‍රතිකාර ක්‍රමයකුත් හදුන්වා දෙනවා.

මා අද තෝරාගත්තේ ආහාර ගැන ඔහු පවත්වන දේශනයක් (විශේෂයෙන්ම Monosodium glutamate (MSG)) වලින් මොලයට සිදුකරන හානිය පිලිබදව ඔහු කල දේශනයක් පිලිබදවයි.

මෙහිදී MSG අඩංගු ආහාර පිලිබදවත්,   MSG මගින් මොලයේ වැඩිම බාදා වන අයුරුත් මතකය දුර්වල වන ආකාරය ගැනත් මනා විස්තරයක් කරන අතර විශාල බහුජාතික සමාගම් සහ මාධ්‍ය මෙම තොරතුරු ජනතාවගෙන් සගවා තබාගන්න ආකාරය ගැනත් සදහන් කරනවා.

අද ලෝකයේ බොහොමයක් ආහාර වලට MSG දමන අතර මා මෙහිදී අදහස් කරන්නේ ඔබට වස වැඩි ආහාර වලින් වස අඩු ආහාර සොයාගැනීමට
උපකාර කිරීමයි. (ප්‍රයෝගික නොවන නමුත් හැකි අය   වසවිස නැති ආහාර සොයා ගැනීම කරත්වා )

ඔබ දැනගතයුතු සරල දෙයනම් සියලුම පහේ  ක්ෂනික ආහාරවල  MSG අඩංගු ආතර, කිසියම් ක්ෂනික ආහාරයක් ඉතා මිහිරි රසයක් ක්ෂනික ලෙස ලබාදෙනවනම් එහි MSG  අඩංගුයි. MSG  අඩංගු ආහාරය ලෙස බොහෝදෙනා හදුනාගන්නේ අජිනමොටෝ නමුත් එහි පමණක් නෙමෙයි මෙය අඩංගු.

ඉහත දේශනය දීර්ග උනත් ඉතා වටිනවා, ඉන්ටෙර්නෙට් Data  ගැන සිතන අය, https://www.youtube.com ප්ලයෙර් එකේ දකුණු පැත්තේ පහල දැති රෝදය ඔබා 144p ක්ලික් කරන්න.            


Sunday, November 22, 2015

වෛද්‍ය වර්ජනයක් හෙතුවෙන් රෝගීන්ගේ මරණ අඩුවීම!!



Doctors on strike patients stop dying !!

ඔව් ඔබ මේ කියවන්නේ විහිළුවක් නෙමෙයි British Medical Journal (ලෝක ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරාවේ) උපුටාගැනීමකි
http://www.bmj.com/content/320/7249/1561.1

http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC1127364/

කරුණාකර මුලින් ඉහත සදහන් කල වෙබ් අඩවි 2ක හොදින් බලන්න එකක් ඇමරිකානු රජයේ ආයතනයකි.

ඉහත තොරතුරු විස්වාසය තහවරු කරගැනීමට පටකයන්ට උපකාරවේ (නැත්නම් මෙය අන්තර්ජාලය තුල ගොතනලද කතාවක් බවට පත්වනු ඇති )

මෙහි සදහන් වන්නේ ඉස්රයලයේ වෛද්‍යවරු මාස 3ක වර්ජනයේ ප්‍රතිඵලයි, මෙහිදී හදිසි අනතුරු අංශ ක්‍රියාත්මක වී ඇති අතර සැලසුම් කරන ලද බොහෝ සැත්කම් මේ කාලය තුල සිදුකර නැත.



වසර 2000දී සිදුකරනලද මෙම වර්ජනය පවතී මැයි මාසයේ මරණ 93 වී ඇති අතර ඊට පෙර වසරේ එය 153 වී ඇත ඊට පෙර 1998 දී 133 වී ඇති අතර  1997 දී එය 139 වී ඇත. ජෙරුසලමේ 55% පමණ මරණ බුමදනය කරන්නේ මේ සමාගමයි අප්‍රේල් මස මරණ 130 පමණ සිදුවී ඇති අතර ඊට පෙර වසරේ 150 දෙනා මිය ගොස් ඇත.

මෙහි වැදගත් දෙයනම් 1983 දීත් මෙවැනිම සිදුවීමක් වූ බවයි.

මෙහිදී වෛද්‍ය වරයකු පවසා ඇත්තේ සැත්කම් නිසා බොහෝ අයගේ ජීවිතය දිර්ගකල හැකි නමුත් දුර්වල පුද්ගලයන් සැත්කමෙන් මියයාහැකි බවයි.

මෙහිදී අප දැනගතයුතු දෙයනම් වෛද්‍ය විද්‍යාව දියුණු උනත් අප හිතන තරම් දියුණු නැති බවයි.

http://ireport.cnn.com/docs/DOC-1164794

සදහන් වන්නේ cnn.com පුරවැසි වාර්තාකරණය මගින් වාර්තාවූ පුවතකි. 2014 අගෝස්තුවේදී මේ පුවත කීප අවස්ථාවක් cnn.com ආයතනය තම වෙබ් අඩවියෙන් ඉවත් කල අතර ජනතාවගේ බලකිරීම නිසා නැවත එලිදකවන ලදී.

හිතන්න මේ පුවත ලක්ෂ 7ට වඩා කියවා ඇතත් කිසිදු ශ්‍රී ලංකික හෝ බටහිර මද්‍යක් වාර්තා කලේ නෑ  නේද ?
https://www.youtube.com/watch?v=qxr-cv-JuI8

ඉහත දැක්වෙන්නේ මේ වංචාව පිළිබද කොන්ග්‍රස් සාමාජික Congressman Posey මහතා, වහාම පර්යේෂණ අරබන ලෙස කරන ලද නිවේදනයයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මෙය වැදගත් වනේ අපිත් මේ vaccine බාවිතා කරන නිසයි.
දිවයින පුවත් පතට අනුව http://www.divaina.com/2013/10/15/feature03.html


"1996 දී ශ්‍රී ලාංකික ජනගහනයෙන් 10,000 කට 6 ක්‌ පමණ වූ ඔටිසම් රෝගී තත්ත්වය 2013 වසර වන විට සෑම උපත් 100 කට 1 ක්‌ දක්‌වා වර්ධනය වෙලා. ඒ අනුව දළ වශයෙන් වසරකට අලුතින් ඔටිසම් රෝගී තත්ත්වයට එකතුවන ළමුන් සංඛ්‍යාව 3,700 කට ආසන්නයි. වාර්ෂිකව එකතුවන මෙම ළමා ජනගහනය ද ඇතුළුව 2011 වසරේ සංඛ්‍යා ලේඛන අනුව, ශ්‍රී ලංකාව තුළ සිටින ඔටිසම් රෝගය සහිත සංඛ්‍යාව දළ වශයෙන් 20,000 ක්‌ පමණ වෙනවා."

මෙය සිදුවී ඇත්තේ කෙසේදැයි මේ කිසිවෙක් නොකියයි. මෙය තමයි මේ ලෝකයේ පවතින විශාලම කුමන්ත්රණ වලින් එකක් වන්නේ.

මෙය කරන්නේ අධිරාජවාදීන් නෙමෙයි. ලොවපුරා ඉතා ක්ර්යක්ෂම මාධ්‍ය ජාලයක් යොදා බහුජාතික සමාගම් මෙහෙයවන බලවත් පුද්ගල සංවිදාන කීපයකුයි.

මෙන්න රහස 
http://www.businessinsider.com/these-6-corporations-control-90-of-the-media-in-america-2012-6

"These 6 Corporations Control 90% Of The Media In America"
ආයතන 6 ක් විසින් 90% මාද්‍ය ආයතන හසුරවනු ලබයි

අපේ රටේ මිනිසුන් ලින් මැඩියන් ලෙස සිටින අතර 1983 වැනි ඈත යුගයක තමයි මෙම ආයතන එකතුවීම  ගොඩනැගෙන්නේ

මෙහි ඇති වැදගත්ම දෙය නම් මේ සියලුම ආයතන ඖෂධ සමාගම් වල දැන්වීම මත යැපීමයි. අනෙක් කරුණ මේවායේ හිමිකරුවන්
ඖෂධ සමාගම් වල කොටස් හිමියන් වීමයි.

මේ හේතු කීපය නිසා ලෝකයෙන් නවීන වෛද්‍ය විද්‍යාවේ රහස් වැළලී තිබේ. නමුත් ඔබ බුද්ධිය මෙහෙයවා බැලුවොත් ඔබට යතාර්ථය තේරුම් යනු ඇති.

