Monday, April 4, 2022

දැන් මොකද වෙන්නේ ?




මම මිට මාතෘකාව ලෙස ගැනීමට සිතවේ "සදාකාලිකව රැවටෙන ශ්‍රී ලාංකිකයා" කියලයි නමුත් වැඩිදෙනාගේ ඇස් යොමුකිරීමට අද පාවිච්චිකරන මාතෘකාව යොදාගත්තා.


මුලින්ම ඔබ මම කියන දේ ඇත්ත දැයි ඔබම පරික්ෂා කරන්න  මෙය හමුදාවල සහ පොලිසියේ පුද්ගලයන් කියවනවානම් දිනපතා භාණ්ඩ මිලදීගන්න තම පවුලේ සමාජිකයන්ට කියන්න මෙතෙක් ආහාර සහ අනෙක් අඩුමකුඩුම වල මිල සටහන් කරන්න කියල.


ඔබට මතකනම් මාර්තු 7 වෙනි දින හිතන්න ඔබට රුපියලක් 1000 කින් මිලදී ගන්න පුළුවන් දේ මොනවද කියල අද දින වනවිට ඒ භාණ්ඩ මිලදී ගන්න ඔබට රුපියල් 5000 ඕනේ.


දැන් කියයි ලංකික බොරුනේ කියන්නේ අපට තවම අඩුමිලට සමහර භාණ්ඩ ගන්න පුළුවන්නේ කියල,  ඔව් පුළුවන් එසේ වෙලා තියෙන්නේ තවම නොවිකුනු පැරණි භාණ්ඩ වල මිල තවම වෙළෙන්දාට වෙනස් කිරීමට නොහැකි වීමයි. ඔහු ඒවා වැඩිකලා නම් ඊටත් වැඩි මිලක් වෙනවා නව භාණ්ඩ තොගය මිලදීගන්න.


ආචාර්ය රොහාන් සමරජීව කියන 

https://www.facebook.com/100002011487971/posts/4853077874769214/?sfnsn=mo


{

2019 වසරේ අවසන් කාර්තුවේ සිට (අවිධිමත් ලෙස ණය ගෙවීම පැහැරහැරීමට මාස තුනකට පෙර), ලෙබනන මුදල් ඒකකය එහි වටිනාකමින් 90%කට වඩා අවප්‍රමාණ විය. 

}


මේ අනුව ඉහත කාරනාව අපට අදාළ වන්නේ ජුලි මාසය අවසානයේදී දැන් හමුදා නිලදාරියෙකුට රුපියල් 50000 මුලික වැටුපක් ලබනවා යයි සිතමු ජුලි මාසයේදී ඔබට ලැබෙන වැටුපෙන් රුපියලක් 5000ක වටිනාකමක් වත් නැතිවනු ඇති ඒ කියන්නේ තව මාස මාස 2ට මදක් වැඩිකලකදී ඔබට රුපියල් 5000 ක මුලික වැටුපක් ලැබෙනවා වගේ වැඩක්.


මේ අතර දරුණු උද්ගෝෂණ වලින් මිනිස් ජිවිත විනාශ උනොත් ඔබට අවසානයේ ඒ සියලු ජිවිත වලට වගකියන්න සිදුවෙනු ඇති, අද දින සියලු දෙනාට කැමරා සහිත ජංගම දුරකතන ඇති කලක් බැවින් ඔබ සියලු දෙන ජනතාව අතින් මැරුම් නොකෑවොත් ඉදිරි අධිකරණයකදී මරණ දඩුවම නියම වෙනු ඇති.


ඔබල මෙවැනි තත්වයකට මුහුණ දෙන විට ඔබට අණදුන් රාජපක්ෂලා කොහි සිටිනු ඇද්ද ? ඔවුන් සියලුදෙනා රටින් පැන තම ජිවිත බේරාගනු ඇති.

දැනටමත් මොවුන්ගේ පවුල් තම ජිවිත බේරාගැනීමට විදේශ වලට පැනගොස් අවසන්.


මිට මාස 2ට පෙර උගන්ඩාවට කඩදාසි ටොන් 102 යැව්වේ මොනවද කියල ඔබම සිතන්න 

මේ තියෙන්නේ https://www.daraz.lk/products/avalon-a4-80gsm-papers-i105172231-s1012160895.html?spm=a2a0e.searchlist.list.2.5d5770eebuTiL9&search=1


මේ තියෙන්නේ රුපියල් 7ට පමණ තිබුන කඩදාසි බන්ඩලයේ අද මිලයි එය  2800 පමණ වෙනවා මේ අඩවිය මගින් ගෙන්වාගන්නවනම්.


