Thursday, December 7, 2017

ගිනි අවි සහ ගිනි කෙලි



ගිනි අවි සහ ගිනි කෙලි කියන වටිනා කෘතිය රචනා කරන්නේ අනුර හොරේෂස් මහතායි පසුව අගනා ටෙලි සිත්තමක් ලෙස මෙය එළිදකිනවා



මෙයින් පෙන්වා දෙන්නේ අප රටේ දුෂණය පැතිරී ඇති ආකාරයයි, මේ පාතාල ලෝකයේ මිනීමරුවන් ඇතුළු සියලු දෙනා කොපමණ අපරාධ කලත් මේ සියලු අපරාධ සැලසුම් කර  දිගින් දිගටම පවත්වන්නේ ජනතාව ඉදිරියේ සුදු පිරුවට ඇදගෙන මල්වට්ටි ගෙන සිල් ඇදුමෙන් සැරසීගත් රටේ මැති ඇමති වරුනුයි.

මෙහිදී ඉතා අහිංසක මිනිසුන් අති භයානක මිනීමරුවන් ලෙස නිර්මාණය වන කෙදනීය ආකාරය මැනවින් පිලිබිබු වෙනවා. පල්ලියේ පුජකයෙක් වෙන්න සිටි චින්තක අමරසිංහ අවසානයේ අතිබිහිසුණු මිනිමරුවෙක් වෙනවා. මේකතාව ශ්‍රී ලංකාව නමැති ධර්මද් ද්විපයේ දැනට දශක 3ට අඩු කලකදී සිදුවූ බව අද සිටින තරුණයන් ඉන්නේ නොදැනුවත්වයි, මෙහි සිදුවූ දේ මිට වඩා භයානක ලෙස වූ බව යම් මතකයක් හෝ තියෙන්නේ අඩුම වශයෙන් වයස 40 වත් ඇති පුද්ගලයන්ට පමණයි ඊට වඩා අඩු වයසක් ඇති තරුණ තරුණියන්ට තම දෙමාපියන්ගෙන් විමසුවානම් දැනගන්න පුළුවන්.   

ඔබ ඔබෙන්ම  ඇසිය යුතු ප්‍රශ්නය නම් මෙය වලක්වන්න බැරිද ? කියලයි.

පිළිතුර නම්  මෙය ප්‍රායෝගිකව කල හැකි බවයි, නමුත් මෙය කිරීමට රටේ ජනාධිපති තුල විශාල කැපකිරීමක් සහ එඩිතර බවක් තිබිය යුතුයි. යම් විදියකින් එය ඇත්තනම් මේ සියලු දුෂණ රටෙන් තුරන් කිරීමට මාස කීපයක් වත් ගත නොවෙයි.

ඔබට මතක ඇති පසුගිය කාලයේ ගෝටාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමා විසින් මුළු කොළබ දිස්ත්රික්කයේ සියලුම කුඩු බෙදාහරින්නන් ඉවත් කළා විශේෂ හමුදා යොදවල, ඔහුගේ පරමාර්ථය උනේ කුඩු පාවිච්චිය නැතිකිරීම නෙමෙයි ඔහු විසින් තෝරාගත් දුමින්ද සිල්වා ට එම කුඩු බෙදාහැරිම පවරා සිදුකලේ  පාලනය සරල කිරීමත් ඒකාධිකාරී බලය නිසා ලාභය උපරිම කිරීමත් කියන දෙයයි.

නමුත් මෙතන පෙනුන දේ තමයි මෙතෙක් මෙම කුඩු රැකියාවේ සිටි සියලු දෙනා එම රැකියාවෙන් ඉවත් කිරීම ප්‍රායෝගිකව කල හැකි බව පෙන්වා දීම.

දැන් අපි බලමු යහපාලන රජය මේ සියලු දුෂණ අහෝසි කරන බව කියමෙන් බලයට පත්වූ වහාම දොස්තර නිලංග සමරසිංහ අන්තරායකර ඔවුෂධ පාලන මණ්ඩලයේ ප්‍රධානියා කල බව මතක ඇති, ඔහු මේ කුඩු ගෙන්වන ඉහලම මිනිසුන්ගේ ලැයිස්තුවක් තමාට ඇතිබවත් ජනාධිපති වරයාගේ අනුමැතිය ලැබුනොත් එය ඉදිරිපත් කරන බවත් කිව්වා, නමුත් සිදුවුනේ ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීමයි, ඔබට තවත් මතක ඇති ඔහුගේ ආරක්ෂාව ඉවත් කලේ කවුදැයි කියන දේ වසන් කරමින් රටේ අගමැතිවරයා කිව්වේ තවදුරටත් ඔහු අදාළ තනතුරේ සිටිය යුතු බවයි, එහෙම කියමින් නව නිලදාරියෙක් අදාළ නිලයට පත්කරනු ලබනවා, අන්තිමෙදී ඔහුට වෙන්නේ තානාපති සේවයේ පිහිට පතමින් දේශපාලන රැකවරණ සෙවීමයි, අද ඔහුට උනේ කුමක්දැයි කිසිවෙක් නොදනී.