ඇමරිකාවේ කොන්ග්‍රසය තුලත් මේ පිළිබද උග්‍ර ලෙස ප්‍රශ්න කරන හැටි බලන්න





මා හිතනේ ඉහත video ව කුඩා දරුවකු ඇති දෙමව්පියන් හෝ මව්පියන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනා බැලිය යුතුම දෙයකි.

මේ ප්‍රශ්නය අහන්නේ ලෝකය ඉහලම ආයතනය වන Centers for Disease Control and Prevention හි බලවත්ම නිලය උසුලපු වෛද්‍ය වරිය ගෙනි.

ප්‍රශ්නය :- ඇයි ඔබ එක දවසක් තුල දරුවකුට එන්නත් 6 ලබා දෙන්නේ යන්නයි

පිළිතුර :- ඊට හේතුව සමහර දරුවන්ට සමහර එන්නත් නොලැබී යාම වක්ලක්වා ගැනීමට එකවිට එන්නත් 6 ලබා දෙන බවයි.


ඔබ දැනගත යුත්තේ මේ මිනිසුන් කරන්නේ අහිංසක ජනතාවගේ ජිවිත සමග සුදු කෙලිමයි. එනම් දරුවකුට එන්නත් 2ක් අතර මාස  ගණනක පරතරය තබාගැනීම  කිසිදු වරදක් නොමැති බවයි.  


විනාඩි 5 කින් මේ සිදුවීම තේරුම් ගැනීමට ඔබට පහත video උපකාර වනු ඇති




දොස්තර වරුන්ට ඖෂධ සමාගම්ගෙවන අයුරු ලොව පිළිගත්  http://www.nytimes.com/2014/09/30/upshot/what-were-learning-about-drug-company-payments-to-doctors.html?smid=tw-nytimes&_r=2&abt=0002&abg=1


           Vaccine  තුල ඇතුලත් ද්‍රව්‍ය 



මෙහි ඇති අපුරුව නම් මොවුන් වස දෙන්නේ සගවා නෙමෙයි එලිපිටමයි  http://www.cdc.gov/vaccines/vac-gen/additives.htm

මෙහි අඩංගු Thiomersal යනු (is an organomercury compound) මේ නම ලබාදී ඇත්තේ mercury කියන දේ සැගවීමට කරන ලද අලවිකරණ උපක්‍රමයක් ලෙසයි
පහත ඇත්තේ University of Calgary මහින් මෑත කාලයේ කල එකම පර්යේෂණය.



හානිදායක Vaccine  සහ මිලෙන් අදික හානිදායක නොවන ලෙස වර්ග 2 ඇතිබවත්, ශ්‍රී ලාංකිකයන් ගන්නේ 100% හානි දායක Vaccine  බව ඔබ දන්නවද ?

මා මිතුරු වෛද්‍ය වරයකු ගෙන් cdc.gov ඇසුවිට මා පුදුමයට පත්කරමින් ඔහු පැවසුවේ ඔවුන් වෛද්‍ය විද්‍යාලයෙන් ගත් තොරතුරු වලට අමතරව මෙවැනි ගවේෂණ නොකරන බවයි. පුදුමය නම් අපරට සියලුම තීරණ ගැනීමට අනුගමනය කරනේ http://wwwnc.cdc.gov/travel/destinations/traveler/none/sri-lanka

ඔබ දැනගත යුත්තේ ඖෂධ සමාගම් සිටින්නේ ලෙඩ සුව කිරීමේ වියාපාරයේ නොව ලෙඩ ඇතිකර නඩත්තු කරන වියාපාරය තුලයි,
යම් දවසක අවංකව ලෙඩ සුව කරන  වියාපාරයක් ආරම්භ කලොත් එදාට, ඔවුන් තමන් විසින් ම තම  වියාපාර වලින් එලියට දැමීම සිදුකරනු ඇත.

මිට සම්බන්ද ලිපියේ ඉතිරි කොටස ඵල කරන්නේ මෙහි ඇති තොරතුරු ගවේෂණය කලොත් පමණයි, ඔබට අදහස් පලකිරීමට කැමති නත්නම් lankikasithuwili@gmail.com යොමුකරන්න මා දකිනවා බොහෝදෙනා මේ ලිපි පෙළ කියවනවා නමුත් මෙය ගවේෂණය නොකරනවානම් මගේ උත්සහය සම්පුර්ණ වන්නේ නෑ.

මේ තොරතුරු මා සපයා දී ඇති තොරතුරු මත ලොව පිළිගත් cdc.gov සෙවීම කලොත් ඔබේ ජීවිතයත් ඔබ හිතමිතුරන් ගේ ජිවිතත් බේරා ගැනීමට හැකිවනු ඇති.
 



 

Saturday, November 21, 2015

ශ්‍රී ලංකාවේ දොස්තරවරු ජනතාව සූරාකන අයුරු



01. වෛද්‍ය පර්යේෂණ වලින්  40% සිට 60%  පමණ කොමිස් ලබාගැනීම:-

 වෛද්‍ය වරයා ඔබට අහවල් තැනින් පර්යේෂණය කරන  ලෙස තුන්ඩුවක් ලබාදුන් විට අදාළ lab (පර්යේෂණ ආයතනය )  40% සිට 60% කොමෙස් මුදලක්
 වෛද්‍ය වරයාට ලබාදෙනු ලැබේ.

02. ඔබේ පවුලේ  වෛද්‍ය වරයා  ඔබට විශේස්හන්ය වෛද්‍ය වරයකුට පෙන්වන ලෙස යොමුකරන අවස්ථාවේ 30%-40% පමණ කොමිස් මුදලක් අදාල පවුලේ වෛද්‍ය වරයාට ලබාදෙ.

03. ඔබේ වෛද්‍ය වරයා පුද්ගලික රෝහලකට ඇතුලත් වන ලෙස ඔබට ලියා දුන්විට  30%-40% පමණ කොමිස් මුදලක්  අදාළ පුද්ගලික රෝහල  වෛද්‍ය වරයා ට ලබාදේ.

04. අනවශ්‍ය පර්යේෂණය කිරීම සිදුකරන්නේ වෛද්‍ය බිල් වැඩි කිරීම ටයි. මෙය  පර්යේෂණ ආයතනය දන්නා අතර අදාළ රුදිර සාම්පල විසිකර බිල ලබාදෙනු ලබයි.

05. ඉතා සුළු අපහසු තත්වයකට රෝහලට ගියවිට, සේලයින් සහ නින්දයාමට අවශ්ය බෙහෙත් ලබාදී දින 4 පමන තබාගෙන නිදහස් කරයි. මෙහිදී    වෛද්‍ය වරු ඉතා හොදින් අදාළ පුද්ගලයාට  රෝගයක් නැතිබව දන්නා අතර මුදල් උපයා ගැනීමට මෙය සිදුකරයි.

06.   වෛද්‍ය වරු දෙදෙනෙකු හෝ කීපදෙනෙකු පවත්වාගෙන යන Nursing homes වල නුපුහුණු ශ්‍රමිකයන් යොදාගන්න අතර හදිසියකදී සිදුකරන්නේ වෙනින් පහසුකම් ඇති තැනකට මාරු කිරීමයි.

07. අනවශ්‍ය සෙසේරියන් සැත්කම් හා අනවශ්‍ය මුත්රාශ ඉවත් කිරීම, හෝ ගර්භාශය ඉවත් කිරීම.

08. රුපලාවන්ය සදහා කරන භයානක සැත්කම්.

09.  පුද්ගලික රෝහල් වලින් වෛද්‍ය වරයා ගෙන් බලාපොරුත්තු වන්නේ හැකි උපරිම රෝගීන් ප්‍රමාණයක් ඇතුලත් කරගැනීමයි මෙයට   හිස නොනමන වෛද්‍ය වරයවරුන් අදාළ රෝහල් වලින් ඉවත්කිරීම සිදුකරයි.