ඇත්ත වශයෙන්ම මේ යවල තියෙන්නේ ඩොලර් බිලියන ගණනක් 

මෙන්න මෙහෙමෙයි වෙන්නේ අද මහබැංකුව දිනකට කොටි ගණන් මුදල් අච්චු ගසන අතර ඒ මුදල් යොදවා මේ ඩොලර් වෙළදපොලෙන් මිලදී ගනු ලබනවා.


දැන් මහා බැංකුව අච්චු ගැසුවාට මේ මුදල එකවර සංසරණයට එන්න බෑනේ කියල යමකුට හිතයි, මෙය කරන්නේ භාණ්ඩාගාර බිල්පත් මුද්‍රණය මගිනුයි යම් විදියකින් මේ ගැන පරීක්ෂණයක් කලොත් ඒ තොරතුරු සෙවීම ඉතා අපහසු සහ අතිවිශාල කාලයක් යනවා.


දැන් මෙසේ එකතුකළ මුදල් රටින් පිටකරන්නේ ගුවන් මගින් තමයි මේගැන මා අමුතුවෙන් සදහන් කරන්න ඕනේ නෑ.





මේ ප්‍රශ්නය විසදීමට මගේ යෝජනාව.


මගේ පෙර පොස්ට් එකක ඇනෝ කොමෙන්ටුවක් එනවා //අපේ සටන් බාගයක් විතර දිනුවා ලංකා, අන්න ආණ්ඩු පක්ෂයේ කැබිනට් එකම ඉල්ලා අස් වෙලා..//


මම කියන්නේ රැවටෙන්න එපා මේ හොරුන්ට එහෙම ලේසියෙන් අස්වෙන්නේ නෑ මොකද ඔවුන් දන්නවා බලය ගිලිහුන වහාම ඔවුන් ගේ සිහින රාජ්‍ය විනාශ වන බව.


හැබැයි ලෝක තත්වය ගැන සැලකීමේදී ජනතාවට මේ කාරණය මතක් කරන්න ඕනේ.


අද වනවිට නැවත චන්දයකට යන්න මුදල් වියදම් කිරීමට හැකියාවක් නෑ අහිංසක දරුවන්ගේ විභාග පත්තර අච්චු ගැසීමට මුදල් නැති මේ කාලයේ චන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් සොයන්නේ කෙසේද ?


අද සමාජ මතයක් ඇතිවෙලා තියනවා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන බලවේගය අවංකයි කියල, යමක් කල හැක්කේ ඔවුන්ට කියල, මේ කියන ජනතා විමුක්ති පෙරමුණ අවංක නම් ඔවුන් ට වැඩ පිළිවලක් තියනවා නම් වහාම මුදල් ඇමතිකම අනුර කුමාර දිසානායක මහතා බාරගෙන රටේ මේ අමාරු අවස්ථාවෙන් ගොඩ එන්න    ඉදිරිපත් වෙන්න, රටට අවංකව ආදරයක් තියනවනම් කලයුත්තේ එයයි. ඔවුන් මැතිවරණයක් යෝජනා කරනවානම් ඔවුනුත් කරන්නේ බොරදියේ මාළු බෑමයි.

ඒ කින්නේ අවසානයේ කාම්බෝජයේ 1975 පොල්පොට් ඇවිත් කල දේට අන්ත දෙයක් මේ රටේ වෙන්නේ. 


මම කින්නේ මෙරටේ වුර්තිකයන් එකතුවෙලා මෙයට සුදුසුකම් ඇති පුද්ගලයෙක් සම්මත කරගන්න, ජනාධිපතිට කියන්න ඔහුව පාර්ලිමේන්තුවට නම්කරල පත්කරන්න කියල (බැසිල් රාජපක්ෂයව පත්කලා වගේ ) ඉන්පසු ඔහුට ඉඩදෙන්න නිසි පාලන වැඩපිළිවලක් යොදල මේ අවදානම් අවස්ථාවෙන් ගොඩ එන්න, අදාළ වුර්තිකයන්ට මේ  දෙසපාලුවෝ බාදා කරනවානම් ඔහුට සිද්දවෙනවා අදාළ බාදා කරන අය නම් කිරීමට ඉන්පසු රටේ පුරවැසියන්ට පුළුවන් නිසි පියවර ගන්න.

මේ විදියට රජය ජනතාව නොමග හැරියොත් තව මාස කීපයකින් රැකියා අහිමිවන ලක්ෂ ගණන් මිනිසුන් අතින් මේ දේසපාලුවෝ මැරුම් කනවා විතරක් නෙමෙයි මෝඩ වාමාංශික බලයකට රට යට උනොත් අවුරුදු ගණනාවකට අපාදුක් විදින්න ජනතාවට සිදුවෙයි.