මෙය මෙලෙස සිදුවෙන්නේ ඇයි ? ඉංග්‍රීසියෙන් කියමනක් තියනවා යම් දුෂණයක් සිදුවෙනවානම් එය තේරුම් ගැනීමට "Follow the Money" කියල එහෙම බැලුවම දිනකදී මත්ද්‍රව්‍ය අලවියෙන් ඉහලම දෙසපාලකයට ලැබෙන මුදල රුපියල් ලක්ෂ  50 ට වැඩි මුදලක් වියහැකියි, මෙතන මුදලම විතරක් නෙමෙයි මේ පාතාල සාමාජිකයන් සමග නීති විරෝධී ක්‍රියා වලින් ආදායම් උපයන අතිවිශාල පිරිසක් සිටිනවා, මේ පිරිස තමයි මැතිවරණ වකවානුවේ මේ මැති ඇමති වරුන් ගේ ආදාරකරුවන් වෙන්නේ මෙනිසා ඉදිරියේ පවතින්න ඕනේ නම් ඔවුන්ට සිදුවෙනවා මේ ක්‍රමය දිගින් දිගටම පවත්වන්න.

දැන් බලමු මෙය වෙනස් කරන්න ඕනේ නම් කරන විදිය, මුලින්ම මේ නීති විරෝධි වැඩවල නිරත පිරිස සදහා රැකියාවල් කලින්ම නිර්මාණය කල යුතු වෙනවා (මේ කියන්නේ රජයේ රැකියාවන් දෙන්න කියල නෙමෙයි ) පුද්ගලික අංශයට උපරිම පහසුකම් දියයුතු වෙනවා අපනයන ඉහල නංවන්න, මේ ක්‍රමයට රැකියා ප්‍රමාණය වැඩිවූ වහාම, ඉතා ඉක්මනින්  ගෝටාභය රාජපක්ෂ  කළා මෙන් හමුදාවන් පාවිච්චි කරලා සම්පුර්ණයෙන් මේ නීතිවිරෝධී වැඩ නවතා දැමීමයි කල යුතු වන්නේ, මෙය කියන තරම් සරල නෑ රටේ ජනාධිපතිට මේ සදහා දැඩි උවමනාවක් වගේම සැලකියයුතු ඇමතිවරුන් වගේම නිලදාරී සහය උවමනා කරනවා.

මේ රටේ සියලු නිලදාරීන් දුශිතයෝ නෙමෙයි මේ අතර ඉතා අවංක අය සිටිනවා. හොදම උදාහරණය නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහත්මය වැනි මිනිසුන් පවා සිටිනවා, දැන් කෙනෙක් ට සිතන්න පුළුවන් මේ පුද්ගලයා මහින්දගේ කාලේ සද්ද නැතුව නේද සිටියේ කියල, මෙහිදී රටේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන තේරුම් ගත යුතු වෙනවා මෙවැනි බරපතල නඩු වලදී කාව අදාළ නඩුව බාර දිය යුතු දැයි තීරණය කරන්නේ රටේ නීතිපති විසිනුයි, මෙතනතුරට රටේ පාලකයා හැම විටම තෝරන්නේ තමාට හිතවත් හෝ දුෂිත මිනිසෙකුයි, ඔහුයි තීරණය කරන්නේ කවුරු අදාළ නඩුවට පෙනී සිටිය යුතුද ? කියල මහබැංකු වංචාව සෙවීමට පත්කළ කොමිසම පත්වන්නේ රටේ ජනාධිපති වරයාගේ බලය මතයි, මෙය පත්කිරීමේ පරමාර්ථය වෙන මොකවත් නෙමෙයි රටේ ජනාධිපති ගේ නම සුද්ද කරගැනීමයි, මෙහිදී අදාළ දුෂණයට අදාළ පුද්ගලයන් දැඩි ලෙස ප්‍රශ්න කල යුතු වෙනවා, මේසදහා එඩිතර  නීතීඥ වරයෙක් තෝරාගන්න ඕනේ වෙනවා මෙනිසයි  ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  මේ වැඩේට පත් වෙන්නේ නමුත් ඔබ කල්පනාවෙන් බැලුවොත් ඔබට පෙනෙයි රටේ නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා ට අවස්ථාව දෙන්නේ නෑ අදාළ ඉහල මිනිසුන් ගෙන් ප්‍රශ්න කිරීමට උදාහරණ කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම ගෙන් ප්‍රශ්න කිරීමට ඔහුට අවස්තාව දෙන්නේ නෑ.