10. මෘත ශරීරවල සිදුකරන සැත්කම්:-

ඔබ වෛද්‍ය වරයාකු ඉතා හදිස්සියේ රෝගියෙක්ව Intensive Care Unit  සිට operation theater (සැත්කම් කරන කාමරයට ) ගෙනයාම සිදුකරන විට
ඔබේ අත්සන හදිසි සැත්කමකට උවමනා බව කියනවානම් සහ ඔබට අතුලිවිමට අවසර නොදෙනවානම් බොහෝවිට අදාළ පුද්ගලයා මියගොස් අවසානයි, දැන් සිදුකරනු ලබන්නේ ඔබේ බිල වැඩිකිරීම පමණයි. මතක තියාගන්න වෛද්‍ය වරුන් මිනිසුන් බව, ඔවුන්ව අන්දලෙස විශ්වාස කිරීමෙන් වලකින්න.  




දීර්ග විස්තරය



ඉදිරියේදී ලොව පවතින විශාලම වංචාව වන ඖෂධ මාෆියාව මාද්‍ය ආවරණය නොකිරීමට හේතුව  ...

Friday, November 20, 2015

අපට වස බෙදන ඖෂධ සමාගම්


http://projects.propublica.org/graphics/bigpharma

ඉහත ලින්කුවෙන් පෙන්වන්නේ ලොව වටා ඖෂධ සමාගම් මෑත කාලයේ අදිකරණය ඉදිරියේ  වරදකව්රුවන් වී වන්දි ගෙවා ඇති ආකාරයයි.

මට මෙය පෙන්වීමට උවමනා වුනේ වෛද්‍ය  ලෝකයේ සිදුවන විශාලම රැවටීම පෙන්වා දීමටයි.

හිතන්න ඔබට අසනීපයක් අතිඋනා, ඔබ දෙසැරයක් නොසිතා කරන දෙයනම් වෛද්‍ය වරයකු හමුවී බෙහෙත් ගැනීමයි.

මෙහිදී වෛද්‍ය වරයකු අතින් වැරද්දක් සිදුවිය හැකි උනත්, අපි මෙහිදී වෛද්‍ය  වරයකු යනු කවරෙක්දැයි දැනගතයුතු වෙයි.
ශ්‍රී ලංකාවේ නම් උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහලම ලකුනුලබා වෛද්‍ය විද්‍යාලයට යන සිසුවෙක් වසර 6 පමණ වෛද්‍ය  විද්‍යාලයේ ගතකර
විවිද ලෙඩරෝග ගැන ඉගනුම ලබයි. මෙහිදී ඔහු හෝ ඇය රෝග හදුනා ගන්නා අයුරුත් සුවකිරීමට උවමනා ඖෂධ පිලිබදවත් ඉගන ගනී.
අවසානයේ  වෛද්‍ය වරයකු වී පිටවූ පසු කලකදී විසේසන්ය පුහුණුවක් සමහරු ලාබා, පුද්ගලික බෙහෙත් දීමත් සිදුකරයි.

දැන් තමයි වැදගත්ම කොටස ඇත්තේ, එනම් මේ වෛද්‍ය වරුන් හමුවීමට රටේ සුපතල ඖෂධ සමාගම් වල නියෝජිතයන් පැමිණෙන අතර වෛද්‍ය වරයා අතර පහත සදහන් දෙබස ඇතිවීම සාමාන්‍ය දෙයකි.

"ඖෂධ සමාගම් වල නියෝජිතයා :- ඩොක්ටර් අහවල් අසනීපයට දැන් නියම බෙහෙතක් තියෙනවා මේක හරිම effective
 වෛද්‍ය තුමා :- එහෙමද ? මට සාම්පලයක් දෙන්න පුලුවන්ද ?"

මෙහිදී ඖෂධ සමාගම් වල නියෝජිතයා දොස්තරවරයාට ලෙඩ හදුනාගැනීම කියා නොදෙන අතර ලෙඩකට බෙහෙතක් ගැන දැනුවත් කරයි.
දෙවැනි කාරණය දොස්තර වරයා අදාළ බෙහෙත පර්යේෂනාගරයකට ගෙන ගොස් හොද නරක නොසොයන අතර ඔහුගේ රෝගීන්ට අදාළ බෙහෙත කෙලින්ම  නියමකරනු ලබයි.

   ඔබත් මමත් දැනගතයුතු වැදගත්ම දෙයනම් මෙහිදී විශ්වාසය තබන්නේ වෛද්‍ය වරයාගේ දැනුම මත නොව ඖෂධ සමාගම් වල නියෝජිතයා ගේ දැනුම මතයි.

දැන්  ඖෂධ සමාගම් වල නියෝජිතක් වීමට උවමනා මුලික සුදුසුකම නම් උසස්පෙළ සමත්වීම සහ අලවිකරණයේ දක්ෂතාවයි.

මෙහිදී සිදුවන මුලික දෙයක්නම් රෝගියා වෛද්‍ය වරයා විශ්වාසය  තබන අතර වෛද්‍ය වරයා විශ්වාසය තබන්නේ ඖෂධ සමාගම් වල නියෝජිතයායි.
අවසානයේ ඖෂධ සමාගම් වල නියෝජිතයා අදාළ  ඖෂධ කොම්පෙනිය පිළිබද විශ්වාසය තබනු ලබයි.

දැන් ඔබට මුලින් ලබාදුන් ලින්කුවෙන් සදහන් වන්නේ

ලොව ප්‍රසිද්දම  ඖෂධ කොම්පෙනි වංචා සදහා වරදකරුවන් වී ඩොලර් බිලියන ගණන් වන්දි ගෙවා ඇති අයුරුයි.

//Pfizer SEPT 2009 Pfizer was fined $2.3 billion, then the largest health care fraud settlement and the largest criminal fine ever imposed in the United States//

Pfizer සමාගම 2009 සප්තම්බර් මස ඩොලර් බිලියන $2.3 ගෙවන්නේ ඇමරිකාවේ එක වන්දියක් සදහා ගෙවන ඉහලම මුදල ලෙසින්, මිට හේතුව  ඖෂධ ක්ෂේස්ට්‍රයේ සිදුකරන විශාලම වංචාව සිදුකරමින්.

//Pfizer pled guilty to misbranding the painkiller Bextra with "the intent to defraud or mislead", promoting the drug to treat acute pain at dosages the FDA had previously deemed dangerously high//

සම්පුර්ණයෙන් නොමග යවමින් සිදුකරන ලද මෙම ප්‍රචාරණය ගැන හිතන්න, මෙහිදී අවසාන ලෙස රැවටෙන්නේ රෝගීන් පමණයි.

//Merck NOV 2011 Merck agreed to pay a fine of $950 million related to the illegal promotion of the painkiller Vioxx //

මේ ආකාරයටම   Merck  සමාගම Vioxx නමැති ඖෂධ විකිණීම නිසා ඩොලර් මිලියන 950 දඩ  ගෙවනු ලබයි

//GlaxoSmithKline JULY 2012 GlaxoSmithKline agreed to pay a fine of $3 billion to resolve civil and criminal liabilities regarding its promotion of drugs, as well as its failure to report safety data. //

GlaxoSmithKline මෙය ශ්‍රී ලංකාවෙත් ඇති සමාගමකි, මෙයට බිලියන 3 ගෙවීමට සිදුවන්නේ 2012 වසරේ,  2009 වසරේ Pfizer සමාගම තැබූ වාර්තාව ඉක්මවමින්.

ලිපිය දික්වෙන බැවින් කරුණාකර ඔබට ලබාදී ඇති මුල් ලින්කුවෙන් තොරතුරු සොයාගන්න.

19 වැනි ශතවර්ෂයේ සිදුවූ වැදගත්ම සොයාගැනීම වන පෙන්සිලින් සහ සනීපාරක්ෂක ක්‍රම සහ ආහාර නිසා මිනිසාගේ වයස දීර්ග කරගැනීමට හේතු උනත් අද ලෝකයේ සිදුවන්නේ මෙම   ඖෂධ සමාගම් තරගයට ලෙඩ ඇතිකරමින් හැකි උපරිම ලාබයක් ලබාගැනීමට ක්‍රියා කිරීමයි.


අවසානයට  ඖෂධ සමාගමක විදායක අලවි නිලදාරිනියක් වූ කෙටි විස්තරය

සමාගම් අපව රවටන අයුරු



දීර්ග විස්තරය



මේ වසර 35 පමණ ඖෂධ සමාගම් කීපයක ඉහලම නිලදාරියෙක් කියන දෙය Dr John Rengen Virapen



මෙහිදී අප මේ උගුලෙන් ගැලවීමට ඉතා වටිනා උපායක් ඇත.