සියලු උද්ගෝෂණ වලදී දේපල විනාශකිරීම කලහකාරී හැසිරීම් වලින් තොරව සාමකාමී ලෙස කිරීමට වගබලාහන්න කිසියම් පුද්ගලයෙක් කලහකාරී ලෙස හැසිරෙනවානම් දේපල විනාශ කිරීමට ඉදිරිපත් වෙනවනම් වහාම තේරුම් ගන්න ඔහු රජයෙන් එවන ලද ඔත්තු කරුවකු බව. මේ කලහෙන් තමයි මේ උද්ගෝෂණ නීතිවිරෝදී කරලා බලය අල්ලන්න බලන්නේ.

කරුනාකරල බුද්ධිමත් වෙන්න හැගීම්වලට නෙමෙයි බුද්ධියට මුල්තැන දෙන්න.



 

7 comments:

  1. රට හදන්න බලය ඉල්ලුව එකෙක්වත් දැන් නෑ.. දැන් හැමෝම කරන්න බැරි මැතිවරනයක් ගැන කියවනවා. රට්ට අබමල් රෙනුවක් හර් ඉආදරය්ක් තියනවනම් මේ වෙලාවෙ ඉස්සරහට ඇවිත් මේ ආර්තික උගුලෙන් රට ගලවගෙන් ඉන්න ඕනා. හැබැයි හැමෝම ගහන්නෙ එකම දේශපාලන ගේම් එකම තමා. දේශපාලන අස්ථාවරත්වයක් එක්ක හෝ මැතිවරණයක් එක්ක IMF එකට යන්න බෑ. මැයි වෙනකොට ම්ප්කක් හරි පිළිවෙලක් යොද නොගත්තොත් ර්ට බංකොලොත්..මස් රාත්තලම ඉල්ලන හැමෝම මේ ගැන සලකා බලත්වා..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      හරියට හරි, බලන්න කිදෙනේකුටද මේක තේරෙන්නේ කියල.
      කණගාටුව මාද්‍යවේදීන් කියන කාලකන්නින්ට අනුර කුමාරගෙන් මේ ප්‍රශ්නය අහන්න බැරි ඇයි කියන දෙයයි.

      Delete
  2. ලංකාවේ මේ දිනවල ඇති ආර්ථික අර්බුදය ගැන සරලව කිව්වොත්

    01. ගෙවීමට ඇති මුලු විදේශ ණය = ඩොලර් බිලියන 51

    02. ඉදිරි වසර හත තුල ගෙවිය යුතු විදෙස් ණය = ඩොලර් බිලියන 31 (මෙයින් බිලියන් 01 ක් පහුගිය රාජපක්ෂ දශකය 2012 විතර ගත්ත එකක්, ඉතිරියෙන් ඩොලර් බිලියන් 17ක් 2015 – 2019 කාල සීමාවේ යහපාලන රජය ගත්තු කෙටිකාලීන ණය (අයි එස් බී සහ ඩිවෙලොප්මන්ට් බොන්ඩ්ස්/ ස්වැප් ආදිය, තව බිලියන් 2.5 ක් ඉන්දියාවෙන්/ බංගලින්ගෙන් මෑතකදී හදිසියේ ගත් ලබන වසර මුල ගෙවිය යුතු ණය, සෙසු ඒවා වසර 15කට වඩා පැරණි දිගුකාලින ණය)

    03. රටේ සාමාන්‍ය වාර්ෂික ආදායම (අපනයන + සෙසු) = ඩොලර් බිලියන 10 - 15 අතර

    04. රටෙ සාමාන්‍ය වියදම (ආනයන) = ඩොලර් බිලියන 20 - 25 අතර

    05. දැනට රටේ සංචිත වශයෙන් ඇති මුදල = ඩොලර් බිලියන 2.4

    06. ඩොලර් බිලියන 10-15 කින්, ඩොලර් බිලියන 20-25 ක තෙල්, ගෑස්, බෙහෙත්, ආහාර සහ සෙසු සියලු දෑ ගෙනල්ලා, ඩොලර් බිලියන 30ක ණයත් ගෙවන්න ඕන.
    10-15 කින් 50ක වැඩ කරන්න තියෙනවා..

    ඔන්න ඕකයි රටේ සැබෑ අර්බුදය... මේක විසඳන්නේ කොහොමද කියලා දන්න ඕන එකෙක් කියපන්, ඌට ලංකාවේ ජනාධිපති වෙන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. මෙය විසදීමට මට යෝජනා කීපයක් ඉදිරිපත් කිරීමට පුළුවන්.
      01. රටේ නිතිය සියල්ලටම සමාන ලෙස ක්‍රියාත්මක වියයුතුයි, මෙහිදී දෙසපාලුවන්ට අදාළ ආයතන වලට බලපෑම් කල නොහැකි ලෙස නීති සම්මත වෙන්න ඕනේ වගේම මේ නීති දෙසපාලුවොන්ට ඕන විදියට වෙනස් කිරීමට නොහැකි අන්දමින් ජනමතවිචාර්නයකට ගොස් පමණක් වෙනස් කළහැකි ලෙස සම්මත කල නීති වෙන්න ඕනේ.