           
මෙය කියවන අය මතක තියාගන්න ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  කිසිදිනක මේ රටේ නිතිපති වෙන්නේ නෑ.

මම කියන්න උත්සාහ කලේ මෙ දුශිත ක්‍රමය ඉවර කරන විදියයි, ජනාධිපති වරයාට සැබෑ උවමනාවක් තියනවානම් සහ ඔහුවටා අවංක උවමනාව තියන ඇමතිවරු කීපදෙනෙකු හොසිටිනවානම් සහ ඔහු එඩිතර නම් ඔහු කරන්නේ රටේ මැති ඇමති වරුන්ට විශාල වැටුපක් ඇතිකරන ගමන් දුෂණ වලදී දැඩි දඩුවම් තාරාතිරම නොබලා ලබාදෙන්න උවමනා නීති ගෙනෙන්න මැලි වෙන්නේ නෑ. 

මෙහිදී රටේ ජනාධිපතිට සිදුවෙනවා අතිවිශාල අවදානමක් ගන්න ඒ තමයි මේ ක්‍රමය සාර්ථක වෙන්න නම් රටේ අපනයන ආදායම ඉහල යවන ගමන් වේගයෙන් රටේ රැකියා ඇතිවෙන වැඩපිළිවලක් ඇතිකරන්න ඕනේ, මෙය ලෙසි වෙන්නේ නෑ මොකද ඔහු පුද්ගලික අංශය දියුණු කර විදේශ ආයෝජන වලින් ප්‍රතිලාභ ලැබෙන්න ඉස්සල්ලම ඔහුගේ විරුද්ද වාධින් ආර්ථිකය අස්ථාවර කිරීමට පිරවර ගනු ඇති, මෙතැනදී තමයි සිංගප්පුරුවේ ලි කවන් යු අගමැති කළා වගේ තරමක ඒකාධිපති ක්‍රමයක් නිර්මාණය කිරීමට සිදුවෙන්නේ.

උදාහරණයක් ලෙස  ලි කවන් යු අගමැති නීති සම්මත කරගන්නවා උද්ගෝෂණ තහනම් කරන සහ වුර්තිය සමිති බලය ඔහු කප්පාදු කරනවා හොදම උදාහරණය සිංගප්පුරු ගුවන් නිලදාරීන් කරපු වැඩවැරීම



මම පුද්ගලිකව හිතන්නේ නෑ මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති ට මෙවැනි විශාල වෙනසක් කරන්න අදිෂ්ටානයක් හෝ දැනුමක් තියෙයි කියල, නමුත් මම මෙය සදහන් කරන්නේ ඉදිරි අනාගත දිනකදී හෝ මෙය වෙනස් කරනවානම් කරන විදිහයි.

මෙවැනි ක්‍රමයක් නිසා මෙවැනි පාතාල පිරිස් තිරිසනුන් සේ මරාගන්න අතර පිටිපස්සෙන් සිට නුල් සුත්තර කරන මැති ඇමති වරුන් සුදු පිරුවට ඇදගෙන පන්සල් පල්ලි කෝවිල් වල ලගිමින් රටේ මහජනතාව රවටමින් සිටී, රටේ ජනමාද්‍ය තමන්ට වාසි ගන්න අවස්තාව ලැබුන වහාම කුණු රසය අලවි කරන අතර රටේ බුද්ධිමතුන් යයි කියාගන්න ආචාර්ය මහාචාර්ය වරු තම දරුවන් විදේශ වල අද්‍යාපනය ලබා දෙමින් වඩා ආරක්ෂාකාරී ජීවිතයකට සැලසුම් කරයි, නමුත්  මේ සියලු දෙනා මතක තබාගත යුත්ත්තේ අනාගතයේ යම්දිනකදී 1988 / 1989 කාලයට වඩා දරුණු යුගයකට මේ රටේ මිනිසුන්ට මුනදෙන්න වෙන බවයි. එහිදී තමා පරිස්සමින් ආරක්ෂා කල විදුරු මාලිගාවලට කළුගල් වදින විට මෙතෙක් සිටියේ සිහිනෙක නොවේදැයි සිතෙනු ඇති.