ඔබ අසනීප වූ පසු කරුණාකර  වෛද්‍ය  වරයකු හමුවී බෙහෙත් ගන්න, ඔබ ගෙදර පැමිණි පසු අදාළ බෙහෙත් වල නම් www.google.com එකට ගොස් 
පහත පරිදි සොයා බලන්න " {name of the drug) adverse effect " ඔබට අදාළ ඖෂධය පිළිබද අපුරු විස්තරයක් සොයාගත හැකි වනු ඇති.

සමහර විට ඔබ පුදුම වෙයි සමහර  ඖෂධ ලංකාවේ පාවිච්චි කලත් ඇමරිකාව වනිරටවල තහනම් බව!

අවසාන වශයෙන් https://www.youtube.com/watch?v=bGNn_prJXhg
Dr. Oz ලෝක ප්‍රසිද්ද වෛද්‍ය වරයකු  වන, ඔහුගෙන් තම දරුවන්ට  vaccine ලබදුන්නදැයි මාධ්‍ය වේදිනියක්  ප්‍රශ්න කලවිට ඔහු සදහන් කලේ තමාට දරුවන් 4 දෙනකු සිටින බවත් ඔහු ගෙදර ගියාම  Dr. Oz නොව Mr Oz බවත්, තම බිරිද  vaccine  තම දරුවන්ට ලබාදීමට අකමැති නිසා දරුවන්ට එන්නත් ලබා නොදුන් බවයි.





         

Thursday, November 19, 2015

ඖෂධ මාෆියාව, ජනමාද්‍ය සහ ලොව පවතින විශාලම කුමන්තරණය !



අද මා ලිවීමට යන දේ සදහා ඔප්පුකලහැකි සියලුම සාදක මෙහි පලකිරීමට බලාපොරොත්තු වෙමි. මෙය කියවන සියලු දෙනාගෙන් කෙරන මුලිකම ඉල්ලීම නම් මා කියන දෙය තමන්ම සොයාබලන ලෙසයි.

මුලින්ම අපරටේ සියලුම සෞඛ්‍ය සේවා පිළිබද තොරතුරු ලබාගන්න මුලික ආයතනය ඇමරිකාවේ    http://www.cdc.gov/  (Centers for Disease Control and Prevention)
ශ්‍රී ලංකාවේ පිටුව http://www.cdc.gov/globalhealth/countries/sri_lanka/default.htm

මෙය ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි ලෝකයේ ඔස්ට්‍රලියව, එංගලන්තය, කැනඩාව වැනි සියලුම දියුණු  ලෝකයේ රටවල් අනුගමනය කරන්නේ මේ ආයතනයේ තොරතුරුයි.

කිසියම් බෙහෙතක් අනුමතවිමේදී ඇමරිකාවේ (U S Food and Drug Administration ) http://www.fda.gov/ අනුමත වීම අවශ්‍ය අතර   http://www.cdc.gov ආයතනය එම ඖෂධ පිලිබදව පර්යේෂණ කටයුතු සිදුකරනු ලබයි.

අද ලෝකයේ Vaccine වැක්සින් සම්බදව යටයමින් මතුවෙමින් පවතින අර්බුදය :-

මෙය ආරම්බවන්නේ දොස්තර Andrew Wakefield විසින් 1998 දී MMR vaccine ය කුඩා දරුවන්ගේ ඔටිසම් autism (මනෝ වික්‌ෂිප්තභාවී තත්ත්වයකට) අතර සම්බන්දයක් පවතින බව The Lancet නමැති ජර්නලයේ පළකිරීමයි. ලොව වැක්සින් වෙළදපොල 2014 ඩෝලර් බිලියන 33 වන මෙය 2019 දී 57.8 ඩෝලර් බිලියන වීමට ගණන් බලා ඇත.

මෙම වෙළදපොල සමාගම් 5ට පමන සිමාවී පවතී (Merck, Sanofi, GlaxoSmithKline, Pfizer, Novartis ) ලොවපුරා සියලු රටවල් වලට vaccine  සපයන්නේ මේ සමාගම් පමණයි.

මෙහි ඇති වැදගත්ම දෙයනම් වැක්සින්යක වරදකට කිසිවකුට මෙම සමාගම් වලට නඩු පැවරිය නොහැකි ලෙස මුක්තියක ඇමරිකානු රජය ලබාදී ඇති බවයි.


මෙහිදී  දොස්තර Andrew Wakefield  ට විරුද්දව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ගෙනයන අතර අවසානයේ http://www.cdc.gov ආයතනය සිදුකල පර්යේෂණයකින් අනතුරුව  MMR vaccine ය කුඩා දරුවන්ගේ ඔටිසම් autism අතර කිසිම සම්බන්දයක් නැති බව cdc.gov  ප්‍රකාශ කිරීමෙන් අනතුරුව දොස්තර Andrew Wakefield ගේ එක්සත් රාජදානියේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කරනු ලැබේ.


මෙම සිදුවීම ලෝක ප්‍රසිද්ද වූ අතර 2004 දී වූ මෙම සිදුවීම වසර 10 ක් ගතවීමෙන් පසු මතුවන්නේ පහත සිදුවිමෙනුයි.



පසුගිය  මාසයේ පළවූ ප්‍රවර්තියක්  


මෙහිදී සිදුවී ඇත්තේ දොස්තර Andrew Wakefield ගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කිරීමට හේතුවූ CDC ආයතනයේ පර්යේෂණය සිදුකල  මුලික වෛද්‍ය වරුන් 3 ගෙන් එක අයකු වන දොස්තර William Thompson තව පුද්ගලයකුට කල පාපොච්චාරණයක් පිටවීමයි.

එම පාපොච්චාරණය 

දැන් අපි ශ්‍රී ලංකාවේ තත්වය බලමු. දිවයින පුවත්පතට වැඩිහිටි හා ආබාධිත ඒකකයේ වෛද්‍ය නිලධාරිනී  කමලානි වනිගසිංහ මහත්මියට හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ (සැලසුම්) ඡේ. පී. එස්‌. ජයසිංහ මහතාට අනුව

http://www.divaina.com/2013/10/15/feature03.html

//1996 දී ශ්‍රී ලාංකික ජනගහනයෙන් 10,000 කට 6 ක්‌ පමණ වූ ඔටිසම් රෝගී තත්ත්වය 2013 වසර වන විට සෑම උපත් 100 කට 1 ක්‌ දක්‌වා වර්ධනය වෙලා. ඒ අනුව දළ වශයෙන් වසරකට අලුතින් ඔටිසම් රෝගී තත්ත්වයට එකතුවන ළමුන් සංඛ්‍යාව 3,700 කට ආසන්නයි. වාර්ෂිකව එකතුවන මෙම ළමා ජනගහනය ද ඇතුළුව 2011 වසරේ සංඛ්‍යා ලේඛන අනුව, ශ්‍රී ලංකාව තුළ සිටින ඔටිසම් රෝගය සහිත සංඛ්‍යාව දළ වශයෙන් 20,000 ක්‌ පමණ වෙනවා.//

මතක තබා ගතයුතු වැදගත්ම දෙයනම් ජනමාද්‍ය පවත්වන නිහඩ ප්‍රතිපත්තියයි.


ඉතිරි කොටස බලාපොරොත්තු වන්න....


Wednesday, November 18, 2015

ජනතා විමුක්ති පෙරමුණ හැබැවටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනිසිටිනවද ?




මේ ලිපිය ලිවීමට හේතු උනේ ඉදිරියට මා ලිවීමට බලාපොරොත්තු වන ලෝකයේ ඇති ශ්‍රී ලාංකිකයන් වන අපට රුජුව බලපාන කුමන්ත්රණ පිලිබදව ලිපියක් ලිවීමට බලාපොරොත්තු වන නිසයි.