      02. ඉන්පසු රාජ්‍ය සේවයේ පවතින අක්ර්යක්ෂම තා හදුනාගැනීමට වෙනම පිරිසක් පත්කළ යුතුයි, මෙහිදී සමාගමක් ලියාපදිංචි කිරිමට වේගයෙන් කළහැකි අතර ආයතන ගණනාවකින් අවසර ගතයුතු ක්‍රමවේදය ඉවත් කලයුතුයි.

      03. රටේ සියලුම ජනතාවගේ ආදායම පිළිබද තොරතුරු එක්කාසු කර ඉතා සරල බදු ක්‍රමයක් ඇතිකළ යුතුයි.

      04 බදුගෙවන ජනයාට තම ආධායම වැඩිකළ හැකි විවිද ක්‍රම සදහා පහසුකම් මෙන්ම විවිද අන්තර්ජාතික අපනයන කිරීම සදහා උවමනා සහතික සහ ප්‍රමිතිකරණ සහතික ගැනීමට රජය උදව් කලටුතු අතර ඔවුන්ගේ ආදායම වැඩිවීමත් සමග අදාළ සේවයට ගිය මුදල ඔවුන් ගෙන් එකතු කලයුතුයි.

      05 විදේශ වෙලදාමේදී බදු නිදහස් වෙළදපොළවල් නිර්මාණය කර ඉල්ලුම සැපයුමට මිල තීරණය වෙන්න අරින්න ඕනේ.



      ඔය තියෙන්නේ කරන්න ඕන කීපයක්.

      Delete
  3. ලංකාව කියන රට ඇත්තටම කිසිම කලෙක ගොඩගන්න බෑ. ලංකාවේ විදේශ විනිමය අර්බුදයට කාටවත් උත්තර නෑ.
    කවුරු ආවත් මෙහෙම තමයි. ලොකු බලාපොරොත්තු තියාගෙන මිනිස්සු ඡන්දය දෙනවා. ඇවිල්ලා අවුරුද්දකින් පරණ දේම සිද්ධ වෙනවා. මේ අනුව සරලවම කියන්න තියෙන්නේ ලංකාව කියන්නේ සාපලත් දේශයක්. එච්චරයි. ඩොලර් නැති නිසා සහ පෝර නැති නිසා තව ඉතාමත් කෙටි කලක් තුල විශාල ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙයි. හොඳම දේ හැකි ඉක්මනින් රටින් පැනලා අවම වශයෙන් තව අවුරුද්දක් වත් ඉඳලා බලන එක, ගොඩක් වෙලාවට සෝමාලියාව එහෙම ලංකාවට වඩා හොඳ වෙයි තව ටික දවසකින්...

    ReplyDelete
    Replies
    1. Anonymous, 100% ඔබ සමග එකගයි, මගේ මිත්‍රයන් කියන්නේ හැකි ඉක්මනින් මේ රට හැරලා යමු කියල, මේ අනතුර මෙසේ මුවවිට තියෙද්දී තවම මට රට හැර යන්න හිතුනේ නෑ එක මගේ රටට ආදරය කියනවට වඩා මා තුල ඇති මෝඩකම වෙන්න පුළුවන්.

      මම මේ අරගලයේ දකින වැදගත්ම සාධනීය දේ මිනිසුන් ප්‍රචණ්ඩත්වය තොරාගන නෑ රජය නොනැවතී ජනතාව ප්‍රකෝප කිරීමට උත්සහ ගන්නවා නමුත් ජනතාව ඒවාට අසුවෙන්නේ නෑ, යම් යම් තැන් වල කුඩා කණ්ඩායම් මහින් පහරදීම් වලදී ප්‍රතිප්‍රහර උනත් දුරගිග යනවා අඩුයි.

      මා දකින ප්‍රශ්නය කිසිවෙක් මේ අර්බුධයෙන් ගොඩ එන්න්න යෝජනා කරන්නේ නෑ

      Delete
  4. ඔබ කියන කාරණය යම් ඇත්තක් තිබුනත් එය සම්පුර්ණ සත්‍ය නෙමෙයි. කොළබ විතරක් නෙමෙයි රට හැම තැනම බදු නොගෙවන ධනවතුන් ඉන්නවා නමුත් මේ සොරකමේ පරිමාණය බැලුවහම බදුවන්චාව මගින් උපයන මුදල් වලට වඩා කීප ගුණයක් මේ බලයේ සිටින සහ බලයේ සිටි අය සොරාකාල සහ කමින් සිටිනවා.

    ReplyDelete