මගේ පෙර ලිපියකට මෙ අඩවියේ අපුරු කොමෙන්ටුවක් දැමු  ඇනය තුමා //ඇණයා Nut ManNovember 13, 2015 at 4:34 AM
අපි පුංචි කාලේ යක්කුන්ට අවතාර වලට බය වුනා, ලොකු උණාම ඒවා අපිව රවටන්න, එයාලගෙ වැඩ පහසු කරගන්න කියපු බොරු බව දැන ගත්තා, ඒත් යක්කු අවතාර විස්වාස කරන වැඩිහිටියොත් ඉන්නවා, එයාල ගිලිලා ඉන්න අන්ධ විශ්වාශයන් හෝ නූගත් බව නිසා එයාලට යක්කු අවතාර නෑ කියන එක අවබෝධකරවන්න අපට බෑ. ඔය සේරම අතරේ තමන්ගේ හොර වංචා පවත්වාගෙන යන්න යක්කු, පෙරේතයෝ අවතාර ප්‍රචාරයකරනවා. //

මෙම කොමෙන්ටුවේ  //ඔය සේරම අතරේ තමන්ගේ හොර වංචා පවත්වාගෙන යන්න යක්කු, පෙරේතයෝ අවතාර ප්‍රචාරයකරනවා.// කොටස අද මා ඉදිරිපත් කරන අදහස් සමග ඉතා ප්‍රවේසමෙන් කල්පනා කලයුතු වෙනවා. මෙතන ඇනය කියන දේ ලොකු අත්තක් පවතිනවා, මේ ඇත්ත මුලින්ම අපි තේරුම් ගතයුතු වෙනවා ඉදිරි ලිපිවලට යන්න ඉස්සල්ල.

දැන් අපි ජනතා විමුක්ති පෙරමුණ දෙස යොමුවෙමු, බැලුබැල්මට ඔවුන් ඉතාම ප්‍රගතශීලි මිනිසුන් ගෙන් සමන්විත විනයක් ඇති පක්ෂයක් බව බොහෝ අය පවසනු ඇති, නමුත් ඔවුන් රටට ආදරේ පුද්ගලයන් සමුහයක්ද ? ( මා හිතන්නේ වඩා  නිවැරදි ප්‍රශ්නය වන්නේ ජනතා විමුක්ති පෙරමුනේ ඉහල පෙළ සහෝදර වරු  රටට ආදරේ පුද්ගලයන් සමුහයක්ද ? යන්නයි )

මා මෙසේ වරනගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඉහල සාමාජිකයන් තමයි පකෂයේ සියල්ල මෙහෙවයන්නේ.
මෙනිසා ඔවුන්සිදුකරන සිය්ස්ලු දෙය ඔවුන් සිදුකරන්නේ බලය ලබාගැනීම සදහා පමණයි.
හිතන්න අද සෝමවංස අමරසිංහ කටයුතු කරන්නේ කෙසේද ? විමල් වීරවංස කටයුතු කලේ කෙසේද ?

මොවුන් සියලු දෙනාම සිදුකරන්නේ අලංකාර රංගනයක් පමණයි, නමුත් අපි මෙහිදී දැනගතයුතු සතයක් තිබෙනවා එනම් මොවුන් ලෝකයේ පවතීන කුමන්ත්‍රණ මහජනයාට හෙළි කිරීමට විවිද අවස්ථාවල උත්සහ කරනවා, ඔවුන් එසේ කරන්නේ ජනතාව අතර ඔවුන් ජනප්‍රිය වී බලය හැකිපමණ ඩැහැ ගැනීමට මිස ඔවුන් ජනතාවගේ විමුක්තිදායකයා නිසා නෙමෙයි.

රෝහණ විජේවීර නමැති මිනීමරුවා බලය ලබාගැනීමට පෙර  මරා දැමුණු නිසා අපට ඔහු බලය ලබාගත්තානම් කෙසේ හැසිරෙයි දැයි පිළිබද කිසිම අවබෝදයක් නෑ නමුත්  කාම්බෝජය "Cambodia" නමැති රටේ පොල්පොට් නමැති ජනතාවිමුක්තිපෙරමුන වැනිම විමුක්තිදායක සන්විදනයක් වන කෙමරුජ් සංවිදානය රටේ බලයට පත්වෙනවා 1975 අප්‍රේල් 17 බලය ලබාගත් ඔහු වසර 4 ක් පමණ රට පාලනය කරන අතර රටේ ජනගහනයෙන් 25% ඝාතනය කරනු ලබනවා.

ඉතා කෙටියෙන් 



දීර්ග ලෙස 



මොහු බලයට පැමිණියේත් බටහිර අධිරාජ්‍යට විරුද්දව සටන් කරන බව පවසමින්, බලයට පැමිණි පසු ඔහු නගර වල සිටින ජනයාට වහාම ක්‍රියාත්මකවන ලෙස පැය  72 ක් ඇතුලත ගම්පලාත් වලට යන යන ලෙස අණ කරන අතර ඔහු රටේ කැලැන්ඩරය වසර 1 සිට ආරම්බ කරනවා. ජනතාව විශාල වශයෙන්
ගම්වලට පැමිණියාම ඔහුන් පමණක් නෙමෙයි ගම්වල සිටින ජනයා ටත් ආහාර හිගයකට මුනදීමට සිදුවෙනවා. මේ කාලයේ පොල්පොට් ගේ කණ්ඩායම "කෙමරුජ් සංවිදානය " රටේ සහල් අපනයනය කරනවා.

ඔහු බලයේ සිටින්නේ වසර 4 පමණ 1975 සිට 1979 දක්වා පමණයි මේ කාලයේ වියට්නාම් හමුදා ඔහුට ප්‍රහාර එල්ල කිරීම නිසා ඔහු සැග විසිටිනවා අවසානදී ඔහුගේ සංවිදානය ඔහුව අත්අඩංගුවට ගන්නවා 1998 දී තමයි ඔහු මියයන්නේ.

දැන් ටිකක් හිතන්න ජනතා විමුක්ති පෙරමුණ දේශන  පැවත් වීමේදී කිසිවිටකත් පොල්පොට් ගැන සදහන් කරන්නේ නෑ නේද ? ප්‍රශ්නය කිසිවෙක් මෙපිලිබද ප්‍රශ්න කරන්නේ නැති වීමයි.

මිට හේතුව ශ්‍රී ලංකාවේ මිනිසුන් ට  ලෝකයේ සිදුවන සහ සිදුවී ඇති දේ පිළිබද දැනුම ජනමාද්‍ය  මගින් ජනතාවට ලබා නොදීමයි.

ඉදිරි ලිපියෙන් ලෝකයේ පවතින විශාලම කුමන්ත්‍රන ඔබටම තහවරු කරගැනීමට සාක්කි සමග ....        

Tuesday, November 17, 2015

අධි තාක්ෂණික මෙවලම් නිපදවීමේ හැකියාව.



මිට පෙර මගේ ලිපි කීපයකින් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වල වැදගත්කම පැහැදිලි කෙරුව. දැන් බලමු ඉතා ඉහල වටිනාකමක් එක්කරන අංශයක් පිලිබදව එනම් අධි තක්ෂණික මෙවලම් නිපදවීමයි, මිට පර්යේෂණ සදහා සැලකියයුතු මුදලක් ආයෝජනය කල යුතු වෙයි.

නමුත් මා දකින මුලික දුර්වල තාවයක් නම් සැලැස්මක් ඇතුව රටේ ඉංජිනේරුවන් සහ පර්යේෂකයන්ගේ දැනුම යොදා නොගැනීමයි. මෙනිසා යම් විදියකින්
මේ පර්යේෂණ වැඩවලට සම්බන්ද පුද්ගලයන් විදේශ ගතවූ විට අපට සිදුකල ආයෝජනය අපතේයාම සිදුවේ. මෙය අවම කිරීමට සියල්ල වාර්තා ගතකිරීමත්, ප්‍රගතිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාද්‍ය යොදා  වාර්තා කිරීම මහින් අදාළ පුද්ගලයා නොමැති අවස්ථාවක් තුල ඉන්පසු සිටින තැනැත්තා හට නැවතුනු තැනින් පර්යේෂණය සිදුකල හැකිවනු ඇත.

මිට අමතරව විදේශවල සිටින විද්වතුන් තම දැනුම යොදා ශ්‍රී ලංකික නිමවුම් වලට දායක වීමට කැමති ය සිටි
උදාහරණ බෝඉන් සමාගමේ ඉංජිනේරුවකු වූ තිලක් දිසානායක මහතා



ඔහු මෙහිදී පැහැදිලි කරනවා තම වියප්පෘතියට ණය ලබාගැනීමට ඇති අපහසුව පිලිබදව.

පහත ඇත්තේ Tilak Dissanayake දායකත්වය දක්වනලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරමින් පවතින



නවතම තත්වය
     

Monday, November 16, 2015

චීනේ අලිබබා සහ ලංකාවේ හොරු හතලිහ





අද ශ්‍රී ලංකාවට දියුණුවීමට උවමනා මුලික අංශ ගැන බලමු. මුලින්ම ශ්‍රී ලංකික ජනතාව වර්තමානයේ සිතන හැටි බලමු. බොහෝදෙනා වියාපාරික ගනුදෙනුවකදී කුමක් හෝ විකුණා ලාභ උපරිම ලෙස එකවර ගැනීමට සිතන අතර පාරිබෝගිකයා එම ගනුදෙනුවෙන්  කොපමණ තෘප්තිමත් වෙනවද යන වග කිසිදු සැලකිල්ලක් නොදක්වයි.

නමුත් වියාපාරික ලෙස දියුණු රටක් වන චීනය තම ගනුදෙනු කරුවන් ගැන ඉතා සලකිරීමත් වේ. චීනයේ වර්තමානයේ ඇමරිකානු වෙළදපොල ග්‍රහණය කරගැනීමට උපකාරී වූ මුලිකම වෙබ් අඩවිය http://www.alibaba.com/ ය මෙහි නිර්මාතෘ Jack Ma නම් වේ.



මෙම අඩවිය සිදුකරන මුලික දෙයනම් විකුණුම් කරු හා ගැනුම්කරු සම්බන්ද කරදීමයි.

ඇමරිකාවේ  සිටින ගනුම්කරුවකුට භාණ්ඩයක් උවමනා විට ඔහුට alibaba.com තුලින් ගැනුම් කරුවකු සොයාගත හැකි වනු ඇති. මෙහි වැදගත් කරුණ වන්නේ අදාළ විකුණුම්කරු කිසියම් වංචාවක් සිදු කලොත් ගැනුම් කරුට තමාට වූ අසාදාරනය පිළිබද අලිබබා අඩවිය දැනුවත් කල හැකි අතර, සිදුවන්නේ අදාළ විකුණුම් කරු  වරදක් සිදුකර ඇත්නම් ඔහුගේ ගිණුම අත්හිටවිමයි. කාලයක් හොදින් විකුණුම් කටයුතු කල විශ්වසනීය විකුණුම් කරුවකු වෙනම හදුනාගතහැකි icon අලිබබා ලබාදෙනු ලැබේ. මෙනිසා ඉතා අවන්කවම වෙළදාම කිරීමට විකුණුම් කරුවන් පෙලබෙන අතර ගැනුම් කරුවන් විශ්වාසයෙන් හනුදෙනු කිරීමට මෙනිසා හැකිවෙයි.

මිට අමතරව Jack Ma  වැදගත්ම දෙයක් කරනු ලබයි එනම් https://www.taobao.com/ පටන්ගැනීමයි ඔහු භාණ්ඩ විකිනීමට http://www.ebay.com/ සමාන ලෙසයි මෙය ආරම්භ කරන්නේ, මෙහිදී විසදාගතයුතු මුලික ප්‍රශ්නයක් තියනවා මෙය ශ්‍රී ලාංකිකයන් වන අපටත් අදාලයි.
එනම් විශ්වසනීයත්වය පිලිබදවයි.

හිතන්න ඔබ භාණ්ඩයක් ඇනවුම් කරනවා ඔබට ලැබෙන්නේ ඔබ අනවුම්කල භාණ්ඩය නෙමෙයි නැත්නම් තත්වයෙන් බාල  භාණ්ඩයක්, මෙවැනි අවස්ථාවකදී ගනුදෙනුව සාර්ථක කිරීමට Escrow ක්‍රමයක් (generally refers to money held by a third-party on behalf of transacting parties)
අදාල මුදල තෙවෙනි ප්ර්ශවයක් විසින් ගැනුම් කරු වෙනුවෙන් තබාගැනී.

දැන් සිදුවනේ ගැනුම්කරු තමාට ලැබුන භාණ්ඩය ගැන අදාල කාල පරිච්චේදයකදී පැමිණිලි නොකලොත් විකුනුම්කරුට තෙවෙනි පර්ශවය විසින් (කොමිස් මුදලකට යටත්ව ) නිදහස් කිරීමයි.

මෙහිදී ගැනුම්  කරු භාණ්ඩය ලබාගෙන නොලැබුන බව  සදහන් කලොත් කුමක් සිදුවේද ? මිට විසදුමක් ලෙසයි තැපැල් සේවය දියුණු කල යුත්තේ.

එනම් සෑම පර්සලයක්  සදහා tracking number ලබාදෙන අතර අදාළ පුද්ගලයාට ලබාදුන් විට විකුණුම් කරුට අදාළ තැපැල්  සමාගමෙන් රිසිට් පතක් ලබාදෙනු ලැබේ. මෙනිසා හොරකම අවම වන අතර රට පුරා  වාණිජ ගනුදෙනු සාර්ථකව සිදුකරනු ලබයි.

මෙහිදී ශ්‍රී ලාංකිකයන් ඉගනගතයුතු පාඩම් කීපයක් පවතී.

01. අවංක වීම

02. පරිබෝගිකයා තෘප්තිමත් කිරීමට හැමවිට කටයුතු කිරීම

03. රටේ තැපැල් සේවය කිසිදු වංචාවකින් තොරව tracking number  යොදා ගනුදෙනු කළහැකි මට්ටමට පත් කිරීම

04. payment gateway solutions (ණයපත් මගින් ගෙවීම් සිදුකළහැකි පහසුකම් ලබාදීම ) මෙය ශ්‍රී ලංකික වාණිජ බැංකු ලබාදුන්නත් වසරකට රුපියල් 60000 පමණ අයකරන නිසා සහ සෑම ගනුදෙනුවකින්ම 3% ලබාගැනීම නිසා සුළු පරිමාන වියාපාරිකයන් මේවාට නොපෙලබේ
වැදගත්ම දෙයනම් paypal  මගින් මුදල් ලංකාවේ වාණිජ බැංකු වලට ලබාගැනීමේ පහසුව ඇති කිරීමයි මේ මගින් තමයි ශ්‍රී ලංකික සුළු සහ මාධ්‍ය  පරිමාන වියපරිකයින්ට අන්ත්ර්ජයල තුලින් අන්තර්ජාතිකව තම භාණ්ඩ විකිණිය හැක්කේ, මෙයිනුයි විදේශ විනිමය රටට කෙලින්ම ලැබෙන්නේ.  

05. රජය මුලිකවී රාජ්‍ය සහ වාණිජ බැංකුත් යොදා Escrow  පහසුකම් අඩුමිලට පාරිබෝගිකයන්ට ලබාදීම

ජනතාව ලෙස රජයට මෙවැනි දේවල් තමයි ඉල්ලිය යුත්තේ, ඔවුට මෙපිලිබදව කිසිදු පීඩනයක් ජනතාව යොදන්නේ නැත්නම් පාලකයන් මේවා ඇතිකිරීමට නොපෙලබෙනු ඇති, හේතුව ඔවුන්ට මේවයින් ගතහැකි කොමිස් මුදල ඉතා සීමිත අතර මේවට උවමනා දැනුම ඔවුන්ට කිසිවිට පහල නොවෙයි, නමුත් මෙය ක්‍රියාත්මක කලොත් දෙසපල්ලන්යයෙකු ලෙස මෙයින් බොහෝ රැකියා ඇති කළහැකි වනු ඇති, මා දකින මුලික බාදාව මේවා රටේ සිටින පිළිගත් මහාචාර්ය වරු කිසිවෙක් අල්ප මාත්‍ර හෝ දැනුමක් නැති වීමයි.

ලංකාවේ ඉතා බුධිමත් තරුණයන් සිටින අතර කලකට පෙර http://www.techkatha.com/ වැනි වෙබ් අඩවි වලින් බොහෝදෙනා දැනුවත් කළා මතකයි.
             

         

Sunday, November 15, 2015

ශ්‍රී ලංකාවට දියුණුවීමට කලයුත්තේ ගතයුතු ක්‍රියාමාර්ග



අද ඔබ ශ්‍රී ලංකාවට ඇති ප්‍රශ්නය කුමක්දැයි ඇසුවොත් බොහෝදෙනා පහත උත්තර දෙනුඅති
01. විධායක ජනාධිපතිකම තමයි ලොකුම ප්‍රශ්නය
02. කාලකන්නි නුගත් දෙසපලන්යයන් තමයි ප්‍රශ්නය
03. විවුර්ත ආර්ථිකය තමයි ප්‍රශ්නය

ඉහත 01. සහ 02. ඉතා ඉහල දායකත්වයක් සිදුව ඇති ක්‍රියාවලියේ නරක ප්‍රථිපල ගෙන ඒමට උදව් වී ඇතත් මා දකින  ප්‍රශ්නය ඇත්තේ මුලිකම රටේ ජනතාව අතරත් අද්ධ්‍යපන ක්‍රමය තුලත්, එම ක්‍රමය තුලින් බිහිවන නිලදාරීන් තුලත් බවයි.

ජනතාවගේ මුලික ප්‍රශ්නය නම් ලෝකයේ නව ප්‍රවණතා පිලිබදව දක්වන නොදැනුවත් බවයි, අතීතයේදී දැනුම ලබාගැනීමට තිබුණු එකම මාර්ගය ඉංග්‍රීසියෙන් පලවී වසර ගණනාවකට පසු සිංහලයට පරිවර්තනය වූ පොතපතයි, නමුත් අද අපට අන්තර්ජාලය තුලින් මේ නවීන දැනුම ලබාගතහැකියි.

මා උදාහරණයක් දක්වන්නම් ලිපිය දීර්ග වීම පිළිබද සමාවෙන්න.

අද වියලි කලාපයේ ගොවින් මුහුණ දෙන මුකිකම පශ්නයක් නම් ජලය ලබාගැනීමයි, ළිදක් කපාගැනීමට ඔවුන්ට පුළුවන් උනත් ජලය තම වගාවට ගෙනයාමට විදුලිබලය උවමනා නිසා සිදුකල හැක්කේ අදික මිලක් ගෙවීමෙන් පසුයි නමුත් කීයෙන් කීදෙනා දන්නවද නොමිලේ ජලය පොම්පකිරීමේ තක්ෂණය අද ලෝකයේ පවතිනවා කියල.





අපරටේ සිටින ගොවීන්ට ජලය ලබාගැනීමට ඕනෑතරම් සොවබවික පරිසරය තිබුනත් එය තම වගාවට යොදාගන්න ආකාරය පිළිබද දැනුම නොලැබීම නිසා ගොවි නිෂ්පාදන සදහා අදික වියදමක් දැනීමට සිදුවෙනවා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කලයුත්තේ ගොවීන්ට නොමෙලේ පොහොර දීම වත් ඇට බෙදිමවත් නෙමෙයි මෙවැනි නව තාක්ෂණික උපක්‍රම හදුන්වාදීමයි.

Hydroponic Vegetable Growers



මෙම එළවලු වැවීම පටන්ගනිමේදී සැලකියයුතු ප්‍රාග්ධන වියදමක් දැරිය යුතු උනත්, කෘමිනාශක යොදනොගැනීම නිසා පවත්වගැනීමේ වියදම අවම වේ.
මෙහි ඇති මුලිකම වාසිය නම් පලධාව ලබාගැනීමට ගතවන්නේ සති 2 හෝ තුනක් වැනි කෙටි කාලයකින් වීමයි. කොම්පෝස්ට් පොහොර යොදාගෙන නිස්සරණය කර ගන්නා පොෂන ද්‍රව්‍ය නිසා මෙය ඉතා ගුනදයක් වේ.

රජය මෙවැනි වැඩසටහන් සිදුකලේ නම් කරන ලද ආයෝජනයේ ප්‍රතිලාබ වලින් ගන්නා ණය පියවා ලාභ උපයන මට්ටමට පැමිණිය හැකි වීමට ඉඩ තිබුණි.

දැන් ටිකක් හිතන්න මෙවැනි වියප්පෘති වල රජය ආයෝජනය  නොකළේ මේවායෙන් කොමිස් ගැසීම කලහැක්කේ ඉතා සුළු ප්‍රමාණයෙන් වීමයි, නමුත් නැවත හිතන්න රටේ ජනතාව, බුද්ධිමතුන්, උගතුන්, සිවිල් සමාජය, ආචාර්ය, මහාචාර්යවරුන්, ජනමාද්‍ය මේගැන කතා නොකරන්නේ ඇයි මේවා ලබාදෙන ලෙස රජයට බල නොකරන්නේ ඇයි ?        

මෙයට ජනමාද්‍ය ගැනනම් කිවයුත්තේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී කෘමිනාශක ආනයනය කරන සමාගම් වලින් ලැබෙන දැන්වීම් නොලැබීම නිසා ඇතිවන බියනිසා මෙවැනි දේ ප්‍රවර්දනය නොකලත්, අතින් අයනම් බොහෝවිට මෙය නොකරන්නේ අන්තර්ජාලයෙන් නිසි දැනුම ලබා නොගැනීම නිසයි (ලිංගික කටයුතු සදහානම් උවමනාවටත් වැඩියෙන් අපට දැනුම සොයාගෙන ඇති බවට සහතික ශ්‍රී ලාංකිකයන්ට තිබුනත් ) අනෙක් දේවල් ගැනනම් තාමත් ගල්යුගයේ බව කිවයුතුයි.

ඉදිරියේදී විදේශ වෙළදපොල සදහා යොමුවීමට ගතහැකි ක්‍රියාමාර්ග ........  

 
       

Friday, November 13, 2015

ශ්‍රී ලංකාවට සිදුවන්නේ කුමක්ද ? 2



දැන් අපි රටපාලනය ගැන මදක් අවදානය යොමුකරමු. අප රටේ මුලිකම අපනයන ආදායම වන්නේ ශ්‍රී ලංකික ශ්‍රමිකයන් මැදපෙරදිග රැකියාව කිරීමයි, මෙය මෙතරම් වැදගත් වන්නේ ඇයි ?

හිතන්න ඔබ ශ්‍රී ලංකාවෙන් පිටත රැකියාව කරනවා කියල, ඔබේ පවුලේ යැපෙන්නන් සිටින්නේ ලංකාවෙයි. ඔබ සෑම මසකම ඩොලර් 2000 ශ්‍රී ලංකාවට එව්වොත්, සිදුවන්නේ එම මුදල මහබැංකුව සංචිත ලෙස තබාගෙන ඔබ පවුලේ උදවියට රුපියල් වලින් ගෙවීමයි. මහබැංකුවට මුදල් අච්චු ගැසීම සිමාවාකින් තොරව සිදුකල නොහැක්කේ, ලංකාවේ අච්චු ගසන රුපියල් කෙලින්ම විදේශීය බැංකුවලට ලබාදී ඔවුන්ගෙන් ඩොලර් ලබාගත නොහැකි වීමයි.
අප රට සිදුකරන සියලු ආනයන සිදුකරන්නේ රුපියල් යොදාගෙන නෙමෙයි ඩොලර් යොදාගෙනයි. තවවිදියකින් කිව්වොත් ලංකාවෙන් පිට රුපියල් සදහා කිසිම වටිනාකමක් නෑ.

අද දවස වෙනවිට ශ්‍රී ලාංකිකයන් තමන්ට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය ආනයනය කරනු ලබයි අප මුලික ආහාරය වන බත නිපදවීමට උවමනා වී ගොවිතැන ගැන බැලුවොත් අපි අවශ්‍ය පොහොර වල සිට සියලු දෙය ආනයනය කරයි. මේ සියල්ලටම උවමනා විදේශ විනිමය වන්නේ ඩොලරයයි.

අපරට මුහුණදෙන මුලික අභියෝගය නම් ඩොලර් උපයාගැනීමට අවශ්‍ය රැකියා රටතුල බිහි නොවීමයි.
2002 ට පසු 2004 දී බලයට පැමිණි රාජපක්ෂ රජය ලක්ෂ 6පමණ වූ රාජ්‍ය සේවය ලක්ෂ 14 පමණ වැඩිකලා. මෙම වැඩිවීමෙන් සිදුවුනේ කුමක්ද ?
වැඩි පිරිසක් අතට මුදල් යාමයි, ප්‍රශ්නය නම් මොවුන්ගෙන් ශුද්ධ වශයෙන් රුජුව හෝ වක්‍රව විදේශ විනිමය ඉපයීමට කිසිදු දායකත්වයක් නොලැබීමයි.
මෙනිසා සිදුවන්නේ රටේ රාජ්‍ය අංශයට වැටුප් ගෙවීමට ඉතා අපහසුවෙන් උපයන ඩොලර් වැයකිරීමයි, එනම් රාජ්‍ය සේවකයන් වෙළදපොලින් භාණ්ඩ සදහා ඉල්ලුම ඇතිකරනවිට නිතතින්ම් අපරටට ආනයන වියදම් දැරීමට සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිට ප්‍රාග්ධන වියදම් (ඉදිකිරීම් සදහා ) වලට වැඩි වියදමක් පරිබෝජනයට සිදුකලා  මෙනිසා සිදුඋනේ රටේ නව රැකියා ඇතිකිරීමට නොහැකි වීමයි. මහින්ද යුගයේ චීන අධාර ඇතිව සිදුකල ප්‍රග්ධන ආයෝජන (මහාමාර්ග, අධිවේගී මාර්ග ) නිසා බ්‍රිතාන්යෙන් අප නිදහස් වූ පසු සිදුකල විශාලම ආයෝජනය සිදුවුනා.

මෙය සිදුවුනේ අතිවිශාල ණය බරක් රටට පමුණවමින්, පහත අඩවියෙන් ඔබට මෙය තේරුම් ගත හැකියි.
http://www.economist.com/content/global_debt_clock

මෙහි මුලිකම ප්‍රශ්නය මේ සිදුකල සියලු ආයෝජන මහින් රුජුව ප්‍රතිලාබ රටට නොලැබීමයි. වක්‍රව ප්‍රතිලාබ ලබන අංශය සංචාරක වියාපාරය ඇතුළු අංශ කීපයකට සිමාවේ.

ඔබ ඉහත අඩවියට ගියොත් පැහැදිලි වෙයි ඕස්ට්‍රේලියාවේ අපට වැඩිය ණය ලබාගෙන ඇති බව, නමුත් අප දැනගත්යුත්තේ මෙම ආයෝජන වලින් සැලකියයුතු ප්‍රතිලබ එම රටට නව ආදායම් මාර්ග විවුර්ථ කරන නිසා ණය ඔවුන්ට ප්‍රශ්නයක් නෙමෙයි.

අප රට සිදුකලේ සියලුම ආයෝජන මහාමාර්ග සහ මත්තල ගුවන්තොටුපල වැනි විශාල වියප්පෘති සදහා යොදවාලිමයි.
සිදුකල යුතුව තිබුනේ සුළු සහ මද්‍ය පරිමාන නිෂ්පාදකයන් විදේශ වෙළදපොල සදහා යොමු කිරීමයි.

දැන් පහත කරුණු කොතරම් සත්‍යතාවයකින් යුතුව පවති දැයි ඔබම සොයාබලන්න.

සිතන ඔබට භාණ්ඩයක් අපනයනය කිරීමට උවමනා උනා කියා

පහත දේවල් කිරීමට ඔබට යන කාලය ගැන සිතමු.

01. පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට යන කාලය
02. අපනයන කිරීමට උවමනා භාණ්ඩය සදහා රෙගු බදු කොපමණ ගෙවියයුතු දැයි දැනගතහැකි ක්‍රමය.
03. ගෙවියයුතු බදුමුදල ගැන දැනගැනීම
04. අපනයනය කිරීමට උවමනා ක්‍රමවේදය දැනගැනීමට ඇති හැකියාව
05. සියලුදේය සිදුකිරීමට ගතවන කාලය

සිංගප්පුරුව, හොන්කොන්  වැනි රටක ඉහත සියලු කරුණු දවසකින් වැනි කෙටිකලකින් කළහැකි උනත් අපට මාස ගණනක් වැයකර
අල්ලස් ගෙවීමෙන් පසුවයි කලහැක්කේ.

අප රටේ පවතින ඉහත ක්‍රමවේදය නිසා රටට ආයෝජකයන් පැමිණීම කෙසේවෙතත් ලංකාවේ වියපරිකයන් අපනයනය අංශයේ ආයෝජන  කිරීමට යොමු නොවීම මුලික හේතුවයි.

මෙහි ඇති බයානක ලක්ෂණය නම් ලොව ඇති බහුජාතික සමාගම් අපරට තුල ඒකාධිකාරයක් ලබාගෙන ආනයන ප්‍රවර්ධනය කිරීමයි මෙනිසා අන්තර්ජාතික වෙළදාමේ වාසිය ලංකාවට නොලබියාමත් අන්තර්ජාතික වෙළදාමෙන් ඇතිවන සියලු අවාසි රටට උරුම වීමත් සිදුවේ.

ඉදිරියේ ලිපියෙන් ගැලවීමට ස්ථාපනය කලයුතු ක්‍රියාවලිය.....
     

   



               

Thursday, November 12, 2015

ශ්‍රී ලංකාවට සිදුවන්නේ කුමක්ද ?




නිදහස ලබුදා 1948 සිට අද දක්වා අපිට සිදුවන්නේ කුමක්දැයි ඇසුවොත් බොහෝදෙනා කියන්නේ බලලොබී දේසපාලනය නිසා අපට මෙය සිදුවී ඇතිබවයි.
මෙහි සැලකියයුතු අත්තක් ඇතත් සියල්ල ඇත්ත නොවේ. අපරටේ බලවත්ම පුද්ගලයා ජනාදිපති ලෙස සිතුවත් ඔහුට වඩා බලවත් බලවේග අප රටේ පවතී ඒ මොනවද ?

01. බහුජාතික සමාගම් ජලයේ ක්‍රියාකාරකම්
02. ජනමාද්‍ය
03. මත්ද්‍රව්‍ය වියපරිකයෝ
04. ඉතා විශාල මහජන ධනයක් මංකොල්ලකන පුද්ගලයන් (රජයේ ඉහල තනතුරු හවුල් කරගෙන කරන ගේම් )

01. බහුජාතික සමාගම් ජාලය :-

මෙම සමාගම් වවලට රටේ නිතිය කදිම ලෙස හැසිරවිය හැකි බව පමණක් නෙමෙයි රටේ නීති අලුතින් ගෙන ආ හැකිබවට ඇති කදිම නිදසුනක් පවතී.
1988 පමණ බලයට පත්වූ ප්‍රේමදාස ජනාදිපති විසින් ලෝක බැංකු යෝජනා මත ගෙනෙන ලද ජලය විකිණීමේ වියප්පෘතිය විජේතුංග කාලයේත් ඉන්පසු චන්ද්‍රිකා කාලයෙත් ඉන්පසු මහින්ද කාලයේත් දැන් මයිත්‍රි ජනාදිපති යුගයේත් ඇඟට පතට නොදනී ක්‍රියාත්මකවේ.



ඉහත දැක්වෙන්නේ වසර 2000 පමණ කාලයේ සරත් අමුණුගම ඉතා නිර්ලජ්ජිත ලෙස ජනතාව රැවටීමට උත්සහකරන ආකාරයයි.

පහත දැක්වෙන්නේ මෙය ලෝකයේ බොලිවියාවේ කිරීමට ගොස් සිදුවූ දෙයයි



වසර 2000 දී පමණ බොලිවියාවේ රජයට ලෝක බංකුව ණය දීමට කොන්දේසියක් පනවනවා එනම් ජලයට ආර්ථික වටිනාකමක් පනවන ලෙසයි.
මිට මුදල් ගෙවන මීටර් සවිකරන අතර අදාල මුදල ගෙවූ පසු ජලය ලබාගතහැකි වන්නේ, සිදුවන්නේ ජනතාව රජයට විරුද්දව මාරාන්තික කැරැල්ලක් ගැසීමයි, අවසානයේ මෙය පාලනය කිරීමට එවන මේජර්වරයා ජනතාව විසින් ජිවග්ග්රහණයෙන් අල්ලාගෙන කැලයට ගෙනගොස් පෙතිගසා මරාදැමු පසු මෙම වැඩසටහන රජය ඉවත්කරගනී.

අප මෙහිදී දැනගතයුතු වැදගත්ම දෙය මෙවැනි කුමන්ත්රණ වලට මිනිසුන් විරුද්ද නොවන්නේ ඇයිද ? යන කාරණාවයි.
රතුඉර වැඩසටහනට කුමාර චාපා බන්ඩාර මහතා ලංකාවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බ්‍රිතාන්‍ය සමාගම් ගණනාවක් පැමිණෙන බව ඒවායේ නම් සහිතව මෙම වැඩසටහනේ ඉදිරිපත් කරයි. සිදුවුයේ කුමක්ද ඔහු ලියන ග්‍රන්ථය වන "දියරකුසන්ට එරෙහිව " ට එරෙහිව මෙම සමාගම් වලට සම්බන්ද රාජ්‍ය නොවන සංවිදාන චාපා මහතාට විරුද්දව මිලියන ගණනක් වන්දි ඉල්ලා නඩු පවරනු ලබනවා.

ඉතිරි කොටස බලාපොරොත්තු වන්න. ...